දැන් ඉර අවරට ගොස් රාත්‍රිය උදා වෙමින් මුළු නගරයම විවිධාකාර පීඩාවන් විදගනිමින් නේක වර්ණ විදුලි බුබුළු වලින් දහල් කාලයේ පැවති අවලස්සන නැති කරමින් මේ නගරය විවිධ පාටින් වර්ණ ගන්වා ඇත. මරදානට ඉහල අහසේ ඉතා නොබෝ දිනකින් පිපෙන්නට වෙර දරන නෙළුම් කුළුන දෙස බලාගෙන මමත් ලකී අයියත් විවිධ වු දෙවල් කථා කරමින් මේ අහස යට එදිනෙදා අපි විදින විදවමින් සිටින සමාජ, ආර්ථික හා දේශපාලන අත්දැකීම් බෙදා ගනිමින් මරදාන අහස යටද සිදුවන බොහෝ දේ සම්බන්ධයෙන් සාම්ප්‍රධායිකත්වයෙන් ඔබ්බට ගිය සල්ලාපයක නිතරවීමට හිතාගෙන මරදාන ගුවන් පාලම උඩට ගොඩවීමු.
දැන් පරිසරය ඉතා සාමකාමී වී ඇත. දවසේ කටයුතු නිමාකර කඩ සාප්පුවල දොරවල් අඩක් වැසී ඉතිරි අඩත් වැසීමට ආසන්නය. දැන් මේ නගරය නින්දට සැරසුනත්, මේ රාත්‍රීකාලයේ අප සිටින මේ ඉසව්ව තවත් නිසොල්මනේ කෙරෙන කටයුක්තකට අර අදිමින් සිටින බවක් දැනේ.
මම මරදානට
ඇවිත් අවුරුදු හතක් වුනත්, ලකී අයියා ඉපදිලා තියෙන්නේ මරදානේ. ඔහු මරදාන ගැන බොහෝ දෑ
දනී. ලකී අයියට මේ නගරයේ සාමාජ සංස්කෘතිය හා බැදුනු සංසිද්ධීන් සම්බන්ධයෙන් තියන
අවබෝධය ගැන මටනන් හිතෙන්නේ, ඔහු මේ නගරයට විශ්වවිද්‍යාලයක් කියල. ඔහු ඒතරමට ම
මරදාන සම්බන්ධයෙන් සංවේදීයි.
ලකී අයියගේ
දෛනික රාජකාරිය මේ නගරයට එන යන අය පරිස්සමට ඔවුන් අවශ්‍ය තැනට ත්‍රීවීල් එකෙන්
සාධාරණ ගණකට ගෙනියන එක ඔහු ඒ කටයුත්ත හරියටම කරනව කියල මට හිතෙනව. ඔහු ගැන හා
ඔහුගේ අත්දැකීම් සම්භාරය ගැන තියෙන්නේ වෙනමම කතාවක්, කොහොම වුනත් ලකී අයිය තමන්ගේ
වැඩේ අවංකවම කරන අතලොස්සක් මිනිස්සුන්ගෙන් එක්කෙනෙක්. මිනිස්සුන්ට දැනෙන්නේ
නැතිවෙන්න ගෞරව කරන්න ආදරය කරන්න පුළුවන් සුන්දර මිනිහෙක්.
දැන වේලාව සවස
1.30 යි වරුවක නිවාඩුවක් අරගෙන වරුවක් මරදානේ කරක් ගහන්න හිතාගෙන කාර්යාලයෙන්
එලියට බැස්ස මට මඟදී ලකී අයිය හමුවෙනව ඒත් තව ටිකක් හවස්වෙලා හමුවෙන
බලාපොරොත්තුවෙන් තාවකාලිකව මම ලකී අයියගෙන් සමුගන්නව. දැන් මම මරදානේ ෆෘට් සිටිය
ගාවින් කොයි පැත්තට යන්නද කියල හිතන කොටම කොළු පැටව් කීප දෙනෙක් පේමට් එක දිගේ
මරදාන ස්ටේෂන් එක පැත්තට හනි හනිහකට යනව. දැන් ෆෘට් සිටි එක ලඟ පාරත් හරි කලබලයි.
දැන් එතනත් කලර් ලයිට් හයිකරල. පාර දෙපැත්තේ තිබුණ ගස් කපල පාර පළල් කරල දැන් මේ
කොන්ක්‍රීට් නගරේ හරි රස්නෙයි. කොහොමින් කොහොම හරි මම හැරෙනව ආනන්දේ පැත්තට.
ආනන්ද විද්‍යාලය
පැත්තට ඇවිද ගෙනයන මට ආනන්දේ ගැන ගොඩාත් දේවල් හිතට එනව. ඔය ආනන්ද විද්‍යාලය ආරම්භ
කරල තියන දවස ඒ වෙලාවේ නිච්චියක් නැති වුනාට පස්සේ මම දැනගත්තා කර්නල් හෙන්රී
ස්ටීල් ඕල්කට්තුමාගේ මුලිකත්වයෙන් 1886 නොවැම්බර් පළමු වැනිදා ආරම්භ වෙලා තියනව
කියලා. අද වන විට විශාල දරුවන් ප්‍රමාණයකට අධ්‍යාපනය ලබාදෙන රටේ ජනප්‍රියම බෞද්ධ පාසල
වන ආනන්ද විද්‍යාලය මේ රටේ ප්‍රමුඛතම පාසල් අතරින් එකක්. මෙවැනි පාසලක ඉගනීමට
ලැබීමම දරුවෙකුට අභිමානයක්. කොහොම හරි කොළු පැටවුන්ගෙන් හොද හික්මීමක් වගේම ඒ
හික්මීම අස්සෙන් පුංචි දඟකාර කමකුත් තියනව කියල මට හිතුනා.
දහවල්
අව්රශ්මියත් පරිසරයේ උෂ්ණත්වයත් උපරිම තත්ත්වයකට ඇවිත් තියන වෙලාවේ මේ නගරේ හැම
කෙනෙක්ම හරිම කඩිසරව එහෙට මෙහෙට යන ආකාරය හොදින් නිරීක්ෂණය කරමින්ම මරදාන ගැන ලකී
අයිය කිවුව කථාවලට උදාහරණ මේ පරිසරයෙන්ම හොයමින් මරදාන ස්ටේෂන් එක පැත්තට ගාටන්න
පටං ගන්නව.
අයි මෙච්චර මිනිස්සු
මරදානට එන්නේ මරදානේ මොනවද ඔය හැටි තියෙන්නේ ටිකක් හොයල බලන්න හිතුන නිසා මම
කෙලින්ම මරදානේ දුම්රිය ස්ථානාධිපතිතුමාගේ කාමරේ දොර ගාවින් නතර වුන මට හිතෙනව
දැන් දුම්රිය ස්ථානාධිපතිතුමාගෙන් අහන්න ගොඩාක් දේවල් ඒත් එතුමා ඉතාමත් කාර්ය
බහුලයි. නමුත් ඔහු ඉතා ඕනෑ කමින් මා දිහා බලලා හිනා වෙලා එතන තියෙන දුරකථනයට එන
ඇමතුමකට පිළිතුරු දෙනව. ඒත් එක්කම අනෙක් පසින් තවත් නිලධාරියෙක් ශබ්ද විකාශන යන්ත්‍රයෙන්
දුම්රිය සේවකයෙකු ස්ථානාධිපති කාර්යාලයට කැදවන වා. ටික වෙලාවකින් ස්ථානාධිපතිතුමා
මට එයා ළඟට කතා කරනව. දැන් මම එතුමාගෙන් අහනව. අද උදේ මරදානේ දුම්රිය ස්ථානයෙන් කොච්චර
මඟීන් සංඛ්‍යාවක් එලියට ගියාද කියල එතුමා කියනව ලක්ෂයක් විතර ගියා කියල මම නැවතත්
අහන්ව උදේට කොච්චි කීයක් විතර මරදානේ නතර කරනවද කියල එතුමා කියනව 60 ක් විතර නතර
කරනව කියල. මම ඊළඟට එතුමාගෙන් අහනව හවසට මඟීන් කොච්චර විතර දුම්රිය ස්ථානය ඇතුලට
එනවද කියල. එතුම කියනව ලක්ෂ එක හමාරක් විතර එවන කියල. කොච්චිත් 50ක් විතර නතර කරනව
කියලත් කියනව. මම බොහෝම ස්තූතියි කියල එතනින් එළියට එනව. එතකොට ඔය කොච්චියෙන්
විතරයි බස්වලින්, පෞද්ගලික වාහන වලින් තව කොච්චර ජනතාවක් මරදානට එනව ඇත්ද?
දැන් මම
කල්පනා කරන්නේ ඇයි මෙච්චර සෙනගත් මරදානට එන්නේ කියල. ඇත්තටම ඒකම වෙන්න ඇති මරදානේ
තියන විශේෂත්වේ. විවිධ කටයුතු සඳහා දෛනිකව විශාල සංඛ්‍යාවක් මරදානට එන්න හේතුව ප්‍රධාන
වශයෙන් ශ්‍රී ලංකා ජාතික රෝහල, ජාතික අක්ෂි රෝහල වගේම තවත් රජයේ ආයතන විශාල ප්‍රමාණයක්
මරදාන අවට පිහිටා තිබීම මෙන්ම ප්‍රසිද්ධ පොත්පත් සමාගම්, මුද්‍රණ කටයුත් කරන ආයතන,
වාහන අමතර කොටස් මෙන්ම විදේශයන්ට ශ්‍රමිකයන් යවන රැකියා ඒජන්සී වගේම ජනතාව අතර
සැරිසරන මට දකින්නට ලැබෙන්නේ ඇතැම් අය පූජා බාණ්ඩ තිබෙන කඩවලට ගොඩවී අටපිරිකර හා
තවත් ඒහා සම්බන්ධ බොහෝදේ සම්බන්ධයෙන් විමසන ඒ වගේම පූජා බාණ්ඩ කඩවලින් ද මරදානට සුවිශේෂ
තැනක් හිමිවෙනව වගේම දානේදී පිරිතෙදී බෞද්ධ ජනතාව මරදාන අමතක කරන්නේ නෑ.
දැන් දරුවන්
සියලු දෙනාම පාසල් නිමවී ගෙවල් දොරවල් වලට ගිහින් අවසන්ය. දැන් මරදාන තවත් භාරදුර
කටයුත්තකට සුදානම් වෙමින් සිටී. මා හිතවත් ලකී අයියා ද බොහෝ සෙයින් කාර්ය බහුල වී
ඇති සේයාවක් පෙනේ. බොහෝ විට මේ ලකී අයියලාගේ පීක් ටයිම් එක ද වියයුතුය.
දැන් මරදාන
අශ්‍රිතව පිහිටා ඇති කාර්යාල වලින් ෂෝට් ලීව් හරි ෂේප් ලීව් අරගත්ත නෝනාවරුන් හා
මහත්වරුන් එක්කෙනා දෙන්නා එකිනෙකා පරයමින් කඩි මුඩියේ දුම්රිය ස්ථානය වෙත හතර
වටින්ම ඇදි එමින් සිටී. උදේ පාන්දරින් ගෙදරින් කොච්චියට ගොඩවී මරදානට ආපු ලක්ෂයකට
ආසන්න ජනාතවක් නැවතත් ගෙවල් දොරවල් වලට රැගෙන යාමට දුම්රිය ස්ථානය ලහි ලහියේ
සූදානම් වෙයි.
ඒ අතර විවිධ වර්ගයේ
මඟීන් ඇත. විවිධ වෘතිකයන්, විශ්ව විද්‍යාල සිසුන්, දෙමාපියන්, වැඩිහිටියන් සහ තරුණ
පෙන්වතුන් හා පෙන්වතියන් එකම දුම්රියේ එකම පෙට්ටියේ හැමදාම ගෙදර යන එකම කාර්යාලයේ
අයගෙන් සැදුම්ලත් මහ විශාල ජනකායක් දැන් මා ඇස් මානයේ ඇත. ඒ අතර ගැට කපන්නන්ගෙන්
ප්‍රවේසම් වෙන්න, දුම්රිය නැවැත්වීමට පෙර එයට නැගීමෙන් වළකින්න ආදී වශයෙන් විවිධ
වු දැනුවත් කිරීම් වලද අඩුවක් නැත. ඒ අතර මඟීන්ගේ සුළු අතපසු වීමක් වුවද පසුම්බියට
හො දුරකථනයට ඉව අල්ලමින් සිටින පිට් පොකට් කාරයින් නැතිනම් ගැටකපන්නන් ද දවස
අවසානයේ සිය මෙහෙයුම සාර්ථකව අවසන් කර තවකෙනෙකුට දුකක් දී ඉතා සතුටින් අවසන් දුම්රියෙන්
ගෙවල් දොරවල් බලා පිටත්ව යනු ඇත.
දැන් සවස 6.30
පසුවී ඇත. මේවන විට මරදාන සිය පුරවැසියන්ට භාරදී පිටතින් පැමිණි බොහෝ පිරිසක්
මරදානෙන් ඈතට ගොස් ඇත. ඒත් මරදාන දුම්රිය ස්ථානය වැඩ අහවර කර නොමැත. දැන් මට
නැවතත් ලකී අයියාගේ මඟ පෙන්වීම අවශ්‍යව ඇති බැවින් මම ඔහුට දුරකථන ඇමතුමක් ගත්
නමුත් ඔහු පිටකොටුවට ගොස් ඇති බැවින් විනාඩි 10 කින් මා සිටින ස්ථානයට පැමිනෙන බව පවසමින්
දුරකථනය විසන්ධි කල නිසා මා නැවතත් මරදාන පොලිස් ස්ථානය පැත්තට හැරී බස් හෝල්ට් එක පසුකර වම් පැත්තට වෙන්න තියන
ධවලගිරි හෝටල වෙත ගොස් ගතට දැනෙන අදික තෙහෙට්ටුව තේ කොප්පයකින් නිවාගත්තෙමි. ලකී
අයියාගෙන් ලැබුණු ඇමතුමත් සමඟ ධවලගිරියෙන් එලියට එන මා කෙලින්ම ඔහුගේ ත්‍රී රෝදරියට
ගොඩ වන අතර මේ කථාවේ දෙවන භාගය ආරම්භ කිරීමට ලකී අයියා සමඟ දැන් සේන්දු වෙන්නේ
ටවර් හෝල් රඟහල දෙසටය.
ටවර් හෝල්
රඟහල ගැන ලකී අයියට නම් ඇත්තේ දවස් ගානක් එක දිගට ලියාගෙන යාහැකි කතා ගොඩකි. නමුත්
කෙටියෙන්ම ටවර් හොල් රඟහල මරදානට පමණක් නොව මුළු රටටම උරුම, ජාතික උරුමයක්. මරදාන
පංචිකාවත්ත පාරේ පිහිටා ඇති ටවර් හෝල් ශ්‍රී ලාංකේය කලාකාමීත්වයේ අභිමානයයි. මෙය
1961 දෙසැම්බර් 06 දින ජාතික වීරයෙකු වශයෙන් ගෞරව බහුමානයට ලක්වන අනගාරික
ධර්මපාලතුමා විසින් විවෘත කර ඇත. පණ්ඩුකාභය නැමති නුර්ති නාට්‍ය වේදිකා ගත
කිරීමෙන් අරම්භ වන මෙරට නාට්‍ය වංශකථාව අද වන විට ස්වර්ණමය අවධීන් කිහිපයක්
පසුකරමින් වර්තමානයේ නිහඩව පවතී. නමුත් අද දවසේද නාට්‍යයක් ප්‍රදර්ශනය වේ.
දැන් ඉර අවරට
ගොස් රාත්‍රිය උදා වෙමින් මුළු නගරයම විවිධාකාර පීඩාවන් විදගනිමින් නේක වර්ණ
විදුලි බුබුළු වලින් දහල් කාලයේ පැවති අවලස්සන නැති කරමින් මේ නගරය විවිධ පාටින්
වර්ණ ගන්වා ඇත. මරදානට ඉහල අහසේ ඉතා නොබෝ දිනකින් පිපෙන්නට වෙර දරන නෙළුම් කුළුන
දෙස බලාගෙන මමත් ලකී අයියත් විවිධ වු දෙවල් කථා කරමින් මේ අහස යට එදිනෙදා අපි
විදින විදවමින් සිටින සමාජ, ආර්ථික හා දේශපාලන අත්දැකීම් බෙදා ගනිමින් මරදාන අහස
යටද සිදුවන බොහෝ දේ සම්බන්ධයෙන් සාම්ප්‍රධායිකත්වයෙන් ඔබ්බට ගිය සල්ලාපයක නිතරවීමට
හිතාගෙන මරදාන ගුවන් පාලම උඩට ගොඩවීමු.
දැන් පරිසරය
ඉතා සාමකාමී වී ඇත. දවසේ කටයුතු නිමාකර කඩ සාප්පුවල දොරවල් අඩක් වැසී ඉතිරි අඩත්
වැසීමට ආසන්නය. දැන් මේ නගරය නින්දට සැරසුනත්, මේ රාත්‍රීකාලයේ අප සිටින මේ ඉසව්ව
තවත් නිසොල්මනේ කෙරෙන කටයුක්තකට අර අදිමින් සිටින බවක් දැනේ.
ලකී අයියා සමඟ
බොහෝ දේ කතා කිරීමට ඇතත්, අප පසුකරමින් අප දෙස ඉතා ඕනෑ කමින් බලමින්, කිටිකිටියේ
හිර වෙච්ච සායක් ඇදගත්, අවපැහැ ගැන්වුණූ බෑගයක් අතින් එල්ලා ගත්, කුඩයක්ද අතින්
ගත් දෙතොල් ඕනෑවටත් වඩා පාටකර කිසිදු තිගැස්මක් පෙන්නුම් නොකරමින්ම විටක අපගේ
දකුණූ පසටත් විටක වම් පසටත්, ඉතා උනන්දුවෙන් මිනිසුන් දෙස බලමින් ගමන්ගත් ඇයට කමලාවතී
යැයි අන්වර්ත නාමයකින් මෙතැන් සිට ආමන්ත්‍රනය කරමු.
කමලාවතී ද ඇය
වැන්නියන්ද මේ මරදාන කේන්ද්‍ර කරගනිමින් සිය සේවාව අවැසි පුද්ගලයන් වෙත නිත්‍යානුකූල
නොවන ආකාරයෙන් නීතියේ ඇස් මද වෙලාවකට වසාදමා දවසේ ගාන සරිකර ගනී. මා ලකී අයියාගෙන්
අභිසරු ලියන් සම්බන්ධයෙන් මා ඇසීමට බලාපොරොත්තුවෙන් සිටි ප්‍රශ්නය දැන් අසමි. නමුත්
ඒ සම්බන්ධයෙන් ඔහුගේ අදහස අතිශයින්ම සාමාත්‍යය ‘මහත්තයා ඕක සමාන්‍ය දෙයක්නේ මේ
නගරේ’ මේ වෙලාවට ඉතින් කවුරුත් මේ ගුවන් පාලම පාවිචිචි කරන්නේ නෑනේ ඔය ගෑනු තමයි
මේ හරියේ ඉන්නේ අනික ඕක ලෝකේ පැරණිම වෘත්තිය ලු නේ, ඕක මේහේ විතරක් නොමෙයි හෑම
නගරෙකම වගේ යසට කෙරෙනෙව නේ, ඔය ඉන්නේ වැඩකරල යන කොල්ලො අල්ල ගන්න නෙමෙයි. මැදිවියේ
ඈයෝ තමයි ගොඩක් ඔව පස්සෙන් යන්නේ. අනිත් එක මහත්තයෝ ඔහොම ඇවිල්ල ඇවිද ඇවිද ඉන්න ඕන
නෑනේ දැන් මෙයාලට හොද කස්ටම් බේස් එකක් තියනවනේ. ෆේන් එකෙන් තමයි සියලු දේ වෙන්නේ.
එහෙමත් එකෙක් හොයා ගන්න බැරිවුනාම තමයි ඔය කමලාවතී වගේ ගෑණු පාරට බහින්නේ. ලකී
අයිය ගානක් නැතුව කියාගෙන යනව. කිවුව සමහර ඒවා ගොඩාක් අමු නිසා මම නොලියම ඉන්න
තීරණය කරනව.
ඉතින් තව
ටිකකින් ටවර් හෝල් එකේ නාට්‍ය ඉවර වේවි. දැන්නම් අප සිටින ඉසව්ව හරිම නිශ්කලංකයි.
නාට්‍ය ඉවර වෙනකම් ඉන්න තිබුණ අදහස මම වෙනස් කර ගන්නව, කොන්දේසි විරහිතව. මොකද
දැන් මගේ කුතුහලය නැති වෙලා ගිහින් නිසා. දැන් මට හිතෙනව මාතර බත් කඩෙන් රෑට කාලා
බොඩින් කාමරයට යන්න. කමලාවතී ඇයට සාධාරණ ගානක් ගෙවන කවුරුන් හෝ සමඟ පංචිකාවත්ත
පැත්තට හරි ටී.බී.ජයා මාවත දීගේ හරි බොරැල්ල පැත්තට හරි එහෙමත් නැත්තන් පිටකොටුව
පැත්තට හරි යයි. අද වරුව වගේම හෙට දවසෙත් හවස් වරුව මේ වගේම වෙයි. කමලාවතීලත්
දෛනිකව ගුවන් පාලම උඩඩට හරි යටට හරි ඒවී. ටවර් හෝල් රඟහල හෙටත් නාට්‍ය රඟදක්වයි.
මේ වරුව මරදාන අහසයට මට දුන්න අත්දෑකීම ඔබත් මනසින් විදගනීවී.
ඇත්තෙන්ම
මරදාන ප්‍රඥාවෙන් ආනන්දයටත් ඉන් අනතුරුව අනුරාගයටත් මනසින් කැන්දාගෙන යන මිහිමත
අපූරු නවා තැනක්. හෙට දවස මෙ පොළව මත බොහෝ සුන්දර මහා ප්‍රතාපවත් මිනිසුන් බිහිවනු
ඇත. ඉතින් දවසක නැවත හමු වෙමු.
රංජිත් කපුගේ