Pages

Tuesday, December 23, 2014

නත්තල් ගස

යුරෝපා ජාතිකයන් සදාහරිත ශාකයන් බොහොම පූජනීයත්වයෙන් සලකනු ලැබුවා. දෙසැම්බර් මාසයේ උදාවත් සමගම ඇපල් දොඩම් , චෙරි . රෝස වැනි ගස්‌ අලංකාර කරමින් දේව ගීතිකා ගායනය කිරිම සිද්ධ වුනේ ක්‍රිස්‌තු උපත මෙම උඳුවප් මාසය සමග සම්බන්ධ නිසයි. ක්‍රිස්‌තු උපතට පෙරාතුව මේ අන්දමින් සරසන ලද ගස්‌ '' ක්‍රිස්‌තු ගස්‌ '' විදිහට සැලකුන අතර ක්‍රිස්‌තු උපතෙන් පසුව මෙම සරසන ලද ගස්‌ '' නත්තල් ගස්‌ '' විදිහට සලකනු ලැබුවා.

පුරාණ කාලයේ නත්තල් ගසක්‌ නිවසට පැමිණියේ වසරේ කෙටිම දිනය විදිහට සැලකෙන දෙසැම්බර් 21 වැනි දිනයි. බ්‍රිතාන්‍යයේ සිරිතකට අනුව නිවසේ සියලු දෙනාම අත ගසා ඇතුලට ගනු ලබන අත්ත නත්තල් දිනයේදි පුලුස්‌සා ලබා ගන්නා අලු සහ අඟුරු නිවසේ ආරක්‌ෂාව වෙනුවෙන් ලබා දෙනවා. ස්‌පාඤ්ඤ වැසියන් මෙම ගස මල් සහ ඉදිකටු වලින් සරසන අතර යක්‍ෂ ආත්මයන් දුරු කරන බලයක්‌ මේ ගස්‌වල අන්තර්ගතව තිබෙතැයි විශ්වාස කරනු ලැබුවා.

ජර්මන් ජාතිකයන් දෙසැම්බර් 24 වැනි දින නත්තල් ගස ඇපල්වලින් සරසනවා. ආදම් සහ ඒවගේ තහනම් ගසේ ගෙඩි සිහිපත් කරමින් නත්තල් ගස රතු සහ කොළ ගෙඩිවලින් සරසනු ලබනවා.

1851 වසරේදී ඇමරිකා එක්‌සත් ජනපදයේ නිව්යෝක්‌ නුවර වීදි වෙතට මෙම ගස රැගෙන ආවේ '' මාර්ක්‌ කාර්'' නම් තැනැත්තෙක්‌

රෝම ජාතිකයන් ''සැටර්න්'' දෙවියන්ගේ උත්සවයන් වෙනුවෙන් මෙම ගස්‌ යොදා ගත්තා. 1605 වසරේදී ජර්මනියේ ''ස්‌ට්‍රාස්‌බර්ග්'' රාජ්‍යයේ අලංකාර ලෙස සරසන ලද නත්තල් ගසක්‌ දැක ගන්නට ලැබුණ අතර 1610 වසරේ මේ වෙනුවෙන් කුඩා සැරසිලි යොදා ගත්තා. බ්‍රිතාන්‍යයට සරසන ලද නත්තල් ගසක්‌ හඳුන්වා දුන්නේ වික්‌ටෝරියා රැජිනගේ ස්‌වාමිපුරුෂයා වූ ඇල්බට්‌ කුමරු විසින්. ඔහු වින්ඩ්සර් කාසල් රජ පවුලේ සැමරුම වෙනුවෙන් නත්තල් ගසක්‌ යොදා ගත්තා.

1880 වසරේ නත්තල් ගස්‌ වෙනුවෙන් ස්‌වභාවික ගස්‌ වෙනුවට කෘතිම ගස්‌ යොදා ගත්තා. යුද්ධ කාලයෙ ජර්මනියේ ගස්‌ කැපීම තහනම් වූ නිසා කෘතීම නත්තල් ගස්‌ යොදා ගත්තා.

තවත් ජනප්‍රවාදයකට අනුව ක්‍රි.ව. 719 වසරේදී '' ශාන්ත බොනිපස්‌ '' තුමා ජර්මනියට පැමිණි අවස්‌ථාවේදී ජර්මන් වැසියන් විසින් වන්දනීයත්වයෙන් පිදුම් කළ ඕක්‌ ගසක්‌ කපා දමන ලදී. එතැනින් සුදු ලොත ගසක්‌ මතු වුණ අතර මෙය ඇදහිල්ලේ සංකේතයක්‌ ලෙස පිළිගනු ලැබුවා.

නත්තල වෙනුවෙන් වූ සංකේතය විදිහට තරු සැලකෙනා. ෙ-සු බිලිඳා බලන්නට රජතුන් කට්‌ටුව දිසාව දැන ගත්තේ තරු ආධාරයෙන්ය. නත්තල් ගසේ තරු පර්යේෂකයන් විසින් ''අවුරා '' යනුවෙන් හඳුන්වන බල්බයක්‌ නිපදවනු ලැබුවා. මෙහි තිබෙන (ඛෑD) ආලෝක විමෝචක ඩයෝඩයන් දැල්වෙන්නේ නත්තල් ගස වටා ඇති කරන චුම්බක ක්‍ෂෙත්‍රයන් මගින් වෙන අතර ඒ වෙනුවෙන්ම විශේෂිත උපකරණයක්‌ තිබෙනවා. මේ වෙනුවෙන් රැහැන් අවශ්‍ය නැහැ. ඒ වගේම ලැප්ටොප් පරිගණයකින් හෝ ජංගම දුරකථනයක්‌ යොදා ගත හැකියි. බල්බ දැවී යැමේ අවදානමකුත් නැති නිසා මේ තාක්‍ෂණය නත්තල්ගස පමණක්‌ නොවෙයි වෙනත් කටයුතු වෙනුවෙනුත් ඉතා සාර්ථක ලෙසින් යොදා ගත හැකියි.

ලෝකයේ විශාලතම නත්තල්ගස 2014 වසර වෙනුවෙන් බ්‍රසිලයේ නිර්මාණය වුණා. මීටර් 85 ක්‌ උස මෙම නත්තල් ගස රියෝද ජැනෙයිරෝ නුවර කලපුවක ප්‍රදර්ශනය වෙන අතර මෙය දැක බලා ගැනීමට ලෝකවාසි සියලු දෙනාටම පසුගිය දිනක අවස්‌ථාව ලැබුණා.

පුන්‍යා චාන්දනී ද සිල්වා - Sunday - Divaina