හන්තානට පායන හඳේ ලස්සන බලන්න මම දැන් නුවර නෑ….මට දැන් පේරාදෙනිය සරසවිය හරිම ගොඩාක් ඈතයි…
කවම කවදාවත් එන්ඩ බැරි වෙන තරමටම ඈතයි….
ඔයාට මතකද ඉස්සර අපි ගලහ හන්දියේ ඉදන් සරසවි මාවතේ ඇවිදන් ගිය හැටි….රෝස පාට රොබරෝසියා මල් වැටිලා හරිම ලස්සනයි…වටේට තිබ්බ ඇහැල ගස් වල මල් පොකුරු අතරින් ඉර එළිය වැටුන අපූරුව….මතකද…..!!!
කොච්චර නම් ආනන්දණීය අතීතයක් ද…!!!
ඉස්සර වලේ තියෙන රොබ රෝසියා ගහට හේත්තු වෙලා අපි කොච්චර නම් කාලයක් ගෙවා දමන්ඩ ඇතිද..ඒ කාලේ පිපුන මල් වලට වඩා මම ආසා කලේ ඔයාගේ මූණ දිහා බලාගෙන ඉන්න..ඒ කාලේ සමනලුන් කොච්චර හිටියත් මගේ හිත ගියේම ඔයාගේ දඟකාර ගැස්සේන කෙහෙරැලි වලට…
තාමත් මගේ හිතේ ඇති එකම ආනන්දනීය හැඟීම ඒ අපේ සුන්දර ප්‍රේමණිය අතීතය පමණයි…
අපි දෙන්නා දැන් හරිම දුරයි…දුරස්ථ ආදරයකදි අපි දෙන්නට දෙන්න හමුවෙන්නේ නැති දකින්නැති එක මට කොච්චර නුහුරු උනත් ඒ දේ සිද්ධ වෙන්නේ ඒ ආකාරයට වීම මහා පුදුමයක්..තවමත් මගේ හිතේ ඇති එකම ආදරය ඔයා විතරක් ම උනත් අපි දැන ගොඩාක් වෙනස් පාරවල් දෙකක දෙපැත්තට යන දෙන්නෙක්
ඉස්සර අපි හවසට එන හැම දාම මහ නුවරට මහවැස්ස. තාමත් මහනුවර සීතල කරකර ඒ වැහි වැටෙනවා ඇති.!!
ඉස්සර මහ වැස්සේ සීතල අපි දෙන්නා ගුලි වෙවී එන අපූරුව..!!! අද ඔයා මහ වැස්සේ තනියට ඔයාට ලැබුන අලුත් ආදරෙට ගුලිවෙලා යන අපූරුව!!!
ඒ උණුහුම මට නැතත් ඔයා හරි විදිනවානේ…මට ඒක ලොකු සතුටක්…
එදා අපි දෙන්නට වගේ දෙන්නටම තනිවෙන්න තැන් ලැබේවි… ඒ අවස්ථාව මඟඅරින්න එපා, මගෙන් නොලැබෙන දේ ලැබෙනවා නම්… මා ගැන මතකය හිතෙන් අමතක කරල දාන්න. අලුත් ජීවිතයක් ආරම්භ කරන්න… දුක්විඳිනවාට වඩා සතුටට, නිවීමට පත්වෙන්න. ඒකයි වැදගත්.
කාලය නමැති මහවැලි ගඟ මාවත් ඇදගෙන ගහගෙන යාවි….මහවැලි ගඟ කවදාවත් නොගල ඉන්නේ නෑ….කවදා හරි දවසක අපි ඔක්කොම එකම මහමුදේ හමුවෙයි…එදාට අපි සවුදිය පුරමු…එතකන් මාව අර පේන මහවැලි ගඟට විසි කරන්න..
මම
ඔයාගේ පලමු ආදරය
හන්තානට පායන හඳ ලස්සනයිද කියන්න…
මා නොදකින ඒ පුර හඳ ඔබට හැකිය දකින්න…
අඳුරු ගලා වහිනා කල සරසවි බිම තෙමෙන්න…
අඳුරු ගලා වහිනා කල සරසවි බිම තෙමෙන්න…
කුඩේ යටින් ඔබ යන කල… එපා තනිය දැනෙන්න…
ලතා මඩුලු අත වනාවි එපා අහක බලන්න…
ලතා මඩුලු අත වනාවි එපා අහක බලන්න…
මා ගැන මතකය ගුලි කර මහවැලියට දමන්න…
හන්තානට පායන හඳ ලස්සනයිද කියන්න…
මා නොදකින ඒ පුර හඳ ඔබට හැකිය දකින්න…
ගායනය – අමරසිරි පීරිස්
පද රචනය – ධම්මික බණ්ඩාර
සංගීතය – විශාරද ඩෙනිස්ටර් පෙරේරා