Pages

Tuesday, May 14, 2013

තාත්තා ට දැනෙන හැටි (ඔයාට අපි ගොඩක් ආදරෙයි)

ඝණ දෙවිදුන් මට දන් දුන්
මගේ නුවණ නුඹ අරගන්.................

ඇළ දොළ ගං මට දන් දුන්
හදේ සිසිල නුඹ අරගන්...................

මහ වන විල් මට දන් දුන්
හිතේ සුවද නුඹ අරගන්....................

මට හිතෙන්නේ පන්සිළු ඉක්මනට ලොකු වූනා කියල. මේ තමයි පුතාගේ හොදම කාලේ, මම ගොඩාක් පාලුවෙන් තනියම ඉන්න වෙලාවට ඔයයි අක්කයි ගොඩාක් මතක් වෙනවා. ඔයාල දෙන්න කරන දේවල් මතක් වෙන කොට මගේ පපුව පැලෙන්න එනවා. එතරන්ම ඔයාල මට දැනෙනවා..................

පුතේ ඔය කොච්චර ලස්සනද? කොච්චර හුරතල්ද? ඔය කියන කරන දේවල් වල අපුරු රිද්මයක් තියනවා එ්ක තව කෙනෙකුට තේරුම් කරලා දෙන්න පුළුවන් කමක් නෑ. එක තව කෙනෙකුට දැනෙන්න ලියන්න තාත්තට බෑ. සමහර වෙලාවට, ඒ කියන්නේ ඔයා අම්මගෙන් කිරි බීල බඩ පිරුණම ඔයාගේ මුළු ලෝකෙම තාත්තා වෙනවා. ඔයානම් හරිම කපටි කොල්ලෙක් කියල අම්මයි මමයි කියන්නේ එවෙලාවට තමයි. 

එත් පුතේ, තාත්තාට තියන එකම දුක ඔයාගෙයි අක්කගෙයි ලග ඉන්න, ඔයාගේ වැඩ කරලා දෙන්න, අක්කගේ ඉවරයක් නැති කතා අහගෙන ඉන්න තියන වෙලාව අඩු එක. එත් ඔයාත් එක්ක ඉන්නකොට කොහොමත් අක්කගේ දේවල් අතපසු වෙනවා.  අක්කා ඔයාට කොච්චර ආදරේද කියල මට දැනෙන්නේ එතකොට තමයි. ඔයා අක්කගේ හැම අයිතිවාසිකමක්ම උදුරාගෙන, එත් අක්කා ඇස්වල කදුළු පුරෝගෙන හිනාවෙනවා. ඒ තමයි පුතේ ඔයාගේ අක්කගේ හැටි.

ඔයා වෙන ළමයි වගේ නෙමෙයි ටිකක් වෙනස්, මට එහෙම හිතෙන්නේ අක්කගෙ පුංචි කලේ එක්ක ගත්තම ඔය හරිම ඉක්මනට අක්කා කරන වැඩ අල්ලගන්නවා. කතා කරනවා. දුවනවා. පනිනවා........ ම්ම්ම් ඒවගේම පුදුම විදිහට තරහත් යනවා. සමහර වෙලාවට ඔයාගේ වැඩ කරලා ඉවරයක් නෑ. තාත්තගේ යාලුවෝ නම් කියන්නේ ඔයාගේ වැඩ ටිකයි කටයි තාත්තගේ වගේමයි කියල......ඔ‍ව් පුතේ තාත්තගේ කටයි. අම්මගේ පාටයි. දෙකම ඔයාට පිහිටලා තියනවා හොද අපුරුවට.

පුතේ හොදට මතක තියාගන්න.........................

මේ සතුට, මේ සොදුර ැ බව, ජිවිතේ හැමදාම තියාගන්න අපිට ඕන උනත් අපිට ඒක කරන්න අමාර ැයි. තාත්තා කොළඹ එන්න ඕන. අම්මා ස්කෝලේ යන්න ඕන. ඒකම තමයි යතාර්ථය. දැන් දැන් අක්කත් අපිට බනිනව තව ටික කාලේකින් ඔයත් අපිට බනිවි ඒත් පුතේ මේ යථාර්තය ඔයාල දවසක වඩාත් හොදින් තෙර ැම් ගනීවි. ඔයාටත් දවසක තාත්තට වගේ දුක්විදින්න වෙයි. ඒත් පුතාලගේ ඒ දුක තාත්තලම තනියම දරාගන්නව. ඒ තාත්තලාගේ හැටි. පුතා වඩාත් ඉහළ තැනක තියන්න තමයි තාත්ත දුකවිදින්නේ.

පුතේ, තාත්තා තාත්තගේ තාත්තට ඒ කියන්නේ පුතාගේ සීයට ගොඩාක් ආදරෙයි. ඒ ඔයාගේ සීයා විදින දුක ඔයාගේ තාත්තට දැනෙන්න නොදුන්න නිසා. සීයා විදින දුක ඔයාගේ තාත්තා විදින්නේ නැ පුතේ. ඒත් තාත්තා විශ්වාස කරන දෙයක් තියනව. ඒ තමයි මේ ලෝකේ හැම කෙනෙක්ම ජීවත්වෙන්න ටිකක් දුක්විදින්න ඕන. එහෙම නැතිවුනොත් අපේ ජීවිතවල හැංගිලා තියන ලස්සන විදින්න බැරිවෙනවා. “පුතේ පුතත් විදින මිනිහෙක් වෙන්න, විදවන මිනිහෙක් නම් වෙන්න එපා. එත් ඔයාගේ තාත්තනම් සමහර වෙලාවට ටිකක් විදවනවා.............ඒක තමයි පුතේ ජීවිතේ කියන්නෙ.....

පුතේ ඔයා මට මහමෙරකටත් වැඩිය වටිනවා.....තාත්තගේ හැම දෙයක්ම ඔයා.....එත් ඔයා තාත්තා කරන හැමදෙයක්ම කරන්න ඔන නෑ......ඔයාට කැමති දෙයක් කරන්න.....කැමති දෙයක් තෝරගන්න නිදහස තියනවා...තාත්තා ඔයාගේ ලග ඉදගෙන බලාගෙන ඉන්නවා.....ඔයාට සමහර තෝරාගැනීම් වරදිවි. ඒ වෙලාවටත් තාත්ත ඔයා ළගින්ම ඉදිවී.....ඔයා නැගිටිනකන් අසාවෙන් බලාගෙන ඉදිවී..... හැබැයි තාත්තා ළගට ඇවිත් නැගිටවන්නේ නැ.......මොකද ඒක නරක ආදර්ශයක්......පුතේ වැටුනම තනියම නැගිටින්න ඕන කියන පාඩම ඔයාගේ සීයා තමයි කියාදුන්නේ....මම ඉතින් ඒ සීයාගේ පුතානේ.....දැනුත් ඔයා බයිසිකලෙන් වැටිල අඩන කොට මම හොරෙන් බලාගෙන ඉන්නවා.....ඔයා ටැටුනා “ටැටුනා” කියල ගිමින් නැගිටිනවා. ඉතින් මට පුංචි ආඩම්බරයක් තියනව.....දවසක ඔයා තනියම නැගිටීවි කියල.........

පුතේ මතක තියාගන්න - 

මේ මුළු ලොකෙම ඔයත් එක්ක තරහ වුනත්.....හැමකෙනෙක්ම හොදින් තියාගන්න ඕන කියල......වැරදි දේ අනුමත කරන්න එපා.....වැරැද්ද වැරදි විදිහටම දකින්න....අනවශ්‍ය මිනිස්සු ජීවිතයට වැඩක් නෑ.....තමන්ගේ අතින් දැනුවත්ව වැරද්දක් වුනොත් ඒ වෙනුවෙන් ජීවත් වෙන්න.....තාත්තා එහෙමයි.....හොරකන් කරන්නේ බොර ැ කියන්නේ නැතුව, ජීවිතේ තමන්ට පැවරෙන රාජකාරීය හරියටම කරන්න.....පුතේ ඔයාලගේ තාත්තා කාටවත් ණයත් නෑ බයත් නෑ...හැබැයි පුතේ කවදාවත් ලෝකෙට වෛර කරන්න එපා.....ආදරේ කරන්න පුර ැදු වෙන්න.....එතකොට ජීවිතේ ගොඩාක් පහසු වෙනවා.

පුතේ - ඉරයි හදයි කියන්නේ ඔයාගේ අම්මයි තාත්තයි. ඒ ළගින්ම පායල තියන ලොකුම තර ැව ඔයාගේ අක්කා ඉතිරි තර ැ පිළිවෙලට අනුව ඒ අපිට ආදරේ කරන අපි ළගින්ම ඉන්න අය......‍ඔය ගොඩාක් ඈතින් තියන තර ැ ගැන එච්චර හිතන්න ඔන නෑ......ළගම තියන තර ැ ගැන දැනට දැනගත්තම ඇති.....එතකොට ජිවත් වෙන්න ගොඩාක් පහසුයි.

තව දෙයක් - පුතේ ඔයා හැමදෙයක්ම දෙන්න පුර ැදු වෙච්ච කෙනෙක්.....ඔයා කෑම කන කොට අපි ඉල්ලුවොත් කටේ තියන කෑම අරගෙන අපිට කවනව....ඒ වගේම තමයි හැමදෙයක්ම ඔයාගෙලු අක්කට මොනව ගෙනත් දුන්නත් ඒ හැම එකක්ම ඔයාගෙලු......මේක තමයි මට ඔයාගේ තෙර ැම් ගන්න බැරි දේ........කොහොම වුනත් පුතේ අපි අපේ දෙවල් ගැන ආත්මාර්ථකාමී වෙන ඒකේ වැරැද්දක් නම් මම දකින්නේ නෑ............... ඔව් අම්ම මගේ තාත්තා මගේ අක්කා මගේ ආත්තම්ම සීයා මගේ එහෙම හිතන්න ඒවගේම මේ රටත් මගේ.....ලෝකෙම මගේ කියල හිතන්න....... පුතේ එතකොට ඔයාගේ අතින් කාටවත් වැරැද්දක් වෙන එකක් නෑ.....................

පුතේ පටු අදහස් තියන කුහක මිනිසුන්ට කුහක පටු විදිහට නැගිටින්න දැනුවත්ව ඉඩ දෙන්න එපා........ ඒ අවාසනාවන්ත මිනිස්සු ඔයාගෙයි කියල හිතන දෙවල් විනාශ කරල දමාවි........ඔයා දවසක මේව තේර ැම් ගනීවි වඩාත් හොදින්ම......තාත්තා ගන්න හැම හුස්මකම ඔයා ගැන හිතනවා.....ඇහැ ඇරෙන හැම ඇසිලෙම ඔයාව දකිනවා......ඒ ඔයා මගේ ආත්මයම නිසා......අම්මගෙයි තාත්තගෙයි අක්කගෙයි හැම දෙයක්ම ඔයාගේ......ඔයාට අපි ගොඩක් ආදරෙයි......දැන් ඔයාට අවුර ැදු දෙකයි......

රංජිත් කපුගේ
නුගේගොඩ -