තනියම හබල් ගහගෙන ඔරුව පැදගෙන යද්දි
ඔයා ගොඩබිමට වෙලා ඒ දිහා බලන් හිටිය.
මම හිතුවෙ කවද හරි ඔයත් මගෙ පස්සෙන් ඒවි කියල.
ඒත් පේන තෙක් මානයක ගොඩබිමක් නැති
මහ මුහුද මැදට ගිහින් ආපහු හැරිල බලද්දි තමා දැක්කේ
ඔයා මගේ පස්සෙන් ඇවිත් නෑ කියල.
එතකොටම මම දැක්ක මෑත ක්ෂිතිජයෙ මල් වෙඩිල්ලක් පත්තු වෙනව.
මම තිගැස්සුනා. මගේ අතේ තිබුන හබල ගැඹුරක් නොපෙනෙන මහ මුහුදට වැටුන.
ඒක තමා ඔයාගෙ සංඥාව ඔයා කවදාවත්ම මගෙත් එක්ක එන්නෙ නෑ කියල.
දැන් මම ඈත මෑත කිසිම තැනක ගොඩබිමක් නොපෙනෙන මහ මුහුද මැද තනි වෙලා.
මෙගොඩට එන්නත් බෑ.
මට දැනුනෙ මම වැල්ලෙ හදපු මාලිගා ඔක්කොම ලොකු රළක් ඇවිත් කඩාගෙන ගියා වගේ.
මට ආයෙම රළ නොයෙන දුරක වැලි මාලිගා හදන්න හයියක් නෑ.
මම දැන් හරි අසරණයි.
මම ප්‍රාර්ථනා කරන්නෙ කවදාවත්ම ඔයා මේ වගේ අසරණ නොවේවා කියලයි.
මම තාමත් ඔයාට ආදරෙයි..........