Pages

Wednesday, January 20, 2016

වියෝගය

අහස අහිමි මට
සඳ හිමි නොවුනාවේ...
සඳ දිය තුහිනය මා මත වැටිලා
සිත් සේ තෙමුණාවේ...
සඳ හිමි නොවුනාවේ....

දුර ඈතක වුව සිතට දැනෙන පෙනෙන
ඔබෙ ආදරයෙන් හදවත පිරුණාවේ
හැඟුම් ඉපදුනාවේ...
යළි යළි බිඳුනාවේ....

අහස අහිමි මට
සඳ හිමි නොවුනාවේ....

මහ කතරක වුව නෙත් මානයෙ දිසෙන
ඔබෙ ආදරයෙන් මිරිඟුව මැවුනාවේ
පැතුම් ඉපදුනාවේ...
යළි යළි බිඳුනාවේ...

අහස අහිමි මට
සඳ හිමි නොවුනාවේ...