Friday, August 04, 2017
ස්මාර්ට් ෆෝන් බාලකරනවා මොලේ
ස්මාර්ට් ෆෝන් බාලකරනවා මොලේ: ස්මාට් දුරකථනය සමග වූ සිතුවිළි බලපෑම නිසා අපගේ මොලයේ ශක්තිය හීන වන බව අධ්‍යනයකින් වාර්තා කර තිබේ. තරුණ පරපුර බොහෝවිට ස්මාට් දුරකථනවලට අධික ලෙස ඇලී...
Thursday, March 16, 2017
සැමියාට වයස 75 යි බිරිඳට 33 යි විවාහය හරියයිද? – විශේෂඥ මනෝ වෛද්‍ය කපිල රණසිංහ
ඕනෑම සමාජයක උණුසුම් ආන්දෝලනාත්මක කතාබහ ඇති වනුයේ එම සමාජයට සෘජුව බලපාන සමාජ, ආර්ථික සහ දේශපාලනික කරුණු මුල් කොට ගනිමිනි. නමුදු එසේ නොවන ආන්‍යයන් ගේ පෞද්ගලිකත්වයන් හා සබැඳුණු කරුණු සම්බන්ධයෙන් ද උණුසුම් ආන්දෝලනාත්මක කතා බහ ඇතිවනු පෙනේ.
ඒ මාධ්‍යය මගින් සංනිවේදනය කරන යම් යම් පුද්ගලයන් සම්බන්ධ කරුණු මුල් කර ගනිමිනි. වයස අවුරුදු හැත්තෑ පහක් වන පිරිමියකු හට වයස අවුරුදු තිස් තුනක කාන්තාවක විවාහ කර ගත නොහැකිද? යන්නද මේ දිනවල සමාජය පුරා පැතිර යන එවන් විවාදාත්මක මාතෘකාවකි.
එබැවින් අපි ඒ පිළිබඳ පාඨක කුතුහලය සමනය කරනු පිණිස ඒ සම්බන්ධ මනෝ වෛද්‍ය විද්‍යාත්මක පදනම මුල්කොට අංගොඩ, මානසික සෞඛ්‍යය පිළිබඳ ජාතික ආයතනයේ විශේෂඥ මනෝ වෛද්‍ය කපිල රණසිංහ මහතාගෙන් මේ විමසීම කළෙමු.
අවුරුදු හැත්තෑපහක විතර පිරිමියෙක් අවුරුදු තිස් තුනක විතර කාන්තාවක විවාහ කර ගැනීම ගැන මොකද හිතන්නේ?
ඒක ඒ දෙන්නාගේ කැමැත්ත අනුව සිද්ධ වෙනවා නම් මට වත් වෙන කාටවත් ඒ ගැන අමුතුවෙන් හිතන්න දෙයක් නැහැ. මොකද හොලිවුඩ් තිරයේ කව්බෝයිගේ චරිතයට පණදුන් ක්ලින්ට් ඊස්ට්වඩ් 1996 වසරේ විවාහ කරගත්තේ තමන්ට වඩා අවුරුදු තිස් පහකින් බාල ඩීනා කියලා කාන්තාවක්.
ඇමරිකාවේ එහෙම ‘කව්බෝයි’ ලා හිටියත් වයස අවුරුදු හැත්තෑපහ කියන්නේ මිනිස් ජීවිතයක අවසන් භාගය නේද?
අප රටේ මිනිසකුගේ පොදු ආයු කාලය (Life expectancy) අවුරුදු හැත්තෑ හතරට ටිකක් වැඩියි. ඒත් කෙනෙකුට අවුරුදු සීයක් හෝ නැතිනම් ඊටත් වැඩි කාලයක් කායික – මානසික වශයෙන් නිරෝගීව ජීවත් වීමට ඇති හැකියාව ඉන් ප්‍රතික්ෂේප වෙන්නේ නැහැ.
නමුත් වයස අවුරුදු හැත්තෑපහ කියන්නේ පිරිමියකු වුණත් කායික සහ මානසික වශයෙන් දුබල හා බෙලහීන වන අවදියක් නේද?
ඒක උපකල්පනයක් විතරයි; පිරිමියකුගේ මැදිවයස ඉක්මීමත් එක්ක කායික මානසික වශයෙන් යම් පසුබෑමක් සිදු වුවත් ඒක දුබලතාවයක් හැටියට හඳුන්වන්න බැහැ. මනා කායික මානසික යහපැවැත්මක්, මනා පෞරුෂයක් සහ හොඳ සමාජ තත්වයක් සහිත පිරිමියකුට වයස අවුරුදු හැත්තෑපහේ දී වුණත් කායික හා මානසික වශයෙන් දුබල නොවී ඉන්න පුළුන්.නමුත් මගේ ප්‍රශ්නය ජීව විද්‍යාත්මක කරුණක් පිළිබඳවයි පිරිමියකුගේ පෞරුෂය සහ ලිංගික ක්‍රියාකාරිත්වයට මුල්වන ටස්ටස්ටරොන් (Testosterone) කියන හෝමෝනය නිපදවීම වියපත් බවත් සමඟ යම් ප්‍රමාණයකින් අඩු වෙනවා නමුත් ඒක මුළුමනින්ම නතර වන්නේ නැහැ. ජීවිත කාලය පුරාම යම් ප්‍රමාණයකින් එය නිපදවෙනවා. ඒක පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙන තත්වයක්. නමුත් කොච්චර වයසට ගියත් පිරිමින්ගේ රැවුල වැඩීම නතර වෙන්නේ නැහැනේ. රැවුල වැවෙන්නෙත් ඔය හෝමෝනය නිසා.
ඒ කියන්නේ කාන්තාව වයසට යනවා. නමුත් පිරිමියා මිය යන තුරුම වයස යන්නේ නැහැ?
මම මේ කියන්නේ ජෛවමය කාරණයක් ගැනයි; කාන්තාවක නම් වයස අවුරුදු පනහේ දී විතර ඔසප් වීම නතරවීම හෙවත් ආර්ථවහරණයට (menopause) ලක්වීමෙන් පසුව ලිංගික ජීවිතයේ යම් පසුබෑමකට ලක්වෙනවා; නමුත් ඉන්පසුවත් කාන්තාවකට වුවත් සාර්ථක ලිංගික ජීවිතයක් ගත කරන්න පුලුවන්; නමුත් පිරිමියකුට අඩුම තරමින් එවැනි ජෛවමය කඩ ඉමක් වත් නැහැ. නමුත් පිරිමියකු තුළ වුවත් මේ පෞරුෂය ජවය අඛණ්ඩව පවත්වාගෙන යා හැක්කේ යහපත් කායික මානසික යහපැවත්මක් තිබුණොත් විතරයි. එසේ නැතිව කායික රෝග සහ මානසික බිඳවැටීම් ඔස්සේ මේ තත්වයේ අවනතියක් සිදුවිය හැකියි.
ඒ සම්බන්ධ ජෛව විද්‍යාත්මක පක්ෂය එසේ වුවත් අපේ සංස්කෘතිය ඔවැනි විවාහ අනුමත වන්නේ නැහැ නේද?
ඇත්තටම අප සමාජයෙන් ඔය සදාචාර ලක්ෂණය ප්‍රකටව මතු වුණේ ඉංග්‍රීසි යටත් විජිත පාලනයත් සමඟ අපට උරුම වුණු වික්ටෝරියානු සදාචාරය නිසයි. නමුත් අපේ සැබෑ දේශීය සංස්කෘතිය සම්ප්‍රදාය සහ සදාචාරය තුළ ඔවැනි තත්වයක් දකින්නට තිබුණේ නැහැ. අපේ කන්ද උඩරට රාජධානි සමයේ බොහෝ වියපත් ජන ප්‍රධානීන් තරුණ බිරියන් සමඟ ජීවත් වුණු බවට සාක්ෂි තිබෙනවා. ඔවුන් එය සැලකුවේ තමන් සතු පෞරුෂයේ ජව සම්පන්න බවේ ලක්ෂණයක් ලෙසයි.
නමුත් අපේ දේශීය ගැමි සංස්කෘතිය තුළත් ඔවැනි ලක්ෂණ දකින්නට තිබුණා ද?
මොකද නැත්තේ? මා දන්නා එක් රෝහල් මුරකරුවෙක් විශ්‍රාම ගියේ මා පාසල් යන දවස්වලමයි; ඔහුගේ පුතෙකුත් මෑතකදී වයස් ගතව මිය ගියා; නමුත් ඔහු තවමත් නිරෝගීව ජීවත් වෙනවා. දැන් වයස අවුරුදු අනූ හයක්. ඒ වගේම කලින් බිරිය මිය යාම නිසා ඔහු මෑතක දීත් තරුණ බිරියක් කැන්දාගෙන ආ බව මට දැන ගන්නට ලැබුණා. ඒක ඔහුගේ මනාපය සහ හැකියාව. ඒකේ කිසිම වරදක් නැහැ.
එතරම් වියපත් වූ ඔහුට තරුණ බිරිඳක් අවශ්‍ය වුණේ ඇයි?
අන්න ඒක අප බොහෝ දෙනා නොදන්නා නොසිතන තත්වයක්. බිරිඳගේ මරණයෙන් පසුව බොහෝ පිරිමින් මානසිකව හුදකලා වෙනවා; දරුවන් ලොකු මහත් වී ඔවුන් ගේ පවුල් ජීවිත තුළ කොටු වීම මත පියාගේ ඒ මානසික හුදකලාව අසරණ බවක් බවට පත් වෙනවා; නමුත් දරුවන්ට ඒ බවක් හැගෙන්නේ නැහැ. ඔවුන් හිතන්නේ තාත්තාට කන්න බොන්න තියනවා ජීවත්වෙන්න සල්ලි තියනවා, ඒ නිසා ප්‍රශ්නයක් නැහැ කියලයි.
ඉතින් එහෙනම් මොකක්ද ඔවුන් පත්වන අසරණ බව?
ජෛවමය වශයෙන් පිරිමින්ට සාර්ථකව කළ නොහැකි බොහෝ දේ කාන්තාවන්ට හැකිවීමේ ජෛවමය පදනමක් තිබෙනවා; මේක විවාහ වී සිටින සෑම පිරිමියකුටම වැටහෙන දෙයක්. ඉවුම් පිහුම්, ගෘහ පාලනය, ගෙදර දොර අලංකාරණය වගේම තම කායික මානසික අවශ්‍යතා සංතෘප්ත කර ගැනීම පිණිස බිරිඳ අඛණ්ඩව දැක්වූ ඒ උපකාරය ඇගේ මිය යාමත් සමඟ ගිලිහී යාම මත පාළුව, තනිකම, අසරණ බව දරා ගැනීමට යමකුට අසීරු විය හැකියි. එසේ තනිවීම නිසා විශාද තත්වයට පත්වූ බොහෝ වියපත් සැමියන් මනෝ වෛද්‍ය සායන වලදී අපට මුණ ගැසෙනවා.
එවන් තත්වයක් තුළ වුවත් වියපත් පිරිමින් නැවත විවාහවලට යොමු වීම අතීත ගැමි සමාජය හෙළා දුටුවා නේද?
නාකි විසේ ගෙටත් උසේ’ ‘සීයා මනමාලයා නාකි ඉලන්දාරියා’ වශයෙන් ප්‍රකට පිරුළු සමාජගත වුණේ එවන් පුද්ගල චර්යාවන් මුල් කරගෙනයි. නමුත් අපේ අතීත සමාජය එවැනි වැඩිහිටියන් අහිංසක සාමකාමී සරදමකට උපහාසයකට ලක් කළා මිස ඔවුන් දෙස ද්වේෂයෙන් බැලුවේ නැහැ. ඒ අනුව බලන කොට අපේ පැරණි ජන සමාජය අදට වඩා දියුණුයි.
නමුත් වයස අවුරුදු හැත්තෑ පහක පිරිමියකු හා විවාහ වන අවුරුදු තිස් තුනක කාන්තාවකට කවදා නමුත් ජීවිතයේ මැදි වයසේ දී සමාජයීය වශයෙන් අසරණවීමට සිදු වෙනවා නේද?
සැමියාගේ වියෝගයෙන් කාන්තාවක අසරණ වෙනවාය කියන එක එක්තරා උපකල්පනයක් විතරයි; වර්තමාන සමාජ ආර්ථිකය අනුව සැමියාගේ වියෝගයෙන් පසුව ජීවිතයට සාර්ථකව මුහුණ දුන් කාන්තාවන් ඕනෑ තරම් සිටින බව පෙනෙනවා; ඒවගේම යුග දිවියේ පවතින දැඩි අසාර්ථක තත්වයන් යටතේ යුග දිවිය තුළම අසරණ වූ කාන්තාවන් විශාල ප්‍රමාණයකුත් අප සමාජයේ හිඳින බව අප අමතක නොකළ යුතුයි. ඒ අනුව ඔබගේ ඔය ප්‍රශ්නයේ ප්‍රායෝගික සත්‍යයක් තිබේ නම් ඒ බොහොම සුළු වශයෙන් විතරයි.
නමුත් වියපත් පිරිමින් හා විවාහ වන තරුණ කාන්තාවන් දෙස පිරිමි පාර්ශවයේ අවධානය යොමුවීම වැඩියි; ඒ අනුව ඔවුන් වරදට යොමු වීමේ වැඩි නැඹුරුවක් ඇති බවක් පෙනී යනවා.
ඕකත් සමාජමය උපකල්පනයක් විතරයි; එහෙම නැතුව ඔය කතාවෙත් ප්‍රායෝගික සත්‍යයක් නැහැ. ඒවගේම සම වයසේ හෝ තමන්ට වඩා අවුරුදු කිහිපයක් වැඩිමල් පිරිමින් කොතෙකුත් සිටියදී තමන්ට වඩා දෙගුණයකටත් වැඩිමල් පිරිමියකු සමඟ විවාහවීමට යම් කාන්තාවක් කැමති වෙනවා නම් ඊට කුමක් හෝ විශේෂිත කරුණක් මුල් විය හැකියි; විවාහ ජීවිතයේ නොයෙකුත් ගැටළු අර්බුදවලින් පීඩාවට පත්ව ඊට වඩා නිහඬ නිසංසල යුග දිවියක් අපේක්ෂා කරන කාන්තාවන් ද විවාහය සඳහා මෙවැනි වියපත් පුද්ගලයන් තෝරාගන්නා අවස්ථා තිබෙනවා; එවන් සුවිශේෂ තෝරා ගැනීමකින් පසු ඔවුන් යළි වෙනත් ගමන් මඟක් වෙන යොමු නොවීමේ වැඩි නැඹුරුවක් පවතින බවයි මට නම් කිව හැක්කේ.
නමුත් වියපත් බවට පත්ව සිටින මහා ධන කුවේරයන් ගේ ධනයට ඔවුන්ගේ මරණයෙන් පසු උරුමකම් කීම සඳහා ද සමහර තරුණ කතුන් එවන් පුද්ගලයන් සමඟ විවාහ වන අවස්ථා තිබෙනවා.අපරාධ, වංචා, දූෂණ වගේ දේවල් වලින් සහමුලින් අත්මිදුණු සමාජයක් මේ මිහිපිට කොහේවත් නැහැ. ඒ අනුව උපායශීලී ලෙසින් එවැනි වියපත් ධන කුවේරයන් ගේ සිත් දිනා ගනිමින් තමන්ගේ යටි අරමුණු ඉටුකර ගැනීමට මාන බලන කාන්තාවන් ද සිටිය හැකියි. නමුත් කිසියම් පුද්ගලයකු එවැනි රැවටීමකට වුව ලක්වන්නේ තමන් තුළ පවතින කායික මානසික අවශ්‍යතා සංතෘප්ත කර ගැනීමේ මඟක් නොමැතිව අසරණ වී හිඳින නිසාය යන සත්‍යයත් අප අමතක නොකළ යුතුයි.
ඒ අනුව ඔබ පවසන්නේ බිරිඳ මියගිය පසු සෑම පිරිමියකුම නැවත විවාහයක් කර ගත යුතුය කියාද?
ඒක යම් පුද්ගලයකුගේ කායික, මානසික නිරෝගීතාවය, සමාජ ආර්ථිකය අනුව තීරණය කළ යුතු දෙයක්. යමෙකුට තම බිරිඳගේ මරණයෙන් පසු එවැනි දරාගත නොහැකි කායික මානසික හුදකලා බවක් දැනෙනවා නම් ඒ තැනැත්තා යළි විවාහයක් කර ගැනීමේ වරදක් නැහැ. ඒ වගේම ඒ වයසේ දී තමන් තුළ නැගෙන ජෛවමය අවේගයන් දිගු කාලයක් ආයාසයෙන් යටපත් කරගෙන සිටියහොත් තවත් වියපත් වීමේ දී ඒවා පාලනය කර ගත නොහැකිව සදාචාර විරෝධී අයුරින් එම ආවේග පිටතට පැමිණිය හැකියි; තමුන් ගේ මිනිපිරියන් හෝ එම වයසේ දැරියන් දූෂණය කළ සීයලා පිළිබඳ ප්‍රවෘත්තිත් අද පුවත්පත් පාඨකයන්ට සාමාන්‍ය සුලබ අත්දැකීමක් වී ඇත්තේ ඒ තත්වය නිසයි. නමුත් මෙසේ ප්‍රසිද්ධියට පැමිණෙන්නේ එබඳු සිදුවීම් වලින් ඉතා සුළු ප්‍රතිශතයක් බවත් අප දැනගත යුතුයි. ඒ නිසා ඉහත සඳහන් මාතෘකාව දෙස වඩාත් නිදහස් සහ සහනශීලී අයුරින් බැලීම තමයි අප කවුරුත් කළ යුත්තේ.
– දමයන්ති ගමගේ
Wednesday, December 14, 2016
HOW TO CHOOSE HAPPINESS
This is an article from Turning Points, a magazine that explores what critical moments from this year might mean for the year ahead.
Turning Point: An executive at Ikea declared that the West has reached “peak stuff,” with people owning too many things.
The Japanese word ‘tokimeku’ means ‘to spark joy.’ Someone who is adopting my method of tidying must take a possession of hers and ask: “Does this spark joy for me?” This question is the sole basis for choosing what things to keep in one’s home and what to discard.
But, can we apply this notion of sparking joy on a larger scale?
We live in a disorganized and chaotic world, much of it outside our control. I read recently that more than 80 billion articles of clothing are produced each year, but only a negligible few are recycled. As people’s buying habits shift and technology moves most everything to the cloud, people have been valuing experiences over material things. Some have even pointed out that we may have reached a critical point in terms of mass consumption - we’ve reached peak stuff.
Though it sometimes may seem like our things are threatening to take over our world, we can focus our energy and determination on choosing what makes us happy, and ultimately change our lives. Asking ourselves whether something sparks joy seems like such a simple process - so simple that many people wonder whether it can really be effective. The strength of the ‘spark joy’ standard, however, lies in its ambiguity.
Let’s consider, more precise standards, for what to keep or discard, even for something as basic as clothing. Should the number of jackets you own be fewer than 10? Should you discard clothes that you haven’t worn in more than three years?
Rules that adopt concise numerical values may appear to be more practical, which is why society often imposes specific standards on us, such as the amount of money we should earn, the ideal body weight we should maintain or the recommended quantity of food we should consume each day. But. what makes one person happy, comfortable and healthy varies for the next, so your individual gold standard can be determined only through your own perspective. This is where the magic question - Does it spark joy? - comes into play.
Continually assessing whether the belongings in your life spark joy, allows you to hone your judgment. Over time, your ability to identify what is worth keeping will extend from your home to your career to your relationships. You will be able to discern what makes you happiest and most contented in other aspects of your life.
I don’t mean that tidy homes, full of satisfied people who act in accordance with what sparks joy will cure all of our planet’s ills. Yet, I believe that people who are pleased with the course and direction of their lives and who have seen what their own determination can achieve can help create a kinder, better world.
I’d like to share some ideas on how you can use the concept of tokimeku in your own life.
Before you start deciding what sparks joy in your life, you must first get a true sense of the problems you face. For example, when organizing clothes, take out all the clothes you own and gather them in one spot, so that you can visually comprehend how much you have.
What we don’t often realize is, the furniture and closets in which we store our clothing have a remarkable way of concealing truths we would rather not see (a pilled sweater, for instance, that does not bring any joy). It’s perfectly fine to take advantage of this masking effect on a small scale, but when the amount of things you don’t need continuously increases - with the time and space you devote to accumulate them - you will find it becomes harder to lie to yourself.
We also work in much the same way. We often hide our problems in the closet of our hearts as if they never existed. Whenever my mind clouds over and I feel overwhelmed, I immediately take out a sketchbook. I write down all the emotions that I feel and the possible reasons behind them across a blank white page.
Once you’ve pinpointed your problems, identify specific solutions. For each problem, assign a concrete task such as “contact and consult a professional” or “reply immediately with an email.” These actions should be clear and specific. The ultimate goal of organizing is to remedy the state of untidiness and prevent its recurrence.
When choosing the actions, never forget to ask yourself whether each action sparks joy and makes sense for you. Once you’ve compiled a list, serenely execute these tasks.
I also keep a to-do list in my sketchbook. Each time I complete a task, I put a check mark next to it. As I complete the tasks one by one, I get a joyful feeling of lightness, as though I have completely finished tidying up my home. It sounds simple, but this is exactly the moment that sparks joy for me.
The ‘spark joy’ standard for tidiness depends on the individual. You cannot force people to tidy, nor should you try. But, there can be communal applications for this idea. I feel the question of whether something sparks joy becomes effective when people can exchange views and share a common vision for the future.
Understanding and appreciating the concept of tokimeku in the midst of a confusing and disorderly world will allow us to clarify our ideals, and help us gain confidence in our ability to lead productive lives and develop a sense of responsibility to those around us. From there, we can act with focus and certainty while improving our lives and our beautiful - if still very messy - world.
- New York Times
Thursday, October 20, 2016
PREGNANT WOMEN SHOULD AVOID ANTI-DEPRESSANTS
Pregnant women who take anti-depressants are more likely to have children with speech and learning difficulties, a study has suggested.
Researchers from Columbia University’s Mailman School of Public Health stated the selective serotonin reuptake inhibitors (SSRIs) in this medication can “infect” the placenta.
The study, published in the journal JAMA Psychiatry, looked at 845,345 births between 1996 and 2010 taken from national registries in Finland.
They found those who took anti-depressants “almost doubled” the risk of having kids who have language difficulties or developmental delay.
“To our knowledge, this is the first study to examine the relationship between maternal anti-depressant use and speech or language, scholastic, and motor disorders in offspring,” said Professor Alan Brown, according to the Daily Mail.
“The study benefited from large sample population and followed the children beyond age three.”
Researchers formed a group of mothers who had bought SSRIs once or more before or during pregnancy.
They also had a group of mothers who were diagnosed with a psychiatric disorder one year before or during pregnancy but did not have anti-depressants. The final group was mothers who had not been diagnosed with a mental health illness and had not had anti-depressants.
Researchers found, irrespective of the number of purchases of anti-depressants, the risk of speech or language disorders was increased among their children.
Dr Helen Webberley, the dedicated GP for www.oxfordonlinepharmacy.co.uk said pregnant women should know taking medication is a “fine balance” or risks versus benefits.
“Studies such as this are understandably of concern to expectant mothers,” she told The Huffington Post UK. “All medicines will have clear guidelines on the instruction leaflet about their evaluation for safety for use during pregnancy and while breastfeeding.
“Providing sufficient studies have been done on the effects of using that medicine during pregnancy, it will clearly say whether you should avoid it or you are safe to take it. “In some cases, the leaflet will be more uncertain, and say that you should only take it if the benefits outweigh the risks. Some anti-depressants, for example, are better not taken while pregnant, however, if the mother is at severe psychological risk of her depression, then it may be better to take them.
“Sometimes it depends on the stage of pregnancy, where some medicines may be potentially harmful to the young developing embryo, whereas others could cause damage to the developed foetus. Read the leaflet, ask the pharmacist and discuss with your doctor if you are still not sure.”
- Huffingtonpost.co.uk
Monday, October 17, 2016
අපෙ ගුරුතුමා යයි තාමත් ඉස්කෝලේ
“මට, ඇති තරම් සල්ලි තියෙනව නම් එහෙම, මම ගම්බද ජීවත් වන රෝගී ගුරුවරුන්ට සෞඛ්‍ය නිකේතනයක් හදල දෙනව. ඔව්, ලොකු ගොඩනැඟිල්ලක් - ඇති පදම් ආලෝකය තියෙන - ඔබ දන්නවනෙ - ලොකු ජනෙල් තියල, සීලිම උසට ගහල, ලොකු මන්දිරයක් හදනව. මම ඒකෙ අලංකාර පුස්තකාලයක් හදනව. හැම වර්ගයෙම සංගීත භාණ්ඩ ගේනව. එළවළු වත්තකුයි, පලතුරු උයනකුයි හදනව. ඒ වාගෙම මීමැසි පෙට්ටිත් ගෙනැල්ල තියනව. මේ මන්දිරයෙ කෘෂි විද්‍යාව, කාලගුණ විද්‍යාව වාගෙ දේවල් ගැන දේශන පවත්වන්ඩ සලස්වනව. ගුරුවරු හැම දෙයක්ම දැනගෙන ඉන්ඩ ඕනෑ. ඔව්, ලොකු උන්නැහැ, හැම දෙයක්ම...”
ගුරුවරුන් ගැන මේ තරම් උද්යෝගයෙන් හා උද්වේගයෙන් කතාකරගෙන කතාකරගෙන යන්නේ, කවරකුදැයි තවම ඔබට නිනව්වක් නැති බව මම දනිමි.
සිහින සිතිවිලිවලියක් බඳු ඒ කතාව, අපේ රටේ හෝ අපේ වැනි වෙනත් රටක හෝ අධ්‍යාපන ඇමතිවරයකුගේවත්, ඊළඟ ආණ්ඩුවක අධ්‍යාපන ඇමතිවරයකු වන්නට සිහින දකින දෙවැනි තුන්වැනි පෙළේ දේශපාලකයකුගේවත් නොවේ.
ඒ වදන්, ඊට වඩා බොහෝ වෙනස් මිනිහකුගේය. ඒ වචන ස්වකීය ප්‍රතිභා මහිමයෙන්ද, අනනුකරණීය ශෛලියෙන් ද ඉතා ගැඹුරු මානව හිතවාදයෙන්ද ලෝක සාහිත්‍යයත්, ඒ මඟින්, අපේ ලෝකයේ චින්තනයත් පොහොසත් කළ උතුම් මිනිහකුගේය.
ඒ අපූරු මිනිහා, රුසියානු මහා ලේඛක ඇන්තන් පව්ලොවිච් චෙකෝප්ය.
චෙකෝප් විසින් “ලොකු උන්නැහේ” යනුවෙන් ආදරයෙන්ද, තරමක් විහිළු තාලයෙන්ද ආමන්ත්‍රණය කරනු ලැබූ, ඔහුගේ මේ දේශනයට සවන්දීගෙන, ඔහු සමඟ වත්තේ ඇවිදිමින් සිටි අනෙක් තැනැත්තාද, එසේ මෙසේ මිනිහෙක් නොවීය. හේ තෙමේ ස්වකීය අනුපම මානවප්‍රේමයෙන්ද, නොසන්සිඳෙන නිර්මාණ ශක්තියෙන්ද ලෝක සාහිත්‍යය සාරවත් කළ මහා ලේඛක ඇලෙක්සි පෙෂ්කෝව් හෙවත් මක්සිම් ගෝර්කිය.
මතු පරම්පරාවල සාහිත්‍ය රසිකයන් හා සහෘදයන් උදෙසා මතු නොව, අනාගතයේ එන අධ්‍යාපනඥයන්, මුල්ගුරුවරුන්, උපගුරුවරුන් හා ඇතැම් විට, රටක අධ්‍යාපන ප්‍රතිපත්තිය භාරගන්නා අධ්‍යාපන ඇමතිවරුන් උදෙසාද, චෙකෝව්ගේ අනාගත වක්කෘත ඒ වචන රාශිය ලියා තැබුවේ, මක්සිම් ගෝර්කි විසින්මය.
“මගේ හීනවලට සවන් දීගෙන ඉඳීම ඔබ වදයක්ද? මේ ගැන කතා කරන්න, මම බොහොම ආසයි. රුසියාවේ ගම්බද පළාත්වලට හොඳ දක්ෂ උගත් ගුරුවරු මොන තරම් අවශ්‍යද කියල ඔබ දන්නවද? මේ රුසියාවෙ, ගුරුවරුන් සඳහා අපි ඉතා හොඳ තත්ත්වයක් ගොඩනඟල දෙන්ඩ ඕනෑ. ඒක ඉක්මනට කරන්ඩත් ඕනෑ. ජනතාවට, හැම පැත්තෙන්ම පිරුණු සර්වසම්පූර්ණ අධ්‍යාපනයක් ලැබුණෙ නැත්නම් එහෙම, රාජ්‍යය බිඳ වැටෙනවා. හරියට, දඹු ගල්වලින් හදාපු ගෙයක් බිඳ වැටෙනව වාගෙ.
“ගමේ ගොවීන් අහන ප්‍රශ්න සියල්ලටම උත්තර දෙන්ඩ පුළුවන්කම තියෙන, ගමේ ජීවත් වන පළමුවැනි තැනැත්තා වෙන්ඩ ඕනෑ, ගුරුවරයා. එතකොට තමයි, ගමේ අයට ඔහුට ගරු කරන්ඩ පුළුවන් වෙන්නෙ. ගෞරවයට ලක් වෙන්ඩ, අවධානයට ලක් වෙන්ඩ තරම් තමන්ට බලයක් ඇති වෙන්නෙ, එතකොටයි. ගමේ ඉන්න පොලිස්කාරයාට, කඩකාරයාට, පූජකයාට, පාසල් අධිපතියාට, එතනින් ගියාම, පාසල් පරීක්ෂකවරයා කියන මිනිහාට - මම දන්නෙ නෑ මේ හාදයා මොනව කරනවද කියල - චක්‍රලේඛන අකුරට ක්‍රියාත්මක කරන්ඩ හදනවා මිසක් - අධ්‍යාපන තත්ත්වයන් දියුණු කරන්ඩ මිනිහා කරන දෙයක් ඇත්තෙ නැහැ. මේ මිනිස්සු කාටවත් තමන්ගේ තත්ත්වය පහත හෙළන්ඩ බැරි වෙන තරමට, ගුරුවරයාගේ බලය ගමේ තහවුරු කරන්ඩ ඕනෑ....”
චෙකෝප්ගේ කතාව තව බොහෝ දිගය. එහෙත් ඔහු පවසන මේ වැකි කිහිපය අපගේ අවධානයෙන් ගිලිහෙන්නට හැරිය යුතු නැත.
“ජනතාවට උගන්නන්ඩ කියල භාරදීල තියෙන මිනිහෙකුට, මසුරුකමට ගෙවන සොච්චම් වැටුප ගැන අපි ලැජ්ජා වෙන්ඩ ඕනෑ....”
“මම ඔබට කාරණයක් කියන්නම්. ගුරුවරයෙක් හම්බ වුණාම, මට ලොකු අසීරුවක් දැනෙනව. මේ මිනිහගෙ නිවට නියාලුකමට - පිළිවෙළක් නැතිකමට - මට මහත් අපහසුවක් දැනෙනව. මට හිතෙනව, ගුරුවරුන්ගෙ මේ ශෝචනීය තත්වයට මාත් වැරදිකාරයෙක් කියල. ඔව් ඇත්තටම මට එහෙම හිතෙනව...”
තමන්ට මේ සමාජයේ කෙළින් හිටගන්ට බැරි වුණේ හොඳ ආර්ථිකයක් නැතිකම නිසා යැයි තීරණය කළ අපේ ගුරුපරපුරෙන් කොටසක් කෙළේ, අධ්‍යාපන කඩ දමාගෙන ගණිතය, සත්ත්ව විද්‍යාව, භෞතික විද්‍යාව වැනි ගණන් වැඩි භාණ්ඩ පමණක් නොව, සිංහල, බුද්ධාගම වැනි සිල්ලර බඩුද විකුණන්ට පටන්ගැනීමය. අපේ ගුරු පරපුර ආර්ථිකයෙන්, මිල මුදලින් පමණක් කෙළින් වන්ට ගත් ඒ වෑයමේ ප්‍රතිඵලය වූයේ, මුළු මහත් ගුරු පරපුරේම අභිමානය නැති වී යාමය; ගුරුවරයාද මුදලට විකිණෙන භාණ්ඩයක් බවට පත්වීමය.
තමන්ගේ අභිමානය රැකගත හැක්කේ, චෙකෝප් කියන පරිදි, දැනීමෙන් - විද්‍යාවෙන් - සන්නද්ධ වී, චින්තනයෙන්ද පොහොසත් වූ තරමටය.
කොඳු කෙළින් හිටින්නේ, නිවැරදි අභිමානවත් චින්තනයෙන් මිස, රුපියල් සතවලින්වත්, තාන්න මාන්නවලින්වත් නොවේ.
ජාතිය නමැති මන්දිරය දඹු ගඩොළින් නොව, යුගයටම පවතින දැවුණු ගඩොළින් ගොඩනඟන්නට නම්, ස්වකීය චින්තනයේ අභිමානයම අවශ්‍ය බව, ගුරු පරපුර විසින් පසක් කළ යුත මොහොත එළඹ ඇත්තේය.
මහා රුසියානු ලේඛක ඇත්තන් පව්ලෝවිච් චෙකෝව් ගැන මේ තරම් දුර දිගට කතා කරන්ට සිදු වූයේ, අද දින අපගේ ගේයපද ලීලා තීරුවේදී, ඔහු නිමිත්තට ගත් ගුරුවරයා ගැනම තවදුරටත් කතා කරන්ටය. මෙතැනදී අපට අදාළ වන්නේ, අපේ ගුරුවරයාය.
මීට දශක දෙකකට පමණ පෙර ලියන ලද ගීතයෙකදී, මහින්ද චන්ද්‍රසේකර කියා සිටියේ, අපේ ඒ ගුරුතුමා තමත් ඉස්කෝලේ යන බවකි!
කවර නම්, ගුරුවරයෙක්ද, ඔහු?
“පැන මඩ කඩිති වැවු තාවලු වැහි කාලේ
පෙන්නා මඟ නොමඟ නොවැටී යන තාලේ”
වැහි කාලයේදී මඩ කඩිතිද, වැව් තාවලුද, පැන පාසලට උදෙන්ම අවුත්, සිය සිසු දරුවනටද, නොවැටී යන්නට මඟ නොමඟ පෙන්නා දුන් උතුම් ගුරුතුමෙකි, ඔහු.
ඒ ගුරුවරයා අද වැටී සිටින දුක්ඛදායක තත්වය, ස්වකීය නිර්මාණයේ මුල් අඩෙහිදීම මහින්ද චන්ද්‍රසේකරයන් අපට හෙළිදරවු කරන්නේ මෙබසිනි.
“සිප් කිරි පෙවූ මූසිලයන් උඩු මාලේ
අපෙ ගුරුතුමා යයි තාමත් ඉස්කෝලේ”
ගුණමකු මූසිලයන්ට උඩුමහලට නඟින්ට ඉඩ දී අපේ ගුරුතුමාට තාමත් ඉස්කෝලේ යන්ට සිදු වූයේ, අපේ අධ්‍යාපනයේත්, ඒ අධ්‍යාපන ප්‍රතිපත්තියේත්, අධ්‍යාපනය කරවන්නවුන්ගේත් වරදිනි. පොදුවේ ගත් කල, සමාජ හර පද්ධතියේ වරදිනි. මහින්ද චන්ද්‍රසේකර අප ඉදිරියට ගෙන එන ගුරුතුමා අන්ත අසරණයෙකි. ඔහුට මුදලට විකිණෙන්ටවත් බැරිය! ඔහුගේ ගෙදර ජීවිතය එකම ඛේදවාචකයකි. දීග නොගිය ඔහුගේ දියණිය ගුරු නිවහන තුළ මිලිනව සිටින්නීය.
“සමන්පිච්ච කැකුළිය ගෙයි මිලින වෙලා”
ගුරු නිවහන තුළ කඳුලට උල්පතක්ව ලොකු හාමිනේද සිටින්නී, බිත්තිය මත ඇඳි සිතුවමක් ලෙසින් නිහඬවය.
“ලොකුහාමිනේ ඇත බිතුසිතුවමක් වෙලා”
ඒ, ගුරු ගෙදර තත්වයයි.
සිසු දරුවන් ඇද වැටී ඇති තත්වය, ඊට දෙවැනි නැත. සාමලාත්, අමරලාත්, බස් පොළේ රටකජු විකුණති. ඒ රටකජු ගොටුවලට ගන්නේ කුමාරොදයේ පොතේ පිටුය.
මහින්ද චන්ද්‍රසේකර සිය ගුරුතුමා මඟින් කියන්නේ, අපේ අධ්‍යාපනයේ සමස්ත අර්බුදයයි. ඒ සඳහා ඔහු කරන නිර්මාණය යථාර්ථවාදී වනු පමණක්ම නොවෙයි. එය රසවත් ගීතයක්ද වෙයි. ගත් වහරද, පුර වහරද, ගැමි වහරද, සමානුයෝජනයෙන් ඔහු යොදාගන්නා බස්වහර ගීතවත්ය. මහින්ද චන්ද්‍රසේකර මඟ නොමඟ, උගත මනා, ඉකිබිඳ, රන්මසු අභරණ, උරණ, බිතු සිතුවමක් වැනි වදන් ගන්නේ ගත් වහරිනි. වැව්තාවලු, ඉස්කෝලේ, පිල්කඩ වැනි වදන් ගන්නේ ගැමි වහරිනි. සෙසු වදන් පුරවහරෙන් ගන්නා ලද්දේ වේ. එකී පද සංයෝජනය තුළ කවිතා ගුණය පමණටම ගේයතා ගුණයද සුරැකී ඇත්තේය. සුනිල් එදිරිසිංහයන්ට තියුණු හඬින් ගයන්නට, මහින්දගේ නිර්මාණයේ සුගේයතා පද ලාලිත්‍යය මොනවට පෙළ ගැසී සිටියි. දෙදෙනාම එක්ව මේ නඟන්නේ, එදා සාර් රුසියාවේ පාලනාධිකාරිය වෙත ඇන්තන් චෙකෝව් දුන් පණිවිඩයේම ප්‍රතිරාවය නොවේදැයි යෝනිසෝමනසිකාරයෙන් සිහි කරනු යෙහෙකිය.
ආචාර්ය ඩබ්ලියු.ඒ. අබේසිංහ
Subscribe to:
Posts (Atom)


