Thursday, December 25, 2014
Wednesday, December 24, 2014
A Romantic ‘Winter’sTale’
If the title conjures up Shakespearean lords and ladies on stage, then stop right there! ‘Winter’s Tale’ is the 2014 movie directed by Akiva Goldsman and based on 1983 novel of the same name by Mark Helprin. The fantasy romance stars Colin Farrell, Jessica Brown Findlay, Jennifer Connelly, and Russell Crowe.
Love is a miracle
In 1916 Peter Lake (Farrell) is a thief who recently fell out with his mob boss Pearly Soames (Crowe) and now trying to escape New York. As a demon, Soames is trying to stop individuals from using the “miracle” they are born with, and he suspects Peter will use his one on the red headed girl he is in love with, because Beverly is dying of consumption. To prevent him, Soames poisons her and Peter is unable to use his “miracle” to save her. A fight with Soames makes Peter fall into a river and he is believed dead.
In 2014, Peter is still alive, physically unchanged but without any memory. Beverly’s love for Peter made him her “miracle”, allowing him to remain frozen in time till he performs his “miracle”. A chance meeting with a little girl, Abby, in the park bring back fragments of memory. Her mother Virginia helps Peter research at the library and they find old photos that bring back his memory completely. At dinner that night, Peter is startled to find that Abby has red hair and that she too is dying (of cancer). Realizing that his “miracle” was meant for Abby, he takes Virginia and Abby to where Beverly died but is confronted by Soames. They fight and Peter wins, just in time to use his “miracle” to save Abby from her last seizure. She is completely cured and Peter leaves Earth on a flying white horse, to join the stars.
Arcs of light and bad dialogue
On the good side, the movie is beautiful, possibly the most beautiful movie of 2014. The arcs of lights lancing across the room is a sight that’s not easily forgotten. The costumes and make up was perfection, making every scene look like it’s out of a picture book. The set design with its attention to period detail is fabulous, in short, Oscar nominee for best production.
Sadly however, everything else about the movie just fails. Despite the all- star cast, the acting is just a tad bit too earnest, as if the characters are trying to convince themselves of their story. When coupled with bad dialogue we’ve heard fifty times before in rom- coms, it all just goes from bad to worse. The flirty tea- drinking scene is cringe- worthy in its scripted- ness and the “What’s the best thing you’ve stolen yet?” “I’m beginning to think I haven’t stolen it yet” is too careworn in sentiment to feel sweet, as it’s meant to be.
The plot is convoluted and unbelievable. We’ve seen fantasy movies work its best magic (Harry Potter, anyone?) but the plot line in ‘Winter’s Tale’ leaves too many loop holes even for cinematic suspense. Why is baby Peter’s arrival in NY so significant? What on earth was the boiler scene? Why aren’t Peter’s mechanic skills shown more? How does body temperature drop as fast as the heart rate? Even with artistic license, some of the gaps are inexcusable.
Light and snow were major themes in the movie. While the symbolism behind light was extracted till dry, snow barely got a mention. Nor did it appear between the lines.
For a movie with ‘Winter’ in its title, it expressed very little of its potential meaning. Part of the reason was possibly that cinematography was focused too much on light while snow was ignored.
At the end of the day, ‘Winter’s Tale’ is more an emotional journey, an escapist fantasy that lets the audience forget reality for a while, believe that good always triumphs over evil and that beautiful people are so meant to be together. It’s not worth the price of a movie ticket, but a DVD or torrent should be just fine.
Courtesy - Daily News By Asuka Randeniye
http://www.dailynews.lk
Tuesday, December 23, 2014
නත්තල් ගස
යුරෝපා ජාතිකයන් සදාහරිත ශාකයන් බොහොම පූජනීයත්වයෙන් සලකනු ලැබුවා. දෙසැම්බර් මාසයේ උදාවත් සමගම ඇපල් දොඩම් , චෙරි . රෝස වැනි ගස් අලංකාර කරමින් දේව ගීතිකා ගායනය කිරිම සිද්ධ වුනේ ක්‍රිස්‌තු උපත මෙම උඳුවප් මාසය සමග සම්බන්ධ නිසයි. ක්‍රිස්‌තු උපතට පෙරාතුව මේ අන්දමින් සරසන ලද ගස් '' ක්‍රිස්‌තු ගස් '' විදිහට සැලකුන අතර ක්‍රිස්‌තු උපතෙන් පසුව මෙම සරසන ලද ගස් '' නත්තල් ගස් '' විදිහට සලකනු ලැබුවා.
පුරාණ කාලයේ නත්තල් ගසක් නිවසට පැමිණියේ වසරේ කෙටිම දිනය විදිහට සැලකෙන දෙසැම්බර් 21 වැනි දිනයි. බ්‍රිතාන්‍යයේ සිරිතකට අනුව නිවසේ සියලු දෙනාම අත ගසා ඇතුලට ගනු ලබන අත්ත නත්තල් දිනයේදි පුලුස්‌සා ලබා ගන්නා අලු සහ අඟුරු නිවසේ ආරක්‌ෂාව වෙනුවෙන් ලබා දෙනවා. ස්‌පාඤ්ඤ වැසියන් මෙම ගස මල් සහ ඉදිකටු වලින් සරසන අතර යක්‍ෂ ආත්මයන් දුරු කරන බලයක් මේ ගස්‌වල අන්තර්ගතව තිබෙතැයි විශ්වාස කරනු ලැබුවා.
ජර්මන් ජාතිකයන් දෙසැම්බර් 24 වැනි දින නත්තල් ගස ඇපල්වලින් සරසනවා. ආදම් සහ ඒවගේ තහනම් ගසේ ගෙඩි සිහිපත් කරමින් නත්තල් ගස රතු සහ කොළ ගෙඩිවලින් සරසනු ලබනවා.
1851 වසරේදී ඇමරිකා එක්‌සත් ජනපදයේ නිව්යෝක් නුවර වීදි වෙතට මෙම ගස රැගෙන ආවේ '' මාර්ක් කාර්'' නම් තැනැත්තෙක්
රෝම ජාතිකයන් ''සැටර්න්'' දෙවියන්ගේ උත්සවයන් වෙනුවෙන් මෙම ගස් යොදා ගත්තා. 1605 වසරේදී ජර්මනියේ ''ස්‌ට්‍රාස්‌බර්ග්'' රාජ්‍යයේ අලංකාර ලෙස සරසන ලද නත්තල් ගසක් දැක ගන්නට ලැබුණ අතර 1610 වසරේ මේ වෙනුවෙන් කුඩා සැරසිලි යොදා ගත්තා. බ්‍රිතාන්‍යයට සරසන ලද නත්තල් ගසක් හඳුන්වා දුන්නේ වික්‌ටෝරියා රැජිනගේ ස්‌වාමිපුරුෂයා වූ ඇල්බට් කුමරු විසින්. ඔහු වින්ඩ්සර් කාසල් රජ පවුලේ සැමරුම වෙනුවෙන් නත්තල් ගසක් යොදා ගත්තා.
1880 වසරේ නත්තල් ගස් වෙනුවෙන් ස්‌වභාවික ගස් වෙනුවට කෘතිම ගස් යොදා ගත්තා. යුද්ධ කාලයෙ ජර්මනියේ ගස් කැපීම තහනම් වූ නිසා කෘතීම නත්තල් ගස් යොදා ගත්තා.
තවත් ජනප්‍රවාදයකට අනුව ක්‍රි.ව. 719 වසරේදී '' ශාන්ත බොනිපස් '' තුමා ජර්මනියට පැමිණි අවස්‌ථාවේදී ජර්මන් වැසියන් විසින් වන්දනීයත්වයෙන් පිදුම් කළ ඕක් ගසක් කපා දමන ලදී. එතැනින් සුදු ලොත ගසක් මතු වුණ අතර මෙය ඇදහිල්ලේ සංකේතයක් ලෙස පිළිගනු ලැබුවා.
නත්තල වෙනුවෙන් වූ සංකේතය විදිහට තරු සැලකෙනා. ෙ-සු බිලිඳා බලන්නට රජතුන් කට්‌ටුව දිසාව දැන ගත්තේ තරු ආධාරයෙන්ය. නත්තල් ගසේ තරු පර්යේෂකයන් විසින් ''අවුරා '' යනුවෙන් හඳුන්වන බල්බයක් නිපදවනු ලැබුවා. මෙහි තිබෙන (ඛෑD) ආලෝක විමෝචක ඩයෝඩයන් දැල්වෙන්නේ නත්තල් ගස වටා ඇති කරන චුම්බක ක්‍ෂෙත්‍රයන් මගින් වෙන අතර ඒ වෙනුවෙන්ම විශේෂිත උපකරණයක් තිබෙනවා. මේ වෙනුවෙන් රැහැන් අවශ්‍ය නැහැ. ඒ වගේම ලැප්ටොප් පරිගණයකින් හෝ ජංගම දුරකථනයක් යොදා ගත හැකියි. බල්බ දැවී යැමේ අවදානමකුත් නැති නිසා මේ තාක්‍ෂණය නත්තල්ගස පමණක් නොවෙයි වෙනත් කටයුතු වෙනුවෙනුත් ඉතා සාර්ථක ලෙසින් යොදා ගත හැකියි.
ලෝකයේ විශාලතම නත්තල්ගස 2014 වසර වෙනුවෙන් බ්‍රසිලයේ නිර්මාණය වුණා. මීටර් 85 ක් උස මෙම නත්තල් ගස රියෝද ජැනෙයිරෝ නුවර කලපුවක ප්‍රදර්ශනය වෙන අතර මෙය දැක බලා ගැනීමට ලෝකවාසි සියලු දෙනාටම පසුගිය දිනක අවස්‌ථාව ලැබුණා.
පුන්‍යා චාන්දනී ද සිල්වා - Sunday - Divaina
Friday, December 05, 2014
විශ්වීය මිනිසා - මහාචාර්ය තිස්ස කාරියවසම්
මරණය ස්ථිරය. එහෙත් අප සියල්ලෝම ජීවත් වන්නේ එය බොහෝ ඈතකය යන කල්පනාවෙනි. කිසිවෙක් සිය ජීවිතය කෙළවර වන දිනය දනී නම් ඔහු කුමක් කරනු ඇත්ද?
අප රැකියාවක් කරන්නේ, ගේ දොර ඉදිකරන්නේ, අනාගතය ගැන සැලසුම් හදන්නේ මියෙන දවස නොදන්නා නිසාය. අපගේ මුළුමහත් ක්‍රියාකාරීත්වයම තීරණයව ඇත්තේ ඒ නොදන්නාකම මතය. කිසිවෙක් තමන් මිය යන දවස නිශ්චිතවම දන්නේ නම් ඉන්පසු ඔහු අතින් කිසිවක් නොකෙරෙනු ඇත. කිසිවක් නොලියවෙනු ඇත. සමාජීය ක්‍රියාකාරීත්වය නවතිනු ඇත.
එහෙත් එසේ නොවූ මිනිසෙක් ගැන මම දැන සිටියෙමි. හේ උගතෙකි. මහර්ඝ බුද්ධිමතෙකි. ඥාන ගවේෂකයෙකි. සෑම සංවාදයකම කේන්ද්‍රයේ සිටි මතධාරියෙකි. ඥාන ගවේෂණයේ, අවශ්‍යතාව නිරන්තරයෙන් අවුළුවා තැබූ අපේ යුගයේ ජීවත් වූ බුද්ධිමතුන් අතලොස්සෙන් අයෙකි.
මේ වසර අවසන් වීමට ප්‍රථම තමන් කරා මරණය එන බව මහාචාර්ය තිස්ස කාරියවසම් දැන සිටියේය. සුවදුක් විමසූ විටෙක ඔහු ඒ බව අපට ද කීවේය. වකුගඩු බද්ධ කිරීමෙන් ජීවිතය තවදුරටත් දික් කර ගත හැකි නොවේදැයි ඇසූ විට ඊට එතුමන්ගේ පිළිතුර මෙබඳු විය. “තරුණ වකුගඩුවක් බද්ධ කළොත් තව වසරක් දෙකක් අල්ල ගෙන ඉන්න පුළුවන්. ඒත් එයින් පරිත්‍යාග කරන කෙනාට අවදානමක් ඇති වෙනවා. මගේ ජීවිතය දික් කරගන්න තව කෙනෙක්ගේ ජීවිතය අවදානමකට දාන්නේ ඇයි. මට දුක වකුගඩුවක් පරිත්‍යාග කරන්න ආපු තරුණයා දැකලා මට හිතුණා. ඒ නිසා මම මැරෙන්න තීරණය කළා.” ඔහු කිව්වේ උපහාස දනවන ආකාරයෙනි.
නිරන්තර ශාස්ත්‍ර ගවේෂණයක යෙදී සිටි මෙම කුශාග්‍ර බුද්ධිමතා ඒ වන විටත් නිම නොකළ වටිනා බුද්ධිමය කාර්ය කිහිපයක නිරතව සිටියේය. එය අවසන් කිරීමට හෝ ඔබතුමා ජීවත් විය යුතු නොවේදැයි අපි විමසා සිටි විට එයට එතුමාගේ පිළිතුර වූයේ “අපි ලියන දේවල් කියවන උනන්දු වෙන පිරිසක් ඉන්නවද “ යන්නයි.
පිළිසඳරේදී එසේ සැහැල්ලුවෙන් පැවසුවත් එතුමා දිගින් දිගටම අධ්‍යයන කාර්යයේ යේදී සිටින බව ඔහුගේ කන්තෝරු මේසය පෙන්වා දුන්නේය.
මහාවංශය නිදහසින් පසු පරිච්ඡේදය රචනා කිරීම, නූර්තී, නාට්‍ය හා නර්තන ඉතිහාස ලිවීම රෝගීව සිටිමින් ඔහු අතින් ඉටුවු කාර්යය සමහරකි. මෙම ශාස්ත්‍ර ගවේෂණයේ එක් කඩඉමක් ලෙස නොබෝදා එළිදුටු “එල්ෆින්ස්ටන් යුගයේ සිට නෙළුම් පොකුණ දක්වා” රංගශාලා ඉතිහාස සංග්‍රහ කිරීම දැක්විය හැකිය.
දේශනය අවසන් කර මානව මානවිකාවියන් පිරිවරාගෙන එතුමන් සුමංගල ශාලාවෙන් පිටතට පිවිසෙන දසුන නෙතට රසදුනකි. එහි සිට ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිංහල අංශයට ඇත්තේ පියවර 30 – 40ක් දුරකි. මේ දුර යාමට මහාචාර්යවරයාට පැය භාගයක් වත් ගතවේ. එයට හේතුව සිසුන් මතු කරන ප්‍රශ්නවලට පිළිතුර නොදී මඟ හැරයාම ඔහුගේ ක්‍රමය නොවීමය.
මහාචාර්ය තිස්ස කාරියවසම් ගතානුගතික බුද්ධිමතෙක් නොවීය. එසේම ඔහු මුල් සිඳගත් ප්‍රාඥයෙක්ද නොවීය. ඔහුට සම්භාව්‍ය සිංහල සාහිත්‍ය පිළිබඳව මෙන්ම නූතන අපරදිග සාහිත්‍ය පිළිබඳ විචාරාත්මක දැනුමක් තිබුණේය. ප්‍රාකෘත භාෂාවන් ඇතුළුව භාෂා කිහිපයක් මැනවින් දැන සිටියේය. නව දැනුම සොයා යාමේ හා පර්යේෂණයේ අවශ්‍යතාව ඔහු තරම් දැඩිව අවධාරණය කළ වෙනත් උගතෙක් ගැන මම දැන නොසිටියෙමි.
බොහෝ උගතුන්ගේ දැනුම ශාස්ත්‍රීය ඥානයට පමණක් සීමා වූ වපසරියක් තුළ මහාචාර්ය කාරියවසම් ගේ සේවාව වැදගත් වන්නේ ඔහු බැවහර ඥානය යොදාගන්නා ආකාරය කදිමට දැන සිටීමය. බුද්ධිමය කාර්යයේදී ඔහු දැඩි ශික්ෂණයකින් යුත් පුද්ගලයෙකි. කැපවීමෙන් සේවය කරන්නෙකි. තමන් විශ්වාස කරන මතය වෙනුවෙන් තිර ලෙස පෙනී සිටින්නෙකි. එම සිරුර තුළ මහාචාර්ය තිස්ස කාරියවසම් නම් බුද්ධිමතාට අමතරව ශුර පරිපාලකයෙක්ටද ජීවත් විය හැකි වූයේ එම දක්ෂතා නිසාය. ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති ධුරය, සිංහල අංශයේ අංශාධිපති හා පීඨාධිපතිධුරය ඔහු හෙබවූ තනතුරු කිහිපයකි. ඊට අමතරව ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව හා පුස්තකාල සේවා මණ්ඩලය ඔහු සභාපති තනතුර දැරූ ආයතන දෙකකි. මෙයට අමතරව වර්තමානයේ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය නමින් හඳුන්වන එවකට සෞන්දර්ය කලා අධ්‍යයන අංශයේ අධ්‍යක්ෂ ධුරයද එතුමන් හොබවනු ලැබීය. මෙය ආයතනය ස්ථාපිත කිරීමේදී එතුමන්ගෙන් පුරෝගාමි කාර්යයක් ඉටුවිය.
“ජීවිතය කියන්නේ එකිනෙකා කපාගෙන ඉදිරියට යන පංච ක්‍රීඩාවක් නෙවෙයි. බොහෝ දෙනෙක් උත්සහ කරන්නේ අනෙකා යටපත් කරගෙන මතු වෙන්නයි. නමුත් මම උත්සාහ කළේ පාරවල් කිහිපයක් සොයාගෙන යන්නයි. මේ මඟ දුෂ්කරයි. ඒත් අනර්ඝයි.” පැමිණි මාවත එතුමන් වරෙක ආවර්ජනය කළේ එසේය.
සාහිත්‍ය, සන්නිවේදනය, ජනශ්‍රැතිය, ලලිත කලාව, ඉතිහාසය ආදී ක්ෂේත්‍ර රැසක පැතුරුනු දැනුමක් එතුමාට තිබුණි. මේ ක්ෂේත්‍රයට ඔහු දායක කළ දැනුම ඉතා පෘථුලය. එය වළකන්නට රෝ සතුරාට නොහැකි විය. ප්‍රතිකාර ගන්නා අතරතුර පවා නිරන්තරයෙන් කෞතුකාගාරය වෙත යමින් හේ එහි පුස්තකාලය පරිශීලනය කළේය. පර්යේෂණ කටයුතු තවදුරටත් කරගෙන ගියේය. අවසානයේ එයට තිත තැබිය යුතු දවසක් එළඹිණි.
දිනයක් හැර දිනයක් රෝහල වෙත පියමං කළ යුතු දවසක් උදාවිය. එවිට ද ලැබෙන සුළු මොහොත හේ ශාස්ත්‍රීය කටයුතු සඳහා යෙදවූයේය. ග්‍රන්ථ පරිවර්තනය කළේය. ලිපි සම්පාදනය කළේය. දේශන පැවැත්විය. කෙටියෙන් කිවහොත් බුද්ධිමතෙක් නිරතවිය යුතු කාර්යයෙහි අවසන් මොහොත දක්වාම යෙදුණේය.
මහාචාර්ය තිස්ස කාරියවසම්ගේ බුද්ධිමය ව්‍යායාමයේ ප්‍රමුඛ කාර්යය වූයේ පර්යේෂණයන්හි යෙදීමය. ඔහු පර්යේෂණ සහායකයෙක් ලෙස මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ ශාස්ත්‍රීය මෙහෙවරට දායක විය. මහාචාර්ය සරච්චන්ද්‍රයන්ට ඔහු වැනි සහායකයෙක් නොලැබුණේ නම් කිසි විටෙකත් එතුමන් අතින් “සිංහල ගැමි නාටකය” වැනි නිබන්ධනයක් නොලියවෙනු ඇත. යක්දෙස්සන් විසින් පටලවා ගායනා කළ කවි නිවැරදිව සටහන් කළ හැකි වූයේ කාරියවසම් විද්‍යාර්ථියාට ඒවා ලඝු ලේඛන ලෙස සටහන් කරගත හැකි වූ නිසාය. මහාචාර්ය කාරිවසම් නොගිය කෝලම් මඩුවක්, නාඩගම් පොලක් නැති තරම් ය. උඩ, පහතරට හා සබරගමු සම්ප්‍රදායන්ට අයත් ප්‍රමුඛ රංගධරයන් හේ පුද්ගලිකව දැන සිටියේය. මේ දැනුම කැටිකර ඔහු ග්‍රන්ථ රැසක් රචනා කළේය.
යටත් විජිත යුගයෙන් මෙපිට දේශපාලන, සමාජීය හා සාමයික ඉතිහාසය පිළිබඳව ඔහුගේ දැනීම විශ්මය දනවන සුළුය. සියම්, අමරපුර හා රාමඤ්ඤ නිකායන් බිහිවීමට බලපෑ හේතූන්, ඒ එක් එක් නිකායන්ගේ විශේෂතා, ශාන්තිකර්ම බලි යාග පිළිවෙත් ගැන, සන්නිවේදන ප්‍රවණතා ගැන, නූතන විචාර වාද පිළිබඳව මහාචාර්ය කාරියවසම් තරම් පර්යේෂණ කළ වෙනත් විද්වතෙක් තවත් නැත. මේ ඕනෑම කරුණක් ගැන පරිපූර්ණ විස්තරයක් කිසිදු ලේඛනයක් නොලබා නිරවද්‍ය ලෙස පැවසීමට එතුමා දැන සිටියේය.
ඉහත දැක්වූ කරුණු සියල්ල අදාළ වන්නේ එතුමාගේ බුද්ධිමය සේවාවටය. ඉන් බැහැරව විශ්වවිද්‍යාල පද්ධතියට අයත් මෙන්ම ඉන් පිටස්තර, සිංහල හෝ දමිළ යනාදී කිසිදු ආකාරයක වර්ගීකරණයකට ලක් නොකොට උපකාරය අවශ්‍ය පුද්ගලයාට උපකාර කිරීමේ පුරුද්දක් එතුමන්ට තිබුණි. මේ සේවාවන් එතුමන් අතින් ඉටුවූයේ නිශ්ශරණාධ්‍යාශයෙනි. අප මහාචාර්යවරයාණෝ ඒ සඳහා ප්‍රචාරයන් බලාපොරොත්තු වූයේ නැත.
“බුද්ධිමතා, භූමියේ සීමාවන් හා කාලයේ සීමාවන් ඉක්මවා යමින් සෑම කල්හීම, සෑම දෙනාගේම ගෞරවයට පත්වන්නේය” යන පැරණි කියමන සැබෑ කරමින් එතුමන්ගේ නාමය සදාකල් පවතිනු ඇත. එහෙත් ඔහු අතින් ඉටුවූ සේවය ඉටුකිරීමට අනුප්‍රාප්තිකයෙක් බිහිවේද යන්න නම් සැක සහිතය.
චන්දන ජයවීර - Dinamina
Wednesday, December 03, 2014
Phobias, detrimental to one's performance
It appears fair to say that almost every individual in the world acquires a phobic horror of something or certain situations which may sound perfectly normal.One may argue that these phobias or fears are unfounded though he may fail to justify his own fear of something normal or natural.
It is obvious that people “fear” certain things for some inexplicable reason and the possible causes for these fears fall beyond general explanation. There is a popular tendency to associate the phobias with the things and situations in the previous birth of a person.On the other hand, phobias are more conveniently linked with specified bitter or horrible situations in one's childhood.
However, these extreme, irrational fears create a great obstacle for a person's life. A phobic horror of something may spoil a person's renown and reputation when he acts totally out of line with the expectations of those around him.
People with claustrophobia strongly fear enclosed rooms or confined places. Most probably a child who has been confined in a room by way of a punishment may develop signs of claustrophobia as he grows up. As they claim, they feel as if the walls of the closed room would close in to them till they are choked to death.
Exposed
A person with agrophobia strongly dislikes a public or open place because he feels that he is “being unnecessarily exposed” or is vulnerable to attack or criticism from those who observe him in the open place. An agrophobiac is naturally inclined to live obscurely and to keep himself aloof from society.
There are people who have a repugnance to animals. They have zoophobia. They are either governed by a repulsion or strong horror for specific animals or have developed a dislike for all animals including those that make lovable pets. Here, arachnophobia is the fear of spiders whether they are venomous or harmless.
Technophobiacs strongly detest the modern technological advancements and highly respects traditions and conventions.They seem to fear that the modern technology might disrupt the lifestyle that flourished in the past. A similar phobia is Xenophobia which indicates strong fear or dislike for foreigners. A Xenophobiac might suspect that a person from another country would devalue his own culture and plunder the priceless things which appear as the national heritage.
Demonophobia (fear for demons) and Paediphobia (fear for dolls) represent peoples baseless fears for imaginary creations and inanimate objects.
A person with paediphobia may fear not only the horrid dolls in movies but also the models of robots and puppets operating with human actions.
Accordingly as Sigmund Freud says, this fear originates from the notion that a doll or a robot would come alive and wreak havoc on humans. At the same time Paediphobiacs detest and fear small children and even infants and do not like to touch a baby.
A person suffering from this phobia strongly detests and fears the human features added to an inanimate object (such as a doll, a robot or a puppet).
A person with Pentheraphobia (fear of the wife's mother) and novecaphobia (fear of the stepmother) practically suffers much in modern world. Most married men loathe to imagine how a mother-in-law could have poisoned their wives against them.
Phobia
This is also a certain type of mental disorder which accounts for a considerable number of divorces. Also, a novecaphobiac may be constantly plagued by the feeling that his stepmother would alienate his father from him.
People suffering from social anxiety disorder or social phobia can get extremely nervous on being with people or surrounded by people they are familiar with.
Such people are continually troubled by what others possibly think about them or whether they are criticised or evaluated.
However different persons strangely fear different and ordinary things.
One may have a phobia for driving, speaking before a large gathering, being on a higher elevation, travelling in the bus, meeting strangers or building up new friendships. Whatever the phobia may be, it threatens and undermines a person's grace and personality. Fortunately, phobias can be permanently cancelled out by various forms of therapy.
Since phobias-whether simple or serious are a noticeable threat to the personal performance, it is vital that effective therapies should be applied. Phobias are definitely a serious threat to society.
These irrational fears can be removed by hypnosis or systematic desensitisation. Here desensitisation is a process of gradually desensitising a phobias of any type to the situation or the particular environment which has generated the phobia in him. Speaking to the victim for a long time and giving him positive thoughts will erase, to some extent, the phobias planted in him.
By Amal Hewavissenti - Sunday Observer
Subscribe to:
Posts (Atom)