Pages

Showing posts with label Image Gallery. Show all posts
Showing posts with label Image Gallery. Show all posts

Monday, August 10, 2020

2020 පාර්ලිමේන්තු මැතිවරණය - සමස්‌ත ප්‍රතිඵලය

Wednesday, September 25, 2019

Many happy returns of the day.................


'' ගොඩක්
ආදරේ කරන
කෙනාම තමයි
ගොඩක් රිදවන්නෙත්..........''

Sunday, September 25, 2016

Many happy returns of the day LOST 1982.

 Have a wonderful year ahead.


Tuesday, July 12, 2016

First picture of Mr and Mrs Dahiya revealed

TV actor Divyanka Tripathi, who got married to her Yeh Hai Mohabbatein co-star Vivek Dahiya on Friday night in Bhopal, has finally shared the first pictures of ‘Mr and Mrs Dahiya’.

Sharing the first picture of the newly-weds, Divyanka posted on her Facebook, “#Happily Married. #Mr. N Mrs. #Dahiya.”

Sharing yet another image from her wedding, Divyanka wrote on her Instagram account, “This is it! #MrsDahiya”.

Divyanka and Vivek tied the knot in a traditional wedding ceremony in Divyanka’s home town Bhopal in the presence of family and close friends. While Divyanka looked stunning in a resplendent red-and-gold lehenga, complete with heavy gold jewellery, the 31-year-old groom opted for an emobroided golden-maroon sherwani.

Pictures of the wedding were shared by the official Instagram account of TV show Yeh Hai Mohabbatein.

The newly-weds will host a reception in Chandigarh and later a party in Mumbai for their industry friends. The couple earlier shared pictures from their pre-wedding functions including sangeet, haldi and mehendi.

Hindustan Times

Wednesday, March 16, 2016

සිප ගන්නට නොව සිතුවම් අඳින්න

වේෂ නිරූපණ කලාව යමෙක්ව සුන්දර කිරීමෙන් ඔබ්බට ගිය කලා මාධ්‍යක් බව විදහා දැක්වීමට හොඳම උදාහරණයක් වන්නේ මෙම තොල් සායම් යොදාගනිමින් කර ඇති අපූරු නිර්මාණයි.

අප රටේ ජනප්‍රිය නොමැති වුවත් බටහිර රටවල සමාජ ජාල වෙබ් අඩවි වල තොල් මේ අයුරින් විවිධ මෝස්තර වලට සකස් කිරීම ඉහළ ජනප්‍රියත්වයක් දිනා ගනිමින් පවතියි.

වාර්තා වන අන්දමට මේ දිනවල ඉන්ස්ටග්‍රෑම් ‌වෙබ් අඩවිය පුරා මෙවැනි අපූරු නිර්මාණ රැසක් දැකගත හැකි වේ.

පහත දැක්වෙන්නේ එවැනි වර්ණවත් සහ නිර්මාණශීලී නිර්මාණ වලින් කිහිපයකි.

(ඡායාරූප - ‌ඩේලිමේල්)

Tuesday, November 17, 2015

ලොව ප්‍රංශයට සහාය පළ කරයි

නොවැම්බර් 13 වැනි සිකුරාදා පැරීසියේ සිදුවූ ත‍්‍රස්ත ප‍්‍රහාරයෙන් පසු ලෝකයේ බොහෝ රටවල් කනගාටුව පළ කරමින් ප‍්‍රංශයට සහාය දක්වන ප‍්‍රකාශ ඒ ඒ රටවල රාජ්‍ය නායකයන් විසින් කර තිබිනි.ශ්‍රි්‍ ලංකාවල ඇමෙරිකාව, ජර්මනිය, එංගලන්තය, ඕස්ටේ‍්‍රලියාව, බ‍්‍රසීලය, ඊශ්‍රාලය, පෝලන්තය, බෙල්ජියම, ජේරුසෙලම, නොර්වේ, මැසඩෝනියාව, තායිවානය, කැනඩාව, ලාස්වෙගාස්, ස්වීඩනය ඇතුලූ බොහෝමයක් රටවල් ඒ අතර වේ. ප‍්‍රංශ ධජයේ ඇති නිල් සුදු රතු වර්ණ වලින් බොහෝ රටවල සුප‍්‍රසිද්ධ ස්ථාන වර්ණවත් කොට තිබිණ.



Monday, November 02, 2015

වෘතිය ජීවිතය ද? මිනිස් ජීවිතය ද? -පින්තුරයක කතාව

"මම දැඩි මානසික ආතතියකින් පෙළෙනවා . ගෙවල් කුලී ගෙවා ගන්න සල්ලි නෑ . ගත්ත ණය ගෙවාගන්න ක්‍රමයක් නෑ . දරුවෙකුට උදව් කරන්න විදිහක් නෑ . සල්ලි ..සල්ලි ..සල්ලි . අන්ත අසරණ වූ දරුවෙකු බේරා නොගැනීමේ වරදකාරී හැඟීමත් , කොකා මත අත තබා ගත් උමතු මිනිසෙකුගේ දර්ශනයත් , මළ මිනිසෙකු යලි මරා දැමීමේ මතකයත් ,, කෝපය හා වේදනාවත් , පොලිසියත් , අලුගෝසුවාත් මා වටා හොල්මන් කරනවා . මම යනවා ..මම වාසනාවන්තයෙකු නම් කෙන් සමග එක වීමට අවස්තාව ලැබේවි "

මේ කෙටි සටහන තබන්නේ දකුණු අප්‍රිකානු ජාතික වෘත්තිය චායාරුපශිල්පියෙකු වූ කෙවින් කාටර් සිය දිවි නසා ගැනීමට මොහොතකට පෙරය.

1960 සැප්තැම්බර් 13 වන දා ඉපිද 1994 ජුලි මස 27 වෙනිදා ඔහු මෙලොවින් සමුගන්නා විට වසර 34 ක තරුණයෙකි. තමාගේ ජීවිතයට කිසිදු සම්බන්ධයක් නැති සුඩාන ජාතික දැරියක් නිසා දැඩි චිත්ත සන්තාපයට පත් වූ අයෙකි. 1994 දී ලෝකයේ හොඳම වාර්තාමය චාරුපයට හිමි පුලිට්සර් සම්මානයට භාජනය වූ යේ සුඩාන සරණාගත කඳවුරකදී ගන්නා ලද චායාරුපය හේතුවෙනි.
සුඩානයේ යෝඩ් නගරයේ පිහිටි යුද්ධමය හා වාර්ගික ගැටුම් වලට මැදි වූ මිනිසුන් ගෙන් පිරී ගිය කඳවුර තුල ඔහු විවිධ චායාරුප ගනිමින් සිටියේය. එක්තරා අවස්තාවක මන්දපෝෂණයෙන් පෙළෙමින් සිටි කුඩා දියණියක් එක්සත් ජාතීන්ගේ ආහාර වැඩසටහන ක්‍රියාත්මක කරන මධ්‍යස්ථානයට ඉතා අසීරුවෙන් ගමන් කරන ආකාරයක් ඔහු දිටිය. එම දැරිය ගමන් කරන අවස්ථාවේ ඇය පිටුපසින් මිනිමස් බුදින ගිජු ලිහිනියක වැසුවාය. එහෙත් කෙවින් කාටර් තම වෘතිය මිනිස් ජීවිතයට වඩා සලකමින් එම දැරියගේ චායාරුප ගෙන තිබුණි.

දැරිය ගොදුරු කරගැනීමට පැමිණි ගිජු ලිහිණියා එලවා දැමීම වෙනුවට ඔහු සම්බන්දවී සිටින ලෝක ප්‍රසිද්ධ මාධ්‍ය ආයතනවල මුල් පිටුව සැරසීමට ඔහු දී තිබුනේ ප්‍රමුඛස්තානයකි.
මෙම චායාරුපය එම වර්ෂයේ මාර්තු මස 26 වනදා නිව් යෝර්ක් ටයිම් පුවත් පතේ පලවී සුළු මොහොතකින් දුරකථන ඇමතුම් දහස් ගණනක් එම පුවත්පත් කන්තෝරුවට ගලා ආවේ එම දැරියට සිදු වූ දේ විමසමින්ය. එහෙත් කිසිවෙකුට පිළිතුරු දීමට තරම් සිතට හෝ ගතට සවියක් නොතිබුණි. ධනවාදය විසින් මිනිස් කම් සිඳ බිඳ දමන්නේ එලෙසය. මෙම සිදු වීම ලොව පුරා දැඩි විවේචනයට ලක් විය. මෙම චායාරුපය ගැනීමට සීරු මාරු කල තැනැත්තා ඒ කුසගින්නෙන් පෙලෙන දැරිය ගොදුරු කර ගැනීමට කුරුමානම් අල්ලන තවත් ගිජු ලිහිණියෙක් පමණි " යනුවෙන් ටයිම් සඟරාවේ සඳහන් කර තිබුණි.

Friday, September 25, 2015

Lost 1982 !

හදේ කොතැනක හෝ හිඳී ඔබ
නිදා නොනිදා මෙන්
බලා අවසර සොයා කල් දැන
වෙළා හස රැහැනින්
පෙළයි මා මුදා සුව දැහැනින්

සයුරු ඉම රත් සිතිජ රේඛාවේ
මියෙන හිරු සේ ගිලී බිම් අඳුරේ
තළා මා සිත පලා ගිය ඔබ
දවලයි මා - අද
තනි වෙනා මොහොතින්

උතුම් පිවිතුරු පේ‍්‍රමයේ නාමෙන්
සහස් සුවහස් පැතුම් බල මහිමෙන්
ඉනූ කඳුළ ද සිඳෙන්නට පෙර
යදින්නම් - ඔබ
මැකී යනු මතකින්........












MANY HAPPY RETURNS OF THE DAY !

Monday, January 12, 2015

Welcome, Pope Francis

Pope Francis is the reigning pope of the Catholic Church, in which capacity he is both Bishop of Rome and absolute sovereign of the Vatican City State. 

Born: December 17, 1936 (age 78), Flores, Buenos Aires, Argentina
Full name: Pope Francis
Nationality: Argentine
Parents: Mario Jose Bergoglio, Regina Maria Sivori


ආධ්‍යාත්මික ආශිර්වාදය

ලෝක කතෝලික සභා නායක ශුද්ධෝත්තම පියවරු (පාප්වරු) සිය පාලන වකවානුවල තමන් අත්දුටු ලෝක සමාජාගමික ගැටලු පිළිබඳ විවිධ මත දැක්‌වීම් කර ඇත. පළමුව සිය ආගමික පරිපාලන ව්‍යqහයන් තුළම මතුවූ ගැටලු ගැනය. දෙවනුව ලෝක දේශපාලන, ආර්ථීක, සංස්‌කෘතික, අධ්‍යාපනික, සෞඛ්‍ය, නව තාක්‌ෂණ ක්‌ෂේත්‍රවල තමන් හඳුනාගත් ගැටලු ගැනය.

පාප්වරු ඒවා ගැන විටින් විට සිය මත ලිතවද, වාචිකවද ප්‍රකාශ කර තිබේ. කෙටියෙන් මෙන්ම විස්‌තරාත්මකවද ප්‍රකාශ කර තිබේ. අද ඒ පාප් විමර්ශන හඳුන්වන්නේ "කතෝලික සමාජ ධර්ම" හෙවත් පාප්වරුන්ගේ "විශ්ව ලේඛන" යනුවෙනි.

ෂ ප්‍රැන්සිස්‌ පාප්තුමා ධුරයට පත්ව ඉතා කෙටි කලකින් සිය පළමු විශ්ව ලේඛනය නිකුත් කළේය. "සුභාරංචිය හා ආනන්දය" නමිනි.

ප්‍රථම කතෝලික සාමාජික කණ්‌ඩායමේ නායක පේදුරු නම්වූ ගිහියාගේ සිට කතෝලික සභා නායකත්වය දැරුවෝ සිය ආගමික සංවිධානයට බැඳුණු අයට ඉගැන්වීමෙහි හා අනුශාසනයෙහි යෙදුණාහ. කතෝලික ආගමික ප්‍රථම සාමාජිකයන් ගේ මුල් නායකයන් වූයේ ගිහි වැඩිමහල්ලන්ය. ඔවුන් සිය සාමාජිකයනට අනුශාසනයෙහි යෙදුණේ දෙසුමෙනි. ලිපි ලිවීමෙනි. හසුන්පත් හෙවත් සන්දේශ යෑවීමෙනි.

ඉන් ඉතාමත් පැරැණි ලිපි හා සන්දේශ සටහන් වන්නේ බයිබලයේමය. ප්‍රථම ක්‍රිස්‌තු අග්‍රශ්‍රාවක පේදුරු හා පාවුළු ජාකොබ් ජුවාම් යන අනෙකුත් ශ්‍රාවකයන් සිය සාමාජිකයන් දැනුවත් කරමින් ලියූ ලේඛන ඒ අතර වේ.

පේදුරුතුමා මුලින්ම යෑවූ සන්දේශ දෙකක්‌ බයිබලයේ සඳහන්ය. යවා අත්තේ සුළු ආසියාවේ උතුරු ප්‍රදේශ පුරා විසිර සිටි ක්‍රිස්‌තු අනුගාමිකයන්ටය. පළමු හසුන ක්‍රිස්‌තු තරුණයා හෙළිකළ සුභාරංචි යළි ඔවුන්ට සිහිපත් කරන්නටය. දෙවැනි හසුන මිථ්‍යා ගුරුවරු හා ජනතාව අතර පැවති දුරාචාර ගැනය. ඒවාට එරෙහිවය. 

පාවුළු තුමා රෝමවරුන්ට යෑවූ මුල් හසුනෙන් ක්‍රිස්‌තියානි දර්ශනය යනු කුමක්‌ද යන්නත්, මිනිස්‌ ජීවිත කෙරෙහි ක්‍රිස්‌තු දර්ශනය බලපෑ යුතු ආකාරයත් පැහැදිලි කර දෙයි. 

කොරින්ති නුවර ක්‍රිස්‌තු අනුගාමිකයන් අතර හටගත් ගැටලු දෙකක්‌ ගැන (මතභේද හා අනාචාර) සිය මත දක්‌වා පාවුළු තුමා සිය දෙවැනි හසුන යවා ඇත. කොරින්තිවරු, පාවුළු තුමාට විරුද්ධව එල්ල කළ චෝදනාවකට පිළිතුරු සපයන හසුනක්‌ද පාවුළු තුමා ඔවුනට යවා තිබේ.

පාවුළු තුමා රෝම හා කොරින්ති නුවර ක්‍රිස්‌තු අනුගාමිකයන්ට පමණක්‌ නොව එපීස, කොලොස්‌සි, පිලිප්පි හා තෙසලෝනික නුවර වාසීන්ට යෑවූ සන්දේශද බයිබලයේ සඳහන්ව ඇත. ඒවා නම්කර ඇත්තේ හසුන් යෑවූ ජනතාව විසූ නගර නමිනි. (රෝමයට යෑවූ සන්දේශ... රෝමවරුන්ට සේ...) 

ඒ අතර ප්‍රථම සභා නායකයන් සිය ප්‍රදේශවල උප සභා නායකයන්ට යෑවූ සන්දේශ ද බයිබලයේ සඳහන්ව ඇත. තිමෝතියස්‌, තීතස්‌, පිලෙමොන් වෙත යෑවූ හසුන්ය. මුළු ජනතාවටම ජාකොබ් තුමා යෑවූ සන්දේශයක්‌ද බයිබලයේ සඳහන් වේ.

ජුවාම් තුමා යෑවූ සන්දේශ තුනෙහි පළමුවැන්න වංචනික ඉගැන්වීම්වලින් පරිස්‌සම් වන ලෙස දන්වා ලියූවකි. දෙවැන්න ප්‍රාදේශීය උප කතෝලික සභාවල සාමාජිකයන් අමතා ලියූවකි. ඉන් දන්වන්නේ ඔවුන් එකිනෙකාට බලවත් සහෝදරයන් වන ලෙසය. තුන්වැන්න ගායස්‌ නම් සභා මූලිකයෙකු අමතා ලියූවකි. සහෝදර කිතුණු සාමාජිකයන්ට ඔහු කරන සේවා අගයා ලියූවකි. 

මුල් සභා නායකයන් ගිහි වැඩිමහල්ලන් මිස පූජක රදගුරු හෝ පාප්වරු නොවූහ. ඔවුන් හැඳින්වූයේ වැඩිමහල්ලන් ලෙසය. ඔවුන් වැඩිදෙනා විවාහකයන් විය. ඔවුන් සියල්ලෝම පුරුෂ ලිංගිකයන් වූහ. ඔවුන් වැඩිදෙනා වෘත්තියෙන්, කම්කරුවන් විය. වියපත් අය වූහ. එතරම් උගතුන් නොවූහ. 

තුන්වැනි සියවස මුල සභානායක වැඩිමහල්ලන්. සභානායකත්ව වලින් ඉවත්ව ඒ තැනට පාප්වරු හෙවත් ශුද්ධෝත්තම පියවරු පත්වූ පසු මුල් සභානායක හසුන් හා සන්දේශ පත්‍ර "පාප් අනුශාසනා" හා "ඉගැන්වීම්" ලෙස හැඳින්වීම ඇරැඹුණි.

මුල් කිතු සමයේ දී (ක්‍රි.ව. 1-325) ක්‍රිස්‌තියානිය ගොඩනැඟී ඇත්තේ ජුදා ආගමික චාරිත්‍රවල වැරැදි හා අඩුපාඩු හරහාය. ජුදා නායකයන් දැඩි ක්‍රිස්‌තු විරෝධීන් වූහ.

සාමාන්‍ය මිනිසෙකු ලෙස ජීවත් වූ ක්‍රිස්‌තු තරුණයා අල්ලා වධ දී මරා දමන්නට ඔවුන් ක්‍රියා කළේ ඒ හෙයිනි. එහෙත් අදත් සිදු වන පරිදි දාර්ශනිකයා මරා දැමුවද ඔහුගේ දර්ශනය ලොව පුරා පැතිරයැම වළක්‌වන්නට ජුදයනට නොහැකි විය.

කතෝලික සභාව අබ ඇටයක්‌ සේ පැළව අද ලොවම වසා ගත් අති විශාල ආගමික නුගරුකක්‌ව ඇත්තේ එපරිදිය. 

කතෝලික සභානායක මතිමතාන්තරවල ඇත්තේ ලෝක ගැටලු පිළිබඳ දේවධාර්මික විසඳුම් යෝජනාය.

පාප් යන වචනයෙන් කතෝලික සභා නායකයා හැඳින්වීම ඇරැඹුණේ ක්‍රි. ව. 325 දී රෝමයේ අධිරාජයා වූ කොන්ස්‌තන්තීනු අගරජ කතෝලික දහම වැළඳ ගැනීමත් සමගය. ඒ සමග ගිහි වැඩිමහල්ලන් සභා නායකත්වයෙන් වීසිව ගියේය. ජුදා පූජක ධුරය කතෝලික සභාවට ඇතුළු වූයේය. රෝම රාජකීය ඇඳුම් පැළඳුම්, පූජක ඇඳුම් පැළඳුම් බවට පත්විය. යෂ්ටි මකුට මුරකාවල් මාළිගා සහ පිරිවර සමග ගාම්භීර නායක පූජක (පාප්) තනතුර බිහිවිය.

ක්‍රි.ව. 314-335 අතර සිටි සිල්වෙස්‌ටර්Êනම් ගිහි වැඩිමහල්ලා ප්‍රථම පාප් විය. පත්කළේ කොන්ස්‌තන්තීනු අධිරාජයාය. ඒ වන විට අධිරාජයා රෝම කතෝලික සභාවට ප්‍රාග්ධනය (මුදල්, දේපළ, භූමිභාග, ගොඩනැඟිලි, යානවාහන) සපයන්නා විය. 

ඊට පෙර කොන්ස්‌තන්තීනු අධිරාජයා රෝමයෙන් කිතුදහම පලවා හැරීමට කටයුතු කළ නායකයා විය. අග්‍ර ශ්‍රාවක පේදුරුතුමා සේම අනෙකුත් ගිහි සභා නායකයන් සතුන්ට ගොදුරු කර ඊතලවලින් විද, ගස්‌ බැඳ, පහරදී මරා දැමුණේ ඒ රෝම අධිරාජයේය. පේදුරු අග්‍ර ශ්‍රාවක තැන මරා දැමුණේ දෙකකුල් ඉහළටත්, හිස පහතටත් සිටින සේ කුරුසියක ඇණ ගසාය. සාමාන්‍ය කිතුනුවන් වහලුන් කර ගැනුණි.

එහෙත් රෝමයෙන් කිතුදහම තුරන් කිරීමට ඔවුනට නොහැකි විය. ඒ බව තේරුම්ගත් කොන්ස්‌තන්තීනු අග රජු තමන් කළ අපරාධ පිළිගෙන ක්‍ෂමාව ලැබ තමාද කිතුදහම වැළඳ ගත්තේය. 

ක්‍රි.ව. 395 මහා තියඩොර් රෝම අග රජු තියෝසියානු ව්‍යවස්‌ථාව යටතේ කිතුදහම රෝමයේ රාජ්‍යාගම බවට පත් කෙරුණි. ඒ සමග කිතුනු වහලුන්ට නිදහස හිමි විය. මිනිස්‌ ගරුත්වයට මුල්තැන ලැබුණි. සියල්ලන් එක්‌ පියෙකුගේ දරුවන්ය යන දේවධාර්මික විශ්වාසය රෝමය පුරා පැතිරුණි.

සියල්ලන්ගේ අවසානය එකය. දේව ධර්මය රටක රාජ්‍ය නීතියට වඩා ඉහළය යන මත රෝමානුවන් පිළිගත්තේය. පුද්ගලික සුව පහසුව, අභිවෘද්ධිය, නම්බුව පරයා එකිනෙකාට ප්‍රේම කිරීමේ හා බෙදා හදාගැනීමේ ක්‍රිස්‌තියානිය, රෝමය කේන්ද්‍රීයව ලොව පුරා පැතිර යැම ඇරැඹුණි. සියල්ලන් දේව දරුවන්ය යන මතය පැතිර යැම ඇරැඹුණි.

ප්‍රථම පාප්වරුන්ගේ සමාජ ඉගැන්වීම්වලට පදනම්ව ඇත්තේ ඒ රෝම සිදුවීම් හා තීන්දුය. තනි වචන දෙකකට සීමා කළහොත් ලෝක සාමය හා මානව අයිතිවාසිකම්ය. 

ප්‍රථම සභානායක වැඩිමහල්ලන් සිය අනුගාමිකයන්ට යෑවූ ලිපි හසුන් හා සන්දේශ පසුව ඉගැන්වීම් විය. පාප්වරු පත් වීමෙන් පසු ඒවා "විශ්ව ලේඛන" විය. පළමුව සිය ආගමික ගැටලු අළලා යෑවුණු කතෝලික සභානායක සංදේශ පසුව ලෝක ප්‍රශ්න විමංසනය කර යෑවුණු කතෝලික සමාජ ධර්ම අඩංගු විශ්ව ලේඛන විය.

පළමුව කතෝලික ජනතාව අමතා යෑවූ විශ්ව ලේඛන ලොව පුරා වෙසෙන ජනතාව අමතන සැබෑ විශ්ව ලේඛන බවට පත් කළේ 1878 ධුරයට පත් 13 ලියෝ පාප්තුමාය. (258 පාප්තුමා) එතුමා 1891.05.15 දා නිකුත් කළ "වෙහෙසෙන මිනිස්‌සු" (රේරුම් නොවාරුම්) විශ්ව ලේඛනය මගිනි.

13 ලියෝ පාප්තුමා ධුරයට පත් සමය ලෝකය ධනවාදයෙන් පීඩිතව සමාජවාදය හඳුනා ගනිමින් සිටි වකවානුව විය. මැක්‌සිම් ගෝර්කි, රුසියන් ධනවතුන්, කර්මාන්ත ශාලා හිමියන්, රුසියන් කම්කරුවන් පෙළන අන්දම සිය සාහිත්‍ය කෘති මගින් හෙළිකළ වකවානුව විය. (ගෝර්කිගේ අම්මා)

ලියෝ පාප්තුමා ධනවාදය, කම්කරුවන් තළා පෙලන අන්දම මනාව තේරුම් ගෙන ඊට දැඩිව විරෝධය පෑවේය. විවේචනය කළේය. එහෙත් එතුමා සමාජවාදයටද එතරම් ඇල්මක්‌ නොදැක්‌වීය. ධනවාදයේ පැවති ඉපැයීම් සන්තක කර ගැනීමේ ඉඩ සමාජවාදයේ නොතිබීම එතුමාගේ දැඩි විරෝධයට හේතු විය. එහෙත් ලියෝ පාප්තුමා ජනසතුවට එරෙහි නොවීය. ධනවාදයේ වැරැදි පෙන්වාදෙන අතරම සමාජවාදයේ අයෝග්‍යතාත්, පෙන්වාදීමට 13 ලියෝ පාප්තුමා 1891 දී සිය "වෙහෙසෙන මිනිස්‌සු" විශ්ව ලේඛනය නිකුත් කළේය. ලෝකය, ධනවාදී දේශපාලකයන් හා ධනවාදී ආර්ථික ක්‍රම මගින් කම්කරුවන් සුරාකනු ලබන අන්දම එතුමා ඉන් මනාව හෙළිදරව් කළේය. 

යහපත් සමාජීය පිළිවෙලක්‌ සකසා ගැනීම සඳහා සලකා බැලිය යුතු "වටිනාකම්" සමූහයක්‌ එතුමා ඉන් හෙළි කරයි. විශේෂයෙන්ම මිනිස්‌ ශ්‍රමයේ වටිනාකම්" ගැනය.

අධික ධනලාභ පතා කම්කරු ශ්‍රමය සූරාකන කර්මාන්ත ශාලා හිමියන් ගැන ලෝකයේ ඇස්‌ ඇරුණේ 13 ලියෝ පාප්තුමාගේ එකී "වෙහෙසෙන මිනිස්‌සු" විශ්ව ලේඛනය නිසාය. 1891 වෙද්දී (වෙහෙසෙන මිනිස්‌සු - ලේඛනය පිටවෙද්දී) එංගලන්තයේ කාර්මික විප්ලවය සිදුවී සිය වසක්‌ පමණ ගෙවී තිබුණි. බෙල්ජියම බඳු රටවල කාර්මික විප්ලව සිදුවී හැට වසක්‌ පමණ ගෙවී තිබුණි. නැගෙනහිර යුරෝපා රටවල නගර අධිකව ජනගහනය වෙමින් තිබුණි.

ලෝහ, වීදුරු, රෙදිපිළි, දුම්කොළ, පතල් කම්හල්වල හා ගමනාගමන ක්‌ෂේත්‍රවල කම්කරුවන්ගෙන් වහලුන් ගෙන් මෙන් වැඩ ගනිමින් තිබුණි. පැය අටේ වැඩකරන දිනයක්‌ ඉල්ලා කම්කරුවන් කළ ඉල්ලීම්, කම්හල් හිමියන් විසින් කඩාකප්පල් කරනු ලැබ තිබුණි. (1886) ඇමරිකාවේ මැයි දින කම්කරු පෙළපාලිය ඇරැඹුණේ 1890 දීය.

19 සියවස අග ඉස්‌මතු කළ 13 ලියෝ පාප්තුමා ගේ කම්කරු පීඩා ධනවාදයේ විපත, සමාජවාදයේ ගැටලු පිළිබඳ මත මෙරටට පැමිණි ප්‍රථම පාප්වරයා වූ (1970.12.04) 6 පාවුළු පාප්තුමා දක්‌වා ලොව පුරා ගලා ගියේය. එහෙත් ඒ මත මෙරටට ගලා ආවේ සෘජු කතෝලික සභා බලධාරීන් හරහා නොවේ. යුරෝපීය ක්‍රිස්‌තියානි රටවලදී උසස්‌ අධ්‍යාපනයක්‌ ලත් වාමාංශික අදහස්‌ දරන්නන් හරහා ය. ඒ නිසාම ඒ අදහස්‌ මෙරටදී අදේවදෘෂ්ටික මතවාද ලෙස හඟවා සිය සාමාජිකයන්ගෙන් සඟවා තබන්නට ශ්‍රී ලංකා කතෝලික සභාවට හැකිවිය. 

13 ලියෝ පාප්තුමාගෙන් පසු බිහිවූ කතෝලික සමාජ ධර්ම, මෙරට කිතුනුවා තවමත් හරි හැටි දන්නේ නැත. හඳුනාගෙනද නැත. ධර්මෝපදේශ පාඩම්වලදීවත් හරිහැටි හඳුන්වා දෙන්නේ නැත.

කෙනෙකු රටක සාධාරණව ජීවත් විය යුතු අන්දම වටහාගෙන කතෝලික සමාජ ධර්ම මෙරට කිතුනුවාගෙන් තවදුරටත් සඟවා තැබිය යුතුද? හමුවන්නට ඉඩ ලදහොත් මම ඒ ප්‍රශ්නය ෂ ප්‍රැන්සිස්‌ පාප්තුමාගේ කණේ තබමි. චෝදනාවක්‌ ලෙස නොවේ. පැමිණිල්ලක්‌ ලෙසය. නඩුවක්‌ අසන්නට නොවේ. දැන ගැනීම සඳහාය. 

නිවැරැදි කතෝලික සමාජ ධර්ම හඳුනාගත් විට මෙරට කිතුනුවන් මාක්‌ස්‌වාදීන් විය හැකි බව සමහර පූජක රදගුරුවරුන්ගේ මතයය. 

නිවැරැදි කතෝලික සමාජ ධර්මයේ දීර්ඝකාලීන ඉලක්‌කය, සමාජය, ආර්ථික, අධ්‍යාපනික හා සෞඛ්‍ය දුගී භාවයෙන් මුදා ගැනීමය. ගලවා ගැනීමය.

ඉදිරි 13 වැනිදා මෙරටට පැමිණෙන 1 ප්‍රැන්සිස්‌ පාප්තුමා සිය ආන්දෝලනාත්මක ක්‍රියා හා මත දැක්‌වීම් මගින් උත්සාහ දරන්නේ, ලෝක කතෝලික සභාවටම ඒ සැබෑ ක්‍රිස්‌තු චින්තනය යළි තහවුරුව කා වද්දන්නටය.

සිරිල් එඬේරමුල්ල

Monday, April 14, 2014

සිත් පැහැපත් වන අවුරුද්දක්‌.............

සිත් පැහැපත් වන අවුරුද්දක්‌
මෙත් සුවපත් වන අවුරුද්දක්‌
සෙත් සිරිඅත් වන අවුරුද්දක්‌
සත් ගුණවත් නව අවුරුද්දක්‌

නිසි කල වැසි ලැබ යල මහ දෙකටම
කෙත් වතු සරුවන අවුරුද්දක්‌
හැම පැල්පතකම හැම වෙලකටම
ලිප ගිනි මොලවන අවුරුද්දක්‌...

Tuesday, October 01, 2013

ලෝක ළමා දිනය අද - මල් සම්පත මෙයයි




සවිය නුඹය රටට පුතේ - නුඹය අපේ අනාගතේ
හෙට දිලෙනා ලොවක් වෙතේ - ඒ ලෝකය පුතුගෙ අතේ


(අශෝක පියරත්න - Dinamina)



මල් පෙති සිඳ ලමින්
මුදු ගුණ පිරි සුමට
කල්ගිය දිරුණු තුරු
හිස්‌ රකිනා නිවට
බොල් මිනිසුනට විස
කටුවක්‌ වුව ඇහැට
මල් සම්පත මෙයයි
සුරැකිය යුතු හෙටට 

(ගාමිණී සුමනසේකර - Divaina)