Pages

Friday, April 22, 2011

මනරංජන දර්ශනීය ලංකා..... මාතා අති රමණී ආනන්ද සමරකෝන් අධ්‍යයනය



ආනන්ද සමරකෝන්

මහාචාර්ය සුනිල් ආරියරත්න

සමරකෝන්ගේ අත්අකුරින් ලියෑයුණු ශ්‍රී ලංකාවේ ජාතික ගීය

ආනන්ද සමරකෝන් ඇඳි සිතුවම්
"ආනන්ද සමරකෝන් අපට නොනැසෙන ගීතයකි. අපේ ජීවිතයට මිහිරකි සංගීතයට නවතාවකි. ගීතය අලුත් මගකට ගෙන ගිය සමරකෝන් සිංහල රසිකයා ගේ සිත රසවත් කළේය. සෞන්දර්ය හා ජීවන මාධුර්යය එක්‌කළේය. මිනිස්‌ ජීවනයේ මිහිර මතු කළේය.
ශ්‍රී ලාංකේය ජාතික ගීතයේ නිර්මාතෘ ආනන්ද සමරකෝන් වියතාණන් පිළිබඳව වරෙක ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන් එලෙස සඳහන් කර තිබිණි.
"සිංහල ලේඛනයේ අක්‌ෂර වින්‍යාසය හා ව්‍යාකරණ ක්‍රම පද්ධතියට අදාළ සම්මත ව්‍යවහාරය අනුල්ලංඝනය කොට ශාස්‌ත්‍රීය නිබන්ධනයකට සාකල්‍යයෙන්ම යෝග්‍ය ආකාරයේ පැවතීම මේ කෘතියේ සම්භාව්‍යයත්වය හේතුවන කරුණකි. සමරකෝන් අධ්‍යයනයට සමස්‌තයක්‌ වශයෙන් සැලකීමෙහි දී පෙනෙන්නේ එය මෑත භාගයෙහි සිංහලයට එක්‌ වූ උසස්‌ සාහිත්‍ය ග්‍රන්ථයක්‌ බවයි. මේ ග්‍රන්ථය කියවන පාඨකයා විශ්වවිද්‍යාල අධ්‍යාපනය, ශාස්‌ත්‍රීය පර්යේෂණය හා ශික්‍ෂණය කවරේදැයි හඳුනා ගැනීමට සමත්වනු නොඅනුමානය."
මහාචාර්ය රත්න විෙ-තුංග" ආනන්ද සමරකෝන් අධ්‍යයනය" නම් ග්‍රන්ථය පිළිබඳව කර තිබුණේ එවන් සඳහනකි.
more

අප ගේ ගෞරවාදරයට පාත්‍රව සිටින විද්වතකු වන ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුනිල් ආරියරත්නයන් විසින් ලියන ලදුව 1988 පළමු වරට ප්‍රකාශයට පත් කෙරුණු ග්‍රන්ථයේ 2011 නවතම මුද්‍රණය ආනන්ද සමරකෝන් ඡන්ම ශත සංවත්සරය වෙනුවෙන් (ඉකුත් 5 වෙනිදාට යෙදී තිබූ) යළිත් එළිදැක්‌විණි. මරදාන එස්‌. ගොඩගේ සමාගම මගින් ප්‍රකාශිත මෙම කෘතිය ආනන්ද සමරකෝන් වියතාණන් පිළිබඳව මෙරට පළ වූ එම අංග සම්පූර්ණ කරුණු සංගෘහිත ග්‍රන්ථය ලෙස සැලකිය හැකිය. ආනන්ද සමරකෝන් ජීවිතයෙන් විවිධ ප්‍රතිභා ශක්‌තීන් පිළිබඳ ගැඹුරින් සත්‍ය නිදසුන් සමඟ විශිෂ්ට වූ පර්යේෂණාත්මක අධ්‍යයනයක යෙදෙන මහාචාර්ය සුනිල් ආරියරත්නයන් ඔහුගේ ජීවිතයේ සොම්නස මෙන්ම වේදනාව රැන්දූ සිදුවීම්ද ඔහුගේ ෙ€දජනක වියෝවට හේතුවන්නට ඇතැයි හෙළිදරව් වූ විරල කරුණු ද මෙම කෘතියට අන්තර්ගත කර තිබේ. "නමෝ නමෝ මාතා ජාතික ගීය වශයෙන් තෝරා ගන්නා ලද්දේ එක්‌සත් ජාතික පක්‍ෂ රජය මගිනි. නමෝ නමෝ මාතා ශ්‍රී ලංකාවේ ජාතික ගීය ලෙස රජයට යෝජනා කරන ලද්දේ එවක මුදල් ඇමැතිව සිටි ඡේ. ආර්. ජයවර්ධන විසිනි. මේ හේතු නිසා එක්‌සත් ජාතික පක්‍ෂය හා කෘතවේදී බැඳීමක්‌ සමරකෝන් තුළ පැවැති බව පෙනේ. මේ නිසා සමරකෝන්ට පසු කාලය තුළ විඳින්නට සිදුවූ අනිෂ්ට ඵල බොහෝය. ජාතික ගීය වෙනස්‌ කළ යුතුය යනුවෙන් නැගී ආ උද්ඝෝෂණ ව්‍යාපාර හුදෙක්‌ ජාතික ගීයෙහි සත්‍ය වශයෙන් දෘශ්‍යමාන වූ ගණ දොaෂ වියරණ දොaෂ සමනය කිරීමේ ස්‌වරූපයෙන් පමණක්‌ නොව දේශපාලන පළිගැනීමක ස්‌වරූපයෙන්ද ක්‍රියාත්මක වූ බව පෙනේ. ජාතික ගීය සතුරන්ගෙන් ගලවා ගැනීම සඳහා ඔහු කළ සටන වෙහෙසකර එකක්‌ විය. ආනන්ද සමරකෝන් 1962 අප්‍රියෙල් මස දිනෙක සිය දිවි හානි කර ගත්තේය. ඊට පෙරාතුව ඔහු සිය මරණය පිළිබඳ අනතුරු ඇඟවීම් කර තිබිණි."

"ආනන්ද සමරකෝන් අධ්‍යයනය පිටුව 35

ජාතික ගීයෙහි වගතුග (ආනන්ද සමරකෝන්) තම අත් අකුරින් ලියූ ජාතික ගීය) සමරකෝන් නාට්‍ය ගී දෙස්‌ විදෙස්‌ සම්භාවනාවට පාත්‍ර වූ ඔහුගේ ළමා කව් ගී සංගීත භාවිතය ද මෙහි සංගෘහිතය. භාරත ගීත කෝකිළා ලතා මංගේෂ්කාර් ගැයූ සිංහල ගීත කිහිපය (සැඩ සුළං චිත්‍රපටය සඳහා) ලිවීමේ භාග්‍යයද උදාකර ගත්තේ ආනන්ද සමරකෝන් විසිනි. ලතා මංගේෂ්කාර් ගැයූ ශ්‍රී ලංකා - මාතා.... මා ප්‍රියාදරී ජයභූමි ජයභූමී...... ජයභූමී ශ්‍රී ලංකා ඉදිරියටා යමුq සැවොමා නිදහස ලබනට බැමි සිඳදා (ලතා මංගේෂ්කාර් මොහිදීන් බෙග්) පෙම් කැකුළ පිපී එන විට මහදේ (යමුනා රාණී සහ ඒ. ඇම් රාජා) ගමන දුර නිසයි. සී පද කියන්නේ.... (ආනන්ද සමරකෝන්) මෙන්ම මන රංජන දර්ශනීය ලංකා (සුජාතා) පොඩි මල් එතනෝ... ඇසේ මධුර ජීවනයේ ගීතා..... නාමුqකෝ කිමිදී සීතල ගඟුලේ..... පුංචි සුදු සුදු කවියා ඇති සියලුම චිත්‍රපට හා සෙසු ගී රචනා තනු රචනා (ස්‌වර ප්‍රස්‌තාරද සමඟ) අද පරපුරට කියවන්නට මෙම කෘතිය තුළින් ඉඩහසර විවර කරදීම උතුම් ජාතික මෙහෙවරක්‌ මෙන්ම පිදිය යුතු ශේ්‍රෂ්ඨ පුද්ගලයකුට කළ උත්තම උපහාරයක්‌ද වේ.

2002 වර්ෂයේ ජාතික ගීය සම්බන්ධයෙන් ඇතිවූ විවාදාත්මක කරුණ සම්බන්ධයෙන්ද මහාචාර්ය සුනිල් ආරියරත්නයන් මෙවර තම කෘතියට විශේෂ පරිච්ඡේද කිහිපයක්‌ම එක්‌කර තිබේ. ශ්‍රී ලංකා ජාතික ගීයෙහි නව ප්‍රමිතිගත පටිගත කිරීමකට සූදානම් වෙමින් "ජාතික ගීයට අනුප්‍රාණය නමින් වූ ව්‍යාපෘතියක්‌ සැලසුම් වුණු අවස්‌ථාවේ ඒ සඳහා මැදිහත්වන ලෙස තමන් ඇතුළු කලාකරුවන් පිරිසකට ඇරයුමක්‌ ලද අවස්‌ථාවේ කටයුතු සිද්ධ වුණු අන්දමත් එවැනි පටිගත කිරීමකට විරුද්ධ වූ කලාකරුවන් ජනපතිනියට යෑවූ පෙත්සමත් එවක ජනපතිනිය අනවබෝධයකින් යුතුව කටයුතු කරමින් එම වෘHdපෘතිය අත්හිටවූ අන්දමත් මෙහි සවිස්‌තරාත්මකව අදාළ මුල් ලේඛනවල ඡායා පිටපත් ද සහිතව මෙහි අන්තර්ගත කර තිබේ. වැදගත් කාලීන සංසිද්ධියකට මුල පුරමින් එදා රාජ්‍ය ආයතනයක්‌ මගින් මේ ව්‍යාපෘතිය භාර දීමට කමිටුවක්‌ පත් කරන්නට යෙදුණි. ආනන්ද සමරකෝන් පදනමෙහි සභාපති සුනිල් සමරකෝන්, ආචාර්ය පණ්‌ඩිත් අමරදේව, විශාරද නන්දා මාලනිය, මහාචාර්ය සුනිල් ආරියරත්න, සංගීතවේදී රෝහණ වීරසිංහ එහි සාමාජිකයෝ වූහ. පද මාලාව හා ස්‌වරමාලාව යන බුද්ධිමත් දේපළෙහි භාරකාරත්වය සඳහා සුනිල් සමරකෝන්ය. පටිගත කිරීම සඳහා ගායක ගායිකාවන් තෝරා ගැනීමට හා ඔවුන් අධීක්‍ෂණයට අමරදේව නන්දාමාලනී දෙපොළය. වචන උච්චාරණාදිය ගැන වගකීමට ආරියරත්නය. සංගීත සංයෝජනයට අධ්‍යක්‍ෂණයට රෝහණය."

(ඒ අනුව නව පටිගත කිරීමට තෝරාගත් ගායකයන් 19 ක්‌ද ගායිකාවන් 19 ක්‌ද වූ අතර ඔවුන්ගේ නම්ද මෙහි ඇතුළත් කර ඇත.)

එදා එක්‌තරා පිරිසකගේ විරෝධයක්‌ මැද තහනමට ලක්‌ වූ එසේ යළි පටිගත කරන ලද ජාතික ගීතය පසුව පැවැති රාජ්‍ය උත්සව ගණනාවකදී ගායනාවෙත්දී එදා ඊට විරුද්ධ වූවන් පවා හුනස්‌නෙන් නැගී ජාතිකාභිමානයෙන් ඔද වැඩෙන අයුරු දකින විට දැනෙන හාස්‍ය සොම්නස කොතරම්ද යන්නද මහාචාර්ය සුනිල් ආරියරත්නයන් විමසා සිටිනුයේ එම ජාතික ගීය නව පටිගත කිරීමට දායක වූ සංගීතවේදී රෝහණ වීරසිංහයන් තම චරිතාපදාන ග්‍රන්ථයේ "නමෝ නමෝ මාතා මැයෙන් ලියන ලද පරිච්ඡේද කිහිපයක්‌ද උපුටා දක්‌වමිනි.

1949 නිදහස්‌ දින උළෙල නිමිත්තෙන් රජය පළකළ රාජ්‍ය උත්සව සමරු පත්‍රිකාව (සෝමසිරි කස්‌තුරිආරච්චි මහතා විසින් මහාචාර්යතුමන්ට ලබාදී තිබේ.) මගින් අපේ ජාතික ගීය සිංහලෙන් දෙමළෙන් ගායනය වීම සඳහන් කර ඇති අන්දම හා සිංහලෙන් හා දෙමළ ජාතික ගීතයද පසුව සැකසුණු දෙමළ ජාතික ගීය හා සිංහල අකුරු ද සමගින් මෙහි අන්තර්ගත කර තිබීම අප කාගේත් නොමඳ අවධානයට පාත්‍ර වන තවත් කරුණකි.

ආනන්ද සමරකෝන් ශූරීන්ට ජාතික ගීතය රචනා කිරීමෙන් රජය දෙන ලද ප්‍රදානය පවා අහිමි වූ අන්දම ඒ පිළිබඳ ඔහුට අත් විඳින්නට වූ ෙ€දජනක ඉරණම ගැන පළවූ පුවත්පත් කාටුන් චිත්‍ර හා සමරකෝන් ජීවිතයේ විරල ඡායාරූප රාශියක්‌ද මහාචාර්ය සුනිල් ආරියරත්නයන් මෙහි අන්තර්ගත කිරීම වත්මන් හා මතුපරපුරට ඉටුකළ ඉතා උතුම් මෙහෙවරකි.

"මහාචාර්ය ආරියරත්නයන්ගේ නවතම ප්‍රයත්නය වන ආනන්ද සමරකෝන් අධ්‍යයනය ස්‌වකීය පූර්ව ගවේෂණයන්ට වඩා කිහිප අයුරකින්ම කැපී පෙනේ. එක්‌තරා දේශීය වූද කලාත්මක වූද ගීත හා සංගීත නිර්මාණ සම්භාරයක්‌ අළලා මහාචාර්ය සුනිල් ආරියරත්නයන් ලියා ඇති ආනන්ද සමරකෝන් අධ්‍යයනය ග්‍රන්ථය සාහිත්‍ය සංගීතය දෙකලාවන්හි විචක්‌ෂණ හා සූක්‌ෂම අවබෝධය තුළින් ඉදිරිපත් කෙරෙන අපූර්ව පර්යේෂණාත්මක නිබන්ධනයකි. එය ශ්‍රී ලංකාවේ සංගීත සාහිත්‍ය නිර්මාණ ක්‍ෂේත්‍රයට අයත් වූ දේශීය හා ජාතික සංගීත ප්‍රවේණිය නොහොත් දේශීය සංගීත සාරධර්ම විද්වත් රසිකයා වෙත විදහා දක්‌වන්නා වූ ප්‍රදර්ශන මන්දිරයක්‌ වනු ඇත." මෙම ග්‍රන්ථයට පසු වදනක්‌ ලියා ඇති අධ්‍යාපන අමාත්‍යංශයේ හිටපු සෞන්දර්ය අධ්‍යක්‍ෂවරයකු වන සංගීත විශාරද ජයන්ත අරවින්දයන් කර ඇති සඳහන සමගින් මෙම වටිනා කෘතිය පිළිබඳ සටහන අපි මෙලෙස නිමා කරමු.

නාරද නිශ්ශංක Divaina