Pages

Wednesday, December 14, 2016

HOW TO CHOOSE HAPPINESS

This is an article from Turning Points, a magazine that explores what critical moments from this year might mean for the year ahead.

Turning Point: An executive at Ikea declared that the West has reached “peak stuff,” with people owning too many things.

The Japanese word ‘tokimeku’ means ‘to spark joy.’ Someone who is adopting my method of tidying must take a possession of hers and ask: “Does this spark joy for me?” This question is the sole basis for choosing what things to keep in one’s home and what to discard.

But, can we apply this notion of sparking joy on a larger scale?

We live in a disorganized and chaotic world, much of it outside our control. I read recently that more than 80 billion articles of clothing are produced each year, but only a negligible few are recycled. As people’s buying habits shift and technology moves most everything to the cloud, people have been valuing experiences over material things. Some have even pointed out that we may have reached a critical point in terms of mass consumption - we’ve reached peak stuff.

Though it sometimes may seem like our things are threatening to take over our world, we can focus our energy and determination on choosing what makes us happy, and ultimately change our lives. Asking ourselves whether something sparks joy seems like such a simple process - so simple that many people wonder whether it can really be effective. The strength of the ‘spark joy’ standard, however, lies in its ambiguity.

Let’s consider, more precise standards, for what to keep or discard, even for something as basic as clothing. Should the number of jackets you own be fewer than 10? Should you discard clothes that you haven’t worn in more than three years?

Rules that adopt concise numerical values may appear to be more practical, which is why society often imposes specific standards on us, such as the amount of money we should earn, the ideal body weight we should maintain or the recommended quantity of food we should consume each day. But. what makes one person happy, comfortable and healthy varies for the next, so your individual gold standard can be determined only through your own perspective. This is where the magic question - Does it spark joy? - comes into play.

Continually assessing whether the belongings in your life spark joy, allows you to hone your judgment. Over time, your ability to identify what is worth keeping will extend from your home to your career to your relationships. You will be able to discern what makes you happiest and most contented in other aspects of your life.

I don’t mean that tidy homes, full of satisfied people who act in accordance with what sparks joy will cure all of our planet’s ills. Yet, I believe that people who are pleased with the course and direction of their lives and who have seen what their own determination can achieve can help create a kinder, better world.

I’d like to share some ideas on how you can use the concept of tokimeku in your own life.

Before you start deciding what sparks joy in your life, you must first get a true sense of the problems you face. For example, when organizing clothes, take out all the clothes you own and gather them in one spot, so that you can visually comprehend how much you have.

What we don’t often realize is, the furniture and closets in which we store our clothing have a remarkable way of concealing truths we would rather not see (a pilled sweater, for instance, that does not bring any joy). It’s perfectly fine to take advantage of this masking effect on a small scale, but when the amount of things you don’t need continuously increases - with the time and space you devote to accumulate them - you will find it becomes harder to lie to yourself.

We also work in much the same way. We often hide our problems in the closet of our hearts as if they never existed. Whenever my mind clouds over and I feel overwhelmed, I immediately take out a sketchbook. I write down all the emotions that I feel and the possible reasons behind them across a blank white page.

Once you’ve pinpointed your problems, identify specific solutions. For each problem, assign a concrete task such as “contact and consult a professional” or “reply immediately with an email.” These actions should be clear and specific. The ultimate goal of organizing is to remedy the state of untidiness and prevent its recurrence.

When choosing the actions, never forget to ask yourself whether each action sparks joy and makes sense for you. Once you’ve compiled a list, serenely execute these tasks.

I also keep a to-do list in my sketchbook. Each time I complete a task, I put a check mark next to it. As I complete the tasks one by one, I get a joyful feeling of lightness, as though I have completely finished tidying up my home. It sounds simple, but this is exactly the moment that sparks joy for me.

The ‘spark joy’ standard for tidiness depends on the individual. You cannot force people to tidy, nor should you try. But, there can be communal applications for this idea. I feel the question of whether something sparks joy becomes effective when people can exchange views and share a common vision for the future.

Understanding and appreciating the concept of tokimeku in the midst of a confusing and disorderly world will allow us to clarify our ideals, and help us gain confidence in our ability to lead productive lives and develop a sense of responsibility to those around us. From there, we can act with focus and certainty while improving our lives and our beautiful - if still very messy - world.

by Marie Kondo

- New York Times

Thursday, October 20, 2016

PREGNANT WOMEN SHOULD AVOID ANTI-DEPRESSANTS

Pregnant women who take anti-depressants are more likely to have children with speech and learning difficulties, a study has suggested.

Researchers from Columbia University’s Mailman School of Public Health stated the selective serotonin reuptake inhibitors (SSRIs) in this medication can “infect” the placenta.

The study, published in the journal JAMA Psychiatry, looked at 845,345 births between 1996 and 2010 taken from national registries in Finland.

They found those who took anti-depressants “almost doubled” the risk of having kids who have language difficulties or developmental delay.

“To our knowledge, this is the first study to examine the relationship between maternal anti-depressant use and speech or language, scholastic, and motor disorders in offspring,” said Professor Alan Brown, according to the Daily Mail.

“The study benefited from large sample population and followed the children beyond age three.”

Researchers formed a group of mothers who had bought SSRIs once or more before or during pregnancy.

They also had a group of mothers who were diagnosed with a psychiatric disorder one year before or during pregnancy but did not have anti-depressants. The final group was mothers who had not been diagnosed with a mental health illness and had not had anti-depressants.

Researchers found, irrespective of the number of purchases of anti-depressants, the risk of speech or language disorders was increased among their children.

Dr Helen Webberley, the dedicated GP for www.oxfordonlinepharmacy.co.uk said pregnant women should know taking medication is a “fine balance” or risks versus benefits.

“Studies such as this are understandably of concern to expectant mothers,” she told The Huffington Post UK. “All medicines will have clear guidelines on the instruction leaflet about their evaluation for safety for use during pregnancy and while breastfeeding.

“Providing sufficient studies have been done on the effects of using that medicine during pregnancy, it will clearly say whether you should avoid it or you are safe to take it. “In some cases, the leaflet will be more uncertain, and say that you should only take it if the benefits outweigh the risks. Some anti-depressants, for example, are better not taken while pregnant, however, if the mother is at severe psychological risk of her depression, then it may be better to take them.

“Sometimes it depends on the stage of pregnancy, where some medicines may be potentially harmful to the young developing embryo, whereas others could cause damage to the developed foetus. Read the leaflet, ask the pharmacist and discuss with your doctor if you are still not sure.”

- Huffingtonpost.co.uk

Monday, October 17, 2016

අපෙ ගුරුතුමා යයි තාමත් ඉස්කෝලේ

“මට, ඇති තරම් සල්ලි තියෙනව නම් එහෙම, මම ගම්බද ජීවත් වන රෝගී ගුරුවරුන්ට සෞඛ්‍ය නිකේතනයක් හදල දෙනව. ඔව්, ලොකු ගොඩනැඟිල්ලක් - ඇති පදම් ආලෝකය තියෙන - ඔබ දන්නවනෙ - ලොකු ජනෙල් තියල, සීලිම උසට ගහල, ලොකු මන්දිරයක් හදනව. මම ඒකෙ අලංකාර පුස්තකාලයක් හදනව. හැම වර්ගයෙම සංගීත භාණ්ඩ ගේනව. එළවළු වත්තකුයි, පලතුරු උයනකුයි හදනව. ඒ වාගෙම මීමැසි පෙට්ටිත් ගෙනැල්ල තියනව. මේ මන්දිරයෙ කෘෂි විද්‍යාව, කාලගුණ විද්‍යාව වාගෙ දේවල් ගැන දේශන පවත්වන්ඩ සලස්වනව. ගුරුවරු හැම දෙයක්ම දැනගෙන ඉන්ඩ ඕනෑ. ඔව්, ලොකු උන්නැහැ, හැම දෙයක්ම...”

ගුරුවරුන් ගැන මේ තරම් උද්යෝගයෙන් හා උද්වේගයෙන් කතාකරගෙන කතාකරගෙන යන්නේ, කවරකුදැයි තවම ඔබට නිනව්වක් නැති බව මම දනිමි.

සිහින සිතිවිලිවලියක් බඳු ඒ කතාව, අපේ රටේ හෝ අපේ වැනි වෙනත් රටක හෝ අධ්‍යාපන ඇමතිවරයකුගේවත්, ඊළඟ ආණ්ඩුවක අධ්‍යාපන ඇමතිවරයකු වන්නට සිහින දකින දෙවැනි තුන්වැනි පෙළේ දේශපාලකයකුගේවත් නොවේ.

ඒ වදන්, ඊට වඩා බොහෝ වෙනස් මිනිහකුගේය. ඒ වචන ස්වකීය ප්‍රතිභා මහිමයෙන්ද, අනනුකරණීය ශෛලියෙන් ද ඉතා ගැඹුරු මානව හිතවාදයෙන්ද ලෝක සාහිත්‍යයත්, ඒ මඟින්, අපේ ලෝකයේ චින්තනයත් පොහොසත් කළ උතුම් මිනිහකුගේය.

ඒ අපූරු මිනිහා, රුසියානු මහා ලේඛක ඇන්තන් පව්ලොවිච් චෙකෝප්ය.

චෙකෝප් විසින් “ලොකු උන්නැහේ” යනුවෙන් ආදරයෙන්ද, තරමක් විහිළු තාලයෙන්ද ආමන්ත්‍රණය කරනු ලැබූ, ඔහුගේ මේ දේශනයට සවන්දීගෙන, ඔහු සමඟ වත්තේ ඇවිදිමින් සිටි අනෙක් තැනැත්තාද, එසේ මෙසේ මිනිහෙක් නොවීය. හේ තෙමේ ස්වකීය අනුපම මානවප්‍රේමයෙන්ද, නොසන්සි‍ඳෙන නිර්මාණ ශක්තියෙන්ද ලෝක සාහිත්‍යය සාරවත් කළ මහා ලේඛක ඇලෙක්සි පෙෂ්කෝව් හෙවත් මක්සිම් ගෝර්කිය.

මතු පරම්පරාවල සාහිත්‍ය රසිකයන් හා සහෘදයන් උදෙසා මතු නොව, අනාගතයේ එන අධ්‍යාපනඥයන්, මුල්ගුරුවරුන්, උපගුරුවරුන් හා ඇතැම් විට, රටක අධ්‍යාපන ප්‍රතිපත්තිය භාරගන්නා අධ්‍යාපන ඇමතිවරුන් උදෙසාද, චෙකෝව්ගේ අනාගත වක්කෘත ඒ වචන රාශිය ලියා තැබුවේ, මක්සිම් ගෝර්කි විසින්මය.

“මගේ හීනවලට සවන් දීගෙන ඉඳීම ඔබ වදයක්ද? මේ ගැන කතා කරන්න, මම බොහොම ආසයි. රුසියාවේ ගම්බද පළාත්වලට හොඳ දක්ෂ උගත් ගුරුවරු මොන තරම් අවශ්‍යද කියල ඔබ දන්නවද? මේ රුසියාවෙ, ගුරුවරුන් සඳහා අපි ඉතා හොඳ තත්ත්වයක් ගොඩනඟල දෙන්ඩ ඕනෑ. ඒක ඉක්මනට කරන්ඩත් ඕනෑ. ජනතාවට, හැම පැත්තෙන්ම පිරුණු සර්වසම්පූර්ණ අධ්‍යාපනයක් ලැ‍බුණෙ නැත්නම් එහෙම, රාජ්‍යය බිඳ වැටෙනවා. හරියට, දඹු ගල්වලින් හදාපු ගෙයක් බිඳ වැටෙනව වාගෙ.

“ගමේ ගොවීන් අහන ප්‍රශ්න සියල්ලටම උත්තර දෙන්ඩ පුළුවන්කම තියෙන, ගමේ ජීවත් වන පළමුවැනි තැනැත්තා වෙන්ඩ ඕනෑ, ගුරුවරයා. එතකොට තමයි, ගමේ අයට ඔහුට ගරු කරන්ඩ පුළුවන් වෙන්නෙ. ගෞරවයට ලක් වෙන්ඩ, අවධානයට ලක් වෙන්ඩ තරම් තමන්ට බලයක් ඇති වෙන්නෙ, එත‍කොටයි. ගමේ ඉන්න පොලිස්කාරයාට, කඩකාරයාට, පූජකයාට, පාසල් අධිපතියාට, එතනින් ගියාම, පාසල් පරීක්ෂකවරයා කියන මිනිහාට - මම දන්නෙ නෑ මේ හාදයා මොනව කරනවද කියල - චක්‍රලේඛන අකුරට ක්‍රියාත්මක කරන්ඩ හදනවා මිසක් - අධ්‍යාපන තත්ත්වයන් දියුණු කරන්ඩ මිනිහා කරන දෙයක් ඇත්තෙ නැහැ. මේ මිනිස්සු කාටවත් තමන්ගේ තත්ත්වය පහත හෙළන්ඩ බැරි වෙන තරමට, ගුරුවරයාගේ බලය ගමේ තහවුරු කරන්ඩ ඕනෑ....”

චෙකෝප්ගේ කතාව තව බොහෝ දිගය. එහෙත් ඔහු පවසන මේ වැකි කිහිපය අපගේ අවධානයෙන් ගිලිහෙන්නට හැරිය යුතු නැත.

“ජනතාවට උගන්නන්ඩ කියල භාරදීල තියෙන මිනිහෙකුට, මසුරුකමට ගෙවන සොච්චම් වැටුප ගැන අපි ලැජ්ජා වෙන්ඩ ඕනෑ....”

“මම ඔබට කාරණයක් කියන්නම්. ගුරුවරයෙක් හම්බ වුණාම, මට ලොකු අසීරුවක් දැනෙනව. මේ මිනිහගෙ නිවට නියාලුකමට - පිළිවෙළක් නැතිකමට - මට මහත් අපහසුවක් දැනෙනව. මට හිතෙනව, ගුරුවරුන්ගෙ මේ ශෝචනීය තත්වයට මාත් වැරදිකාරයෙක් කියල. ඔව් ඇත්තටම මට එහෙම හිතෙනව...”

තමන්ට මේ සමාජයේ කෙළින් හිටගන්ට බැරි ව‍ුණේ හොඳ ආර්ථිකයක් නැතිකම නිසා යැයි තීරණය කළ අපේ ගුරුපරපුරෙන් කොටසක් කෙළේ, අධ්‍යාපන කඩ දමාගෙන ගණිතය, සත්ත්ව විද්‍යාව, භෞතික විද්‍යාව වැනි ගණන් වැඩි භාණ්ඩ පමණක් නොව, සිංහල, බුද්ධාගම වැනි සිල්ලර බඩුද විකුණන්ට පටන්ගැනීමය. අපේ ගුරු පරපුර ආර්ථිකයෙන්, මිල මුදලින් පමණක් කෙළින් වන්ට ගත් ඒ වෑයමේ ප්‍රතිඵලය වූයේ, මුළු මහත් ගුරු පරපුරේම අභිමානය නැති වී යාමය; ගුරුවරයාද මුදලට විකිණෙන භාණ්ඩයක් බවට පත්වීමය.

තමන්ගේ අභිමානය රැකගත හැක්කේ, චෙකෝප් කියන පරිදි, දැනීමෙන් - විද්‍යාවෙන් - සන්නද්ධ වී, චින්තනයෙන්ද පොහොසත් වූ තරමටය.

කොඳු කෙළින් හිටින්නේ, නිවැරදි අභිමානවත් චින්තනයෙන් මිස, රුපියල් සතවලින්වත්, තාන්න මාන්නවලින්වත් නොවේ.

ජාතිය නමැති මන්දිරය දඹු ‍ගඩොළින් නොව, යුගයටම පවතින දැවුණු ගඩොළින් ගොඩනඟන්නට නම්, ස්වකීය චින්තනයේ අභිමානයම අවශ්‍ය බව, ගුරු පරපුර විසින් පසක් කළ යුත මොහොත එළඹ ඇත්තේය.

මහා රුසියානු ලේඛක ඇත්තන් පව්ලෝවිච් චෙකෝව් ගැන මේ තරම් දුර දිගට කතා කරන්ට සිදු වූයේ, අද දින අපගේ ගේයපද ලීලා තීරුවේදී, ඔහු නිමිත්තට ගත් ගුරුවරයා ගැනම තවදුරටත් කතා කරන්ටය. මෙතැනදී අපට අදාළ වන්නේ, අපේ ගුරුවරයාය.

මීට දශක දෙකකට පමණ පෙර ලියන ලද ගීතයෙකදී, මහින්ද චන්ද්‍රසේකර කියා සිටියේ, අපේ ඒ ගුරුතුමා තමත් ඉස්කෝලේ යන බවකි!

කවර නම්, ගුරුවරයෙක්ද, ඔහු?

“පැන මඩ කඩිති වැවු තාවලු වැහි කාලේ

පෙන්නා මඟ නොමඟ නොවැටී යන තාලේ”

වැහි කාලයේදී මඩ කඩිතිද, වැව් තාවලුද, පැන පාසලට උදෙන්ම අවුත්, සිය සිසු දරුවනටද, නොවැටී යන්නට මඟ නොමඟ පෙන්නා දුන් උතුම් ගුරුතුමෙකි, ඔහු.

ඒ ගුරුවරයා අද වැටී සිටින දුක්ඛදායක තත්වය, ස්වකීය නිර්මාණයේ මුල් අඩෙහිදීම මහින්ද චන්ද්‍රසේකරයන් අපට හෙළිදරවු කරන්නේ මෙබසිනි.

“සිප් කිරි පෙවූ මූසිලයන් උඩු මාලේ

අපෙ ගුරුතුමා යයි තාමත් ඉස්කෝලේ”

ගුණමකු මූසිලයන්ට උඩුමහලට නඟින්ට ඉඩ දී අපේ ගුරුතුමාට තාමත් ඉස්කෝලේ යන්ට සිදු වූයේ, අපේ අධ්‍යාපනයේත්, ඒ අධ්‍යාපන ප්‍රතිපත්තියේත්, අධ්‍යාපනය කරවන්නවුන්ගේත් වරදිනි. පොදුවේ ගත් කල, සමාජ හර පද්ධතියේ වරදිනි. ‍මහින්ද චන්ද්‍රසේකර අප ඉදිරියට ගෙන එන ගුරුතුමා අන්ත අසරණයෙකි. ඔහුට මුදලට විකිණෙන්ටවත් බැරිය! ඔහුගේ ගෙදර ජීවිතය එකම ඛේදවාචකයකි. දීග නොගිය ඔහුගේ දියණිය ගුරු නිවහන තුළ මිලිනව සිටින්නීය.

“සමන්පිච්ච කැකුළිය ගෙයි මිලින වෙලා”

ගුරු නිවහන තුළ කඳුලට උල්පතක්ව ලොකු හාමිනේද සිටින්නී, බිත්තිය මත ඇඳි සිතුවමක් ලෙසින් නිහඬවය.

“ලොකුහාමිනේ ඇත බිතුසිතුවමක් වෙලා”

ඒ, ගුරු ගෙදර තත්වයයි.

සිසු දරුවන් ඇද වැටී ඇති තත්වය, ඊට දෙවැනි නැත. සාමලාත්, අමරලාත්, බස් පොළේ රටකජු විකුණති. ඒ රටකජු ‍ගොටුවලට ගන්නේ කුමාරොදයේ‍ පොතේ පිටුය.

මහින්ද චන්ද්‍රසේකර සිය ගුරුතුමා මඟින් කියන්නේ, අපේ අධ්‍යාපනයේ සමස්ත අර්බුදයයි. ඒ සඳහා ඔහු කරන නිර්මාණය යථාර්ථවාදී වනු පමණක්ම නොවෙයි. එය රසවත් ගීතයක්ද වෙයි. ගත් වහරද, පුර වහරද, ගැමි වහරද, සමානුයෝජනයෙන් ඔහු යොදාගන්නා බස්වහර ගීතවත්ය. මහින්ද චන්ද්‍රසේකර මඟ නොමඟ, උගත මනා, ඉකිබිඳ, රන්මසු අභරණ, උරණ, බිතු සිතුවමක් වැනි වදන් ගන්නේ ගත් වහරිනි. වැව්තාවලු, ඉස්කෝලේ, පිල්කඩ වැනි වදන් ගන්නේ ගැමි වහරිනි. සෙසු වදන් පුරවහරෙන් ගන්නා ලද්දේ වේ. එකී පද සංයෝජනය තුළ කවිතා ගුණය පමණටම ගේයතා ගුණයද සුරැකී ඇත්තේය. සුනිල් එදිරිසිංහයන්ට තියුණු හඬින් ගයන්නට, මහින්දගේ නිර්මාණයේ සුගේයතා පද ලාලිත්‍යය මොනවට පෙළ ගැසී සිටියි. දෙදෙනාම එක්ව මේ නඟන්නේ, එදා සාර් රුසියාවේ පාලනාධිකාරිය වෙත ඇන්තන් චෙ‍කෝව් දුන් පණිවිඩයේම ප්‍රතිරාවය නොවේදැයි යෝනිසෝමනසිකාරයෙන් සිහි කරනු යෙහෙකිය.

ආචාර්ය ඩබ්ලියු.ඒ. අබේසිංහ

Friday, October 14, 2016

හිමි සරණ නැති කල නීතිය සිටියි පිහිටට

නිත්‍යනුකූල විවාහයකදී බිරියට හා දරුවන්ට තමා වෙතින් ඉටු විය යුතු යුතුකම් පැහැර හරින සැමියෝ වත්මන් සමාජයේ බොහෝ වෙති. එවන් අවස්ථාවල බිරියට හා දරුවන්ට නීතියේ පිළිසරණ පැතිය හැකි වුව ද බොහෝ දෙනෙක් ඒ පිළිබඳව නොදනිති. විවාහයකදී තමා සතු වන අයිතිවාසිකම් හා ඊට අදාළ නීතිය පිළිබඳව දැන සිටීම වැදගත් ය. මේ පිළිබඳව නීතිඥ සංගමයේ හිටපු ලේකම් ජ්‍යෙෂ්ඨ නීතිඥ අජිත් පතිරණ සමඟ කරන ලද සාකච්ඡාවක් ඇසුරෙන් මේ ලිපිය සැකැසේ.

සාමාන්‍ය ව්‍යවහාරය අනුව කාන්තාවක් විවාහයකට පත්වීමත් සමඟ බිරියක ලෙස හඳුන්වන අතර එමඟින් සමාජයේ මූලික හා ස්වාභාවික වැදගත්ම ඒකකය වන පවුල නිර්මාණය වේ. අන්තර්ජාතික මානව හිමිකම් ප්‍රකාශනය අනුව ද, පවුල යන්න මිනිස් සමාජයේ මූලික හා ස්වාභාවික කණ්ඩායම ලෙස පිළිගැනේ.

වලංගු විවාහයක් යන්න නීතිය ඉදිරියේ හුදු ගිවිසුමක් පමණක් නොව, එමඟින් බිරිය සහ සැමියා දෙදෙනාටම එකිනෙකා හා යුතුකම් හා වගකීම් රැසකින් බැඳෙති.

නූතන සමාජ ආර්ථික බලවේග, අධිනාගරීකරණය, ගෝලීයකරණය වැනි බොහෝ හේතු චිරාත් කාලයක් අප රටේ සාමකාමී ස්වරූපයක පැවැති පවුල් ඒකක කඩා බිඳ දැමීමකට හේතු වී තිබේ. එවැනි අවස්ථාවක වඩාත් අසරණ වන්නේ බිරිය හා ඇය විසින් ජනිත කළ දරුවන් ය.

නෛතික පිළිසරණ ලැබීමට නම් විවාහය නිත්‍යනුකූල විය යුතු යි. ඉන් අදහස් කරන්නේ විවාහ ලියාපදිංචි කිරීමේ පනත, මුස්ලිම් විවාහ හා දික්කසාද කිරීමේ පනත, උඩරට විවාහ පනත හා සම්ප්‍රදායික විවාහය තුළ ක්‍රිස්තු භක්තිකයන් සම්බන්ධ විවාහ පනත අනුව සිදු වන විවාහයන්ය. බිරියට නොසලකා හැරීම යන්නෙන් ඇය නඩත්තු කිරීම හා පෝෂණය කිරීම පැහැර හැරීම පමණක් නොව වද හිංසාවලට භාජනය කිරීම ද ඇතුළත් ය.

වෛවාහික යුතුකම් ඉටු කරවා ගැනීම සඳහා බිරියකට සහන පැතිය හැක්කේ 1999 අංක 37 දරණ නඩත්තු පනතේ ප්‍රතිපාදන ප්‍රකාරව සහන අයැදීමයි. එහි සඳහන් පරිපෝෂණය කිරීමේ නෛතික යුතුකම අනුව වත්කම් ඇති කලත්‍රයකු විසින් වත්කම් නැති කලත්‍රයකු නඩත්තු කිරීම පැහැර හළ විට නඩත්තු නියෝගයක් දීමේ බලය මහේස්ත්‍රාත් අධිකරණය වෙත පවරා ඇත.

අන්‍යොන්‍ය කැමැත්තෙන් වෙන්ව සිටීම අනාචාරයේ යෙදීම යන කරුණු එකී හිමිකම අහෝසි වීමට හේතු වේ. එම පනතේ 10 හා 11 වගන්ති ප්‍රකාරය ලිඛිත පෙත්සමක් හා දිවුරුම් පෙත්සමක් මඟින් එකී ඉල්ලීම කළ හැකි අතර, ඉල්ලීමේ දෝෂ සහගත භාවයන් මත කිසිදු අධිකරණයකින් එම ඉල්ලීම ප්‍රතික්ෂේප නොකළ යුතු බවට ද විධිවිධාන යොදා ඇත. එම පනතේ 12 (02) වගන්ති ප්‍රකාරව විත්තිකරු අධිකරණය මගහැර සිටින්නේ නම් ඔහු නොමැතිව විමසීම පැවැත්විය හැකි අතර එහිදී කරන නියෝගයකට එරෙහිව අභියාචනයක් කළ ද නඩත්තු ගෙවීම නතර නොවන බව නඩත්තු පනතේ 14 වන වගන්ති ප්‍රකාරව කියවේ.

නඩත්තු ගෙවීම පැහැර හරින තැනැත්තා පදිංචි අධිකරණ කලාපයේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත යොමු කළ හැකි අතර, එකී පනතේ 4 වන වගන්ති ප්‍රකාරව භාරකරුට ඉල්ලුම්කරුවන්ට හා දරුවන්ට ඇති අයිතිය ද ප්‍රකාශ කර ඇත. 99 අංක 37 නඩත්තු පනතේ 2 (2) වගන්ති ප්‍රකාරව වියපත් දරුවෙකු හෙවත් වයස අවුරුදු 18 – 25 අතර දරුවන්ටද නඩත්තු ලබාගැනීමේ හැකියාව තිබේ.

වගඋත්තරකරුගේ වැටුප තහනම් කිරීම නඩත්තු නොගෙවීම සම්බන්ධයෙන් දණ්ඩන පැනවීම, වැටුප් තහනම් කිරීමේ නියෝගයකට අවනත නොවන සේවා යෝජකයන්ට දඩ ගැසීම මඟින් දඬුවම් කිරීම ද තැපැල් කාර්යාල හා බැංකු මඟින් නියමිත නඩත්තු මුදල් අය කර ගැනීම සඳහා ද ප්‍රතිපාදන සලස්වා ඇත.

මුස්ලිම් විවාහ හා දික්කසාද පනත යටතේ විවාහ වූ තැනැත්තියකට ක්වායි මණ්ඩල අධිකරණ මඟින් නියෝගයක් ගත හැකි අතර වග උත්තරකරු එකී නියෝගයකට අවනත නොවුවහොත් මහේස්ත්‍රාත් අධිකරණයට ඉල්ලීමක් කර එය ක්‍රියාත්මක කරගත හැකි ය.

සැමියා විසින් බිරියට කරන ශාරීරික හා මානසික වධ හිංසාවලදී ඇයට පිහිට ලැබිය හැකි ය. එවැනි විටෙක අපරාධ නීතිය මෙන් ම සිවිල් නඩු විධාන නීතිය මඟින් ගත හැකි සහන රැසකි‍.

සිවිල් හා අපරාධ නීතිය යටතේ බිරියකට සහන අයැදිය හැකි අවස්ථා ගණනාවකි.

ශාරීරික වධ හිංසාවට හා ශාරීරික වධහිංසා කිරීමට බිය ගැන්වීම, සාධාරණ හේතුවකින් තොරව ලිංගික හැසිරීම් ප්‍රතික්ෂේප කිරීම, වගඋත්තරකරු සමාජ රෝගයකින් පෙළීම හෝ පැමිණිලිකාරිය ලිංගික හැසිරීම සඳහා යෝග්‍ය සෞඛ්‍ය තත්ත්වයෙන් නොසිටීම

අධිකරතර හා අපේක්ෂිත සාමාන්‍යයට වඩා ලිංගික හැසිරීම් සඳහා ඉල්ලීම් කිරීම , අසාමාන්‍ය හා අස්වාභාවික ලිංගික හැසිරීම, අඛණ්ඩව අසභ්‍ය වචන පාවිච්චිය හා බැණවැදීම, අඛණ්ඩ ශාරීරික හිංසා සමඟ අසභ්‍ය වචනයෙන් බැණවැදීම, සැමියාගේ යුතුකම් ඉටු නොකර පැහැර හැරීම, ඔරොත්තු නොදෙන තරමේ ‍බලහත්කාරකම් පෑම, තම බිරිය ලෙස පිළිගැනීමට වගඋත්තරකරු ප්‍රතික්ෂේප කිරීම, අන් අය ඉදිරියේ බි‍රිය අවඥාවට ලක් කිරීම, පදනමකින් තොරව චෝදනා නැඟීම, අනාචාරයේ හැසිරෙනවා යැයි බිරිය කෙරෙහි අස්ථාන චෝදනා නැඟීම, වගඋත්තරකරු අන් පිරිමින් සමඟ අසාමාන්‍ය ලිංගික සබඳතා පැවැත්වීම, අනාචාරයේ හැසිරීම. මේවායින් ඇතැම් කරුණු සම්බන්ධයෙන් දණ්ඩ නීති සංග්‍රහයේ පරිච්ඡේද 16 යටතේ ක්‍රියා කළ හැකි ය. දණ්ඩ නීති සංග්‍රහයේ 483 ප්‍රකාරව සාපරාධී බිය ගැන්වීම සම්බන්ධයෙන් ක්‍රියා කිරීමට පුළුවන. බලහත්කාරකම් සෑම සම්බන්ධයෙන් දණ්ඩ නීති සංග්‍රහයේ 372 අනුව ක්‍රියා කළ හැකි ය.

එසේ ම ව්‍යවස්ථාදායකය විසින් ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය අවම කර, සාමය ප්‍රවර්ධනය කිරීමේ අදහසින්, 2005 ගෘහස්ථ ප්‍රචණ්ඩ ක්‍රියා වැළැක්වීමේ පනත හඳුන්වා දෙන ලදී.

බිරියකට නොසලකා හරින අවස්ථාවක සිවිල් නීතිය යටතේ ද පිහිට පැතිය හැකිය. ඉන් ප්‍රධානම සහනය නම්, දික්කසාදයක් සඳහා නඩු පැවරීමට ඇති හිමිකමයි. කැමැත්තෙන්ම විවාහය, සම්පූර්ණ කිරීමට වගඋත්තරකරු පැහැර හරින අවස්ථාවකදී ක්‍රියා කළ හැකි වන්නේ නීතිය අනුව දික්කසාද නඩු නිමිත්ත ලෙස සලකන ද්වේෂ සහගත ලෙස අතහැර යෑම.

මේ අනුව අපරාධ නීතිය මෙන් ම සිවිල් නීතිය යටතේ ද අගතියට පත් බිරියකට විවිධ සහන පැතිය හැකි බව පෙනී යන නමුත් ඇතැම් නීති වර්තමාන ප්‍රායෝගික තත්ත්වයන් අනුව ව්‍යවස්ථාදායකය විසින් යළි සලකා බැලිය යුතු වේ.

ජ්‍යෙෂ්ඨ නීතිඥ අජිත් පතිරණ

Courtesy - Silumina

Wednesday, October 12, 2016

‘අයියෝ’ ඔක්ස්ෆර්ඩ් ශබ්දකෝෂයට යයි

ඉංග්‍රීසියෙන් කතාබහ කරන අතරතුර වුවද, ලාංකිකයන් විසින් පුරුද්දට මෙන් ‘අයියෝ’ යන වචනය භාවිතා කරන අයුරු බොහෝවිට ඔබ අසා ඇති.

සාමාන්‍යයෙන් නම් එය ශුද්ධ ඉංග්‍රීසි භාවිතයට සිදුකරන හානියක් ලෙස සැලකෙන නමුත්, මේ වන විට එම හානිය මැකී ගොස් අවසන් ය.

ඒ, ඔක්ස්ෆර්ඩ් ශබ්දකෝෂයට පසුගියදා එකතු වූ නව වචන කිහිපය අතරට ‘අයියෝ’ යන වචනයද එක්වී තිබීම හේතුවෙනි.

‘අයියෝ’ යන වචනය සිංහල භාෂාව හසුරවන්නන් මෙන්ම දකුණු ඉන්දීය ජාතිකයන් විසින් නිරන්තරයෙන්ම භාවිතා කරන්නකි.

වසර 150ක් පැරණි ඔක්ස්ෆර්ඩ් ශබ්දකෝෂයට වචන 600,000ක් පමණ ඇතුළත් වේ.

මහාචාර්යවරයෙකුගේ කාර්යභාරය කුමක්‌ද?

වෝල්ටර් නොල්
ගණිතය පිළිබ`ද සම්මානිත මහාචාර්ය
කානගී මෙලන් විශ්වවිද්‍යාලය

අනුවාදය
මහාචාර්ය රාඡ් සෝමදේව
පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනය


වෝල්ටර් නොල් ඇමෙරිකාවේ කානගී මෙලන් විශ්වවිද්‍යාලයේ ගණිතය පිළිබ`ද සම්මානිත මහාචාර්යවරයෙකි. 1925 වසරේ ජර්මනියේදී උපන් ඔහු 1954 වර්ෂයේදී ඉන්දියානා විශ්වවිද්‍යාලයෙන් ව්‍යවහාරික ගණිතය පිළිබ`ද ආචාර්ය උපාධිය දිනා ගත්තේය. කීර්තිමත් ගණිතඥයෙකු වූ මහාචාර්ය ක්‌ලිර්ඩ් ට්‌රූස්‌ඩේල්ගේ උපදේශකත්වයෙන් ඔහු ඉදිරිපත් කළ නිබන්ධයේ ශීර්ෂය වූයේ On the Continuity of the Solid and Fluid States යන්නයි. 2012 පීසා යන විශ්වවිද්‍යාලවල ගණිතය පිළිබ`ද ආරාධිත මහාචාර්යවරයෙකු ලෙස ද කටයුතු කරයි.

මහාචාර්යවරුන්ට තමන්ගේ කාර්යභාරය කුමක්‌ද යන්න ගැන මනා වැටහීමක්‌ ලබා දීමට උදව් වීම පමණක්‌ නොව පුළුල් වශයෙන් ඒ කාර්යභාරය ඇගයීමට මහජනයාට උපකාරයක්‌ ලබා දීම ද මෙම ලිපියේ අරමුණයි. ගණිතය පිළිබ`ද මහාචාර්යවරයෙකුගේ දැක්‌මකින් යුතුව රචනා කළ ද කවර ක්‌ෂේත්‍රයකට අයත් මහාචාර්යවරයෙකුට වුව ද මෙම ලිපිය අදාළ වන බව නිසැක ය.

ජීවත්වීම උදෙසා මා විසින් කුමක්‌ කළ යුතුද යන පැනය මම මගෙන්ම අසා සිටින විට, මා මහාචාර්යවරයෙකු ය යන පිළිතුර මට ලැබේ. ඒ අනුව ඊළ`ගට නැගෙන අනිවාර්ය ප්‍රශ්නය වන්නේ මහාචාර්යවරයෙකු ලෙස මා කරන්නේ කුමක්‌ද යන්නයි. බොහෝ දෙනෙකුගේ අදහස වන්නේ මහාචාර්යවරයෙකු යනු සම්භාවනාවට පත් ගුරුවරයෙකු බවයි. විශ්වවිද්‍යාල පරිපාලනය මගෙන් බලාපොරොත්තු වන්නේ ද පර්යේෂණ කිරීම සහ ඉගැන්වීම ය. අධ්‍යයන කාර්යමණ්‌ඩල සාමාජිකයෙකු ලෙස මගෙන් ඉටු විය යුතු= වැදගත්ම කටයුතු ලෙස ඔවුන් විසින් සලකන්නේ ද ඒවායි. සමහර අවස්‌ථාවල මම කාලය ගත කරන අන්දම ගැන මම මගෙන්ම ප්‍රශ්නාවලියක්‌ විචාරමි. මම මගේ කාලයෙන් කුමන ප්‍රතිශතයක්‌ ඉගැන්වීමට යොදවන්නේද? කුමන ප්‍රතිශතයක්‌ පර්යේෂණ කටයුතු ස`දහා යොදවන්නේද? යනු එවැනි ප්‍රශ්න කිහිපයකි. එවැනි ප්‍රශ්නවලට පිළිතුරු සැපයීමේදී මම මහත් අපහසුතාවට පත් වෙමි. මෑතකදී මා විසින් අවබෝධ කර ගන්නා ලද්දේ අඩුම තරමින් මා ඉගැන්වීමේ කටයුතුවල හෝ පර්යේෂණ කටයුතුවල හෝ නොයෙදෙන බවයි. ඒ වෙනුවට මා විසින් කරනු ලබන්නේ මගේ ශික්‌ෂණය එනම් ගණිතයට අයත් දැනුම සමායෝජනය කිරීමයි. ගුරුවරයෙකුත්, පර්යේෂකයකුත්, නියමානුකූල මහාචාර්යවරයෙකුත් අතර පැහැදිලි වෙනස්‌කම් තිබේ. ඒවා මොනවාදැයි පැහැදිලි කිරීමට මම දැන් අවකාශය ලබා ගනිමි.

ගුරුවරයෙකුගේ මූලික අවධානය වන්නේ ඔහුගේ හෝ ඇයගේ ශිෂ්‍යයන් ය. එහිදී ගුරුවරයාගේ කාර්යය වන්නේ සිය ශිෂ්‍යයන්ට නිශ්චිත දැනුමක්‌ ලබාදීමත් එසේ දැනුම ලබා දීමට වඩාත්ම සුදුසු ක්‍රමය ගැන සැලකිලිමත්වීමත්ය. සාමාන්‍යයෙන් සිය විෂය නිර්දේශ සහ පෙළපොත් ඔහු අනුගමනය කරයි. ගුරුවරයාට බොහෝ සෙයින් වැදගත් වන්නේ සිය ශිෂ්‍යයින්ට ගෙදර වැඩ ලබා දීමත් ශිෂ්‍යයන් කොපමණ සාර්ථකව අධ්‍යයන කටයුතු කරගෙන ගොස්‌ තිබේද යන කාරණය මැන ගැනීමට වාර පරීක්‌ෂණ සංවිධානය කිරීමත්ය. ශිෂ්‍යයින් තමා ගැනත් තමාගේ ඉගැන්වීම් ගැනත්, කුමක්‌ සිතන්නේද යන කාරණය ගැනත්, ඔහු විසින් සිය අවධානය යොමු කරයි. ඔහු සිය ශිෂ්‍යයින් ගැන අනුකම්පා සහගත වන අතර ඔවුන් ලබා ගන්නා ලකුණු ගැන නිරන්තරයෙන්ම සංවේදී ය.

මහාචාර්යවරයකුගේ නිරන්තර අවධානය වන්නේ ඔහුගේ ශික්‌ෂණයයි. ඔහු ජීවත් වන්නේ ඒ තුළයි. සයනයේ වැතිර සිටින අවස්‌ථාවක දී හෝ ඉන් නැඟීසිටින අවස්‌ථාවකදී හෝ විශ්වවිද්‍යාලයේ නිවාඩු සමයකදී හෝ වේවා ඉන් ඈත්වීම ඔහුට පහසුවෙන් කළ නොහැක්‌කකි. තම විෂයට අදාළව දේශන පවත්වන සෑම අවස්‌ථාවකදීම ඔහු සිය විෂය සිය මනස තුළ ප්‍රතිනිර්මාණය කිරීමට වෑයම් කරයි පාඨමාලා ආරම්භ වන අවස්‌ථාවලදී බොහෝ විට ඒවා ආරම්භ කළ යුත්තේ කොතැනකින්ද? තමා විසින් අදාළ ඉගැන්වීම්වලදී කරුණු ඉදිරිපත් කළ යුත්තේ නියත වශයෙන්ම කෙලෙසකද? සහ කුමන අනුපිළිවෙළකටද? යන්න ගැන අවබෝධයක්‌ ලබා ගැනීමට හැකියාවක්‌ ඔහුට නැත. පාඨමාලාව මැදදී පවා ඊට ඉදිරිපත් කළ යුතු කරුණු අලුතින් එකතු කිරීමටත්, තිබෙන කරුණු ඉවත් කිරීමටත් ඔහු ඔහුගේ සිත වෙනස්‌ කරයි. ඔහු නිරන්තරයෙන් වෑයම් කරන්නේ තමාගේ පාඨමාලාවට නව ප්‍රවේශයක්‌ ලබා දීමටත්, වඩාත්ම සුදුසු දැක්‌මක්‌ ඒ වෙත ආරෝපණය කිරීමටත් ය. ඔහු කිසිදිනෙක එකම පාඨමාලාවක්‌ එකම ආකාරයකට දෙවරක්‌ ඉදිරිපත් නොකරයි. එය ඔහුට දැනෙන්නේ විෂය නිර්දේශ සහ පාඨග්‍රන්ථ පරිශීලනයට යොමුවීමේ සාපයක්‌ ලෙසයි. ඔහුගේ උත්සාහයන් අගය කරන ඇතැම් සිසුන් කෙරෙහි ඔහු පැහැදීමක්‌ ඇති කර ගනී. එසේ වුව ද ගෙදරවැඩ, විභාග සහ ලකුණු සම්බන්ධයෙන් ඔහු තුළ තිබෙන්නේ ඒවා වැඩකට නැති දේවල්ය යන හැ`ගීමයි. බ්‍රිතාන්‍ය ජාතික ගණිතඥයකු වූ ජී.එච්. හාර්ඩි විසින් zගණිතඥයකුගේ පසුතැවීමZ නම් වූ සිය කෘතියේ ස`දහන් කරන පරිදි 

.............. "ඇත්තෙන්ම ඉගැන්වීම යනු මට මහත් වධයකි. මා එය කරන්නේ ඉතාමත් සුළු වශයෙනි. මම දේශන පැවැත්වීමට කැමැති නමුත් මා වැඩි වශයෙන් එය කරන්නේ කුසලතාපූර්ණ ළමුන් සිටින පන්තිවලට ය..............

පර්යේෂකයකුගේ අවධානය රැ`දී තිබෙන්නේ අලුත් ප්‍රතිඵල සොයා ගැනීම වෙත ය. ඔහු නවදැනුම නිර්මාණය කරන්නෙකි. ඔහුට නපුරු සිහිනයක්‌ වන්නේ තමන්ගේ පර්යේෂණ අතරම`ග නතර කිSරීමට සිදු වීමත්, තමන් සොයා ගන්නට ප්‍රථම වෙනත් කෙනෙකු විසින් තමන් සොයන දේ අනාවරණය කිරීමත්ය. ප්‍රමුඛතාව ඔහුට අතිශයින් වැදගත් වන අතර ඒ නිසාම ඔහු ඇතැම් විට තමන්ගේ සොයා ගැනීම් තමන්ගේ අදහස්‌ පරිණත වන තුරු නොසිට ප්‍රකාශනයට පත්කිරීමට පවා යුහුසුළු වෙයි. 

අනෙක්‌ අතට මහාචාර්යවරයෙකුගේ අවධානය යොමු වන්නේ තමන්ගේ විෂයයට අදාළව කරුණු වටහා ගැනීම, යම් යම් දැක්‌ම ඊට ආදේශ කිරීම, ඒවායේ වැදගත්කම විනිශ්චය කිරීම සහ දැනුම සංවිධානය තිරීමයි. හො`දින් අවබෝධ කර නොගත්, එමෙන්ම දිරවා ගත නොහැකි, දිනෙන් දින ගොඩගැසෙන නව පර්යේෂණ ප්‍රතිඵල ඔහුට හිසරදයකි. වඩා පුළුල් සන්දර්භයකට ඒවා ගලපා ගන්නා තුරු ඔහු ඉන් සතුටට පත් නොවේ. ඔහු වඩාත් සෑහීමකට පත් වන්නේ පර්යේෂකයින් විසින් අනාවරණය කරන ප්‍රතිඵල සරල කොට අනතුරුව ඒවා එක්‌සත් කොට නව සංකල්පීය රාමුවකට ආබද්ධ කිරීමෙනි. ප්‍රකාශයට පත් කිරීමට පෙර ඔහු තමන්ගේ අදහස්‌වලට පරිණත වන්නට අවකාශ ලබා දෙයි. ප්‍රමුඛතාව යනු ඔහුට අදාළ වන දෙයක්‌ නොවේ.

ඉහතින් විස්‌තර කළ ආකාරයට මා ඇතුළු මගේ සමසහචරයින්, ගුරුවරු, පර්යේෂකයින් සහ මහාචාර්යවරුන් ලෙස සැලකිය හැකි අයයි. ඒ අතරින් බොහෝ දෙනා උසස්‌ මහාචාර්යවරුන් ය. නමුත් ඇතැම්දෙනා ප්‍රමාණවත් තරමේ ගුරුවරුන්ය. එසේ නොවේ නම් සෑහීමකට පත්විය හැකි අන්දමේ පර්යේෂකයින් ය. මා දන්නා තරමින් මේ තුන් ඉරියව්වෙන්ම සමත්කම් දක්‌වන්නේ කලාතුරකින් එකම එක්‌ අයෙකු පමණි.

මගේ විශ්වවිද්‍යාලය මගින් නිකුත් කර තිබෙන පීඨ අත්පොතේ අධ්‍යයන කාර්ය මණ්‌ඩලයේ zතනතුරුවලට බ`දවා ගැනීම ස`දහා වන කොන්දේසිZ යන කොටසේ මා ඉහතින් ස`දහන් කළ ආකාරයට තමන්ට අදාළ විෂය සම්බන්ධයෙන් දැනුම ගොඩනැඟීමට අදාළ වන සුදුසුකම් කිසිවක්‌ ඇතුළත්ව නැත. සාමාන්‍යයෙන් එවැනි සුදුසුකම්වලට විශ්වවිද්‍යාලවල දැන් පිළිගැනීමක්‌ ලැබෙන්නේද ඉතා කලාතුරකිනි. ඒ වෙනුවට විශ්වවිද්‍යාලයීය ශාස්‌ත්‍රාලීය සම්ප්‍රදාය තුළ ගෞරවයට ලක්‌ වන්නේ පර්යේෂකයින් සහ හො`ද ගුරුවරුන් පමණි. මා විශ්වාස කරන්නේ මේ තත්ත්වය මගින් අහිතකර ප්‍රතිඵල ඇති කළ හැකි බවයි.

පර්යේෂණ මත ගොනු වී තිබෙන අවධානය කෙළවර වන්නේ අප කවුරුත් හො`දින් දන්නා තත්ත්වයක්‌ වන ප්‍රකාශයට පත් කිරීම හෝ ප්‍රතික්‌ෂේප කිරීම යන ස්‌ථාවරයෙනි. පර්යේෂණ මගින් එහි යෙදෙන්නා අතිධාවනකාරී විශේෂඥතාවකට පත් කරයි. තරුණ ආචාර්යවරුන් සිය උසස්‌වීම් ලබා ගැනීමට ඉදිරිපත් කරන නිර්දේශ ලිපිවල ඔවුන් ගැන ස`දහන් කර තිබෙන්නේ මොහු අදාළ විෂයයට සිටින හො`දම කිහිපදෙනාගෙන් කෙනෙකු බවයි. නමුත් සමහර විට ඔහුගේ විෂයය ලෝකයේ කිහිපදෙනෙකු විසින් ප්‍රගුණ කර ඇති සීමිත පටු ශික්‌ෂණයක්‌ විය හැකියි. අනෙක්‌ අතට සමහර තරුණ ආචාර්යවරුන් විසින් සොයා ගන්නා නව ප්‍රතිඵල තේරුම් ගැනීමට සමත් වන්නේ ඔවුන්ගේ විෂයපථයට පරිබාහිර සමාජයේ කිහිපදෙනෙකු පමණි. ගණිතය විෂයය සම්බන්ධයෙන් නව ප්‍රතිඵල අඩංගු කොට රචනා වන යම් ලියෑවිල්ලක්‌ කෙතරම් අපැහැදිලි වුවත් කෙතරම් නොවැදගත් වුවත් එය ප්‍රකාශයට පත් කර ගැනීම පහසුය. බොහෝ අවස්‌ථාවල නවදැක්‌මක්‌ සහිත රචනයක්‌ ප්‍රතික්‌ෂේප වෙයි. ඊට හේතුව එහි නවප්‍රතිඵල අන්තර්ගත නොවීමයි.

විශ්වවිද්‍යාල පීඨවල පාඨමාලා ඇගයීම් පොදු වැදගත්කමකට ලක්‌ වීමත් සමඟ තරුණ විශ්වවිද්‍යාල ආචාර්යවරු බොහෝදෙනෙකු පොලඹවා තිබෙන්නේ සිය මූලික අවධානය ඉගැන්වීම් කටයුතු වෙත යොමු කිරීමටය. මෙමගින් ඉඩ සැලසෙන්නේ විශ්වවිද්‍යාලවල ප්‍රමිතිය පිරිහීමටත්, ශ්‍රේණි ලබා ගැනීම සම්බන්ධයෙන් ශිෂ්‍යයින් අතර උද්ධමනකාරී තත්ත්වයක්‌ ඇති වීමටත් ය. බොහෝමයක්‌ ශිෂ්‍යයින් ගුරුවරයෙකු සහ මහාචාර්යවරයෙකු අතර පවතින වෙනස වටහාගෙන නැත. ඔවුන් සිතන්නේ විශ්වද්‍යාලය සිය පාසැල් ජීවිතයට සමාන එකක්‌ වනු ඇත කියායි. විශ්වවිද්‍යාලය තුළ තමන්ගේ ගුරුවරයා තමන්ම බව ඔවුන් දන්නේ නැත.

පර්යේෂණ සහ ඉගැන්වීම වෙත තල්ලු වී යාම වනාහි සමහර විට එක්‌ අතකින් හා අඩුම තරමින් ආර්ථික අපේක්‌ෂා මුල් වූවක්‌ විය හැකියි. පර්යේෂණ අරමුදල් ලබා ගැනීමේ අරමුණු මත පොරබදන්නට ආචාර්යවරුන් උසිගන්වා තිබේ. පර්යේෂණ අරමුදල් ලබා දෙන ආයතන විසින් ඉල්ලා සිටින්නේ සුවිශේෂී නවප්‍රතිඵල අන්තර්ගත පර්යේෂණ යෝජනාවලීන්ය. ඇතැම් දෙමවුපියන්ගේ අපේක්‌ෂා සම්බන්ධයෙන් එතරම් සාධාරණ නොවූවත් විශ්වවිද්‍යාල සිය ප්‍රධාන ඉලක්‌කය ලෙස ඉගැන්වීම වෙත තල්ලුවීමේ ප්‍රවණතාව ගැන කැමීලා පැග්ලියා විසින් 1992 මැයි මාසයේදී ටයිම්ස්‌ ලිටරරි සප්ලිමන්ට්‌ වෙත කළ ප්‍රකාශයේ යම් සත්‍යතාවක්‌ ගැබ්ව තිබේ.

........... වියදම් ඉහළ යන විට විශ්වවිද්‍යාල දෙමව්පියන් සමඟ තදින් වාණිජ සබ`දතාවල පටලැවේ. එහිදී බුද්ධිමය අරමුණු විශ්වවිද්‍යාල තුළ මුලුගැන්වෙමින් ශිෂ්‍යයින්ට සිය දෙමවුපියන් සමග ආනන්දකර සමයක්‌ උදා කරයි.......

අපට අවශ්‍ය වන්නේ ගුරුවරුන් සහ පර්යේෂකයින් පමණක්‌ යෑයි කෙනෙකු විසින් පැවසීමට ඉඩ තිබේ. මම ඊට එක`ග නොවෙමි. මක්‌නිසාද යත් මහාචාර්යවරයෙකු යනු ගුරුවරයාත් පර්යේෂකයාත් අතර සිටින අතරමැදියෙකු වන නිසාය.

මහාචාර්යවරයෙකුගේ බලපෑම නොවන්නට ගුරුවරයාගේ විෂය නිර්දේශය කල් ඉකුත් වූ අජීව දෙයක්‌ බවට පත් වීම නොවැළැක්‌විය හැක්‌කකි. වර්තමානයේ පවා විශ්වද්‍යාලවල ගණිත විෂයයට අදාළ මූලික පාඨමාලා එල්ල කර ලියෑවෙන බොහෝමයක්‌ පාඨ ග්‍රන්ථ ඒ විෂයයන් ගැන නිවැරදි අවබෝධයක්‌ නොමැති අය විසින් කර ඇති නොගැඹුරු රචනාය. ඉගැන්වීම ස`දහා එවැනි පොත් භාවිත කරන ආචාර්යවරුන්ට එපමණවත් ඒ ගැන අවබෝධයක්‌ නැත. නමුත් එවැනි පොත් වාණිජ වශයෙන් සාර්ථකත්වයක්‌ ලබා ගන්නේ පිළිගත් අධ්‍යාපනඥයින් විසින් ප්‍රසිද්ධිය පතා ඒවාට නිකුත් කර තිබෙන රැවටිලිකාර පණිවිඩ නිසා ය. එවැනි පාඨග්‍රන්ථ ලියා ගෞරවයට ලක්‌ වීමේ අරමුණක්‌ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට තිබිය නොහැකිය.

මහාචාර්යවරයෙකුට සවන් නොදෙන තාක්‌ කල් පර්යේෂකයෙකු තමන්ගේ ශික්‌ෂණයෙන් පරිබාහිර වෙනත් විද්‍යාවන් සමග කිසිදු සබඳතවක්‌ ගොඩනඟා ගත නොහැකි පටු විශේෂඥයෙකු බවට පත්වීම අනිවාර්ය වේ. පර්යේෂකයෙකු විසින් සොයා ගන්නා ප්‍රතිඵල මහාචාර්යවරයෙකු විසින් විවේචනාත්මක ලෙස පරීක්‌ෂා කොට අනතුරුව පිළිවෙළගත කොට ඒකාබද්ධ රාමුවකට ගලපන තෙක්‌ ඒවාට තිබෙන වටිනාකම අල්පය.

මහාචාර්යවරයෙකු තුළ සිය විෂයය පිළිබ`ද තිබෙන ඇලමට සමාන වන අන්දමේ ඇල්මක්‌ තමන් උගන්වන විෂයය වෙත ඇති කර ගැනීමෙන් තොරව කෙනෙකුට හො`ද ගුරුවරයෙක්‌ විය නොහැකි බව මගේ විශ්වාසයයි. ද්විතීයික අධ්‍යාපනය ලබා දෙන අපේ පාසල්වල ගණිතය උගන්වන ගුරුවරුන් අතර එවැනි පෙළඹවීමක්‌ ඇති අය සිටින්නේ සුළුතරයකි. එමෙන්ම මගේ තවත් විශ්වාසයක්‌ වන්නේ පර්යේෂකයා ද තරමක්‌ හෝ දුරට මහාචාර්යවරයෙකු කල්පනා කරන ආකාරයට සමගාමී වීම වැදගත් වන බවයි. මක්‌නිසාද යත් තමන් සොයා ගන්නා නව ප්‍රතිඵල වඩා පුළුල් සන්දර්භයකට සම්බන්ධ කිරීමේ නිපුණතාව ඔහුට ලැබෙන්නේ එවිට ය.

Saturday, October 01, 2016

ලෝක ළමා දිනය බිහිවූයේ මෙහෙමයි

ලෝක ළමා දිනය බිහිවූයේ මෙහෙමයි

පුංචි ඔයාලා වෙනුවෙන් වෙන්වූ විශ්ව ළමා දිනයක් ඔක්තෝම්බර් පළමුවැනිදාට යෙදී තිබෙනවා. මෙම දිනය සැමරූ අප සැමගේ මූලික අරමුණ වූයේ කුඩා දරුවන් “ළමා මෙහෙකාර සේවයෙන්” මුදවා ගැනීමයි. ඒ දිනය පිළිබඳ පුංචි ඔබව දැනුවත් කරන්න අපි හිතුවා. ලෝක ළමා දිනය සැමරූ පළමුවෙනිදා වගේම පළමු ලෝක යුද්ධයද අපට අමතක කරන්න බැහැ. 1914 දී ඇරඹුණු ලෝක යුද්ධය 1918 දී අවසන් වුණේ ලෝකයටම මහත් විනාශයක් සිදුකරමින්ය. මෙහි ප‍්‍රතිඵලය ලෙස 1919 දී එක්සත් ජාතීන්ගේ සංවිධානය බිහිවුණා. මෙම යුද්ධයෙන් බොහෝ දෙනෙක් ජීවිතක්ෂයට පත් වූ අතර බොහෝ පිරිසක් අබාධිත වුණා. මෙයින් විශාලම හානිය වූයේ කුඩා දරුවන්ටයි.

දරුවන්ට වූ හානිය සලකා 1923 දී “එග්ලන්ටයින් ජෙබි” මහත්මිය සමීක්ෂණයක් කළා. එම සමීක්ෂණයෙන් වගන්ති 5 න් යුතු ළමා අයිතිවාසිකම් ප‍්‍රකාශය බිහි වුණා. 1924 වසරේදී මෙම එක්සත් ජාතීන්ගේ සංවිධානය ලොව පුරා කි‍්‍රයාත්මක ප‍්‍රකාශයක් ආකාරයට පිළිගත්තා. මෙහි මූලිකම අරමුණ වූයේ ළමයින්ට රැකවරණය හා විශේෂ සැලකිල්ලක් ලබා දීමේ අවශ්‍යතාවයයි.නමුත් ලෝක යුද්ධය අවසාන වූයේ නැත. 1939 නැවත ලෝක යුද්ධය ආරම්භ වී එයින් දරුවන්ට විශාල හානියක් සිදු වුණා. ඉන්පසු නැවතත් 1945 වන විට නැවත එක්සත් ජාතීන්ගේ සංවිධානය අළුතින් බිහිවුණා. 1959 දී මෙම සංවිධානය විසින් වගන්ති 10 න් සෑදී තිබූ ළමා අයිතිවාසිකම් පිළිබඳ දෙවන ප‍්‍රකාශය පිළිගනු ලැබුවා. 1979 වන විට ජාත්‍යන්තර ළමා වර්ෂය හා අයිතිවාසිකම් පද්ධතිය කෙටුම්පත් කරන්න අවශ්‍ය කටයුතු යෙදුනා. එක්සත් ජාතින්ගේ මංඩලය එය පිළිගැනීමෙන් පසු ජාත්‍යන්තර නීතියක් ලෙස බලගැන්වූයේ 1990 දෙසැම්බර් 20 දාය. මේ සඳහා 1991 ජූලි 12 වනදා ලංකාවත් අත්සන් තැබුවා. ඒ තමයි ජාත්‍යන්තර ළමා දිනය බිහි වූ ආකාරය.වර්ෂයක් පාසා මෙම දිනය අපේ රටේද සැමරුවත් ළමා මෙහෙකාර සේවය අපරටේ ද දක්නට ලැබෙනවා. පුංචි ළමයින්ගේ ප‍්‍රධාන අයිතිවාසිකම් වන අධ්‍යාපනය මේ හේතුව නිසා ඔවුන්ට අහිමි වි තිබෙනවා. දියුණ‍්‍ර රටවල දරුවන්ගෙන් සියයට 98 - සියයට 99 ප‍්‍රාථමික අධ්‍යාපනය හදාරනවා.

නමුත් අපේ රටේ මේ අයිතිවාසිකම් හිමිව ඇත්තේ සියයට 12 වැනි සංඛ්‍යාවකටයි. මෙයට හේතුව වී ඇත්තේ කුඩා දරුවන් මෙහෙකාර සේවයට යොදා ගැනීමයි. එයට හේතුව නම් දෙමව්පියන්ගේ රැකවරණය දරුවන්ට නොලැබී යාමත් පවතින ආර්ථික අපහසුතාවයත්ය. මෙම තත්ත්වය මඟහරවා ගන්න පුංචි ඔබටත් ඔවුන් වෙනුවෙන් යුතුකම් වගකීම් රැසක් ඉටු කරන්න පුළුවන්. ඔබේ නිවසේත් එවැනි දරුවන් මෙහෙකාර සේවය සඳහා යොදාගෙන ඇත්නම් ඒ බව ඔබේ දෙමාපියන්ට පහදා දෙන්න. එමෙන්ම ඔබට හැකි පමණින් දිළිඳු හිත මිතුරන් සඳහා උදව් උපකාර කරන්න. එසේ වෙනවිට ළමයින්ගේ ලෝකය සුන්දර වේවි. සෑම කෙනෙකුටම නිසි අධ්‍යාපනයක් ලබා ගැනීමට හැකිවේවි. ළමා දිනය එක් දිනයකට පමණක් සීමා නොවී හැමදාමත් සුන්දර වේවි.

දීපානි ප‍්‍රියංගිකා අත්තනායක

ළමා ලෝකයෙන් පිටමං කළ ළමා දිනය කොයිබටද?

අද සමාජමය වශයෙන් ගත්කල දරුවන්ගෙන් තොර ලෝකය, උදාසීන ලෝකයක්‌ වන අතර එය නීරස ලෝකයක්‌ බවට ද පත් වේ. නිතරම දරුවන්, ලෝකය ලස්‌සන කරති. බබලවති. අප සියලු දෙනාම යම්කිසි කාලයක්‌ දරුවන් සේ ගත කර ඇති අතර අද වන විට වැඩිහිටියන් බවට පත් වී තිබේ. මේ නිසා ඔබ අප සියලු දෙනාම ළමා ලෝකයේ සුන්දරත්වය අත්විඳ ඇති බවට නො අනුමානය. 

නමුත් ශ්‍රී ලංකාවේ දැනට පවතින ප්‍රධාන වාර්තා පරීක්‍ෂා කිරීමේදී පැහැදිලිව ම පෙනෙන දෙයක්‌ වන්නේ, නාගරික ප්‍රදේශවලින්, පාසල් යන වයසේ පසවන දුගීභාවයෙන් පෙළෙන දරුවන් සීග්‍රයෙන් පාසලෙන් ඇද හැලීමකට ලක්‌වන බවයි. මෙම තත්ත්වය අනාගත ලෝකය සම්බන්ධයෙන් ඉතාමත් ම ශෝකජනක තත්ත්වයක්‌ උදා කරයි. වර්තමාන දරුවා අධ්‍යාපනයෙන් ගිලිහෙනවා යනු, ඔහු සමස්‌ත ප්‍රජාවටම අනාගතයේ දී මහත් ගැටලුවක්‌ වන බැවිනි. එයිනුත් විශේෂයෙන් ම අඩු ආදායම්ලාභී නාගරික ප්‍රදේශවලින් මෙම තත්ත්වය තවත් හොඳින් පෙනෙනු ඇත. මේ සඳහා කුමන හේතු සාධක බලපාන්නේ ද? මෙම තත්ත්වයට වගකිව යුත්තෝ කවරහුද? මෙම දරුවන්ගේ අනාගත ලෝකයේ වගකීම් භාර ගන්නෝ කවුරුද? යනාදී වශයෙන් පිළිතුරු සෙවීමට පවා අපහසු ගැටලු උද්ගත වේ.

ලෝක ළමා දිනය යෙදී ඇති ඔක්‌තෝම්බර් 01 වන දින මුළු මහත් විශ්වය පුරාම ජීවත් වන දරුවන්ගේ සමාජ සුබසාධනය වෙනුවෙන් කැප කර තිබේ. එසේ ම මෙම දිනය ලොව පුරා ජීවත් වන බොහෝ දරුවනට විරුද්ධව පැනනගින ගෘහස්‌ථ ප්‍රචණ්‌ඩත්වය, පාසල් ප්‍රචණ්‌ඩත්වය, මෙන්ම සමාජමය වශයෙන් පැනනගින සමාජ ප්‍රචණ්‌ඩත්වය වැනි සංසිද්ධීන් අවම කර ගැනීමේ අදිටනින් සමරනු ලැබේ. උදාහරණ වශයෙන් එක්‌සත් ජාතීන්ගේ 2014 වාර්තාවලට අනුව ලොව පුරා ජීවත් වන මිලියනකට වඩා අධික ළමයින්ට ප්‍රකාශයට පත් නොවූ විවිධ වර්ගයේ, විවිධ මට්‌ටමේ ප්‍රචණ්‌ඩත්වය ක්‍රියාත්මක වෙමින් පවතී. විශේෂයෙන්ම ලොව පුරා අධික දරිද්‍රතාවයෙන් පෙළෙන තුන්වන ලෝකයේ රටවල නිර්ධනය පංතික බොහෝ දරුවන් ධනපති පංතියේ නිවාසවල ගෘහ මෙහෙකාරකම්වලට යොදාගෙන තිබේ. මෙම තත්ත්වය ඉන්දියාව, පාකිස්‌ථානය මෙන්ම බංගලාදේශය වැනි රටවල ද කැපී පෙනෙන තත්ත්වයක්‌ බවට පත් වී තිබේ. එසේම මේ ආකාරයෙන් ම ධනේෂ්වර පංතියේ ගෘහස්‌ථයන් වල මෙහෙකාරකම් වල නිරතවන අහිංසක නිර්ධන පංතික දරුවන් ඇතැම් අවස්‌ථාවල ලිංගික අපයෝජනයන්ට පවා ලක්‌ වන බව ද නොරහසකි. නමුත් ඔවුන්ගේ අසරණකම් මත මෙම තත්වයන් යටපත් වී ඇති අතර, වැඩිහිටි සමාජය මගින් මෙම තත්ත්වයන් නොසලකා සිටීමේ ප්‍රවනතාවයක්‌ ද පවතී. මෙම තත්වය අතිශයෙන්ම ෙ€දවාචකයකි.

මෙහිලා විශේෂයෙන් ම කිවයුතු කාරණයක්‌ වන්නේ, නාගරික දරිද්‍රතාවය මෙම ගැටලුව හා තදින් බැඳී පවතින බවයි. එදා ආහාර වේල සපයා ගැනීමට නොහැකි දෙමාපියන් තම දරුවන්ගේ කුසගිනි නිවීම සඳහා කුමන වැඩපිළිවෙළකට යන්නේ ද? මේ සම්බන්ධයෙන් පිළිතුරු සොයා යාමේ දී දරිද්‍රතාවයෙන් පෙළෙන අහිංසක දෙමාපියන් තම දරුවන් ලවා යම් මුදලක්‌ සපයා ගැනීමේ අරමුණින් නීති විරෝධී රැකියාවල පවා දරුවෝ දැනුවත්ව හෝ නොදැනුවත්ව යොදවති. මුදලට ගිජු අහිංසක හය හතර නොතේරෙන දරුවන් ඔවුන් අධ්‍යාපනය ලැබිය යුතු කාලය තුළ රැකියාවල නිරත වීමට යැම නිසා පාසල් කාලය මුළුමනින්ම ගිලිහෙන බව නොරහසකි. මේ නිසා බුද්ධිය නොවැඩී ශරීරිකව පමණක්‌ වර්ධනය වන දරුවන් පසු කාලයේ දී නීති විරෝධී 

රැකියාවල නිරතවනවාට අමතරව සමාජය අපේක්‍ෂා නොකරන සමාජ අපගාමීන් බවට පත්වේ. 

විශේෂයෙන්ම අධ්‍යාපනය ලබාගැනීමේ අරමුණින් පාසලට පැමිණෙන දරුවන්ගේ ළමා අයිතිවාසිකම් පාසල් පද්ධතිය තුළදීම කොපමණ ප්‍රමාණයකින් වැඩිහිටි ගුරුවරුන්ගේ අතින් උල්ලංඝනයවේද? අධ්‍යාපනයේ පරමාර්ථ අතර මුඛය පරමාර්ථය වන්නේ දරුවාගේ ළමා පෞරුෂත්වය සමාජයට හිතකර අයුරින් මැනවින් හැඩගස්‌සවාලීමයි. ප්‍රකට අධ්‍යාපනඥයකු වූ බෙන්ජබින් බ්ලුම් විසින් පැහැදිලි කර දෙනු ලැබූ ආකාරයට දරුවාගේ පෞරුෂත්වය ප්‍රජාණන, ආවේදනික සහ මනෝවාලක ක්‍රියාවලින්ගෙන් පරිපූර්ණ ආකාරයට වර්ධනය කිරීම පාසල් පද්ධතිය මගින් බලාපොරොත්තුවේ. එය අද ඉටුවේද? ඉටුවේ නම් කොපමණ ප්‍රමාණයකින් ද? මඳක්‌ සිතා බලන්න. විෂය නිර්දේශවල පෘථුලත්වය නිසාම එය ආවරණය කිරීම පිළිබඳව විවිධ ගැටලුවලට මුහුණපාන ගුරුභවතුන් අද ළමයාගේ විෂය දැනුම වර්ධනය කරනවා මිස ළමා පෞරුෂත්වය වඩාත් ඔපමට්‌ටම් කිරීම කෙරෙහි අවධානය යොමු වන්නේ ඉතා අඩු මට්‌ටමින්ය. අප ඉගෙනගත් පාසලට වඩා අද දරුවන් ඉගෙනගන්නා පාසල අතිශයෙන්ම වෙනස්‌ය. සංකීර්ණය. දරුවන් පවා යාන්ත්‍රිකත්වයට භාජනය වී තිබේ. දරුවන්ගේ සිත්පිත් තුළින් ආදරය, කරුණාව දයාව ගිලිහී ගොස්‌ ඇත. ඒ වෙනුවට ඔවුන්ගේ හදවත් තුළට කිඳාබැස ඇත්තේ දැඩි ආත්මාර්ථකාමී අදහස්‌ය. 

අද දරුවන් නෑදැයන් හඳුනන්නේ නැත. නැදෑ ගෙවල්වලට යන්නේ ද නැත. නැදෑයෙකු ගෙදර පැමිණිය ද තම පාඩම්වලට යෙදෙනවා මිස තම කාමරයෙන් පිටතට පැමිණෙන්නේ ද නැත. පන්සලකට යන්නේ ද නැත. මේ නිසා දරුවන් මුළු මහත් සමාජයෙන්ම පරාරෝපණය (හුදකලා) වී ඇත. මෙම තත්ත්වය අතිශයෙන්ම හානිකර තත්වයකි. මේ නිසා අද දිනය දරුවන්ටම වෙන් වී ඇති බැවින් එවැනි තත්වයන් කෙරෙහි අවධානය යොමු කිරීම වැඩිහිටි අප සැමගේම පරම යුතුකමක්‌ වන්නේය. විශේෂයෙන්ම ගුරුවරුන් අතින් තම ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය වන විට ශිෂ්‍යාවන්ගේ සිත්වලින් පාසලට ඇති ආදරය අඩුවන අතර ගුරුවරයාගෙන් දුරස්‌වීමට පවා මෙම තත්වය හේතුවනු ඇත.

ළමා අයිතිවාසිකම් ප්‍රඥප්තිය තුළ දරුවාට තම මතය ඉදිරිපත් කිරීමට අයිතියක්‌ පවතී. විශේෂයෙන් ම දෙමාපියන් වැඩිහිටියන් හෝ ගුරුවරුන් විසින් ළමයින් පිළිබඳව විවිධ ගැටලුකාරී තත්ත්වයන් තුළ දී ළමයින් පිළිබඳව තීරණ ගැනීමේ දී ඒ පිළිබඳව ළමයින්ට ද තම මතය ඉදිරිපත් කිරීමට අයිතියක්‌ පවතී. ඒ පිළිබඳව වැඩිහිටියන් වන අප විසින් විශේෂ අවධානය යොමු කළ යුතු ය. එසේ ම ළමයාගේ කායික වර්ධනය මෙන් ම මානසික වර්ධනය පිළිබඳව ද දෙමවුපියන් දෙදෙනාම වගකීම් දැරිය යුතුයි. සෑමවිටම දරුවා වැරදි පාරේ යනවා නම් ඔහුට හෝ ඇයට නිසි මගට ගැනීමට දෙමාපියන් නිරන්තරයෙන් බැඳී සිටී.

දරුවන්ට දඬුවම් දීමේ දී එය හුදෙක්‌ ම කායික දඬුවම් මෙන් ම මානසික දඬුවම් ද විය හැකි ය. නමුත් මෙහිලා විශේෂයෙන් ම අවධාරණය කළ යුත්තේ කායික දඬුවමට වඩා හුදෙක්‌ මානසික දඬුවම වඩා දරුණු විය හැකි බවය. කායික දඬුවම් පැමිණවීම නිසා කායික වේදනාව හා තුවාල ඇතිවිය හැකි අතර දරුවා ලැඡ්ජාවට හා අවමානයට පත්වීම ද සිදුවේ. මීට අමතර ව අතුරුඵලයක්‌ ලෙස සාංකාව, ද්වේශය සහ වෛරය දරුවා තුළ ඇති කරයි. එසේ ම කුඩා කළ මෙවැනි උපද්‍රවවලට නතුවන දරුවන් බහුතරය වැඩිහිටියන් වූ පසුව සාමජ අපගාමී චර්යාවන්ට උරුමකම් කියන පුද්ගලයන් බවට පත්වේ. එසේ ම ඔවුන් වැඩිහිටියන් වූ පසුව තම දරුවන්ට ද ශාරීරිකව හා මානසිකව නොයකුත් වධහිංසා පමුණුවන්නන් බවට පත්වේ. මේ අතර ඇතැම් පුද්ගලයන් මානසික රෝගීන් බවට පත්වන අතර, ඇතැම් පුද්ගලයන් සමාජ අපගාමී ක්‍රියාවලට පත්වීම, සමාජ ප්‍රචණ්‌ඩත්වයට පත්වීම නිසා ඔවුන්ගේ අවසානය බොහෝ විට සිරගෙදරින් හමාර වේ. 

කිසියම් අවස්‌ථාවක දරුවකු වරදක්‌ කළ විට ඔහුව හෝ ඇයව සමච්චලයට ලක්‌ කිරීමෙන් වැළකිය යුතුය. මනෝ විද්‍යාවට අනුව බලන විට සමච්චලටය ලක්‌ කිරීමෙන් සිදුවන්නේ හුදෙක්‌ ම දැඩි මානසික කම්පනයකට පත්වීමෙන් එය පසුකාලීනව දරුවාගේ පෞරුෂත්වය කෙරෙහි ණාත්මක බලපෑම් ඇති කරන බව ය. මේ පිළිබඳව මනෝවිද්‍යාඥ සිග්මන් ප්‍රොයිඩ් පවා ඔහුගේ ග්‍රන්ථවල පැහැදිලි කර ඇත. සෑම ළමයකුටම තමාගේ පෞද්ගලිකත්වය රැක ගැනීමට අයිතියක්‌ ඇත. මේ නිසා ළමයාගේ පෞද්ගලිකත්වයට හානි නොවන අයුරින් අප හැසිරිය යුතු ය.

ළමා අයිතිවාසිකම් ප්‍රඥප්තිය දෙස අවධානය යොමු කිරීමේ තවත් zවැදගත් ම සාධකයක්‌ වන්නේ, ළමයාගේ ලෙඩ දුක්‌ පිළිබඳව නොසලකා හැරීම යි. අද ශ්‍රී ලංකාවේ ජීවන වියදම දිනෙන් දින වැඩි වන නිසා ශ්‍රී ලංකාවේ වැඩිහිටි සමාජයේ වැඩි පිරිසකට තම සේවා මුරයට අමතරව, අතිකාල දීමනා ලබා ගැනීමේ අරමුණින් සවස 4න් පසුව පවා තම කාර්යාලයේ වැඩ කිරීමට සිදු වී ඇත. මෙහි දී යම්කිසි මුදලක්‌ තම වැටුපට එකතු වුවද තම දරුවන්ගේ ඕනෑ එපාකම් ලෙඩ දුක්‌ යනාදිය පිළිබඳව සොයා බැලීමට වේලාවක්‌ ඉතිරි වන්නේ නැත. මෙහි භයානක ප්‍රතිඵලය වන්නේ තම දූ දරුවන්ගේ අසනීප තත්ත්වය නොසලකා හැරීම නිසා එම රෝග කාරකත්වයන් දිනෙන් දිනම උත්සන්න වීමයි. මෙම තත්ත්වය නිසා දරුවන් පීඩාවට පත් වන අතර ඔවුන්ගේ මූලික ළමා අයිතිවාසිකමක්‌ උල්ලංඝනය වීම ද සිදුවේ. මෙම තත්ත්වයන් නාගරික සමාජවල නිර්ධන පන්තික පවුල්වල වැඩි වශයෙන් දක්‌නට ලැබෙන අතර, මධ්‍යම පාන්තික සමාජ පරිසරවල පවතින පවුල්වල ද දක්‌නට ලැබේ.

ළමා අයිතිවාසිකම් පිළිබඳව අවධානය යොමු කිරීමේ දී මීළඟට වැදගත්ම සාධකය වන්නේ යම් යම් කරුණුවලදී ළමයාගේ ආත්ම විශ්වාසය පළුදු වන ආකාරයට කටයුතු කිරීමෙන් වැළකීම යි. අද සමාජය සංකීර්ණ බවින් පිරිපුන් නිසා ළමයින්ගේ චර්යාවන් පිළිබඳව සොයා බැලීමට දෙමාපියන්ට වේලාවක්‌ නැත. මින් ප්‍රයෝජන ගන්නා අහිංසක දරුවන් සමාජ සම්මතයට පටහැනි සමාජ ක්‍රියාවල නිරත වීමේ ප්‍රතිඵලයක්‌ වශයෙන් ඔවුන් අන් අය ඉදිරියේ සමච්චලයට වැඩිහිටි සමාජයෙන්ම ලක්‌ කෙරෙන මෙම තත්ත්වය භයානක ය. මන්දයත් මානසික පීඩනය දරුණු වීම නිසා මානසික සමබරතාව බිඳවැටී මානසික වශයෙන් අසහනකාරී තත්ත්වයකට පත්වීමට ඉඩ තිබෙන බැවිනි. මෙය අවාසනාවන්ත තත්ත්වයකි. මේ නිසා කළ යුත්තේ දරුවන් මේ වැරදි කළේ කුමන හේතු නිසා දැයි සොයා බලා එම හේතු කාරකයන් නැති කර දැමීම ය.

ළමා අයිතිවාසිකම් ප්‍රඥප්තියට අනුව ශ්‍රී ලාංකික වැඩිහිටියන් වන අප ළමයින්ට ඇහුම්කන් නොදීම ඔවුන්ගේ මූලික ළමා අයිතිවාසිකම් කඩවීමකට පත් වී ඇත. මේ නිසා සිදුවිය යුත්තේ දිනයේ පැය 24 න් අවම තරමේ පැය 10 ක්‌ වත් තම දරුවන්ගේ ඇසුරේ ගත කරමින් ඔවුන්ගේ ඕනෑ එපාකම් තේරුම් ගෙන ඔවුන්ට ඉතා ඕනෑකමින් සවන් දෙමින් ඔවුන්ගේ අවශ්‍යතා ඉටු වන පරිදි ක්‍රියා කිරීම ය. එවිට ඔවුන්ගේ ලෝකය ලස්‌සන වන අතර, ළමා කාලය සුන්දර ළමා කාලයක්‌ බවට පත් වේ.

රසික බාලසූරිය
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය

Thursday, August 25, 2016

උතුර දකුණ යා කළ ගී පාලම

උතුරත් දකුණත් යා කරමින් පාලම ද ඉදිවී ඇත.දකුණේ ගම් නියම්ගම් හරහා ඇදී හමා ගිය සිහිල් සුළංරැළි උතුරු කොන ද පිස හමන්නේ කිසිදු බේදයකින් තොරවය.සතර දිග් බාගයේම ඇසෙන්නේ ද පෙනෙන්නේ ද ජාතීන් අතර සංහිඳියාවක සළකුණුය. සිංහල ද දෙමළ ද මුස්ලිම් ද බර්ගර් ද කියා වෙනසක් නොමැතිව එකම හදකින් උදම් අනන්නට සැරසෙන්නේ එකම රටක් තුළ ජීවත් වෙමිනි.

ජාතීන් වශයෙන් වර්ග කරගනිමින් එදා මෙන්ම අද ද අප ජීවත් වන්නේ එකම බිමක්, එකම අහසක් යට බව හදවතින් ම අවබෝධ කරගත යුතු කාලය ද එළඹ ඇත. අතීතයේ ද අප සිත් මත ජාතිවාදී හැගීම් මතු නොවුණා නොවේ. මහ ජාතියක් ලෙස සිංහලකම ඉහළට

ඔසවා තබමින් පෙරමුණ ගත්ත ද සැම විටම අන් ජාතීන් ට ආගම්වලට ගරු කළ ජාතියක් ලෙස සමස්ත ලෝකයම තුළ අප විරාජමාන වූ වග ද සිහිපත් කළ යුතුය. එක බතපත බෙදාහදාගත් ජාතියක් ලෙස ලෝකයක් තුළ පෙරමුණ ගත් අප යම් හෙයකින් හෝ ජාතිවාදීන් බවට පත්වන්නට ප‍්‍රධානම හේතුව වන්නේ තිස් වසරක් පුරා පැවැති යුද්ධයයි. උතුරේ දෙමළ මිනිසුන් ද දකුණේ සිංහල මිනිසුන් ද මුහුණට මුහුණ නොබලන්නට තරම් විරසකයක් ඇතිකළේ ජාතිවාදී අරගලයයි.සිංහල රණ විරුවන් උතුරේ ලේ, කඳුළු, දහදිය හෙළා උතුරු පොළව මතම මිහිදන්වද්දී දකුණේ මිනිසුන් සාප කළේ යුද්ධය කළ මිනිසුන්ටම පමණක් නොවේ.නමුත් ඒ අසීමිත දරු කැක්කුම නිසා මිස කාලයක් තිස්සේ එකම ගමක අතිනත් බැඳගෙන එකට දිවි ගෙවූ දෙමළ ජනතාව කෙරහි සදාකාලික වෛරයකින් නොවේ.

යුද සමයේ ද ඊට පෙර ද අද ද උතුරේ ද දකුණේ ද දෙමළ සිංහල මිනිසුන් එකම ගමක දිවි ගෙවූ අපූරුව සෑම ශ‍්‍රී ලාංකිකයකුම දන්නා කාරණයක් වන්නේ ය.

මේ සියලූ කාරණා අතරේ උතුර දකුණ යා කරන අපූර්වතම පාලම හැදෙන්නේ ශ‍්‍රී ලාංකේය සුභාවිත ගීත සාහිත්‍යය මතය. එදා මෙදාතුර ගීත සාහිත්‍යය තුළ විමසුම් ඇස් හෙළද්දී මතුවන ප්‍රේම ගීතගොන්න තුළ වර්ගවාදයට එහා ගිය සොඳුරු ආදර ගීත රාශියක් දෙමළ සිංහල හදවත් යා කරමින් ලියැවී තිබීම විශේෂත්වයකි. ඒ සෑම ගීතයක් ම තුළම ගැබ් වන්නේ ජාතීන් අතර වූ අපූර්වතම බැඳීමයි.

මන්නාරම් පිටිවැල්ලේ

මදටිය වැල් ඔංචිල්ලේ

කොණ්ඩෙ කඩන් හ`දට අ`ඩන්

සිංදු කියන්නී.....

කුංඩුමනී.......

පේ‍්‍රමකීර්ති ද අල්විස් ප‍්‍රවීන ගීත රචකයා විසින් රචනා කරන ලද ඉහත ගීතය ගායනා කරන්නේ ශ‍්‍රී ලාංකේය සිනමා වංශ කතාව තුළ අමරණීය චරිතයක් වූ ප්‍රෙඩී සිල්වා විසිනි. එදා මෙදා තුර ජන හදවත් බැඳගත් ගීතය තුළ උතුරුකරයේ ගැමි දිවි පෙවෙත අපූරු සිතුවමක් සේ මවන අතර සිංහල තරුණයා සහ දෙමළ තරුණියගේ අපූරු පේ‍්‍රම කතාව ලාංකේය ජන සමාජය ට නැවුම් අත්දැකීමක් ගෙන දීමට ද සමත් වීය. සුභාවිත ගීතය ද වෙනත් මගක් ඔස්සේ රැගෙනයමින් බාල, මහලු, වැඩිහිටි තරුණ සිත් සතන් පුබුදු කළ ගීතයක් ලෙස ‘කුංඩුමනී’ හඳුන්වාදිය හැක්කේ එබැවිනි.

එලෙසින් ම සුභාවිත ගීතය තුළ සිංහල දෙමළ පෙම් කතාව ට නව මං පෙත් තනා දෙමින් එදාමෙදාතුර එක්වන ගීත අතර ආචාර්ය වික්ටර් රත්නායක, නෙරංජලා සරෝජිනී ගයන ‘මීන නුවන් යුගින් බලන් මීනා...’ගීතය ද අතිශය ජනප‍්‍රිය වන්නේ කුංඩුමනී ගීතය ද ජනප‍්‍රිය වන කාලයේමය. එනම් 70 දශකයේය. දෙමළ සිංහල සංස්කෘතික දාමයන් එක අහුරක් සේ රඳවමින් ඔවුනෙවුන්ගේ සිරිත් විරිත් විදහාපාමින් දෙමළ ජන සමාජය ද සිංහල ජන සමාජය ද එකට ඈදාගෙන ලියැවුණු පේ‍්‍රම ගීතය මත ආගම් කුළගෝත‍්‍ර හරස් වූ අයුරු විකාශය විම ප‍්‍රබල කාරණාවක් විය.

උඹ කෝවිල් එන්නෙත් නෑ

මට පන්සල් එන්නත් බෑ

බණ්ඩාරේ.......

( පද මහාචාර්ය සුනිල් ආරියරත්න)

කුළ මල ජාති ආගම් පසෙකලා පේ‍්‍රමය හදවත් මතින් පිටාර ගලා ගිය ද විවාහය නමැති සංකීර්ණ කාරණාවක දී ජාතිය සහ ආගම වෙනස්වීම මත එම අභියෝගය ජය ගැනුම සරළ කාරණාවක් නොවේ.අතීතය තුළ මොනයම් බැ`දීම් ලෙන්ගතුකම් තිබුණ ද සිංහල තරුණයකුට දෙමළ තරුණියක් විවාහ කර ගැනීම සිය සනුහරයම අතහැර දැමීමක් ලෙස ජන සමාජය තුළ මුල් බැසගෙන තිබුණු බව අකමැත්තෙන් වුවද විශ්වාස කළ යුතුව ඇත.මෙම කාරණාව දෙමළ තරුණියගේ පාර්ශ්වයටත් පොදු කාරණාවක් වූයේ ඇයගේ සමාජ රටාව තුළ සිංහල තරුණයකු හා සරණ යාම වරදක් බව පිළිගන්නා හෙයිනි. මේ සියලූ පේ‍්‍රම වෘත්තාන්ත විවාහය දක්නා දුර දිග නොයන්නේ මේ සිද්ධි දාමය නිසාය.

සිංහල සුභාවිත ගීත වංශ කතාවේ සිංහල දෙමළ පේ‍්‍රම කතාන්දරය මත නොමැකෙන සටහන් තබන ගායන ශිල්පියා වන්නේ කරුණාරත්න දිවුල්ගනේය.

උතුරෙන් එන දුම්රියෙ දේවී...මරතොන්ඩිය රටා ඇඳී...(පද - මහින්ද චන්ද්‍රසේකර) තලයුම් තලයුම් නිලෙයි...(සහාය ගායනා- ජානකී සුමිත‍්‍රා දිසානායක), ශාන්තිනී තෙමා වැටී....(පද- රත්න ශ‍්‍රී විජේසිංහ) විරාජිනී රජ වෙන්නට... (පද - කෝන්වැවේ ආරියරතන හිමි) ආදී විශිෂ්ට ගීත රාශියක් තුළින් සිංහල දෙමළ පේ‍්‍රම කතාන්දරය තුළ මතක සටහන් තබන්නට ඔහු සමත් වේ.

‘සියල් සිරිත් දැ කුලගොත් ඔබ ආපසු ගන්න

මහත්වරුනි ශාන්තිනී විතරක් මට දෙන්න

තිරුක්කුරල් පොත අරින්න දැස පියාගන්න

මහත්වරුනි මා නෙලූ මල මට සිඹින්න දෙන්න‘

ඉහත ගීතය තුළ අපට හමුවන පෙම්වතිය ශාන්තිනීය. 90 දශකය තුළ ගීත සාහිත්‍යය ට එක්වන ශාන්තිනීගේ දැසේ රැඳුදුණු කඳුළු බිංදුව සුවහසක් පේ‍්‍රමණීය නෙත් මතට කඳුළක් එක් කරන්නට සමත්වූයේ මෙහි එන පේ‍්‍රමවන්තයාගේ අපූර්වතම ඉල්ලීමයි. ඔහු ඇගේ පරපුරෙන් ඉල්ලන්නේ ඇය පමණි. ජාති ආගම් කුළගොත් සියල්ල ඔවුන්ටම පවරා දී තමා දිවි හිමියෙන් ආදරය කළ පේ‍්‍රමවන්තිය පමණක් තමාගේ පාර්ශ්වයට ඈඳා ගන්නට ඔහු අර අඳියි. දෙමළ සිංහල පේ‍්‍රම කතා තුළ අප දකින සුවිශේෂ වූ කාරණාව ද එයයි.

‘තල මල පීදී දැස මානේ

කළඹයිදෝ සිත ඇසිපිය ගානේ

නිලාමනී නුඹ සිහිවෙන වාරේ

සිතුවිලි සයුරේ මා

අසරණ වේවි දෝ...‘

වික්ටර් රත්නායකයන් ගායනා කරන ඉහත ගීතයේ යුග ගායනයෙන් සහාය වන ගායිකා නිරෝෂා විරාජිනී පිළිතුරු දෙන්නේ දෙමළ බසිනි. ඇය නිලාමනී ය. සිත මත උපන් ආදරය කුළ මල හදුනන්නේ නැත. තම පේ‍්‍රමවන්තිය වෙනුවෙන් දෝර ගලා යන ආදරය සෙනෙහස කවදාක හෝ අහිමි වේදෝ යි යන අස්ථාවර සිතුවිලි තම පෙම්වතිය සිහිවන වාරයක් පාසා ඔහු සිත කළඹවාලයි.ඒ තුළ ඇත්තේ ඔවුනොවුන් අතර බැඳුණු අව්‍යාජ පේ‍්‍රමයයි. ජාතිය හරස් නොවූ දෙසිතක බැඳීමයි.

‘නුඹේ වත මඬල සඟවා

මුවාවෙන ලෙසින් අතුරන

සීත පිනි නිසා තිලකය පාළුවෙයි උමා

සීත මීදුමේ තිරපට

වළලූ ලූ අතින් ඉවතට

ඈත්කර හොරෙන් හෙමිහිට බලාපන් උමා....

තුමුල නමුණුකුල ගිරිහිස...‘

(පද - සුගත් ගාමිණි බණ්ඩාර)

සමන් ජයනාත් ජිනදාස ගායනා කරන ගීතය තුළ අපට හමුවන දෙමළ පෙම්වතිය උමා හා පේ‍්‍රමයෙන් බැඳෙන සිංහල තරුණයා ගේ සිත මත ද ඇත්තේ තම අරමුණ ජය ගන්නේ කෙසේ ද යන අවිනිෂ්චිත හැඟීමයි. උතුරත් දකුණත් එකලෙස ගිනි ඇවිලෙද්දී ඔවුන් තැනූ ආදර මන්දිරය වටා ද ගිනි දැල් නැගෙන බව පේ‍්‍රමවන්තයාගේ විශ්වාසයයි. ඔවුන් අදහන ආගම දහම ද තම පිහිටට සිටිදෝයි යන අවිනිශ්චිත හැඟීම ද බුර බුරා නැගෙයි. ආගම් දෙකක් ජාතීන් දෙකක් අතර ඇතිවන පේ‍්‍රමයේ අවසානයේ ඉතිරිවන්නේ මතකයේ සුවඳ පමණක් දැයි ඔවුනොවුන් ප‍්‍රශ්න කරගනී.

ප්‍රේමණීය හැගුම් තවරාලමින් උතුර දකුණ යා කළ සුපෙම්වත් ගීත ගොන්න දෙස විමසුම් ඇසින් බලද්දී ඉන් අපට වැඩිමනක් හමුවන්නේ දෙමළ පෙම්වතියන් ය. වසර තිහක් පුරා පැවැති යුද්ධයේ ප‍්‍රතිඵලයක් ලෙස දකුණේ තරුණයන් යුද සේවයට එක්වීම හා උතුරේ තරුණියන් දකුණට සංක‍්‍රමණය වීම ද මෙයට හේතු වූවා විය හැක. ඒ කෙසේ නමුදු අපට ගීත අතරින් හමුවන ශාන්තීනීලාට, මීනලාට, නිලාමනීලාට, දේවිලාට, රාජිනීලාට, පාතිමා ලාට, කුංඩුමනිලාට පෙම් කරන්නේ සිංහල තරුණයන් ය.

සිංහල තරුණියක් දෙමළ තරුණයකු හා පේ‍්‍රමයෙන් බැඳීමේ කාරණාව ශ‍්‍රී ලාංකේය ගීත රචකයාගෙන් ගිලිහී ගිය ද අතළොස්සක් වූ ගීත අතරින් එම කාරණාව මත පදනම් වූ ගීත කීපයක් ද හඳුනාගැනීමට හැකිවෙයි.

මහාචාර්ය සුනිල් ආරියරත්නයන් අධ්‍යක්ෂනය කළ ‘සරුංගලේ’ චිත‍්‍රපටයට තිලකරත්න කුරුවිට බණ්ඩාර ලියූ අබේවර්ධන බාලසූරිය, නෙරංජලා සරෝජිනී ගායන කළ ‘ඉසුරු දෙවිඳු උමයංගන සේ පෑහෙන්නයි....’ ගීතය චිත‍්‍රපට කතා පුවත පාදක කර ලියැවුණ ද මෙහි හමුවන නඩරාජා දෙමළ තරුණයෙකි.

‘කුලකතකගෙ සුරතුර බඳු සුරත ලබන්නයි

තල් වැට බිඳ නිල් වනරොදකට යා ගන්ඩයි

පතිනිය මිස පාක්කුඩම් කිසිත් නොගන්නයි

පෝරුව මත සිටුවා කරකාර බඳින්ඩයි....‘

සිංහල තරුණියක හා විවාහවීම තුළින් ලබන ආශ්වාදනීය අත්දැකීම දෙමළ තරුණයාගේ හිත මත පෙළින් පෙළ මතුවෙයි. උතුරේ කර්කෂ පරිසරයෙන් මිදී දකුණට සම්ප‍්‍රාප්ත වීම, සිංහල චාරිත‍්‍රානුකූලව ජීවිතය හැඩගස්වා ගැනීම ද ඔහු අපේක්ෂා කරයි. විවාහයේ දී පදනම්වන දැවැද්ද නමැති සංකීර්ණ කාරණාව උතුරේ දෙමළ ජනතාව තුළ වඩාත් මතුවන නමුදු ඔහු දකුණේ සිංහල තරුණියගෙන් දැවැද්ද නොපතන්නේ සිංහල තරුණියක ආවාහ කරගැනීම ආභරණයක් සේ සලකමින්දැයි කිව හැක.

ප‍්‍රවීන ගී පද රචක රත්න ශ‍්‍රී විජේසිංහයන් ලියූ ගුණදාස කපුගේ ගායනා කළ ‘සිංහල සිංදු කියන නළලේ තියන කිරිල්ලී..’ගීතයට ද පදනම් වන්නේ ඉහත කාරණාව වුවද මෙහි එන තරුණිය දීග යන්නේ උතුරුකරයටය. නොයෙක්විද කම්කටොළු මැදය. සත්‍ය සිදුවීමක් පදනම් කරගෙන ලියැවුණු ගීතයේ වෙනස් වූ ජාතීන් දෙකක් අතර ඇතිවන විවාහයේ දී අභියෝග ගීත රචකයා අපූරු අයුරින් ගෙනහැර පායි.

‘දිව නුහුරු බසින් පෙම් කවි කී කුරුල්ලාට වශී වී

ගිනි මලින් තැනුව මල් පොකුරක් අතට ගත්ත මනාලී

මධුසමේ මධුර කටු අතරේ පිපී වැනුණු සුරූපී..‘

උතුර දකුණ යා කරන්න ට තැනූ අලූත් පාලම මත හෙට දවසේ ඇවිද යන්නේ අලූත්

පරම්පරාවකි. උතුරේ තල් වැට මායිමේ පිපුණු කනේරු ද දකුණේ ගම්දොර සුවඳ දුන් අරලියා ද එකම බිමක පිපෙන්නට කාලය එළැඹ ඇත්තේ ජාතීන් අතර සංහිඳියාවක් ගොඩනැගීම අරමුණු කරගෙනය. කෝවිලට ගොස් තුන්නුරු තිලක තවරා ගන්නට ද පන්සලේ පහන් වැටියක තෙල් බිඳක් හිසමත තවරා ගන්නටත් සිංහල දෙමළ නොවී එකම ජාතියක් ලෙස නැගී සිටීමට උතුර දකුණ යා කරමින් තැනූ පාලම මත සහෝදරත්වයෙන් ගමන් ඇරඹිය යුතුය. ඒ සිහිනය මියෙදෙන්නට නොවී ඔප් නංවන්නට ගීත සාහිත්‍යයෙන් වූ මෙහෙවර සුළු කොට තැකිය හැකි නොවන්නේය.

‘තුන්නුරු තිළක නෑ නළලට

කෝවිලත් දුරයි ලැයිමට

වේලූ අයියෙ නුඹ නැතිදා

වේල් පෙරහරේ....‘

මාලනී බුලත්සිංහලයන්ගේ හඬින් ගැයුණු කුමාර ලියනගේ රචනා කළ ඉහත ගීතයෙන් සනාථ කරන්නේ ද එම කාරණාවයි. බටහිර සංගීත රිද්මයෙන් හැඩවුණු සන්ෆ්ලවර් සංගීත කණ්ඩායම ගයන ‘දේවදාසි නුඹ කෝවිල් බිමේ හැඩවුණ..‘, චන්දන ලියනාරච්චි ගයන ‘ආදර නිලාමනී තලමල පිපිලා..‘(පද- චන්න ජයනාත්) සේනානායක වේරලියද්ද ගයන නළල වියලූවා විගසින් වැනි ගීත තුළින් ද මතුවන්නේ දෙමළ තරුණියගේ ආදරය පතන සිංහල තරුණයාගේ සිත මත උපන් නොඉඳුල් ආදරයයි. ප්‍රේමය හමුවේ වර්ගවාදය උදුරා දැමූ සදාතනිතක පණිවුඩයයි.

එදා මෙදාතුර ලියැවුණු සුපෙම්වත් ගීත අතරින් වැඩිමනක් හමුවන්නේ සිංහල පෙම්වතුන්ය. එසේනම් සිංහල තරුණයා අන් ජාතීන් හා ගනුදෙනු කිරීමේ දී මූලිකත්වය ගන්නා බව ද යමෙකුට මතුකිරීමට හැකි වුවද සිංහල තරුණයා තුළ මතුවන සහජීවනයේ අරුණැල්ල පේ‍්‍රමනීය හැඟුම් ඔස්සේ විහිදී යමින් ආදරය හමුවේ ජාති කුළගොත් භේද පිටුදැක ආදරයම පමණක් මූලිකකොට ගැනීම මේ ගීත අතුරින් මතුවන සුවිශේෂ කාරණයකි. එය වඩාත් ඔප් නැංවෙන්නේ පේ‍්‍රමනීය හැඟුම් මතුවන්නේ ජාතිය, සමාජ තත්ත්වය මත නොවන බව ගී පද රචකයා භාවිතා කරන අපූරු යෙදුම් රැසක් ඉහත ගීත අතුරින් හමුවන බැවිනි.

‘මට පරහක් නොවෙයි නුඹේ නළලේ තිළකේ...’ ( විරාජිනී...රජවෙන්න ට) ‘මහත්වරුනි මා නෙලූ මල මට සිඹින්න දෙන්න..’(ශාන්තිනී) ‘කන්ද උඩ රුවින් දිදුලන කන්ද කදිර දේවාලය අපිට පිහිටවෙයි කියලා හිතෙනවද උමා ...’(තුමුල නමුණුකුළ) ‘නුඹ තරම් සොඳුරු කවියක් නැහැනෙ රාජිනී...’ (නළල වියලූවා විගසින්) වැනි යෙදුම් තුළිනි.

තවද සිංහල දෙමළ පේ‍්‍රමගීත සාහිත්‍යයේ හමුවන මේ සියලූ ගීත රචනා වන්නේ ගී පද රචකයන් අතින් වීමද සුවිශේෂීය. පේ‍්‍රමකීර්ති ද අල්විස්, මහාචාර්ය සුනිල් ආරියරත්න, රත්න ශ‍්‍රී විජේසිංහ, මහින්ද චන්ද්‍රසේකර, තිලකරත්න කුරුවිට බණ්ඩාර, කුමාර ලියනගේ, සුගත් ගාමිණි බණ්ඩාර, චන්න ජයනාත්, කෝන්වැවේ ආරියරතන හිමි සුභාවිත ගීත සාහිත්‍යය මත මේ අපූරු පෙම්කතා ගීතය මතින් ගොඩනැගීම විරසක වූ ජාතීන් දෙකක් අතර වූ නොනවතින අරගලයට දයාදිය එක්කරන්නට සමත් වූ වග නොකියාම බැරිය.

ආගම දහමෙන් ද ජාතියෙන් ද කුළයෙන් ද වෙනස් වුවද අප සැවොම එක රටක් තුළ හුස්ම ගන්නා එකම මිනිසුන් පිරිසක් බව හදවතින් ම පිළිගත යුතුව ඇත. තල්වැට මායිමෙන් නැගෙන දූවිලි සුවඳ පොල් රුප්පාවෙන් නැගෙන සිහිලට එක්වන්නට කාලය එළැඹ ඇත. මීනලාට, ශාන්තිනීලාට, නිලාමනීලාට, විරාජිනීලාට දකුණේ සිමා මායිම් නොමැත්තාසේම දකුණේ සිංහල තරුණයන්ට ද උතුරේ සීමා මායිම් නැති විය යුතුය. ගීතයෙන් අප දුටු පේ‍්‍රමයේ නොලැබීම් මතු දවසක සැබෑ වී ජාතීන් දෙකක් අතර ගොඩනැගෙන සංහිඳියාවේ අරුණැල්ලෙන් මතුවන අලූත්ම සුපෙම් ගීත හෙට දවසේ ද ලියැවෙන්නට කාලය ද පැමිණ ඇත.උතුරේ ගම්බිම් සිසාරා ද දකුණේ ගම්බිම් සිසාරා ද අලූත් සප්ත ස්වරයෙන් හැඩවුණු ඒ යුග ගී ගයන්නට බොහෝ දෙනකු මඟ බලා සිටිනු ඇත.

Tuesday, August 23, 2016

නොඑන බව දැන දැන

අන­ව­ස­ර­යෙන් හිතට ඇතු­ළුව
සිතින් අව­සර පත­නවා
නොඑන බව යළි දැන දැනත් ඔබ
සමු දෙන්න මං සොය­නවා...
ජීවිතේ එක මොහො­තක දී අපි
එක ඉමක් පහු කර­නවා


හිතට දැනු­ණත් නොදැ­නු­ණත් ඒ
නැවත අපි එහි නොඑ­නවා
අපිව අත හැර ගලන ගඟ දිය
යළිදු එ තැනට නොඑ­නවා

නොඑන බව යළි දැන දැනත් ගඟ
මගෙන් ඈතට ගල­නවා
හැරී එකමෙක වතා­වක් මම
ග‍ඟෙන් ඈතට ඇදෙ­නවා


Wednesday, August 17, 2016

නන්නාඳුනන ලෙසේ - අපි යමු දුරස් වෙලා......













දුක හාදු දෙන රැයේ සිත පතුලටම වෙලා
යෞවනේ අපට විය විරහී හද ගිලන් වෙලා

ගහ කොළද මල් පිපේ ඇල දොල නිල කඩා හැලේ
පෙර දාක මිරිගු සයුරේ ඒ රුවට රැවටුනේ

නන්නාඳුනන ලෙසේ මග තොට යලිත් හමු වෙලා......
මහ මෙර හිසින් දරාගෙන අපි යමු දුරස් වෙලා............

Tuesday, August 16, 2016

කලාසූරී දේශමාමක ලංකා පුත්‍ර ඩොනල්ඩ්

චිත්‍රපට සහාය අධ්‍යක්ෂවරයකු ලෙස ඩොනල්ඩ් ජයන්ත හොඳ නමක් දිනා ගත්තා. ඒ වගේ ම ඔහු පසුකාලීනව අධ්‍යක්ෂණයටත් පිවිසුණා. ඩොනල්ඩ් සහාය අධ්‍යක්ෂණය කළ චිත්‍රපට ප්‍රමාණය පනහකට අධිකයි. දිගු කාලයක් සිනමාව වෙනුවෙන් කළ මෙහෙය වෙනුවෙන් ඉකුත්දා ඩොනල්ඩ් කලාසූරී දේශමාමක ලංකා පුත්‍ර ජාතික ගෞරව සම්මානයෙන් පිදුම් ලැබුවා. සමස්ථ ලංකා සංස්කෘතික සහයෝගිතා පදනමෙන් තමයි ඔහුට මෙම සම්මානය ලබාදෙනු ලැබුවෙ. ඩොනල්ඩ් ජයන්ත මාතර කොටපොළ ජාතික පාසලේ කීර්තිමත් ආදි ශිෂ්‍යයෙක්.

Monday, August 15, 2016

One of a kind

If laughter is the best medicine Vijaya Nandasiri could have been a drug store! The seasoned actor who has excelled as a comedy star in recent times passed away at Kalubowila Teaching Hospital due to a cardiac arrest on August 8, 2016. He was 69 at the time of death.

Vijaya was one of the few thespians who struck a balance between comedy and character roles. From the heartwarming Prince Maname in Prof Ediriweera Sarachchandra’s renowned stage play ‘Maname’ to the role of Mr Premachandra in ‘Nonawaruni Mahathwaruni’ and Minister Rajamanthri in the more recent movie ‘Suhada Koka’, Vijaya has had a trailblazing career in stage dramas, teledramas and films.

He has acted as Prince Maname for over a thousand times – a lifetime achievement for a stage drama actor. Other significant stage plays that he was involved in comprised ‘Sinhabahu’, ‘Mahasaara’, ‘Jasaya Saha Lanchina’, ‘Nari Bena’, ‘Ananda Jawanika’, ‘Suba Saha Yasa’, ‘Tharawo Igilethi’ and ‘Ekadapathi’. He also helmed several stage plays like Kusa Pabavathi and Vrushaba Raja.

His first film was K A W Perera’s ‘Nedayo’. Then he made appearances in films like ‘Yasa Isuru’ ‘Sandakada Pahana’, ‘Bengali Walalu’, ‘Sasara’ and ‘Rail Paara’. He tasted success with comedy when he starred in ‘Sikuru Hathe’, ‘Bahu Boothayo’, ‘Sir Last Chance’, ‘Mago Digo Dai’, ‘King Hunter’, ‘Ko Mark No Mark’ and ‘Suhada Koka’. He won The Best Actor award for his role of the match maker in ‘Sikuru Hathe’ in 2007 and later as the Best Comedian for ‘King Hunther’ in 2011. He also hosted the popular children’s quiz program called ‘Punchi Pahe Man’ on Sirasa TV.

He was married to actress Devika Mihirani whom he met on the sets of ‘Suba Saha Yasa’ in 1974. Devika was the main actress in Sri Lanka’s first teledrama ‘Dimuthu Muthu’. The couple have two children, Navanjana Mihirani and Rasanjana Suchitra.

Vijaya has always been a well loved figure among his colleagues in the arts scene. Here are a few comments from a few artistes who had starred opposite the veteran actor for a considerable span.

An admirable husband and father - Kusum Renu

Vijaya was one of the most gifted actors who emerged from the stage in our times. He was so dedicated to whatever he takes up, be it a stage play, teledrama or a movie. Even on the night before his death he had been acting in a stage play. This shows how dedicated he was to the field. If had not been so devoted to the art the audience would not have loved him in this manner.

Another striking feature about him is that he is a beloved husband and father. We used to be neighbours and we saw the bond he shared with his family with our own eyes. They are truly blessed to have a husband and father like him.

We first met when we were working on Prof Ediriweera Sarachchandra’s ‘Mahasara’. He played the king’s role and I was playing the role of the village beauty. Later we met on the sets of ‘Nonawaruni Mahathwaruni’.

We were fortunate enough to work for a long span then. It was a pleasure to work with him. He was always supportive towards the artiste who stars opposite to him in a scene. Apart from the brother-sister bondage we shared, we also managed to work as a team to make the series a success.

One of the most difficult chores for an artiste is to bring genuine laugher out of his audience. Vijaya was a natural at that. I believe that itself was a meritorious activity. Those merits are sufficient for him to go to a good place after death.

Cannot be duplicated - Lucky Dias

I have so many memories in connection with Vijaya. We had a rollicking time when we were shooting ‘Yes Boss’ together. When I was cast opposite him in the tele series my first thought was “how could I would meet up to Vijaya’s acting prowess”. Comedy was new for me then but he made me feel at ease. Soon we were planning certain gimmicks and punch lines to improve the series.

Five years later the program is still as popular as it was in the past. That is why they are running repeats of it on Sirasa TV. We were approached by the team to do a new season of ‘Yes Boss’ recently too.

Vijaya was also the main actor in my movie ‘Breaking News’. We completed the shoot of an extra song for the movie a month ago. ‘Breaking News’ is Vijaya’s final movie.

Nobody can boast of being the ‘King of Comedy’ easily. Vijaya is on par with greats like Gamini Fonseka and Joe Abeywickrama in this aspect. He too cannot be duplicated. He is one of a kind. His type of comedy was very different from the slapstick comedy found in abundance today. He made use of situational comedy.

He leaves a void which cannot be filled. It is a total loss to all three sectors, especially stage dramas. At the time of his death there were at least six stage dramas with him in the main role that was being staged island wide. All of these have come to a complete halt now. I think that they too would be buried along with him because there is no one else to take his place to do justice to the roles he played.

He had no competitors - Semini Iddamalgoda

When you are constantly in contact with a person you get to know the good and bad side of him or her. I have been acting beside Vijaya aiya for a continuous three years.
Therefore, he is one of the two people whom I really got to know and love in the arts field.

More than a fellow actor he became almost a part of my family for me.

He was a really humane person. He did not show any airs for anybody. Though he performed comedy acts with ease he never stooped to the level of becoming a joke in front of anyone in any situation. He always kept his place and did his job well.

I felt such grief when I got the news of his demise. He had no competitors in the industry. He is irreplaceable. All three sectors in the arts stream suffers greatly from his loss.

If you had a stressful day, you need to watch one of his teledramas. You would wake up with a smile the next morning and that feeling of happiness will last with you for a comsiderable time. That is the sort of effect he has on his fans. His performances are engraved in our memories for such a long time.

Due to what is happening in the world I do like to wish him to be reborn among us again. He deserves much more than that. I hope that he would attain nibbana.

A disciplined actor - Wilson Gunaratne

Vijaya was an actor with unlimited talent. He has dominated the drama, teledrama and movie field for many decades by portraying meaningful characters. We have acted together in three productions: ‘Nonawaruni Mahathwaruni’, ‘Kathura’ and ‘Yes Madam’.

Though he as a bit senior to me in the field he had a habit of seeking my opinion in matters whenever we were acting together. I thought he was a way better actor than me but he thought otherwise.

I was always given the boss’ role while he was my subordinate. We had a good rapport and our acting harmony went well with each other. We faced no difficulties at all when we were collaborating in a scene. Even off the sets he was a jovial character.

Another striking feature about him was that he was a very disciplined artiste. He was very punctual and dedicated to his tasks. There are only a few such artistes in the field with such valuable qualities today.

The Daily News tried to contact actors Rodney Warnakula, Giriraj Kaushalya and Priyantha Senevirathe for comments but the trio were out of the country, touring Australia for their latest stage play ‘Hathara Hina’. 

Ruwini JAYAWARDANA

Thursday, August 04, 2016

අම්මලාගේ විභාගයෙන් පීඩා විඳින දරුවෝ...

අම්මලාගේ විභාගය හෙවත් පහ වසර ශිෂ්‍යත්ව විභාගය ලබන අගෝස්තු මස 21 දා පැවැත්වීමට නියමිතය. මේ වසරේ පස් වැන්නේ ඉගෙනුම ලබන තවත් දහස් සංඛ්‍යාත දරුදැරියෝ පිරිසක් මේ වන විට ලහිලහියේ විභාගයට සූදානම් වෙති. විභාගයට පෙනී සිටින්නේ දරුවන් වුවත් ඒ සඳහා වඩාත් උනන්දු වන්නේත්, තරග වදින්නේත් ඔවුන්ගේ අම්මලාය. ‘අම්මලාගේ විභාගය’ යනුවෙන් පහේ ශිෂ්‍යත්ව විභාගයට අන්වර්ත නාමයක් පටබැඳී ඇත්තේත් ඒ නිසාය.

පළමු ශ්‍රේණියේදී තමන් අපේක්ෂා කළ පරිදි “උසස්” පාසලකට දරුවා ඇතුළත් කර ගැනීමට අපොහොසත් වන දෙමවුපියන් වැඩි දෙනෙකුගේ අරමුණ පහ වසර ශිෂ්‍යත්වයෙන් දරුවා සමත් කරවා එබඳු පාසලකට ඇතුළත් කරගැනීමයි. තමාට අහිමි වූ ලෝකය දරුවන්ට උරුම කර දීමට සිතීම සෑම දෙමවුපියකු තුළම පවතින අහිංසක පැතුමකි. එහෙත් ඒ පැතුම ඉටුකර ගැනීම සඳහා තම දරුවාගේ ළමා මනසට මෙන්ම ශරීරයට ද ඔරොත්තු නොදෙන තරම් බරක්, වගකීමක් පැටවීමෙන් තමා නොදැනුවත්වම ඔවුන්ට විශාල අගතියක් සිදු කරන බව බොහෝ දෙමවුපියන්ට වැටහෙන්නේ නැත.

ඔරොත්තු නොදෙන බරක්

ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින දරුවකුගේ වයස සාමාන්‍යයෙන් අවුරුදු 9 - 10 අතර වේ. මේ ළමා වියෙහි අවසන් සමයයි. මේ වයසේදී ළමා මනසට දරා ගැනීමට බැරි තරම් අසාමාන්‍ය දැනුම් සම්භාරයක් දරුවන්ගේ පුංචි ඔළුගෙඩි තුළට රිංග වීමට ගුරු-දෙගුරුන් දරන ආයාසය හේතුවෙන් එතරම් කුඩා වියේදී පවා ආතතියෙන් පෙළෙන, මානසික රෝගවලට ගොදුරු වන ළමයින් අපේ රටේ සිටින බව බොහෝ දෙනකු නොදන්නා කරුණකි.

කරාපිටිය ශික්ෂණ රෝහලෙහි මනෝ වෛද්‍ය සායනයට පැමිණෙන පාසල් දරුවන් අතර ශිෂ්‍යත්ව විභාගයට ආසන්න කාලයේදී මසකට මෙවැනි දරුවන් තුන් හතර දෙනකුවත් තමන්ට හමු වන බව එහි මනෝ වෛද්‍ය විශේෂඥ රමණි රත්නවීර මහත්මිය පවසයි. කරාපිටිය රෝහල යනු දකුණු පළාතේ එක්තරා ප්‍රදේශ කිහිපයක් පමණක් ආවරණය කෙරෙන රෝහලක් පමණි. මේ ආකාරයෙන් දිවයින පුරා ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින දරුදැරියන්ගෙන් කී දෙනෙකු මෙවැනි ගැටලුවලට මුහුණ පා ඇත්දැයි අපි නොදනිමු. අධ්‍යාපන අමාත්‍යාංශය හෝ සෞඛ්‍ය අමාත්‍යාංශය මැදිහත් වී තවමත් එවැනි අධ්‍යයනයක් හෝ සමීක්ෂණයක් පවත්වා නැති හෙයින් මෙසේ පීඩාවට පත් වන සමස්ත දරුදැරියන්ගේ සංඛ්‍යාවක් නිශ්චිතව සඳහන් කළ නොහැකිය.

දෙමවුපියන් ශිෂ්‍යත්ව විභාගය සඳහා දරුවන් හුරු කරවීම අරඹන්නේ පළමු වසරේ පටන්මය. අවුරුදු පහේදී පාසලට ඇතුළත් කරනු ලබන දරුවාගේ පුංචි මනසට ඔරොත්තු දෙන ආකාරයට පාසල් විෂය නිර්දේශ හා ක්‍රියාකාරකම් සකස් කර තිබුණ ද ශිෂ්‍යත්ව විභාගයම ඉලක්ක කරගත් අම්මලා දරුවන්ට පාසලේදී ලැබෙන දැනුමෙන් හෝ අත්දැකීම්වලින් සෑහීමකට පත් වන්නේ නැත. ඔවුහු පළමු වසරේ පටන්ම දරුවන් අමතර පන්තිවලට යවති. ඇතැම් අම්මලා අවුරුදු තුනේ පටන්ම මේ අධ්‍යාපනික යුද්ධයට දරුවන් තල්ලු කරති.

අමතර දැනුම

දෙමවුපිය ආදරය හා රැකවරණය මධ්‍යයේ පරිසරය ඇසුරෙන් දරුවා ලබන සමාජානුයෝජනයට වඩා පන්තියකින් - පොතපතින් අමතර දැනුම ලබා දෙන්නට අම්මලා වෙහෙසෙති. හැම විටම අනෙක් දරුවාට වඩා තමන්ගේ දරුවාගේ දස්කම් වර්ධනය කර ගැනීමට වර්තමාන මවුවරුන් අතර ඇත්තේ අසීමාන්තික උනන්දුවකි, තරගයකි. අම්මලාගේ මේ අසීමිත උනන්දුවත් තරගකාරී බවත් හේතුවෙන් දැඩි ලෙස මානසිකව පීඩාවට පත් වන්නෝ අහිංසක දරුවෝය.

දිනපතා උදෑසන පහට පමණ ඇරැඹෙන දරුවන්ගේ අධ්‍යාපන චාරිකාව හෙවත් පාසල් - පන්ති ගමන්බිමන් නිම වන්නේ හැන්දෑවේ පහට හෝ හයටය. එහෙමත් නැත්නම් හත - අටට වෙන්නත් පුළුවන. උදෑසන පාසලට යන දරුවා එතැනින් අමතර පන්තියකටත් එතනින් තවත් පන්තියකටත් ආදි වශයෙන් කැඳවාගෙන යනු ලැබේ. කවර වාහනයකින් ගමන් කළ ද මේ ගමන්වලින් දරුවෝ වෙහෙසට පත් වෙති. ළමා මනසට ඔරොත්තු නොදෙන තරම් කරුණු කාරණා, පන්ති ගණනාවකදී, ගුරුවරුන් කිහිප දෙනෙකු ලවා මනසට රිංගවීම අම්මලාගේ පැතුමයි. දරුවාගේ මනසට ඒවා දරාගන්නට හැකි ද නැද්ද යන්න එවැනි අම්මලාට ප්‍රශ්නයක් වන්නේ නැත.

බුද්ධි මට්ටම

කරාපිටිය රෝහලෙහි මනෝ සායනයට පැමිණෙන පහ වසර ශිෂ්‍යත්වයට පෙනී සිටින දරුවන්ගේ මවුවරුන් බහුලව නගන චෝදනාව වන්නේ දරුවා වාර විභාගයට ගන්නා ලකුණු ප්‍රමාණය මඳ බවයි. ඒත් දරුවාගේ ප්‍රගති වාර්තා පොත පරීක්ෂා කරන කල පෙනී යන්නේ දරුවා සෑම විෂයකටම ලකුණු 70 - 75 අතර ලබා ඇති බවයි. මෙවැනි අම්මලා දරුවන්ගෙන් අපේක්ෂා කරන්නේ ලකුණු 95 - 100 අතර උපරිමය ලබා ගැනීමය. වයස අවුරුදු දහයක ළමයකු ප්‍රශ්න පත්‍රයකට ලකුණු 70 - 75 ක් ලබා ගන්නේ නම් ඒ දරුවාගේ බුද්ධි මට්ටම ඉතා ඉහළ විය යුතු බව වෛද්‍ය රත්නවීර පවසයි. එහෙත් ලකුණු 99 හෝ 100 ම ගන්නා තුරු ඒ දරුවාගේ මව සෑහීමට පත් නොවෙයි. ලකුණු 100 ම නොගත්තොත් දරුවා ශිෂ්‍යත්වයෙන් අසමත් වෙතැයි මව දැඩි භීතියකින් පෙළෙයි. ඒ භීතිය දරුවාගේ මනසට ද ඇතුළු කරමින් තව තවත් ලකුණු ගත යුතු බව දරුවාට අවධාරණය කරන්නට මව වෙහෙසෙයි. ළමා මනසට දරාගන්නට ඇති හැකියාව සහ මවගේ ඉලක්කය සමඟ ගැටෙන දරුවා කෙරෙන් තමා තුළ තිබූ හැකියාව ද උනන්දුව ද ක්‍රමයෙන් තුරන් වී යයි. ඉගෙනුම දැඩි වධයක්, මානසික පීඩාවක් බවට පත් වේ.

සෙල්ලමට බර ළමා සිතට ශිෂ්‍යත්වය ඉලක්ක කරගෙන දැඩි සේ රැකවල් යෙදෙයි. ගණිත ගැටලු, බරපතළ භාෂා ගැටලු, රචනා, ළමා මනසට ඔරොත්තු නොදෙන තරම් වූ සාමාන්‍ය දැනීම ප්‍රශ්න පත්තර, දුටු මතින්ම එපා වන තරමට හෙම්බත් වන දරුවෝ අවසානයේදී නිතැතින්ම මානසිකව පීඩාවට පත් වෙති. මතක තබා ගැනීම යනු ස්නායු ක්‍රියාකාරිත්වයෙන් සිදු වන දෙයකි. ස්නායු දැඩිව පීඩාවට පත් වීමෙන් මතක ශක්තිය අඩු වේ.

ඉගෙනීමට පෙර පැවැති උනන්දුව අඩු වීම, නිතර නිදිමත ගතිය, ආහාර අරුචිය, තරහ යෑම, ආවේගශීලී බව, හිසරදය, ක්ලාන්තය මෙන්ම වමනය යන්නට එන්නාක් වැනි හැඟීම මෙවැනි දරුවන් කෙරෙන් දැක්වෙන රෝග ලක්ෂණ වේ. දැඩි ආවේගශීලී බව, නොරුස්නාසුලු බව මෙන් ම තනිව සිටීමට කැමැත්තක් දැක්වීම වැනි මූලික ලක්ෂණ පහළ වූ වහාම දරුවා පිළිබඳ විශේෂ අවධානය යොමු කළ යුතුය. දරුවාගේ අසහනයට හේතුව ඔහුට හෝ ඇයට දරා ගන්නට නොහැකි තරම් වූ පාසල් වැඩ හෝ පන්ති යෑම විය හැකිය. පාසලේදී උගත් දේම යළි යළිත් පන්ති කිහිපයකින් කට පාඩම් කරවීම ළමා මනස වෙහෙස කරවන පීඩාකාරී අත්දැකීමකි.

රෝග ලක්ෂණ

පමණට වඩා ළමා මනස වෙහෙසකර වීම ඉතා හානිදායකය. මොළය පීඩනයට පත් වන විට මොළයේ නිපදවෙන ආතති හෝර්මෝන (stress hormones) වැඩිපුර නිකුත් කෙරේ. කෝර්ට්සෝල් හා ඇඩ්‍රිනලීන් වැනි ආතති හෝර්මෝන වැඩිපුර ශ්‍රාවය වීමෙන් ළමා මොළයට දරන්නට බැරි තරම් පීඩාවක් ඇති වේ. හිසරදය, ක්ලාන්තය, අධික වෙහෙස, නිදිමත, අලස බව, ආවේගශීලී බව මෙන්ම වමනය යන්නට එන සේ දැනීම වැනි රෝග ලක්ෂණ පහළ වන්නේ මෙලෙස ආතති හොර්මෝන පමණට වඩා නිකුත් වී මොළය ආතතියට පත්වීම නිසාය. මෙලෙස ආතතියට පත් වන දරුවෝ පසු කලෙක විශාදය (dipression) නමැති මානසික රෝගයට ගොදුරු වෙති. ආතතිය වැඩි වීමෙන් මොළයේ ස්නායු සංඥාවලට බාධා ඇති වේ. එය කලක් තිස්සේ පැවැතීමෙන් දරුවා මානසික රෝගියකු බවට පත් විය හැකිය.

මෙවැනි රෝග ලක්ෂණ පළ කරන මුල් අවධියේ ඒවා හඳුනා ගැනීම ඉතා වැදගත්ය. “විභාගයට තව ටික දවසයිනේ පුතේ” කියමින් ඉහත රෝග ලක්ෂණ දුටුවත් ඒවා නොසලකා හැරීම නොකළ යුතුය. දරුවාගේ වෙනස්වීම් හොඳින්ම නිරීක්ෂණය කළ හැක්කේ මවටය. නැතහොත් පන්ති භාර ගුරුතුමියටය. එවැනි ලක්ෂණ හඳුනාගත් වහාම දරුවා සමීපයට ගෙන කතාබහ කර ඔහුගේ ගැටලුව හඳුනා ගැනීම වැදගත්ය. හේතුව “පමණට වඩා වැඩි වැඩ” නම් ඒවා අඩු කිරීම වටී. දරුවාට දරාගත හැකි තරමට වැඩ පැවරිය යුතුය. රෝග ලක්ෂණ වැඩිවේනම් වෛද්‍ය උපදෙස් පැතිය යුතුය.

වඩා හොඳ ප්‍රතිඵල ලබාගැනීම සඳහා

 දරුවාට ඉලක්ක ලබාදීමේදී හැම විටම උපරීමයම අපේක්ෂා නොකළ යුතුය. දරුවාට හැකි තරම් හොඳින් වැඩ කරන්නැයි කීම වඩා සුදුසුය.

 සෙල්ලම් කිරීමට හෝ දරුවා කැමැති පොතක් පතක් කියවීමට, කාටුන් එකක් හෝ ළමා වැඩසටහනක් දෙකක් නැරැඹීමට අවස්ථාව ලබා දෙන්න.

 විවේකීව සිටීමට කාලයක් වෙන් කරන්න.

 දරුවාගේ හැකියාවන් අගය කරන්න. පත පොතේ වැඩ හැරුණු විට නැටුම්, සංගීතය හෝ ක්‍රීඩා වැනි බාහිර කටයුතුවල යෙදවීම ඉතා වැදගත්ය.

 ඉගෙනීමෙහි අගය දරුවාට තේරෙන ආකාරයට පහදා දෙන්න.

 පන්තියේදී ගුරුතුමා හෝ ගුරුතුමිය උගන්වන කරුණුවලට හොඳින් ඇහුම්කන් දීමට, ගැටලු තැන් අසා දැනගැනීමට දරුවා පුහුණු කරන්න.

 පාසලේ ඉගැන්වූ කරුණු දරුවා සමඟ සාකච්ඡා කරන්න. ඔහුට හෝ ඇයට තේරෙන පරිදි කෙටි සටහන් තබා ගන්නට පුරුදු කරන්න.

 ස්වයං අධ්‍යයනය (self recitation) සඳහා දරුවා හුරු කරන්න.

 පාඩමට අදාළ පිංතූර, කතන්දර හෝ පරිසරය ආශ්‍රිත දැනුම ලබාදීමෙන් විෂය කරුණු හොඳින් මතකයෙහි රැ‍ඳේ.

 තමාගේ සටහන් අන් දරුවන් හා බෙදා හදාගන්න. සාකච්ඡා කරන්න. ඇතැම් දරුවෝ තනිව පාඩම් කරන්නට හුරු වූවෝය. එවැනි දරුවන් තමාට හුරු පුරුදු ආකාරයට පාඩම් කිරීම වඩා සුදුසුය.

 මතක තබා ගත යුතු චක්කර හෝ සූත්‍ර වැනි පාඩම් මතක තබා ගැනීම සඳහා සිහිපද කවි හෝ යෙදුම් සකස් කරගෙන පාඩම් කිරීම වඩා රසවත් වනු ඇත.

කවර ක්‍රමයකට පාඩම් කළ ද දරුවාට අවශ්‍ය තරම් මානසික සුවය සහ නිදහස ලබා දීම ඉතා වැදගත් වේ. කාලය අපතේ යනවා යැයි සිතා කිසිදු ගමනක් බිමනක් නොයා සිටීම, පවුලේ හෝ සමාජයීය අවස්ථාවලට දරුවා සහභාගි නොකර සිටීම ද නොකළ යුතුය. අම්මලාගේ ආශාවන් හා ඉලක්ක දරුවන්ගේ හිස මත පැටවීම වෙනුවට කළ යුත්තේ තමන්ගේම කැමැත්තෙන් හා උනන්දුවෙන් ජීවිතයේ අරමුණු හා අභියෝග ජය ගැනීමට අවශ්‍ය මානසික හා භෞතික පරිසරයක් දරුවාට ගොඩනගා දීමය.


කරා­පි­ටිය ශික්ෂණ රෝහලේ 
විශේ­ෂඥ මනෝ වෛද්‍ය 
රමණි රත්න­වීර

සටහන - සාගරිකා දිසානායක ජයසිංහ