Pages

Showing posts with label Features. Show all posts
Showing posts with label Features. Show all posts

Wednesday, September 02, 2020

දිව ඔසු­වකි කර­පිංචා

කරපිංචා ආහාර සකස් කිරීමේදී නැතිවම බැරි, ආයුර්වේදයේ බහුලවම දක්වා ඇති ප්‍රධාන, ස්වාභාවික රසකාරකයකි. එය, ඉහළ ඖෂධීය හා පෝෂණීය වටිනාකමකින්ද අනූන ය. රෝග රැසක් නිවාරණයට ද ගුණදායක ය.

• ඉතිහාසයේ සිටම ශරීරගත අනවශ්‍ය මේද පාලනයට සුදුසු කරපිංචාවල අඩංගු Flavonoids හා කෙඳි නිසා රුධිරයේ LDL/ අහිතකර කොලෙස්ටරෝල් පාලනය කරන බව නවීන විද්‍යාත්මක පරීක්ෂණ මඟින් තහවුරු කර ඇත.

• කෙඳි අන්තර්ගත නිසා කොලෙස්ටරෝල් අවශෝෂණය අඩු කරන බැවින් හෘද රෝගීන්ට මෙය දිව ඔසුවකි.

• යකඩ සැලකිය යුතු ප්‍රමාණයක් ද අඩංගු ය.

• විටමින් A හා C හි ඇති ඔක්සිකාරක ගුණ නිසා ශරීරයට ඇතුළුවන වස විෂ ද, දියවැඩියා රෝගීන්ගේ රුධිරගත ග්ලූකෝස් මට්ටම ද පාලනය කිරීමේ හැකියාවකින් යුක්තය. (නමුත් ඒ ගුණ ඒ ආකාරයෙන්ම ලබාගත හැකි වනුයේ කරපිංචා අමුවෙන් ආහාරයට ගැනීමෙනි. වියළීමේදී එම විටමින් විනාශ වී යා හැක)

• පිළිකා සෛල නැසීමේ ගුණය ඇත.

• ප්‍රතිඔක්සිකාරක ගුණය නිසා වයසට යාම වළක්වයි.

• කරපිංචා ආහාරයට එක්කර ගැනීම මඟින් ඇස් පෙනීමේ හැකියාව වර්ධනය කරන අතර, හෘදයේ ක්‍රියාකාරීත්වය ‍මනාව සිදුකරයි.

• ශරීරයට ඇතුළුවන නොයෙකුත් විෂබීජ සමඟ සටන් කිරීම නිසා නොයෙකුත් ආසාදනවලින් සිරුර ආරක්ෂා කරයි.

• කරපිංචාවල වඩාත් අන්තර්ගත විටමින් A, B, C, E හා Ca මඟින් හිසකෙස් හා සම නීරෝගී කරවයි.

• කරපිංචා කොළ දහයක් පමණ දිනපතා හොඳින් සපා කා වතුර වීදුරුවක් පානය කිරීම මඟින් ඇස් පෙනීම වර්ධනය වන බව තහවුරු වී තිබේ.

• කරපිංචාවල විෂහරණ ගුණය ප්‍රධානව පවතින නිසා විෂ සංඝටක රුධිරයෙන් ඉවත්කර මල හා මුත්‍රා සමඟ පහකිරීමට දායක වේ.

රෝග නිවාරණයට කරපිංචා

• දියවැඩියා රෝග පාලනයට හා අධිරුධිර පීඩනය අඩුකර ගැනීමට දිනපතා උදෑසන කරපිංචා කොළ 10 ක් මාස 3 ක් නොකඩවා ආහාරයට ගැනීමෙන් රුධිරගත සීනි මට්ටම බොහෝදුරට අඩුකරගත හැකි බව ප්‍රායෝගිකව ඔප්පු කර ඇත. දියවැඩියා රෝගීන්ගේ අධික තරබාරුව ද මින් පාලනය කරගත හැක. මින් කාබෝහයිඩ්‍රේට් පරිවෘත්තිය පාලනය කරන අතරම අග්න්‍යාශය මඟින් ඉන්සියුලින් හෝමෝනය ස්‍රාවය වීම උත්තේජනය ද සිදුකරයි.

• කරපිංචා කොළ කොටා යුෂ මඟින් තෙල් සිඳ හිස ගැල්වීමෙන් හිසකෙස් මූලය ශක්තිමත් කිරීම හා හිසකෙස්වලට අවශ්‍ය පෝෂණය ද ලබා දෙයි.

• ගර්භනී කාන්තාවන්ගේ ඔක්කාර ගති, වමනය හා විවිධ අපහසුතා සඳහා කරපිංචා කොළ යුෂ මඟින් ලැබෙනුයේ ඉතා සහනයකි.

• තුවාල සුව වීමට කැපීම්, සීරීම් වැනි තුවාලවලට කරපිංචා කොළ කොටා තැබීම මඟින් සුවවීම ඉක්මන් කරයි.

• සර්ප විෂට

කොළ කොටා යුෂ මිරිකා පානය කිරීම මඟින් සර්ප විෂ ගතිය අඩුකර, ඇතිවන අතුරු උපද්‍රව පහ කරයි.

කොළ, පොතු, මුල් ස්වල්පය බැගින් ගෙන අමුකහ හා ලුණු ස්වල්පයක් බැගින් දමා කොටා, සර්පයා දෂ්ට කළ ස්ථානයේ බැඳීම හෝ කොටා මිරිකාගත් යුෂ කකාරා ගෑම ප්‍රතිකාරයයි.

• විවිද වූ සමේ රෝගවලට කරපිංචා කොළ එළකිරෙන් අඹරා ගෑම මඟින් කැසීම් හා ඉදිමුම් ගති පහව යයි.

• කරපිංචාවල Carbazole Alkaloid නම් රසායනිකය අඩංගු වන නිසා බැක්ටීරියා විනාශ කිරීමේ හැකියාව ඇත.

• කොලෙස්ටරෝල් අඩු කිරීමට ප්‍රත්‍යක්ෂ ඖෂධයක්

කරපිංචා මිටක්, සුදුලූනු බික් 5ක්, ගොරකා 10g ක්, කළුදුරු 10g ක් තලපයක් වන සේ අඹරා ප්‍රධාන ආහාර වේල් 3 සමඟ තේ හැන්දක ප්‍රමාණයක් එක්කර ගන්න. මෙය මාස 3 - 6 ක කාලයක් භාවිත කිරීමෙන් කොලෙස්ටරෝල් අවම කරගත හැක.

• පණු රෝග සඳහා

කරපිංචා නැටි හා කොළ කබලේ බැද, කුඩුකර, උතුරන වතුරෙන් කෝපි මෙන් වක්කර, පානය මඟින් ලොකු කුඩා කාගේත් පණු රෝග වළක්වාගත හැකිය.

කරපිංචා තේ සහ පානයේ ප්‍රයෝජන

සෝදා පිරිසුදු කරගත් කරපිංචා ඉති 3ක් පමණ බඳුනකට දමා, ලිප තබා වතුර කෝප්ප 2 ක් එකතු කරන්න. විනාඩි 10 ක් පමණ මඳ ගින්නේ රත්වෙන්න හරින්න. මෙය දිනපතා දවසට 2 වරක් දින 7 ක් පමණ පානය කරන්න. මෙයට දෙහි බිඳු 2 - 3 ක් ද මිශ්‍ර කිරීමට මතක තබාගන්න. (දින 7 කින් පසුව සතියකට දින 3ක් වශයෙන් මෙය භාවිත කරන්න) කරපිංචා තේ පානයෙන් අහිතකර කොලෙස්ටරෝල් අඩු කරයි. ශරීර උෂ්ණාධික බව අඩු කරයි. දද, කුෂ්ට, ආසාදනයන් දුරු කරයි. සම වර්ණවත් කරයි.

http://www.dinamina.lk/2020/02/24

Wednesday, August 19, 2020

මන්තී‍්‍ර පට්ටම හා වරප‍්‍රසාද

පාර්ලිමේන්තු මන්තී‍්‍ර ධුර සඳහා මේ වනවිට 223 දෙනෙකු පත්වී අවසන්ය. 225 ක් වන එහි නියම ප‍්‍රමාණය ඉදිරි දින කිහිපයේදී සම්පූර්ණ වනු ඇත.

මෙම සියලූ දෙනාටම පාර්ලිමේන්තුවේදී නිශ්්චිත වරප‍්‍රසාද ප‍්‍රමාණයකට අයිතිවාසිකම් හිමි වේ.

ඒ අතරින් ප‍්‍රධාන වශයෙන්ම ඉතාම ආකර්ෂණීය වනුයේ මන්තී‍්‍ර විශ‍්‍රාම වැටුප සහ වසර පහක් සඳහා හිමිවන තීරුබදු රහිත වාහන බලපත‍්‍රයයි. මෙම තීරුබදු රහිත බලපත‍්‍රය මන්තී‍්‍රවරුන් විසින් අන් අයෙකුට විකුණා දමා මුදල් කොට එමගින් ඊට අඩු වටිනාකමකින් යුතු එහෙත් සුඛෝපභෝගී වාහනයක් මිලදී ගැනීම සිදු කරනු ලබයි.

අලූතින් පත්වන මන්තී‍්‍රවරයකුට හිමිවන සුවිශේෂී වරප‍්‍රසාදය ලෙස මෙකී වාහන බලපත‍්‍රය හැඳින්විය හැකිය. එම බලපත‍්‍රය මගින් වාහනයක් මිලදී ගෙන එය විකිණීම හෝ බලපත‍්‍රයම විකිණීම තුළින් මන්තී‍්‍රවරයකුට රුපියල් ලක්‍ෂ 250 ක පමණ ශුද්ධ ලාභයක් ලබාගැනීමට හැකියාව තිබේ.

යම් මන්තී‍්‍රවරයකුට තමන්ටම කියා වාහනයක් මිලදී ගැනීමට වත්කමක් නොමැති යැයි කියන්නේ නම් ඒ සඳහා ණයක් ලබා දීමට ද පාර්ලිමේන්තුව සූදානම්ය.

පාර්ලිමේන්තුවට පත්වන සෑමදෙනාගේම ප‍්‍රමුඛතම අභිලාෂය මෙම වාහන බලපත‍්‍රය විකුණා ඡුන්දයට වියදම් වූ මුදල් යම් තරමකට හෝ පියවා ගැනීමටය. තම ඡුන්ද ව්‍යාපාරයට අයෙකු රුපියල් කෝටි දෙක තුන වියදම් කරනුයේ ද මෙම වාහන බලපත‍්‍රය ඔලූවේ තබාගෙනය.

වාහන බලපත‍්‍රය මෙන්ම වැදගත් අනෙක් ප‍්‍රතිලාභය වනුයේ මන්තී‍්‍රවරුන්ට හිමිවන මාසික වැටුපය. මන්තී‍්‍රවරයකුට හිමිවන වැටුප වනුයේ රුපියල් 54,285 කි. නියෝජ්‍ය ඇමැති තනතුරක් ලදහොත් වැටුප රුපියල් 63,500 ක් වේ. රාජ්‍ය සහ කැබිනට් ඇමැතිවරයකුට නම් එය රු. 65,000 ක් ය. අගමැතිවරයාට වැටුප රුපියල් 71,500 ක් ද කථානායකවරයාට රුපියල් 68,500 ක් ද වශයෙන් වැටුප සිය පුද්ගලික ගිණුමට බැරවේ.

එය එතැනින් නතර වන්නේ නැත. මෙකී වැටුපට අමතරව ඉන්ධන දීමනාවක්ද හිමිවේ. දිස්ති‍්‍රක්කය අනුව මෙහි වෙනසක් සිදුවේ. උදාහරණයක් ලෙස කොළඹ සිටින මන්තී‍්‍රවරයකුට වඩා යාපනයේ සිටින මන්තී‍්‍රවරයකුට මෙම දීමනාව වැඩි වේ.

ඒ පාර්ලිමේන්තුවට එම මන්තී‍්‍රවරයා තේරී පත්වූ දිස්ති‍්‍රක්කය සලකා බැලීමෙනි.

ඊටත් අමතරව රුපියල් 50,000 ක දුරකථන දීමනාවක්ද, රියැදුරු සහ සංග‍්‍රහ දීමනා වශයෙන් රුපියල් 4500 ක් ද ලැබෙනු ඇත. ඉන් නොනැවතී අපේ කතිර මනාපයෙන් පාර්ලිමේන්තු යන මන්තී‍්‍රවරයකුට පාර්ලිමේන්තු රැුස්වීම් දිනයක් සඳහා රුපියල් 2500 ක් හිමි වේ. සාමාන්‍යයෙන් පාර්ලිමේන්තුව මසකට සතියක් ඇර සතියක් බැගින් දින අටක් පුරාවට රැුස්වේ. එවිට 2500 ඒවා අටක් ලෙස රුපියල් 20,000 ක් සපයා ගැනීමේ අවස්ථාව ද හිමිවේ.

මන්තී‍්‍රවරයකුට කාර්යාලයක් පවත්වා ගැනීමේ දීමනාවක් ද ලබා දේ. එය රුපියල් ලක්‍ෂයකි. එම කාර්යාලයේ සේවය කිරීමට යම් මන්තී‍්‍රවරයකුට පෞද්ගලික කාර්ය මණ්ඩලය ලෙස හතර දෙනෙක් සඳහා ගෙවීමක් ද පාර්ලිමේන්තුව විසින් ලබාදේ.

ඔහු නියෝජ්‍ය ඇමැතිවරයකු නම් එකී කාර්ය මණ්ඩලය 10 ක් ද ඇමැතිවරයකු නම් 15 ක් ද වශයෙන් පවත්වාගත හැක. මෙලෙස පවත්වා ගෙන යන කාර්ය මණ්ඩලයේ සම්බන්ධීකරණ ලේකම්වරයාට පෙට‍්‍රල් ලීටර 218 ක් වෙනුවෙන් රුපියල් 17,440 ක් ද ඞීසල් වාහනයක් භාවිත කරන්නේ නම් ලීටර් 264 ක් සඳහා රුපියල් 13200 ක් ද හිමි වේ.

මන්තී‍්‍රවරුන් මෙම කාර්ය මණ්ඩලයේ වැටුප් ද තමාගේ ගිණුමටම බැර කර ගන්නා බවට ද විවිධ ආරංචි පවතී. ඒ නැතත් මෙකී තනතුරු සඳහා තම බිරිඳ, පුතා, දුව ආදී වශයෙන් ද පත් කර ගැනීම් සිදු වේ. ඔවුනට දුරකථන ගාස්තු ගෙවීමක්ද සිදු කෙරේ.

මෙලෙස හිමිවන සුපිරි වරප‍්‍රසාද අතරට මන්තී‍්‍රවරයකුට හිමිවන මන්තී‍්‍ර නිවාසයද ඇතුළත්ය. මන්තී‍්‍රවරුන් වෙනුවෙන් පාර්ලිමේන්තුවට නුදුරින් මාදිවෙල නිවාස සංකීර්ණයක් ස්ථාපිත කර තිබේ. ඒ සඳහා නිවාස කුලීී වශයෙන් අය කරනුයේ සුළු මුදලකි.

මේ අතර පාර්ලිමේන්තුවෙන් මන්තී‍්‍රවරුන්ට ලබාදෙන ආහාර වේල සම්බන්ධයෙන් ද සමාජයේ අවධානය යොමු වේ. ඒ අනුව මන්තී‍්‍රවරයකුට උදේ ආහාරය සහ දිවා ආහාරය වශයෙන් ඉතා ප‍්‍රනීීත ආහාර වේලක් රුපියල් 150 ක් වැනි සුළු මුදලකට ලබා ගැනීමේ හැකියාව පවතී.

ඊට අමතරව තේ වේල මෙන්ම කැඳ කෝප්පයක් ද අඩු මුදලකට ලබා ගැනීමේ හැකියාව ඇත. පාර්ලිමේන්තුවට තේරී පත්වන නව මන්තී‍්‍රවරයකුට ජංගම සහ ස්ථාවර දුරකථන වෙනුවෙන් මසකට රුපියල් 50,000 ක් හිමිවන අතර නිදහස් තැපැල් පහසුකම් ලෙස රුපියල් 350,000 ක වටිනාකමකට එම පහසුකම හිමිවේ.

මෙකී ආකාරයට නිල වශයෙන් ද නොනිල වශයෙන් ද මන්තී‍්‍රවරුන්ට විවිධ පහසුකම් ගලා ඒ. පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයකුට අලූත්ම ලැප්ටොප් පරිගණකයක්, ඡුායාපිටපත් යන්ත‍්‍රයක් මෙන්ම වෛi පහසුකම් වෙනුවෙන් ද පාර්ලිමේන්තුව මුදල් වියදම් කිරීමට සැදී පැහැදී සිටී. ඔවුන් වෙනුවෙන් පාර්ලිමේන්තුව තුළම වෛi මධ්‍යස්ථානයක් පිහිටා ඇත. අවශ්‍ය නම් ආයුර්වේද ප‍්‍රතිකාර ලබාගැනීමේ හැකියාවද පවතී. ශී‍්‍ර ජයවර්ධනපුර රෝහලේ නේවාසිකව ප‍්‍රතිකාර ලබා ගැනීමටද මන්තී‍්‍රවරුන්ට හැකියාව පවතී.

ඊට අමතරව මන්තී‍්‍රවරයකු පාර්ලිමේන්තුවේ පවතින විවිධ කාරක සභාවන් සඳහා පාර්ලිමේන්තු රැුස්වීම් නොවන දිනයන්හිදී සහභාගි වන්නේ නම් ඒ සඳහා රුපියල් 2500 ක් වශයෙන් ගෙවනු ලබයි.

මන්තී‍්‍රවරුන්ට විටින් විට විදේශ සංචාර ද හිමි වේ. ඒ සඳහා ද පාර්ලිමේන්තුව යම් ගෙවීමක් සිදු කරනු ලබයි. ඇමැතිවරයකු නම් ඒ සඳහා ඔහුට වෙනම මුදලක් හිමි වේ. එයද අමතර වශයෙන් ඉපැයීමකි.

එසේම මන්තී‍්‍රවරයාට තම ¥ දරුවන් කොළඹ පිහිටි ප‍්‍රසිද්ධ පාසල් වෙත ඇතුළත් කර ගැනීමේ සුපිරි අවස්ථාවක් හිමිය. මේ ආකාරයට මන්තී‍්‍රවරු සුවිශේෂී ප‍්‍රතිලාභ ලබමින් වසර පහක කාලයක් පාර්ලිමේන්තු මන්තී‍්‍ර ධුරය දරනු ලැබුවහොත් ඔහුට හෝ ඇයට විශ‍්‍රාම වැටුපක් හිමි වේ.

මන්තී‍්‍රවරයාට හිමි වන වැටුපෙන් තුනෙන් එකක් මෙන්ම පසුගිය පාර්ලිමේන්තුව විසින් ඔවුන් සඳහා අතිරේක වශයෙන් රුපියල් 25000 ක දීමනාවක් සම්මත කර දුන් බව හිටපු මන්තී‍්‍රවරයකු මෙම ලියුම්කරුට පැවසීය.

යම් හෙයකින් එම මන්තී‍්‍රවරයා මියගිය විට එම විශ‍්‍රාම වැටුප ඔහුගේ බිරිඳට ද බිරිඳ මිය ගියහොත් වයස අවුරුදු 21 කට අඩු දරුවනට එම විශ‍්‍රාම වැටුප හිමි වේ. යම් හෙයකින් එවැනි දරුවකු ශාරීරික හෝ මානසික වශයෙන් දුබල යැයි වෛiවරු නිර්දේශ කරන්නේ නම් එම දරුවාට ජීවිත කාලයටම එම වැටුප හිමි වේ.

මෙකී නොකී සියලූම දේවල්වලට වඩා මන්තී‍්‍රවරයකුට ලැබෙන සමාජ ගරුත්වය අති මහත් ය. මන්තී‍්‍රවරයකු ආණ්ඩු පක්‍ෂය නියෝජනය කරන්නේ නම් ඔහුට ලැබෙන ප‍්‍රතිලාභ අවස්ථා විපක්‍ෂ මන්තී‍්‍රවරයකුට සාපේක්‍ෂව ඉහළ වේ.

කවුරු කොහොම සිතුවත් මෙම ප‍්‍රතිලාභ ලබා ගනිමින් තම පවුල ද ගොඩ දාගන්නා ක‍්‍රම සහ විධි ඔවුන්ට නිතැතින්ම ගලා ඒ. ඒවා නියම ආකාරයට කළමනාකරණය කර ගනිමින් සුව පහසු ජීවිත ගත කිරීමට මන්තී‍්‍රවරුන් බහුතරය උත්සුක වේ. ඒ අතර සාමාන්‍ය දිවි පෙවෙතක් ගෙවමින් මහජන සේවාවන්ට මුල්තැන දෙන අතළොස්සක් වූ මන්තී‍්‍රවරුද මෙහි සිටින බව කිව යුතුය.

කෙසේ වෙතත් පාර්ලිමේන්තු මන්තී‍්‍ර ධුරය යනු ස්වීප් එකක් ඇදුණා වැනි වැඩක් ය. ගෞරවය, මුදල්, විවිධ, අවස්ථා, සැප පහසුකම් ගොන්නක් මන්තී‍්‍රවරුන්ට නිතැතින්ම හිමි වේ.

මෙලෙස සැපවිඳිමින් මන්තී‍්‍රවරයකු හදිසියේ මිය ගියහොත් ඔහු වෙනුවෙන් පවුලේ අයට රුපියල් ලක්‍ෂ 50 ක වන්දි මුදලක් ද හිමි වේ.

මේ ආකාරයට වැටුප් දීමනා විවිධ පහසුකම් සහ නඩත්තු කටයුතු, සේවක මණ්ඩලය ආදි වශයෙන් පසුගිය වසරේ (2019* දී පාර්ලිමේන්තුව රුපියල් බිලියන 2.82 ක් පමණ වියදම් කර තිබෙන බවද මහජනතාව මතකයේ තබාගත යුතුව ඇත.

අකිත පෙරේරා - දිවයින

Wednesday, July 15, 2020

නැන්දම්මා සමග විසීම


නැන්දම්මා හා ලේලියගේ ගැටුම පවතින්නෙ අද ඊයෙක පටන් නොමෙයිනේ. නැන්දම්මා ලේලි ගැටුම් දුර දිග යෑම නිසා පවුල් පවා කඩා කප්පල් වූ අවස්ථා ඇත. ඇත්තටම නැන්දම්මා කියන්නේ එක් අතකින් ගත් කල විවාහයෙන් පසු තවත් අම්මා කෙනෙකු හමු වීමය. නැන්දම්මා ලේලි හබය කීවාට හිතන්නකො අපි අපේ අම්මා එක්කම කොයි තරම් නොහොඳ නෝකාඩුකම් ඇති කර ගන්නවද කියලා. ඒත් අපි ඒ තරම් ඒ දේවල් හිතට ගන්නෙ නැහැ. මොකද ඒ අපේම අම්මනේ. ඒත් නැන්දම්මා සමග නම් එහෙම නෙමෙයි. ඇගේ මුවින් ගිලිහුණ පොඩි වචනයක් පවා අපේ හිත රිද්දලා අවුරුදු ගණන් අපේ හිතේ සනිටුහන් කරගන්නවා. ඇත්තටම නැන්දම්මා කියන්නෙත් පෘථග්ජන මනුස්සයෙක්නෙ. හිතන්නකො දස මාසයක් කුසේ තියාගෙන මේ ලෝකෙට බිහි කරලා පරිස්සමට රැක බලා ගත්ත තමන්ගෙ පුතා තවත් කෙනෙකුට ආදරය කරද්දි ලං වෙද්දි දුකක් ඉරිසියාවක් හිතෙන එක අසාමාන්‍ය දෙයක්ද කියලා. හොඳම දෙය නැන්දම්මා ඉදිරියේ එයාගේ පුතා එක්ක ඕනෑවට වඩා ලෙංගතු නොවී හැසිරෙන එකයි. අනිත් එක ඉස්සර වගේම අම්මට ආදරෙන් ඉන්න තමන්ගේ සැමියවත් පොළඹවන්න. තමන්ට පුතාගේ ආදරේ වෙනසක් නැතිව ලැබෙන කොට අපි ගැන නැන්දම්මා අහිතක් හිතන එකක් නැහැ.හැබැයි නැන්දම්මත් හිතනවනම් මේ මගේම දරුවෙක් කියලා ගැටුම් ඇති වන්න තියෙන ඉඩ කඩ අඩු වේවි. 

නැන්දම්මා ලේලිය ආරවුල පටන් ගන්නෙ කුස්සියෙන්නේ අන්න ඒ නිසා අපි ටිකක් සුක්ෂම වෙන්න ඕනී. ඒත් එක්කම ඇය කැමති ආහාර හඳුනා ගන්නත් උත්සහ කරන්න. 

“අද වටිටක්කා හදනවා ” 

කියනවා වෙනුවට 

” අම්මේ අද වටිටක්කා හදමුද? ” කියලා අහන්න පුලුවන්. 

ඒ මොකද දන්නවද? තනි තීරණ ගන්නවට, අණ දෙනවට නැන්දම්මලාගෙ කැමැත්තක් නැති නිසා. අපි වුණත් අණ දෙනවට අකමැතියිනේ. ඒත් පවුල ඉදිරියට ගෙන යාමත් සතුට රැඳවීමත් තියෙන්නෙ අපේ අතේ. ඉවසීමෙන් සැනසීම ලැබේ කියලත් කියනවනේ. 

බොහෝ වෙලාවට නැන්දම්මාගෙ පිළිවෙල නැති වුණත් එයාලා අපේ පිළිවෙල නම් තිතටම බලාපොරොත්තු වන බව අමතක කරන්න එපා.කොහොම වුණත් පුංචි පුංචි මත ගැටුම් ඇති නොවුණොත් නම් පුදුමයක්. සැමියාට ඔහුගේ මව පිළිබඳ වැරදි කීම නම් ඒ තරම් හොඳ දෙයක් නෙමේ. ඔබ කොයි තරම් නිවැරදි වුණත් නිතරම මව පිළිබඳ වැරදි අසන විට ඔබේ සැමියාටත් එය වදයක් සේම ඔබ පිළිබඳ ඇති පැහැදීම පලුදු වන්නට ඉඩ ඇත. 

වයසට යාමත් සමගම අපි කවුරුත් සිතින් මෙන්ම ගතින්ද දුර්වලය. එකට ජීවත් වන විට නැන්දම්මාගේ සැප දුක බලන්නට අමතක නොකරන්න. ඇයත් ඔබේ මව මෙන්මය. වෙන් වෙන්ව ජීවත් වනවා නම් දවසට වරක් හෝ ඇමතුමක් ලබා දී ඇයගේ දුක සැප විමසන්න. එය ඇයට සතුටක් වනු ඇත. අසනීප වූ විටම ඔබ ඇයත් සමග වෛද්‍යවරයා වෙත යන්න. ඇය ඔබේ සිත රිද්දුවද ඇයගේ සිත නොරිද්දා ඉන්නට උත්සහ කරන්න. 

ඇය සමග දොඩමලු වන්න. ඇය ඔබට වඩා ජීවිතයේ අත්දැකීම් අතින් පොහොසත්ය. ඔබට විසඳාගත නොහැකි ගැටලුවකට ඇය ළඟ පිළිතුරු තිබිය හැකිය. ඇයගේ ළමා කාලය තරුණ අවදිය විවාහා ජිවිතය පිළිබඳ අසන්න. ඇය ඒ අතීතය ඔබ සමග ආවර්ජනය කරන අතර ඔබ දෙදෙනාගේ සබඳතාවයද ශක්තිමත් වනු ඇත. 

By දිශාන්ති වෙදගේ

Tuesday, July 14, 2020

කොවිඩ්-19 එසේත් නැත්නම් කොරෝනා වෛරස් රෝගය 2019


කොවිඩ් 19 දශක කිහිපයක් පැවතෙනු ඇතැයි ...

වැඩි විස්තර දැන ගැනීම සඳහා මේතැනින් පිවිසෙන්න -  කොවිඩ්-19

Tuesday, October 01, 2019

ලෝක ළමා දිනය බිහිවුණේ මෙන්න මෙහෙමලු

ලෝක ළමා දිනය සහ ලෝක වැඩිහිටි දිනය ඔක්තෝබර් මාසයේ පළමු වැනි දිනට යෙදී තිබෙනවා. අද දරුවා හෙට ලෝකයේ නායකයා බවට පත් වෙන නිසාම දරුවා සුවිශේෂී බව අවිවාදයෙන්ම පිලිගන්නවා.

දරුවා ගැන දාර්ශනික අදහස් :

ඒබ්‍රහම් ලින්කන් ජනාධිපතිතුමා වරක් කියා සිටියේ දරුවා යනු වැඩිහිටියන්ගේ කුඩා කරන ලද ආකෘතියක් නොවන බවයි.දරුවාගේ මනස සුදු පැහැති කඩදාසියක් වැනියි. මුල් කාලයේදී එය ඉතා පිරිසිදුයි. මෙහි මුල්ම සටහන තබන්නේ මව , පියා සහ සහෝදර සහෝදරියන් විසින්ය.රුසියාවේ ‍නායක ලෙනින් කියා සිටියේ දරුවන්ට දිය යුත්තේ හොදම දෙය බවයි. චීනයේ මාවෝ සේතුං කියා සිටින්නේ ලෝකයේ උත්තම චරිතය දරුවා බවයි.

ලෝක ළමා දිනය ආරම්භ වුනේ කොහොමද…..?

1954 වසරේ ළමා අයිතිවාසිකම් පිලිබඳ ප්‍රකාශය වෙනුවෙන් රටවල් 13 ක් අත්සන් කළ අතර මහා මණ්ඩලය විසින් විශ්ව ළමා දිනයක් ප්‍රකාශයට පත් කරන ලෙස සාමාජික රටවලින් ඉල්ලා සිටියා. මේ සඳහා නොවැම්බර් 20 වැනි දින තෝරා ගත් අතර තම රටවල් වෙනුවෙන් ගැලපෙන දිනයක් තෝරා ගැනීමට අවසර ලබා දෙන ලදී.හැම රටකම ඔක්තෝබර් පළමුවැනි දිනයම තෝරා ගන්නේ නැහැ.


රොමේනියාවේ ජාත්‍යන්තර ළමා දිනය සමරන්නේ ජූනි මාසයේ පළමු වැනි දිනටයි. එදිනට මෙම රටේ දරුවන්ට නොමිලයේ සත්වෝද්‍යානයට ඇතුලු වී විනෝද වෙන්න පුලුවන්. ආර්ජන්ටිනාව අගෝස්තු මාසයේ දෙවැනි ඉරිදා දිනය ළමා දිනය සමරන්න යොදා ගෙන තිබෙනවා.බ්‍රසිලය ඔක්තෝබර් 12 වැනි දිනත් කැමරන් රාජ්‍යය සහ කොංගෝ රාජ්‍යය දෙසැම්බර් 25 වැනි දින ළමා දිනය සමරනු ලබනවා. ඉන්දියාව මේ සඳහා තෝරා ගන්නේ ජවහල්ලාල් නේරු තුමාගේ ජන්ම දිනය යෙදී තිබෙන නොවැම්බර් 20 වැනි දිනයි. පකිස්ථානයත් මේ දිනයම තෝරා ගත් අතර ඊශ්‍රායලය ඔක්තෝබර් 19 වැනි දින ළමයින් වෙනුවෙන් තෝරා ගත්තා.

ළමා දිනය වැදගත් ඇයි ?….

දරුවා යනු සුවිශේෂී චරිතයක් නිසාත් ඔවුන් මුල් කර ගෙන වර්තමානයේ ලබා දෙන ආදරය, රැකවරනය අනාගතයේදී පූර්ණ පෞරෂයකින් යුක්ත දරුවෙක් නිර්මානය කිරීමට වැදගත් වෙනවා. ඒ නිසාම ළමා දිනය මුල් කර ගෙන අපි දරුවා ගැන බොහෝ දේ කතා බහ කරමින් කතිකාවත් ගොඩ නගනවා. මේ කතිකාවත තුලින් අපි දරුවාට විය යුතු ආරක්ෂාව සහ රැකවරනයේ පසුබිම තේරුම් ගන්නවා.

දරුවා මුල් කර ගත් සමාජ කතිකාවත ගොඩ නැගිය යුත්තේ ඇයි….?

දරුවා යනු සමාජ ජීවියෙක්. ඔහු හෝ ඇය තව වසර කීපයකින් සමාජයේ වගකීම ලබා ගත් චිතයක්. එබැවින් ඔවුන් මුල් කර ගෙන ගොඩ නැගිය යුතු පෞරෂ ලක්ෂණ කීපයක් තිබෙනවා. දරුවා ස්වාධීන විය යුතුයි. තීරණ ගැනීමේ හැකියාව වගේම අන්‍ය අදහස් ගරු කරන ඒ වෙනුවෙන් සවන් දෙන තැනැත්තෙක් වීම අවශ්‍යයි. යුතුකම් ඉටු කිරීමට වගේම සමාජ නීති රීති සහ ආචාර ධර්මයන් තුළ හැසිරෙන අන්දම තේරුම් දීම අවශ්‍යයි.
ළමා පරපුර සහ වැඩිහිටි පරපුර අතර ඇති හිදැස ගොඩ නැගෙන්නේ ඇයි ?….

පරම්පරා අතර ඇති ගැටුම

අද බොහෝ වැඩිහිටියන්ට තමන්ගේ දරුවන්ටත් වඩා මුනුපුරන් නිසා ඇති වෙන ගැහැට දරා ගැනීමටත් අපහසුයි. එදා දරුවන් සමග මව්පියන් එක නිවසක් තුළ කාලය ගත කළා. අදහස් උදහස් අතර පැහැදිලි වෙනස්කම් ඇති වුනේ නැහැ. අද තත්වය ඊට වෙනස්. මේවා වැඩිහිටියන්ට නොගැලපීම නිසා ඇති වෙන ගැටුම බොහෝ දුර යා හැකියි. මේ නිසා වැඩිහිටියන් නිරන්තරව තම දෙවැනි පරම්පරාව දෙස නොරිස්සුම් සහගතව සිතීම නොදැනම ගැටුමක් ගැටුමක් වෙනුවෙන් මුල පුරනවා. ඔවුන් කියන්නේ අත්තම්මා , සීයා යනු කෝපි කාලයේ චරිත බවයි.

වැඩිහිටියා අවලංගු කාසියක් වීම

එදා පවුල මුල් කරගෙන දැවැන්ත වගකීම් සම්භාරයක් අද ජීවිතයේ සැදෑ සමය ගෙවන වැඩිහිටියන් සතු විය. එදා ඔවුන් ඉතා යහපත් පරිදි ගත් තීන්දු තිරණ නිසා අත දරුවන්ගේ ජීවිතය බෙහෙවින් ආලෝකමත් වී ඇත. ජීවිතය තුලින් ඔවුන් උපයා ගත් දේ බොහෝය. එම අත්දැකීම් පාදක කර ගෙන දරුවන්ගේ ජීවිතයට මග පෙන්වීම ලබා දිය හැකිය. එහෙත් අද ඔවුන් අවලංගු කාසියක් බවට පත්ව ඇත. ඔවුන්ගේ අදහස් පිලිබඳව කිසිදු ඇගයීමක් නැත. දරුවන් විසින් තමාට ලබා දෙන ‍නොවැදගත්කම නිසා අනේ මටත් ගිය කලක් යනුවෙන් වූ කම්පනය වැඩිහිටියන්ට දැනෙනු ඇත.

පුංචි පවුල රත්තරන්

පවුලක් කී විට එදා දරුවන් හය හත් දෙනෙක් සිටියා. මේ නිසා දරුවන්ගෙන් කවරෙක් හෝ මව්පියන් ආරක්ෂා කළ අතර ඔවුන්ගේ යුතුකම් නොපිරිහෙලා ඉටු කළා. අද පවුලක සිටින්නේ දරුවෙක් හෝ දෙදෙනෙක් පමනි. අද ඔවුන් ගම හැර නගරයට සංක්‍රමනය කිරීමත් සමග දෙමව්පියන් මහගෙදර තනි වෙනු ඇත. ඔවුන් රැකබලා ගැනීමට කිසිවෙක් නොවන නිසා අද වැඩිහිටියන්ගේ සමාජගත ගැටලු බෙහෙවින් උග්‍ර තත්වයට පත්ව ඇත.

දෙමව්පියන් නඩත්තුව බරක් වීම

දරුවන්ට බාල කාලයේදි ඔවුන්ට අවශ්‍ය ආහාරපාන, ඇදුම් පැළඳුම් ලබා දීමට මව්පියන් උපරිමයෙන් උත්සහ දරනු ඇත. ආර්ථික ප්‍රශ්න ඉදිරියේ පවා දරුවන්ගේ බත්පත වැරදුවේ නැත. ඒත් අද දරුවන් විසින් මව්පියන්ගේ ආහාරපාන ගැන නොව වෙහෙසෙන්නේ තමාගේ දරුවන් වෙනුවෙන් වූ ආහාරපාන ගැනමය. දරුවන්ට ගැලපෙන දෙය මිස වැඩිහිටියන්ට ගැලපෙන දෙයක් ගැන සිතීමක් මෙන්ම තැකීමක් නැත. මේ නිසා තමන්ගේම දරුවන් වෙතින් අවතැන් වෙන මව්පියන්ගේ ශෝචනීය ඉරණම ගැන සිතන්නට කාලය එළැඹ ඇත. පූර්ණ පෞරෂයකින් යුක්ත දරුවෙක් නිර්මානය කිරීම වැඩිහිටියන් මහත් සේ කැපවීමකින් කරන කටයුත්තක් වේ. ඒ නිසා දරුවන්ද පෙරලා ඔවුන් වෙනුවෙන් හදවතින් බැඳීමක් ගොඩ නගා ගැනීම ඉතා වැදගත්.මෙම අන්තර් සම්බන්ධතාවය නිසි පරිදි සිද්ධ වන්නේ නම් දරුවා සහ වැඩිහිටියන් යන සංකල්ප එකම කාසියක දෙපැත්ත සේ ජීවිතයට සම්බන්ධ පුද්ගලයන් බවට නොදැනීම පත් වෙනු ඇත.

උපුටා ගැනීම - parenting.lk

Tuesday, September 10, 2019

මරදානේ වරුවක්


දැන් ඉර අවරට ගොස් රාත්‍රිය උදා වෙමින් මුළු නගරයම විවිධාකාර පීඩාවන් විදගනිමින් නේක වර්ණ විදුලි බුබුළු වලින් දහල් කාලයේ පැවති අවලස්සන නැති කරමින් මේ නගරය විවිධ පාටින් වර්ණ ගන්වා ඇත. මරදානට ඉහල අහසේ ඉතා නොබෝ දිනකින් පිපෙන්නට වෙර දරන නෙළුම් කුළුන දෙස බලාගෙන මමත් ලකී අයියත් විවිධ වු දෙවල් කථා කරමින් මේ අහස යට එදිනෙදා අපි විදින විදවමින් සිටින සමාජ, ආර්ථික හා දේශපාලන අත්දැකීම් බෙදා ගනිමින් මරදාන අහස යටද සිදුවන බොහෝ දේ සම්බන්ධයෙන් සාම්ප්‍රධායිකත්වයෙන් ඔබ්බට ගිය සල්ලාපයක නිතරවීමට හිතාගෙන මරදාන ගුවන් පාලම උඩට ගොඩවීමු.

දැන් පරිසරය ඉතා සාමකාමී වී ඇත. දවසේ කටයුතු නිමාකර කඩ සාප්පුවල දොරවල් අඩක් වැසී ඉතිරි අඩත් වැසීමට ආසන්නය. දැන් මේ නගරය නින්දට සැරසුනත්, මේ රාත්‍රීකාලයේ අප සිටින මේ ඉසව්ව තවත් නිසොල්මනේ කෙරෙන කටයුක්තකට අර අදිමින් සිටින බවක් දැනේ.


මම මරදානට ඇවිත් අවුරුදු හතක් වුනත්, ලකී අයියා ඉපදිලා තියෙන්නේ මරදානේ. ඔහු මරදාන ගැන බොහෝ දෑ දනී. ලකී අයියට මේ නගරයේ සාමාජ සංස්කෘතිය හා බැදුනු සංසිද්ධීන් සම්බන්ධයෙන් තියන අවබෝධය ගැන මටනන් හිතෙන්නේ, ඔහු මේ නගරයට විශ්වවිද්‍යාලයක් කියල. ඔහු ඒතරමට ම මරදාන සම්බන්ධයෙන් සංවේදීයි.

ලකී අයියගේ දෛනික රාජකාරිය මේ නගරයට එන යන අය පරිස්සමට ඔවුන් අවශ්‍ය තැනට ත්‍රීවීල් එකෙන් සාධාරණ ගණකට ගෙනියන එක ඔහු ඒ කටයුත්ත හරියටම කරනව කියල මට හිතෙනව. ඔහු ගැන හා ඔහුගේ අත්දැකීම් සම්භාරය ගැන තියෙන්නේ වෙනමම කතාවක්, කොහොම වුනත් ලකී අයිය තමන්ගේ වැඩේ අවංකවම කරන අතලොස්සක් මිනිස්සුන්ගෙන් එක්කෙනෙක්. මිනිස්සුන්ට දැනෙන්නේ නැතිවෙන්න ගෞරව කරන්න ආදරය කරන්න පුළුවන් සුන්දර මිනිහෙක්.

දැන වේලාව සවස 1.30 යි වරුවක නිවාඩුවක් අරගෙන වරුවක් මරදානේ කරක් ගහන්න හිතාගෙන කාර්යාලයෙන් එලියට බැස්ස මට මඟදී ලකී අයිය හමුවෙනව ඒත් තව ටිකක් හවස්වෙලා හමුවෙන බලාපොරොත්තුවෙන් තාවකාලිකව මම ලකී අයියගෙන් සමුගන්නව. දැන් මම මරදානේ ෆෘට් සිටිය ගාවින් කොයි පැත්තට යන්නද කියල හිතන කොටම කොළු පැටව් කීප දෙනෙක් පේමට් එක දිගේ මරදාන ස්ටේෂන් එක පැත්තට හනි හනිහකට යනව. දැන් ෆෘට් සිටි එක ලඟ පාරත් හරි කලබලයි. දැන් එතනත් කලර් ලයිට් හයිකරල. පාර දෙපැත්තේ තිබුණ ගස් කපල පාර පළල් කරල දැන් මේ කොන්ක්‍රීට් නගරේ හරි රස්නෙයි. කොහොමින් කොහොම හරි මම හැරෙනව ආනන්දේ පැත්තට.

ආනන්ද විද්‍යාලය පැත්තට ඇවිද ගෙනයන මට ආනන්දේ ගැන ගොඩාත් දේවල් හිතට එනව. ඔය ආනන්ද විද්‍යාලය ආරම්භ කරල තියන දවස ඒ වෙලාවේ නිච්චියක් නැති වුනාට පස්සේ මම දැනගත්තා කර්නල් හෙන්රී ස්ටීල් ඕල්කට්තුමාගේ මුලිකත්වයෙන් 1886 නොවැම්බර් පළමු වැනිදා ආරම්භ වෙලා තියනව කියලා. අද වන විට විශාල දරුවන් ප්‍රමාණයකට අධ්‍යාපනය ලබාදෙන රටේ ජනප්‍රියම බෞද්ධ පාසල වන ආනන්ද විද්‍යාලය මේ රටේ ප්‍රමුඛතම පාසල් අතරින් එකක්. මෙවැනි පාසලක ඉගනීමට ලැබීමම දරුවෙකුට අභිමානයක්. කොහොම හරි කොළු පැටවුන්ගෙන් හොද හික්මීමක් වගේම ඒ හික්මීම අස්සෙන් පුංචි දඟකාර කමකුත් තියනව කියල මට හිතුනා.

දහවල් අව්රශ්මියත් පරිසරයේ උෂ්ණත්වයත් උපරිම තත්ත්වයකට ඇවිත් තියන වෙලාවේ මේ නගරේ හැම කෙනෙක්ම හරිම කඩිසරව එහෙට මෙහෙට යන ආකාරය හොදින් නිරීක්ෂණය කරමින්ම මරදාන ගැන ලකී අයිය කිවුව කථාවලට උදාහරණ මේ පරිසරයෙන්ම හොයමින් මරදාන ස්ටේෂන් එක පැත්තට ගාටන්න පටං ගන්නව.

අයි මෙච්චර මිනිස්සු මරදානට එන්නේ මරදානේ මොනවද ඔය හැටි තියෙන්නේ ටිකක් හොයල බලන්න හිතුන නිසා මම කෙලින්ම මරදානේ දුම්රිය ස්ථානාධිපතිතුමාගේ කාමරේ දොර ගාවින් නතර වුන මට හිතෙනව දැන් දුම්රිය ස්ථානාධිපතිතුමාගෙන් අහන්න ගොඩාක් දේවල් ඒත් එතුමා ඉතාමත් කාර්ය බහුලයි. නමුත් ඔහු ඉතා ඕනෑ කමින් මා දිහා බලලා හිනා වෙලා එතන තියෙන දුරකථනයට එන ඇමතුමකට පිළිතුරු දෙනව. ඒත් එක්කම අනෙක් පසින් තවත් නිලධාරියෙක් ශබ්ද විකාශන යන්ත්‍රයෙන් දුම්රිය සේවකයෙකු ස්ථානාධිපති කාර්යාලයට කැදවන වා. ටික වෙලාවකින් ස්ථානාධිපතිතුමා මට එයා ළඟට කතා කරනව. දැන් මම එතුමාගෙන් අහනව. අද උදේ මරදානේ දුම්රිය ස්ථානයෙන් කොච්චර මඟීන් සංඛ්‍යාවක් එලියට ගියාද කියල එතුමා කියනව ලක්ෂයක් විතර ගියා කියල මම නැවතත් අහන්ව උදේට කොච්චි කීයක් විතර මරදානේ නතර කරනවද කියල එතුමා කියනව 60 ක් විතර නතර කරනව කියල. මම ඊළඟට එතුමාගෙන් අහනව හවසට මඟීන් කොච්චර විතර දුම්රිය ස්ථානය ඇතුලට එනවද කියල. එතුම කියනව ලක්ෂ එක හමාරක් විතර එවන කියල. කොච්චිත් 50ක් විතර නතර කරනව කියලත් කියනව. මම බොහෝම ස්තූතියි කියල එතනින් එළියට එනව. එතකොට ඔය කොච්චියෙන් විතරයි බස්වලින්, පෞද්ගලික වාහන වලින් තව කොච්චර ජනතාවක් මරදානට එනව ඇත්ද?

දැන් මම කල්පනා කරන්නේ ඇයි මෙච්චර සෙනගත් මරදානට එන්නේ කියල. ඇත්තටම ඒකම වෙන්න ඇති මරදානේ තියන විශේෂත්වේ. විවිධ කටයුතු සඳහා දෛනිකව විශාල සංඛ්‍යාවක් මරදානට එන්න හේතුව ප්‍රධාන වශයෙන් ශ්‍රී ලංකා ජාතික රෝහල, ජාතික අක්ෂි රෝහල වගේම තවත් රජයේ ආයතන විශාල ප්‍රමාණයක් මරදාන අවට පිහිටා තිබීම මෙන්ම ප්‍රසිද්ධ පොත්පත් සමාගම්, මුද්‍රණ කටයුත් කරන ආයතන, වාහන අමතර කොටස් මෙන්ම විදේශයන්ට ශ්‍රමිකයන් යවන රැකියා ඒජන්සී වගේම ජනතාව අතර සැරිසරන මට දකින්නට ලැබෙන්නේ ඇතැම් අය පූජා බාණ්ඩ තිබෙන කඩවලට ගොඩවී අටපිරිකර හා තවත් ඒහා සම්බන්ධ බොහෝදේ සම්බන්ධයෙන් විමසන ඒ වගේම පූජා බාණ්ඩ කඩවලින් ද මරදානට සුවිශේෂ තැනක් හිමිවෙනව වගේම දානේදී පිරිතෙදී බෞද්ධ ජනතාව මරදාන අමතක කරන්නේ නෑ.

දැන් දරුවන් සියලු දෙනාම පාසල් නිමවී ගෙවල් දොරවල් වලට ගිහින් අවසන්ය. දැන් මරදාන තවත් භාරදුර කටයුත්තකට සුදානම් වෙමින් සිටී. මා හිතවත් ලකී අයියා ද බොහෝ සෙයින් කාර්ය බහුල වී ඇති සේයාවක් පෙනේ. බොහෝ විට මේ ලකී අයියලාගේ පීක් ටයිම් එක ද වියයුතුය.

දැන් මරදාන අශ්‍රිතව පිහිටා ඇති කාර්යාල වලින් ෂෝට් ලීව් හරි ෂේප් ලීව් අරගත්ත නෝනාවරුන් හා මහත්වරුන් එක්කෙනා දෙන්නා එකිනෙකා පරයමින් කඩි මුඩියේ දුම්රිය ස්ථානය වෙත හතර වටින්ම ඇදි එමින් සිටී. උදේ පාන්දරින් ගෙදරින් කොච්චියට ගොඩවී මරදානට ආපු ලක්ෂයකට ආසන්න ජනාතවක් නැවතත් ගෙවල් දොරවල් වලට රැගෙන යාමට දුම්රිය ස්ථානය ලහි ලහියේ සූදානම් වෙයි.

ඒ අතර විවිධ වර්ගයේ මඟීන් ඇත. විවිධ වෘතිකයන්, විශ්ව විද්‍යාල සිසුන්, දෙමාපියන්, වැඩිහිටියන් සහ තරුණ පෙන්වතුන් හා පෙන්වතියන් එකම දුම්රියේ එකම පෙට්ටියේ හැමදාම ගෙදර යන එකම කාර්යාලයේ අයගෙන් සැදුම්ලත් මහ විශාල ජනකායක් දැන් මා ඇස් මානයේ ඇත. ඒ අතර ගැට කපන්නන්ගෙන් ප්‍රවේසම් වෙන්න, දුම්රිය නැවැත්වීමට පෙර එයට නැගීමෙන් වළකින්න ආදී වශයෙන් විවිධ වු දැනුවත් කිරීම් වලද අඩුවක් නැත. ඒ අතර මඟීන්ගේ සුළු අතපසු වීමක් වුවද පසුම්බියට හො දුරකථනයට ඉව අල්ලමින් සිටින පිට් පොකට් කාරයින් නැතිනම් ගැටකපන්නන් ද දවස අවසානයේ සිය මෙහෙයුම සාර්ථකව අවසන් කර තවකෙනෙකුට දුකක් දී ඉතා සතුටින් අවසන් දුම්රියෙන් ගෙවල් දොරවල් බලා පිටත්ව යනු ඇත.

දැන් සවස 6.30 පසුවී ඇත. මේවන විට මරදාන සිය පුරවැසියන්ට භාරදී පිටතින් පැමිණි බොහෝ පිරිසක් මරදානෙන් ඈතට ගොස් ඇත. ඒත් මරදාන දුම්රිය ස්ථානය වැඩ අහවර කර නොමැත. දැන් මට නැවතත් ලකී අයියාගේ මඟ පෙන්වීම අවශ්‍යව ඇති බැවින් මම ඔහුට දුරකථන ඇමතුමක් ගත් නමුත් ඔහු පිටකොටුවට ගොස් ඇති බැවින් විනාඩි 10 කින් මා සිටින ස්ථානයට පැමිනෙන බව පවසමින් දුරකථනය විසන්ධි කල නිසා මා නැවතත් මරදාන පොලිස් ස්ථානය පැත්තට හැරී  බස් හෝල්ට් එක පසුකර වම් පැත්තට වෙන්න තියන ධවලගිරි හෝටල වෙත ගොස් ගතට දැනෙන අදික තෙහෙට්ටුව තේ කොප්පයකින් නිවාගත්තෙමි. ලකී අයියාගෙන් ලැබුණු ඇමතුමත් සමඟ ධවලගිරියෙන් එලියට එන මා කෙලින්ම ඔහුගේ ත්‍රී රෝදරියට ගොඩ වන අතර මේ කථාවේ දෙවන භාගය ආරම්භ කිරීමට ලකී අයියා සමඟ දැන් සේන්දු වෙන්නේ ටවර් හෝල් රඟහල දෙසටය.

ටවර් හෝල් රඟහල ගැන ලකී අයියට නම් ඇත්තේ දවස් ගානක් එක දිගට ලියාගෙන යාහැකි කතා ගොඩකි. නමුත් කෙටියෙන්ම ටවර් හොල් රඟහල මරදානට පමණක් නොව මුළු රටටම උරුම, ජාතික උරුමයක්. මරදාන පංචිකාවත්ත පාරේ පිහිටා ඇති ටවර් හෝල් ශ්‍රී ලාංකේය කලාකාමීත්වයේ අභිමානයයි. මෙය 1961 දෙසැම්බර් 06 දින ජාතික වීරයෙකු වශයෙන් ගෞරව බහුමානයට ලක්වන අනගාරික ධර්මපාලතුමා විසින් විවෘත කර ඇත. පණ්ඩුකාභය නැමති නුර්ති නාට්‍ය වේදිකා ගත කිරීමෙන් අරම්භ වන මෙරට නාට්‍ය වංශකථාව අද වන විට ස්වර්ණමය අවධීන් කිහිපයක් පසුකරමින් වර්තමානයේ නිහඩව පවතී. නමුත් අද දවසේද නාට්‍යයක් ප්‍රදර්ශනය වේ.

දැන් ඉර අවරට ගොස් රාත්‍රිය උදා වෙමින් මුළු නගරයම විවිධාකාර පීඩාවන් විදගනිමින් නේක වර්ණ විදුලි බුබුළු වලින් දහල් කාලයේ පැවති අවලස්සන නැති කරමින් මේ නගරය විවිධ පාටින් වර්ණ ගන්වා ඇත. මරදානට ඉහල අහසේ ඉතා නොබෝ දිනකින් පිපෙන්නට වෙර දරන නෙළුම් කුළුන දෙස බලාගෙන මමත් ලකී අයියත් විවිධ වු දෙවල් කථා කරමින් මේ අහස යට එදිනෙදා අපි විදින විදවමින් සිටින සමාජ, ආර්ථික හා දේශපාලන අත්දැකීම් බෙදා ගනිමින් මරදාන අහස යටද සිදුවන බොහෝ දේ සම්බන්ධයෙන් සාම්ප්‍රධායිකත්වයෙන් ඔබ්බට ගිය සල්ලාපයක නිතරවීමට හිතාගෙන මරදාන ගුවන් පාලම උඩට ගොඩවීමු.
දැන් පරිසරය ඉතා සාමකාමී වී ඇත. දවසේ කටයුතු නිමාකර කඩ සාප්පුවල දොරවල් අඩක් වැසී ඉතිරි අඩත් වැසීමට ආසන්නය. දැන් මේ නගරය නින්දට සැරසුනත්, මේ රාත්‍රීකාලයේ අප සිටින මේ ඉසව්ව තවත් නිසොල්මනේ කෙරෙන කටයුක්තකට අර අදිමින් සිටින බවක් දැනේ.

ලකී අයියා සමඟ බොහෝ දේ කතා කිරීමට ඇතත්, අප පසුකරමින් අප දෙස ඉතා ඕනෑ කමින් බලමින්, කිටිකිටියේ හිර වෙච්ච සායක් ඇදගත්, අවපැහැ ගැන්වුණූ බෑගයක් අතින් එල්ලා ගත්, කුඩයක්ද අතින් ගත් දෙතොල් ඕනෑවටත් වඩා පාටකර කිසිදු තිගැස්මක් පෙන්නුම් නොකරමින්ම විටක අපගේ දකුණූ පසටත් විටක වම් පසටත්, ඉතා උනන්දුවෙන් මිනිසුන් දෙස බලමින් ගමන්ගත් ඇයට කමලාවතී යැයි අන්වර්ත නාමයකින් මෙතැන් සිට ආමන්ත්‍රනය කරමු.

කමලාවතී ද ඇය වැන්නියන්ද මේ මරදාන කේන්ද්‍ර කරගනිමින් සිය සේවාව අවැසි පුද්ගලයන් වෙත නිත්‍යානුකූල නොවන ආකාරයෙන් නීතියේ ඇස් මද වෙලාවකට වසාදමා දවසේ ගාන සරිකර ගනී. මා ලකී අයියාගෙන් අභිසරු ලියන් සම්බන්ධයෙන් මා ඇසීමට බලාපොරොත්තුවෙන් සිටි ප්‍රශ්නය දැන් අසමි. නමුත් ඒ සම්බන්ධයෙන් ඔහුගේ අදහස අතිශයින්ම සාමාත්‍යය ‘මහත්තයා ඕක සමාන්‍ය දෙයක්නේ මේ නගරේ’ මේ වෙලාවට ඉතින් කවුරුත් මේ ගුවන් පාලම පාවිචිචි කරන්නේ නෑනේ ඔය ගෑනු තමයි මේ හරියේ ඉන්නේ අනික ඕක ලෝකේ පැරණිම වෘත්තිය ලු නේ, ඕක මේහේ විතරක් නොමෙයි හෑම නගරෙකම වගේ යසට කෙරෙනෙව නේ, ඔය ඉන්නේ වැඩකරල යන කොල්ලො අල්ල ගන්න නෙමෙයි. මැදිවියේ ඈයෝ තමයි ගොඩක් ඔව පස්සෙන් යන්නේ. අනිත් එක මහත්තයෝ ඔහොම ඇවිල්ල ඇවිද ඇවිද ඉන්න ඕන නෑනේ දැන් මෙයාලට හොද කස්ටම් බේස් එකක් තියනවනේ. ෆේන් එකෙන් තමයි සියලු දේ වෙන්නේ. එහෙමත් එකෙක් හොයා ගන්න බැරිවුනාම තමයි ඔය කමලාවතී වගේ ගෑණු පාරට බහින්නේ. ලකී අයිය ගානක් නැතුව කියාගෙන යනව. කිවුව සමහර ඒවා ගොඩාක් අමු නිසා මම නොලියම ඉන්න තීරණය කරනව.

ඉතින් තව ටිකකින් ටවර් හෝල් එකේ නාට්‍ය ඉවර වේවි. දැන්නම් අප සිටින ඉසව්ව හරිම නිශ්කලංකයි. නාට්‍ය ඉවර වෙනකම් ඉන්න තිබුණ අදහස මම වෙනස් කර ගන්නව, කොන්දේසි විරහිතව. මොකද දැන් මගේ කුතුහලය නැති වෙලා ගිහින් නිසා. දැන් මට හිතෙනව මාතර බත් කඩෙන් රෑට කාලා බොඩින් කාමරයට යන්න. කමලාවතී ඇයට සාධාරණ ගානක් ගෙවන කවුරුන් හෝ සමඟ පංචිකාවත්ත පැත්තට හරි ටී.බී.ජයා මාවත දීගේ හරි බොරැල්ල පැත්තට හරි එහෙමත් නැත්තන් පිටකොටුව පැත්තට හරි යයි. අද වරුව වගේම හෙට දවසෙත් හවස් වරුව මේ වගේම වෙයි. කමලාවතීලත් දෛනිකව ගුවන් පාලම උඩඩට හරි යටට හරි ඒවී. ටවර් හෝල් රඟහල හෙටත් නාට්‍ය රඟදක්වයි. මේ වරුව මරදාන අහසයට මට දුන්න අත්දෑකීම ඔබත් මනසින් විදගනීවී.

ඇත්තෙන්ම මරදාන ප්‍රඥාවෙන් ආනන්දයටත් ඉන් අනතුරුව අනුරාගයටත් මනසින් කැන්දාගෙන යන මිහිමත අපූරු නවා තැනක්. හෙට දවස මෙ පොළව මත බොහෝ සුන්දර මහා ප්‍රතාපවත් මිනිසුන් බිහිවනු ඇත. ඉතින් දවසක නැවත හමු වෙමු.

රංජිත් කපුගේ

Wednesday, December 14, 2016

HOW TO CHOOSE HAPPINESS

This is an article from Turning Points, a magazine that explores what critical moments from this year might mean for the year ahead.

Turning Point: An executive at Ikea declared that the West has reached “peak stuff,” with people owning too many things.

The Japanese word ‘tokimeku’ means ‘to spark joy.’ Someone who is adopting my method of tidying must take a possession of hers and ask: “Does this spark joy for me?” This question is the sole basis for choosing what things to keep in one’s home and what to discard.

But, can we apply this notion of sparking joy on a larger scale?

We live in a disorganized and chaotic world, much of it outside our control. I read recently that more than 80 billion articles of clothing are produced each year, but only a negligible few are recycled. As people’s buying habits shift and technology moves most everything to the cloud, people have been valuing experiences over material things. Some have even pointed out that we may have reached a critical point in terms of mass consumption - we’ve reached peak stuff.

Though it sometimes may seem like our things are threatening to take over our world, we can focus our energy and determination on choosing what makes us happy, and ultimately change our lives. Asking ourselves whether something sparks joy seems like such a simple process - so simple that many people wonder whether it can really be effective. The strength of the ‘spark joy’ standard, however, lies in its ambiguity.

Let’s consider, more precise standards, for what to keep or discard, even for something as basic as clothing. Should the number of jackets you own be fewer than 10? Should you discard clothes that you haven’t worn in more than three years?

Rules that adopt concise numerical values may appear to be more practical, which is why society often imposes specific standards on us, such as the amount of money we should earn, the ideal body weight we should maintain or the recommended quantity of food we should consume each day. But. what makes one person happy, comfortable and healthy varies for the next, so your individual gold standard can be determined only through your own perspective. This is where the magic question - Does it spark joy? - comes into play.

Continually assessing whether the belongings in your life spark joy, allows you to hone your judgment. Over time, your ability to identify what is worth keeping will extend from your home to your career to your relationships. You will be able to discern what makes you happiest and most contented in other aspects of your life.

I don’t mean that tidy homes, full of satisfied people who act in accordance with what sparks joy will cure all of our planet’s ills. Yet, I believe that people who are pleased with the course and direction of their lives and who have seen what their own determination can achieve can help create a kinder, better world.

I’d like to share some ideas on how you can use the concept of tokimeku in your own life.

Before you start deciding what sparks joy in your life, you must first get a true sense of the problems you face. For example, when organizing clothes, take out all the clothes you own and gather them in one spot, so that you can visually comprehend how much you have.

What we don’t often realize is, the furniture and closets in which we store our clothing have a remarkable way of concealing truths we would rather not see (a pilled sweater, for instance, that does not bring any joy). It’s perfectly fine to take advantage of this masking effect on a small scale, but when the amount of things you don’t need continuously increases - with the time and space you devote to accumulate them - you will find it becomes harder to lie to yourself.

We also work in much the same way. We often hide our problems in the closet of our hearts as if they never existed. Whenever my mind clouds over and I feel overwhelmed, I immediately take out a sketchbook. I write down all the emotions that I feel and the possible reasons behind them across a blank white page.

Once you’ve pinpointed your problems, identify specific solutions. For each problem, assign a concrete task such as “contact and consult a professional” or “reply immediately with an email.” These actions should be clear and specific. The ultimate goal of organizing is to remedy the state of untidiness and prevent its recurrence.

When choosing the actions, never forget to ask yourself whether each action sparks joy and makes sense for you. Once you’ve compiled a list, serenely execute these tasks.

I also keep a to-do list in my sketchbook. Each time I complete a task, I put a check mark next to it. As I complete the tasks one by one, I get a joyful feeling of lightness, as though I have completely finished tidying up my home. It sounds simple, but this is exactly the moment that sparks joy for me.

The ‘spark joy’ standard for tidiness depends on the individual. You cannot force people to tidy, nor should you try. But, there can be communal applications for this idea. I feel the question of whether something sparks joy becomes effective when people can exchange views and share a common vision for the future.

Understanding and appreciating the concept of tokimeku in the midst of a confusing and disorderly world will allow us to clarify our ideals, and help us gain confidence in our ability to lead productive lives and develop a sense of responsibility to those around us. From there, we can act with focus and certainty while improving our lives and our beautiful - if still very messy - world.

by Marie Kondo

- New York Times

Friday, October 14, 2016

හිමි සරණ නැති කල නීතිය සිටියි පිහිටට

නිත්‍යනුකූල විවාහයකදී බිරියට හා දරුවන්ට තමා වෙතින් ඉටු විය යුතු යුතුකම් පැහැර හරින සැමියෝ වත්මන් සමාජයේ බොහෝ වෙති. එවන් අවස්ථාවල බිරියට හා දරුවන්ට නීතියේ පිළිසරණ පැතිය හැකි වුව ද බොහෝ දෙනෙක් ඒ පිළිබඳව නොදනිති. විවාහයකදී තමා සතු වන අයිතිවාසිකම් හා ඊට අදාළ නීතිය පිළිබඳව දැන සිටීම වැදගත් ය. මේ පිළිබඳව නීතිඥ සංගමයේ හිටපු ලේකම් ජ්‍යෙෂ්ඨ නීතිඥ අජිත් පතිරණ සමඟ කරන ලද සාකච්ඡාවක් ඇසුරෙන් මේ ලිපිය සැකැසේ.

සාමාන්‍ය ව්‍යවහාරය අනුව කාන්තාවක් විවාහයකට පත්වීමත් සමඟ බිරියක ලෙස හඳුන්වන අතර එමඟින් සමාජයේ මූලික හා ස්වාභාවික වැදගත්ම ඒකකය වන පවුල නිර්මාණය වේ. අන්තර්ජාතික මානව හිමිකම් ප්‍රකාශනය අනුව ද, පවුල යන්න මිනිස් සමාජයේ මූලික හා ස්වාභාවික කණ්ඩායම ලෙස පිළිගැනේ.

වලංගු විවාහයක් යන්න නීතිය ඉදිරියේ හුදු ගිවිසුමක් පමණක් නොව, එමඟින් බිරිය සහ සැමියා දෙදෙනාටම එකිනෙකා හා යුතුකම් හා වගකීම් රැසකින් බැඳෙති.

නූතන සමාජ ආර්ථික බලවේග, අධිනාගරීකරණය, ගෝලීයකරණය වැනි බොහෝ හේතු චිරාත් කාලයක් අප රටේ සාමකාමී ස්වරූපයක පැවැති පවුල් ඒකක කඩා බිඳ දැමීමකට හේතු වී තිබේ. එවැනි අවස්ථාවක වඩාත් අසරණ වන්නේ බිරිය හා ඇය විසින් ජනිත කළ දරුවන් ය.

නෛතික පිළිසරණ ලැබීමට නම් විවාහය නිත්‍යනුකූල විය යුතු යි. ඉන් අදහස් කරන්නේ විවාහ ලියාපදිංචි කිරීමේ පනත, මුස්ලිම් විවාහ හා දික්කසාද කිරීමේ පනත, උඩරට විවාහ පනත හා සම්ප්‍රදායික විවාහය තුළ ක්‍රිස්තු භක්තිකයන් සම්බන්ධ විවාහ පනත අනුව සිදු වන විවාහයන්ය. බිරියට නොසලකා හැරීම යන්නෙන් ඇය නඩත්තු කිරීම හා පෝෂණය කිරීම පැහැර හැරීම පමණක් නොව වද හිංසාවලට භාජනය කිරීම ද ඇතුළත් ය.

වෛවාහික යුතුකම් ඉටු කරවා ගැනීම සඳහා බිරියකට සහන පැතිය හැක්කේ 1999 අංක 37 දරණ නඩත්තු පනතේ ප්‍රතිපාදන ප්‍රකාරව සහන අයැදීමයි. එහි සඳහන් පරිපෝෂණය කිරීමේ නෛතික යුතුකම අනුව වත්කම් ඇති කලත්‍රයකු විසින් වත්කම් නැති කලත්‍රයකු නඩත්තු කිරීම පැහැර හළ විට නඩත්තු නියෝගයක් දීමේ බලය මහේස්ත්‍රාත් අධිකරණය වෙත පවරා ඇත.

අන්‍යොන්‍ය කැමැත්තෙන් වෙන්ව සිටීම අනාචාරයේ යෙදීම යන කරුණු එකී හිමිකම අහෝසි වීමට හේතු වේ. එම පනතේ 10 හා 11 වගන්ති ප්‍රකාරය ලිඛිත පෙත්සමක් හා දිවුරුම් පෙත්සමක් මඟින් එකී ඉල්ලීම කළ හැකි අතර, ඉල්ලීමේ දෝෂ සහගත භාවයන් මත කිසිදු අධිකරණයකින් එම ඉල්ලීම ප්‍රතික්ෂේප නොකළ යුතු බවට ද විධිවිධාන යොදා ඇත. එම පනතේ 12 (02) වගන්ති ප්‍රකාරව විත්තිකරු අධිකරණය මගහැර සිටින්නේ නම් ඔහු නොමැතිව විමසීම පැවැත්විය හැකි අතර එහිදී කරන නියෝගයකට එරෙහිව අභියාචනයක් කළ ද නඩත්තු ගෙවීම නතර නොවන බව නඩත්තු පනතේ 14 වන වගන්ති ප්‍රකාරව කියවේ.

නඩත්තු ගෙවීම පැහැර හරින තැනැත්තා පදිංචි අධිකරණ කලාපයේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත යොමු කළ හැකි අතර, එකී පනතේ 4 වන වගන්ති ප්‍රකාරව භාරකරුට ඉල්ලුම්කරුවන්ට හා දරුවන්ට ඇති අයිතිය ද ප්‍රකාශ කර ඇත. 99 අංක 37 නඩත්තු පනතේ 2 (2) වගන්ති ප්‍රකාරව වියපත් දරුවෙකු හෙවත් වයස අවුරුදු 18 – 25 අතර දරුවන්ටද නඩත්තු ලබාගැනීමේ හැකියාව තිබේ.

වගඋත්තරකරුගේ වැටුප තහනම් කිරීම නඩත්තු නොගෙවීම සම්බන්ධයෙන් දණ්ඩන පැනවීම, වැටුප් තහනම් කිරීමේ නියෝගයකට අවනත නොවන සේවා යෝජකයන්ට දඩ ගැසීම මඟින් දඬුවම් කිරීම ද තැපැල් කාර්යාල හා බැංකු මඟින් නියමිත නඩත්තු මුදල් අය කර ගැනීම සඳහා ද ප්‍රතිපාදන සලස්වා ඇත.

මුස්ලිම් විවාහ හා දික්කසාද පනත යටතේ විවාහ වූ තැනැත්තියකට ක්වායි මණ්ඩල අධිකරණ මඟින් නියෝගයක් ගත හැකි අතර වග උත්තරකරු එකී නියෝගයකට අවනත නොවුවහොත් මහේස්ත්‍රාත් අධිකරණයට ඉල්ලීමක් කර එය ක්‍රියාත්මක කරගත හැකි ය.

සැමියා විසින් බිරියට කරන ශාරීරික හා මානසික වධ හිංසාවලදී ඇයට පිහිට ලැබිය හැකි ය. එවැනි විටෙක අපරාධ නීතිය මෙන් ම සිවිල් නඩු විධාන නීතිය මඟින් ගත හැකි සහන රැසකි‍.

සිවිල් හා අපරාධ නීතිය යටතේ බිරියකට සහන අයැදිය හැකි අවස්ථා ගණනාවකි.

ශාරීරික වධ හිංසාවට හා ශාරීරික වධහිංසා කිරීමට බිය ගැන්වීම, සාධාරණ හේතුවකින් තොරව ලිංගික හැසිරීම් ප්‍රතික්ෂේප කිරීම, වගඋත්තරකරු සමාජ රෝගයකින් පෙළීම හෝ පැමිණිලිකාරිය ලිංගික හැසිරීම සඳහා යෝග්‍ය සෞඛ්‍ය තත්ත්වයෙන් නොසිටීම

අධිකරතර හා අපේක්ෂිත සාමාන්‍යයට වඩා ලිංගික හැසිරීම් සඳහා ඉල්ලීම් කිරීම , අසාමාන්‍ය හා අස්වාභාවික ලිංගික හැසිරීම, අඛණ්ඩව අසභ්‍ය වචන පාවිච්චිය හා බැණවැදීම, අඛණ්ඩ ශාරීරික හිංසා සමඟ අසභ්‍ය වචනයෙන් බැණවැදීම, සැමියාගේ යුතුකම් ඉටු නොකර පැහැර හැරීම, ඔරොත්තු නොදෙන තරමේ ‍බලහත්කාරකම් පෑම, තම බිරිය ලෙස පිළිගැනීමට වගඋත්තරකරු ප්‍රතික්ෂේප කිරීම, අන් අය ඉදිරියේ බි‍රිය අවඥාවට ලක් කිරීම, පදනමකින් තොරව චෝදනා නැඟීම, අනාචාරයේ හැසිරෙනවා යැයි බිරිය කෙරෙහි අස්ථාන චෝදනා නැඟීම, වගඋත්තරකරු අන් පිරිමින් සමඟ අසාමාන්‍ය ලිංගික සබඳතා පැවැත්වීම, අනාචාරයේ හැසිරීම. මේවායින් ඇතැම් කරුණු සම්බන්ධයෙන් දණ්ඩ නීති සංග්‍රහයේ පරිච්ඡේද 16 යටතේ ක්‍රියා කළ හැකි ය. දණ්ඩ නීති සංග්‍රහයේ 483 ප්‍රකාරව සාපරාධී බිය ගැන්වීම සම්බන්ධයෙන් ක්‍රියා කිරීමට පුළුවන. බලහත්කාරකම් සෑම සම්බන්ධයෙන් දණ්ඩ නීති සංග්‍රහයේ 372 අනුව ක්‍රියා කළ හැකි ය.

එසේ ම ව්‍යවස්ථාදායකය විසින් ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය අවම කර, සාමය ප්‍රවර්ධනය කිරීමේ අදහසින්, 2005 ගෘහස්ථ ප්‍රචණ්ඩ ක්‍රියා වැළැක්වීමේ පනත හඳුන්වා දෙන ලදී.

බිරියකට නොසලකා හරින අවස්ථාවක සිවිල් නීතිය යටතේ ද පිහිට පැතිය හැකිය. ඉන් ප්‍රධානම සහනය නම්, දික්කසාදයක් සඳහා නඩු පැවරීමට ඇති හිමිකමයි. කැමැත්තෙන්ම විවාහය, සම්පූර්ණ කිරීමට වගඋත්තරකරු පැහැර හරින අවස්ථාවකදී ක්‍රියා කළ හැකි වන්නේ නීතිය අනුව දික්කසාද නඩු නිමිත්ත ලෙස සලකන ද්වේෂ සහගත ලෙස අතහැර යෑම.

මේ අනුව අපරාධ නීතිය මෙන් ම සිවිල් නීතිය යටතේ ද අගතියට පත් බිරියකට විවිධ සහන පැතිය හැකි බව පෙනී යන නමුත් ඇතැම් නීති වර්තමාන ප්‍රායෝගික තත්ත්වයන් අනුව ව්‍යවස්ථාදායකය විසින් යළි සලකා බැලිය යුතු වේ.

ජ්‍යෙෂ්ඨ නීතිඥ අජිත් පතිරණ

Courtesy - Silumina

Wednesday, October 12, 2016

මහාචාර්යවරයෙකුගේ කාර්යභාරය කුමක්‌ද?

වෝල්ටර් නොල්
ගණිතය පිළිබ`ද සම්මානිත මහාචාර්ය
කානගී මෙලන් විශ්වවිද්‍යාලය

අනුවාදය
මහාචාර්ය රාඡ් සෝමදේව
පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනය


වෝල්ටර් නොල් ඇමෙරිකාවේ කානගී මෙලන් විශ්වවිද්‍යාලයේ ගණිතය පිළිබ`ද සම්මානිත මහාචාර්යවරයෙකි. 1925 වසරේ ජර්මනියේදී උපන් ඔහු 1954 වර්ෂයේදී ඉන්දියානා විශ්වවිද්‍යාලයෙන් ව්‍යවහාරික ගණිතය පිළිබ`ද ආචාර්ය උපාධිය දිනා ගත්තේය. කීර්තිමත් ගණිතඥයෙකු වූ මහාචාර්ය ක්‌ලිර්ඩ් ට්‌රූස්‌ඩේල්ගේ උපදේශකත්වයෙන් ඔහු ඉදිරිපත් කළ නිබන්ධයේ ශීර්ෂය වූයේ On the Continuity of the Solid and Fluid States යන්නයි. 2012 පීසා යන විශ්වවිද්‍යාලවල ගණිතය පිළිබ`ද ආරාධිත මහාචාර්යවරයෙකු ලෙස ද කටයුතු කරයි.

මහාචාර්යවරුන්ට තමන්ගේ කාර්යභාරය කුමක්‌ද යන්න ගැන මනා වැටහීමක්‌ ලබා දීමට උදව් වීම පමණක්‌ නොව පුළුල් වශයෙන් ඒ කාර්යභාරය ඇගයීමට මහජනයාට උපකාරයක්‌ ලබා දීම ද මෙම ලිපියේ අරමුණයි. ගණිතය පිළිබ`ද මහාචාර්යවරයෙකුගේ දැක්‌මකින් යුතුව රචනා කළ ද කවර ක්‌ෂේත්‍රයකට අයත් මහාචාර්යවරයෙකුට වුව ද මෙම ලිපිය අදාළ වන බව නිසැක ය.

ජීවත්වීම උදෙසා මා විසින් කුමක්‌ කළ යුතුද යන පැනය මම මගෙන්ම අසා සිටින විට, මා මහාචාර්යවරයෙකු ය යන පිළිතුර මට ලැබේ. ඒ අනුව ඊළ`ගට නැගෙන අනිවාර්ය ප්‍රශ්නය වන්නේ මහාචාර්යවරයෙකු ලෙස මා කරන්නේ කුමක්‌ද යන්නයි. බොහෝ දෙනෙකුගේ අදහස වන්නේ මහාචාර්යවරයෙකු යනු සම්භාවනාවට පත් ගුරුවරයෙකු බවයි. විශ්වවිද්‍යාල පරිපාලනය මගෙන් බලාපොරොත්තු වන්නේ ද පර්යේෂණ කිරීම සහ ඉගැන්වීම ය. අධ්‍යයන කාර්යමණ්‌ඩල සාමාජිකයෙකු ලෙස මගෙන් ඉටු විය යුතු= වැදගත්ම කටයුතු ලෙස ඔවුන් විසින් සලකන්නේ ද ඒවායි. සමහර අවස්‌ථාවල මම කාලය ගත කරන අන්දම ගැන මම මගෙන්ම ප්‍රශ්නාවලියක්‌ විචාරමි. මම මගේ කාලයෙන් කුමන ප්‍රතිශතයක්‌ ඉගැන්වීමට යොදවන්නේද? කුමන ප්‍රතිශතයක්‌ පර්යේෂණ කටයුතු ස`දහා යොදවන්නේද? යනු එවැනි ප්‍රශ්න කිහිපයකි. එවැනි ප්‍රශ්නවලට පිළිතුරු සැපයීමේදී මම මහත් අපහසුතාවට පත් වෙමි. මෑතකදී මා විසින් අවබෝධ කර ගන්නා ලද්දේ අඩුම තරමින් මා ඉගැන්වීමේ කටයුතුවල හෝ පර්යේෂණ කටයුතුවල හෝ නොයෙදෙන බවයි. ඒ වෙනුවට මා විසින් කරනු ලබන්නේ මගේ ශික්‌ෂණය එනම් ගණිතයට අයත් දැනුම සමායෝජනය කිරීමයි. ගුරුවරයෙකුත්, පර්යේෂකයකුත්, නියමානුකූල මහාචාර්යවරයෙකුත් අතර පැහැදිලි වෙනස්‌කම් තිබේ. ඒවා මොනවාදැයි පැහැදිලි කිරීමට මම දැන් අවකාශය ලබා ගනිමි.

ගුරුවරයෙකුගේ මූලික අවධානය වන්නේ ඔහුගේ හෝ ඇයගේ ශිෂ්‍යයන් ය. එහිදී ගුරුවරයාගේ කාර්යය වන්නේ සිය ශිෂ්‍යයන්ට නිශ්චිත දැනුමක්‌ ලබාදීමත් එසේ දැනුම ලබා දීමට වඩාත්ම සුදුසු ක්‍රමය ගැන සැලකිලිමත්වීමත්ය. සාමාන්‍යයෙන් සිය විෂය නිර්දේශ සහ පෙළපොත් ඔහු අනුගමනය කරයි. ගුරුවරයාට බොහෝ සෙයින් වැදගත් වන්නේ සිය ශිෂ්‍යයින්ට ගෙදර වැඩ ලබා දීමත් ශිෂ්‍යයන් කොපමණ සාර්ථකව අධ්‍යයන කටයුතු කරගෙන ගොස්‌ තිබේද යන කාරණය මැන ගැනීමට වාර පරීක්‌ෂණ සංවිධානය කිරීමත්ය. ශිෂ්‍යයින් තමා ගැනත් තමාගේ ඉගැන්වීම් ගැනත්, කුමක්‌ සිතන්නේද යන කාරණය ගැනත්, ඔහු විසින් සිය අවධානය යොමු කරයි. ඔහු සිය ශිෂ්‍යයින් ගැන අනුකම්පා සහගත වන අතර ඔවුන් ලබා ගන්නා ලකුණු ගැන නිරන්තරයෙන්ම සංවේදී ය.

මහාචාර්යවරයකුගේ නිරන්තර අවධානය වන්නේ ඔහුගේ ශික්‌ෂණයයි. ඔහු ජීවත් වන්නේ ඒ තුළයි. සයනයේ වැතිර සිටින අවස්‌ථාවක දී හෝ ඉන් නැඟීසිටින අවස්‌ථාවකදී හෝ විශ්වවිද්‍යාලයේ නිවාඩු සමයකදී හෝ වේවා ඉන් ඈත්වීම ඔහුට පහසුවෙන් කළ නොහැක්‌කකි. තම විෂයට අදාළව දේශන පවත්වන සෑම අවස්‌ථාවකදීම ඔහු සිය විෂය සිය මනස තුළ ප්‍රතිනිර්මාණය කිරීමට වෑයම් කරයි පාඨමාලා ආරම්භ වන අවස්‌ථාවලදී බොහෝ විට ඒවා ආරම්භ කළ යුත්තේ කොතැනකින්ද? තමා විසින් අදාළ ඉගැන්වීම්වලදී කරුණු ඉදිරිපත් කළ යුත්තේ නියත වශයෙන්ම කෙලෙසකද? සහ කුමන අනුපිළිවෙළකටද? යන්න ගැන අවබෝධයක්‌ ලබා ගැනීමට හැකියාවක්‌ ඔහුට නැත. පාඨමාලාව මැදදී පවා ඊට ඉදිරිපත් කළ යුතු කරුණු අලුතින් එකතු කිරීමටත්, තිබෙන කරුණු ඉවත් කිරීමටත් ඔහු ඔහුගේ සිත වෙනස්‌ කරයි. ඔහු නිරන්තරයෙන් වෑයම් කරන්නේ තමාගේ පාඨමාලාවට නව ප්‍රවේශයක්‌ ලබා දීමටත්, වඩාත්ම සුදුසු දැක්‌මක්‌ ඒ වෙත ආරෝපණය කිරීමටත් ය. ඔහු කිසිදිනෙක එකම පාඨමාලාවක්‌ එකම ආකාරයකට දෙවරක්‌ ඉදිරිපත් නොකරයි. එය ඔහුට දැනෙන්නේ විෂය නිර්දේශ සහ පාඨග්‍රන්ථ පරිශීලනයට යොමුවීමේ සාපයක්‌ ලෙසයි. ඔහුගේ උත්සාහයන් අගය කරන ඇතැම් සිසුන් කෙරෙහි ඔහු පැහැදීමක්‌ ඇති කර ගනී. එසේ වුව ද ගෙදරවැඩ, විභාග සහ ලකුණු සම්බන්ධයෙන් ඔහු තුළ තිබෙන්නේ ඒවා වැඩකට නැති දේවල්ය යන හැ`ගීමයි. බ්‍රිතාන්‍ය ජාතික ගණිතඥයකු වූ ජී.එච්. හාර්ඩි විසින් zගණිතඥයකුගේ පසුතැවීමZ නම් වූ සිය කෘතියේ ස`දහන් කරන පරිදි 

.............. "ඇත්තෙන්ම ඉගැන්වීම යනු මට මහත් වධයකි. මා එය කරන්නේ ඉතාමත් සුළු වශයෙනි. මම දේශන පැවැත්වීමට කැමැති නමුත් මා වැඩි වශයෙන් එය කරන්නේ කුසලතාපූර්ණ ළමුන් සිටින පන්තිවලට ය..............

පර්යේෂකයකුගේ අවධානය රැ`දී තිබෙන්නේ අලුත් ප්‍රතිඵල සොයා ගැනීම වෙත ය. ඔහු නවදැනුම නිර්මාණය කරන්නෙකි. ඔහුට නපුරු සිහිනයක්‌ වන්නේ තමන්ගේ පර්යේෂණ අතරම`ග නතර කිSරීමට සිදු වීමත්, තමන් සොයා ගන්නට ප්‍රථම වෙනත් කෙනෙකු විසින් තමන් සොයන දේ අනාවරණය කිරීමත්ය. ප්‍රමුඛතාව ඔහුට අතිශයින් වැදගත් වන අතර ඒ නිසාම ඔහු ඇතැම් විට තමන්ගේ සොයා ගැනීම් තමන්ගේ අදහස්‌ පරිණත වන තුරු නොසිට ප්‍රකාශනයට පත්කිරීමට පවා යුහුසුළු වෙයි. 

අනෙක්‌ අතට මහාචාර්යවරයෙකුගේ අවධානය යොමු වන්නේ තමන්ගේ විෂයයට අදාළව කරුණු වටහා ගැනීම, යම් යම් දැක්‌ම ඊට ආදේශ කිරීම, ඒවායේ වැදගත්කම විනිශ්චය කිරීම සහ දැනුම සංවිධානය තිරීමයි. හො`දින් අවබෝධ කර නොගත්, එමෙන්ම දිරවා ගත නොහැකි, දිනෙන් දින ගොඩගැසෙන නව පර්යේෂණ ප්‍රතිඵල ඔහුට හිසරදයකි. වඩා පුළුල් සන්දර්භයකට ඒවා ගලපා ගන්නා තුරු ඔහු ඉන් සතුටට පත් නොවේ. ඔහු වඩාත් සෑහීමකට පත් වන්නේ පර්යේෂකයින් විසින් අනාවරණය කරන ප්‍රතිඵල සරල කොට අනතුරුව ඒවා එක්‌සත් කොට නව සංකල්පීය රාමුවකට ආබද්ධ කිරීමෙනි. ප්‍රකාශයට පත් කිරීමට පෙර ඔහු තමන්ගේ අදහස්‌වලට පරිණත වන්නට අවකාශ ලබා දෙයි. ප්‍රමුඛතාව යනු ඔහුට අදාළ වන දෙයක්‌ නොවේ.

ඉහතින් විස්‌තර කළ ආකාරයට මා ඇතුළු මගේ සමසහචරයින්, ගුරුවරු, පර්යේෂකයින් සහ මහාචාර්යවරුන් ලෙස සැලකිය හැකි අයයි. ඒ අතරින් බොහෝ දෙනා උසස්‌ මහාචාර්යවරුන් ය. නමුත් ඇතැම්දෙනා ප්‍රමාණවත් තරමේ ගුරුවරුන්ය. එසේ නොවේ නම් සෑහීමකට පත්විය හැකි අන්දමේ පර්යේෂකයින් ය. මා දන්නා තරමින් මේ තුන් ඉරියව්වෙන්ම සමත්කම් දක්‌වන්නේ කලාතුරකින් එකම එක්‌ අයෙකු පමණි.

මගේ විශ්වවිද්‍යාලය මගින් නිකුත් කර තිබෙන පීඨ අත්පොතේ අධ්‍යයන කාර්ය මණ්‌ඩලයේ zතනතුරුවලට බ`දවා ගැනීම ස`දහා වන කොන්දේසිZ යන කොටසේ මා ඉහතින් ස`දහන් කළ ආකාරයට තමන්ට අදාළ විෂය සම්බන්ධයෙන් දැනුම ගොඩනැඟීමට අදාළ වන සුදුසුකම් කිසිවක්‌ ඇතුළත්ව නැත. සාමාන්‍යයෙන් එවැනි සුදුසුකම්වලට විශ්වවිද්‍යාලවල දැන් පිළිගැනීමක්‌ ලැබෙන්නේද ඉතා කලාතුරකිනි. ඒ වෙනුවට විශ්වවිද්‍යාලයීය ශාස්‌ත්‍රාලීය සම්ප්‍රදාය තුළ ගෞරවයට ලක්‌ වන්නේ පර්යේෂකයින් සහ හො`ද ගුරුවරුන් පමණි. මා විශ්වාස කරන්නේ මේ තත්ත්වය මගින් අහිතකර ප්‍රතිඵල ඇති කළ හැකි බවයි.

පර්යේෂණ මත ගොනු වී තිබෙන අවධානය කෙළවර වන්නේ අප කවුරුත් හො`දින් දන්නා තත්ත්වයක්‌ වන ප්‍රකාශයට පත් කිරීම හෝ ප්‍රතික්‌ෂේප කිරීම යන ස්‌ථාවරයෙනි. පර්යේෂණ මගින් එහි යෙදෙන්නා අතිධාවනකාරී විශේෂඥතාවකට පත් කරයි. තරුණ ආචාර්යවරුන් සිය උසස්‌වීම් ලබා ගැනීමට ඉදිරිපත් කරන නිර්දේශ ලිපිවල ඔවුන් ගැන ස`දහන් කර තිබෙන්නේ මොහු අදාළ විෂයයට සිටින හො`දම කිහිපදෙනාගෙන් කෙනෙකු බවයි. නමුත් සමහර විට ඔහුගේ විෂයය ලෝකයේ කිහිපදෙනෙකු විසින් ප්‍රගුණ කර ඇති සීමිත පටු ශික්‌ෂණයක්‌ විය හැකියි. අනෙක්‌ අතට සමහර තරුණ ආචාර්යවරුන් විසින් සොයා ගන්නා නව ප්‍රතිඵල තේරුම් ගැනීමට සමත් වන්නේ ඔවුන්ගේ විෂයපථයට පරිබාහිර සමාජයේ කිහිපදෙනෙකු පමණි. ගණිතය විෂයය සම්බන්ධයෙන් නව ප්‍රතිඵල අඩංගු කොට රචනා වන යම් ලියෑවිල්ලක්‌ කෙතරම් අපැහැදිලි වුවත් කෙතරම් නොවැදගත් වුවත් එය ප්‍රකාශයට පත් කර ගැනීම පහසුය. බොහෝ අවස්‌ථාවල නවදැක්‌මක්‌ සහිත රචනයක්‌ ප්‍රතික්‌ෂේප වෙයි. ඊට හේතුව එහි නවප්‍රතිඵල අන්තර්ගත නොවීමයි.

විශ්වවිද්‍යාල පීඨවල පාඨමාලා ඇගයීම් පොදු වැදගත්කමකට ලක්‌ වීමත් සමඟ තරුණ විශ්වවිද්‍යාල ආචාර්යවරු බොහෝදෙනෙකු පොලඹවා තිබෙන්නේ සිය මූලික අවධානය ඉගැන්වීම් කටයුතු වෙත යොමු කිරීමටය. මෙමගින් ඉඩ සැලසෙන්නේ විශ්වවිද්‍යාලවල ප්‍රමිතිය පිරිහීමටත්, ශ්‍රේණි ලබා ගැනීම සම්බන්ධයෙන් ශිෂ්‍යයින් අතර උද්ධමනකාරී තත්ත්වයක්‌ ඇති වීමටත් ය. බොහෝමයක්‌ ශිෂ්‍යයින් ගුරුවරයෙකු සහ මහාචාර්යවරයෙකු අතර පවතින වෙනස වටහාගෙන නැත. ඔවුන් සිතන්නේ විශ්වද්‍යාලය සිය පාසැල් ජීවිතයට සමාන එකක්‌ වනු ඇත කියායි. විශ්වවිද්‍යාලය තුළ තමන්ගේ ගුරුවරයා තමන්ම බව ඔවුන් දන්නේ නැත.

පර්යේෂණ සහ ඉගැන්වීම වෙත තල්ලු වී යාම වනාහි සමහර විට එක්‌ අතකින් හා අඩුම තරමින් ආර්ථික අපේක්‌ෂා මුල් වූවක්‌ විය හැකියි. පර්යේෂණ අරමුදල් ලබා ගැනීමේ අරමුණු මත පොරබදන්නට ආචාර්යවරුන් උසිගන්වා තිබේ. පර්යේෂණ අරමුදල් ලබා දෙන ආයතන විසින් ඉල්ලා සිටින්නේ සුවිශේෂී නවප්‍රතිඵල අන්තර්ගත පර්යේෂණ යෝජනාවලීන්ය. ඇතැම් දෙමවුපියන්ගේ අපේක්‌ෂා සම්බන්ධයෙන් එතරම් සාධාරණ නොවූවත් විශ්වවිද්‍යාල සිය ප්‍රධාන ඉලක්‌කය ලෙස ඉගැන්වීම වෙත තල්ලුවීමේ ප්‍රවණතාව ගැන කැමීලා පැග්ලියා විසින් 1992 මැයි මාසයේදී ටයිම්ස්‌ ලිටරරි සප්ලිමන්ට්‌ වෙත කළ ප්‍රකාශයේ යම් සත්‍යතාවක්‌ ගැබ්ව තිබේ.

........... වියදම් ඉහළ යන විට විශ්වවිද්‍යාල දෙමව්පියන් සමඟ තදින් වාණිජ සබ`දතාවල පටලැවේ. එහිදී බුද්ධිමය අරමුණු විශ්වවිද්‍යාල තුළ මුලුගැන්වෙමින් ශිෂ්‍යයින්ට සිය දෙමවුපියන් සමග ආනන්දකර සමයක්‌ උදා කරයි.......

අපට අවශ්‍ය වන්නේ ගුරුවරුන් සහ පර්යේෂකයින් පමණක්‌ යෑයි කෙනෙකු විසින් පැවසීමට ඉඩ තිබේ. මම ඊට එක`ග නොවෙමි. මක්‌නිසාද යත් මහාචාර්යවරයෙකු යනු ගුරුවරයාත් පර්යේෂකයාත් අතර සිටින අතරමැදියෙකු වන නිසාය.

මහාචාර්යවරයෙකුගේ බලපෑම නොවන්නට ගුරුවරයාගේ විෂය නිර්දේශය කල් ඉකුත් වූ අජීව දෙයක්‌ බවට පත් වීම නොවැළැක්‌විය හැක්‌කකි. වර්තමානයේ පවා විශ්වද්‍යාලවල ගණිත විෂයයට අදාළ මූලික පාඨමාලා එල්ල කර ලියෑවෙන බොහෝමයක්‌ පාඨ ග්‍රන්ථ ඒ විෂයයන් ගැන නිවැරදි අවබෝධයක්‌ නොමැති අය විසින් කර ඇති නොගැඹුරු රචනාය. ඉගැන්වීම ස`දහා එවැනි පොත් භාවිත කරන ආචාර්යවරුන්ට එපමණවත් ඒ ගැන අවබෝධයක්‌ නැත. නමුත් එවැනි පොත් වාණිජ වශයෙන් සාර්ථකත්වයක්‌ ලබා ගන්නේ පිළිගත් අධ්‍යාපනඥයින් විසින් ප්‍රසිද්ධිය පතා ඒවාට නිකුත් කර තිබෙන රැවටිලිකාර පණිවිඩ නිසා ය. එවැනි පාඨග්‍රන්ථ ලියා ගෞරවයට ලක්‌ වීමේ අරමුණක්‌ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට තිබිය නොහැකිය.

මහාචාර්යවරයෙකුට සවන් නොදෙන තාක්‌ කල් පර්යේෂකයෙකු තමන්ගේ ශික්‌ෂණයෙන් පරිබාහිර වෙනත් විද්‍යාවන් සමග කිසිදු සබඳතවක්‌ ගොඩනඟා ගත නොහැකි පටු විශේෂඥයෙකු බවට පත්වීම අනිවාර්ය වේ. පර්යේෂකයෙකු විසින් සොයා ගන්නා ප්‍රතිඵල මහාචාර්යවරයෙකු විසින් විවේචනාත්මක ලෙස පරීක්‌ෂා කොට අනතුරුව පිළිවෙළගත කොට ඒකාබද්ධ රාමුවකට ගලපන තෙක්‌ ඒවාට තිබෙන වටිනාකම අල්පය.

මහාචාර්යවරයෙකු තුළ සිය විෂයය පිළිබ`ද තිබෙන ඇලමට සමාන වන අන්දමේ ඇල්මක්‌ තමන් උගන්වන විෂයය වෙත ඇති කර ගැනීමෙන් තොරව කෙනෙකුට හො`ද ගුරුවරයෙක්‌ විය නොහැකි බව මගේ විශ්වාසයයි. ද්විතීයික අධ්‍යාපනය ලබා දෙන අපේ පාසල්වල ගණිතය උගන්වන ගුරුවරුන් අතර එවැනි පෙළඹවීමක්‌ ඇති අය සිටින්නේ සුළුතරයකි. එමෙන්ම මගේ තවත් විශ්වාසයක්‌ වන්නේ පර්යේෂකයා ද තරමක්‌ හෝ දුරට මහාචාර්යවරයෙකු කල්පනා කරන ආකාරයට සමගාමී වීම වැදගත් වන බවයි. මක්‌නිසාද යත් තමන් සොයා ගන්නා නව ප්‍රතිඵල වඩා පුළුල් සන්දර්භයකට සම්බන්ධ කිරීමේ නිපුණතාව ඔහුට ලැබෙන්නේ එවිට ය.

Saturday, October 01, 2016

ලෝක ළමා දිනය බිහිවූයේ මෙහෙමයි

ලෝක ළමා දිනය බිහිවූයේ මෙහෙමයි

පුංචි ඔයාලා වෙනුවෙන් වෙන්වූ විශ්ව ළමා දිනයක් ඔක්තෝම්බර් පළමුවැනිදාට යෙදී තිබෙනවා. මෙම දිනය සැමරූ අප සැමගේ මූලික අරමුණ වූයේ කුඩා දරුවන් “ළමා මෙහෙකාර සේවයෙන්” මුදවා ගැනීමයි. ඒ දිනය පිළිබඳ පුංචි ඔබව දැනුවත් කරන්න අපි හිතුවා. ලෝක ළමා දිනය සැමරූ පළමුවෙනිදා වගේම පළමු ලෝක යුද්ධයද අපට අමතක කරන්න බැහැ. 1914 දී ඇරඹුණු ලෝක යුද්ධය 1918 දී අවසන් වුණේ ලෝකයටම මහත් විනාශයක් සිදුකරමින්ය. මෙහි ප‍්‍රතිඵලය ලෙස 1919 දී එක්සත් ජාතීන්ගේ සංවිධානය බිහිවුණා. මෙම යුද්ධයෙන් බොහෝ දෙනෙක් ජීවිතක්ෂයට පත් වූ අතර බොහෝ පිරිසක් අබාධිත වුණා. මෙයින් විශාලම හානිය වූයේ කුඩා දරුවන්ටයි.

දරුවන්ට වූ හානිය සලකා 1923 දී “එග්ලන්ටයින් ජෙබි” මහත්මිය සමීක්ෂණයක් කළා. එම සමීක්ෂණයෙන් වගන්ති 5 න් යුතු ළමා අයිතිවාසිකම් ප‍්‍රකාශය බිහි වුණා. 1924 වසරේදී මෙම එක්සත් ජාතීන්ගේ සංවිධානය ලොව පුරා කි‍්‍රයාත්මක ප‍්‍රකාශයක් ආකාරයට පිළිගත්තා. මෙහි මූලිකම අරමුණ වූයේ ළමයින්ට රැකවරණය හා විශේෂ සැලකිල්ලක් ලබා දීමේ අවශ්‍යතාවයයි.නමුත් ලෝක යුද්ධය අවසාන වූයේ නැත. 1939 නැවත ලෝක යුද්ධය ආරම්භ වී එයින් දරුවන්ට විශාල හානියක් සිදු වුණා. ඉන්පසු නැවතත් 1945 වන විට නැවත එක්සත් ජාතීන්ගේ සංවිධානය අළුතින් බිහිවුණා. 1959 දී මෙම සංවිධානය විසින් වගන්ති 10 න් සෑදී තිබූ ළමා අයිතිවාසිකම් පිළිබඳ දෙවන ප‍්‍රකාශය පිළිගනු ලැබුවා. 1979 වන විට ජාත්‍යන්තර ළමා වර්ෂය හා අයිතිවාසිකම් පද්ධතිය කෙටුම්පත් කරන්න අවශ්‍ය කටයුතු යෙදුනා. එක්සත් ජාතින්ගේ මංඩලය එය පිළිගැනීමෙන් පසු ජාත්‍යන්තර නීතියක් ලෙස බලගැන්වූයේ 1990 දෙසැම්බර් 20 දාය. මේ සඳහා 1991 ජූලි 12 වනදා ලංකාවත් අත්සන් තැබුවා. ඒ තමයි ජාත්‍යන්තර ළමා දිනය බිහි වූ ආකාරය.වර්ෂයක් පාසා මෙම දිනය අපේ රටේද සැමරුවත් ළමා මෙහෙකාර සේවය අපරටේ ද දක්නට ලැබෙනවා. පුංචි ළමයින්ගේ ප‍්‍රධාන අයිතිවාසිකම් වන අධ්‍යාපනය මේ හේතුව නිසා ඔවුන්ට අහිමි වි තිබෙනවා. දියුණ‍්‍ර රටවල දරුවන්ගෙන් සියයට 98 - සියයට 99 ප‍්‍රාථමික අධ්‍යාපනය හදාරනවා.

නමුත් අපේ රටේ මේ අයිතිවාසිකම් හිමිව ඇත්තේ සියයට 12 වැනි සංඛ්‍යාවකටයි. මෙයට හේතුව වී ඇත්තේ කුඩා දරුවන් මෙහෙකාර සේවයට යොදා ගැනීමයි. එයට හේතුව නම් දෙමව්පියන්ගේ රැකවරණය දරුවන්ට නොලැබී යාමත් පවතින ආර්ථික අපහසුතාවයත්ය. මෙම තත්ත්වය මඟහරවා ගන්න පුංචි ඔබටත් ඔවුන් වෙනුවෙන් යුතුකම් වගකීම් රැසක් ඉටු කරන්න පුළුවන්. ඔබේ නිවසේත් එවැනි දරුවන් මෙහෙකාර සේවය සඳහා යොදාගෙන ඇත්නම් ඒ බව ඔබේ දෙමාපියන්ට පහදා දෙන්න. එමෙන්ම ඔබට හැකි පමණින් දිළිඳු හිත මිතුරන් සඳහා උදව් උපකාර කරන්න. එසේ වෙනවිට ළමයින්ගේ ලෝකය සුන්දර වේවි. සෑම කෙනෙකුටම නිසි අධ්‍යාපනයක් ලබා ගැනීමට හැකිවේවි. ළමා දිනය එක් දිනයකට පමණක් සීමා නොවී හැමදාමත් සුන්දර වේවි.

දීපානි ප‍්‍රියංගිකා අත්තනායක