සිත හදා ගත්තා විතරමයි
ඔබ ආයෙමත් ඇවිදින්
උන්නු දා පෙර අත පොවන්නට බැරි දුරින්
නින්ද මට නැති දවස් තිබුණද කොයිතරම්
නුඹ නොදැක සිටි දිගු කාලයේ
සිත හදා ගත්තා විතරමයි
ඔබ ආයෙමත් ඇවිදින්
දෑස අග මල් පිපී සැලුණත් කොයිතරම්
එක මලක් වත් සුවඳ නැති විය ඔබ තරම්
නුඹ නොදැක සිටි ඒ කාලයේ
නෙත කඳුළු මැකුණා විතරමයි
ඔබ ආයෙමත් ඇවිදින්
ගායනය: අමරසිරි පීරිස්

අමරසිරි පීරිස් විසින් මෑත කාලයේ ගැයූ මධුර ගීයකි මෙය.ගීතය ඉතාම සරල එකකි නමුත් එය ඉතාම ලයාන්විත සරල ගීතයකි. පද පෙළ ඉතාම් සරලය.නමුත් ඒවා හදවතට කතා කරයි. සරල ගීයක් වුවද මෙහිදීද භාව ප්‍රකාශන නැත්තේම නොවේ. "ඔබ ආයෙමත් ඇවිදින්" ලෙස මුල්ම පදය ගයා ඉන්පසුව මඳ වේලාවකින් ඉතිරි පදය ගැයේ.ඒ කාලයක් ගතවූ බව දැක්වීමට හා එම දැකීමෙන් ඇති වූ හැඟීම් සමුදාය කැටි කර ගන්නා වේලාව දැක්වීමටය.සේම ඔබ ආයෙමත් ඇවිදින් යන පදය නිතර නිතර ගැයීමෙන් පෙන්වන්නේ මෙය එක් වරකට වඩා සිදු වූ බවක්වත්ද?
Courtesy - Blog