Pages

Sunday, May 11, 2014

Happy Mothers' Day to all mothers in the world...

ලෝක මව්වරුන්ගේ දිනය අදයි..

අද ලෝක මව්වරුන්ගේ දිනය. ලෝකෙ තැන් තැන්වල නොයෙක් දින මේ සඳහා සම්මත කරගෙන තිබුනත්, සාමාන්‍ය ලෝක සම්මතයක් විදිහට මැයි මාසෙ දෙවෙනි ඉරිදා 'ලෝක මව්වරුන්ගේ දිනය' කියල පිළිගන්නව.

මේ බව මූනු පොතේ මගෙ මිතුරෙක් මතක් කරල තිබුන. අවුරුද්දේ 365 දවසෙන් එක දවසක්... එකම එක දවසක් අපි අම්මාවරුන්ගේ දිනය කරගෙන. අවුරුද්දේ 365 දවසම, අවුරුදු ගනණාවක් තිස්සෙ තමන්ගෙ දාඩිය, මහන්සිය, කඳුලු මතින් අපි කාගෙත් ජීවිත් ගොඩනඟපු අපේ රත්තරං අම්මල වෙනුවෙන් එක දවසක් විතරක් වෙන් නොකර, අපේ ජීවිතේ හැම දවසකම ටික වෙලාවක් හරි වෙන් කරන එක හොඳයි කියලා තමයි මතකයාට හිතෙන්නේ. බටහිර බහුතරයක් මව් වරුන්ට වඩා මේ ලංකාවෙ අපේ අම්මලා තමන්ගෙ සැමියා, දරුවන් විතරක් නෙවෙයි රට වෙනුවෙන් කරන සේවය ඉතා විශාලයි. ඉතින් එහෙව් අපේ මව් වරුන් වෙනුවෙන් එක දවසක් මදි නේද?

ගතානුගතිකව අපේ සමාජය රඳාපවතින්නෙ අපේ මව් වරුන් විසින් ඉටු කරන අනන්ත වූ සේවය මත. අපේ ජාතියේත්, සංස්කෘතියේත්, පවුල් සංස්ථාවේත් මුර දේවතාවිය තමයි අම්මා. පිරිමි පිළිගත්තත්ත් නැතත්, අපේ හෙළ සමාජය මාතෘමූලික සමාජයක්. (මේ ගැන මීට කලිනුත් මතක පොතේ ලියවුනු බව මතකයාට මතකයක් ඇත.)

හෙළ මව් වරුන් විසින් ඉටුකරන්නා වූ නිහඬ සේවය, ඒ නිහඬ බව නිසාම අපට අමතක වේගෙන ගිහින්. ඒ ගැන කෙනෙකුට දැනෙන්නේ තමන්ගෙ රත්තරං අම්ම තවදුරටත් ඒ සේවය කරගන්න බැරි තරමටම දුර්වල වුනාම, එහෙමත් නැත්තම් සදහටම වෙන්වෙලා ගිය දවසට. අපි මොහොතකට හිතල බැලුවොත්, අපේ මව් වරුන් අතින් දෛනිකව ඉටුවන සේවය කොතරම්ද? ඇය රැකියාවක් කළද, නොකළද, ඇය අතින් රටට ඉටුවන සේවය අති මහත්. භාර්යාවක්, මවක් වශයෙන් ඇය ගෘහය පිළිබඳ සියලු කටයුතු සොයාබලන්නීය. ගෙදරදොර අස්පස් කිරීමේ, පිරිසිඳු කිරීමේ සිට, ආහාර පිලියෙළ කිරීම දක්වාත්, දූ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු පිළිබඳ සොයාබැලීමේ සිට, ගේදොර වියහියදම් පාලනය දක්වාත් සියලු කටයුතු ඇය අතින් සිදුවේ. අද මේ කටයුතු ආයම්මා අතට පත්වන්නේ මව්වරුන්ටද මුදල් හම්බකිරීමේ ආර්ථික සටනට උරදෙන්නට සිදුවන බැවිනි. නමුත් වැඩිපුර සොච්චමක් හම්බ කරගන්නට අප බිල්ලට දී ඇත්තේ පව්ලේ අනාගතයයි. කිසිදු ආයම්මා කෙනෙකුට අම්මාගේ අඩුව පිරිමහන්නට බැරිය. අම්මා තරම් ආදරයෙන් පරෙස්සමෙන් ආයම්මලාට කටයුතු කරන්නට බැරිය. එනිසා ඒ අඩුව සදහටම රස්සාවල් කරන අම්මලා ඉන්නා පවුල් වලට දැනෙනු ඇත. අනෙක් අතට මව්වරුනට ආර්ථික සටනට උරදෙන්නට සිදුව ඇත්තේ පවත්නා වූ තරඟකාරී ආර්ථික රටාවට පින්සිදුවන්නටය. තරඟකාරී ආර්ථික, සාමාජික තත්ත්වය නිසා සංකීර්ණ වන්නා වූ පවුලේ අවශ්‍යතා සපුරාලන්නට තාත්තාගේ ලේ කඳුලු තවදුරටත් ප්‍රමානවත් වන්නේ නැත.

අදටත් ගෘහණියක්/මවක් පමණක් වී තම වගකීම් සම්භාරය ඉටුකරන හෙළ කුළ කාන්තාවන් දක්නට ලැබීම වාසනාවකි. ඇය රටට කරන්නාවූ අතිමහත් සේවය මෙබඳු ලියන් නොමැති කලක රටට හොඳින්ම දැනෙනු ඇත. ඇය රැකියාවක් කර මුදල් උපයන්නේ නැතත්, ඇය තම සැමියා රැකියාවෙන් උපයන මුදල් අරපිරිමැස්මෙන් යුතුව වියහියදම්කිරීමම විශාල සෙවයක් නොවන්නේද? අනෙක් අතට බලන කල ඇය රැකියාවක් නොකලත්, අපේ රටේ ශ්‍රම හමුදාවම පෝශණය කරන්නී, ලකලැහැස්ති කොට සේවයට යවන්නි ඇයම නොවේද? ඉතින් එහෙව් අපේ මව් වරුන් වෙනුවෙන් එක දවසක් වෙන් කිරීම ඇද්ද?

සිව් හෙළයටම හෙළ මව් වරුන්ගේ පිහිටයි!

FB -

Friday, May 09, 2014

'Out of sight is not out of mind for babies'

Babies begin to recognise real-life objects from photographs at just nine-months-old, according to a new study carried out by scientists from the UK and the USA.

Researchers showed 30 babies aged between eight and nine months a life-size photograph of a toy for one minute.

The real-life toy was then presented to the babies, alongside a different toy.

The babies reached for the new toy, which, the researchers said, suggested that they recognised the pictured toy and found it less interesting than the new one, "because its novelty had worn off".

In a separate part of the experiment, carried out at Royal Holloway's specialised 'baby lab', the babies' attention was drawn to both toys, which were then placed in containers and hidden from view.

In this instance, the babies went for the toy they had seen in the picture - suggesting that they had formed an image of it in their mind, the researchers said.

Dr Jeanne Shinskey, from the department of psychology at Royal Holloway, said that the findings would be of interest to any parent or care-giver who has read a picture book to their infant.

"These findings suggest that, well before their first birthdays and their first words, babies are capable of learning about the real world indirectly from picture books, at least those that have very realistic images like photographs," she said.

"One brief exposure to a picture of a toy affects infants' actions with the real toy by the time they reach nine-months-old.

It also demonstrates that experience with a picture of something can strengthen babies' ideas of an object so they can maintain it after the object disappears - so out of sight is not out of mind."
- The Independent

Tuesday, May 06, 2014

2 States : The parent trap!

Chetan Bhagat has gained worldwide popularity for the witty sense of humour he generates in his novels. His semi-autobiographical work ‘2 States’ which tells the story of his marriage is one of his most popular and well loved books. However Abhishek Varman’s debut directorial attempt in bringing the story onto screen is a classic example why books should not be made into films.

Nothing new

‘2 States’ is about Krish Malhotra, a young Punjabi college lad who falls for fellow IIM college mate, a Tamilian girl called Ananya Swaminathan. After the two overcome some hurdles they decide to spend their life together. However they soon realize that marriage is not simply about boy loves and wants to marry girl and vice versa. It is a much longer and more complicated process where the boy has to win over the girl’s parents and the girl has to woo the boy’s parents. The icing on the cake is that both parties are from different states and communities and cannot stomach each other’s differences.

Krish also has issues with his father. His mother is kind hearted but has a nasty habit of voicing her displeasures in the open. Ananya’s parents are more docile. Her mother is fond of singing while her father is tired of office work.

Cultural differences between communities are often barriers to romantic relationships in Bollywood. Therefore ‘2 States’ offers nothing new to its audience. What could have worked wonders is if the filmmaker had highlighted upon these differences instead of focusing only on Krish’s and Ananya’s plight. Apart from a few passing comments, such incidents are not highlighted in ‘2 States.’ This is simply old wine in new bottle.

Overlong

The movie is also overlong. We get moments in which almost no action takes place. The editor should have spent more time cutting and trimming the story down to size.

Some of the plus points in the film are in the beauty of is scenes, the songs by Shankar-Ehsaan-Loy, expert styling by Manish Malhotra, Shiraz Siddique, Natascha Charak and Nikita Mohanty and in its sumptuous production design by Amrita Mahal Nakai. A lot of work has gone into this project along with a lot of money being spend as well. It certainly shows on screen.

Arjun Kapoor is soulless as Krish. He has a wounded puppy dog look plastered on his face in most instances and has a very reserved take on life. One almost wonders what a lively girl like Ananya sees in him as the story proceeds. He is too cowardly to take manly decisions at times.

A new and improved twist

The only winning streak in the film is Alia Bhatt who plays the role of the zesty Tamilian Ananya with ease. She brings about freshness to the film and though she is cute and bubbly on the outside, we see that she can be quite fiery when she is faced with unfairness. She has a smart head on her shoulders and is geared by determination. In fact, at one point, we realize that Krish has gotten this far in almost winning her hand is due to the way in which she persuades him. She even has to rattle him around a bit to get a proposal out of him even though they had been living together for two years at college.

The supporting cast comprises some of the veterans in the industry. Amrita Singh and Ronit Roy make their presence known in their scenes. Revathy is used as an interesting foil for Singh. Shiv Subramaniam enacts his grumpy role well.

Rajkumar Hirani may have struck gold when he loosely adapted his hit ‘3 Idiots’ on Bhagat’s ‘Five Point Someone.’ However Varman was not able to follow his path. While Hirani has expanded and given the tale a new and improved twist, Varman has religiously struck to every detail in the story leaving out its key ingredient in most instances. The movie simply lacks Bhagat’s wit!

www.dailynews.lk- Ruwini Jayawardana

Saturday, May 03, 2014

ගැබිනි මවුවරුන්ට සුබ ආරංචියක්

දරු ප්‍රසූතිය පහසු කරවන උපකරණයක් තැනෙයි

දරු ප්‍රසූතියකට සූදානම් වන ඕනෑම කාන්තාවක් තුළ යම් තැතිගැනීමක් හට ගැනීම අරුමයක් නොවේ. විශේෂයෙන් ස්වාභාවික දරු උපතක් බලා‍පොරොත්තුව සිටිනා ගැබිනි මව්වරුන් තුළ එකී තැතිගැන්ම වැඩි වශයෙන් දැකිය හැක. බොහෝ ගැබිනි කාන්තාවන් සිසේරියන් සැත්කම් මගින් දරු ප්‍රසූතියට සූදානම් වීමටත් මෙකී තැතිගැන්ම හේතු වෙන බව වෛද්‍යවරුන්ගේ මතයයි.
දශක ගණනාවක සිට ලෝ පුරා වෛද්‍යවරුන් දරු ප්‍රසූතිය පහසු අත්දැකීමක් කිරීම සඳහා විවිධාකාර පර්යේෂණ සිදු කරන මුත් ඒ කිසිම පර්යේෂණයකින්වත් බලා‍පොරොත්තු වූ සාර්ථක බව දැකගත නොහැකි විය.
එහෙත් ආජන්ටිනා ජාතිකයෙකු දරු ප්‍රසූතිය පහසුකරනා අපූරු උපකරණයක් නිර්මාණය කරන්නට සමත් වී තිබෙන බවත් එකී උපකරණය ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් අනුමත කර ඇති බවත් පසුගියදා ලෝ පුරා ජනමාධ්‍ය වාර්තා කළේය. මෙහි විශේෂත්වය වනුයේ එකී ආජන්ටිනා ජාතිකයා වෛද්‍යවරයෙකු හෝ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සේවකයෙකු නොවීමයි. සැබවින්ම ඔහු ආජන්ටිනාවේ මෝටර් රථ කාර්මික ශිල්පියෙකි. ජෝර්ජ් ඕ’ඩොන් නම් 59 හැවිරිදි මේ පුද්ගලයාගේ නිර්මාණය කොතරම් වැදගත් වුවත් එය හිතා ගන්නට බැරි තරම් සරල උපකරණයකි. ඇත්තෙන්ම මෙම උපකරණය ‍පොලිතින් බෑගයක් සහ එයට සම්බන්ධ ඉන්සර්ටර්
නම් උපකරණයකින් සමන්විතය. මේ කොටස් දෙකට අමතරව මෙහි කුඩා බටයක් (සේලයින් බටයක් වැනි) සහ එහි කෙළවරට සම්බන්ධ කළ රබර් බෝලයක් ද ඇතුළත් වෙන බව ජෝර්ජ් ඕ’වෝන් පවසයි.
මෙහි ප්‍රධාන අංශය වනුයේ ‍පොලිතින් බෑගයයි. එය අඟල් 20ක් පමණ දිගින් යුතු වෙන අතර එහි යට කෙළවර අඟල් 6ක් පමණ ඇතුළට නවා තිබෙනු දැකගත හැක. මෙහි උඩ කොටස මුද්‍රා තබා සකසා ඇති අතර අප දකින සාමාන්‍ය බෑගයක මෙන් මෙම උඩ කොටස සිහින් හැඩලයක්ද නිර්මාණය කර තිබේ. මෙම උඩ කොටසින් බෑගය තුළට ඇතුළු කර ඇති ඉන්සර්ටරය දැකිය හැකියි. මෙම ඉන්සර්ටරයේ ඇතුළු කෙළවරට කුඩා රබර් පුනීලයක් වැනි යමක් සවිකර තිබෙනවා. ඊට අමතරව ඉන්සර්ටරය ඇතුළට යොදා ඇති විශේෂිත බටයක් ද දැකගත හැක. මෙම බටය කෙළවරට
සම්බන්ධ විශේෂිත අඬු 4ක් දැකගත හැක.
මෙම උපකරණය යොදා ගෙන දරු ප්‍රසූතිය සිදුකිරීමට වෙනත් විශේෂ උපකරණ කිසිවක් අවශ්‍ය නැති බව ඕඩොන් පවසයි. ඒ සඳහා මව සාමාන්‍ය ආකාරයෙන් සයනය කරවිය යුතු වන අතර ප්‍රසවය ඇරඹීම, ගැබ් ගෙල විවර වීම, ආදී ක්‍රියා සාමාන්‍ය ප්‍රසූතියකදී මෙන් වෛද්‍ය අධීක්ෂණයට ලක් විය යුතුයි.
මෙම උපකරණය මවගේ යෝනි මාර්ගය තුළින් ඇතුළු කිරීමට සුදුසු අවස්ථාව සරල ඥතමඪජ පරීක්ෂණයකින් පසු තීරණය කළ හැකි බව මෙම උපකරණය පිළිබඳ පර්යේෂණය
කරන ප්‍රසව හා නාරිවේද වෛද්‍යවරු පවසති. මෙය මවගේ ශරීරයට ඇතුළු කිරීමට පෙර ‍පොලිතින් බෑගයේ මෙන්ම මවගේ යෝනි මාර්ගයේද සාමාන්‍ය ලිහිසි කාරකයක් ගැල්විය යුතු වෙයි. මේ සඳහා වට්ටෝරු රහිතව පවා මිලදී ගත හැකි වෙළෙඳ ‍පොළේ සුලබ ජෙල් වර්ගයක් හොඳටම ප්‍රමාණවත් බව වෛද්‍යවරු පවසති.
මෙම උපකරණය සම්බන්ධව ඉන්සර්ටරය මගින් දරුවාගේ හිස ස්පර්ශ කර අනතුරුව ඉන්සර්ටරය ඇතුළත ඇති බටයට සම්බන්ධ අඬු හතර මගින් ‍පොලිතින් බෑගයේ පහළ කෙළවර දරුවාගේ හිස සහ මුහුණ වටා යවා ගෙල ප්‍රදේශයට ගෙන ආ යුතුයි. (ඉන්සර්ටරය සම්බන්ධ අඬු ඉතා සැහැල්ලු ද්‍රව්‍යයකින් ඔතා ඇති බැවින් දරුවාගේ මුහුණට කිසිදු හානියක් තබා සීරීමක් වත් සිදු නොවේ.
‍පොලිතින් බෑගය ගෙල වටා රැඳවූ පසු ඉන්සර්ටරය ඉවත් කළ හැක. අනතුරුව ඉන්සර්ටරය ඉවතට ගත් ස්ථානය ඇඟිලිවලින් තද කිරීම මගින් මුද්‍රා තැබිය යුතුය. ඉක්බිතිව උපකරණය සම්බන්ධ කුඩා බටය කෙළවරේ ඇති බෝලය මිරිකමින් බෑගය තුළට සුළං ප්‍රමාණයක් ඇතුළු කළ යුතුයි. සුළං ඇතුළු වීම නිසා දරුවාගේ හිස සහ මුහුණ මතින් ගෙල දක්වා වැටුණ බෑගය හොඳින් තදවේ. අනතුරුව බෑගයේ උඩ කෙළවරට සම්බන්ධ හැඬලය මගින් ක්‍රමානුකූලව දරුවා පිටතට ඇදගැනීම සිදුකරයි.
මෙම උපකරණය පිළිබඳ අදහස් ඕඩොන්ගේ සිතට පැමිණ ඇත්තේ යූ ටියුබ් ඔස්සේ විකාශනය වූ වීඩියෝවක් දැකීමෙන් බව ඔහු පවසයි. එම වීඩියෝ පටයේ සුළං පිරවූ බෑගයක් මගින් වයින් බෝතලයක් තුළට වැටුන කිරළ මූඩියක් ඉවතට ගන්නා අයුරු දුටු ඕඩොන්ට මෙම මූලධර්මය යොදා කළ හැකි වෙනත් ක්‍රියාවක් ගැන සිතුවිලි පහළ වෙන්නට විය.
මුළු දවසක් මේ ගැන සිතූ ඕඩොන්ට එදින මධ්‍යම රාත්‍රියේ වයින් බෝතලයකින් කිරළ මූඩිය පිටතට ගන්නා ආකාරයට ගර්භාෂයෙන් දරුවෙකු පිටතට ගත හැකි බව වටහා ගත හැකි විය. මධ්‍යම රාත්‍රියේම තම බිරිඳ නින්දෙන් අවදිකොට ඔහු ඇයට තම අදහස පවසා තිබේ. ඉන් කුපිත වූ ඇය, අනෙක් පසට හැරී නිදා ගන්නා ලෙස ඔහුට පවසා යළි නින්දට ගිය බව ඕඩොන් පවසා තිබේ.
පසුදා ඔහු තම ගරාජයට ගොස් මෙම උපකරණයේ මූලික ආකෘතිය සාදා තම පවු‍ලේ ප්‍රසව වෛද්‍යවරයා වෙත ගොස් එය පෙන්වා තිබේ. ඕඩොන් හා පැවැති කෙටි සාකච්ඡාවකින් පසු මෙම උපකරණයේ සාර්ථක බව වටහාගත් මෙම වෛද්‍යවරයා මේ පිළිබඳ සෙසු වෛද්‍යවරුන් දැනුවත් කර ඇත. ඒ අනුව ඕඩොන්ට මෙම උපකරණය සම්බන්ධ පේටන්ට් අයිතිය ලබා ගන්නා ලෙස එම වෛද්‍යවරුන් පවසා ඇත.
මෙම උපකරණයට පේටන්ට් අයිතිය ලබාගත් ඕඩොන් ලෝක සෞඛ්‍ය සංවිධානයට මෙම උපකරණය ඉදිරිපත් කර තිබේ.
මෙම උපකරණය ලෝක සෞඛ්‍ය සංවිධානයේ අගැයීමට ලක්ව තිබෙන අතර අත්හදා බැලීමේ මට්ටමින් ලතින් ඇමෙරිකානු රටවල් කිහිපයක මෙන්ම දකුණු අප්‍රිකාවේ ග්‍රාමීය පෙදෙස්වලද මෙම උපකරණය භාවිත කරන බව වාර්තා වේ. ඕඩොන්ගේ අපූරු උපකරණය භාවිත කර මේ වන විට දරු උපත් සිය ගණනක් සිදුකර තිබෙන අතර ඒ සෑම මවක් සහ දරුවෙකුම ඉතා සුවෙන් සිටිනා බව වාර්තා වේ.
ඕඩොන්ගේ උපකරණය ස්වාභාවික දරු උපත් සිදු කරන මව්වරුන් අතර ඉදිරියේදී බොහෝ ජනප්‍රිය වනු ඇති බව වෛද්‍යවරුන් පවසයි. මෙම උපකරණය නිසා දරු ප්‍රසූතිය සඳහා වැය වන කාලය අඩු වන අතර, ස්වාභාවික උපතකදී මවගේ යෝනි මාර්ගය ආශ්‍රිතව ඇතිවන සංකූලතාවන් සහ තුවාල නිසා ඇතිවන අපහසුතාවන්ද මගහැරෙන බවද වෛද්‍යවරුන් වැඩිදුරටත් පවසයි. එමෙන්ම මෙම ක්‍රමය අඬු භාවිතා කර ප්‍රසූතිය සිදුකිරීමට මෙන්ම වැකුම් ක්‍රමයට දරුවන් බිහි කිරීමටද වඩා ආරක්ෂා සහිත බව එම වෛද්‍යවරු පවසති.
විශේෂයෙන්ම උපත් මාර්ගය ආශ්‍රිත ගැටලු නිසා දරු ප්‍රසූතිය අසීරු වන, එහෙත් සිසේරියන් සැත්කම් සඳහා මුදල් නොමැති දිළිඳු කාන්තාවන්ට මෙම ක්‍රමය ඉතා අස්වැසිල්ලක් බව වෛද්‍යවරු පවසති. වරක් භාවිතා කර ඉවත දැමිය හැකි මිල අඩු ලාබදායි උපකරණයක් වන මෙය, දිළිඳු රටවල මව්වරුන් අතර ඉහළ පිළිගැනීමකට ලක්වෙන බව පැහැදිලිව පැවැසිය හැකිය යැයි වෛද්‍යවරුන් ගණනාවක් පවසා තිබේ.
මෝටර් රථ කාර්මිකයෙකු ලෙස ඕඩොන් සතුව ඇති දැනුම මෙම උපකරණය නිෂ්පාදනයේදී භාවිත කර ඇති බව ඕඩොන්ගේ මිතුරන් පවසයි. මෙම උපකරණයේ ඉන්සර්ටරය
කෙළවරට සවිකර ඇති රබර් පුනීලය නිසා එය මෝටර් රථ කාර්මිකයන් කපාට සවිකිරීමේදී භාවිතා කරනා ‘වෑල්ව් මුල්’ එකකට සමාන බව පවසන ඔවුන් ප්‍රසූතිය සහ කාන්තා ශරීරය ගැන ඕඩොන් තුළ වූ නොනැසෙන කුතුහලය මෙම නිර්මාණයේ පදනම බව පවසයි.

සිහින් සිරුරකට සිහින මවා මරණයට අතවැනූ යුවතියක් පිළිබඳ සංවේදී කතාවක්

මහත ශරීරවලින් යුත් නිරූපිකාවන් වර්තමානයේ කොතෙකුත් සිටියද, සිහින් සිරුරකින් යුක්තවීම නිරූපිකාවකට අත්‍යවශ්‍ය ශාරීරක සුදුසුකමක් ලෙස සමාජයේ තවමත් සැලකෙයි. එබැවින් බොහෝ තරුණියන් සිහින මවන්නේ අනවශ්‍ය තරබාරුව අඩුකරගෙන හැඩකාර සිහින් සිරුරක් හිමිකරගැනීමටය. කෙසේ වෙතත් එම සිහිනය හඹායාමට ගොස් ජීවිතය පවා අනතුරේ හෙළාගන්නා අය අද තරුණ පරපුර අතර අපමණය.
24 හැවිරිදි එංගලන්ත ජාතික තරුණියක වන එමා ඩෆීගේ දෙමාපියන් සිය රෝගී දියණියගේ ඡායාරූප පසුගිය සතියේදී අන්තර්ජාලය හරහා ප්‍රසිද්ධියට පත්කළේ දියණිය පෙළෙන රෝගී තත්ත්වය පිළිබඳ සමාජය දැනුවත්කිරීමට පමණක් නොව ඇය මරණයෙන් ගලවාගැනීම සඳහා වෛද්‍ය ප්‍රතිකාර වෙනුවෙන් වුවමනා කරන මුදල් එක්රැස් කරගැනීමේ අරමුණ ඇතිවය. ඒ ජාතික සෞඛ්‍ය සේවාව මගින් ඇගේ ප්‍රතිකාර සඳහා මතෛක් ලබාදුන් මුදල තවදුරටත් ප්‍රදානය කිරීම ප්‍රතික්‍ෂේපකොට තිබූ නිසාය. වසරක කාලයක් තිස්සේ ආහාර ප්‍රතික්‍ෂේප කරමින් දියර ආහාරවලින් පමණක් යැපෙන එමා ඩෆී අද ජීවිතයත් මරණයත් අතර සටන් කරන්නේ මහත් වීමට ඇය තුළ තිබූ අධික බිය හේතුකොටගෙනය.
එමා පීඩා විඳින රෝගී තත්ත්වයේ නම Anorexia nervosa ය. කෙට්ටු සිරුරක් ලබාගැනීමේ ආශාවෙන් පෙළෙන ඇතැම් තරුණ තරුණියන් ගොදුරුවන මෙම රෝගය ඇතිවන්නේ ශරීරය මහත්වීමට ඇති අධික බිය හේතුවෙන් කෙට්ටුවීම අරමුණු කරගෙන දිගින් දිගටම ආහාර ප්‍රතික්‍ෂේප කිරීම හේතුවෙනි. Anorexiaයනු අවසානයේ මරණය දක්වා දුරදිග යා හැකි තරම් ප්‍රබල රෝගී තත්ත්වයකි. මන්ද ආහාර ප්‍රතික්‍ෂේප කිරීම ශරීරය අධික ලෙස කෘෂවීමට පමණක් නොව හෘදය සහ වකුගඩු ආදී අවයවයන්ගේ ක්‍රියාකාරීත්වටද සෘජුවම බලපෑම් ඇතිකරන බැවිනි. 
එමා ඩෆීගේ දෙමාපියන් සඳහන් කරන පරිදි ඇය තුළ මෙවැනි රෝගී තත්ත්වයක් ඇතිවීමට හේතුවී ඇත්තේ ඇය අට හැවිරිදිව සිටියදී මුහුණදුන් එක්තරා සිදුවීමකි. එනම් මහත සිරුරකින් යුක්ත වුවහොත් නර්තන කටයුතුවල යෙදීමට නොහැකිවන බවට ඇගේ නැටුම් ගුරුවරිය සිසුවියකට අවවාද කරනු ඇයට දක්නට ලැබිමය. කෙසේ වෙතත්, එම වයසේ සිටම Anorexia රෝගය ඇය තුළ වර්ධනය වී තිබුණද ඒ බව වඩාත් ප්‍රකටවී තිබෙන්නේ ඇයට වයස 16ක්ව තිබියදීය.
දිනෙන් දින Anorexia රෝගය ඇය තුළ වර්ධනය වී අවසානයේ ආහාර මුළුමනින්ම ප්‍රතික්‍ෂේප කරන මට්ටමට පත්ව ඇති ඇය දැන් යන්තමින් දිවිගලවාගෙන සිටින්නේ දියර ආහාර ශරීරය තුළට ඇතූළු කිරීමට වෛද්‍යවරුන් නියමකර තිබෙන නිසාය. ඇගේ ජීවිත ගලවාගැනීම සඳහා පෞද්ගලික වෛද්‍ය ප්‍රතිකාරවල පිහිට පැතීමට සූදානමින් සිටින ඇගේ දෙමාපියන් ඉදිරි වෛද්‍ය ප්‍රතිකාර සඳහා අවශ්‍ය පවුම් මිලියනක මුදලක් එකතු කර ගැනීමට උපකාරවන ලෙස අන්තර්ජාලය ඔස්සේ ආයාචනයක්ද ඉදිරිපත්කොට තිබේ.
Anorexia රෝගය අරභයා ප්‍රකටවූ අලුත්ම රෝගියා එමා වුවද, එම රෝගයෙන් පීඩා විඳ අවසානයේ ජීවිතයෙන් පවා වන්දි ගෙවීමට සිදුවූ ජනප්‍රිය චරිතද ලොව බොහෝ සිටිති. මෝස්තර නිරූපිකාවන් ලෙස කටයුතු කළ උරුගුවේ ජාතික සොහොයුරියන් දෙදෙනකු වන එලියන් රැමෝස් සහ ලුයිසෙල් රැමෝස්, බ්‍රසීල ජාතිල නිරූපිකාවක වන ඇනා කැරොලිනා සහ ප්‍රංශ ජාතික නිරූපිකාවක වන ඉස්බෙලාකාරෝ එම රෝගය වර්ධනය වීම හේතුවෙන් මරණයට පත්වූ එබඳු තරුණියන් කිහිපදෙනෙකු ලෙස හැඳින්විය හැකිය. Anorexia රෝගීන් පුරුෂ පාර්ශවයට වඩා කාන්තා පාර්ශවය තුළ වැඩිවශයෙන් දැකගත හැකි වුවද තරුණයන්ද ඊට ගොදුරුවන අවස්ථා නැතිවා නොවේ. නිරූපන ශිල්පියකු වන ජෙරම් ගිලිට්සර් සහ “My Life as a male Anorexia” කෘතියේ රචක මයිකල් ක්‍රැස්තව් එම රෝගයට ගොදුරුව ජීවිතය අහිමිකරගත් ප්‍රකට තරුණයන් දෙදෙනකු වේ.