Showing posts with label Video. Show all posts
Showing posts with label Video. Show all posts
Thursday, August 29, 2019
Sunday, May 12, 2013
Wednesday, January 30, 2013
Wednesday, November 21, 2012
Sri Lanka Satellite Launch Song Official Video
Sri Lanka's first communication satellite is expected to be launched on November 22, 2012 from the Xichang Satellite Launch Centre in China. This geostationary satellite would become operational by mid-2013 for commercial purposes. Picture released by the supremeSAT Pvt Ltd shows officials making final touches before the launch on Thursday (22).
DM
ශ්‍රී ලංකාවේ චන්ද්‍රිකාව හෙට කක්ෂගත කෙරේ
සුප්‍රීම් සැට් 1 නමැති නව සන්නිවේදන චන්ද්‍රිකාව චීනයේ ෂින්චෑන්ග් චන්ද්‍රිකා විහිදුම් මධ්‍යස්ථානයේ සිට චීන රොකට්ටුවක් මාර්ගයෙන් උඩුගුවනට විද අභ්‍යාවකාශගත කොට මිනිත්තු හතකට පසුව ශ්‍රී ලාංකීය මුහුදු තීරයට ඉහළින් නැඟෙනහිර අහසේ 87.5 භූ ස්ථායි කක්ෂයේ රැඳවීමට නියමිතය.
ශ්‍රී ලංකාවේ ජාතික කොඩිය සහ චීනයේ ජාතික කොඩියේ සටහනින් සමන්විත වන නව චන්ද්‍රිකාවේ ජීව කාලය වසර පහළොවක් වන අතර ඒ හරහා දකුණු හා මධ්‍යම ආසියාව,නැඟෙනහිර අප්‍රිකාව හා ඈත පෙරදිග රටවලට සේවා සැපයෙනු ඇත.
2013 ජනවාරි මුල සතියේ සිට අදාළ සන්නිවේදන කටයුතු ආරම්භ කිරීමට නියමිත මේ චන්ද්‍රිකාව සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරමින් ජ්‍යෙෂ්ඨ ඇමැති කාර්යාලයේ දී ඊයේ (20) පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමින් ජ්‍යෙෂ්ඨ ඇමැති මහාචාර්ය තිස්ස විතාරණ මහතා සඳහන් කළේ මෙය ශ්‍රී ලංකා සන්නිවේදන ඉතිහාසයේ වැදගත් සන්ධිස්ථානයක් බවයි.
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ශ්‍රී ලංකාව දැනුමේ කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීමට ගෙන යන වැඩපිළිවෙළට අවශ්‍ය තාක්ෂණය සපයන පදනමක් බවට මෙම කර්තව්‍යය පත්වන්නේ යැයි ද ඇමැතිවරයා පෙන්වා දුන්නේය. මේ සඳහා අවශ්‍ය දැනුම සහ සහයෝගය ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානය මඟින් ලබා දුන් බවත් ඇමැතිවරයා පැවැසීය.
නව සන්නිවේදන චන්ද්‍රිකාව ස්ථානගත කිරීමත් සමඟ මෙරට විද්‍යුත් සන්නිවේදන අවශ්‍යතා මෙන්ම පරිසර ආරක්ෂාව, ආපදා කළමනාකරණය, ඛණිජ සම්පත් හඳුනා ගැනීම හා ඒවායේ ගුණාත්මකභාවය මැනීම, පතල් කැණීම්, ස්වභාවික උවඳුරු හඳුනා ගැනීම වඩාත් කාර්යක්ෂම වන බවද ඇමැතිවරයා කීය.
චයිනා ග්‍රේට් වෝල් ඉන්ඩස්ට්‍රී කෝපරේෂන් (china Great Wall Industry Corporation) සහ චයිනා සැටලයිට් කොමිනිකේෂන් (china Satellite Communication Co.Ltd) සමග ඒකාබද්ධව සුප්‍රීම්සැට් සමාගම චන්ද්‍රිකාව අභ්‍යාවකාශගත කිරීමේ ගිවිසුමට ඔක්තෝබර් 16 වැනි දා අත්සන් තැබුවේය.
ප්‍රථම වරට මෙවැනි සන්නිවේදන චන්ද්‍රිකාවක් නිර්මාණය කිරීමට දායක වී ඇත්තේ ශ්‍රී ලංකාවේ සුප්‍රීම්සැට් සමාගම වන අතර ආයෝජනය කර ඇති මුදල අමෙරිකන් ඩොලර් මිලියන 100 ක් බව එම සමාගමේ සභාපති ආර්.එම්.මනිවන්නම් මහතා පැවැසීය.
මෙරට අභ්‍යාවකාශගත කෙරෙන චන්ද්‍රිකා මෙහෙයුම් කටයුතු සඳහා පල්ලේකැලේ අභ්‍යාවකාශ මධ්‍යස්ථානයක් ආරම්භ කර ඇති බවත් ලබන වසරේ ජුනි සහ 2015 වසරේ දෙසැම්බර් යන මාසවලදී තවත් චන්ද්‍රිකා දෙකක් අභ්‍යාවකාශගත කිරීමට සුප්‍රීම්සැට් සමාගම සූදානම් බවත් හෙතෙම පැවසීය.
එමෙන්ම ලෝකයේ සාර්ක් රටවලින් ඉන්දියාව සහ පාකිස්ථානය හැරුණු විට මෙවැනි කර්තව්‍යයක් සඳහා දායකත්වය දුන් තෙවැනි රට ලංකාව බව පවසන ඒ මහතා, නව සන්නිවේදන චද්‍රිකාව අභ්‍යාවකාශගත කිරීමත් සමඟ මුළු මහත් ජාතියට විශාල කීර්තියක් හා විශිෂ්ට ස්ථානයක් අත්වනු ඇතැයි ද මෙය ජාතියේ ජයග්‍රහණයක් බවද වැඩිදුරටත් පැවැසීය. ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානයේ සභාපති මහාචාර්ය ලලිත් ගමගේ මහතා ද මේ අවස්ථාවට සහභාගී විය.
චින්තා රණසිංහ - Dinamina
Labels:
Video
Location:
Deniyaya, Sri Lanka
Tuesday, November 16, 2010
Wednesday, November 10, 2010
Marriage and Family
1. Men and women of full age, without any limitation due to race, nationality or religion, have the right to marry and to found a family. They are entitled to equal rights as to marriage, during marriage and at its dissolution.
2. Marriage shall be entered into only with the free and full consent of the intending spouses.
3. The family is the natural and fundamental group unit of society and is entitled to protection by society and the State.
Right to Family & Marriage, Equal Rights as to Marriage : Youth For Human Rights Video
1. Men and women of full age, without any limitation due to race, nationality or religion, have the right to marry and to found a family. They are entitled to equal rights as to marriage, during marriage and at its dissolution.
2. Marriage shall be entered into only with the free and full consent of the intending spouses.
3. The family is the natural and fundamental group unit of society and is entitled to protection by society and the State.
Right to Family & Marriage, Equal Rights as to Marriage : Youth For Human Rights Video
Subscribe to:
Posts (Atom)