Pages

Showing posts with label News. Show all posts
Showing posts with label News. Show all posts

Wednesday, October 12, 2016

‘අයියෝ’ ඔක්ස්ෆර්ඩ් ශබ්දකෝෂයට යයි

ඉංග්‍රීසියෙන් කතාබහ කරන අතරතුර වුවද, ලාංකිකයන් විසින් පුරුද්දට මෙන් ‘අයියෝ’ යන වචනය භාවිතා කරන අයුරු බොහෝවිට ඔබ අසා ඇති.

සාමාන්‍යයෙන් නම් එය ශුද්ධ ඉංග්‍රීසි භාවිතයට සිදුකරන හානියක් ලෙස සැලකෙන නමුත්, මේ වන විට එම හානිය මැකී ගොස් අවසන් ය.

ඒ, ඔක්ස්ෆර්ඩ් ශබ්දකෝෂයට පසුගියදා එකතු වූ නව වචන කිහිපය අතරට ‘අයියෝ’ යන වචනයද එක්වී තිබීම හේතුවෙනි.

‘අයියෝ’ යන වචනය සිංහල භාෂාව හසුරවන්නන් මෙන්ම දකුණු ඉන්දීය ජාතිකයන් විසින් නිරන්තරයෙන්ම භාවිතා කරන්නකි.

වසර 150ක් පැරණි ඔක්ස්ෆර්ඩ් ශබ්දකෝෂයට වචන 600,000ක් පමණ ඇතුළත් වේ.

Tuesday, August 16, 2016

කලාසූරී දේශමාමක ලංකා පුත්‍ර ඩොනල්ඩ්

චිත්‍රපට සහාය අධ්‍යක්ෂවරයකු ලෙස ඩොනල්ඩ් ජයන්ත හොඳ නමක් දිනා ගත්තා. ඒ වගේ ම ඔහු පසුකාලීනව අධ්‍යක්ෂණයටත් පිවිසුණා. ඩොනල්ඩ් සහාය අධ්‍යක්ෂණය කළ චිත්‍රපට ප්‍රමාණය පනහකට අධිකයි. දිගු කාලයක් සිනමාව වෙනුවෙන් කළ මෙහෙය වෙනුවෙන් ඉකුත්දා ඩොනල්ඩ් කලාසූරී දේශමාමක ලංකා පුත්‍ර ජාතික ගෞරව සම්මානයෙන් පිදුම් ලැබුවා. සමස්ථ ලංකා සංස්කෘතික සහයෝගිතා පදනමෙන් තමයි ඔහුට මෙම සම්මානය ලබාදෙනු ලැබුවෙ. ඩොනල්ඩ් ජයන්ත මාතර කොටපොළ ජාතික පාසලේ කීර්තිමත් ආදි ශිෂ්‍යයෙක්.

Wednesday, November 18, 2015

ශ්‍රී ලංකාවේ ද්විත්ව පුරවැසියන් 40,000ක්

ශ්‍රී ලංකාව ද්විත්ව පුරවැසි භාවය ලබා දීමට ආරම්භ කළ දිනයේ පටන් මේ දක්වා 40,000 කට ආසන්න පිරිසකට ශ්‍රී ලංකාවේ ද්විත්ව පුරවැසි භාවය ලබාදී ඇති බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පවසයි.

පසුගිය රජය සමයේ අත්හිටවා තිබූ ද්විත්ව පුරවැසි භාවය ලබාදීම නව රජය යටතේ අරම්භ කෙරුණු අතර 2,000කට ආසන්න පිරිසකට 2015.11.17 දින එම සහතික ලබා දුන්නේ ජනාධිපතිවරයා හා අගමැතිවරයා අතින්.

ශ්‍රී ලංකාවේ උපත ලබා එහෙත් විදේශ රටවල පදිංචියට ගොස් එහි පුරවැසි භාවය ලබාගැනීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ පුරවැසිභාවය අහෝසි වූ බොහෝ දෙනක් අද අරලිය ගහ මැදුරට පැමිණ සිටියෝය.

ඔස්ට්‍රේලියාවේ කලක් පදිංචිව සිට නැවත ශ්‍රී ලංකාවට පැමිණි නිට්ටඹුවේ පදිංචිව සිටින ඉනෝකා ප්‍රියදර්ශනිට පසුගිය වසර දෙකේදීම ශ්‍රී ලංකාවේ සිටිය හැකිවුයේ විදේශිකයෙකු ලෙසයි.

"වසර දෙකක් වෙනවා ලංකාවට ඇවිල්ලා, විසා අරගෙන හිටියේ, ගොඩක් සන්තෝසයි මේක ලබාදුන්නු එක ගැන, විසා එකෙන් ඉන්නකොට කිසිම අයතිවාසිකම් වත් නැහැ ඡන්ද බලය එහෙම" ඉනෝකා ප්‍රියදර්ශනි පැවසුවාය.

ලන්ඩන් නුවර පදිංචිව සිටින සෙනවි ජයන්ත කුමාර පැවසුවේ තමන් 2009 වසරේ සිට මෙම ද්විත්ව පුරවැසිභාවය ලබාගැනීමට උත්සාහ කල බවයි.

"2009 වසරේ 2011 වසරේ උත්සාහ කළා මේක ලබාදුන්නේ නැහැ, මෙවර ඒක ලබාදෙනවා කිව්වම මම තමයි මුලින්ම ගිහිල්ල ගත්තේ, මොකද මට ඕනේ ආපහු ලංකාවට ඇවිල්ල වැඩ කරන්න, මොකද මේක අපි ඉපදුන රට අපි ශ්‍රී ලාංකිකයෝ. මේ සඳහා මට රුපියල් ලක්ෂ දෙකහමාරක් වැය වුනා. බිරිඳට 50,000යි, ඒත් මේක ගොඩක් වටිනවා අපිට" ඔහු පැවසීය.

1983 වකවානුවේ ඇතිවූ අමිහිරි සිදුවීම් නිසා රටින් පිටවීමට තීරණය කළ යාපනේ සිටි කුමාරන් තංගරාජා පැවසුවේ වසර 20කට වඩා විදේශ ගතව සිටි තමා නැවත ශ්‍රී ලංකාවට පැමිණ සංවර්ධන කටයුතුවලට දායකවන බවයි.

එමෙන්, මහින්ද රාජපක්ෂ රජය යටතේ ද්විත්ව පුරවැසිභාවය ලබා දීම නවතා දැමීමට එක් ප්‍රධාන හේතුවක් වුයේ එල්ටීටීඊ සංවිධානයට සම්බන්ධ පිරිස් මෙය යොදාගෙන නැවත රට තුලට පැමිණිය හැකි බවට රජය දැරූ මතය නිසයි.

ආගමන විගමන පාලක එස් එන් රණසිංහගෙන් මේ පිළිබඳව විමසීමේ දී ඔහු පැවසුවේ ද්විත්ව පුරවැසිභාවය ලබාදෙන්නේ හොඳින් හොයා බලා පමණක් බවයි.

Monday, September 21, 2015

කාර්ය සහායක තනතුරට ඉල්ලන ආචාර්ය උපාධිධාරියෝ

ඉන්දියාවේ ලක්නව් නගරයේ ප්‍රාන්ත ලේකම් කාර්යාලයේ කාර්යාල කාර්ය සහායක තනතුරු පුරප්පාඩු 368 සඳහා 23 ලක්ෂයකට අධික පිරිසක් අයදුම් කර තිබේ.

උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ ප්‍රධාන නගරය වන ලක්නව්හි ජනගහනය ලක්ෂ හතළිස් පහකි.

ඒ අනුව නාගරිකයන්ගෙන් අඩකට ආසන්න පිරිසක් මෙම තනතුර සඳහා අයදුම්පත් ඉදිරිපත් කොට තිබේ.

මෙහි ඇති අනිත් විශේෂත්වය වන්නේ අයදුම්කරුවන් අතුරින් ලක්ෂ දෙකකට අධික පිරිසක් තාක්ෂණවේදී (BTech), විද්‍යාවේදී (BSc), විද්‍යාපති (MSc) සහ වාණිජ විද්‍යාපති (Mcom) උපාධිධාරීන් වීමයි.

ආචාර්ය උපාධිය (PhD )ලබා සිටින දෙසිය පනස් පස් දෙනකුද කාර්යාල කාර්ය සහායක තනතුරට අයදුම්පත් පත් ඉදිරිපත් කොට තිබේ.

සම්මුඛ පරීක්ෂණ භාරව කටයුතු කරන පරිපාලන දෙපාර්තමේන්තුව කාර්යාල කාර්ය සහායක තනතුරු පුරප්පාඩු සඳහා අදාළ දැන්වීම පුවත්පත්වල පළ කොට තිබුණ අතර අයදුම්පත් භාර ගැනුණේ අන්තර්ජාලය ඔස්සේයි.

‘ලැබුණු ප්‍රතිචාරයෙන් අපි කම්පනයට පත් වුනා’ එම දෙපාර්තමේන්තුවේ ලේකම්වරයෙක් පවසයි.

ඉහත කී සියලු අයදුම්කරුවන් සම්මුඛ පරීක්ෂණ වලට යොමු කකරනු ලැබීම අවසන් කිරීමට වසර දෙකක් පමණ ගත වන බවත් ඔහු කියා සිටියි.

‘රැකියාවක් නොමැතිව රස්තියාදු වනවාට වඩා හොඳයි 'පියන්' කෙනෙක් විදිහට වැඩ කරන එක’ ආචාර්ය උපාධියක් හිමි ආලෝක් පවසයි.

‘ඔබට රැකියාවක් නැතිනම් අවසානයේ ඔබ නෑදෑයන්ගේ සහ යාලු මිත්‍රයින්ගේ පිහිට පතාවි. නමුත් එවැනි අයගේ කරුණාව මත ඔබ කොපමණ කාලයක් ජීවත් වෙන්නද?’ තවත් අයදුම්කාරියක් වන රේඛා වර්මා සඳහන් කළාය.

BBC

Tuesday, September 08, 2015

තුර්කි වෙරළේ දරුවා ලොව කළඹයි

සිරියාවේ සංක්‍රමණික දරුවකු වූ අයිලාන් නම් දරුවකුගේ මළ සිරුර තුර්කි වෙරලේ තිබී සොයාගැනීමත් සමග ලොව පුරා මහත් ආන්දෝලනයක් ඇති කිරීමට සමත්වී ඇතැයි විදෙස් පුවත් සේවා වාර්තා කරයි.

සිරියාවේ යුද්ධය හේතුවෙන් පළා එන සංක්‍රමණිකයන්ට කැනඩාව වැනි රටවල් ඉඩ සැලසීමට කටයුතු නොකිරීම හේතුවෙන් මෙවැනි මරණ සිදුවූ බවත් මෙම අයිලාන් දරුවාගේ පවුලම මුහුදු යාත්‍රවකින් වෙනත් රටකට යාමට උත්සාහ කිරීමේදී ජල රකුසාට ගොදුරුවී ඇතැයි කියති. බේරී ඇත්තේ අයිලාන්ගේ පියා වන අබ්දුල්ලා පමණක් වන අතර බෝට්ටුවේ සිටි 15ක් පමණ මරණයට පත්ව ඇතැයිද අයිලාන්ගේ සිරුර පසුගිය සතියේ තුර්කි වෙරළට ගොඩගසා තිබූ අයුරුද විදෙස් පුවත් සේවා වාර්තා කළේය.

එහිදී අයිලාන් මුණින් අතට වැටී මැරී සිටින ආකාරය ලොව පුරා සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ ඉමහත් ජනප්‍රියත්වයට පත්වූ අතර විවිධ රටවල සංක්‍රමණිකයන් සම්බන්ධ නීති රීති පවා වෙනස් කිරීමට මෙම ඡායාරූප සමත්වූ බව කියති. මෑත ඉතිහාසයේ ලොව වැඩිම පිරිසක් නැරඹූ මෙන්ම ලොව පුරා වැඩියෙන්ම සංසරණය වූ ඡායාරූපය ලෙස අයිලාන් දරුවාගේ ඡායාරූපය ඉතිහාසයට එක්වන බවත් වාර්තාවේ.

ඒ අනුව හංගේරියාවේ රැඳී සිටින සිරියා ජාතිකයන් ඇතුළු මැදපෙරදිග හා උතුරු අප්‍රිකා සංක්‍රමණිකයන්ට ඔස්ට්‍රියාව දේශ සීමා විවෘත කිරීමද සිදුවිය.

Tuesday, July 28, 2015

RIP A.P.J. Abdul Kalam (15 October 1931 - 27 July 2015)

උසස් අධ්‍යාපන ආයතනයේ දේශනයට සහභාගී වන බව කලාම් මහතා සිය ට්විටර් ගිණුමේ සඳහන් කර තිබුණේ මෙලෙසින්,

Thursday, June 04, 2015

මහාචාර්ය ධම්මික ගංගානාත් ජපානයේ ශ්‍රී ලංකා තානාපති ධුරයට

ජපානයේ නව ශ්‍රී ලංකා තානාපති වශයෙන් මහාචාර්ය ධම්මික ගංගානාත් දිසානායක මහතා රජය විසින් නම් කොට ඇත.ඒ මහතා දැනට ස්‌වාධීන රූපවාහිනි සේවයේ සභාපති වශයෙන් කටයුතු කරයි.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදන අංශයේ මහාචාර්යවරයා වශයෙන්ද කටයුතු කොට ඇති ඒ මහතා දීර්ඝ කාලයක්‌ ජපානයේ අධ්‍යයන කටයුතුවල යෙදී සිට ඇති අතර ඔහු සිය ආචාර්ය උපාධිය ලබාගෙන ඇත්තේ ද ජපානයේ විශ්වවිද්‍යාලයකිනි.

මහාචාර්ය දිසානායක මහතා එක්‌සත් ජාතික පක්‍ෂයේ මාධ්‍ය අංශයේ මෙහෙයුම් ප්‍රධානියෙක්‌ වෙයි.


Friday, May 09, 2014

'Out of sight is not out of mind for babies'

Babies begin to recognise real-life objects from photographs at just nine-months-old, according to a new study carried out by scientists from the UK and the USA.

Researchers showed 30 babies aged between eight and nine months a life-size photograph of a toy for one minute.

The real-life toy was then presented to the babies, alongside a different toy.

The babies reached for the new toy, which, the researchers said, suggested that they recognised the pictured toy and found it less interesting than the new one, "because its novelty had worn off".

In a separate part of the experiment, carried out at Royal Holloway's specialised 'baby lab', the babies' attention was drawn to both toys, which were then placed in containers and hidden from view.

In this instance, the babies went for the toy they had seen in the picture - suggesting that they had formed an image of it in their mind, the researchers said.

Dr Jeanne Shinskey, from the department of psychology at Royal Holloway, said that the findings would be of interest to any parent or care-giver who has read a picture book to their infant.

"These findings suggest that, well before their first birthdays and their first words, babies are capable of learning about the real world indirectly from picture books, at least those that have very realistic images like photographs," she said.

"One brief exposure to a picture of a toy affects infants' actions with the real toy by the time they reach nine-months-old.

It also demonstrates that experience with a picture of something can strengthen babies' ideas of an object so they can maintain it after the object disappears - so out of sight is not out of mind."
- The Independent

Tuesday, February 04, 2014

International award for Amantha Perera

A Sri Lankan journalist has been awarded a coveted award for climate change reporting.

Subhra Priyadarshini of India and Amantha Perera pf Sri Lanka were presented with the South Asia Climate Change Award (SACCA) recently in recognition of their contribution to climate change reporting in their respective countries.

Last year, Panos South Asia announced South Asia Climate Change Award (SACCA) Fellows, 2013 after twenty four awardees were selected by a panel of experts after careful consideration of nearly seventy applications from all forms of media from six countries in South Asia.

Amantha Perera and Apsara Kapukotuwa were among the shortlisted fellows.

Amantha Perera is a climate change reporter as well as a freelance journalist, researchers and trainer. Based in Colombo, Sri Lanka, he contributes to Thomson Reuters Foundation as well as to TIME, IRIN and IPS.

Sunday, February 02, 2014

ජවිපෙ නායක අනුර කුමාර

පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ජනතා විමුක්ති පෙරමුණේ නායකයා ලෙස ජනතා විමුක්ති පෙරමුණේ 07 වැනි ජාතික මහ සමුළුවේ දෙවැනි සැසියේ දී තෝරා පත් කර ගැනිණි.
හිටපු නායක සෝමවංශ අමරසිංහ මහතා අනුර කුමාර දිසානායක මහතාගේ නම යෝජනා කළේය.
පක්ෂ සාමාජිකයෝ එය ඒකමතිකව අනුමත කළහ.1965 ජවිපෙ ආරම්භයේ සිට රෝහණ විජේවීර හා සෝමවංශ අමරසිංහ මහත්වරු පක්ෂයට නායකත්වය දුන්හ. 
විජේවීරගේ ඝාතනයෙන් පසුව සමන් පියසිරි සුළු කාලයක් නායකයා වී සිටියේය.1968 නොවැම්බර 24 වැනි දා උපන් දිසානායක මුදියන්සේලාගේ අනුර කුමාර දිසානායක 2004 සන්ධාන රජයේ කෘෂිකර්ම, පශු සම්පත්, වාර්මාර්ග හා ඉඩම් ඇමැති ද විය.

Sunday, October 27, 2013

Sri Lanka President opens Chinese funded expressway linking Katunayake airport to capital

Oct 27, Colombo: Sri Lanka's President Mahinda Rajapaksa today declared opened the Colombo - Katunayake Expressway (CKE) , the 26 kilometer high speed expressway linking the country's main Colombo International Airport to the Sri Lankan capital Colombo.

Opening Sri Lanka's second expressway, President unveiled a commemorative plaque at the entrance to the CKE at Peliyagoda and drove his vehicle to the Seeduwa Control Exchange where he paid the toll.

He inspected the video system at the Seeduwa control stations and proceeded to the Katunayake Exchange where he was received by flag-waving school students.

Addressing the occasion the President said with the opening of the highway the government has proven that it can successfully meet any challenge thrown at the government.


He emphasized that the development of a country is gauged by the development of a road network in a country and the expressway declared open today will provide benefits to both the local and foreign people.

Reiterating that the country has achieved peace and there was no bloodshed or terrorist activity in the country after 19th May 2009, the President appealed to the people to give their fullest cooperation to the development programme being implemented by the government for the benefit of the future generation.

He noted that when the government is making effort to develop the country certain elements are making various allegations against the government and therefore, the government has to spend much precious time to file response in Geneva to the allegations.

The 25.8 kilometer long expressway was built at a cost of US$ 291 million with a loan from China.

The CKE is expected to reduce the travel time between Colombo and the Airport to about 20 minutes. Speed limit will be 80 kilometers per hour (50 mph) for the first eight kilometers (5.0 mi) and 110 km/h (68 mph) for the rest of the road.

First Lady Shiranthi Wickremasinghe Rajapaksa, Prime Minister D.M. Jayaratne, Chinese diplomats, ministers and parliamentarians also participated in the event.

(Photos by Sudath Silva)

Monday, October 14, 2013

මාතර ඔක්කොටම ඇමතිකම්

එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නියෝජනය කරන මාතර දිස්ත්‍රික්කයේ සියලු දෙනාට කැබිනට් අමාත්‍ය ධුර සහ නියෝජ්‍ය අමාත්‍ය ධුර හිමිවී ඇතැයි වාර්තා වෙයි.

මාතර දිස්ත්‍රික්කයේ එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරමින් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට තේරී පත්වූ මන්ත්‍රිවරුන් සංඛ්‍යාව හතකි. ඔවුන්ගෙන් සිවු දෙනකු කැබිනට් අමාත්‍යවරුන් වන අතර තිදෙනකු නියෝජ්‍ය අමාත්‍යවරු වෙති.

මාතර දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුව නියෝජනය කරන ඩලස් අලහප්පෙරුම මහතා යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍යවරයා ලෙසද, මහින්ද යාපා අබේවර්ධන මහතා කෘෂිකර්ම අමාත්‍යවරයා ලෙසද, චන්ද්‍රසිරි ගජධීර මහතා බන්ධනාගාර හා පුනරුත්ථාපන කටයුතු පිළිබඳ අමාත්‍යවරයා ලෙසද, ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා ලෙසද කටයුතු කරයි. එසේම විජය දහනායක මහතා රාජ්‍ය පරිපාලන කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ අතර, නව නියෝජ්‍ය ඇමැති ධුර පිරිනැමීමත් සමඟ සනත් ජයසූරිය මහතා තැපැල් සේවා නියෝජ්‍ය අමාත්‍ය ධුරයෙන්ද, හේමාල් ගුණසේකර මහතා සමුපකාර සහ අභ්‍යන්තර වෙළෙඳ කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය ධුරයෙන්ද පිදුම් ලැබීය.

Monday, September 23, 2013

යනවා නම් මෙන්න කැම්පස්

අධ්‍යාපනය යනු පුද්ගලයකු සතු ප්‍රධානම අවශ්‍යතාවක් සේම එය පුද්ගලයකුගේ ගුණාත්මක බව මනිනු ලබන වැදගත්ම සාධකයකි. “ උගත මනා ශිල්පයමයි මතු රැකෙනා” යනුවෙන් වියත්හු අධ්‍යාපනයේ වටිනාකම ගැන පවසා ඇත්තේ එබැවිනි. පෙර පාසලින් “අ” යනු “ආ” යනු කියවා ඉගෙනීමේ අත්‍පොත් තබනා පුද්ගලයෙකු ක්‍රමයෙන් ශිෂ්‍යත්වය, අ.‍පො.ස (සා.පෙළ) හා අ.‍පො.ස (උ.‍පොළ) විභාග සමත්ව විශ්වවිද්‍යාලයේ උපාධිය ලැබිමෙන් සිය අධ්‍යාපනය අවසන් කිරීම සාමාන්‍ය සංසිද්ධියයි. නමුත් එයින් ඔබ්බට අධ්‍යාපනය හදාරණ අයද වෙති. එසේ නැතිනම් උසස් පෙළින් පසු උසස් අධ්‍යාපනය සඳහා විශාල මුදලක් ගෙවා එතෙර යන පිරිසක්ද වෙති. අද අපේ රටේ විශ්වවිද්‍යාල සඳහා වරම් ලාබාගන්නේ අ.‍පො.ස. (උ.පෙළ) විභාගයෙන් ඉහළ ලකුණු ලබාගන්නා පිරිස්ය. නමුත් එය අ.‍පො.ස (උ.පෙළ) විභාගය සමත් පිරිසෙන් 10 කටත් වඩා අඩු ප්‍රමාණයකි. අ.‍පො.ස. (උ.පෙළ) විභාගය සමත් එහෙත් විශ්වවිද්‍යාල වරම් අහිමි සෙසු පිරිස විද්‍යාපීඨ අධ්‍යාපනයට හෝ විවිධ උසස් පාඨමාලා හැදෑරීමට හෝ විවිධ රැකියාවනට යොමු වීම දක්නට ලැබේ. එයිනුත් මුලින්ම කී තවත් සමහරෙක් (වත්‍පොහොසත්කමින් යුත්) විදේශ විශ්වවිද්‍යාල අධ්‍යාපනය කරා යොමුවීම අද විලාසිතාවක් බවට පත් වී තිබිමද දක්නට ලැබේ.
මේ නිසාම අද අප රට තුළ සාකච්ඡාවට බඳුන් වන ප්‍රමුඛතම කාරණයක් වී ඇත්තේ විදේශයන්හිදී ලබන අධ්‍යාපනය කෙතරම් දුරට ගුණාත්මකද, ප්‍රායෝගිකද යන්නය.

මීට දින කිහිපයකට පෙර අන්තර්ජාල තුළින් ලොව විවිධ රටවල ඇති විශ්වවිද්‍යාල වර්ගීකරණයකට ලක් කර තිබුණි. ඒ සඳහා ඔවුන් පදනම් කරගෙන තිබුණේ පහත නිර්ණායකයන්ය.
හැදෑරිය හැකි විෂය පාඨමාලාවන්.
අධ්‍යයන ක්ෂේත්‍රයන්.
පර්යේෂණයන්.
අදාළ විශ්වවිද්‍යාලයන්හි ජනප්‍රියතාවය.
අනෙක් මිනුම් දඬු (උදා:ජාත්‍යන්තර විවිධත්වය...... ආදිය)
මෙකී කරුණුවලට අදාළව ලෝකයේ විශ්වවිද්‍යාල හා අධ්‍යාපන ආයතන 2000 කින් හොඳම 700ක් තෝරා ගෙන එයිනුත් හොඳම විශ්වවිද්‍යාල 15ක් තෝරාගෙන ඒවා මෙසේ වර්ග කර තිබුණි. ඒ අනුව 2013 වසරේ ලොව හොඳම විශ්වවිද්‍යාල 15 වන්නේ මෙහි දැක්වෙන විශ්වවිද්‍යාලයන්ය.

2013 වසර සඳහා නම් කෙරුණු ලොව හොඳම විශ්වවිද්‍යාල 15 

1.මැසචුසෙට්ස් තාක්ෂණ විද්‍යාතනය
2.හාවර්ඩ් විශ්වවිද්‍යාලය 
3.කේම්බ්‍රජ් විශ්වවිද්‍යාලය 
4.ලන්ඩන් විශ්වවිද්‍යාලය 
5.ලන්ඩන් ඉම්පීරියල් විද්‍යාලය 
6.ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය 
7.ස්ටැන්ෆර්ඩ් විශ්වවිද්‍යාලය 
8.යේල් විශ්වවිද්‍යාලය 
9.චිකාගෝ විශ්වවිද්‍යාලය
10.කැලිෆෝනියා තාක්ෂණ විද්‍යායතනය
11.ප්‍රින්ස්ටන් විශ්වවිද්‍යාලය 
12.ස්වීඩන් සන්ධීය තාක්ෂණ විද්‍යායතනය 
13.පෙන්සිල්වේනියා විශ්වවිද්‍යාලය
14.කොලොම්බියා විශ්වවිද්‍යාලය
15.කොනෙල් විශ්වවිද්‍යාලය

Saturday, August 10, 2013

කොළඹ සිට කටුනායකට රූංගාලා යන්න ළගදීම පුලුවන්

දෙවැනි ලෝක යුද සමයේ රාජකීය ගුවන් හමුදාවට යානා ගොඩබෑම සඳහා කටුනායක ප්‍රදේශයේ ගුවන් පථයක්‌ ඉදිකරන ලද්දේ 1944 දීය. බ්‍රිතාන්‍යයන් විසින් "නිදහස" හිමි කර දුන් පසුත් කටුනායක භූමියේ බ්‍රිතාන්‍යය හමුදා කඳවුර පිහිටා තිබිණි. 1957 දී අගමැති බණ්‌ඩාරනායක විසින් බ්‍රිතාන්‍ය හමුදාව එයින් ඉවත් කළ අතර ඉන්පසුව කටුනායක ගුවන්තොටුපළ ශ්‍රී ලංකාව සතු එකම අන්තර්ජාතික ගුවන්තොටුපළ ලෙස ඉදිවිය. 1964 වසරේදී ප්‍රවෘත්ති ඇමැති අනිල් මුණසිංහ විසින් කටුනායක ගුවන්තොටුපළ සඳහා කැනේඩියානු ආධාර යටතේ ගොඩනැඟිලි ඉදිකිරීම ආරම්භ කළේය....

මේ ආදී වශයෙන් කටුනායක ගුවන්තොටුපළේ කතාව දිග හැරෙයි. කොළඹ බණ්‌ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ ලෙස අද භාවිතා වන ගුවන් තොටුපළ වර්ධනීය අවස්‌ථාවක තිබුණත් දිල්ලියේ සිට කටුනායකට පැමිණීමට සමාන කාලයක්‌ කටුනායක සිට කොළඹට පැමිණීමට ගතවීම හේතුවෙන් කටුනායක ගුවන්තොටුපළෙන්a අගනුවරට පැමිණීම නීරස කටයුත්තක්‌ වී තිබේ. කොළඹ සිට කටුනායක ගුවන් තොටුපළට යන මගීන්ගේ ගමන් විඩාව ඇරඹෙන්නේ ගුවන් ගමනේදී නොව, කටුනායකට යන ගමනේදීය. පාර දෙපැත්තේ තිබෙන සුරුවම්, ඒ මඟීන්ගේ දුක බලා ගැනීමට හැදූ පිළිම සේ දිස්‌වන්නේ ඒ තරම්ම දුකකින් හා කේන්තියෙන් කටුනායකට යැමට හෝ කොළඹට ඒමට සිදුවී තිබෙන නිසාය.

සංචාරක ව්‍යාපාරය ගැන උදම් ඇනුවද, යටිතල පහසුකම් ගැන කයිවාරු ගැසුවද කටුනායකින් කොළඹට පිවිසෙන ඕනෑම අයෙකුට ඉතිරි වන මතකයන් නම්, ශ්‍රී ලංකාවේ සුන්දරත්වය නොව එයාර්පෝට්‌ පාරේ රස්‌තියාදුවය. ඒ රස්‌තියාදුව විඳින සංචාරකයකු හෝ ආයෝජකයකු යළිත් ලංකාවට පැමිණෙන්නේ නම්, ඒ ශ්‍රී ලංකාවට ඔහු ගිය ජාතියේ තියෙන ණයක්‌ ගෙවීමට කරුමය විසින් ඔහුට නියම කර ඇත්නම් පමණි. 

කටුනායක - කොළඹ මේ රස්‌තියාදුව නතර කරන්නට, කන් පිරෙන්නට දේශපාලන කතා මේ රටේ ජනතාව අසා තිබිණි. දුම්රිය මාර්ගය, අධිවේගී මාර්ගය විකල්ප මාර්ගය වැනි දේට අමතරව මීගමුව දක්‌වා යන ඕලන්ද ඇළ ද කන් පිරෙන, ඒ කතාවල රසට තිබිණි. ගමනේ තිත්ත රස කරන්න ඒ කතාවලට කළහැක්‌කක්‌ නොවීය.

Friday, August 09, 2013

ඇඟ ඇතුළ ඇස් දෙකෙන් බලන්න පුළුවන් දැරියක්

මිනිස් සිරුර අභ්‍යන්තරය දැක බලා ගැනීමේ (විනිවිද දැකීම) හැකියාවක් ඇති 17 හැවිරිදි රුසියානු ළඳක් ජපන් විද්‍යාඥයන් මවිතයට පත්කරවා ඇත. නටාෂා ඩෙම්කිනා (17) තරුණියගේ මෙම විස්මිත හැකියාව තවදුරටත් පරීක්‍ෂා කිරීම සඳහාත් ඇය පිළිබඳ පර්යේෂණ කිරීමටත් ඇයට ලන්ඩනයට හා නිව්යෝර්ක් නුවරට පැමිණෙන ලෙස ආරාධනා ලැබිණි.

විනිවිද දැකීමේ හැකියාවට අමතරව ඇයට යමකු තුළ ඇති ලෙඩ රෝග පිළිබඳ සමහර අවස්ථාවල තොරතුරු කීමටද ඇයට හැකි බව ජපන් විද්‍යාඥයන් පිරිසක් කළ පර්යේෂණයකදී හෙළි විය. නටාෂා සතු බලය මඟින් ගර්භාෂයේ සිටින ළඳරු කලලය පරීක්‍ෂාවට ලක් කිරීමෙන් පවා රෝග විනිශ්චය කළ හැකි බව හෙළිවී ඇත. කෙනකුගේ ඡායාරූප දෙස බලා ඔහු හෝ ඇය සතු රෝගාබාධ කීමේ හැකියාව නටාෂාට ඇත.

Tuesday, August 06, 2013

රජ කුමරාගේ උප්පැන්න සහතිකය ලියැවුණු හැටි

බ්‍රිතාන්‍ය කිරීටයේ අලුත්ම උරුමකරු ජෝර්ජ් අලෙක්සැන්ඩර් ලුවිගේ උපත නිල වශයෙන් ලියාපදිංචි කිරීම පසුගියදා සිදු විය. ඒ අනුව ජෝර්ජ් කුමරුගේ මවගේ වෘත්තිය ලෙස උප්පැන්න සහතිකයේ සඳහන් කර ඇත්තේ ‘එක්සත් රාජධානියේ කුමරිය’ (Princess of the United Kingdom) ලෙසය. සාමාන්‍යයෙන් තමා කුමරියක ලෙස හඳුන්වා දෙන්නට කේට් මැළිකමක් දක්වයි. ඇය වඩාත් කැමැත්තක් දක්වන්නේ තමා ‘කේම්බ්‍රිජ්හි ආදිපාදවරිය’ ලෙස හඳුන්වා දෙන්නටය. විලියම් කුමරු හා විවාහ වන මොහොතේ මහ රැජන ඇය වෙත ප්‍රදානය කළ නිල නාමය වූයේද ‘කේම්බ්‍රිජ්හි ආදිපාදවරිය’ යන්නය.
කෙසේ වුවද විලියම් කුමරු හා විවාහ වීම නිසා ඇය ‘වේල්සයේ විලියම් කුමරිය’ බවට පත්වේ. ඒ අනුව ‘එක්සත් රාජධානියේ කුමරිය’ ලෙස ඇය හැඳින්වීමේ වරදක් නැත.
විලියම් කුමරු සිය පුතුගේ උප්පැන්න සහතිකයට ඔහුගේ රැකියාව ලෙස ලබාදී ඇත්තේ රාජකීය ගුවන් හමුදාවේ හෙලිකොප්ටර් නියමු යන්න නොව ‘එක්සත් රාජධානියේ කුමරු’ ලෙසය.
සාමාන්‍යයෙන් සිය දරුවාගේ උපත ලියාපදිංචි කිරීම සඳහා මව්පියන් දරු උපතින් දින 42ක් ඇතුළත උපත් ලියාපදිංචි කිරීමේ කාර්යාලයට යාම සිරිතය. එහෙත් ජෝර්ජ් ඇලෙක්සැන්ඩර් ලුවි කුමරු රජ කිරුල හිමි ලැයිස්තුවේ තුන්වැන්නා වීම නිසාම වෙස්මිනිස්ටර්හි නියෝජ්‍ය රෙජිස්ට්‍රාර්වරිය ඔහුගේ උපත ලියාපදිංචි කිරීමට කෙන්සින්ටන් මාලිගයට පැමිණියාය.
ජෝර්ජ් කුමරුගේ උපත ලියාපදිංචි කිරීමේ ‍පෝරමය පිරවීමට පෙර විලියම් කුමරු ජෝර්ජ් කුමරුගේ උපත පිළිබඳ වූ සහතිකය නියෝජ්‍ය රෙජිස්ට්‍රාර්වරිය වන ඇලිසන් කැච්කාට් වෙත ලබාදී තිබේ. කැච්කාට් ‍පෝරමය පිරවීමෙන් පසුව ජෝර්ජ් කුමරුගේ උපත ලියාපදිංචි කළ පුද්ගලයා ලෙස විලියම් කුමරු අත්සන් තැබිය.
ජෝර්ජ් කුමරු උපන්දිනය, ස්ථානය ඇතුළු තොරතුරු අඩංගු උප්පැන්න සහතිකයේ පියාගේ සම්පූර්ණ නම ලෙස විලියම් ආතර් පිලිප් ලුවි කුමරු, කේම්බ්‍රිජ්හි ආදිපාද ලෙස සටහන් කර තිබේ. මවගේ සම්පූර්ණ නමට කැතරින් එළිසබෙත්, කේම්බ්‍රිජ්හි ආදිපාදවරිය ලෙස යොදා ඇති අතර විවාහයට පෙර නම ලෙස මිඩ්ල්ටන් යොදා ඇත.
(ඩේලි මේල්)

Saturday, July 20, 2013

ජේසුතුමා සහ මේරිතුමිය ඔස්ට්‍රේලියාවේ යළි ඉපදේ

ඔස්ට්‍රේලියානු ජාතික ඒ.ජේ.මිලර් සහ ඔහුගේ පෙම්වතිය වන මේරි සුසෑන්ලක් දෙදෙනා යළි උපත ලද ජේසුස් වහන්සේ සහ මේරි මැන්ඩලීන් බවට දිව්රා සහතික වෙති. ඔවුන් මෙම ප්‍රකාශය කළේ ඔස්ට්‍රේලියාවේ රූපවාහිනි නාලිකාවක ‘අද උදය’(Today Morning)නැමැති වැඩ සටහනේදීය. “මා ජේසුතුමා වි සිටි කාලයේ මට කුරුසයේ ඇණ ගහනවා මට හොඳට මතකයි.” මිලර් කීවේය. “ මගේ නම ජීසස්. නමුත් බොහෝ දෙනා මට මේ නමින් අමතන්න මැලිකමක් දක්වනවා.”රූපවාහිනි වැඩ සටහනේ නිවේදකයින් වන ඊමොක් හාල්ටිස් සහ රූත් ලැන්ග්ස්ෆොඩ්ට ඔහු පැවසීය. මේ සත්‍ය ප්‍රකාශ කරන හැම විටම වාගේ මිනිස්සු මාව විහිළුවට ගන්නවා. මේ ප්‍රශ්නය පළමු වැනි ශත වර්ෂයේදීත් තිබුණා.දැනුත් එහෙමයි. ඒ.ජේ.මිලර් ජීවත්වන්නේ ඔස්ට්‍රෙලියාවේ ක්වින්ස්ලන්ත ප්‍රාන්තයේ විල්ක්ස්ඩේල් නැමැති ගමේය.මෙය බ්‍රිස්බේන් නගරයේ සිට කිලෝ මීටර් 200 පමණ දුරින් පිහිටා තිබේ.

ඔහු ජේසුතුමා යයි අවබෝධ වීමට පෙර ඒ.ජේ.මිලර් ඉඩම් සංවර්ධනය කර විකිණීමේ ව්‍යාපාරයක යෙදී සිටියේය.ඒ දිනවල විවාහකව සිටි ඔහුට දරුවන් දෙදෙනෙකු විය.ජෙහොවාස් විට්නස් නිකායේ ඉහල සාමාජිකයෙකු වී සිටි ඔහු එයින් පලවා හරිනු ලැබුවේ ඔහු තම බිරිඳ අතහැර ඔහුට වඩා අවුරදු 10 කින් බාල කැරන් ඇසුරු කිරීමට පටන් ගත් විටයි.

මේරි සුසෑන් ලක් සහ ඒ.ජේ. මුණගැසුනේ 2007 දීය. ටික දිනකට පසු ඒ.ජේ. මිලර් විසින් ඇය ඇත්ත වශයෙන්ම මේරි බැන්ඩලීන් බව ඇයට අනාවරණය කර තිබේ. ලෝක විනාශයක් ළඟ එන බවත්,මුහුදු මට්ටම මීටර් 100 කින් ඉහළ යන බවත් ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන නගර වන සිඩ්නි, බ්‍රස්බේන්, පරත්, ඇඩිලේඩ් මීටර් 100 ක් ජලයෙන් යට වන බවත් ඔහු පවසයි.

ඒ.ජේ.මිලර්ගේ වෙබ් අඩවිය: www.divinetruth.com‍වේ.
මේරි සුසෑන්ලක්ගේ බ්ලොග් අඩවිය:www.maqdalenamary.blogspot.com

සිසිල් ‍ෆොන්සේකා ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර සිට

Sunday, April 14, 2013

Sri Lanka's biggest cultural festival - President

Sinhala, Hindu New Year message:

The New Year is Sri Lanka's biggest cultural festival conducted from times immemorial. It reminds us about the wonder of the earth linked to the activity of the Sun. Sri Lankans nurtured by an agricultural lifestyle received the new year meaningfully and gained delight and enjoyment, states President Mahinda Rajapaksa in a Sinhala, Hindu New Year message.

The message adds: "The true happiness of new year is safeguarded by a verdant and free and independent country. The sacrifices we have made to build a prosperous and disciplined country offers us great consolation. The enthusiasm currently shown by the people to fulfill new year customs and traditions as never before is a cause of pride and happiness to us all.

"The family bonds built up due to new year customs and traditions helped to further strengthens Sri Lankan society. Therefore we should all follow age old new year customs and traditions and bestow out treasured heritage to the future generation. It is through this that the nation's existence will get stabilized.

"I wish you all a happy and prosperous new year!'

Thursday, February 14, 2013

පොළොවේ හැපුනොත් කම්මුතුයි

2012 ඩී ඒ 14 නමින් නාසා ආයතනය නම්කර ඇති යෝධ ග්‍රහාංශුව අද දහවල 1 වනවිට පොළවට සැතපුම් 17000ක් ආසන්නයෙන් පියාසර කිරීමට නියමිතය.

අඩි 150 ක විශ්කම්භයකින් සහ මෙට්රික් ටොන් දෙලක්ෂයක බරකින් යුතු මෙම ග්‍රහ වස්තුව යම්හෙයකින් මහපොළවට කඩා වැටුණොත් එමගින් ඇතිවියහැකි පීඩනය ජපානයේ හිරෝෂීමා නුවරට ඇමෙරිකානුවන් දැමූ පරමාණු බෝම්බය මෙන් දහස් ගුණයකින් විනාශකාරී බව විද්‍යාඥයෝ පවසති.

නාසා ආයතනය කියන්නේ මෙම ග්‍රහවස්තුව සෑම අවුරුදු හතළිහකට වරක්ම පෘතුවිය පසුකර ගමන්ගන්නා බවයි.






Courtesy - Lankadeepa

Tuesday, January 22, 2013

TRCSL to ban use of unregistered mobile phones

Sri Lanka Telecommunication Regulatory Commission (TRCSL) has decided to ban the imported mobile phones that are not registered with the TRC.

TRC says modern equipment will be used to identify the unregistered mobile phones and remove them from use.

TRC Director General Anusha Palpita has said that all imported mobile phones should be registered and they are required to meet certain safety regulations.

The TRC will block the signals to the unregistered phones, he said.

TRC has taken steps to maintain a Central Equipment Identity Register and all the phones failing to register will be disabled by blocking the International Mobile Equipment Identity (IMEI) numbers.

However, the users of unregistered mobile phones at present will be granted a grace period to get them registered, a spokesman of the TRC said.

Source: Government News Portal