Pages

Saturday, October 04, 2014

සංසාර සිහිනේ...


නෙළාගනු බැඳි හන්තාන සිහිනේ
දරා නෙත් අග දොවා සිත් මල්
ගොතනු මැන ළඳුනේ
සංසාර සිහිනේ...

වැහි පබළු යට රගමඬල මැද
ඔබේ දෑතේ තුරුලු වන්නට
බිසෝ හැර ගිය ළසෝ රගහල
අමාවක අඳුරේ
නොයනු මැන ළඳුනේ...

වඩින තුරු සද දුරින් ඉන්නම්
තරු ඇදුරු පෙම් ගී අහන්නම්
සොඳුරු ඒ සද දියේ එන්නම්
ඉඳිනු මැන සොඳුරේ
හන්තාන අරණේ...


ගායනය - පණ්‌ඩිත් අමරදේව සහ උමාරියා
පද රචනය - ජානක සිරිවර්ධන සංගීතය - අරුණ ගුණවර්ධන

ඇසෙන්නේ අප්‍රමාණ මිහිරකි. ඒ මිහිර උපදවනා සුසංයෝගයේ අරුමය විටෙක අප මවිත කරවයි. සිංහල ගේය සාහිත්‍යයේ අප්‍රමාණ සලකුණ වූ පණ්‌ඩිත් අමරදේවයෝ වෙණ නද සරි ස්‌වකීය මියුරුසර පුබුදුවා ලති. ඒ උමාරියා නම් යොවුන් ගායිකාව සමඟය. මුලින්ම මේ සුගායන සංයෝගය පිළිබද යමක්‌ ලියා තබනු වටී.

අමරදේවයන් ඇසුරු කිරීම, ඔවුන් හා ගැයුමක්‌ ගැයීම, ඔවුන් වෙත තනුවක්‌ නිර්මාණය කිරීම, ඔවුන් වෙනුවෙන් පද පෙළක්‌ ලිවීම මේ රටේ ගී කව් රස විඳිනා ඒ ඇසුරෙහි නිර්මාණකරණයේ යෙදෙනා සෑම සහෘදයෙකුගේම සිsහිනයකි. එවන් වූ අමරදේවයෝ නූතන ගී ගැයුම් රැල්ලේ පා වී එන උමාරියා නම් යොවුන් ගායිකාවගේ ප්‍රතිභාව පිළිබද පමණක්‌ සලකා, අතිශය මියුරු ස්‌වර රටා තුළ සුසර වන මහා බරසාර පද පෙළක්‌ ඇය හා ගැයුමට එක්‌වෙති. පණ්‌ඩිත් අමරදේවයන් විෂයෙහි අප තුළ අප්‍රමාණ ගෞරවනීය හැගීමක්‌ උපදවන්නේ මේ ප්‍රවේශය ය. අපේ නිර්මාණ සාහිත්‍යයේ යුගපුරුෂයෙක්‌ ලෙස සම්භාවනාවට ලක්‌වන ජීවමාන මහා ගාන්ධර්වයා වූ හේ ප්‍රකට කරනා මේ ප්‍රගතිගාමී චින්තන විලාසය, එහි ගැබ්වී ඇති ගැඹුර ඇත්තේ අපටත් වටහා ගත නොහැකි දුරකය.

අනෙක්‌ පසින් ස්‌වකීය ප්‍රමාණය හඳුනනා තරුණ නිර්මාණකරුවෝ යම් නිර්මාණයක්‌ සදහා අමරදේවයන් හා එක්‌වීමට ලද අවස්‌ථාව ස්‌වකීය නිර්මාණ ජීවිතයේ ලද අපමණ වු භාග්‍යයක්‌ කොට සලකති. උමාරියා නම් යොවුන් ගායිකාව එය ගනු ඇත්තේ කෙසේදැයි යන්න පිළිබදව අපට වැටහීමක්‌ නොවේ. එහෙත් උත්පත්තියෙන් ලද දුලන ප්‍රතිභාවේ යහ භාවිතය පිළිබද මුල්ම උත්කෘෂ්ට අත්දැකීම ඇය ලබා ඇත්තේ අමරදේවයන් හා ගැයූ මේ ගැයුමෙන් බව අපගේ හැගීමය. ඒ ගැයුම එපමණම රමණීයය. සහෘද රසවතුන් ආනන්දයෙන් පුරවා ලන්නේය.

මේ පද පෙළ ජානක සිරිවර්ධන නමැති කාව්‍යක්‌කාර රසවතාගේය. ඔහු තරම් සුකර ලෙස මානව සම්බන්ධතාවන්හි ගැබ් වූ අතිශය සියුම් වූත් ගැඹුරු වූත් විචිත්‍රත්වය රසාලිප්ත පදපෙළකට හසුකරගන්නා කවියෙක්‌ අපේ කාලයේදී හමුවේ නම් ඒ ඉතා විරලවය. 

ජානක සිරිවර්ධනයෝ කවියෙක්‌ වූ මියුරු කතාකාරයෙකි. විටෙක හේ අපේ මියුරුම කතාකාරයා වන්නේය. මලී, අත්තම්මා වැනි රටක්‌ රසවත් කළ දීර්ඝ රෑපවාහිනී මාලා නාටකයන්හි නිෂ්පාදකවරයා ඔහුය. මේ වෘත්තීය කතාකරුවාගේ විචිත්‍රත්වය වනුයේ ගීයක පදපෙළක්‌ නිර්මාණය කිරීමෙහිද ද ඊට පාදක වන කතාවක්‌ සොයා යැමය. ඒ ඇසුරෙහි චිත්ත රූප මැවීමය. ඒ මියුරු කතාවේ මානුෂික සංවේදනයන්හි චමත්කාරය උකහාගෙන රූපවාහිනි මාලා නාට්‍යාවලියකින් කිවයුතු කතාවක්‌ අතිශය දැනුවත් භාවයකින් තෝරාගත් පද තුළ ගැබ් කර කාව්‍යයක්‌ නිර්මාණය කිරීමය. "හන්තාන හීනේ" පද පෙළෙහි යටිපෙළේ ගැබ් කළ එවැනි විචිත්‍ර කතාවක්‌ තිබේ. ජානක සිරිවර්ධනයෝම ඒ රසපූර්ණ කතාව අපට කියති.

"අමරදේවයන් වෙනුවෙන් ගීයක්‌ නිර්මාණය කරන්නට හැකිවීම අතිශය භාග්‍යයක්‌. අමරදේවයන්ගේ ඉල්ලීම මත ඔහු වෙනුවෙන් ගීයක්‌ නිර්මාණය කරන්නට ඉඩ ලැබීම සැබෑ ලෙසම අප්‍රමාණ භාග්‍යයක්‌. අරුණ ගුණවර්ධන කියන මා කල්‍යාණ මිත්‍ර යොවුන් සංගීතඥයා මාර්ගයෙන් මේ යෝජනාව මා වෙත එනවා. අමරදේවයන් ප්‍රාර්ථනා කරන්නේ නව ගී පද රචකයෙක්‌, ප්‍රභාන්විත යොවුන් සංගීතඥයෙක්‌ හා ගායිකාවක්‌ සමග එක්‌ව ජව සම්පන්න නිර්මාණ කාර්යයක යෙදීම. යුග ගීතයේ ගායිකාව ලෙස අප යෝජනා කළේ උමාරියා නැමැති යොවුන් ගායිකාව. "

Wednesday, October 01, 2014

CHILDREN PORTRAY INNOCENCE AND PURITY

Children’s and Elders Day 2014:

“Children have never been very good at listening to their elders, but they have never failed to imitate them.” 
- James A. Baldwin

Children and elders are innocent. They should be treated with love and affection. Elders are the carriers of knowledge and experience. Elders are first and foremost teachers and role models. They are vital in the teaching process from infancy to adulthood.

Every child is regarded as a treasure. They make this world beautiful. Children are so valuable. They are pure and innocent. Children are said to be like wet cement, whatever falls on them makes an impression. They are the future of a country and it is only by taking care of them and guiding them on the correct path that discipline can be instilled in a country.

In Sri Lanka, International Elders Day and Children’s Day are both celebrated on October 1. The United Nations General Assembly voted to establish October 1 as the International Day of Elders from October 1, 1991 on December 14, 1990.

Elders’ Day is celebrated by raising awareness about issues affecting the elderly, such as senility and elder abuse. It is also a day to appreciate the contributions that older people make to society.

Togetherness

The United Nations’ (UN) Universal Children’s Day was established in 1954. Universal Children’s Day is celebrated on November 20 each year to promote international togetherness and awareness among children worldwide. UNICEF, the United Nations Children’s Fund, promotes and coordinates this special day, which also works towards improving children’s welfare.

Children’s Day is an event celebrated on various days in many places around the world. International Children’s Day is celebrated on June 1 and Universal Children’s Day is on November 20. The International Children’s Day had its origin in Turkey in 1920 and later in the World Conference for the Well-being of Children in Geneva, Switzerland in 1925.

On December 14, 1954, the UN General Assembly recommended that all countries should introduce an annual event from 1956 known as Universal Children’s Day to encourage fraternity and understanding between children all over the world and promoting the welfare of children. It was recommended that individual countries should choose an appropriate date for this occasion.

At the time, the UN General Assembly recommended that all countries should establish a Children’s Day on an “appropriate” date. Many countries respected this recommendation and the Universal Children’s Day has since been annually observed on November 20.

On November 20, 1959, the UN General Assembly adopted the Declaration of the Rights of the Child and on November 20, 1989, it adopted the Convention on the Rights of the Child. Since 1990, Universal Children’s Day also marks the anniversary of the date that the UN General Assembly adopted both the declaration and the convention on children’s rights.

Universal Children’s Day is part of the work carried out by UNICEF, the United Nations Children’s Fund. UNICEF’s logo consists of an image of a mother and child, a globe, olive branches and the word “UNICEF”. All parts of the logo are in UN’s blue color, although it may be presented in white on a blue background.

Rights

Many schools and other educational institutions make a special effort to inform children of their rights according to the Declaration of the Rights of the Child and the Convention on the Rights of the Child. Teachers stimulate their pupils to think about the differences between themselves and others and explain the idea of “rights”. In countries where the rights of children are generally well-respected, teachers may draw attention to situations in countries where this is not the case.

In some areas UNICEF holds events to draw particular attention to children’s rights. These may be to stimulate interest in the media around the world or to start nationwide campaigns, for instance on the importance of immunisations or breastfeeding.

Abuse takes place at home, in school, in institutions, at work, in the community, in armed conflict and natural disasters. Much violence against children, such as corporal punishment and sexual abuse, remains legal and socially approved in many countries.

The violence children face takes many forms, such as exploitation and abuse, trafficking, physical and humiliating punishment, harmful traditional practices and recruitment into armed forces and groups. Growing up with violence and abuse seriously affects a child’s development, dignity, and physical and psychological integrity.

It is the responsibility of every single person to safeguard children while taking care of the elders in society.

By Husna Inayathullah - Sunday Observer 

Wednesday, September 24, 2014

Many happy returns of the day LOST 1982. Have a wonderful year ahead.

රළු වදන් කියයි
රළු බැලුම් හෙළයි
සිත දුකින් පිරෙයි
පිහිතුඩක් පපුතුරෙහි
ඇනෙනු සේ  හැ‍ඟෙයි
සුළු වැරැද්දක් මහා මෙරක් ලෙස දකියි
අපහාස චෝදනා ගඟක් සේ ගලයි
මුදු වදන් කියයි යළි මුදු සිනා සලයි
මහද නළවා යළිත් ඔබ සෙනෙහෙ පුදයි
සෝ සුසුම් වේදනා
දුර ඈත ඇදෙයි
ඔබට මා මට ඔබ 
නැතිව බැරි බව හැ‍ඟෙයි.............. 


(Lost 1982)

Wicked and witty!

Finding Fanny

Five oddballs venture on a journey to find a long lost lover. The journey is no cake walk because it is scattered with obstacles and humorous incidents. Homi Adajania's English and Hindi satire has wit, heart and is beautiful till the last frame.

'Finding Fanny' is about seeking out a long lost love. Five individuals who are poles apart go on a road trip to find Fanny alias Stefanie Fernandez, the love of Ferdie's life. A postman in a quaint Goan village, Ferdie is shattered when he receives his love letter unopened after 46 years. He discloses this to his best friend, Angie, who resides with her mother-in-law, Madame Rosalina. Both ladies are widows and live a lonely existence with only a cat for a companion.

The meaning of love

Angie decides to help Ferdie reunite with his ladylove. The three along with Savio Da Gama, Angie's one time best buddy who has had an irritable crush on her for years, and Don Pedro, a talented painted who is fascinated with all things big including Madame Rosaline, embark on a road trip to find Fanny. Though whether they do find her or not seems to be the question in everyone's mind at first. The journey leads them towards an extraordinary path of discovery. Many home truths are uncovered as the miles fly by. Each individual finds out the meaning of love and many even find it at the end.

The story is off beat and is mainly aimed at those who love artistic productions. Humour arises out of everyday situations. The emotions displayed by the characters seem real. We can imagine ourselves faced by such situations and being overcome by similar feelings. Another striking element in the movie is that each and every character is well defined and manages to shine at some stage. Though these are all A-list actors in the cast, they manage to stay within the parameters of their characters. The film mostly belongs to Naseerudin Shah who plays Ferdie's role. Not only is he the character who launches the action by revealing his passion to Angie, his haunting eyes and clouded expressions speak volumes.

He can be unmannered in one instance and as bashful as a school boy in the other instance. Pankaj Kapur is a contrast to him and has some of the most humorous dialogs. Arjun Kapoor plays an arrogant mechanic who swings between emotions. His character sinks in gloom even after he has achieved what he desires.

A diverse flavour

Deepika Padukone looks angelic on the first frame and carries on the act but many a time we have seen a daredevil behind her character. Such a shock is apparent when we see her choosing a chicken and killing it to cook a meal. She oozes confidence and holds her own against everyone including the veterans. She has proved the fact that she can even wow the audience out of her comfort zone as the much sought after Bollywood heroine, seductress and girl next door.

Dimple Kapadia give a stunning performance as an obnoxious widow. She displays a tough exterior which hides an insecure persona. This is probably one of the best characters she has been handed over in years. Anil Mehta's cinematography is worth a mention because he has captured the rustic splendours of the Goa landscapes in all their glory.

The little Goa village where the action takes place makes a pretty picture. Its sun-dappled paths lead us to the protagonist of the tale as well as the other characters who support him. 'Finding Fanny' is not a comedy yet it will surely put a smile on your face. Wicked, witty, weepy and wild, the film is an original that many would enjoy and find memorable.

Adajania may have set the foundation for extraordinary productions through 'Being Cyrus' and 'Cocktail', but 'Finding Fanny' brilliantly mixes black humour and entertainment together in just the right doses. Adajania evenly keeps up the anticipation over whether Ferdie meets his beloved before giving a smart ending to the story. More than the climax the journey itself keeps the viewers hooked.

The film is of a diverse flavour from the typical Bollywood films. It has no melodrama as such or the typical boy meets girl and wins her over romance. Therefore 'Finding Fanny' would not appeal to all, especially fans of masala entertainers. This is a piece of coming-of-age cinema.

Monday, September 22, 2014

මේ නගරය මා ඔබ හෙට දකින නගරයයි

ගමක්‌, නගරයක්‌, පළාතක්‌ සංවර්ධනය කරන අතරවාරයේ, තවත් නගරයක්‌ "තැනීම" එතරම් පහසු කාරණයක්‌ නොවේ. බොහෝ දෙනෙක්‌ එසේ කරනවා තබා සිතන්නටවත් බිය වේ. එහෙත් පරදවන්නට බැරි යෑයි කියූ ත්‍රස්‌තවාදය මුලිනුපුටා දැමූ රටකට එවැන්නක්‌ බැරියෑයි කියන්නට බැරිය. ඒ නිසාම "නගරයක්‌ තැනීමේ" කාරණය ආරම්භ කෙරිණි. එය එසේ මෙසේ නගරයක්‌ නොව මුහුද ගොඩකර සාදන නගරයකි. නම්කර ඇත්තේ පෝට්‌ සිටි (PORT CITY) නමිනි.

මුහුද ගොඩකර තනන මේ නගරය හෙක්‌ටයාර් 233 ක භූමි ප්‍රමාණයකින් යුක්‌තය. පසුගිය සැප්තැම්බර් 17 වැනිදා නිල වශයෙන් එහි ඉදිකිරීම් කටයුතු ඇරඹිණි. මේ සංවර්ධන ව්‍යාපෘතිය එතෙක්‌ මෙතෙක්‌ අප රටේ සිදුවන සුවිශාලතම සෘජු විදේශ ආයෝජන සංවර්ධන යෝජනා ක්‍රමය ලෙස සැලකීමෙහි වරදක්‌ නැත.

අමාත්‍ය මණ්‌ඩල පූර්ණ අනුමැතිය යටතේ ශ්‍රී ලංකා වරාය අධිකාරිය, මහජන චීනයේ චයිනා කොමියුනිකේෂන් කන්ස්‌ට්‍රක්‌ෂන් සමාගම සමග එළැඹි අවබෝධතා ගිවිසුමක්‌ පරිදි චයිනා හාබර් ඉංජිනේරියන් සමාගම විසින් කොළඹ "පෝර්ට්‌ සිටි" ව්‍යාපෘතියේ ඉදිකිරීම් සිදුකරනු ලබයි. ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ව්‍යාපෘතියක්‌ ලෙස ක්‍රියාත්මක වන මෙම ඉදිකිරීම් ආයෝජනයන් සඳහා ශ්‍රී ලංකා ආයෝජන මණ්‌ඩලය (BOI) විදේශ ආයෝජන සඳහා පිරිනමන බදු සහන ද ලබාදේ.

මෙම සුවිසල් ආයෝජන සංවර්ධන ව්‍යාපෘතිය ආකාර කිහිපයකින් රටට ප්‍රතිලාභ අත්කර දෙන්නකි. ඉදිකිරීම් අංශයේ සියලුම ක්‌ෂේත්‍රයන්හි පුහුණු නුපුහුණු ලාංකීය ශ්‍රමිකයන්ද තාක්‍ෂණවේදීන්, ඉංජිනේරු හා ගෘහ නිර්මාණ ශිල්පීන් ඇතුළු ශ්‍රී ලාංකිකයන් අති විශාල පිරිසකට නව රැකියා අවස්‌ථා උදාවීම එහි ප්‍රමුඛතම ඵලයයි. එපමණක්‌ නොව එමගින් හිමිවන වක්‍ර රැකියා අවස්‌ථාද බහුලය. 

"පෝට්‌ සිටි" ඉදිකිරීම් නිමාවූ පසු එම "නගරයේ" සංචාරක, ප්‍රවාහන, ක්‍රීඩා, හෝටල් ආදී පරිපූර්ණ නගරයක අංග ස්‌ථාපිත වනු ඇත. එමගින්ද රැකියා අවස්‌ථා ගණනාවක්‌ බිහිවේ.

"පෝට්‌ සිටි" සාමාන්‍ය නගරය අත්‍යවශ්‍ය අවශ්‍යතා ලෙස හඳුන්වන විදුලිය, ජලය, සන්නිවේදන මහා මාර්ග ආදී සමස්‌ත යටිතල පහසුකම් වලින් සමන්විත පූර්ණ සංවර්ධන ව්‍යාපෘතියකි. 

පෝට්‌ සිටි ව්‍යාපෘතියේ සමස්‌ත ඉදිකිරීම් අධියර දෙකකින් සිදුකෙරේ. පළමු අදියරට දියකඩනය ඉදිකිරීම, ඉඩම් ගොඩකිරීම, පූර්ණ වශයෙන් අවසන් කිරීම හා සංවර්ධනය කළ හැකි ඉඩම්වලින් හෙක්‌ටයාර 75 ක ප්‍රමාණයක යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සිදුවේ.

දෙවන අධියර යටතේ ඉතිරි සංවර්ධනය කළ හැකි ඉඩම් හෙක්‌ටයාර 95 ක ප්‍රමාණයක යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සිදුවේ. පළමු අධියර වසර තුනකින් නිම කිරීමට යෝජිතය. පූර්ණ අධියරයන් නිම කිරීමට වසර 8 ක පමණ කාලයක්‌ ගතවේ.

එපමණක්‌ නොව යෝජිත වරාය නගරය කොළඹ දකුණු වරාය සඳහා ඉදිකෙරෙන ලද දියකඩනයෙන් ආරක්‍ෂා වේ. අලුතින් ගොඩකරන "පෝර්ට්‌ සිටි" හි ආරක්‍ෂාව සඳහා කිලෝ මීටර 3.25 ක දිගකින් යුත් ගොඩබිම හා සම්බන්ධ නොවන දියකඩනයක්‌ ඉදිකෙරේ. 

එම දියකඩනය සඳහා අවශ්‍ය මූලික අධ්‍යයනය අන්තර්ජාතික ප්‍රමිතියේ පරීක්‍ෂණාගාරයන්හි මේ වනවිටත් සිදුකර අවසන්ය. 

මෙම වරාය නගරය (PORT CITY) ආසියාවේ පරිපූර්ණ වාණිජමය කේන්ද්‍රස්‌ථානයක්‌ බවට පත්කරමින් ගොඩනැගෙන්නකි.

නිවාස හා කාර්යාල සංකීර්ණ, සුඛෝපභෝගී හෝටල්, ක්‍රීඩාගාර, ජල තීරු, මාවත් හා උද්‍යාන පමණක්‌ නොව ගොල්ෆ් පිටියක්‌ හා "ෙµdaමියුලා වන්" තරග ධාවන මං තීරුද මේ තුළ සැකසේ. නගරය තුළ ඉදිවන විශාල ඇළ මාර්ග පද්ධතිය මෙම නගරයට විශාල අලංකාරයක්‌ එක්‌කරන්නකි.

කොලොම්තොට ආසියාවේ අසිරිමත්ම නගරය බවට පත්කරන්නට වරාය නගරය (PORT CITY) හැකියාව ලැබෙනු ඇති බව අනිවාර්යය. 

අප ආණ්‌ඩුවේ විවේචනයට බඳුන් කළ යුතු තැන් විවේචනය කරන අතරවාරයේම සාධනීය දේ අගය කළ යුතුය. මේ කිසිවක්‌ "හම්බන්තොට" ගෙනයන්නට කරනු ලබන සංවර්ධන ක්‍රියාදාමයන් නොවේ. මේ නගර මංමාවත්හි අසිරිය නියමාකාරයෙන් අතිවිඳින්නේ එහි විපුල ඵල නෙලන්නේ අප නොවේ. ඉදිරි පරම්පරාවය. ෙµdaර්ට්‌ සිටි ඒ ගමන් මගෙහි එක්‌ කඩ ඉමක්‌ බව කිව යුතුය.