Pages

Tuesday, February 23, 2016

An apology is not a humiliation

A true apology is more than just acknowledgment of a mistake. It is arecognition that something you have said or done has damaged a relationship, which you care enough about to want it repaired and restored.

It's never easy. Admitting to being in the wrong hurts. But once you make yourself face up to it and swallow your pride, it can be a wonderfully cleansing and healing thing. Look back with sincerity and honesty and reflect how often you've judged harshly, said unkind things, pushed yourself ahead at the expense of a friend.

Then count the occasions when you indicated clearly and trulythat you were sorry. A bit scary, isn't it? Scary because some deep wisdom in us knows that when even a small wrong has been committed, some mysterious ethical equilibrium is disturbed; and it stays out of balance until fault is acknowledged and regret expressed.

Heartfelt apology

I remember a physician friend telling me about a man who came to him with a variety of symptoms: headaches, insomnia, gastric disturbances. No physical cause could be found. Finally the Doctor said to the man, "Unless you tell me what's on your conscience, I can't help you."

After agonised hesitation, the man confessed that, as executor of his father's estate, he had been defrauding his brother, who lived abroad, of his inheritance.

Then and there the wise old doctor made the man write to his brother asking forgiveness, and promising he would deposit some money in his brother's local Bank account as the first step inreparation.

Two days' later, he came to see the Doctor. "Thank you, Doctor" he said. "I've posted the letter and Bank slip. Now, I think I'm cured." And he was.

A heartfelt apology can not only heal a damaged relationship but make it stronger. Long years ago, when I was employed as a Senior Manager in a company, there was considerable criticism of my work. A visiting consultant I knew said some very disparaging things. When they were repeated to me, I had to swallow them in unhappy silence. .

Then one day I got a letter from him. Going through my achievements carefully he had realised that he had been wrong in his evaluation of me, and hoped I would accept his apology.

Well! Any antagonism I may have felt disappeared in a flash. I felt warm affection for this man, and I wrote an instant reply, telling him so. We have been good friends ever since.

Sometimes people hesitate to apologise for fear of being rebuffed.

That painful possibility always exists, but the risk is low. The founders of all religions urged all of us to forgive. Why? Because they knew that acceptance of an apology clearsresentment from the heart-and resentment is a crippling thing. Whowants to experience hurt and angerover and over?

Say "sorry'

How, then, does one say, "I'm sorry"? I have worked out a few guidelines out of my experience.

1. If you cannot bring yourself to put an apology into words, send a signal. After a quarrel, flowers can ease the sting of harsh words remembered. A small gift can convey regret - and the permanence of affection. The touch of a hand can restore broken communications. Never underestimate this silent language of the heart.

2. Remember that offering an apology is not a humiliation; it's aform of maturity and honesty. Great souls can apologise. Winston Churchill's first impressions of Harry Truman were far from flattering. Later he told Truman that he had badly underestimated him -an apology wrapped in a handsome compliment.

3. Unless an apology contains genuine contrition, the healing process cannot take place. Make sure that you really mean it.

4. Apologise with dignity-on your feet, not on your knees. You are trying to put wrong things right, and this deserves respect.

5. When an apology is due, offer it promptly. Delay makes it more difficult-and sometimes makes it impossible. I was serving on the Board of a voluntary organisation when a brash young assistant giving three 'good' reasons, proposed that he should replace the director. We voted for the change. Within days, it became apparent that we had made a serious mistake; we never should have let the old director go. I made up my mind to tell him so, but before our paths could cross he suffered a fatal heart attack. So my intended apology could not he made-and I feel bad about it to this day.

6. If you feel you are owed an apology and none is forthcoming, try to act rationally, rather than brood or fume. Write a note, or send a message by a mutual friend, explaining why you feel aggrieved and that you would like to get rid of the feeling. If you make it easy for a person to apologise, he often will-chances are he is not happy about the situation either.

7. Try to distinguish between a feeling of regret and the need for apology. If, for example, you are in a position of authority and have to fire someone for incompetence, you may regret it, but it doesn't call for an apology.

If you can think of someone who deserves an apology from you, someone you have wronged, or judged you too harshly, or just neglected, do something about it right now.

Write a note, make a phone call, send a signal - anything that will say, "Here I am, unhappy because there's a barrier between us, wishing we could bridge the gap, willing to take some of the blame or all of it, hoping you'll accept this gesture with the message it contains-the two most healing words in all the world: 'I'm sorry.'"

by Lionel Wijesiri (sundayobserver.lk)

Thursday, February 18, 2016

ඇල්බට් අයින්ස්ටයින් මෙලොව ජනිත වූ ශ්‍රේෂ්ඨතම බුද්ධිමතකු බව නොදන්නා අයෙක් නොමැති තරම්ය. නූතන භෞතික විද්‍යාවේ පියා ලෙස සැලකෙන ඇල්බට් අයින්ස්ටයින් පිළිබඳ බොහෝ දෙනකු නොදන්නා පෞද්ගලික කාරණාවක් මෑතකදී මාධ්‍ය හරහා අනාවරණය විය. ඒ සැමියකු සහ ආදරවන්තයකු ලෙස ඇල්බට් අයින්ස්ටයින් සිය පෞද්ගලික ජීවිතයේදී අසාර්ථක පුද්ගලයකු වූ බවය.

මේ කරුණු මුල් වරට හෙළිදරව් වූයේ ප්‍රකට චරිතාපදාන රචකයකු වන වෝල්ටර් අයිසැක්සන්, ඇල්බට් අයින්ස්ටයින්ගේ චරිතය පාදක කොටගෙන ලියූ “Einstein: His Life and Universe”කෘතිය මඟිනි. මේ කෘතිය තුළ විග්‍රහ කෙරෙන ආකාරයට අයින්ස්ටයින් සිය ජීවිතයේ ප්‍රේමණීය වීම නමැති සටනේදී නිරන්තරයෙන් පරාජයට පත් වූවෙකි. ආයාසයෙන් පටලවා ගත් පෙම් පලහිලව්වක් පවා දුරදිග පවත්වා ගැනීමට තරම් හැඟීම්බර ස්වභාවයක් අයින්ස්ටයින් වෙත නොතිබූ බව වෝල්ටර් අයිසැක්සන් සිය කෘතියේ සටහන් කරන්නේය.

ඔහු ඇල්බට් අයින්ස්ටයින් සහ මිලේවා මාර්ක්ගේ විවාහ ජීවිතය පිළිබඳ හෙළිකරමින් පවසන්නේ ඇල්බට් අයින්ස්ටයින් යනු ලෝකයේ දරුණුතම ස්වාමිපුරුෂයා වීමට ද ඉඩ තිබෙන බවයි. මිලේවා මාර්ක් සහ ඇල්බට් අයින්ස්ටයින් මුල් වරට හමුවන්නේ 1896 වසරේදී සිවු වසරක භෞතික විද්‍යා සහ ගණිත ඉගැන්වීමේ පුහුණු ඩිප්ලෝමා වැඩසටහනක අධ්‍යයන කටයුතු අතරතුර ය. එම ඩිප්ලෝමාව හැදෑරීමට තේරී පත් වී සිටියේ සිසුන් පස්දෙනකු සහ ශිෂ්‍යාවක පමණි. ඒ එක ම ශිෂ්‍යාව මිලේවා මාර්ක්ය. ඇගේ තීක්ෂණ බුද්ධියට සහ ආකර්ෂණීය පෙනුමට ඇල්බට් අයින්ස්ටයින්ගේ සිත ද ලොබ බැන්දේය.

මිතුදම ආදරයකට පෙරළුණු අතර, ඒ ආදරයේ ප්‍රතිඵලයක් ලෙස අයින්ස්ටයින්ට දාව දියණියක මෙලොව උපදින්නේ, මිලේවා සහ අයින්ස්ටයින් නීත්‍යානුකූලව විවාහ වීමට ද පෙර ය. ඒ දියණිය කිසිවකුට හෝ දරුකමට හදාගන්නට දී ඇත. 1903 වසරේදී ඇල්බට් අයින්ස්ටයින් සහ මිලේවා මාර්ක් විවාහ විය. ඉන්පසු අයින්ස්ටයින්ට දාව මිලේවාට උපන්නේ පුතුන් දෙදෙනෙකි. ඒ හාන්ස් ඇල්බට් අයින්ස්ටයින් සහ එඩ්වඩ් ය.

දරුවන් ලද්දේ වුව ද අයින්ස්ටයින් සහ මිලේවා ගත කළේ පී‍්‍රතිමත් යුග දිවියක් නොවේ. එහෙත් දරුවන් වෙනුවෙන් තමන් දෙදෙනා එක්ව ජීවත් විය යුතු බව අයින්ස්ටයින් තරයේම විශ්වාස කළේය. ඒ වෙනුවෙන් ඔහු මිලේවා වෙත නීති රීති ලැයිස්තුවක් පැනවීය. දරුවන් වෙනුවෙන් එකට ජීවත්වීම උදෙසා එම නීති ඉවහල් වනු ඇති බව ද විශ්වාස කළේ ඔහුගේ බුද්ධි මහිමයට කිසිසේත් නොගැළපෙන ලෙසට ය. එසේම එම නීති රීති අනුව මිලේවා හට හිමිවිය යුතුව තිබුණේ අයින්ස්ටයින් නිවෙසේ භාර්යාවගේ තනතුර නොව, මෙහෙකාරියගේ තැනය.

ඇල්බට් අයින්ස්ටයින් මෙම නීති පද්ධතිය ලියූවේ 1914 දී ය. ඒ ඔහු සහ මිලේවා අතර විවාහයෙන් වසර 11 කට පසුව ය. එම නීතිවලට අනුව ඇය වහලියක සේ අයින්ස්ටයින් වෙත සේවය කළ යුතු වුවද කිසිදා ප්‍රශංසාවක් හෝ ආදරණීය බවක් ඒ වෙනුවෙන් බලාපොරොත්තු විය නොහැකි බවට ද ඇල්බට් අයින්ස්ටයින් සිය නීති ලේඛනයේ පැහැදිලිව සටහන් කොට තිබිණි.

ඇල්බට් අයින්ස්ටයින් සිය බිරිඳ වූ මිලේවා මාර්ක් වෙත පනවා තිබූ නීති පද්ධතිය විස්තරාත්මකව පහත පරිදි වේ.

අනිවාර්ය රාජකාරි

* මාගේ සියලු රෙදිපිළි නිසි පිළිවෙළට සෝදා නමා තැබිය යුතුය.

* දිනක ආහාර වේල් තුනක් මගේ කාමරයට ලැබීමට සැලැස්විය යුතුය.

* මගේ නිදන කාමරය පිළිවෙළට පිරිසුදුව සකස් කළ යුතුය. කිසි විටෙකත් මගේ ලියන මේසයට අතවත් තැබිය යුතු නැත.

* අප දෙදෙනා අතර අන්තර් සබඳතාව පිළිබඳ සමාජීය අවශ්‍යතාවක් පැන නැඟුණ විට පවා ඔබට මා සමඟ එකට නිවෙසේ අසුන්ගෙන සිටීම සහ ගමන් බිමන් යාම පිළිබඳ ප්‍රශ්න කළ නොහැකිය.

අප අතර ඇති සබඳතාවයේදී

* ඔබ මගෙන් කිසිදා ආදරයක් බලාපොරොත්තු වීම හෝ ඒ වෙනුවෙන් පෙලඹවීම් කිරීම සිදු නොකළ යුතුය.

* මම අණ කළ විගස ඔබ මා සමඟ කරන කතා කිරීම නැවැත්විය යුතුය.

* මම අණ කළ විට කිසිදු විවාදයකින් තොරව ඔබ මගේ නිදන කාමරයෙන් හෝ අධ්‍යයන කාමරයෙන් පිටවිය යුතුය.

* විශේෂයෙන්ම ඔබ මගේ දරුවන් ඉදිරියේ මා හෑල්ලුවට ලක්කරන ලෙස කතා කිරීම හෝ හැසිරීම සිදු නොකළ යුතුය.

ඇල්බට් අයින්ස්ටයින්ගේ එම නීති මාලාව හිත් පිත් ඇති කිසිදු ගැහැනියකට බිරිඳක් ලෙස ඉවසා දරා ගත හැකි නොවේ. එහෙත් මිලේවා එම අභියෝගය පවා භාර ගත්තීය. එහෙත් එහි පීඩනය ඇගේ සිත තලා පෙලා දැමූ අතර, සිය දරු දෙදෙනා ද කැටුව ඇය ඇල්බට් අයින්ස්ටයින් අතහැර ගියාය. 1919 වසරේදී මිලේවා අයින්ස්ටයින් සමඟ වූ විවාහ බැම්මෙන් නීත්‍යානුකූ®ලවම වෙන් විය. එය අයින්ස්ටයින්ගේ පැරණි පෙම්වතියන්ට නම් කිසිසේත්ම පුදුමයට කාරණාවක් නොවූ බව වෝල්ටර් අයිසැක්සන් සිය කෘතියේ සටහන් කර තිබේ.

පසුව ඇල්බට් අයින්ස්ටයින් සිය නෑනා වූ එල්සා ලොවෙන්නාල් සමඟ පෙම් සබඳතාවක් ඇරැඹීය. 1919 වසරේදී දෙදෙනා විවාහ විය. 1935 වසරේදී දැඩි ලෙස රෝගී වූ එල්සා හෘද රෝග සහ වකුගඩු ආශි‍්‍රත ගැටලු නිසා 1936 වසරේ ජීවිතයෙන් සමුගත්තාය. මිලේවාට මෙන්ම එල්සාට ද අයින්ස්ටයින්ගේ හිත්පිත් නොමැති අමුතුම ආදරයෙන් පීඩාවට පත්වන්නට වූවාද යන්න පිළිබඳ නම් සාක්‍ෂියක් නැත. එහෙත් දෙදෙනා අතර පී‍්‍රතිමත් යුග දිවියක් තිබූ බවට පවා සඳහනක් නොවේ.

ඇල්බට් අයින්ස්ටයින් මුළු ලොවටම එදත් අදත් හෙටත් ශ්‍රේෂ්ඨතම පුද්ගලයෙකු බවට සැකයක් නැත. එහෙත් ඔහු පවා අංග සම්පූර්ණ මිනිසකු නොවන්නේය.

දිනමිණ පුවත්පත ඇසුරිණි.

Sunday, February 14, 2016

වැලන්ටයින් මහතා වෙත ඉතා ආදරයෙනි.....

අවුරුද්දට සැරයක් එන වැලන්ටයින්                  පුතේ
උඹ ගැන මට බොහොම දුකක් කකියනවා           හිතේ
අපෙ අම්මලා උඹෙ නමවත් අහල තිබුනෙ         නැතේ
මුදළාලිලා කරකවනවා ආලය හැම                   අතේ
         
කුඹුර කොටා ගෙට එන කළ ගොවි රජු හැම        දිනේ
පිළිගත්තා ගෙවිළිය විත් වෙනසක් නෑ               අනේ
ඔහු අත මල් කළඹ නැතත් ප්‍රේමය ඉති              රුනේ
වැලන්ටයින් හැම දිනයෙම ගෙපැලේ රජ            වුනේ
         
මුහුඳු ගිහිං එන සැමියා මාළු කූරි                       ගෙනා
පිලී ගඳක් තිබුනට එහි ආලය පැති                    රුනා
වැලන්ටයින් මල් නැතුවට ඇඹෙණිය සැනැ         සුනා
දෙන්නා එක්ක උයං කාලා එක තුරුලට             උනා
         
වැලන්ටයින් මහත්තයෝ නුඹ නාවට                මෙහේ
සැබෑ හදේ පෙම් හැඟුමන් හැමදාමත්                ගැහේ
මුලා වෙලා ඇයි නගින්නේ මුදළාලිගෙ             ගහේ
තවමත් නම් පරක්කු නෑ යන්න නුඹට               සහේ

Sunday, February 07, 2016

ගුරුවරු සහ මව්පියන් හෝගාන පොකුණට තල්ලු කළ යුතුය

අප චිත්‍රපට බලන්නේ ඇයි? වැඩි දෙනකුගේ පළමු පිළිතුර විනෝදය පිණිසය යන්නය. එය සැබෑය. ඒ නිසා කවදත් සිනමාවේ විනෝදාත්මක චිත්‍රපට බහුලය. එහෙත් ඒ අතර ඉඳහිට නිපදවෙන සිනමාත්මක බසින් පොහොසත් අර්ථපූර්ණ චිත්‍රපටද තිබේ. ඒවාට රොද බැඳගත් ප්‍රේක්‌ෂක පිරිසක්‌ද සිටී. උදාහරණ ලෙස ගතහොත් "හතරදෙනාම සූරයෝ" අතිශය ප්‍රබෝධයක්‌ මතුකළ විනෝදාත්මක චිත්‍රපටයකි. එමෙන්ම නිධානයද, හතර දෙනාම සූරයෝ තරම්ම ප්‍රේක්‌ෂක හරසර ලැබූ චිත්‍රපටයකි. 

හොඳ චිත්‍රපට යනු එවේලේ හුදු විනෝදය සපයන්නක්‌ නොවේ. ඒවා මිනිසුන්ගේ කල්පනාවන්ට අලුත් කල්පනා ලබා දේ. ජීවිතය ගැන අප මින් පෙර නොදත් දේ කියා දේ. ඒ චිත්‍රපට අපට කියාදෙන දෙයින් අපි එතෙක්‌ වැළඳගෙන සිටි පරණ හැව අත්හැර නව දීප්තියකින් බැබලෙන්නට පටන් ගනු ලැබේ. අප වඩාත් හොඳ මිනිසුන් බවට පත්වන්නේ අර්ථ පූර්ණ කලාවන් හරහා ය. 

මෑතකාලීනව ගතහොත් සුනිල් ආරියරත්නගේ බෝ මැඬ වගුරන කිරි කළ දහසින් වැනි පද මාලාවකින්, ජෝර්ඡ් කීට්‌ගේ බේබදු සැමියා වැනි චිත්‍රයකින්, පරාක්‍රම කොඩිතුවක්‌කුගේ ගලින් ගලට පය තිය තියා වැනි කුසුමලතාගේ කවියකින්, රාජිත සිරිවර්ධනගේ සිරිවර්ධන පවුල වැනි නාට්‍යයකින්, අශෝක හඳගමගේ ගේ ඉනි අවන් වැනි චිත්‍රපටයකින් අප ජීවිතය ගැන අලුතින් උගත්තෝ වෙමු. ඔවුන් ඇතුළු කලාකරුවන් රාශියක්‌ දෙනා අලුත් අර්ථ සම්භාරයක්‌ අප වෙත සම්පාදනය කර දෙමින් සිටිත්.

මේ එවැනි කලාකරුවකුගේ කලා කෘතියක්‌ ගැන ස්‌තුතියෙන් යුතුව ලියනු ලබන කෙටි සටහනකි.

හෝගානා පොකුණ යනු අප කුඩා කාලයේ තේරවිල්ලකි. හෝ ගානා පොකුණ මොකක්‌දැයි ඇසූ විට අපේ ළමා වියේ එය කුමක්‌දැයි නොදත් ළමෝ බොහෝ සිටියහ. මක්‌නිසාද එකල බොහොමයක්‌ ළමෝ හෝගාන පොකුණ දැක නොතිබූ හෙයිනි. විශ්මයජනක කරුණ නම් එයින් 50 වසරකට පසුව වෙසෙන අද ළමයෙකුගෙන් හෝගානා පොකුණ කුමක්‌දැයි ඇසූ විට පිළිතුරු දෙන්නට ඔවුන්ද නොදත් කමය. පිළිතුරු දෙන්නට අසමත් හැම ළමයෙක්‌ම මහ මුහුද දැක ඇති ළමුන්ය. පරම්පරා දෙකක වෙනස හෝ ගාන පොකුණ අපට සිහිපත් කර දෙයි.

ගෝ ගාන පොකුණ චිත්‍රපටයට තේමා වන්නේ, ඉතා දුෂ්කර ගම් පෙදෙසක පාසලක මහ මුහුද නුදුටු දරු දැරියන් පිරිසක්‌ මහ මුහුද දකින්නට යැම ප්‍රීතිමත් ගමනකින් කෙළවර වීමයි. 

බැලු බැල්මට මෙය සරල පුවතකි. එහෙත් මේ චිත්‍රපටය නිර්මාණය කළ අධ්‍යක්‍ෂවරයා (ඉන්දික µර්ඩිනැන්ඩු) මේ සරල පුවතින් ඉතා අනර්ඝ ගණයේ චිත්‍රපටයක්‌ ප්‍රේaක්‍ෂකයා වෙත ප්‍රදානය කොට ඇත.

හෝ ගාන පොකුණ ළමා චිත්‍රපටයක්‌ ලෙස හැඳින්වුවද එය නරඹන විට අපට හැඟෙන්නේ එය ළමා සිනමා පටයක්‌ ලෙස නොවේ. එය වැඩිහිටි අයද නැරැඹිය යුතු සිනමාවකි.

මේ දුෂ්කර පාසලට අලුතින් පත්වී එන තරුණ ගුරුවරිය කොළඹ පළාතේ යුවතියකි. පාසලේ සිටින්නේ ළමුන් දහඅට දෙනෙක්‌ සහ විදුහල්පති පමණි. විදුහල්පති ළමුන් ලවා පාසල් බිම වගාකොට ඒ මුදල යටිමඩි ගසා ගත්තෙකි. අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන් පාසලට ලැබෙන පියානෝව පැදුරකින් වසා තබන විදුහල්පති ළමුන්ට කියන්නේ එතුළ මකරෙකු සිටින බවත්, එනිසා අත නොතබන ලෙසත්ය.

මෙලෙස සෑම අතකින්ම වල්වැදී තිබුණු කුඩා පාසල පණ ගසා ඉපදෙන්නේ තරුණ ගුරුවරියගේ ආගමනයත් සමඟය. නරඹන්නාටද පාසලේ ළමුන්ටද නව සමාජ ආකල්ප හඳුන්වා දෙන්නේ රැඩිකල් චින්තනයෙන් හෙබි තරුණ ගුරුවරියයි. ආචීර්ණ කල්පිත විදුහල්පති පවා මේ ගුරුවරිය නිසා කෙමෙන් වෙනස්‌ වෙයි.

මූලික ගැටුම ඇරැඹෙන්නේ මේ ගැමි ළමුන් කිසිවෙකුත් හෝ ගානා පොකුණ හෙවත් මහ මුහුද දැක නැති බව අනාවරණය වීමත් සමඟය. මේ ඈත දුෂ්කර ගමේ සිට මුහුද බලන්නට කොළඹ යැම අති දුෂ්කර කාර්යයකි. ගමනට ගමේ තිබෙන එකම බස්‌රථය ග්‍රාමසේවක සතුය. ඔහු බස්‌රථය දීම අතපසු කරයි. රිය පදවන රියෑදුරාට ලයිසන් නැත. ළමයින් අත මුදල් නැත. 

නමුත් තරුණ ගුරුවරිය සටන අත්නොහරී. චිත්‍රපටය අප හා බැඳෙන්නේ එම අරගලය තුළිනි.

සිනමා පටයක්‌ වුවද මෙහි අධ්‍යක්‍ෂවරයා නාට්‍ය වේදියෙකු නිසා චිත්‍රපටය නාටකීය අවස්‌ථාවලින් අලංකෘත කොට තිබේ. ඒ නාටකීය බව චිත්‍රපටය හා ප්‍රේක්‍ෂකයා අතර බැඳීම තීව්‍ර කරයි.

නළු නිළියන්ගේ රඟපෑම් ප්‍රශංසනීයය. ප්‍රධාන චරිතය රඟපාන අනුෂයා සුබසිංහ හොඳ රඟපෑමක යෙදෙන මුත්, ඇතැම් විට ප්‍රමාණය ඉක්‌මවා යැම්ද දැකිය හැක. ප්‍රතිභාවෙන්ද පළපුරුද්දෙන්ද අනූනයෙකු වූ ජයලත් මනෝරත්නගේ රඟපෑම් මේ ළමා චිත්‍රපටයට මහත් ආලෝකයක්‌ සපයයි.

ඇතැම් සිද්ධීන්වල නොගැලපීම් තිබේ. රියෑදුරෙක්‌ නැති නිසා අවසානයේ බස්‌රථය පදවාගෙන යන්නේ තරුණ ගුරුවරියයි. එය තරුණ ගුරුවරියට අනවශ්‍ය වීරත්වයක්‌ ආරෝපණය කිරීමක්‌ ලෙස පෙනේ. ගමන යා යුතුව තිබුණේ ළමෝ ඉතා මහන්සියෙන් හදාගත් රියෑදුරා සමඟමය. එසේ නම් අවසානය තවත් ප්‍රීතිමත් වනු ඇත.

හොඳ කලා කෘතියකින් විය යුත්තේ සමාජයට හොඳ නරක කියා දීම නොව අලුත් අර්ථවත් අදහස්‌වලින් සමාජය අලුතින් සිතන්නට පෙළඹවීමය. හෝ ගාන පොකුණ එවැනි චිත්‍රපටයකි.

මෙය ළමුන් පමණක්‌ නොව වැඩහිsටියන් සේම ගුරුවරුද බැලිය යුතු එකකැයි යෝජනා කරන්නේද නොඑසේ නම් ඔවුන් හෝ ගානා පොකුණට තල්ලු කොට එය බලන්නට බල කළ යුතු යෑයි යෝජනා කරන්න් සද්භාවයෙනි.

චන්දසිරි දොඩන්ගොඩ  www.divaina.com