ලාභය පසුපස හඹායන ධනවාදයට හුදු මිනිස් ජීවිතවල වටිනාකමක් නැත. ඇඟළුම් කම්හලේ සේවය කරන්නේ මිනිසුන් නොව ශ්‍රමිකයින්ය. ශ්‍රමිකයින් අහිමි වුවහොත් ඕනෑතරම් ශ්‍රම වෙළඳපොළෙන් සොයාගත හැක. ඉදින් ප්‍රමිතියෙන් තොර, කඩාවැටීමේ අවදානම ඇති ගොඩනැගිල්ලකට වුව ශ්‍රමිකයින් ගාල් කිරීම ඇඟළුම් කම්හල් හිමියෙකුට ප්‍රශ්නයක් නොවේ.
බංගලාදේශයේ ඇඟළුම් කම්හල් ගොඩනැගිල්ල කඩාවැටීමේ පසුබිම එතැනය. එහෙත් ඒ ශ්‍රමිකයින්ව සිටියේ මිනිසුන්ය. ඔවුහු එකිනෙකාගේ දුක බෙදාගත්හ, එක්ව සිනාසුනහ, එකිනෙකාට ආදරය කළහ. මිය යන මොහොතේ ඔවුන්ට මතකයට නැගුණේ තමන්ගේ සමීපතමයින්ය, ආදරය කළවුන්ය. සිත් පිත් නැති හාම්පුතුන් වැනිම වූ ඝනකම් කොන්ක්‍රීට් බිත්ති තම සිරුරු මත ඇද වැටෙද්දී ඔවුන්ගේ ඒ ආදරය වෙන් කළ නොහැකි විය.