අනවසරයෙන් හිතට ඇතුළුව
සිතින් අවසර පතනවා
නොඑන බව යළි දැන දැනත් ඔබ
සමු දෙන්න මං සොයනවා...
ජීවිතේ එක මොහොතක දී අපි
එක ඉමක් පහු කරනවා
හිතට දැනුණත් නොදැනුණත් ඒ
නැවත අපි එහි නොඑනවා
අපිව අත හැර ගලන ගඟ දිය
යළිදු එ තැනට නොඑනවා
නොඑන බව යළි දැන දැනත් ගඟ
මගෙන් ඈතට ගලනවා
හැරී එකමෙක වතාවක් මම
ගඟෙන් ඈතට ඇදෙනවා