ගස්වල වේලිච්ච කොළ කැරකි කැරකී බිමට වැටෙද්දී හුළඟක් ඇවිත් මගේ මූණටම මුණගැහුණා. පුංචි වැහි බින්දු එක එක බිමට වැටෙද්දි මගෙ කඳුළු බින්දුත් එක එක බිමට වැටෙනවා කියලා පස්සෙයි දැනගත්තෙ.
ඔයාගෙ ආදරේ මට ඕනෙ කියලා නේක වාරයක් හිතිලා ඇති. ඒත් මේ හුළඟ වගේ ඔයා දුර ගිහිං. ඈත ඈත රේඩියෝවක ගියපු “සුළඟ වගේ මා අතහැර දුරක යන්නට - වරද මගේ රත්තරනේ කියලා දෙන්න” පද ටික හුළඟ මගේ ළඟට අරන් ආවෙ මගෙ හිත කියවල වගේ. ඔයා මේ තරම් දුර ගියපු හේතුව අනිත් කවුරුත්ම වගේ මාත් තාම දන්නෙ නෑ.
ඒත් ඔයාට මං දොස් කියන්නෙ නෑ. මොකද මම දන්නවා හැමදේම අනිත්‍යයි කියලා. තාම හදාගන්න උත්සාහ කරන හිත වාවන්න බැරි තරම් අසරණ කරන්නෙ අපි දෙන්නව හොඳටම දන්න මේ හුළඟ ඇවිත්. ඒකයි දන්නෙම නැතුව කඳුළු වැටුණෙ. පොද වැස්සක් පායලා. මං යන්තං හිනාවුණා. ඔයා මට ආදරෙයි කිව්වා මතක් වෙලා. ඒත් කෝ ඒ ආදරේ? හොරු අරන් ගිහින්වත් ද?