Face book ලෝකයේ අනෙක් රටවල මෙන්ම ලංකාවේද දැන් ජනප්‍රියව ඇත. 2004 වසරේ පෙබරවාරි ආරම්භ කළ මෙය මූලික වශයෙන් යෞවනයන් අතර, ආයතන සේවකයන් අතර මෙන්ම පුද්ගල සම්බන්ධතා වලටද පරිහරණය කරනු ලබන අන්තර්ජාලය හරහා සම්බන්ධවිය හැකි මාධ්‍යයකි. මෙය සමාජ සම්බන්ධතා (Sදජස්ක භැඑඅදරනසබට) වලට උපයෝගී කරගන්නා අතර දැනට ලෝකයේ මිලියන 500 කට වැඩි පිරිසක් භාවිතා කරයි. තවද නවතම සංගණනවලට අනුව මසකට සාමාන්‍යයෙන් විනාඩි බිලියන 700 ක කාලයක් පුද්ගලයන් මේ සඳහා ගත කරයි.
Read more
ශ්‍රී ලංකාවේද ෙµaස්බුක් ජනප්‍රිය අතර අලුත්ම වාර්තා අනුව ලංකාවේ Face book පරිහරණය කරන පුද්ගලයන් ගණන 902460 දෙනෙකි. මෙය දිනෙන් දින වර්ධනය වන අතර 2010 ඔක්තෝම්බර් මාසයේ දී එය 693620 ක් ව පැවැතිණි. ජනගහණයට සමානුපාතිකව මෙය සියයට 19 ක් වන අතර අන්තර් ජාලයට ඇතුළුවන සෑම දෙදෙනකුගෙන්ම එක් අයෙක් Faජැ ඉදදන පරිහරණය කරයි. ශ්‍රී ලංකාවේ Faජැ ඉදදන පරිහරණය කරන ප්‍රතිශතය ඉන්දියාව, බංගලාදේශය හා පකිස්ථානයට වඩා වැඩි අගයක් ගනියි.
තවද ලංකාවේ මෙය වඩා ජනප්‍රිය වී ඇත්තේ වයස 18-24 අතර තරුණ පිරිස අතරේ වන අතර එය සියයට 45 කි. සියයට 33 ක පිරිසක් වයස 25-34 වන අතර, 35-44 වයස් කාණ්ඩයේ Face book පරිහණය කරන්නන්ගේ ප්‍රතිශතය සියයට 7 කි. මෙය ඇමෙරිකාව සමග සසඳන කල සියයට 50% ක් වයස 18-24 අතර ද සියයට 25 ක් වයස 25-34 අතර සහ සියයට 18 ක් වයස 35-44 අතර ද Face book භාවිතා කරයි. තවද 45-54 වයස් ප්‍රමාණයේ සියයට 12 ක් FB සමග ගනුදෙනු කරන විට ලංකාවේ එය සියයට 2 පමණ ප්‍රමාණයක් වේ. එමෙන්ම ලංකාවේ FB පරිහරණය කරන අය අතරින් සියයට 64 ක් පිරිමි වන අතර කාන්තා ප්‍රතිශතය සියයට 36 කි. නමුත් ඇමරිකාවේ මෙය පිරිමි සියයට 45 හා කාන්තා සියයට 55 වශයෙන් පවතී. මෙයට හේතු ලෙස සමාජ, සංස්කෘතික සාධක බලපාන බව සිතිය හැකි අතර මේ හා සම්බන්ධ පර්යේෂණ පැවැත්වීම අනාගත පර්යේෂකයන්ගේ වගකීමයි.
මෙම දත්ත හා තොරතුරු අලෙවි කරුවෙකුට වැදගත් වන්නේ අදාළ කරුණු වෙළෙඳපළ පාරිභෝගික කණ්ඩායම් අනුව බෙදා ගැනීමට සහ වෙළෙඳපොළ හා සම්බන්ධ පර්යේෂණවලට බලපාන බැවිනි.
නමුත් වර්තමානයේදී Face book සම්බන්ධ ගැටලුද මතුවී ඇත. ලංකාවේ, තමන්ගේ ඡායාරූප වැරදි ලෙස යොදා ගැනීම, රහස්‍යභාවය සම්බන්ධ කරුණු නිසා ආරක්ෂක අංශවලට මැදිහත් වීමට සිදුවූ අවස්ථාද වාර්තාවිය. තවද ඇමරිකානු වෙබ් අඩවියක් මෑතකදී වාර්තා කළේ ඇමරිකාවේ දික්කසාද හා සම්බන්ධ සෑම නඩු 5 කින් එක් නඩුවකට කිසියම් ආකාරයකින් Face book සම්බන්ධ වන බවයි. දැනටමත් පකිස්ථානය, චීනය, බංගලාදේශය, වියට්නාමය, සිරියාව, ඉරානය සහ උතුරු කොරියාව යන රටවල් FB සම්බන්ධව සෘජුවම හෝ වක්‍රාකාරව තහංචි පනවා ඇත. ලංකාවේද සමහර රාජ්‍ය හා පෞද්ගලික ආයතන තුළදී Fඊ පරිහණය තහනම් කර තිබේ.
Face book පරිහරණයේදී දැනුවත් වීම මෙහිදී වැදගත් වේ. සමහරු වෙනත් නම්වලින් FB ලිපින සාදා ගන්නා අතර තවත් සමහරු අන්‍යන්ගේ ඡායාරූප සොරකම් කරයි. නමුත් Face book තුළම මේ සම්බන්ධ ආරක්ෂිත ක්‍රියාමාර්ග පැහැදිලි කරන අතර ඒවා අනුගමනය කළ හැක. තවද මේ හා සම්බන්ධ අනෙකුත් ගැටලුව වන්නේ ඇබ්බැහිවීමයි. ලෝකයේ Fඊ පරිහරණ කරන අයගෙන් සියයට 50 ක් අවම වශයෙන් දිනකට එක් වරක්වත් FB වලට ඇතුළු වන අතර සියයට 48 ක පිරිසක් (18-34 වයස් කාණ්ඩයේ) උදෑසන අවදිවන විටම මෙයට ඇබ්බැහි වී ඇත. මෙහිදී තමන්ගේ ප්‍රමුඛතා අනුපිළිවෙළ අනුව දිනයේ වැඩ පිළිවෙළ සකසා ගැනීම වැදගත් වේ.
එමෙන්ම වර්තමානයේ දේශපාලනයට ද FB ඇතුළත් වී ඇත. පසුගියදා පලස්තීනයේ ගාසාවල FB ක්‍රියාකාරීන් පිරිසක් පවතින රජයේ වෙනසක් සොයමින් උද්ඝෝෂණය කළ අතර මෙයට සමාන ප්‍රවණතාවයක් ඊජිප්තුව, ලිබියාව වැනි රටවලද දක්නට ලැබිණි. මෙයින් අදහස් වන්නේ FB ලෝකයේ දේශපාලන හැසිරීමටද යම්කිසි බලපෑමක් ඇති කරන බවයි.
Face book වල ඇති වාසි ලෙස තමන්ගේ පැරණි මිතුරන් (වෙන රටවල පවා වෙසෙන) හඳුනා ගැනීමට හැකිවීම, පුද්ගල සබඳතා වැඩි දියුණු කරගත හැකිවීම, තමා කැමැති ප්‍රසිද්ධ චරිත සමග මිත්රවීමට හැකිවීම ආදිය දැක්විය හැක. තවද රටේ, ලෝකයේ පුවත් දැනගැනීම, කරුණු අවබෝධයට මේ මගින් අවස්ථාව සැලසේ. මෙමගින් ව්‍යාපාර අවස්ථාද උදාකර ගත හැකිය.
e.marketer සඟරාවට අනුව දැන්වීම්කරණය තුළින් පමණක් 2010 දී FB ඩොලර් බිලියන 1.86 උපයා ඇත. මෙයට හේතුව ඒ තුළින් භාණ්ඩ හා සේවා ලෝකයට විකිණිය හැකි වීමයි. Face book භාවිතයේදී "දැන ගියොත් කතරගම, නොදැන ගියොත් අතරමග" යන කියමන ද සිහිපත් කර දිය හැකිය.
Divaina - නලින් අබේසේකර
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය