හුදෙකලා වූ
විඩාබර දෙනෙත්
නොපෙනුණිද නුඹහට ?
ඇමිණූ හසුන්වලද
සෙනෙහස පිරි වදනක්
සොයනු නොහැකිව
බෝ දුර ආ බව
මතකයි නම් නුඹට....?
වෙඬරු මෙන් දියවෙන
හිතක තරම නොදැන
ඔච්චම් කළ තරම
දන්නේ කඳුළු මිස.....
නෑසූ කන්ව හිඳ
අඩිය ඉක්මන් කළා මිස
නිකමටවත්
හැරී බැලුවාද
මගේ කඳුළු පිරි දෑස් දෙස ?
නුඹ යනෙන දෙස
පසුපසට වී
බොහෝ කල් සිටියෙමි
සිහි එළවාගත නොහැකිව
රාත්‍රිය පුරාද
බියකරු සිහිනයක්ව
මහදෙහි මැවෙයි
මදෙස නොබලාම
නුඹ ගිය හැටි
සෙනේ දිය උල්පතක්
හිඳුණු පසු
යළි
තෙතමනයක් නොදෙන බව
දන්නවද නුඹ?
ඉතින් සතුටින් යන්න.........
FB - Sindu