සෞභාග්‍යමත් ඉසුරින් පිsරි බක් මහේ සිසිල විඳිමින් සතුටින් කාලය ගෙවී යන මෙවන් කාලයක ආදරය පිළිබඳ කථා කිරීමේ දී සිතට දැනෙන්නේ අපූර්වතම හැඟêමකි. අද "සිහින සිතිජය" තුළින් කථා කරන්නේ අප එකිනෙකාගේ පුද්ගල සබැඳියාවන් තුළ මතුපිටින් දිස්‌වන අරුමැසි, රමණීය දේ යටින් එකිනෙකාගේ බලය හා ආධිපත්‍ය පතුරුවාලීමට ආදරය කරන කාලයේ පෙම්වතුන් ගන්නා උත්සාහය ගැනයි.
පෙම්වතා පෙම්වතිය කියන්නේ
මුළු ලෝකෙම නොවෙයි
බොහෝ පෙම්වතුන් ආදරය කරන්න පටන් ගන්නේ පරම රමණීය හැඟêමකිනි. තම පෙම්වතාටත් වඩා තමා අරුමැසි වාදී හදවතක් ඇත්තෙකු ලෙස සිතමින් ඔවුන් ප්‍රේමයට එක්‌වෙයි. එවිට තමා තරම්, නොඑසේ නම් තමා සහ තම සහවන්තයා තරම් චමත්කාරජනක ලෙස හැසිරෙන්නෙක් නැතුවා යෑයි සිතයි. ඒ රමණීය කාලයේ දී ඔවුන්ගේ සිතුවිලි නිරාමිස රසයෙන් පිරී තිබේ.
තමා ජීවත් වන්නේ අනෙකා වෙනුවෙන්ය.
"ඔහුගෙන් හෝ ඇයගෙන් තොර ජීවිතය නිෂ්ඵලය.
මේ ආදී විරාගික සිතුවිලිවලින් සුහුඹුල් පෙම්වතුන්ගේ සිත් දෝරෙ ගලා යයි. මෙය අරුමයක් නොවේ. එසේම මෙය මායාවක් හෝ විහිළුවක් ද නොවේ. ආදරය පමණක් අයදින ආදරය පමණක් පිරිනමන සිත් එසේය. නමුත් ගැටලුව වන්නේ සෞන්දර්යයෙන් තෙත් වූ මෙවැනි ප්‍රේම සබඳතා කල්යාමේ දී වියළී ඉරිතලා යාමයි. එකිනෙකා වෙනුවෙන් ජීවත් වීම වෙනුවට තමා වෙනුවෙන් අනෙකා පාවිච්චියට ගැනීමයි. තමාට අවැසි ලෙස අනෙකා ජීවත් විය යුතු යෑයි සිතීමයි. මෙසේ එකිනෙකා වෙනුවෙන් ජීවත් වීම හා තවත් විටෙක අනෙකාට පාවිච්චියට ගැනීමේ අන්තයන් දෙක බොහෝ පෙම්වතුන් හා පෙම්වතියන් අත්දැකීමෙන් විඳ ඇත.
ආදරයේ නාමයෙන්
බලපෑම් කිරීම
විටෙක ආදරයෙන් වෙලී තවත් විටෙක අනෙකාව අභිබවා යන මෙම අන්තයන් දෙක අතර ඇති සංක්‍රාන්ති කාලය ප්‍රේම සම්බන්ධයක ෙ€දනීයම කාලය වේ. එකිනෙකා ගැන අවිශ්වාසය, මදිපුංචිකම, හීනමානය මෙන්ම අනෙකාගේ නොහැකියාවන් ද විෂය කර ගනිමින් ප්‍රේමය දියවී යන්නට පටන් ගනී. මෙහි උච්ඡතම අවස්‌ථාව තම සහවන්තයා හෝ සහවන්තියගේ අතීතය ගැන සිහිකැඳවීමයි. ඉන් අනතුරුව ඇති වන බහින් බස් වීම අවසානයේ අත පය එසවීම දක්‌වා දුර දිගයයි.
මේ ආකාරයෙන් අතිශය රොමෑන්ටික් ලෙස ඇරඹෙන ප්‍රේම සම්බන්ධතාවන් තුළ කලකදී අනෙකා මත ඇති කරන බලපෑම බලය පැතිරවීම හා සමාන්තර වේ. අනෙකාව නුරුස්‌සන අවධියේ දී තම ආධිපත්‍ය තමා සමග සහජීවනයට එළඹි කෙනා මත පැතිරවීම පුළුල් අර්ථයෙන් ආදරය තුළ බලය බෙදාහැරීමක් යෑයි අර්ථ ගන්වා ගත හැකිය. ආදරය ප්‍රේමය කියන උත්තරීතර කැපකිරීම ජීවිතයේ එක් අවස්‌ථාවකදී හෝ අප විඳ තිබේ. යෞවන යෞවනියන් ආදරය කරන මුල් කාලය තුළ ඉතාමත් සතුටින් ආදරය විඳිමින් කාලය ගත කරයි. නමුත් එය කල් යාමේ දී වෙනස් වී යයි. මුල් කාලයේ ඇති වන මේ ප්‍රේමනීය හැඟêම්, කැප කිරීම් කල් යත්ම ආත්මාර්ථකාමී හැඟêම් බවට පත්වෙයි. අද පෙම්වතුන් ගන්නා තීරණ බොහෝමයක් ඒකපාර්ශ්වීය වී ඇත්තේ ඒ නිසාවෙනි.
ඒ නිසාම අනෙක් පාර්ශ්වයේ අයගේ ආත්මගරුත්වය හා විශ්වාසය විනාශ වී යන්නේ නිරායාසයෙනි. බොහෝ කැප කිරීම් කර බලාපොරොත්තු පොදි බැඳගෙන අනාගතය ගැන සැලසුම් සකස් කර මවන සිහිනය එක් අයකුගේ ආත්මාර්ථකාමී බව නිසා නැති වී යනු ඇත.
පාලනයේ සීමා මායිම් හඳුනාගන්න
ආදරයේ දී බොහෝ පෙම්වතුන් ආත්මාර්ථකාමීන් බවට පත් වන්නේ අනෙකාව තමාගේ පමණක් කර ගැනීමට ඇති ආසාව නිසාද? මෙය ප්‍රේම කරන කාලයේ පෙම්වතුන් තුළින් මතු වන තවත් එක් අන්තයකි. එසේ සිදු කරන්නේ සමාජීය වශයෙන් තමාට ප්‍රමුඛතාව හිමි නොවන විටදී තම ආදර සබඳතාව තුළදී හෝ ප්‍රමුඛයා වීමට ඇති වූවමනාව නිසාවෙනි. පෙම්වතා පෙම්වතියට හෝ පෙම්වතිය පෙම්වතාට හෝ අනවශ්‍ය ලෙස බලපෑම් කරමින් කෙසේ හෝ බලය පැතිරවීම තුළ ආදර සම්බන්ධතාවකදී කිසි ලෙසකින් කිසිවක් දිනාගත නොහැක. අප දිනුවේය යනුවෙන් දැනෙන්නේ නම් එය අප අපවම මුළා කර ගැනීමකි. තම පෙම්වතාව හෝ පෙම්වතියව තම ආධිපත්‍ය තුළ බලෙන් රඳවා ගැනීමට යාම නිරර්ථකය. වෙසෙසින්ම පෙම්වතිය තම වසඟයට ගත යුතු වන්නේ බලහත්කාරයෙන් නොව ඇයට ලබා දෙන නිදහස් කාමී හැඟêම් තුළය.
අනවශ්‍ය පරිස්‌සම
ආදරයට බාධාවක්
බොහෝ පෙම්වතුන්ගේ අදහස නම් පෙම්වතියට ලබා දෙන නිදහස ඇය විසින් මෝඩ ලෙස පාවිච්චි කර "පිට යැමට" හේතුවක් කර ගන්නා බවයි. නමුත් ඇය එසේ පිට ගියහොත් නැවත අප වෙත පැමිණි විට විඳවන විඳ විල්ල ඔවුන් හොඳ හැටි දනී. එසේ වීම වැළැක්‌වීම සඳහා බලහත්කාරයෙන් ඇය මත ආධිපත්‍යය පැතිරවීම යනු ඇය තුළ අතෘප්තිය හෙවත් "ඇරියස්" ගොඩ ගැසීමට එකම හේතුව විය හැකිය. එහි ආදීනව එළිපිට නොවී හොර රහසේ ඇය පිට යාම තමාගේම එක් දුර්වලතාවක් නිසා සිදුවූවක් බවට කල්යාමේ දී තම තමා තේරුම් ගනු ඇත.
ආදරයේ දී අප තව කෙනකු තුළ බලය පැතිරවීමට උත්සාහ ගනුයේ ඔවුනට අප ගැන බලපෑමක් ඇති කිරීමට අනවශ්‍ය අවස්‌ථාවේදීය. ඒ ඔවුනට අපව අවශ්‍ය නැති, නමුත් අපට ඔවුන්ව අවශ්‍ය විටදීය. එය අනෙකා තේරුම් ගත් විට අපගේ වටිනාකම පහළ බසී. නමුත් තම සහකාරිය හෝ සහකාරයා කෙරෙහි බලය පැතිරවීමට වඩා ඔහු හෝ ඇය පිළිබඳ ප්‍රේමය සහ වගකීම පමණක් ඉතිරිව තිබියදී යම් අරාජික හැඟêමක් අප සිත තුළ ගොනු කර ගත හැකි නම් එය ඔවුනට අප වෙත ඇද ගැනීමට ප්‍රබල සාධකයක් වේ. ආදරයේ දී අවශ්‍ය බලය බෙදා ගැනීම නොව උත්තරීතර කැපකිරීමයි. එය ආදරයට එක් කරන්නේ වටිනාකමකි.
මනෝවිද්‍යා උපදේශක
සරත් අමරබන්දු
සටහන - ශාලිකා තිලක්‍ෂණී