හිටපු වැදි නායක තිසාහාමි(1998) |
ප්‍රාථමික ජන කොටස් හැඳින්වීම සඳහා ආදිවාසීන් යන්න භාවිතා කිරීම නොමඟ යවන සුළු බවත්, ආදිවාසී සමාජයන් සඳහා ප්‍රාථමික සමාජ යනුවෙන් භාවිත කිරීම වඩා තර්කානුකූල බවත්, මහාචාර්ය ජේ. ඩබ්ලිව්. ඩී. සෝමසුන්දර ප්‍රකාශ කරයි. (සෝමසුන්දර, 2008) ශ්‍රී ලංකාවේ ආදිවාසී ප්‍රාථමික ජන කොටසක් ලෙස 'වැද්දන්' හඳුන්වනු ලබයි. මේ නිසා මෙහිදී ම විසින් ශ්‍රී ලංකාවේ ආදිවාසීන් යනුවෙන් අර්ථකථනය කරනු ලබන්නේ වැදි ගෝත්‍රික සමාජයයි.... වැද්දන් ඔවුන්ව හඳුන්වා ගන්නේ වැද්දන් යන නාමයෙන් නොව 'වන්නිලැත්තන්' යන නාමයෙනි. 'වැදි' යන සිංහල වචනය පාලි භාෂාවෙන් 'ව්‍යාධ' හෙවත් 'විදින්නා' යන අර්ථයෙන් බිඳී ආවකි (සෝමසුන්දර( 2006, පිටුව 77,). ව්‍යාධ දෙවියා යනු දඩයක්‌කරුවාගේ දෙවියා ය. මේ අනුව වැද්දා යනු දඩයක්‌කරුවා යන අර්ථය ගෙන දෙයි. 'වැදි' යන්න 'වන චාරි' හෙවත් 'වනයේ හැසිරෙන්නා' යන අර්ථය ද ගෙන දෙයි. අතීත වැද්දා සතුන් හීලෑ කරගත් හෝ ශාක වගාකර ගත් හෝ නිවහන් තනාගත් පුද්ගලයෙකු නොවේ. මේ නිසා වැද්දා යනු 'ප්‍රාථමික මානවයා' යන අරුත ද ගෙන දෙයි. වැද්දා හැඳින් වීම සඳහා පුලින්ද, සබර, නිශාද, වන සරණ, වනපස, වනදරු, මිලක්‌ඛ, කිරාත යන නාමයන් ද භාවිත වී තිබේ, දුන්නෙන් විද සතුන් මරණ නිසාත්, දුනු දරා සිටින නිසාත්, 'වැද්දා' යන්න ව්‍යාවහාර වූ බව පෙනීයයි. මෙම ප්‍රාථමික ජන කොටස වැද්දන් යනුවෙන් හඳුන්වන්නේ ශ්‍රී ලංකාවේ පමණි. වෙනත් කිසිදු රටක වැද්දෝ නොමැත. අතීත වැද්දා සත්ව හා ශාක ගෘහස්‌ථකරණයෙහි යෙදුණු පුද්ගලයෙකු නොවේ. නිශ්චිත භූමි සීමාවක් තුළ පූර්ණ කාලීනව සතුන් දඩයම් කිරීමේ හා වන ද්‍රව්‍ය රැස්‌කිරීමේ යෙදුණු පිරිසකි. එසේ වුවද අද ජීවත් වන වැදි ජනයා ජීවන වෘත්තියක් ලෙස සතුන් දඩයම් කිරීම නොකරයි. බොහෝ දෙනා වන ද්‍රව්‍ය රැස්‌කිරීමටත්, ගොවිතැනටත්, හුරු වී සිටිති. වැද්දන් ඔවුනට ම ආවේනික වූ මානව ලක්‍ෂණ හා සංස්‌කෘතික ලක්‍ෂණ ඇති ජන කොට්‌ඨාසයකි. ශ්‍රී ලංකාවේ වැදි ජනයා පිළිබඳ පළමු වරට සවිස්‌තරාත්මක පර්යේෂණ අධ්‍යයනයක් සිදුකර ඇත්තේ වර්ෂ 1911 දී සී. ජී. සෙලිග්මාන් හා සිය බිරිඳ වූ බ්‍රෙන්ඩා ඉසඩ් සෙලිග්මාන් යුවළ විසිනි. ඔවුන් විසින් රචිත The Veddas ග්‍රන්ථයෙහි වැද්දෝ වර්ග තුනකට වෙන් කරයි. එනම් වැද්දෝ, ගම් වැද්දෝ හා වෙරළබඩ වැද්දෝ යනුවෙනි (සී. පී. සෙලිග්මාන් පිටුව, 29). ඔවුන්ගේ ගවේෂණයට භාජන වූ වැදි ජනාවාස 12 සඳහන් කොට තිබේ. එනම් බණ්‌ඩාරදූව. බුදුගහලදෙන, දඹාන. ගොඩතලාව, කොවිල්වනමේ, ළිඳගල, නිල්ගල, උන්නිච්ෙච්, සේන්කඩ, තමන්කඩුව. උණුවතුර බුබුල සහ සීතලවන්නියයි (සෙලිග්මාන්, පිටු 257-306). දහනව වන සියවසේ මුල් භාගයේ දී පමණ අමුඩය ගැසූ වැද්දන් හා උඩුකය නිරාවරණය කොට විලි පමණක් වසාගත් වැද්දන්ගේ ඡායා රූප සමූහයක් එම ග්‍රන්ථයෙන් දැකගත හැකිය.