‘සංයෝගය’ යන සුලකළකුරු මියුරු තෙපලෙහි සරල අරුත එක් වීම යනුය. එක් වනු පමණක්ම, පමණ නොවෙයි; ඒ එක් වීම මොනවට ගැළපෙන හොඳ එක් වීමක්ද විය යුතුය. එසඳ සංයෝගය ‘සුසංයෝගයක්’ බවට පත් වෙයි.
මෙසමයෙහි ඡේකයන් පමණටම දුහුනන් විසින්ද භාවිතයෙහි මෙන්ම අවභාවිතයෙහිද යොදනු ලබන ඒ අපූරු යෙදුම මගේ මතකයට ආවේ, එවදන සුභාවිතයෙහි යෙදුණු හා යෙදෙන අපූර්වතර අවස්ථා කිහිපයක් ගැන සඳහන් කරන්නට සිතුණු නිසාය.
අමරදේව - ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ
අමරදේව - අරීසෙන් අහුබුදු
අමරදේව - මහගමසේකර
මේ තුන් තැනෙහිම ඇත්තේ අපූර්වතර සුසංයෝගයකි. පණ්ඩිත් අමරදේවයන්ගේ තනුවත්, සංගීතයත්, ගායනයත් සමඟ මානවසිංහගේ, අහුබුදුගේ, සේකරගේ ගී පද රචනයක් එක් වන විට, එතැන ඇත්තේ සංයෝගයක් නොව සුසංයෝගයකි.
මෙතැන්හිදී අපට අමතක වන තවත් සුසංයෝගයක් වෙයි. ඒ, අමරදේව - මඩවල එස්. රත්නායක නම් වන සුසංයෝගයයි.
අමරදේව - මඩවල සුසංයෝගයටත් ඇත්තේ දීර්ඝ ඉතිහාසයකි. ඒ ඉතිහාසය, අපේ ගුවන්විදුලියේ සෞභාග්‍ය සමය වූ ඉකුත් සියවසේ හැත්තෑ ගණන් - හැටගණන් තරම් වන ඈතකට දිවෙයි.
අමරදේවත් මඩවලත් සුසංයෝගි වන්නේ සිංහල සංගීතයෙහි - සිංහල සුභාවිත ගීතයෙහි - අතිශයින් තීරණාත්මක වූ සුවිශේෂ කඩඉමකදීය. එදවස දේශීය සිංහල සංගීතයක් ගැන පිඹුරුපත් සැකසෙමින් පැවති සමයක් විය.
අරීසෙන් අහුබුදු කවියා මෙසේ පවසයි:
“ආනන්ද සමරකෝන්, සුනිල් සාන්ත, අමරදේව යනු දේශීය සිංහල සංගීතය නමැති රන්දමේ මුල් පුරුක් තුනෙකි. බස පිළිබඳ දැනුම (භාෂාඥානය), රැස පිළිබඳ ඇල්ම (ජාත්‍යාලය), දෙස පිළිබඳ වැටැහුම (දේශීයත්වය), රස පිළිබඳ විනැණ (රස විඥානය) යන සිවු කරුණ සිංහල ගී ලොවේ අමරදේව සතු තැන ඔප් නැංවූ බව කිව යුතුය. මේ සිවු ගුණ එක් තැන් වීමේ පරම දුලබ වාසනාව අමරදේව කෙරේ වෙයි.”
(අමරදේව ප්‍රතිසංවේදය, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය)
එකී පරම දුලබ ගුණැති නැණැති සංගීත ප්‍රාඥයා සිංහල ගීතයේ දේශීයත්වය සොයමින් සිටි අවධියේදීය, මඩවල රත්නායක නමැති කවියා සන්නිවේදකයා ඔහුට මුණගැහෙන්නේ. සැබැවින්ම කවියකුව සිටි මඩවල, ගේයපද රචකයකු බවට පත් වන්නේ අමරදේවගේ ආරාධනයත් මෙහෙයවීමත් හේතුවෙනි. එබැව් කිහිප වතාවක්ම මඩවලද ලියාද කියාද ඇත.
දේශීය වන සිංහල සංගීතයක් සොයා යන ගමනේදී අමරදේවටත්, දේශීය සිංහල ගීත කලාවක් සොයා යන ගමනේදී මඩවල රත්නායකට හමු වුණේ අපගේ ජනකවිය සහ ජනගීතයයි. ඉකුත් සියවසේ මැදභාගය පමණ වන විට දේශීය සංගීත පර්යේෂණයක නියුක්ත වූ අමරදේව නමැති ප්‍රතිභාවත් සංගීතඥයාට, සිංහල ජනකවියත් ජනගීයත් පදනම් කරගෙන මඩවල රත්නායක විසින් පබඳන ලද, අනවශ්‍ය ආටෝපයෙන් තොර අවිදග්ධ ගීත රචනාවන් අපූර්ව උත්තේජනයක් ගෙන දුන්නේය. එහි ප්‍රතිඵලය වූයේ ගුවන්විදුලියේ ‘ජන ගායනා’ වැඩසටහනය. ඉකුත් දිනක අපගේ සාකච්ඡාවට බඳුන් වූ, මඩවල රත්නායකම ලියූ ‘රන්වන් කරල් සැලෙයි’ යන හිසින් ආ ගීතය, අමරදේවගේ ‘ජන ගායනා’ වැඩසටහන් මාලාවේ ආ මුල්ම ගීත ප්‍රබන්ධයකි. එකී මහරු ගේය පදය, තුරඟා වන්නම ඇසුරෙන් ලියන ලද බවද, ඒ ඇසුරෙන්ම සංගීතයට නඟන ලද බවද එහිලා අප විසින් මඳ වශයෙන් සාකච්ඡා කරන ලදි.
අමරදේව සමඟ සුසංයෝග වූ ගේය පද රචකයන් අතර, ජනකවියේත් ජනගීතයේත් මහරු තැන් මතු කොට පෙන්වූ ප්‍රමුඛ කවියා මඩවල රත්නායක බැව් සඳහන් කිරීම අපගේ නව සාහිත්‍යයටත් සංගීතයටත් නිහඬ සේවාවක් කළ ඒ උතුම් මිනිසාට පිරිනමන අනවශ්‍ය ප්‍රශංසාවක් නොවේමැයි.
‘ජන ගායනා’ අතික්‍රමණය කරමින්, සිංහල සංගීතයේ දේශීයත්වය දෙසට තවත් පියවරක් ඉදිරියට තබන අමරදේවයන් ඉනික්බිති ගුවන්විදුලිය උදෙසා නිර්මාණය කරන්නේ ‘ස්වර වර්ණ’ නම් වූ අපූරු වැඩසටහනකි. අද අපගේ ප්‍රස්තුතය වන මඩවල රත්නායක කවියා ලියූ ‘මින්දද හීසර’ නම් වන රචනය, එකී වැඩසටහනෙහි මුල්ම නිර්මාණ අතරට ගැනෙන ගීතයකි. ඒ පිළිබඳව පණ්ඩිත් අමරදේව කරන විවරණයට දැන් සවන් දුන මැනවි:
“මඩවල රත්නායක ප්‍රබන්ධ කළ මෙම ගීතය, මුල්ම වරට මා ගායනා කළේ ගුවන් විදුලියේ ‘ස්වර වර්ණ’ වැඩසටහනකට. මෙම ප්‍රබන්ධය අතිශයින්ම ශෘංගාරාත්මක නිර්මාණයක්; ප්‍රේමායාචනයක විලාසයෙන් පබඳන ලද ගීතයක්. ඒ සඳහා රචකයා ආභාසය ලබා තියෙන්නෙ ප්‍රශස්ති නිර්මාණවලින් බව ඉතා පැහැදිලියි.
‘බන්දා මින්දද මද අරවින්දා සරලා සර යානේ
කැන්දා වර පැරකුම් නරනින්දා සකිසඳ හඳපානේ...’
“සංගීත නිර්මාණයේදීත් මා ප්‍රශස්ති ආභාසය නොමඳව ලැබුවා. ඒ නිසා මේ ගීයේ භාවිතා වන්නෙ ශුද්ධ ස්වර පමණයි; කෝමල ස්වර කිසිවක් ඇත්තේ නැහැ. මේ ගීතය, එය බිහි වුණු මුල් කාලයේදී අතිශයින්ම ජනප්‍රිය වුණු ගීතයක්. මා හිතන්නේ අපගේ ජන සංගීතයේ ඇසුර හේතු කොටගෙන එසේ වන්ට ඇත කියා. මින්දද හී සර ගීතයේ තනු සකස් කරගත්තේ, ඒ ස්වර රූපයෙන්. මගේ කුඩා ඩෝල්ෆින් කාර් එකේ ගුවන්විදුලියට යන අතරමඟදී තමයි, ගීතයේ තනුව නිර්මාණය වුණේ. ගෙදර ඉඳලා ගුවන්විදුලියට එන කොට තනුව හැදිලත් ඉවරයි.”
(IAS හෙවත් ‘ඉන්ටර්නැෂනල් ඇඩ්වර්ටයිසින් සර්විසස්හි’ මා වැඩ කළ කාලයේදී, මේ පුංචි ඩොල්ෆින් රථයේම නැඟී කොළඹ නගරයේ නෙතැන සරමින් අමරදේවත් සමඟ කවි-සින්දු ගැන නිදහසේ කතාබස් කළ අයුරු සඳහන් කිරීම, මෙතැනට කිසි සේත්ම අදාළ නැති නමුත්, නොකියා බැරිය!)
මඩවලගේ ගීතයෙහි සංගීත නිර්මාණය කළ අයුරු පහදමින් අමරදේව, තවදුරටත් මෙසේ ද පවසයි:
“මෙම ගීතයේදී බසේ ගීතාත්මක ලක්ෂණ අනුවයි සංගීත නිර්මාණය යෙදෙන්නෙ. සංගීතය, බසේ ගමන අනුකරණය කරනවා. ඒ අනුව තමයි, රචනයේ බස ස්වරවලට නැඟෙන්නෙ. ... මෙම ගීත නිර්මාණයේ එක් විශේෂ කාරණයක්, ගීතයේ සමුච්චිත ඵලය කෙරෙහි විශේෂයෙන් බලපා තිබෙනවා. ඒ තමයි, රචකයාගේ නිර්මාණය තුළින් බිහි වන චිත්තරූපය හෙවත් පද චිත්‍රය. මඩවලගේ බොහෝ රචනාවල අපූර්වාකාරයෙන් ඉස්මතුව පෙනෙන චිත්තරූපය මෙහිලාද මොනවට දැකගන්ඩ පුළුවනි. සැබෑවත් මායාවත් මිශ්‍ර කරගෙන නිර්මිත එකී පද චිත්‍රය හේතු කොට ගෙන, සංගීත නිර්මාණය සජීවි හැඩයක් ගන්නවා.”
පණ්ඩිත් අමරදේව නිවැරදිවම තේරුම්ගත් ආකාරයට මඩවල රත්නායකගේ මේ ගීතය පද චිත්‍රයකි. ඒ පද චිත්‍රය, රචකයා විසින් ඇඳ ඇත්තේ සැබෑවත් මායාවත් සමෝසමව මිශ්‍ර කොට ගෙනය. අපේ ජනකවියේත් ජනගීතයේත් ඇත්තේ සැබෑවේත් මායාවේත් සම්මිශ්‍රණයක් නොවන්නේද? මෙකරුණ මොනවට වටහාගත් මඩවල රත්නායක, ස්වකීය ගේය පද රචනය නිමවන්නේ, සහෘදයාගේ මනස කිසියම් පමණකට මායාව තුළද රඳවා ගනිමිනි. ‘තුරඟකු පිට නැඟි නීල වලාකුළු’ මත නැඟි සහෘදයා එකී මායා ලෝකයට පිවිසවිය හැකි වන්නේ රචකයා මවන චිත්තරූපයේම ඇති මායා ගුණය නිසාය.
ගී පද රචනයේත්, සංගීතයේත් ඇති අපූර්වතම සුසංයෝගය අමරදේවගේ භාවපූර්ණ ගායනයෙන් මොනවට පැවසෙනු අරුමයක් නොවෙයි. එතෙකුදු වුවත්, කවියක් හැටියටත්, යළිදු ගේයපදයක් හැටියටත් මේ නිර්මාණ තීව්‍ර වන්නේ අපගේ ජන ගීතය පාදක කරගන්නා ශබ්ද රස මාධුර්යය නිසාය. මුළු රචනාව පුරා ඇති ඒ ශබ්ද මධුරතාව වඩාත් ම ඉස්මතුව පෙනෙන්නේ, රචනයේ මුල් අඩෙහි වන අනුප්‍රාස බාහුල්‍යය හේතු කොට ගෙනයි. මින්දද හී සර, නංවන දුක් ගී - චන්දන මල් අතුරා, කන්ද කපා පායන්... වැනි තැන් විමසුව මැනවි.
රචනය තුළ සපුරාම ඇති ගේයතා ගුණය, අමරදේවගේ අපූර්වතර සංගීත නිර්මාණයටත්, භාව පූර්ණ ගායනා ලීලාවටත් උත්තේජනයක් වූ වග අමුතුවෙන් කිව යුතු නැත.
සම්භෝගයටත් වඩා, විප්‍රලම්භයේදී ශෘංගාර රස ජනනය කරමින් යුද වදින අංගයා හෙවත් මින්දදයාගේ හී සර පහරින් හද දැදුරු වන පමණටම අමරදේවයන් කරන ගායනය ඔබටත් ඇහෙන්නේ නොවේද?

ආචාර්ය ඩබ්ලියු. ඒ. අබේසිංහ- Courtesy by - Silumina