වසර 22 ක් පිරීම නිමිත්තෙනි.
"ලොවින් එකෙක් එක් දෙයකට වෙයි සමත" යන පැරැණි සිංහල කියමන සනාථ කරන නිර්මාණ ශිල්පීන් දෙදෙනකු මෑත ඉතිහාසයේ අපට හමුවෙයි. ඒ විශිෂ්ට කලාකරුවන් දෙදෙනා මහගමසේකර සහ සමරවීර මුදලිගේ දොන් ප්‍රේමකීර්ති ද අල්විස් නම් වෙති. 60 දශකයේ අග භාගයේ කලඑළි බසින ප්‍රේමකීර්ති චරිතය, නූතන FM මාල ගිරවුන්ට සහ ගිරවියන්ට සේම, විවිධ විද්‍යුත් නාලිකා ඔස්සේ එක් රැයෙකින් දැල්වී, නිවී යන කෝකිල කෝකිලාවන්ට ගැඹුරින් අධ්‍යයනය කර චරිතායනය කරගැනීමෙන් හරවත් පෞරුෂයක් හා සාර්ථක අනාගතයක් උරුම කරගත හැකි චරිතයකි. මරා දමා 22 වසරක් ගතවීත් මෙතෙක් කිසිදු ශාස්ත්‍රීය අධ්‍යයනයකට හසු නොවූ මෙම කුඩා මිනිසාගේ උත්තුංග නිර්මාණ මෙහෙවර පිළිබඳ යමක් සටහන් කිරීම ඔහු සජීවීව දුටු පළමු පරපුරේ පුරවැසියකු සතු වගකීමක් ලෙස මම සලකමි.
