අද 2011.05.14
තව හෝරා කිහිපයකින් රාත‍්‍රියේ මේ මැදියම ගෙවී හමාර වනු ඇත.මේ තාරකා නිවෙන්නට අර අදින අළුයමයි.සීතල සුළං දැවටෙන, මුමුණන හඩ පවා මට ඇසේ.ඉක්මනින් මේ රාත්‍රිය ගෙවී යයි නම් මට සිතේ. තෝරතෝංචියක් නැති සිතිවිලි මසිතට නැගේ.දැන් මට පෙනෙන්නේ රෝහලේ ඇද මත නිදන මපුතුගේ මුහුනයි. අම්මාගේ ළමැදට කොපුලතක් තෙරපවා නිදන පුතුගේ නලලත සිඹින්නට නොනිමි ආශාවකින් මම පෙලෙමි. ඇසට කදුළු නැගේ. හිත කප්පරක් දරු සෙනෙහසින් පිරේ. මේ හැම තාත්තෙක් ගේම සිතුවිලි යැයි මටසිතේ. තුන් තිස් පැයේම නොනිදන මගේ අසරණ අහිංසක සිතේ ප‍්‍රාර්ථනාවක් වේ..............''දෙනෙත් හැර බැලු විට තමන් හැර අන් සියල්ල පෙනේය යන ඇත්ත මගේ නොදරුවාට පසක් වේවා! මගේ හැම වේදනාවක්ම හැම වචනයකම හැම හැගීමකම අනුහස මගේ අසරණ දරුවාගේ ජීවිතය එකලු කරන පහන් වැටක් වේවා!''
සුවද දැනි දැනී දැනෙනවා
උදා හිරු එළියේ අලුත් ඉරක් දෝ මේ................
ආයෙ හෙට දවසක් තියේවි අද වාගේ
ජීවිතේ සුන්දරද මෙතරම්......................
රංජිත් කපුගේ