Pages

Tuesday, September 24, 2013

To You......31

'' ගොඩක්
ආදරේ කරන
කෙනාම තමයි
ගොඩක් රිදවන්නෙත්..........''

Old wine in new bottle

The whirling, sea-belching monster Charybdis, a Manticore with a lion's body and scorpion's tail and man-eating Cyclops. These are just a few of the mythical elements which threatening our teenage heroes in Thor Freudenthal's adventure fantasy 'Percy Jackson: Sea of Monsters.'

The second film in the Percy Jackson franchise, based on the best-selling novels by Rick Riordan and inspired by Greek mythology, sees Jackson, the half-human son of Poseidon, and his fellow demigod friends set off on a dangerous quest to find the Golden Fleece to save all their kind and the entire planet. Their journey is a result of the invisible wall that protects their camp being breached when a rogue Cyclops poisons the tree.

Another smart move

The story starts off with a historical reference to the birth and deeds of Cronus, father of the three gods: Zeus, Poseidon and Hades. Though the tale raises interest at the beginning it all becomes predictable within the next half hour because the characters go through the expected routine.

One of the silver linings in 'Percy Jackson: Sea of Monsters' is the entrance of Tyson, Jackson's half brother, who also happen to be half Cyclops. He is eye catching in his actions and adds a touch of variety to the tale. Incorporating Clarisse, a hard-nosed go-getter into the tale too is another smart move by the team. This allows Jackson the opportunity to form a friendship with the person who challenges him for competition later in the story, hitting the message home that team spirit is essential to overcome hurdles.

Monday, September 23, 2013

මම දැන් හරි අසරණයි.

ගොඩබිමක් නොපෙනෙන ක්ෂිතිජය දිහාවට 
තනියම හබල් ගහගෙන ඔරුව පැදගෙන යද්දි 
ඔයා ගොඩබිමට වෙලා ඒ දිහා බලන් හිටිය. 
මම හිතුවෙ කවද හරි ඔයත් මගෙ පස්සෙන් ඒවි කියල. 
ඒත් පේන තෙක් මානයක ගොඩබිමක් නැති 
හ මුහුද මැදට ගිහින් ආපහු හැරිල බලද්දි තමා දැක්කේ 
ඔයා මගේ පස්සෙන් ඇවිත් නෑ කියල. 
එතකොටම මම දැක්ක මෑත ක්ෂිතිජයෙ මල් වෙඩිල්ලක් පත්තු වෙනව. 
මම තිගැස්සුනා. මගේ අතේ තිබුන හබල ගැඹුරක් නොපෙනෙන මහ මුහුදට වැටුන. 
ඒක තමා ඔයාගෙ සංඥාව ඔයා කවදාවත්ම මගෙත් එක්ක එන්නෙ නෑ කියල. 
දැන් මම ඈත මෑත කිසිම තැනක ගොඩබිමක් නොපෙනෙන මහ මුහුද මැද තනි වෙලා. 
මෙගොඩට එන්නත් බෑ. 
මට දැනුනෙ මම වැල්ලෙ හදපු මාලිගා ඔක්කොම ලොකු රළක් ඇවිත් කඩාගෙන ගියා වගේ. 
මට ආයෙම රළ නොයෙන දුරක වැලි මාලිගා හදන්න හයියක් නෑ. 
මම දැන් හරි අසරණයි. 
මම ප්‍රාර්ථනා කරන්නෙ කවදාවත්ම ඔයා මේ වගේ අසරණ නොවේවා කියලයි. 
මම තාමත් ඔයාට ආදරෙයි..........

යනවා නම් මෙන්න කැම්පස්

අධ්‍යාපනය යනු පුද්ගලයකු සතු ප්‍රධානම අවශ්‍යතාවක් සේම එය පුද්ගලයකුගේ ගුණාත්මක බව මනිනු ලබන වැදගත්ම සාධකයකි. “ උගත මනා ශිල්පයමයි මතු රැකෙනා” යනුවෙන් වියත්හු අධ්‍යාපනයේ වටිනාකම ගැන පවසා ඇත්තේ එබැවිනි. පෙර පාසලින් “අ” යනු “ආ” යනු කියවා ඉගෙනීමේ අත්‍පොත් තබනා පුද්ගලයෙකු ක්‍රමයෙන් ශිෂ්‍යත්වය, අ.‍පො.ස (සා.පෙළ) හා අ.‍පො.ස (උ.‍පොළ) විභාග සමත්ව විශ්වවිද්‍යාලයේ උපාධිය ලැබිමෙන් සිය අධ්‍යාපනය අවසන් කිරීම සාමාන්‍ය සංසිද්ධියයි. නමුත් එයින් ඔබ්බට අධ්‍යාපනය හදාරණ අයද වෙති. එසේ නැතිනම් උසස් පෙළින් පසු උසස් අධ්‍යාපනය සඳහා විශාල මුදලක් ගෙවා එතෙර යන පිරිසක්ද වෙති. අද අපේ රටේ විශ්වවිද්‍යාල සඳහා වරම් ලාබාගන්නේ අ.‍පො.ස. (උ.පෙළ) විභාගයෙන් ඉහළ ලකුණු ලබාගන්නා පිරිස්ය. නමුත් එය අ.‍පො.ස (උ.පෙළ) විභාගය සමත් පිරිසෙන් 10 කටත් වඩා අඩු ප්‍රමාණයකි. අ.‍පො.ස. (උ.පෙළ) විභාගය සමත් එහෙත් විශ්වවිද්‍යාල වරම් අහිමි සෙසු පිරිස විද්‍යාපීඨ අධ්‍යාපනයට හෝ විවිධ උසස් පාඨමාලා හැදෑරීමට හෝ විවිධ රැකියාවනට යොමු වීම දක්නට ලැබේ. එයිනුත් මුලින්ම කී තවත් සමහරෙක් (වත්‍පොහොසත්කමින් යුත්) විදේශ විශ්වවිද්‍යාල අධ්‍යාපනය කරා යොමුවීම අද විලාසිතාවක් බවට පත් වී තිබිමද දක්නට ලැබේ.
මේ නිසාම අද අප රට තුළ සාකච්ඡාවට බඳුන් වන ප්‍රමුඛතම කාරණයක් වී ඇත්තේ විදේශයන්හිදී ලබන අධ්‍යාපනය කෙතරම් දුරට ගුණාත්මකද, ප්‍රායෝගිකද යන්නය.

මීට දින කිහිපයකට පෙර අන්තර්ජාල තුළින් ලොව විවිධ රටවල ඇති විශ්වවිද්‍යාල වර්ගීකරණයකට ලක් කර තිබුණි. ඒ සඳහා ඔවුන් පදනම් කරගෙන තිබුණේ පහත නිර්ණායකයන්ය.
හැදෑරිය හැකි විෂය පාඨමාලාවන්.
අධ්‍යයන ක්ෂේත්‍රයන්.
පර්යේෂණයන්.
අදාළ විශ්වවිද්‍යාලයන්හි ජනප්‍රියතාවය.
අනෙක් මිනුම් දඬු (උදා:ජාත්‍යන්තර විවිධත්වය...... ආදිය)
මෙකී කරුණුවලට අදාළව ලෝකයේ විශ්වවිද්‍යාල හා අධ්‍යාපන ආයතන 2000 කින් හොඳම 700ක් තෝරා ගෙන එයිනුත් හොඳම විශ්වවිද්‍යාල 15ක් තෝරාගෙන ඒවා මෙසේ වර්ග කර තිබුණි. ඒ අනුව 2013 වසරේ ලොව හොඳම විශ්වවිද්‍යාල 15 වන්නේ මෙහි දැක්වෙන විශ්වවිද්‍යාලයන්ය.

2013 වසර සඳහා නම් කෙරුණු ලොව හොඳම විශ්වවිද්‍යාල 15 

1.මැසචුසෙට්ස් තාක්ෂණ විද්‍යාතනය
2.හාවර්ඩ් විශ්වවිද්‍යාලය 
3.කේම්බ්‍රජ් විශ්වවිද්‍යාලය 
4.ලන්ඩන් විශ්වවිද්‍යාලය 
5.ලන්ඩන් ඉම්පීරියල් විද්‍යාලය 
6.ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය 
7.ස්ටැන්ෆර්ඩ් විශ්වවිද්‍යාලය 
8.යේල් විශ්වවිද්‍යාලය 
9.චිකාගෝ විශ්වවිද්‍යාලය
10.කැලිෆෝනියා තාක්ෂණ විද්‍යායතනය
11.ප්‍රින්ස්ටන් විශ්වවිද්‍යාලය 
12.ස්වීඩන් සන්ධීය තාක්ෂණ විද්‍යායතනය 
13.පෙන්සිල්වේනියා විශ්වවිද්‍යාලය
14.කොලොම්බියා විශ්වවිද්‍යාලය
15.කොනෙල් විශ්වවිද්‍යාලය

Friday, September 20, 2013

මව විවාහ කරගත් පුතා

මේ ලෝකය පුදුම ලෝකයක්, මේ වගේ ලෝකයක ඉපදිච්ච කරුමයටම ජීවත් වෙනවා හැරෙන්න වෙන කරන්න දෙයකුත් නෑ. දැන් දැන් මේ ඇහෙන්න දකින්න ලැබෙන දේවල් වලට අන්ධයෙක් බිහිරෙක් වෙලා මේ ලෝකයට ඉපදුනා නම් හොඳයි කියලා හිතන වාර ගණන් ඔබටත් මටත් අපමණ ඇති.

ඔබ බලනවා ඇති මන් මේ මොකක් කියන්නද මුලාරම්භය ගන්නේ කියලා.. සමහර විට ඔබට මෙය අලුත් දෙයක් නොවන්නත් පුළුවන් සමහර විට ඔබ මේ වගේ දේවල් අහන්න ලැබෙයි කියලා හීනෙකින් වත් හිතන්නේ නැතුව ඇති.

මේ පුවත නම් වාර්තා වුනේ සිම්බාබ්වෙන්. ඒ තමයි අවුරුදු 40 ක්වන මවක් තම කුසින් බිහිවුන තමා ආදරයෙන් රැකබලා පෝෂණය කර හදා වඩා ගත් තම 23 හැවිරිදි පුතුණුවන් හා විවාහ වීමට සූදානම් වීමයි. ඔබට හිතෙනවා ඇති මේ මොන අහස පොළොව නුහුලන කතාවක්ද කියලා.

මේ කතාවට පාදක වන අවුරුදු 23 පුතා, පුරා අවුරුදු 20 ක් තුලදී ලැබූ මව් සෙනෙහසට තිත තබා තම මව ප්‍රේම වන්තිය කරගෙන දැන්අවුරුදු 3ක කාළයක් වෙනවා. ඒ නිසා මේ අසම්මත ප්‍රේමයේ ඊළඟ පියවර සටහන් කරන්න මේ මව් ප්‍රේමවන්තිය හා පුත් ප්‍රේම වන්තයා මේ දවස් වල සූදානම් වෙනවා ඒ විවාහයයි. මේ වෙන කොට මේ අවුරුදු 40 ප්‍රේම වන්තිය මාස 6ක ගැබිණියක්. එක් පැත්තකින් මේ ප්‍රේමයෙන් ඉපදෙන දරුවා තම දරුවාගේ පුතුණුවන් වන නිසා මේ ඉපදෙන්නේ ඒ මිත්තණියගේ මුනුබුරයි.

තමාව මේ ලෝකයට බිහිකරවන කාන්තාවට මව කියා ආමන්ත්‍රණය කරනවාද නැත්නම් මිත්තණිය කියා ආමන්ත්‍රණය කරනවාද යන්න ඒ දරුවට උත්පත්තියේදීම ඇතිවන ගැටළුවක්.

Wednesday, September 18, 2013

රුපියල් දහසේ නෝට්ටුවේ කතා පුවත

මොණර කොලය නමින් හඳුන්වන රුපියල් දහසේ නෝට්ටුවේ ඉදිරිපස මුද්‍රණය කර ඇති හස්ති රාජයා සහ ඒ අසලින් හිස් වැස්මක් පැලඳ සිටින මිනිසා පිළිබඳව අපූර්ව වු කතා පුවතක් ගෙතී ඇති බව ඔබ දැන සිටියාද? එහි සිටින ඇතා සහ එම හිස් වැස්මක් පැලඳ සිටින මිනිසා යන දෙදෙනාම නැගෙනහිර පලාතේ බව සහ එම මිනිසා මුස්ලිම් ජාතිකයෙක් බව ඔබ දැන සිටියාද?

ඔහු නමින් උමර් ලෙබ්බේ පනික්කාර් වන අතර ඔහු මඩකලපු දිස්ත්‍රික්කයේ එරාවුර් ප්‍රදේශයේ පදිංචි කරුවෙකි. 1925 දී මොහු විසින් මෙම හස්ති රාජයාව අල්ලා ගනු ලැබූ අතර පසුව ඔහු විසින් ඌව හීලෑ කර ඇත. පසු කලෙක ඔහු මෙම ඇතා‍ව මහනුවර දලදා මාලිගාවට පරිත්‍යාග කරනු ලැබීය.

ශ්‍රී දලදා මාලිගාවේ ඇත් පන්තියට එක්වු මේ හස්ති රාජයා “රාජා” නමින් නම් කළ අතර දළදා කරඬුව වැඩම වීමේ මංගල හස්ති රාජයකු සතු විය යුතු සියළු සුදුසුකම් සපුරා තිබිණි. ඉතා හොඳින් වැඩුනු සිරුරක් හිමි මේ සත්ත්වයා හිස ඔසවා තේජාන්විත ගමන් විලාසයක් ඇත්තෙකි. මංගල හස්තියෙකුගේ අංග හතක් පොලොවේ ස්පර්ශ විය යුතුය යන්න පිළිගැනීමයි.

රාජාගේ හොඬය, පාද හතර, වල්ගය සහ ලිංගය බිම ස්පර්ශ වේ. පිට පැතලි ස්වභාවයක් ගනී. තම ඇත් ගොව්වාට අතිශය කීකරු මේ හස්තියා තීක්ෂණ බුද්ධියකින්ද යුතු බව දළදා මාලිගාවේ සැමට අවබෝධ වන්නට වැඩි කලක් ගියේ නැත.

1938 දී කරඬුව ගෙන යන ඇතාගේ පරිවාර හස්තියෙකු ලෙස පෙරහරේ ගමන් ඇරඹු රාජා වැඩි කලක් නොගොස් දළදා කරඬුව වැඩම වීමේ භාරදූර කර්තව්‍යයට උරුමකම් කීවේය. මිය යනතුරු අඩ සියවසකට ආසන්න කාලයක් දළදා කරඬුව වැඩමවු රාජා හස්තියා මෙරට ජනතාවගේ පමණක් නොව සමස්ථ ලෝක ප්‍රජාවගේ ගෞරවාදරයට පාත්‍ර වෙද්දී1986 අගෝස්තු විසිවැනි දින ජාතික වස්තුවක් ලෙස ප්‍රකාශයට පත් කරන්නට එවකට පැවති රජය කටයුතු කළේය.

කෙමෙන් කෙමෙන් වයෝවෘද්ධව 65 වැනි වියට පා තබා සිටි රාජා 1987 ජනවාරි මස 01 වැනිදා සිදුවු රිය අනතුරකින් ඔත්පල වුයේය. ක්‍රමයෙන් පිටුපස පණ නැතිවීමේ අවධානමකට ලක්වු මේ හස්ති රාජයා දියවඩන නිලමේ වරයාගේ නිල නිවස අසළ සැකසුණු මණ්ඩපයක ප්‍රථිකාර ලබමින් සිටියදී 1988 ජූලි මස 16 වැනි දින පෙරවරු 10.16 ට මෙලොව හැර ගියේය.

මෙරට ජනතාවගේ පමණක් නොව සමස්ථ ‍ලෝග ප්‍රජාවගේ ගෞරවාදරයට පාත්‍රවු රාජා හස්ති රාජයා දළදා මාලිගාවට පරිත්‍යාග කළ උමාර් ලෙබ්බේ පනික්කාර්ට ගෞරවයක් වශයෙන් ඔහුව රුපියලා 1000 නොට්ටුවේ රාජාගේ සමීපයෙන් මුද්‍රණය කිරීමට තීරණය කරන ලදී.

(Internet)

Tuesday, September 17, 2013

Read between the lines: Madras Cafe

There are difficulties in making a political thriller based on true incidents from history. Movies like 'Hidden Agenda' (1990), 'Death of a President' (2006), 'The Ghost Writer' (2010), 'Raajneeti' (2010) and 'Shanghai' (2012) have faced such issues. Matters become more difficult if the movie addresses a delicate and complex situation which is still a topic of concern. John Abraham's ambitious production, Shoojit Sircar's 'Madras Cafe' has taken on and triumphed most of these challenges.

A deeper conspiracy

Abraham takes on the role of Major Vikram Singh, an Indian RAW (Research and Analysis Wing) agent who is put in charge of all the covert operations in the North of Sri Lanka. His mission is to gather all the Tamil militant groups, convince them to give up arms and compete in the North East provincial council elections.

The situation turns sour when Anna Bhaskaran, commander of the LTF (Liberation of Tamils Front), refuses to comply and is willing to militarily confront the Indian forces. A chance meeting with journalist Jaya Sahni changes the course of Singh's life. The story unfolds as their quest for the truth reveals a deeper conspiracy. Singh faces the horrors of personal loss and gets the opportunity to spearhead a mission to prevent a crime which would bring great tragedy to his nation.

Though nearly half of the incidents in the movie take place in Sri Lanka, the viewpoint and actions of the Sinhalese have been cut off from the story. It mainly focuses on the tug of war taking place between the rebels and the Indian authorities and follows in a style similar to what Ben Affleck dealt in his Oscar winning 'Argo', but with a more lethargic pace.

Monday, September 16, 2013

යාල් දේවි වසර 23කට පසු කිළිනොච්චි යයි


තිස්‌ වසරක්‌ පුරා මහ වෙඩි හඬට 
බියේ 
ඇස්‌ ඇර නොබැලුවත් ලෙන්ගතු ගතිය 
තියේ
පෙම්බර යාල් දේවිය නම් යකඩ 
ලියේ
සුන්දර හැඟුම් දෙපසට ගෙනියන්න 
ප්‍රියේ 

Freebirthing: is giving birth without medical support safe ?

With independent midwives being outlawed next month, many expect a rise in women giving birth at home without medical help. But does ‘freebirthing’ result in happy, intervention-free labours? Or is it a dangerous practice that risks babies’ lives?

Sarah Currie is just days away from giving birth, so when we meet our conversation turns, naturally enough, to the delivery. She is planning a home birth; we talk about where it might take place (she thinks the sitting room), about pain relief (she’s going to walk around) and how long the labour might last. One thing we don’t talk about is the midwife, because there won’t be one. Currie, 27, decided a few weeks ago that she wanted to have her child without medical assistance.

If that sounds mad, bad or dangerous (or perhaps all three), then hear her out. Two years ago, Sarah, who lives in Peterborough, gave birth to a daughter called Anabella-Grace (her older children are Jack, seven, and Eleanor, three).

Saturday, September 14, 2013

අහස වගේ ආදරයක්

“ඒවා ඒ ආකාරයි. මේවා මේ ආකාරයි. මිනිසුන් පුදුමාකාරයි, ලෝකය ගෝලාකාරයි.”

‍මේ මීට කාලෙකට ඉස්සර කොහේදි හෝ මට මුණ ගැසුණු කුරුටු කවියක්. එදා ඒ කවිය කියවලා හිනා වුණාට මේ මොහොත වන විට මට පුළුවන් ඒ කවිය සරල වචන දෙකකට සංස්කරණය කරන්න. “ලෝකය පුදුමාකාරයි...” අපි මේ ලෝකෙට එනවා. ඊට පස්සෙ ජීවිතය කියන නාම පදය ඇතුළෙ ක්‍රියාපද සහසකට අර්ථකථන දෙනවා. අවුරුදු 60 ක්, 70 ක්, 80 ක් මේ විදිහට ජීවත් වෙලා ආපහු යන්න යනවා. සමහරු කියනවා ආපහු එන්නෙ නැහැ කියලා. තවත් කෙනෙක් කියනවා ගියාට අපි ආපහු එනවා කියලා.

ලෝකය කියන්නෙ අපි කාගේත් තාවකාලික නැවතුම් පොළක්. දැනට ගණන් බලලා තියෙන විදිහට මේ ලෝකේ බිලියන හතක් ඉක්මවූ ජන සංඛ්‍යාවක් ජීවත් වෙනවා. දිනිතියට දරන්නත් බැරි තරමට පුංචි පුංචි මිනිස්සු බොහෝ වෙලා ලෝකයේ හතර අතට කරණම් ගහනවා.

Monday, September 09, 2013

නැතුව ඉන්නට බැහැ ඔයා...

හමුවනා නෙත් දහක් අතරින්...
ඔබේ දෑසම සොයා ඇවිදින්..
ඔබට මෙතරම් ලංව ඉන්නෙ...
නොලැබෙනා බව දැන දැනයි....

අයාලේ ගිය හීන අතරෙ...
ගොඩ ගසා මහ වේදනා...
මමම විතරද පෙම් කරන්නෙ..
ආත්මය පරදුව තියා...
ඔබව හිමිවේනම් ඔයා අදහන්නම්...
ආදරෙයි මං රත්තරනෙ දැන්...
නැතුව ඉන්නට බැහැ ඔයා...

හමුවනා නෙත් දහක් ........

තෙතමනෙ ඇති පපුව ගැඹුරෙ..
උනනවා පෙම් දිවිතුරා...
අද ඉදන්වත් ඉමුද සෙනෙහෙන්...
පුංචි වෙනසක්වත් එපා...
ඔබව හිමිවේනම් ඔයා අදහන්නම්...
ආදරෙයි මං රත්තරනෙ දැන්...
නැතුව ඉන්නට බැහැ ඔයා...

Reading to infants and toddlers, a joyful experience

If you are a young parent having an infant or toddler, have you ever wondered if it is worth the effort to read to your child? The reading of picture books with your toddler is one of the most important and enjoyable ways of spending time together. The combination of pictures and words is a close relationship, which echoes the relationship between parent and child.

With a picture book the child looks at the pictures while the adult reads the text. This leads to surprising and stimulating shared conversations between the two, as text and pictures are explored and pored over. In the best picture books there is often a mysterious gap between the pictures and the words, a gap that is filled by the child’s imagination More and more researchers are learning that reading to infants and toddlers can be very beneficial. Sharing books and other reading materials with toddlers at a young age can establish a strong foundation for later literacy skills.

Here is a real-life experience. Suchitra, a one year old, is sitting in his mother’s lap looking at a favourite board book. As the page turns to a picture of a fire engine, his face lights up and he laughs with delight as his mother imitates a siren. He reaches for the book and turns the page himself to see the next vehicle, a police car. As he looks at the picture his mother shows him a toy police car and says, “Look, Suchitra! We have a car like that.” Together the mother and child begin to push the police car across the floor, making engine noises.

Wednesday, September 04, 2013

පිළිකා සාදවා මිනී මරන මඟක්‌

- වෛද්‍ය වසන්ත දිසානායක හෙළි කරයි

අතට අත දී... සිප වැළඳගෙන පිළිගැනීම භයානකයි

ඇමෙරිකානු විරෝධී රාජ්‍ය නායකයන්ට සූක්‍ෂ්ම අන්දමින් පිළිකා රෝගය වැළඳවීමේ අති බියකරු තත්ත්වයක්‌ උදාවී ඇති බව මහරගම පිළිකා රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ විශේෂඥ වෛද්‍ය වසන්ත දිසානායක මහතා "දිවයින" ට අනාවරණය කරයි.

මේ තත්ත්වය මත මෙරට රාජ්‍ය නායකයන් සහ ප්‍රභූන් ඇමෙරිකාවට හෝ වෙනත් විදේශ රටකට හෝ යැමේදී පිළිකා කාරක ශරීරගත නොවන ලෙස ඉන් වැළැක්‌වීමේ ප්‍රවේශම්කාරී ක්‍රියාපිළිවෙතක්‌ අනිවාර්යයෙන්ම අනුගමනය කළ යුතු බව ද ඒ මහතා අවධාරණය කළේය.

"දිවයින" සමඟ ඊයේ (3 දා) පැවති විශේෂ සාකච්ඡාවකට එක්‌වෙමින් මේ බව අනාවරණය කළ වෛද්‍ය වසන්ත දිසානායක මහතා රාජ්‍ය නායකයෙක්‌ හෝ වෙනත් ප්‍රභූවරයෙක්‌ විදේශගත වූ විට එම විදේශ රටේ කෙරෙන පිළිගැනීම්වලදී පිළිකා කාරක ශරීරගත කළ හැකි බව පැවසීය.

අමුත්තකු පිළිගැනීමේදී සිප වැළඳගැනීම, අතට අත දීම වැනි අවස්‌ථාවලදී මෙය පහසුවෙන්ම ශරීරගත කළ හැකි බව ද හෙතෙම අනාවරණය කළේය.

එමෙන්ම ගමන් බිමන් යැමේදී හා නවාතැන් ගන්නා ස්‌ථානවලදී පවා මෙම පිළිකා කාරක බැක්‌ටීරියා හෝ වෛරස්‌ ශරීරගත කළ හැකි බව පවසන ඒ මහතා අත්වැසුම් පැළඳීමෙන් හා කල්පනාකාරී ආරක්‍ෂක ක්‍රමවේද භාවිතයෙන් ඉන් වැළකී සිටිය හැකි බවත් පෙන්වා දුන්නේය.

ඇමරිකාව හා වෙනත් ඕනෑම රටකදී තමන්ට අවශ්‍ය පුද්ගලයකුට පිළිකා වෛරසයක්‌ ශරීරගත කළ හැකි බවත් එම පිළිකා කාරක වාහක පුද්ගලයා නිරතුරුවම තමන්ට එය ශරීරගත නොවීම සඳහා ප්‍රතිශක්‌තිකරණයක්‌ ලබා සිටිය යුතු බවත් වෛද්‍ය වසන්ත දිසානායක මහතා පවසයි.

පසුගිය කාලයේදී ඇමෙරිකාවට විරුද්ධව හඬ නැගූ ඇතැම් රාජ්‍ය නායකයන් හා ප්‍රසිද්ධ පුද්ගලයන් පිළිකා රෝගයෙන් මියගොස්‌ ඇත්තේ මේ ක්‍රමයෙන් විය හැකි යෑයි ද ඔහු වැඩිදුරටත් පැවසීය.

පියසේන දිසානායක සහ ජානක ලියනආරච්චි
ඡායාරූපය - සමන් අබේසිරිවර්ධන
Courtesy by Divaina

Monday, September 02, 2013

තරහා නෑ

නුඹ දන්නෙ නැති වුණාට, නුඹට නොපෙනුණාට, නුඹ කවදාවත් තේරුම් ගත්තෙත් නැතිවුණාට මම හැමදාම මේ පාළු කුටියෙ ඉඳල නුඹ දිහාම බලන් හිටියා. මගෙ නොනිඳි යහනට වෙලා නුඹ ගැනම හිත හිතා හිටියා.

තත්පර, විනාඩි, පැය, දින, සති, මාස, අවුරුදුවලින් කාලය ගෙවිල යද්දිත්, මම ආදරේ කළේ නුඹටමයි. දවසින් දවසට වෙනස් වෙවි නුඹ හිනැහෙද්දී, ඒ වෙනස්කම් දැක දැකත් මට වෙනස් වෙන්න බැරිවුණා. මට ඕනෙ වුණේ කවදහරි නුඹ මගේම කරගන්න. හැම තරු දෑසක්ම මට හිනැහෙද්දී මම මගේම හීනෙක අතරමං වුණා, තනි වුණා. ඒත් කවදාවත් නුඹ මගෙ ළඟට ආවෙ නෑ. අඩුම ගණනේ එන්න හිතුවෙවත් නෑ.

මගෙ ඇස්වලින් මොනතරම් කඳුළු ගලාගෙන ගියත්, නුඹව දිනාගන්න ඒ කඳුළුවලට බැරිවුණා. ආයාසයෙන් නුඹ සමඟ මොනතරම් හිනැහුණත්, මගේ දෙතොලට සැබෑ සිනහවක් දෙන්න නුඹටත් බැරිවුණා.

හැම මොහොතක්ම නුඹ වෙනුවෙන් ජීවත්වුණු මගේ සෙනෙහස නුඹට කරදරයක්ම බව වැටහුණු වේලාවෙ, ඇත්තටම මම හරියට අසරණ වුණා. රත්වුණු ඊයම් බරු හදවත පතුල කිඳා බැස්සා වගේ නුඹේ රිදවන වදන්වලින් මගේ හදවත ටිකෙන් ටික මියැදුණා.

මුළු ලෝකයම සමඟ සතුට බෙදාගෙන හිටිය නුඹට මගේ දුක පෙනුණේ නෑ. ඒත් තවත් උහුලගෙන ඉන්න මටත් බෑ. නුඹේ ළ'බැඳි සිත් වටකර ගෙන නුඹ සතුටින්. ඒ නුඹ ආදරය කරන්නන් ඒත් නුඹට විතරක්ම ආදරය කරන මම අදටත් ඉන්නෙ හරිම ඈතින්...

මම නුඹට මොන තරම් ආදරය කළත්, නුඹේ වදනින්ම පැවසුව විදිහට “නුඹට කරදරයක්” වෙන්න මට බැහැ. මම යන්න අවසර ඉල්ලන්නේ ඒ නිසා. තුන් හිතකින්වත්, වෙනත් ආලෝකයක් සොයාගෙන නෙමේ.

ආලෝකය බිංදුවක් වත් නැති ගන අඳුරකට ගුලි වෙන්න, යළි කවදාවත්ම අවදි නොවන නින්දට යන්න මට කාලය ඇවිත්. මෙතුවක් කාලයක් මාව මරණයෙන් වෙන් කරලා ජීවිතයට බැඳ තිබු එකම බලාපොරොත්තුව නුඹ. ඒත්... නුඹ මට අහිමියි. ඒ සත්‍යය මම ස්ථිරවම තේරුම් අරගෙන ඉවරයි.

ඉතින් මම වෙන් වී යා යුතුමයි. මම නිදන සොහොන් බිමටවත්, එකම එක ආදරයේ, සඳ කිරණක් නුඹ එවනවනම් නුඹට පින්...

මතක තියාගන්න, සමහරු අනෙක් අයගේ ජීවිතවලට ළංවෙන්නේ ඒ අයට තියෙන ආදරේටම නෙමේ. ඒ වගේම තවත් කෙනෙක් අනෙක් අයගේ ජීවිතවලින් ඈත්වෙන්නෙ ඒ අයත් එක්ක තියෙන අනාදරයටත් නෙමේ. මට ආදරේ නොකළට මං තරහ නෑ...

උගත්කම මනින ඉහළම සහතික තිබුණත් ප්‍රායෝගික ජීවිතය අවුලක් නම් ඇති වැඩේ මොකක්ද?

එක භෞතික විද්‍යා ප්‍රශ්න පත්‍රයක මෙහෙම ප්‍රශ්නයක් තිබුණලු. 
“බැරෝ මීටරයක ආධාරයෙන් ගොඩනැගිල්ලක උස ගණනය කළ හැක්කෙ කෙසේද?” 
එක සිසුවෙක් මෙහෙම පිළිතුරු ලියලා “බැරෝ මීටරය ගොඩනැගිල්ල උඩට රැගෙන ගොස් දිග ලණුවකට බැඳ එය ‍පොළොව මට්ටම දක්වා පහත් කරන්න. ඉන්පසු ලනුවේ දිග මැනීමෙන් ගොඩනැගිල්‍ලේ උස මැනගත හැක. 
උත්තර පත්තර බලන ගුරුවරයට තරහ ගිහින් ඒ ලියපු ශිෂ්‍යයාව කාර්යාලයට ගෙන්නුවලු. 
“ඇයි මෙහෙම මෝඩ උත්තරයක් ලිව්වෙ? ඕන මෝඩයෙකුට ඒ විදිහට බිල්ඩිමක උස මනින්න පුළුවන්. තව එක චාන්ස් එකක් දෙන්නං මට නිසි පිළිතුරක් ඕන. නැත්නම් ලකුණු බින්දුවයි.” 
“ඒ වුණාට උත්තරේ හරිනෙ සර්” 
“හරි වුණාට ඒක ‍ලේසි උත්තරයක්. 
මට භෞතික විද්‍යා උත්තරයක් ඕන.” 
“බිල්ඩිමක උස මනින ක්‍රම කීපයක්ම තියනවා. 
මම ඕන නං ඒව සේරම කියන්නං” එහෙම කියලා ඒ සිසුවා දිගටම මෙහෙම කියාගෙන ගියාලු. 
“බැරෝ මීටරය ගොඩනැගිල්ලෙ උඩට අරගන ගිහින් වහලෙ කෙළවර ඉඳල ස්ටොප් වොච් එකකින් වෙලාව බලාගෙන ඒක අත අරින්න. ඒක ‍පොළොවට වැටෙන්න ගිය කාලය හරියටම මැනගෙන මේ සූත්‍රය ආදේශ කරන්න” කියලා භෞතික විද්‍යා සමීකරණයක් සඳහන් කළාලු. 
ඒ සමීකරණය නිවැරදි නිසා සම්පූර්ණ ලකුණු ඔහුට දීල අර පරීක්ෂකවරයා. 
“තව ක්‍රම තියනවා කිව්වෙ මොනවාද ඒ?” පරීක්ෂකවරයා නිකමට වගේ ඇහුවලු. අර සිසුවා මේ විදිහට කියාගෙන ගියාලු. 

බොරු රඟපෑම්වලට වැඩි ආයුෂක් නැහැ

සුරංග නිතරම හිතන්නෙ ක්‍රියා කරන්නෙ තමන් අන් සැමටම වැඩිය දක්ෂයෙකු ලෙසටයි. දන්නා කියන අයකු ලෙසටයි. කවුරුවත් තමන්ට ඉහළින් යනවාට ඔහු කැමති වුණේ නැහැ. 
ලෝකයේ සැමවිට සැම දෙයම දන්න අය ඉන්න බැහැ. “ලොවින් එකෙක් එක් දෙයකට වෙයි සමත” කියලා විද්වත් කියමනක් තිබෙනවානේ. එහෙම නම් තමන් සෑම දෙයම දන්නවාය කියලා සුරංග හිතන එක වැරදියි. බොහෝ දේ දැනගත්තත් නොදන්නා දේත් තියෙන්න පුළුවන් බව අමතක කළ යුතු නැහැ. තමන් බොහොම දේ දන්නවා යැයි සිතන සුරංග තමා සමග ඇසුරු කරන අවශේෂයන් තමන්ට සම නොවෙන බවට පූර්ව නිගමනයකට පත්වෙලා සිටිනවා. ඒ නිසා ඔහු නිතරම සෙසු අය පහළට දමා කතා කිරීමටත් පෙලා තලා හැසිරීමටත් පුරුදු වෙලා සිටිනවා. 
ඒ නිසා වැඩි දෙනා ඔහුට කැමති නැහැ. 
“එයා මහ අහංකාර මිනිහා” 
“එයාගෙ ඔළුව වැඩියි.” 
“උද්දච්චකමටයි වැඩ.” 
මේ ආදී වශයෙන් නුගුණම කියන්නට පටන් ගනිවි. ඔවුන් කවදාවත් සමාජශීලී වෙන්නේ නැහැ. තමන් අනුන්ට වඩා ඉහළය කියලා සිතලා තනිවම ඉන්නයි ඔවුන් උත්සාහ කරන්නේ. අන් අය සමග කිට්ටුවෙන් ඇසුරු කරන්න ගියහොත් එය තමාගේ තත්ත්වයට මදියැයි ඔහු හිතන්න පුළුවන්. 
මෙහෙම අයට කියන්නේ අතිමාන පුද්ගලයන් කියලා. මානයේ කොටස් දෙකක් තිබෙනවා, හීනමාන අතිමාන වශයෙන්. හීනමාන කියන්නේ තමුන් අන් අයට වඩා පහළයි කියලා සිතන එක. තමා ඇතැම් විට අන් අයට වඩා ඉහළ හෝ ඔවුන් සමග සම මට්ටමේ ඉන්නට පුළුවන්. එහෙත් හීනමානය ඇති අය හිතන්නේ තමන් අන් අයට වඩා නිතරම පහළය කියලයි. එහෙම සිතා පහළ අයකු ලෙස හැසිරෙනවා. 

September is the Literacy Month: Reversing the declining reading habit

If one cannot enjoy reading a book over and over again, there is no use in reading it at all. 
- Oscar Wilde

Three people sit in a doctor’s waiting room. One stares at the television that rests on an end table, the second fiddles with a hand-held smart-phone; the head of the third is wrapped in earphones.

A couple of children, waiting for bedtime, lie on the floor of a brightly painted room, busily manipulating the controls of a video game.

Two hundred Sri Lankans sit in an airplane awaiting take-off from Colombo. Some have earphones listening to music, some doze, most stare up at a small movie screen.

What is missing from these pictures, and increasingly from our lives, is the activity through which most of us learned much of what we know of the wider world.

What’s missing is the force that, according to a growing consensus of historians, established our patterns of thought and, in an important sense, made our great civilisation.

Ironically, but not coincidentally, reading has begun fading from our culture at the very moment that its importance to that culture is finally being established.