එයාගෙ ගෙදර තියෙන බර කාවුන්ස්වික්වලට ඉස්සරහින් හැරෙන්න තියෙනව. අධිවේගී පාරෙන් පිට රවුම් පාරට ඇතුළු වෙන්න වළල්ලක් වගේ රවුමට තියෙන පාරෙන් කැරකි කැරකි වංගු අරන් එළියට එනව. එතැන පාරට ඉහළින් අහස උසට තියෙන විශාල චිතරපාරපට තිරයක් විතර විශාල කළු පාට ඩිජිටල් තිරයෙ ගිනි කන කහ පාට විශාල හතරැුස් අකුරින් දිගට හරහට එක එක දැන්වීම් වැටිල නිමිල පත්තු වෙනව.
''අවවාදයයි - මෙල්බර්න් ජල සීමා කිරීම් දෙවැනි අදියර පැමිණ තිබේ”''අවවාදයයි - මෙල්බර්න් ජල සීමා කිරීම් දෙවැනි අදියර පැමිණ තිබේ” එකම දැන්වීම නිවි නිවි ආයෙ ආයෙත් පත්තු වෙනවා.
''යාරා ගංගාවේ වතුර තවම වැඩිවෙලා නැතුව ඇති” කියල ජොන්සන් හිතනකොට කාර් එක පිට රවුම් පාරෙන් එළියට ඇවිත් එලිසබත් පාරට ඇතුළු වෙලත් ඉවරයි. අහසෙන් එල්ලෙන සිග්නල් ලයිට් පේළි පේළි පහුකරගෙන Duවිලි පොදක් නැති පාරෙ කාර් එක හෙමිට ඇදෙනව. වම් පැත්තෙත් දකුණු පැත්තෙත් කොන්කීරුකරට් තීරුවට එහායින් ගාණට කපාපු නිල් පාට තණ බිස්ස. ඊට එහායින් පයින් ඇවිදින්න හදපු මැදපු ගඩොල් අල්ලපු වේදිකාව. ඊට එහායින් පාට පාට මිටි තාප්ප, ඊට එහායින් පාර දිහා බලාගෙන ඉන්න පාට පාට රෝස මල් යාය. ඊටත් එහායින් වික්ටෝරියා, කැනේඩියානු එක එක තාලෙට වහල මුදුන් කරපු ගෙවල් පේළි ගණන්. එක ගේකට දෙක දෙක ගානේ නවත්තල තියෙන පාට පාට කාර් පහුකරගෙන ජොන්සන්ගෙ කාර් එක යනව.
ඔහොම ගිහිං ගිහිං පාර කෙළවර දකුණු පැත්තෙ තියෙන කහ පාට ගේට්ටුවෙන් කාර් එක ඇතුල් කරල බියටිරිහ ස්ගෙ රතු පාට හොන්ඩා කාර් එකට කිට්ටු කරල නවත්තනව. කාර් එකෙන් බැහැල එයා ගේ ඇතුළට යනව. එළියෙ ගිම්හානෙ ගිනි පිටවෙන රස්නෙ හන්දා ගේ ඇතුළෙ එයා කන්ඩිෂන් දාලා සීතලයි. රතු පාට මල් මල් ගවුම ඇඳල දුවගෙන ආපු බියටිරඇත ස් ''හායි ඩාලිං” කියල ජොන්සන්ගෙ තොල් ඉඹල ආපහු පැන්ටිරපායට දුවනව. අවන් එකේ ”පයි” එකක් බේක් වෙනව. ඒක බටහිර කෑමක්. ජොන්සන් නිදන කාමරේ විශාල සුදු ඇඳ උඩ වාඩිවෙලා සපත්තු, මේස් ඊළ`ගට ටයි, ෂර්ට්, කලිසම් ගලෝල කාමරේ ඇතුළෙම තියෙන බාත් රූම් එකට යනව.
බාත් රූම් එකේ වතුර මල තියෙන වීදුරු කූඩුව ඇතුළට ගිහිං ඒකේ බිත්තියේ ගහල තියෙන පුංචි ඩිජිටල් තිරේ නොම්බර ඔබල වතුරෙ උෂ්ණත්වය හදාගන්නව. ඊළඟට එයා තුවාය ගලෝල එහායින් තියෙන ටවල් රැුක් එකේ වනල රිදී පාට කරාමෙ අරිනව. පිඟන් ගඩොල් බිත්තියේ කරාමෙ තරමට උඩින් පැතලියට තියෙන සබන් බන්දේසිය උඩ පුංචි කුප්පියක් විතර ඩම් බෙල් එකක් තියෙනව. ඒක මුනින් අත නමපු වයින් වීදුරුවක අඩිය ගලෝල එතනට ආයෙමත් අඩිය ගලෝපු වයින් වීදුරුවක උඩ කෑල්ල උඩින් හයි කරා වගේ පේන උඩින් පළල් මැදින් හීනි ආයෙමත් යටින් පළල් වීදුරු කාල මානයක්. උඩින් කට වහපු ඒකෙ ඇතුළේ දාලා තියෙන නිල් පාට වැලි හීනි වෙච්ච වීදුරු බටේ දිගේ ගිහින් යට කොටසට පිරෙනව. ආපහු යට පැත්ත උඩට හැරෙව්වම ආපහු උඩ ඉඳල යටට පිරෙනව. එක ගමනක් පිරෙන්න විනාඩි එකහමාරක් යනව. ආපහු සැරයක් හැරෙව්වාම ආපහු පිරෙන්න තව විනාඩි එකහමාරක් යනව. යාරා ගංගාවේ වතුර අඩුවේගෙන යනකොට මෙල්බර්න්වල ජීවත් වෙන හැමෝටම වතුර පාවිච්චිය සීමා කරන්න කියල ආණ්ඩුව අනතුරු අඟවනව. ජල සීමාව තුන්වැනි පියවරට එනකොට කෙනකුට ගෙදරක වතුර පාවිච්චි කරන්න නීතියෙන් අවසර තියෙන්නෙ දවසකට ලීටර් 150 ක් විතරයි. ඒ කියන්නේ නාන්න, මූණ හෝදන්න, කන්න බොන්න, වැසිකිළි යන්න, රෙදි සෝදන්න ඔක්කොම වැඩට එක්නෙකුට දවසකට වතුර බාල්දි 30 ක් විතරයි හම්බ වෙන්නෙ. ඒ කාලෙට මල් ගස්වලට උනත් වතුර දාන්න දෙන්නෙ දවසක් ඇර දවසක්. ඒකත් වතුර මලක් හයි කරපු කෑන් එකකින්. නාන කාමරේ සබන් බන්දේසිය උඩ තියෙන පුංචි ඩම් බෙල් එකත් නානකොට මැනල නාන්න කියල ආණ්ඩුවෙන් හැම ගෙදරකටම දීල තියෙන එකක්.
ජොන්සන් රිදීපාට කරාමෙ අරින ගමන් අනෙක් අතින් නාන වෙලාව මනින්න දීල තියෙන පුංචි ඩම් බෙල් එකත් ඔළුවෙන් හිටෙව්වා. වතුර මලේ ඉඳිකටු හිල්වලින් වතුර විදිනව. ඒ වේගෙටම කුප්පියෙ උඩ වීදුරුවෙ පිරිල තියෙන නිල් පාට වැලි හීන් බටේ දිගේ බේරිල උණුවතුරට ඇඟ රත් කරගෙන යන්න ඉඩ දීල දෑස් පියාගෙන ඉන්නව. ඒ අතරෙ එයා සැරින් සැරේ ඇස් ඇරල බෙල්ල හරෝල සබන් බන්දේසිය උඩ තියෙන කුප්පිය දිහාත් බලනව. ඒකෙ උඩ වීදුරුවේ නිල් වැලි අඩු වේගෙන යනව. ඇස් පියල ආයෙමත් ඇරල බලනකොට වැලි ටික ඔක්කොම පල්ලෙහාට පිරිල. ඒ කියන්නෙ විනාඩි එකහමාරක් ඉවරයි.
එයා විගහට කරාමෙ වහනව. ඊළඟට ෂැම්පු අල්ලට අරන් ඔළුවේ යන්තමට අතුල්ල ගන්නව. විගහට බොඩි වොෂ් බෝතලේ අල්ලට මිරිකල ඇඟපත උලාගන්නව. ආයෙමත් කරාමෙ ඇරල කුප්පිය මුණින් අත හරවනව. ආයෙමත් නිල් වැලි උඩ ඉඳන් පහළට එකතු වෙන්න ගන්නව. වතුර මලෙන් ඊතල වගේ වතුර විදිනව. ජොන්සන් මැෂිමක් වගේ අත් ඉහළට පහළට වටේට යව යව අතුල්ල අතුල්ල යටි බඩ පිට වතුරට හරෝ හරෝ කුප්පිය දිහා බල බල නානව. නිල් පාට වැලි යටට පිරිල උඩ හිස් වෙනව. විනාඩි එකහමාරක් ඉවරයි. ජොන්සන් හිත හදාගෙන කරාමෙ වහනව. විනාඩි තුනයි. එයා නාලා ඉවරයි. බියටිරක් ස් පයි එක මේසෙට ඇරල බලාගෙන ඉන්නව. ඉර අව්ව නැත්තටම නැතිවෙලා සීතල ? ඇවිත්. මල තෙමෙන්නවත් වතුර හම්බවෙන්නෙ නැති තණකොළත්, රෝස මලූත් ? පින්නෙන් තොල තෙමාගන්න හිත හදාගන්නව.
ඉන්දියානු මහද්වීපෙ පිහගෙන එන වේළිච්ච හුළඟ කඩාගෙන කොළඹට ඇතුළු වෙනව. ඒ හුළඟ පාර අයිනෙ වතුර කාණු හාරල ගොඩදාල තියෙන පස් ගොඩවල් අවුස්සගෙන ඒ duවිල්ලත් තැන තැන දාල තියෙන පොලිතින් කඩදාසි රොඩුත් එකට අනාගෙන උඩ නැගල ජනේල ඇරපු බස් එකේ ඇතුළට යනව. හුළඟ ඒකේ තෙරපිලා හිටගෙන ඉන්න නිමල්ගෙ කටෙනුත් නහයෙනුත් ඇතුළු වෙලා එයාගෙ ඇඟ ඇතුළෙම තැන්පත් වෙනව. තැන තැන කාක්කො අවුස්සපු අමු මාළු, මස් කුණු ගොඩවල් පිහගෙන එනකොට විතරක් නිමල් සාක්කුවෙන් ලේන්සුව අරන් නහයට තද කරගන්නව. බස් එක ගැස්සි ගැස්සී හෝන් ගගහා සද්දෙට යනව. මුඩුක්කු පේළි, අඳුරු පාට කඩ පේළි, පාට හේදිච්ච පෝස්ටර්, කටවුට්, කණුවල එල්ලෙන ලනු කැරලි, පොලිතින් රැුළි, කුඹුරු හෙම පහුකරගෙන බස් එක දිගටම දිගටම පැයක් විතර ගියාම එක තැනක එයා බහිනව.
එතන ඉඳල ගල් ගැලවිච්ච තාර පාර දිගේ පැය බාගයක් විතර පයින් ගිහාම තණකොළ දණට වැවිච්ච තැනකින් වමට හැරිල පල්ලමට යනව. එතන කෙළවර උණ බට ගේට්ටුවෙන් පැනල ගියාම ගෙදර. නන්දනී කුස්සියෙ උයනව. නිමල් ඇඳුම් ගලෝල සරම ඇඳන් තුවාය කරේ දාගෙන සබන් කැටේ ඇතුළෙ දාපු බාල්දිය හොලෝ හොලෝ වත්ත පහළ තියෙන වතුර උතුරන ළිඳට යනව. ළිඳේ වතුර නිල්ම නිල් පාටට තැන්පත් වෙලා තියෙනව. උතුරන වතුර ගල් අස්සෙන් බේරිල ගිහිං වෙල දිහාවට යන්න යනව. එයා ඇඳන් ඉන්න ඇඳුම් ගලෝල ගැට්ට උඩින් තියල සීරුවට ගල් උඩින් අඩි තිය තිය ළිං ගැට්ට ළඟට යනව. ඉස්සෙල්ලම හීතල වතුර ටිකක් අතින් අරන් ඇඟට දාගෙන කිිති කවාගන්නව. ඊළඟට කටට අරන් කට හෝදල එළියට දානව. ඊළඟට අතින් බාල්දිය වතුරට දාල එකක් අරන් හෝස් ගාල ඇඟට දාගන්නව. මහා වතුර කන්දරාවක් ඇඟ තෙමාගෙන බහිනව.
ඊළඟට මැෂිමක් වගේ බාල්දියෙන් වතුර අරන් හයියෙන් හයියෙන් නාගෙන නාගෙන නාගෙන යනව. එකායි දෙකායි, තුනායි... බාල්දි දහයක් විතර නෑවට පස්සෙ හති. චුට්ටක් විතර හති ඇරල ආයෙමත් නානව. ඔහොම බාල්දි 50 ක් ම නානව. ඊට පස්සෙ සබන් කැටේ අරන් ඔළුවෙත් ඇෙඟත් කොච කොච ගගා සද්දෙට ගා ගන්නව. ආයෙමත් නැමිල බාල්දියෙන් වතුර අරන් නානව. එක බාල්දියෙන්ම සබන් හේදිල ගිහිං ඉවරයි. ඒත් එයා නානව. දහයක් නාල හති අරිනව. ආයෙමත් නැවති නැවති හති ඇර ඇර 50 ක් නානව. දැන් බාල්දි 100 යි. අත රිදෙන හන්ද එයා නෑම නවත්තනව. වතුරටම සුදුමැලි වුණු එයා සීතලේ ගැහෙනව. ගමන් මහන්සියත් හිතේ මහන්සියත් මහා වතුරට හේදිල ගිහිං. ඊළඟට තුවාය අරන් ඇඟ පිහදාන ගමන් ඒ වැඬේ චුට්ටකට නවත්තල උඩට හැරිල ආකාසේ දිහා බලනව. ආකාසෙ පිරෙන්න තරු පායල තියෙනව.
නන්දනී කීරමින් කරෝල බදින සුවඳ ළිඳ දිහාවට එනව. නිමල් සරම ඇඳගෙන රෙදි මිරිකල බාල්දියට දාගෙන ඉවරයි. තෙතමනේට පිරිල පිපුන කැලෑ මලූත් උසට වැවුණු තණකොළත් පීරගෙන අඩියට දෙකට එයා ගේ දිහාවට යන්න යනව, ඇෙඟත් හිතෙත් කුණු මොකුත් නැතුව.
(පැණි වළලු)