ජීවිතය අත්දැකුම් ලබාදෙන මහා තක්සලාවකි. ඒ තක්සලාවේ නිබඳව අප ලබන එක් අත්දැකුමක් නිරුද්ධ වී යන විට තවත් අත්දැකුමකින් සිත නැවුම් වෙයි. ආදරය යනු එක්තරා පූජනීය ගැඹුරු සිතුවිල්ලකි.
ඒ ආදරය පිරිමිනට නම් ජීවිතයේ කොටසක් වන අතර ගැහැනියකට බොහෝ දුරට එය ජීවිතය ම බව රේමන්ඩ් පර්ත් නම් සමාජ මානව විද්‍යාඥයෙකු 19 වැනි සියවස මුල් භාගයේදී ම කියා තිබේ.
අද නව යොවුන් පරපුර මේ යන්නේ ඒ රැල්ලේ ම ගසාගෙන ද? ඔවුනට තමා හැදූ වැඩූ මාපිය සෙනෙහස මායිම් නැත. අර්ථයක් නැතිව වුවද මුග්ධ ක්‍රියාවල යෙදෙති. ඔවුනට මේ මානසිකත්වය හදන්නට දර දිය ඇද්දේ කවුරුන් ද? ඒ ටිකිරි වෙබ් අඩවි හා සුකිරි බටිල්ලන්ගේ දියාරු මාධ්‍ය යැයි සිතමි.
(මාතරට නුදුරු දික්වැල්ල මුහුදු තීරයෙන් 2016.06.07 උදේ 7.35 පමණ පාසල් යුනිෆෝමයෙන් සැරසුණු කැන්වස් සපත්තු යුගලක් පැලඳගත් අවුරුදු 17ක පමණ පාසල් සිසුවියක් සිය දිවි නසා ගැනීමේ අරමුණින් මුහුදට පැන පොලිස් නිලධාරීන්ගේ ආධාරයෙන් දිවි බේරාගත් සිද්ධිය හා සම්බන්ධයි)