Pages

Saturday, June 02, 2012

දෙනුවන් අගට රහසේ කඳුළැල් උනා ඔබ ගැනම රෑ තිස්‌සේ සිහිපත් කළා

ආදරේ තරම් කියා ගන්න බැරි වූ නිසා 
ජීවිතේ පැතුම් රහසේම වියෑකී ගියා
රහසේම කවුදො ඉක්‌මන් වෙලා
හඬවාලා මගෙ දැස ඔබ ගෙන ගියා
දැන උන්නා නම් ආදරේ ඔබ යන්නෙ නෑ මා දමා

දහසක්‌ පැතුම් මහදේ සිර කොට තබා
මා පෙම් කළේ සිහින් සුසුමන් දරා
මා තුරුලේ ඔබ උන්නා හීනෙන් පවා
ඇයි ඉන්නෙ හොර රහසේ මා රිදවලා
දැන උන්නා නම් මේ ආදරේ 
ඔබ යන්නෙ නෑ මා දමා

දෙනුවන් අගට රහසේ කඳුළැල් උනා
ඔබ ගැනම රෑ තිස්‌සේ සිහිපත් කළා
මා පෙම් කළ බව තාම නොදනී ඔයා
අදටත් සිතින් මා ඔබෙ පෙම්වතා
දැන උන්නා නම් මේ ආදරේ
ඔබ යන්නෙ නෑ මා දමා

පද රචනය - ඩිලාන් ගමගේ
සංගීතය - රදීෂ් වැන්දබෝනා
ගායනය - ශාන් හසීම්

ඔහු.... ලස්‌සනම ලස්‌සන රෝස මලකට පෙම් බැන්දා... රෝස මල නෙළා ගන්න... තමන්ටම කියලා අයිති කර ගන්න ඔහුට ආසයි... ඒත්... බයයි.... හදිසියේවත් මල අකමැති වුණොත්... ඒ නිසා ඔහු දුර ඉඳලා මලේ ලස්‌සන බැලුවා... ඈත ඉඳන් මලේ සුවඳ වින්දා... දැස්‌ පියවෙන හැම මොහොතකම ඔහුට මේ රෝස මල පෙනෙන්න ගත්තා.... ඒත්.... ඒත්.... දවසක්‌ ඒ ලස්‌සන රෝස මල හොර රහසේම කවුදො නෙළාගෙන ගිහින්. පරක්‌කු වැඩියි... කලින්ම නෙළාගන්න තිබුණා... ඔහු හිතින් දුක්‌වින්දා... 

ආදරේ තරම්...
කියා ගන්න බැරි වූ නිසා 
ජීවිතේ පැතුම්...
රහසේම වියෑකී ගියා 
රහසේම කවුදොa ඉක්‌මන් වෙලා 
හඬවාලා මගෙ දැස ඔබ ගෙන ගියා 
දැන උන්නා නම් ආදරේ 
ඔබ යන්නෙ නෑ මා දමා...

මම ඔයාට කොතරම් ආදරේ කළාද.... ඒත් ඒ ආදරය ඔයාට කියාගන්න මට බැරි වුණා... ඒ නිසා වුණේ මගේ ප්‍රාර්ථනා සියල්ලක්‌ම හොර රහසේම මැකී ගිය එකයි... මාව හඬවාලා කවුදොa කෙනෙක්‌ ඔයාව රහසේම අරන් ගිහින්... මම ඔයාට ආදරේ බව කලින්ම මම ඔයාට කිව්වා නම්... එහෙම නම් ඔයා මාව දාලා යන්නෙ නැති බව මට විශ්වාසයි. වෙන කෙනෙක්‌ ඉක්‌මන් වුණා.... මට ඔයාව අහිමි වුණා... ඒ මම පරක්‌කු වුණ නිසා...

මේ ගීය ලියුවේ ඩිලාන් ගමගේ.... ඩිලාන් මේ වගේ ජනප්‍රිය ගීත කීපයකම පදරචකයා... ගයන්නේ ශාන් හසීම්... තනුව සහ සංගීතය රදීෂ් වැන්දබෝනාගේ... ඩිලාන් හඬ අවධි කළා. ඒ ගීයේ උපත ගැන කියන්න....

මේ සිංදුව ලියන්න පාදක වුණ කාරණාවත් නැහැ. මේක ඉතින් අපි හැම කෙනෙකුටම බොහෝ විට විඳින්න වෙන අත්දැකීමක්‌... දැක්‌කාම ආදරේ හිතෙනවා... ඒත් කියාගන්න බයයි... "මම ඔයාට ආදරෙයි... ඔයත් මට ආදරේද..." කියලා අහන්න හිතයි... ඒත් ඒක අහන්න දවසින් දවස පරක්‌කු වෙනවා.

දහසක්‌ පැතුම් මහදේ සිරකොට තබා

මා පෙම් කළේ සිතින් සුසුමන් දරා

මා තුරුලේ ඔබ උන්නා හීනෙන් පවා

ඇයි ඉන්නෙ හොර රහසේ මා රිදවලා

දැන උන්නා නම් මේ ආදරේ

ඔබ යන්නෙ නෑ මා දමා

ප්‍රාර්ථනා ගොන්නක්‌ මගෙ හිතේ හිර කරගෙන මම ඔයාට ආදරේ කළා... ඒ සිතින් සුසුම් ලමින්... මම ඔයාව හීනෙනුත් දකිනවා.... ඒ හීන හරිම සුන්දරයි... ඔයා මට තුරුළු වෙලා... ආදර බස්‌ දෙඩුවා... හීනෙන් මා ළඟට ආපු ඔයා ඇයි දැන් මාව රිදවන්නේ... මම ඔයාට කලින්ම ආදරෙයි කියලා කිව්වා නම් මම දන්නවා ඔයා මාව තනි කරලා නොයන බව...

ප්‍රමාදය නිසා ඔහුට ඇය අහිමි වුණා... ඉක්‌මන් වූ කෙනෙක්‌.... ඇයව ළංකර ගත්තා.... අපි හැම කෙනෙකුටම මෙහෙම වෙන්න පුළුවන්...

දෙනුවන් අගට රහසේ කඳුළැල් උනා

ඔබ ගැනම රෑ තිස්‌සේ සිහිපත් කළා

මා පෙම් කළ බව තාම නොදනී ඔයා

අදටත් සිතින් මා ඔබේ පෙම්වතා

දැන උන්නා නම් මේ ආදරේ 

ඔබ යන්නෙ නෑ මා දමා...

නින්දක්‌ නැහැ... රැය පහන්වන තුරු මම ඔයා ගැනමයි හිතන්නේ... ඒ වෙලාවට මගේ නෙත් අගට රහසේම කඳුළු බිඳුÊඋනනවා.... ඔයා වැරදි නැහැ. මමයි වැරදි... මම ඔයාට ආදරේ කරන බව ඔයා තවමත් දන්නේ නැහැ.... ඒ වුණාට මම අදත්... හෙටත් ඔයාගේ පෙම්වතා තමයි.... මම තවදුරටත් හිතෙන් ඔයාට පෙම් කරන්නම්... මගේ මේ ආදරේ ඔයා දැන සිටියා නම්... කවදාවත් මාව දාලා නොයන බව නම් විශ්වාසයි...

තරුණ ශිල්පීන් තිදෙනෙකුගේ නිර්මාණයක්‌.... ඒ නිසාම මේ ගීය තරුණ පරපුර අතර වඩාත් ජනප්‍රිය වෙමින් තිබෙනවා.

අජිත් අලහකෝන් - Divaina