අවුරුද්දට සැරයක් එන
වැලන්ටයින් පුතේ
උඹ ගැන මට බොහොම දුකක්
කකියනවා හිතේ
අපෙ අම්මලා උඹෙ නමවත් අහල
තිබුනෙ නැතේ
මුදළාලිලා කරකවනවා ආලය
හැම අතේ
කුඹුර කොටා ගෙට එන කළ
ගොවි රජු හැම දිනේ
පිළිගත්තා ගෙවිළිය විත්
වෙනසක් නෑ අනේ
ඔහු අත මල් කළඹ නැතත් ප්‍රේමය
ඉති රුනේ
වැලන්ටයින් හැම දිනයෙම
ගෙපැලේ රජ වුනේ
මුහුඳු ගිහිං එන සැමියා
මාළු කූරි ගෙනා
පිලී ගඳක් තිබුනට එහි ආලය
පැති රුනා
වැලන්ටයින් මල් නැතුවට
ඇඹෙණිය සැනැ සුනා
දෙන්නා එක්ක උයං කාලා එක
තුරුලට උනා
වැලන්ටයින් මහත්තයෝ නුඹ
නාවට මෙහේ
සැබෑ හදේ පෙම් හැඟුමන්
හැමදාමත් ගැහේ
මුලා වෙලා ඇයි නගින්නේ
මුදළාලිගෙ ගහේ
තවමත් නම් පරක්කු නෑ යන්න
නුඹට සහේ