Pages

Sunday, October 07, 2012

ඉරුවාරදයට ඉරේ බලපෑමක් නෑ (Migraine)

කොළඹ ජාතික රෝහලේ
කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය
ප්‍රදීප් කුමාරසිංහ

හිසරද පිළිබඳ කතා කරන විට ඉරුවාරදය නිසා ඇතිවන හිසරදය විශේෂයෙන් සඳහන් කළ යුතුය.

ඉරුවාරදය (Migraine) නම් රෝගී තත්ත්වය ඇතිවන්නේ රුධිර නාළ හා සම්බන්ධ මොළයේ තිබෙන රසායන ද්‍රව්‍යයක ඇතිවන ප්‍රතික්‍රියාවක් නිසාය. ඉරුවාරදයේ දී ඇතිවන අපහසුතාවය හැර එයින් භයානක ප්‍රතිඵලයක් අත් නොවේ. එසේ වුවද මෙය ඉතාම කරදරකාරී රෝගී තත්ත්වයකි. එසේම මෙය ඉතාම සාර්ථකව පාලනය කළ හැකිය.

ඉරුවාරදයේදී ඇතිවන රෝග ලක්ෂණ මේවාය.

* ඇස් පෙනීම අඩු වී යාම.

* සමහර විට දීප්තිමත් එළි පෙනීම.

* දැඩි විඩාපත් ගතියක් නිදිමතක් දැනීම.

* වමනයට එන ගතියක් කෑම අරුචියක් දැනීම.

* එළිය ඇති තැනක සිටීමට අපහසු වීම.

ඉරුවාරදයේ දී ඇතිවන හිසේ කැක්කුම මතු වන්නේ සතියකට දින 2 ක් හෝ 3 ක් විය හැකිය.

ඉරුවාරදය ඇතිවන රෝගීන්ගේ 60% ක් 70% ක් පමණ අවස්ථාවල දී හිසරදය ඇතිවන්නේ හිසේ එක් පැත්තකය; වම් පැත්තේ හෝ දකුණු පැත්තේ ය.

සමහර ඖෂධ නිසාත් ඉරුවාරදය ඇති වෙනවා අධික රුධිර පීඩනය ඇදුම පාලනය කරන බෙහෙත් ඒ අතරින් ප්‍රධානය.

ඉරුවාරදය සඳහා ද ඉතා ප්‍රත්‍යක්ෂ ඖෂධ අද ඇත. ඒ මඟින් ඉරුවාරදය ඉතාම හොඳින් පාලනය කළ හැකිය. ඉරුවාරදය ප්‍රධාන වශයෙන්ම ඖෂධ කාණ්ඩ දෙකක් ලබා දේ. ඒ ඉරුවාරදය වළක්වා ගැනීමට ලබා දෙන ඖෂධයන් සහ රෝග ලක්ෂණ අඩු කිරීම සඳහා දෙනු ලබන ඖෂධයන්ය.

එසේම ඉරුවාදරය නිසා ඇතිවන හිසේ කැක්කුම බොහෝ වේලාවක් පවතී.

එය පැය හතරේ සිට දින දෙකක්, තුනක් දක්වා වුවද පැවතිය හැකිය.

වෙන ඕනෑම හිසරදයක් මෙතරම් වේලාවක් පවතින්නේ නැත.

ඒ හැර ඉරුවාරදයට ඉරේ බලපෑමක් නැත.
Silumina -