දරුවකු පිළිසිඳගත් මොහොතේ සිට අප සෑම දෙයක්‌ම කරන්නේ දරුවන්ගේ සතුට වෙනුවෙනුයි කියා අපේ මධ්‍යම පාංතික දෙමව්පියන්, එම දරුවා ඉපදී වැඩී ලොකු මහත් වී උසස් අධ්‍යාපනය ද ලබා එයිනුත් නොනැවතී, වැඩිදුර අධ්‍යාපනය සඳහා එක්‌කෝ ඔස්‌ටේ්‍රලියාවට නැතිනම් නවසීලන්තයට, ඒත් නැතිනම් ඇමරිකාවට හෝ එංගලන්තයට හෝ යවන්නේ තම දරුවන්ට ඉහළම උපාධියක් ලබා ගැනීමේ ඉඩ හසර ලබා දෙමිනි. අනන්ත අප්‍රමාණ වූ කැප කිරීම් මත තම දරුවන් සිහසුනේ හිඳවන අපේ මධ්‍යම පාන්තික මව්පියෝ ඒ සියලු දේම කරන්නේ ඒ තුළින් තම දරුවන්ගේ ප්‍රීතිය සතුට වැඩි වනු දැකීමටය.
අප කැමති වුවත්, අකමැති වුවත් මේ තල්ලුවී යන්නේ පතුල නොපෙනෙන අගාධයකටය. මෙයින් ගොඩ වෙන සැටියක් අසා දැන ගැනීමට. තවම ගොඩ ආ අයකු අපට හමුවීද නැත.
මහ පාරේ මතු වූ මැණික් අහුලන්නට, ඇඳිවත පිටින්ම, සැතපුම් ගණන් දිවගිය ලුණුගම්වෙහෙර අවට මිනිසුන් සේම මහත් වූ බලාපොරොත්තු පොඳි බැඳගෙන අපරිමිත ආශාවෙන් දිනපතාම මහා කලබලයකින් අපි ඔහේ දිව යන්නෙමු. ආපසු හැරී බලන විට සතුට සොයා අප දිව ගිය ගමනේදී අප ලබාගත් දේට වඩා බොහෝ සෙයින් වටිනා දේ අපෙන් ගිලිහී ගොස් ඇති බව තේරුම් ගන්නා විට අප පමා වූවා වැඩියි.
දිවගියේ සතුට සොයා ගෙනය. එහෙත් සැබැවින්ම අපට උරුම වී ඇත්තේ දුක සහ වේදනාවය. බලාපොරොත්තු කඩවීම දුකකි. ආශාවෝ ඉටු නොවීම දුකකි. හිමි දේ අහිමි වීමද දුකකි. මතුපිට සතුට රැඳි මේ සියල්ලේම සැඟවී ඇත්තේ දුකය. ජීවත්වන තුරාවට අපේ දැසින් සැඟව ඇති යථාර්ථයන් මෙසේය.
"මනුස්‌සකම"ත් මේ රටේ එක්‌තරා සමාගමක් විසින් අලෙවි කර හමාරය. ඒ තරමටම අපේ ජීවිත අලෙවිකරණය වී තිබෙන යුගයකි මේ.
මිනිසාගේ අවශ්‍යතාවන් සහ වුවමනාවන් හඳුනාගෙන ඒ සඳහා අවශ්‍ය භාණ්‌ඩ සහ සේවා සපයන වෙළෙඳ පොළක් නිර්මාණය කිරීම අලෙවිකරණයේ පරමාර්ථයයි. මිනිසා තුළ උපතින්ම ඇති නොනිමි ආශාවෝ අවුලුවාලමින් ලෝකයම ගිනි තබන අලෙවි කරුවෝ කිසිම හිරිකිතයකින් තොරව වැඩිපුර මුදල් ලැබේ නම්, ගොරකා දඩ මස් කරන්නේ ඇසිපිය හෙළන නිමේශයෙනි. තොරතුරු සන්නිවේදනයේ අති නවීන මෙවලම් ඇසුරේ මුළු ලොවම සාක්‌කුවේ ඇති බ්ලැක්‌බෙරි දුරකථනය තුළ සඟවාගෙන සිටින මිනිසුන්ගෙන් අඩුවක් නැති ලෝකයකය. අද අප ජීවත්වන්නේ මනුස්‌සකම මේ තරම් වේගයෙන්, මේ තරම්ම ලාබෙට, ලොව පුරාම අලෙවි වන්නේද ඒ නිසාමය.
පසුගිය දිනෙක කලා වැවේ මිරිදිය මසුන් ඇල්ලීමෙන් ජීවිතය ගැට ගසා ගන්නා අහිංසක ධීවරයකු සමග ඔහුගේ ඔරුවෙන් මරණීය වැව් දියේ පුංචි සවාරියක් යැමට මාහට අවස්‌ථාවක් උදාවිය. එහිදී මා හා කතාවට වැටුණු එම ධීවරයා කියා සිටියේ තමා මෙම ධීවර රැකියාවෙන්, ඉතා තෘප්තිමත්ව සිටිනවා කියාය. "මට ලේසියෙන් දවසකට රුපියල් පන්සීයක් විතර හොයා ගන්ඩ පුළුවන්. මම කාටවත් යටත් නැහැ. මට හිතුන වෙලාවක මං එනවා. මං යනවා. මට දරුවො තුන් දෙනෙක් ඉන්නවා. මගේ ලොකු දුව බැඳලා. කොල්ලො දෙන්නෙක් තාම ඉස්‌කෝලේ යනවා. උන්ට ජීවත් වෙන්ඩ ටිකක් උගන්නපුවම හොඳටම ඇති.
මේ අපූරු මිනිසා මා සමග, සුන්දර වැව් තලයේදී සිය කුඩා ඔරුව හබල්ගාමින් කියූ දේය ඒ. ඔහු අවසානයට කියූ දේ සැබැවින්ම මා මවිතයට පත් කළේය. මේ ප්‍රඥසම්පන්න ධීවරයා සිය දරුවන්ට උගන්වන්නේ ජීවත්වීම සඳහා පමණි. එය කෙතරම් අපූරු කියමනක්‌ද? අද අපි අපේ දරුවන්ට උගන්වන්නේ ජීවත්වීම සඳහා ද? මේ මහා ඉගෙනීමේ තරගය සැබැවින්ම ජීවත්වීම සඳහාද? දෙමව්පියන් අද දවසේදී සිය ජීවිත උකස් කර තම දරුවන්ට උගන්වන්නේ ජීවත් වීම සඳහාද? නැත· උනුන් පරයා උනුන් අභිබවා තමන් ජීවත්වන සමාජයේ මහා කඳුමෙන් උස්‌වී උසස් වී නැගී සිටීමටය.
සබඳ අපි කඳු නොවෙමු උනුන් පරයා නැගෙන සුනිල දිය දහර වෙමු. එකම ගඟකට වැටෙන"
මේ කඳු පංති දැක ගුණදාස කපුගේ නම් සොඳුරු මිනිසා එදා හඬා වැටුණේ අද හඬන අප වෙනුවෙන්ය.
මධ්‍යම පාංතික අම්මලා සහ තාත්තලා පෙන්නූ මඟ ඔස්‌සේ ඉදිරියටම ගිය දරුවන්ට අපේ රට පෙනුනේ කුඩාවටය. අපේ මිනිසුන් පෙනුනේ මහා අජූවටය. කොටින්ම අපේකම හැලුනේ මේ අම්මලාගේම ඇස් ඉදිරිපිටමය.
ප්‍රතිඵලය වියපත් මව්පියෝ මහ ගෙදර තනිවීමය. සද්භාවයෙන්ම ඇති කර ගැනීමට ගිය සතුට මහා දුකක් වූයේ එසේය. මෙහිදී මට සිහිපත්වන්නේ අපූරු රුසියානු කෙටි කතාවකි.
මෙම කතාවේ එන කතා නායකයා එවකට නිලධාරිවාදය මහා ඉහළින්ම පැවැති සාර් රජ සමයේ සිටි උසස් හමුදා නිලධාරියෙකි. දිනෙක ඔහුට අසන්නට ලැබුණේ ශාන්ත පීටර් බර්ග් චතුරස්‍රය ආසන්නයේ ජීවත් වූ ඔහුගේම සුළු නිලධාරිවරයකු ඒ ආසන්න දිනයක විවාහ වී සිය මනාළිය කැන්දාගෙන එන බවය. මෙම සුළු නිලධාරියා එදින විශේෂ රාත්‍රි භෝජන සංග්‍රහයක් තම නිවසේදී සිය ඥති මිත්‍රවරුන් උදෙසා පවත්වන බවද අපේ කතා නායකවරයාට වැඩි දුරටත් දැනගන්නට ලැබිණි.
එහෙත් මෙම විවාහ මංගල්‍යය උත්සවයට සහභාගි වන්නැයි අර උසස් නිලධාරියාට සිය සුළු නිලධාරියාගෙන් කිසිම ආරාධනාවක් ලැබී තිබුණේ නැත. ඒ ඔහු ඒ තරම්ම උසස් හමුදා නිලයක් හෙබවූ නිසාය. හරියටම කියනවා නම් අපේ හමුදාවේ කෝප්රල්වරයකුගේ මංගල සාදයක් සඳහා පැමිණෙන්නැයි හමුදාවේ ජනරාල්වරයකුට ආරාධනා කිරීමට කිසිවකුත් කල්පනා නොකිරීම වැනි වැඩක්‌ය.
නමුත් මේ අපූරු උසස් නිලධාරියාට හදිසියේම පහළ වූ කිසියම් සොඳුරු සිතිවිල්ලක් නිසා ඔහු කිසිවකුටත් නොදන්වා අංග සම්පූර්ණ විසිතුරු හමුදා නිල ඇඳුමින්ම සැරසී කඩු කස්‌ටාන දරාගෙන යථෝක්‌ත සුළු නිලධාරිවරයාගේ මංගල සාදයට හදිසියේම කඩා පාත්වූයේ මහා උල්කාපාතයක් ශාන්ත පීටර්ස්‌බර්ග් නගරයට කඩා වැටුනාක් සේය. ඔහුගේ මෙම ක්‍රියාව තුළින් මෙම සුන්දර නිලධාරියා බලාපොරොත්තු වූයේ තමාගේ හදිසි ආගමනය හේතු කොට අර සුළු නිලධාරියා තම නෑදැ පාර්ශ්වයන් ඉදිරියේ ඉමහත් ගෞරවයට සහ ඇගැයීමට පාත්‍ර වනු ඇතිය කියාය. මේ නිසා තම සුළු නිලධාරිවරයාගේ ප්‍රීතිය දෙගුණ තෙගුණ වනු ඇතැයිද හේ කල්පනා කෙරුවේය. මේ සියල්ලම ඔහුගේ සුන්දර සිතුවිලිය. එහෙත් සිදුවූයේ කුමක්‌ද?
මේ අනපේක්‍ෂිත කඩා වැටීම අර අහිංසක සුළු නිලධාරියාට ගෙන ආවේ රික්‌ටර් මාපකයේ 7.5 ටත් එහා ගිය මහා භූමි කම්පාවකි. ඔහුගේ සතුට සැහැල්ලුව ක්‍ෂණිකයකින් අහෝසි වී ගියේ බිහිසුනු සුනාමි රළ පහරකට හසුවූවාක් සේය.
තම හමුදාවේ ඉතාම උසස් නිලධාරිවරයකු හදිසියේ තමන් ඉදිරියේ ප්‍රාදූර්භූත වීමෙන් අපේ අහිංසකයාගේ උතුර දකුණ එහෙම් පිටින්ම මාරු විය. තමා ඉන්නේ කොතැනද? කළ යුත්තේ කුමක්‌ද කියා හෝ ඔහුට වගේ වගක් නැතිවිය. තම උසස් නිලධාරිවරයාට සැලියුට් ගසමින් විටෙක සීරුවෙන්ද, විටෙක පහසුවෙන්ද මංගල උත්සවයේ සියලුම කටයුතු පසෙක තබා තම උසස් නිලධාරිවරයා අසලම දැවටෙමින් ඔහුගේ වුවමනා එපාකම් සොයා බැලුවේ ඉතාම සුළු අතපසුවීමක් හෝ සිදුවෙතැයි මර බියේ ගැහෙමිනි.
අවාසනාවකට අපේ කතානායකවරයා සිටි සුන්දර මනෝලෝකය හමුවේ, මේ මංගල්‍ය අවස්‌ථාව දැන් අව මඟුලක සිරිගෙන ඇති බවක් දැනුනේම නැත. මේ නිසා තත්ත්වය වඩාත් නරක අතට හැරුණි. ඔහු නිතරම කල්පනා කළේ තමාගේ පැමිණීම නිසා මෙම මඟුල්ගෙදර සියලු දෙනාගේම සතුට සොම්නස දෙගුණ තෙගුණ වී ඇති බවය.
ඔහුට වොඩ්කා බීමට ඕනෑ විය. මනාලයා තමන් සතු ඉහළම වර්ගයේ මදුවිතෙන් සංග්‍රහ කළේය. උසස් නිලධාරියා හිතේ සතුට වැඩිකමට හොඳ හැටිම බීවේය. එක වරම ඔහු ඇද වැටුනේ මනාල යුවළට වාඩිවීම සඳහා විශේෂයෙන් සූදානම් කළ මංගල සෝපාව මතටය. හොණ්‌ඩර දෙකකට වඩා බර උසස් නිලධාරියාගේ මේ කඩා වැටීමත් සමග, සෝපාව එහෙම පිටින්ම ගැලවී ගියේ උසස් හමුදා නිලධාරියාව බිමට පතබාවමින්ය.
ඒ වන විට කෙලින් සිටගෙන සිටීමටවත් බැරි තරම් අධික ලෙස වෙරිවී සිටි අප කතානායකවරයාව මනාල මහතා ඇතුළු සියලුම ප්‍රභූවරුන් විසින් ඉතා ගෞරව සම්ප්‍රයුක්‌ත භාවයෙන් යුක්‌තව ඔසවා ගෙනැවිත් තැබුවේ එදින රාත්‍රි මධුසමය ගතකිරීම පිණිස මනාල යුවළ උදෙසා අලංකාර ලෙස සරසා තිබූ පියකරු මංගල යහනාවේය.
මෙදින රැය පහන් වන තුරුම අපේ අහිංසක සුළු නිලධාරිවරයාට සිදුවූයේ මනාලිය නොමැති මංගල යහනාවක් අසලටවී වෙරි මරගාතේ ගොරවමින් නිදන සිය උසස් නිලධාරියාට පවන් සලමින් ඔහුගේ ආරක්‍ෂාව පතා නිදිවර්ජිතව ගත කිරීමටය. යාබද කාමරයකට වී එසේම අතිශයින් දීර්ඝ රාත්‍රියක් නොනිදාම පහන් කළ ඔහුගේ නව යොවුන් මනාලියටද සිදු වූයේ තම ජීවිතයේ ප්‍රීතිමත්ම දිනයත්, ප්‍රීතිමත්ම මොහොතත් සුන්නද්ධූලි කළ අර හමුදාවේ උසස් නිලධාරිවරයාට ශාප කරමින් ඉකිබිඳ වැළපීමටය.
සැබැවින්ම ඒ මානවහිතවාදී උසස් හමුදා නිලධාරියාගේ යහපත් ෙච්තනාව එදින මංගල සාදයට පැමිණි සැමටත්, අහිංසක මනාල යුවළටත් ගෙන ආවේ කිසිදාක මැකිය නොහැකි දැඩි වේදනාවක් සහ දුකක්‌ම නොවේද?
ෙච්තනාව ඉහළම සතුට ලබා දීමයි. ප්‍රතිඵලය ඉහළම දුක ළඟාවීමය. අප පතන සතුට සැබැවින්ම රැඳී ඇත්තේ අපට නොපෙනෙන දුකම තුළ නොවේද?
දරුවකු පිළිසිඳගත් මොහොතේ සිට අප සෑම දෙයක්‌ම කරන්නේ දරුවන්ගේ සතුට වෙනුවෙනුයි කියා අපේ මධ්‍යම පාංතික දෙමව්පියන්, එම දරුවා ඉපදී වැඩී ලොකු මහත් වී උසස් අධ්‍යාපනය ද ලබා එයිනුත් නොනැවතී, වැඩිදුර අධ්‍යාපනය සඳහා එක්‌කෝ ඔස්‌ටේ්‍රලියාවට නැතිනම් නවසීලන්තයට, ඒත් නැතිනම් ඇමරිකාවට හෝ එංගලන්තයට හෝ යවන්නේ තම දරුවන්ට ඉහළම උපාධියක් ලබා ගැනීමේ ඉඩ හසර ලබා දෙමිනි. අනන්ත අප්‍රමාණ වූ කැප කිරීම් මත තම දරුවන් සිහසුනේ හිඳවන අපේ මධ්‍යම පාන්තික මව්පියෝ ඒ සියලු දේම කරන්නේ ඒ තුළින් තම දරුවන්ගේ ප්‍රීතිය සතුට වැඩි වනු දැකීමටය. ඔවුන් අන්‍යන් අතරේ ගෞරවයට පාත්‍ර වනු දැකීමටය. හරියට අපේ උසස් හමුදා නිලධාරියාගේ හදවත තුළ වූ උතුම් මානව දයාවේ සොඳුරු සිතුවිලි සේය. තවත් අතකින් බලනවා නම් තමන්ගේ සියලු සුඛවිහරණයන් ත්‍යාග කොට සිය දරුවන්ගේ අනාගත අභිවෘද්ධිය උදෙසාම ඔවුන් කටයුතු කරන්නේ හරියටම අර උසස් හමුදා නිලධාරියාගේ හදිසි ආගමනයෙන් විප්ෂිප්ත වූ සුළු නිලධාරියාගේ මහා කැප කිරීම සේය.
එහෙත් මේ සෑම ක්‍රියාවකම අවසාන ප්‍රතිඵලය වන්නේ කුමක්‌ද? වැඩිදුර අධ්‍යාපනයට රට ගිය දරු දෙදෙනාම (පුංචි පවුල රත්තරං නිසා) ඒ රටවලම පුරවැසිකම ලබාගෙන බොහෝවිට එම රට වලදීම අවාහ විවාහ වන මොවුන් නැවත තම මව් බිමේ පදිංචියට ඒමට කැමැත්තක් නොදක්‌වති. මේ නිසාම තම මහළු වයසේදී තමන්ව රැකබලා ගනිතැයි සිතූ දරුවා හෝ දරු දෙදෙනාම සැතපුම් දස දහස් ගණනක් ඈත එපිට දුරු රටකට වී සිටියදී වියපත් අම්මාට සහ තාත්තාට මහ ගෙදරට වී ඔවුනොවුන්ගේ සෝබරිත මුqහුණු දෙස බලාගෙන ඔහේ හිඳීමට සිදුවී තිබේ.
මුණුබුරෙකුගේ හෝ මිණිබිරියකගේ කිරි සිනා දකින්නට, නැළවිලි ගීතයක් මුමුණා දෙපයේ හොවා නිදිකරවන්නට ඔවුනට වසනාව නැත. මහ ගෙදර වනසමින් ගිගිරි නංවා දුවන පනින පුංචි උන්ගේ දඟකාර කෙළි සිනා හඬ අසන්නට, පිනක් නැති වරම් නැති මේ වියපත් මැද පන්තියේ අත්අම්මලාට සහ සීයලාට අද ඇති එකම සහනය උදේ සිට හවස් වන තුරු බෞද්ධයා නාලිකාවට සවන් දී ජීවිතයේ ඇතිවන නැතිවන ස්‌වභාවය තේරුම් ගැනීම පමණි.
රට ගිය දරුවෝ එකහෙලා පවසන්නේ සියල්ල විකුණා දමා ඔවුන් හා විසීමට සියල් සිරින් පිරි යුරෝපයට එන ලෙසය. එහෙත් මේ තත්ත්වයට පත් අපේ මැද පන්තියේ අම්මලා සහ තාත්තලා වඩාත් කැමැති වන්නේ තමන් උපන් මව් බිමේම සිය අවසන් හුස්‌ම පොද හෙළීමටය. මේ පරස්‌පරය නිසා ඇතැම් උගත් දරුවන්ට දැන් සිය වියපත් මව්පියන් පෙනෙන්නේ පරාල ඇණ සේය.
බොහෝ දිනවල රාත්‍රියට හෝ හිමිදිරි උදැසනක අන්තර්ජාලය ඔස්‌සේ තම දරුවන්ට හායි බායි කියන මේ මධ්‍යම පාංතික අම්මලාගේ සහ තාත්තලාගේ තනිකම පාළුව යන්තමින් හෝ තුනී කරන්නේ ගෙදර සිටින සුරතල් බලු කුක්‌කා පමණි.
දෙමාපියන්ගේම මගපෙන්වීම මත, සියල්ල දියුණුව පතාය. සියල්ල ජීවිතයේ ඉහළම සතුට උදාකර ගැනීම සඳහාය, කියමින් ඒරොප්පෙට ගිය මේ ඇතැම් දරුවෝ සිංහල අවුරුද්දටවත් මහ ගෙදර එන්නේ නැත.
අතීතයේදී අපේ පරපුරේ මැද පාංතික දරුවෝ, ගමෙන් පිටවී උගෙන ගෙන ඉහළ නිලතල දරා නගරයේම බින්න බැස නාගරීකරණය වුවද, අඩුම තරමේ අවුරුද්දකට වරක්‌වත්, තමන් සතු නිල වාහන වලින් හෝ පෞද්ගලික වාහන වලින් හෝ සිය මව්පියන් බැහැදකින්නට මහ ගෙදර ආවේ සිංහල අවුරුද්ද දවසේදීය. අවාසනාවකට මෙදා පරපුරේ මධ්‍යම පාංතික බොහෝ අම්මලාට සහ තාත්තලාට ඒ වාසනාවද අහිමි වී ඇත. ඊනියා දියුණුව පතා විදේශගතවූ ඇතැම් දරුවන්ට යළි සියරට බලා ඒමට ඕනෑ වුවත් එම රටවලදී උපන් ඔවුන්ගේ දරුවන්ගේ අනාගත අපේක්‍ෂාවන් මෙහිදී බොඳවී යාදොa යන සැකයත් ඇතැම්විට තම දරුවන් වැළැඳගත් බටහිර සංස්‌කෘතිය තුළ ඔවුන් සිරගතව සිටීමත් යන හේතු නිසා මේ අයටද අකමැත්තෙන් වුවත් පර දේශවලට ජීවත්වීමට සිදුවී තිබේ. දෙමාපියන්සේම දරුවන්ද එකිනෙකාගෙන් ඈත්වී නිරන්තරවම හදවතින් හඬා වැළපෙමින් ගයන්නා වූ මේ වියෝ ගීතය ඔවුන්ටම පමණක් අතිශයින්ම පෞද්ගලික වූ ශෝක ගීතයකි. ඒ වනාහී මධ්‍යම පාංතික යශෝරාවයේ අපට නොඇසෙන විරහ ගීතයයි.
ඈත අතීතයේදී අප දුටු මහ ගෙදර සංකල්පය කෙතරම් වටිනවාදැයි සිතන්නේ මේ දුක දකින කලය. මේ දුක දැනෙන කාලය එදා දරු පිරිවරම සිටියේ මහ ගෙය වටාය. මව හෝ පියා මරණාසන්න වූ සැනින් සියල්ලෝම ඇඳවටා රොක් වෙති.
"මයෙ රත්තරං දරු බුණුබුරන්ගේ මුහුණ බලාගෙන මට දැස් පියා ගන්න ලැබුණොත් ඒ මදැ" එකල වියපත් අම්මා කෙනෙකු තුළ සේම තාත්තා කෙනෙකු තුළද රැඳී ඇත්තේ මේ එකම එක ප්‍රාර්ථනාවය.
අද දවසේද වියපත් අම්මලා සහ තාත්තලා මේ ප්‍රාර්ථනාවම තමන් හදවතේ රඳවාගෙන නොමැත්තේ යෑයි කාට නම් කිව හැකිද? එහෙත් මේ සියලු ප්‍රාර්ථනාවෝ කිසි දිනක සැබෑ නොවන සිsහිනයක්‌ම පමණක් වී තිබීම වර්තමානයේ අප දකින සමාජ යථාර්ථයයි.
"හැරමිටියෙන් අප යනෙන තුරා
සංසාරේ අපි එකට ඉමු
සංසාරෙන් අපි සමුගන්නා දා
ඒ ගමනත් අපි එකට යමු"
මේ වනාහී ඔවුන් අද දවසේදී නිහඬවම මුමුණන යශෝරාවයේ සත්‍ය ගීතයයි.
Divaina -