Pages

Monday, September 22, 2014

මේ නගරය මා ඔබ හෙට දකින නගරයයි

ගමක්‌, නගරයක්‌, පළාතක්‌ සංවර්ධනය කරන අතරවාරයේ, තවත් නගරයක්‌ "තැනීම" එතරම් පහසු කාරණයක්‌ නොවේ. බොහෝ දෙනෙක්‌ එසේ කරනවා තබා සිතන්නටවත් බිය වේ. එහෙත් පරදවන්නට බැරි යෑයි කියූ ත්‍රස්‌තවාදය මුලිනුපුටා දැමූ රටකට එවැන්නක්‌ බැරියෑයි කියන්නට බැරිය. ඒ නිසාම "නගරයක්‌ තැනීමේ" කාරණය ආරම්භ කෙරිණි. එය එසේ මෙසේ නගරයක්‌ නොව මුහුද ගොඩකර සාදන නගරයකි. නම්කර ඇත්තේ පෝට්‌ සිටි (PORT CITY) නමිනි.

මුහුද ගොඩකර තනන මේ නගරය හෙක්‌ටයාර් 233 ක භූමි ප්‍රමාණයකින් යුක්‌තය. පසුගිය සැප්තැම්බර් 17 වැනිදා නිල වශයෙන් එහි ඉදිකිරීම් කටයුතු ඇරඹිණි. මේ සංවර්ධන ව්‍යාපෘතිය එතෙක්‌ මෙතෙක්‌ අප රටේ සිදුවන සුවිශාලතම සෘජු විදේශ ආයෝජන සංවර්ධන යෝජනා ක්‍රමය ලෙස සැලකීමෙහි වරදක්‌ නැත.

අමාත්‍ය මණ්‌ඩල පූර්ණ අනුමැතිය යටතේ ශ්‍රී ලංකා වරාය අධිකාරිය, මහජන චීනයේ චයිනා කොමියුනිකේෂන් කන්ස්‌ට්‍රක්‌ෂන් සමාගම සමග එළැඹි අවබෝධතා ගිවිසුමක්‌ පරිදි චයිනා හාබර් ඉංජිනේරියන් සමාගම විසින් කොළඹ "පෝර්ට්‌ සිටි" ව්‍යාපෘතියේ ඉදිකිරීම් සිදුකරනු ලබයි. ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ව්‍යාපෘතියක්‌ ලෙස ක්‍රියාත්මක වන මෙම ඉදිකිරීම් ආයෝජනයන් සඳහා ශ්‍රී ලංකා ආයෝජන මණ්‌ඩලය (BOI) විදේශ ආයෝජන සඳහා පිරිනමන බදු සහන ද ලබාදේ.

මෙම සුවිසල් ආයෝජන සංවර්ධන ව්‍යාපෘතිය ආකාර කිහිපයකින් රටට ප්‍රතිලාභ අත්කර දෙන්නකි. ඉදිකිරීම් අංශයේ සියලුම ක්‌ෂේත්‍රයන්හි පුහුණු නුපුහුණු ලාංකීය ශ්‍රමිකයන්ද තාක්‍ෂණවේදීන්, ඉංජිනේරු හා ගෘහ නිර්මාණ ශිල්පීන් ඇතුළු ශ්‍රී ලාංකිකයන් අති විශාල පිරිසකට නව රැකියා අවස්‌ථා උදාවීම එහි ප්‍රමුඛතම ඵලයයි. එපමණක්‌ නොව එමගින් හිමිවන වක්‍ර රැකියා අවස්‌ථාද බහුලය. 

"පෝට්‌ සිටි" ඉදිකිරීම් නිමාවූ පසු එම "නගරයේ" සංචාරක, ප්‍රවාහන, ක්‍රීඩා, හෝටල් ආදී පරිපූර්ණ නගරයක අංග ස්‌ථාපිත වනු ඇත. එමගින්ද රැකියා අවස්‌ථා ගණනාවක්‌ බිහිවේ.

"පෝට්‌ සිටි" සාමාන්‍ය නගරය අත්‍යවශ්‍ය අවශ්‍යතා ලෙස හඳුන්වන විදුලිය, ජලය, සන්නිවේදන මහා මාර්ග ආදී සමස්‌ත යටිතල පහසුකම් වලින් සමන්විත පූර්ණ සංවර්ධන ව්‍යාපෘතියකි. 

පෝට්‌ සිටි ව්‍යාපෘතියේ සමස්‌ත ඉදිකිරීම් අධියර දෙකකින් සිදුකෙරේ. පළමු අදියරට දියකඩනය ඉදිකිරීම, ඉඩම් ගොඩකිරීම, පූර්ණ වශයෙන් අවසන් කිරීම හා සංවර්ධනය කළ හැකි ඉඩම්වලින් හෙක්‌ටයාර 75 ක ප්‍රමාණයක යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සිදුවේ.

දෙවන අධියර යටතේ ඉතිරි සංවර්ධනය කළ හැකි ඉඩම් හෙක්‌ටයාර 95 ක ප්‍රමාණයක යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සිදුවේ. පළමු අධියර වසර තුනකින් නිම කිරීමට යෝජිතය. පූර්ණ අධියරයන් නිම කිරීමට වසර 8 ක පමණ කාලයක්‌ ගතවේ.

එපමණක්‌ නොව යෝජිත වරාය නගරය කොළඹ දකුණු වරාය සඳහා ඉදිකෙරෙන ලද දියකඩනයෙන් ආරක්‍ෂා වේ. අලුතින් ගොඩකරන "පෝර්ට්‌ සිටි" හි ආරක්‍ෂාව සඳහා කිලෝ මීටර 3.25 ක දිගකින් යුත් ගොඩබිම හා සම්බන්ධ නොවන දියකඩනයක්‌ ඉදිකෙරේ. 

එම දියකඩනය සඳහා අවශ්‍ය මූලික අධ්‍යයනය අන්තර්ජාතික ප්‍රමිතියේ පරීක්‍ෂණාගාරයන්හි මේ වනවිටත් සිදුකර අවසන්ය. 

මෙම වරාය නගරය (PORT CITY) ආසියාවේ පරිපූර්ණ වාණිජමය කේන්ද්‍රස්‌ථානයක්‌ බවට පත්කරමින් ගොඩනැගෙන්නකි.

නිවාස හා කාර්යාල සංකීර්ණ, සුඛෝපභෝගී හෝටල්, ක්‍රීඩාගාර, ජල තීරු, මාවත් හා උද්‍යාන පමණක්‌ නොව ගොල්ෆ් පිටියක්‌ හා "ෙµdaමියුලා වන්" තරග ධාවන මං තීරුද මේ තුළ සැකසේ. නගරය තුළ ඉදිවන විශාල ඇළ මාර්ග පද්ධතිය මෙම නගරයට විශාල අලංකාරයක්‌ එක්‌කරන්නකි.

කොලොම්තොට ආසියාවේ අසිරිමත්ම නගරය බවට පත්කරන්නට වරාය නගරය (PORT CITY) හැකියාව ලැබෙනු ඇති බව අනිවාර්යය. 

අප ආණ්‌ඩුවේ විවේචනයට බඳුන් කළ යුතු තැන් විවේචනය කරන අතරවාරයේම සාධනීය දේ අගය කළ යුතුය. මේ කිසිවක්‌ "හම්බන්තොට" ගෙනයන්නට කරනු ලබන සංවර්ධන ක්‍රියාදාමයන් නොවේ. මේ නගර මංමාවත්හි අසිරිය නියමාකාරයෙන් අතිවිඳින්නේ එහි විපුල ඵල නෙලන්නේ අප නොවේ. ඉදිරි පරම්පරාවය. ෙµdaර්ට්‌ සිටි ඒ ගමන් මගෙහි එක්‌ කඩ ඉමක්‌ බව කිව යුතුය.

උදේශ සංජීව ගමගේ - Divaina