"මම දැඩි මානසික ආතතියකින් පෙළෙනවා . ගෙවල් කුලී ගෙවා ගන්න සල්ලි නෑ . ගත්ත ණය ගෙවාගන්න ක්‍රමයක් නෑ . දරුවෙකුට උදව් කරන්න විදිහක් නෑ . සල්ලි ..සල්ලි ..සල්ලි . අන්ත අසරණ වූ දරුවෙකු බේරා නොගැනීමේ වරදකාරී හැඟීමත් , කොකා මත අත තබා ගත් උමතු මිනිසෙකුගේ දර්ශනයත් , මළ මිනිසෙකු යලි මරා දැමීමේ මතකයත් ,, කෝපය හා වේදනාවත් , පොලිසියත් , අලුගෝසුවාත් මා වටා හොල්මන් කරනවා . මම යනවා ..මම වාසනාවන්තයෙකු නම් කෙන් සමග එක වීමට අවස්තාව ලැබේවි "
මේ කෙටි සටහන තබන්නේ දකුණු අප්‍රිකානු ජාතික වෘත්තිය චායාරුපශිල්පියෙකු වූ කෙවින් කාටර් සිය දිවි නසා ගැනීමට මොහොතකට පෙරය.
1960 සැප්තැම්බර් 13 වන දා ඉපිද 1994 ජුලි මස 27 වෙනිදා ඔහු මෙලොවින් සමුගන්නා විට වසර 34 ක තරුණයෙකි. තමාගේ ජීවිතයට කිසිදු සම්බන්ධයක් නැති සුඩාන ජාතික දැරියක් නිසා දැඩි චිත්ත සන්තාපයට පත් වූ අයෙකි. 1994 දී ලෝකයේ හොඳම වාර්තාමය චාරුපයට හිමි පුලිට්සර් සම්මානයට භාජනය වූ යේ සුඩාන සරණාගත කඳවුරකදී ගන්නා ලද චායාරුපය හේතුවෙනි.
සුඩානයේ යෝඩ් නගරයේ පිහිටි යුද්ධමය හා වාර්ගික ගැටුම් වලට මැදි වූ මිනිසුන් ගෙන් පිරී ගිය කඳවුර තුල ඔහු විවිධ චායාරුප ගනිමින් සිටියේය. එක්තරා අවස්තාවක මන්දපෝෂණයෙන් පෙළෙමින් සිටි කුඩා දියණියක් එක්සත් ජාතීන්ගේ ආහාර වැඩසටහන ක්‍රියාත්මක කරන මධ්‍යස්ථානයට ඉතා අසීරුවෙන් ගමන් කරන ආකාරයක් ඔහු දිටිය. එම දැරිය ගමන් කරන අවස්ථාවේ ඇය පිටුපසින් මිනිමස් බුදින ගිජු ලිහිනියක වැසුවාය. එහෙත් කෙවින් කාටර් තම වෘතිය මිනිස් ජීවිතයට වඩා සලකමින් එම දැරියගේ චායාරුප ගෙන තිබුණි.
දැරිය ගොදුරු කරගැනීමට පැමිණි ගිජු ලිහිණියා එලවා දැමීම වෙනුවට ඔහු සම්බන්දවී සිටින ලෝක ප්‍රසිද්ධ මාධ්‍ය ආයතනවල මුල් පිටුව සැරසීමට ඔහු දී තිබුනේ ප්‍රමුඛස්තානයකි.
මෙම චායාරුපය එම වර්ෂයේ මාර්තු මස 26 වනදා නිව් යෝර්ක් ටයිම් පුවත් පතේ පලවී සුළු මොහොතකින් දුරකථන ඇමතුම් දහස් ගණනක් එම පුවත්පත් කන්තෝරුවට ගලා ආවේ එම දැරියට සිදු වූ දේ විමසමින්ය. එහෙත් කිසිවෙකුට පිළිතුරු දීමට තරම් සිතට හෝ ගතට සවියක් නොතිබුණි. ධනවාදය විසින් මිනිස් කම් සිඳ බිඳ දමන්නේ එලෙසය. මෙම සිදු වීම ලොව පුරා දැඩි විවේචනයට ලක් විය. මෙම චායාරුපය ගැනීමට සීරු මාරු කල තැනැත්තා ඒ කුසගින්නෙන් පෙලෙන දැරිය ගොදුරු කර ගැනීමට කුරුමානම් අල්ලන තවත් ගිජු ලිහිණියෙක් පමණි " යනුවෙන් ටයිම් සඟරාවේ සඳහන් කර තිබුණි.