කතෝලික ගීතිකාවේ ආරම්භකයින් කවුරුන්ද යන්න මෙහිලා විමසිය යුතුය. මෙකී සිංහල ගීතිකා ආරම්භ කිරීමේ ගෞරවය හිමිවිය යුත්තේ ඕරි තෝරියානු නිකායික ජුසේ වාස් පියතුමා බව හැඳින්වීම මූලාශ්‍ර අනුව නිවැරදිය. ප්‍රංශ හා ලතින් බස ආශ්‍රිත කතෝලික මේ කාලයේ දී භාවිත වුවද ඒ වෙනුවෙන් මේ පියතුමන් විසින් සිංහල මෙන්ම දෙමළ ගීතිකා යාÆ හා වත්පිළිවෙත් මෙරටට ගැලපෙන අයුරින් සංස්‌කරණය කරන ලදී. රූකඩ නාට්‍යයන් ප්‍රිය කල ශ්‍රී ලංකා වාසී ජනතාවට සුරුවම් ඇසුරුකොට පාස්‌කු දර්ශනය ආරම්භ කිරීමේ ගෞරවය හිමි විය යුත්තේ ජුසේ වාස් පියතුමාටය. ජුසේ වාස් පියතුමාගෙන් පසු කතෝලික ආගම ව්‍යාප්ත කිරීම ආරභයා, එතුමාට උර දී කටයුතු කිරීම සඳහාත්, සහායට කොන්තනේබ්‍රාහ්මණ ජාකෝමේගොන්සාල්වාස් පියතුමා පැමිණියේය. එතුමා එසේ පැමිණියේ ගෝව විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය ධුරයෙන් ඉවත් වීමෙන් අනතුරුවය. එතුමා සංගීත විෂයෙහි බොහෝ ඇසූ පිරු තැන් ඇති කෙනෙකි.
එතුමා බෞද්ධ භික්‍ෂුන් වහන්සේ ඇසුරු කරමින්, මේ රටේ සංස්‌කෘතිය පිළිබඳ යථාවාදී, තථාකාරී, ලෙස අධ්‍යයනය කළහ. එකී භික්‍ෂුන් වහන්සේත්, දස්‌කෝන් අදිකාරම් ඇසුරෙන් සිංහල උගත් උන්වහන්සේ මඳ ද්‍රවිඩ දැනුමක් තිබුණද, පොතපත කියවීමෙන් ද්‍රවිඩ බස ද ප්‍රගුණ කළහ. මේ නිසාම ගොන්සාල්වාස් පියතුමාට මේ රටේ ජීව ස්‌පන්දනය හඳුනා ගැනීමට හැකි වූ බව කිව යුතුය.
පහමුණේ පියතුමා ශෛමෝපාලි මහ නිකායේ මල්වතු පාර්ශ්වයේ නායක්‌තවය දැරූ ගරු පහමුණේ ශ්‍රී සුමංගල නායක ස්‌වාමින්ද්‍රයන් වහන්සේගේ සොහොයුරෙකු බව සඳහන් වේ. එතුමා "ඥනාර්ථ ප්‍රදීපය" පුවත්පතේ ප්‍රථම පැවිදි කතුවරයා විය. මේ රටේ කතෝලික සභාවේ දේශීය හුරුව මතු කිරීමට සිය ලේඛනය උපයෝග කරගත් ගරු එඩ්මන් පීරිස් ප්‍රථම සිංහල රාජගුරු ප්‍රසාදීන් වහන්සේ ලෙස මෙහිලා සඳහන් කළ යුතුය. උන්වහන්සේගේ ප්‍රථම සිංහල රදගුරු පමණක් නොව සිංහලකම පල්ලිය තුළට ගෙන ඒමේ ගෞරවය ද උන්වහන්සේට හිමි විය යුතුය.
උන්වහන්සේ ආගම පිළිබඳ හරයන් තුළනාත්මකව මැන බලා ඇගයුම් කළහ. මේ නිසාම උන්වහන්සේගේ ක්‍රියාමාර්ගයන් හේතුකොට බෞද්ධ - සිංහල, කතෝලික - සිංහල සමගියට අත්තිවාරම වැටිණි. චාම් දිවි පෙවතක් මෙන්ම, අදීන උරුමයන්ගෙන් කතෝලික පල්ලිය පෝෂණය කිරීමට උන්වහන්සේ කැපවූහ. පුරා විද්‍යා විෂයෙහි එතුමන් වෙතින් සිදු වූ සේවාව ඉමහත්ය.
"උපත, විපත, විවාහය යන අවස්‌ථා ආශ්‍රය කොට ගෙන ඇතිවූ චාරිත්‍ර වාරිත්‍ර ගැන සංසන්දනාත්මක හැදැරීමක් කළ එතුමා සමහර රෝම චාරිත්‍රවලට සමාන්තර ලෙස පවතින සිංහල සංස්‌කෘතික ගති පැවතුම් දනිනත්, එම සමානකම් එක ජාතියක් අනෙකකුගේ ආභාෂයෙන් ලබාගත්තා යෑයි එතුමා නොකියයි". (අතිගරු එඩ්මන් පීරිස් උපහාර කලාපය)
කතෝලික ගීතිකාව විෂයෙහි එඩ්මන් පීරිස් අගරදගුරුතුමාගේ නිර්මාණ පිළිබඳව සොයා බැලිය යුතුය. උන්වහන්සේගේ නිර්මාණයන් නයිනමඩමේ ඡේ. කේ. එස්. පෙරේරා සූරීන් ප්‍රභේද හතරකට බෙදා ඇත්තේය. (1) සමිදු නමඳු ගී (2) ග්‍රෙගෝරියානු ගී පෙරළි (3) ගැයුම් පුද කිසි ගී (4) නව නිවයුම් ගී වශයෙනි. හතර වැනි වර්ගය හැර මේ හැම ගීතයකම මූලය ලතින් හෝ ඉංග්‍රීසි නිර්මාණයෝයි. ඒවායේ අරුත් හා තනුව එම නිර්මාණයන් හි මුල් නිර්මාණය සමඟ සමානතාවයක් මතු වන අන්දමට නිර්මිතය. මුල්ම වර්ග කරන ලද නිර්මාණ වලට අයත් ගීතිකා 1942 දී මුද්‍රණය කරන ලද "ගී කළඹ" වේ.
ගරු එඩ්මන් පීරිස් රදගුරු තුමන් විසින් කතෝලික සසුන විෂයෙහි ඇති කරන ලද හර පෙරළියේ මංපෙත් ඔස්‌සේ ගමන් කළ කතෝලික පූජකතුමෝ අතර දිවංගත ගරු මෝසස් පෙරේරා, ගරු මර්සිලිනු ජයකොඩි, ගරු ඩබ්. ඒ. පීටර් පියතුමා, වෙසෙස් තැනක් ගනිති. දොන් ජෝෂප් හෙවත් සුනිල් ශාන්ත, නයිනමඩමේ ඡේ. කේ. එස්. පෙරේරා කතෝලික සභාවේ දේශජ සංගීත සංකල්පයෙන් පෝෂණය කළහ.
සිංහල කතෝලික ගීතිකාවේ මූලික වෙනස්‌වීම් පිළිබඳව විශ්ලේෂණයක යෙදීමේදී, ජුසේවාස් පියතුමා, ගොන්සාල්වාස් පියතුමා ආරම්භක පුරෝගාමීහු වූහ. එතුමා සිංහල ගීතිකා වෙනසක් ඇති කළ නමුත්, ඒ තුළින් සිංහලකම මතු නොවීය. මහා සටව ගරු ජෝන් පහමුණේ පියතුමා ගරු සී. වුනවේල් එම මග ඔස්‌සේම ලේඛනය නිර්මාණ කළ බව කිව යුතුය. එඩ්මන් පීරිස් රදගුරුතුමා බටහිර ගීතිකා ආර මෙන්ම ස්‌වතන්ත්‍ර ගීතිකා ද නිර්මාණය කළහ. කඪොර බස් ආර වෙනුවෙන් ගීතිකාවේ බස සුබුහුටි, සුමග, වදන් මාලාවක් වෙත ගෙන ඒමේ ගෞරව පෙරදැරිව පුද කළ යුතුය. ගරු මර්සිලිනු ජයකොඩි පියතුමා ගීතිකා නිර්මාණයේදී කවි සිතුවිලි වලින් යුතු ආගමික දෘෂ්ඨියකින් යුතු නව අන්තර්ගතයක් ගීතිකාවට එක් කළේය.
ජයකොඩි පියතුමා සිය ගීතිකාවන් පිලිබඳව "තටු" කවි සංග්‍රහයේ මෙසේ සඳහන් කරයි.
"අප ඇදහිලි ක්‍රම විදේශීය විය. වත්පිළිවෙත් විදේශීය විය. ගැයුම් විදේශීය විය. අප සංස්‌කෘතියට කොතැනකවත් ඉඩ නොතිබිණ. එය පිලිකුල් කරනු ලැබුවා පමණි. එයට පටහැනිව මගෙන් සීතල සටනක් බිහිවීම ඉබේම වූ දෙයකි".
"මුලින්ම යටත් විජිත බැමි වලින් ලිහෙනු සඳහා ඒ සමයේ තිබුණ දෙමුහුන් ගායනා ක්‍රමය වෙනස් කරනු පිණිස හෙළ තනු පදමාලා හා පුද පූජා වලට ඇතුලු කළෙමි. ඒ වෑයම ඇරඹුනේ තිස් ගණනන්වලය. මගේ වෑයම ජනප්‍රිය වූයේ වේගයෙන්ය. කොතැනකවත් ඇණ හිටිල්ලක් ඇති නොවීය. අදට මා තැනූ ගී 700 ක් පමණ ඇත. ලියූ පූජා ගායනා රටා 7 ක් ඇත. ඒවා දැන් පොත් වශයෙන් මුද්‍රණය වී භාවිත වෙයි. තැටිගත කළ ගී 26 ක් ඇත. පටිගත කළ ගී 61 ක් ඇත. ගී පොත් 11 ක් පළවී තිබේ.
"ඒ මගේ සීතල සටනේ එක් අදියරකි".
එතුමා රචනා කළ ගීතිකා ගුවන් විදුලි ගී බවට පත් වූයේ එවන් නව සිතුවිලි ජනනය වන හෙයිනි. කතෝලික හා කතෝලික නොවන කාගේත් ප්‍රසාදයට ලක් ව ඇති "ඡේසු දෙවියනි", "නෙළුම් පිපිලා" උදාහරණ වශයෙන් දැක්‌විය හැකිය.
ගරු පියතුමාගේ ආරම්භක ගුවන් විදුලි ගීතය කුමක්‌ද යන්න ප්‍රශ්නයක් වේ. එතුමාගේ අදහස අනුව නම් මුල්ම ගීතය මෙන්ම ගීතිකාව ද "සිපිරි සැම අසිරිසෝම" වෙයි. මේ ගීතය තැටි ගතකොට ඇත්තේ චිත්‍රා සෝමපාල යුවලයි. එම ගීත එදා මෙන්ම අද ද ගීත වශයෙන් ජනප්‍රියව පවතී.
සපිරි සැම අසිරි සෝම
මව්මරි සේම - පන වැනි
සකල දොaසයෙන් නි දොස්
සුවඳ රෝස කු සුමෙනි
නිති නිමල් වූ අති අමල් වූ
ම සුරතල් වූ මව් තැනේ
පුනිළුපුල්වූ ඔබේ උදුල් වූ
මවෙත දැස ලනු මැනේ
රූබර රම්ම - පෙම කරම්ම
පෙම්බර අම්මා මරියනේ
"ඡේසු රාජාණෙනි ඔබ වටලා
ගීත ගායා ඔබේ ගුණ වඩලා
සාදා දිසි සිරිපද පුදලා
පාද සිපා සැනසීම දෙමු
පාද සිපා - පාද සිපා - පාද සිපා - සැනසීම දෙමු
දුබල අපෙන් වන පව් නොබලා
ලෝක රසින් වන පව් නොබලා
නීච අපෙන් ඔබ වෙන් නොබලා
ඡේසු ඔබේ - දෙනුමැන සරණේ
මෙම ගීතය තුළින් මතු වනුයේ බොදුණු ආරක් දනවන, සාර්ථක නිර්මාණය. මෙහි පදමාලාව තුළ සංයම - සංයත බවක් මතුවන අයුරින් පද සංඝට්‌ටනය වී ඇත. ගීතයේ මුඛ්‍ය අර්ථය මතු කරන අන්දම "නීච අපෙන් ඔබ වෙන් නොබලා" ඡේසු ඔබේ දෙනු මැන සරනේ යොදා ඇත්තේය.
"දිබයි අපේ රාණි - ලක්‌සන ලක්‌රානි" ගීතය ද 1950 ගණන්වල නිර්මාණය වූවකි. මේ ගීතය ලංකාවේ සොබා සෞන්දර්ය තේමා කොට ඇත්තේය. අද අපේ විචාර මිනුම් දඬු අනුව නම් මෙම ගීතය වාර්තාමය ස්‌වරූපයක් ගනී. ගීතයකට අවශ්‍ය වන පරිදි මතුවන ගීතමය පද මෙහි දක්‌නට ලැබෙන බව නම් කිව යුතුය.
ඔබයි අපේ රාණි - ලක්‌සන ලක්‌රානි
පොලොන්නරුව අනුරාධපුර සීගිර//
සෙංකඩගල රාණි - ඔබයි//
රුහුණු පිහිටි මායා තුන් රට ඔබ
ලක්‌සන හොඳ රානි//
ඔබයි//
ඔබයි අපේ රාණි//
ලක්‌සන ලක්‌රානි//
පිදුරුතලාගල නමුනු සිරිපා
කඳුවන සිපිරානි
චිත්‍රා සෝමපාල ගයන ගීත අතුරෙන් ජනප්‍රිය ගීතයකි "ෙ-සු දෙවියනේ" ගීතය. මෙය මුලින් ගීතිකාව නිර්මාණය කරන ලද්දකි. මෙහි ඇති සාහිත්‍යමය හා කාව්‍යයමය වටිනාකම කිසියම් ඇගයුමක යෙදීම කළ යුතුය.
ඡේසු දෙවියනේ//
රොනට බදින බිඟු ඔබයි
කැකුළු මල මමයි
මලට සුවඳ ටික ඔබයි
සිඟිති පෙති මමයි
කිතු සමිදුන් හා අප අතර ඇත්තේ කවර බැඳීමක් ද? එය වනාහි රොනට වදින බිඟු - කැකුළු - මල සුවඳ - සිඟිති පෙති යන රූපකයන් තුළින් ප්‍රකට කර ඇත්තේය. මෙහි ඇති කෙටි කවි රස ජනනය වන අන්දමට වදන් පෙලගස්‌වා ඇත.
විලට වඩින මින් ඔබයි
පද්මිණිය මමයි
සුළඟ සලන සිලි ඔබයි
ලලිනිය මමයි - ඡේසු//
විලට වඩින මින් ඔබ වහන්දැය. පද්මිණ යනු මාය. සුළඟ සලිත කරන සිලි සිලිය ඔබ වහන්දැය. ලලනිය ම වෙමි. පද්මිණි මින් සිලි ලලනිය වැනි යෙදුම් ගීතයේ කාව්‍යමය බව ඉවහල් වේ.
පහන් දොරට හිරු ඔබයි
කුමුදිනිය මමයි
රැයට දිලෙන සඳ ඔබයි
සඳට රැය මමයි - ඡේසු//
පහන් දොරේ හිරු රැයට දිලෙන සඳ ඔබ වහන්සේමය. කුමුදිනියන් සඳට රැයක් මම වෙමි.
දියට මුහුදු දෙවි ඔබයි
ගලන ගඟ මමයි
දිගත පළල රළ ඔබයි
සිඟිති රළ මමයි
මුහුදු දියට දෙවියා ඔබ වහන්සේය. නිබඳ දිගත දිලෙන රළද ඔබ වහන්සේමය. ගලන ගඟ සිඟිති රළ මම වෙමි. සෝභාදහමේ අගනා නිමවුම් අතරින් දේවත්වය හා මිනිස්‌කම අතර බැඳි පවුරු චිත්‍රනය කරන්නේ එසේය.
කෝට්‌ටේ ශාන්ත තෝමසුනගේ දෙව් මැදුරේ බාලිකාවන් පිරිසක් ගුවන් විදුලි තැටියක් වශයෙන් ගැයූවකි "වරෙන් වරෙන් නත්තලේ." මේ ගීතය බිළිදු සිතක ඇතිවන නත්තල් පැතුම් සමුදායක් වේ. බොළඳ සිතකට නත්තලේ කී විට සිහි ගන්වන්නේ සමනල වර්ණ දේදුනු වර්ණ බවකි.
වරෙන් වරෙන් නත්තලේ
වරෙන් වරෙන් නත්තලේ
ඡේසු බිලිදු තුරුලු කරන් - වරෙන් නත්තලේa//
පොඩි නංගිට වළලු අරන්
වරෙන් නත්තලේ
අම්මට රන් තෝඩු අරන්
අක්‌කට මුතු පොටක් ගෙලට
නත්තලේa සීතල නලවැල් අතරින් පතන අහිංසක පැතුමක් - ඡේසු බිළිඳු තුරුළු කරන් - පොඩි නංගිට වළලු අරන් - අම්මට රන් තෝඩු කතාව අක්‌කට මුතු පොටක් ගෙලට ලැබේවාය යන්නය. නත්තල් ආසිරිය ළඟා කර දීමට කරනු ලබන පැතුමයි.
දිවංගත සී. ටි. ප්‍රනාන්දු ගුවන් විදුලියට ගැයූ තවත් ගීතයක් නම් "ඡේසු බිලිඳු ඉපදුනේ" යන ගීතයය. මෙය තවත් නත්තල් ගීතයක් වේ. බිලිඳු ඡේසු ඉපදුන රැය සිදුවූ දැ ගීතයට ලියවී ඇත්තේය. කෙටි විරිතකින් ලියෑවී ඇති එම ගීතය මෙසේය.
ඡේසු බිලිඳු ඉපදුනේ
ගමක ගෙයක ගවහලේ
රැක තාරකා කිය
ඡේසු බිලිඳු ඉපදුණා
නිසල ඒ මිහිරි රැයේ
රසවෑහේ මුතු පැහැයේ
අහස පුරා තරු එලිය දිලේ
ගමක ගෙයක නුදුරු ගවහල රැක තාරකාව වැනි යෙදුම් එම ගීතයට දෙනු ලබන්නේ වෙසක් එලියකි.
"ශ්‍රී ලංකා රාණි මැණියේ" ගීතය ද වෙසෙසින් සඳහන් කළ යුතුමය, මෙය වනාහි ප්‍රණාම ගීතයකි. අපේ දේශය විෂයෙහි කැප වෙමු. එම ගීයේ පහත සඳහන් ගීත ඛණ්‌ඩනයන් විමසා බලමු. මෙම ගීතයේ ස්‌වර නිර්මාණය මොසස් පෙරේරා පියතුමාගේය.
ශ්‍රී ලංකා රාණි මෑණියේ
ත්‍රී සිංහලේට මෑණියේ
දිනේ පවා නිදහතියේ
දිනේ කුමාරි මෑණියේ
මෙදින මෑණියේ ඔබට කැපවෙමු
ලංකා දීපයේ ඔබට පුදනෙමු
මියුරු මෑණියේ ඔබට නමදිමු
ලංකා රාණියේ ඔබට පසසමු
ශ්‍රී ලංකා රාණි - ත්‍රි සිංහලේම මෑණියේ - ලංකා දීප වැනි යෙදුම් සුලබ යෙදුම් මුත් එමගින් ගීතයේ ගීතවත් බව රැකීමට උපයෝගි වී ඇත.
සිංහල ගීතිකාවේ දේශජ බවට ද මතු කිරීම තුලින් ජයකොඩි පියතුමා මෙන්ම එඩ්මන් පීරිස් රදගුරුතුමා කළ මෙහෙය අගය කළ යුතු වේ. වත්මන් කතෝලිකයන් සැබෑ සිංහලයන් කිරීමේ ගෞරවය මේ යුග පුරුෂයන්ට ලබා දිය යුතුවේ. එතෙක් තිබූ තුප්පහි ආර සිංහල බවට පත් කිරීමේ පුරාවෘත්තිය තුළ ඒ නම් දෙක සදා අනුස්‌මරණය වේ.
Divaina
ඩබ්. කේ. ඒ. ඩබ්. ප්‍රනාන්දු
හිටපු ගුවන් විදුලි පාලක