Pages

Thursday, April 03, 2014

අද වගේ දවසක කපුගේ....

සබද අප කුදු වුණෙමු
ඔබේ හඩ පෞරුෂය අභිමුව
ඒත් අර අකීකරු කෙස් එක්ක
සිනා සී අප අතරට එන විට
සමවැදී තාලයට භාවනාවක විලස
ගයන විට 'සබද අපි කදු නොවෙමු' ගීතය
ඇස් වලින් කදුලු කැට කඩන් වැටුණා කපුගේ...

''කියා දෙමු පියඹන්ට අපි අපේ පැටවුන්ට
නිදහසේ තටු ලැබුණ කුරුල්ලන් වී දිනෙක..."
ගයන විට ‘ලිහිණික‘ක අමතමින් මුදු හඩින
පියෙකු සෙවණැලි පහස ලැබුණු පරපුර අපය...

මතක බණ වර ගැයෙන
උපහාර දින නොමැත
ඒත් ඔබ අප අතර
හදවත්හි ගැඹුරු තැන
හීල දෙන දිය බුබුල...

බිම්බරක් සෙනග මැද
මල් වලට
බමරුන්ට
මීවිතට
හරිම පාලුයි කපුගේ...

කොවුලා නොමැති
වසන්තය
දම්පාට සද නැති
අහස මෙන් 
පාලුවට ගිහින් කපුගේ...

Courtesy - Facebook