Pages

Wednesday, April 13, 2011

පොඩි කෙළීට තවත් ලියුමක්‌................

කවර සමාජයක වුවද කලින් කල වරින් වර විවිධ සමාජ සංසිද්ධීන් මතුවීම අතිශයින්ම සුලභ බව අපි දනිමු. කලකට පෙර කිසිදු අවධානයක්නොලද යම් ප්ර(?)ශ්නයක්පසුකලකදී තත්කාලීන ගැටලුවක්සේ මතුවිය හැක. ගෝලීකරණය ලෙස හඳුන්වනු ලබන සංසිද්ධීන් නිසා අප සමාජය මහත් සේ කැපීපෙනෙන සමාජ විපර්යාස රැසකට මුහුණදීම අද අපට පැහැදිලිව දකින්නට ඇත. අපේ පාරම්පරික සම්ප්රදායික සමාජ ජීවිතයටත්, අප ආදරයෙන් රැකගතයුතු දේශීය චර්යාධර්ම පද්ධතියටත් ඇතිවන බලපෑම් අසීමිත බවක්පෙනේ, සමාජ සංචලනය (Social Mobility) වූ කලී වෙනස්වන දියුණු වන කවර සමාජයක වුවද අනිවාර්යයෙන් දැකිය හැකි ලක්ෂණයකි. එමෙන්ම ඇති විය යුතු ලක්ෂණයකි. අපේ රටේ මාතර මිනිසෙක්අනාගත දියුණුව සොයා වෙනත් පළාතකට කොළඹට, නුවරඑළියට යයි. යාපනේ මිනිසා නව ජීවිතයක්සොයා කොළඹ දෙසට එයි. අපේ කාන්තාවෝ රන්මසු සොයා මැදපෙරදිගට යති. නව රැකියා සොයා නව ජීවිතයක්සොයා අපේ රටේ දහස්ගණන් තරුණ තරුණියෝ ඔස්ටේ්රලියාව (Australia), ඇමරිකාව, කැනඩාව, නවසීලන්තය වැනි දේශදේශාන්තර වලට සංක්රමණය වෙති. මේ තමා වෙනස්වන සමාජ ජීවිතයේ සමාජ සංචලනය.
Read more

මේ සමාජ සංචලනය නිසා මතුවන එක්තරා අනුවේදනීය සංසිද්ධියක්ඇත. එය කොතරම් ගැඹුරුද යන්න ගැන බොහෝ දෙනා අවධානයක්දක්වන බවක්නොපෙනේ. පරම්පරා ගණනක්පුරා එකම පෙදෙසක අඩු වශයෙන් එකම රටක දැඩි සෙනෙහසින් බැඳී එකට ජීවත් වුණු දූ දරුවෝ දෙමාපියන්ගෙන් වෙන් වෙති. ඔවුන් මෙයට කැමති වීම හෝ අකමැති වීම හෝ බාධකයක්නොවේ. නව දිවිමගක්හෝ වඩා සොඳුරු යෑයි සැලකෙන අනාගතයක්සොයා දූ දරුවෝ වෙනත් දේශයකට යති. සමහරවිට දෙමාපියන් මියදෙන්නට පෙර මොවුන් නැවත නොඑනු ඇත. කෙසේ වෙතත් දෙමාපියෝ කායිකව තනි වෙති. දිනපතා පුවත්පත් වල පළවන මරණ දැන්වීම් මහත් සංඛ්යාවක සඳහන් වන අන්දමට මිය ගිය පනස්, හැට, හැත්තෑ හැවිරිදි පියාගේ හෝ මවගේ දරුවන් ජීවත් වන්නේ මෙරට තුළ නොවේ, ඇමරිකාව මැදපෙරදිග ඔස්ටේ්රලියාව, කැනඩාව වැනි දේශයක ජීවත්වන දූ පුතුන්ගේ දෙමාපියෝ මේ දේශයේම තනිවී මියෑදෙති. මෙය දූ දරුවන්ගේ වරදක්නොවේ. අද පවතින සමාජයේ යථා තත්ත්වයයි. දරුවනට වරදක්පැටවීම අතිශයින්ම අසාධාරණය.

මෙවන් සමාජ සංචලනයට ගොදුරු වුණු දූ දරුවෝ ලක් ගණනින් මුදල් වැය කර වසර කීපයකට වරක්වත් තාමත් ජීවත්වන දෙමාපියන් වෙත එති. විදේශයේදී දවස පුරා මෙහෙසී වැඩකර උපයාගත් විදෙස්විනිමය මෙහිදී වැය කොට නැවත ආපසු යති. යාන්ත්රික චක්රයක්බඳු වූ ඒකාකාරී ජීවිතයට නැවත ඔවුහු ගොදුරු වෙති. තව වසර දශකයක්ගෙවුණද සංසිද්ධිය එසේමය. අතපය වාරු ඇති අතමිට යමක්ඇති සමහර දෙමාපියෝ සිය දූ දරුවන් දකින්නට විදෙස්ගත වෙති. එහි සිටින දූ දරුවන්ගේ ඒකාකාරී ජීවිත රටාව නිසාදො හෙම්බත්ව කඳුළු පිරි දෑස්සඟවා ගෙන ආපසු තම නිවසට එති. දූ දරුවන් ආපසු නව දේශයකට ගිය පසු මෙන්ම තමන් ආපසු තම දේශයට පැමිණි පසුව පියකු හෝ මවක මෙවන් ලිපියක්ලියාවි යෑයි උපකල්පනය කොට පහත පළවන මේ ලිපිය මගේ පොඩි කෙළී වෙත ලියමි. පොඩි දුව ගැන පමණක්නොව කෙනෙකුගේ ලොකු දුවකට හෝ පුතෙකුට වුවද ලියෑවෙන්නේ මේ අනුවේදනීය වැකි පෙළමය. මෙය මගේ පෞද්ගලික හැඟීමක්පමණක් නොව පොඩි කෙලී වැනි දරුවන් ඇති ඉමහත් සංඛ්යාවක්දෙමාපියන්ගේ හැඟීම් මාලාවක්යෑයි මට සිතේ. දූ දරුවනට යම් සිත් වේදනාවක්මේ ලිපිය නිසා ඇති වන්නේ නම් මම ගැන දැඩි ලෙස අතිශයින්ම දුක්වී අනුකම්පාව පතමි.
අමරදාස ගුණවර්ධන Divaina-