Pages

Wednesday, October 30, 2013

හඳෙන් ආ විදේශිකයාට ස්වදේශිකයාගෙන් අපූරු පාඩමක්

හලාවත බලා යන දුම්රියට මරදානෙන් ගොඩ වූ විදේශීය සංචාරකයෙකි. ඔහු දුටු මගියෙක් තම අසුන ලබා දීමට තරම් කාරුණික විය. දුම්රිය ධාවනය වන අතර තරුණ සංචාරකයා දෙස බැලූ යාබද අසුණේ මගියා, ‘‘වෙයාර් ආර් යූ ෆ්‍රොම්’’ (ඔබ කොහේ ඉඳන්ද?) යැයි විමසීය. ‘‘ෆ්‍රොම් මූන් (හඳේ ඉඳන්) සංචාරකයා සමච්චලයෙන් පවසා අනෙක් මගීන් දෙස ද බැලීය. ඉංග‍්‍රීසි බස තේරුණු මගීහු ඉවත බලා ගත්හ. සුළු වේලාවකින් විදේශිකයා නිදි කිරන්නට විය. ඔහුගේ හිස ප‍්‍රශ්නය ඇසූ මගියාගේ උරහිසේ තදින් වැදුනි. ‘‘වෙරි සොරි සර්’’ විදේශිකයා සමාව අයැදීය. පසුව ඇති වූ දෙබස මෙසේය.

මගියා:x ඔයාට සමාව එකට සිය පාරක් දෙන්න පුළුවන්. හැබැයි මම ඔයාගේ රට ගැන අහද්දී ඔයා දුන්න පිළිතුර නම් අවිනීතයි.

විදේශිකයා:- මම විහිළුවක්නේ කළේ.

මගියා:- ඒ වුණාට මගේ හිත හොඳටම රිදුනනේ. අපි ශ්‍රී ලාංකිකයෝ ආගන්තුක සත්කාරයට කැමතියි. ඔයාට කරදරයක් වුණානම් මේ අය ඔක්කොම ඔයාට උදව් කරාවි. ඔයා මේ කෝච්චියෙන් බැහැලා ඕනෑම දුප්පත් ගෙදරකට ගිහින් කෑමට මොනාහරි ඉල්ලන්න. තමන් කන කෑම එක හරි එයාලා දේවි.

විදේශිකයා:- මම එච්චර දුරට හිතුවේ නැහැ

මගියා:- දැන් බලන්න. ඔයාගේ රටේදී ඔයා විදේශිකයෙකුගෙන් ඇහුවොත් කොහේ ඉඳන් ද ආවේ කියලා. එයා කීවොත් හඳේ ඉඳන් කියලා ඔයාගේ හිත රිදෙන්නේ නැද්ද?

විදේශිකයා:- (කඳුළු පිරි දෙනෙතින්) දැන් මට තේරුණා. මගේ තමයි වැරැුද්ද. මම නැවත වාරයක් සමාව ඉල්ලනවා කියලා

මගියා:- හොඳයි. මම ඔයාට සමාව දෙනවා. දැන් මට හේත්තු වෙලා නිදා ගන්න. ඊට ඉස්සරවෙලා කියන්න කොහෙන්ද බහින්නේ කියලා.

http://www.lankadeepa.lk

Tuesday, October 29, 2013

Hackophobia?

The Internet is a reality created by the Human Mind. Today everything ranging from jobs to shopping can be done in front of a computer screen on the Internet. It is coming to the point where we will hardly need to leave our homes to attend to our day- to- day activities. If you can stretch your imagination a bit, we may live in a world where you can place an order on the internet and the lunch packet or medicine may be delivered to your house by a robot.

If you want entertainment just place an order on the internet and the DVD will be delivered to your house by a robot. The internet is the link between human needs and machines.

Human labour may be replaced to a greater degree by machines. And the internet can help facilitate this.The internet is a world which is being built on top of the world that we know.

However this perfect world can be disrupted by the ever present threat of crime. Crime will completely take on Digital and Binary form. Crime has now become bloodless and more dangerous than ever before. We may soon live in an age where crime will be committed wholly by weapons taking the form of the Personal Computer and Viruses. And the defense against this Cyber Crime is what is known as Internet Security.

This Daily News journalist took the cyber route when doing this article proving how effective the internet really is!

Daily News spoke to Principal Consultant - Project Manager John Keells Holdings Strategic Group Information Technology Buddhike Perera to gain some insights into Internet Security.

A commercial value

“Hacking is the practice of modifying the features of a system, in order to accomplish a goal outside of the creator’s original purpose. The person, who is consistently engaging in hacking activities, has accepted hacking as a lifestyle and philosophy of their choice.

Hackers have different flavours of interest areas based on the end objectives, some go after intelligence information, hacking into military sites. Some are interested in stealing financial information by hacking into corporate and state banks, even stock markets. But some are even interested in hacking into travel sites, air line sites, to gain miles, reward points, and elite status. They are looking for every possible way to game the system for as much free travel as they can.

Hacking depends on the complexity and the importance of the target or the victims. And the worst part is Cyber Hacking has become the new cold war between the elite nations across this planet,” said Perera.

The big question is how do these tricksters hack without knowing passwords?

“These can range from poor password protection to leaving a computer turned on which is physically accessible to visitors to the office. But if you look at this from a different angle they have to inject some code or a programme in to the target computer to gain digital access. If I explain this another way, injecting a programme into a computer cracks the internal passwords and will gain access to the computer. Most hackers use programmes, tools available in internet to crack into computer systems, but these tools are complex in nature.

While no computer networks are impenetrable and devote significant resources to guard their computer networks, they also have in place rules to protect sensitive data.

No matter how strong your perimeter is, still you are vulnerable for such mass scale attacks on sophisticated networks. One recent incident reported in the U.S. that Chinese hackers are believed to have stolen the designs for more than two dozen major weapons systems, potentially weakening the U.S. military advantage over China,” he further added.

Whistle blower Edward Snowden’s recent revelations of the federal government’s massive and intrusive surveillance of Americans have shown that major Internet giants such as Facebook, Twitter and Google have not only been compliant with the surveillance programmes, but have themselves violated the privacy of their users. All the social network sites would like to know as much as possible about our hobbies and shopping habits because the information has a commercial value and they will sell these information to others.

A contract killer

Computer viruses are growing so rapidly with the phase of technology reshaping over day by day. Viruses which were deadly last year are no longer a threat but there are new sets of viruses taking the lead in damaging digital information.

“A computer virus is just like any other piece of software; written by programmers. It is what they are programmed to do that makes them harmful (falling under the banner of malicious software, or malware for short; a ‘virus’ specifically is a piece of malware that ‘self-replicates’ (and may even ‘mutate’; change the way it works in order to fool anti-virus software), or in other words, copies itself to as many other PCs as it can via USB drives, networks and the internet.

If a target system is very strongly protected and difficult to access remotely, a Hacker might employ low-technology attacks. These tactics may include bribing an authorized user, taking a temporary job with a janitorial services firm, or dumpster diving (rifling through trash in search of information). If the target system is not so strongly protected, then a hacker can use technical exploits to gain access.”

“Being a hacker is like a contract killer to me. For monitory or any other means they steal and disrupt civil society. They are risk takers in life and they are always keeping their neck in the firing line if they get caught by the law. Someone who hacks into another person’s computer could be punished by a number of different laws, depending on the circumstances. The law punishes hacking under the computer crime statutes. These crimes carry penalties ranging from a prison sentence, or larger sum of monitory fines are the common types,” said Perera.

Two - way security

Hacking tools are developed by some really good coders out there to ease out many complex tasks which have to be done manually and take painstakingly great deal of time and effort. Loads of free hacking tools are available on internet. Some of these tools are Nessus Remote Security Scanne , Wireshark, Nmap, NetStumbler. But there are thousands of tools available in internet for hackers.

Sunday, October 27, 2013

ඔබ හා මම

සඳ තනියම
රෑ තුන්යම
ඔබ හා මම
හැම භවයෙම...

ගිම්හානය මා මඟ හැර
යළි නො එනා ලෙස ගියේද
වසන්තයේ මල් පියවිලි
යන එන මඟ තොට තියේ ද...

මිහිදන්වු ප්‍රාර්ථනා 
යළි අවදිව හිනැහුනේ ද
ඒ පැතුමට නව අරුතක් 
ළං කෙරුවේ ඔබ නොවේ ද...

Sri Lanka President opens Chinese funded expressway linking Katunayake airport to capital

Oct 27, Colombo: Sri Lanka's President Mahinda Rajapaksa today declared opened the Colombo - Katunayake Expressway (CKE) , the 26 kilometer high speed expressway linking the country's main Colombo International Airport to the Sri Lankan capital Colombo.

Opening Sri Lanka's second expressway, President unveiled a commemorative plaque at the entrance to the CKE at Peliyagoda and drove his vehicle to the Seeduwa Control Exchange where he paid the toll.

He inspected the video system at the Seeduwa control stations and proceeded to the Katunayake Exchange where he was received by flag-waving school students.

Addressing the occasion the President said with the opening of the highway the government has proven that it can successfully meet any challenge thrown at the government.


He emphasized that the development of a country is gauged by the development of a road network in a country and the expressway declared open today will provide benefits to both the local and foreign people.

Reiterating that the country has achieved peace and there was no bloodshed or terrorist activity in the country after 19th May 2009, the President appealed to the people to give their fullest cooperation to the development programme being implemented by the government for the benefit of the future generation.

He noted that when the government is making effort to develop the country certain elements are making various allegations against the government and therefore, the government has to spend much precious time to file response in Geneva to the allegations.

The 25.8 kilometer long expressway was built at a cost of US$ 291 million with a loan from China.

The CKE is expected to reduce the travel time between Colombo and the Airport to about 20 minutes. Speed limit will be 80 kilometers per hour (50 mph) for the first eight kilometers (5.0 mi) and 110 km/h (68 mph) for the rest of the road.

First Lady Shiranthi Wickremasinghe Rajapaksa, Prime Minister D.M. Jayaratne, Chinese diplomats, ministers and parliamentarians also participated in the event.

(Photos by Sudath Silva)

Saturday, October 26, 2013

කඳුළ

කඳුළු කියන්නෙ ඔබටත් මටත් සුපුරුදු දෙයක් නොවෙයි. මේ ලෝකෙ කොතැනකවත් එක වතාවක් හරි කඳුළක් නොහෙළපු කෙනෙක් සොයා ගන්න නෑ. කෙනෙකුට දුකක් හෝ සතුටක් දැනුණු විට කඳුළ ඒ පුද්ගලයා වෙතට ළං වෙන්නෙ නිරායාසයෙන්මයි. අපි හැමදෙනාම මේ ලෝකෙ එළිය දකින්නෙ හඬාගෙන. ඒ වගේම අලුත උපන් දරුවගෙ මූණ බලන මවකගේ දෑස සතුටු කඳුළින් ඉතිරිලා යනවා.

සමහරු කියනවා කඳුළු හෙළන්නෙ සිත දුර්වල පුද්ගලයන් කියලා. එහෙම කිව්වට දුකක්, වේදනාවක්, සතුටක් දැනුණු විට කඳුළුවලින් ඒ හැඟීම පිටකරගත්තම මනසට දැනෙන පීඩනය අඩු වෙනවා. කඳුළු කෙනෙක් දුර්වල කරනවා සේම කෙනෙකුට ශක්තියක් වෙන්නත් පුළුවන්.

අද සමාජය දිහා බැලුවම කඳුළුවලට කදිම වෙළෙඳපොළක් තියෙනවා. කඳුළු අලෙවි කරලා දිවිගෙවන පුද්ගලයන් වගේම අනුන්ගෙ කඳුළු අලෙවි කරන පුද්ගලයොත් බොහෝ සෙයින් ඉන්නවා. ඒ වගේම සතුටින් ඉන්න කෙනෙකුගේ ඇහැට ඇඟිල්ලෙන් ඇනලා අඬවන අයත් අද නොඅඩුවම දක්නට ලැබෙනවා. මේ අතරෙ ලෝකයට පෙනෙන්නට මුවින් සිනාසෙමින් සිතින් දහස් වාරයක් හඬන පුද්ගලයොත් අපේ සමාජයෙ ඉන්නවා. ඔවුන්ගෙ හදවතේ ගලන කඳුළු ගංගාව කාටවත් පේන්නෙ නෑ.

යස ඉසුරු මහල් මන්දිර හමුවේ සොම්නසින් ජය පැන් පානය කරන විට වටේ කැරකෙන දහස් දෙනා අතරෙදි ඔබේ ඇසට කඳුළක් නැඟුණා මතකද? පසුකලෙකදී කිතු යසස් ගිලිහී අතේ සතේ නැතිවුණු දා ඔබේ ළඟ ඉතුරු වුණේ ඒ කඳුළ පමණයි. අපට කරදරයක් වුණාම කඳුළ අපේ ළඟ ඉඳගෙන දුක තුනී කරනවා. ලැබීම් හා නොලැබීම් හමුවේ කඳුළු අපට මිතුරෙකු වෙනවා.

ඔබත් මමත් මීට පෙර හඬන්නට ඇත. තවමත් හඬනවා ඇති. අපි කඳුළු අතරින් නැඟිටින්න උත්සාහ කරමු. මන්ද ලෝකයේ නැවුම් වෙනසක් ඇති කළේ කඳුළු අතරින් නැඟිට්ට මිනිස්සු නිසා. ඒ වගේම ලෝකයේ අද ඉහළින්ම වැජඹෙන්නෙ කඳුළු හමුවේ නොසැලුණු මිනිස්සු නිසා.