සවිය නුඹය රටට පුතේ - නුඹය අපේ අනාගතේ
හෙට දිලෙනා ලොවක් වෙතේ - ඒ ලෝකය පුතුගෙ අතේ(අශෝක පියරත්න - Dinamina)
මල් පෙති සිඳ ලමින්
මුදු ගුණ පිරි සුමට
කල්ගිය දිරුණු තුරු
හිස් රකිනා නිවට 
බොල් මිනිසුනට විස
කටුවක් වුව ඇහැට 
මල් සම්පත මෙයයි
සුරැකිය යුතු හෙටට 
(ගාමිණී සුමනසේකර - Divaina)