Pages

Sunday, April 21, 2013

සාහිත මං පෙත එළිකළ පැණසර ඇත් රජානෝ ය! පෑ නෙක බල සුබස්‌ ආර පිරිසිඳ දත් වෙදාණෝ ය!

(Courtesy - Sunday Divaina by උපුල් ශාන්ත සන්නස්‌ගල)

ආදරණීය ගුරුතුමනි,

අභිවෘද්ධිකාමී ඥන පිපාසාවෙන් ද අනවරතයෙන් ආවේශිත අවිච්äන්නව පැනනැඟුණු ශාස්‌ත්‍රලෝලයෙන් ද සවිඥනික ලෝක දෘෂ්ටියෙන් ද ජන පූජිත සුධීමත් මහාචාර්ය සුචරිත ගම්ලන් පඬිවරයාණෝ 2013 මාර්තු 30 වැනි දින සූර්ය මහෝදයේ දී දිංවගත වූහ. 2013 අප්‍රේල් 01 වැනි දින බොරැල්ල සුසාන භූමියේ දී ආදාහන කෘත්‍යය සිදු කෙරිණි.

පෙරදිග සුළං හැමුවේ දේවි බාලිකාව දෙසිනි. මෘත ශරීරයට ගිනි දැල්වූයේ ද නැගෙනහිරිනි.ක්‍ෂණයකින් නැබෝගැබින් හිරු බැස යන්නට හෝරාවකටත් පෙර එතුමාගේ ශ්‍රී දේහයේ දුම්වළලු බටහිර අහස්‌කුසට සෙමෙන් සෙමෙන් ඒකරාශී ව විසිරෙන්නට විය. ගාලුමුවදොර බස්‌නාහිර දෙසට ඇදී යන කොළොම්පුරවරයේ කළු දුම්රොටු සමඟ ආදාහනාගාරයේ තුඟු දුම් කවුළුවෙන් සෙමෙන් සෙමෙන් මුදාහළ ශ්වේත වර්ණ භස්‌මයෝ එකතු වූහ. බොහෝ නිහඬ ව, නිසලව තුෂ්ණිම්භූත ව, විපිළිසරව බොරැල්ල කනත්තේ එක්‌ කෙළවරක බොහෝ බහුජන හිතැත්තෝ රාශිභූත ව සිටියහ, ඔවුනගේ මනෝරථය සම්පූර්ණ නො වුණා සේ ය. ඔවුහු ශෝකාග්නියෙන් දැවිදැවී හුන්හ ආදාහන ස්‌ථානයට සමීප නො වූ හ. සත්කාර ගරුකාර කටයුතු සියල්ලට කිලුටක්‌ සිදු වූවා සේ ය. වේරම්භ වාතයෙන් ඇලළිගිය පරඬලා පත් මෙන් ඔවුහු පසෙකට වී හුන්හ. එතුමාගේ චිරකාල කල්‍යාණ මිතුරෝ පියවරක්‌ දෙකක්‌ නො ව, බොහෝ පසුපසින් මුවින් නො බැණ, ගෞරවනීය, පූජනීය දේහයකට අගෞරව නො කොට පසුබැස හුන්හ. සතළිස්‌ වසක්‌ තුන්යම් රාත්‍රී මුළුල්ලෙහි සිහි එළවාගෙන පාදපරිචාරිකාව ව හුන ඕ තුමූ මුව විවර කළහ.

"අවුරුදු හතළිහක්‌ මමයි බලාගත්තේ... අන්තිම මොහොතේ මගෙන් උදුරගත්තා..."

ප්‍රිය අඹුව ශාන්තා පද්මපෙරුම මාතාවෝ සිහින් හඬින් කී හ. ඕ තොමෝ ඇඟපත වාරු නැති ව ප්‍රිය විප්‍රයෝගය ඉවසාගත නො හී උක්‌කුටිකයෙන් හිඳගත්තා ය. ඇය පුබ්බුට්‌ඨායිකාදි ගුණයෙන් යුතු, වල්ලභයාට උපස්‌ථාන කිරීමේ උත්තම ගුණ ඇත්තියක බව අපි දැන සිටියෙමු. ඈ සිත සමනය කොටගත නො හී හුණු වැල්ලෙහි කඩා ලන ලද ළදල්ලක්‌ මෙන් මලානික විය. වස්‌තුකාම, ක්‌ලේශකාම ඇත්තෝ පිරිවරින් මෘතදේහය වටා සිටියහ. රූක්‍ෂ ප්‍රකෘති ඇති ඔවුහු ඇයත් අප සියලුදෙනාත් අත අළුවාහු ය. පියඹ ශාන්තා උඡ්Cධායනා කොට මුරගාන්නට සූදානම් වූ හැම විට ම රනිල් ඇල්විටිගලයෝ ඈ අස්‌වසාලූ හ. රසිකා හඳපාන්ගොඩ, හර්ෂණී ආරච්චිගේ සමඟ සීතා රංජනී මෙණෙවියෝ ද එතුමියට උදව් කළහ. ළය පැලී යන තරම් ශෝකයෙන් යෑද යෑද අතිශයින් බැගෑපත් ව මෘතදේහය දැකගන්නට ඉඩ දෙන්නැයි ඈ ආයාචනා කළා ය. ඇගේ මුහුණ දුර්වල ව, පඬුවන් ව තිබිණ. කපෝලයෙහි වියළි කඳුළු ධාරා තිබිණ. අවසන් මොහොතේත් ස්‌වකීය වල්ලභයාගේ මෘතදේහය දැකගැනීමේ අනවාකාශයෙන් ඈ පීඩා වින්දා ය. හිතපක්‍ෂ ඇත්තෝ ළඟ හුන්හ. ගම්ලත්හු ජීවත් ව සිටිය දී සත්පුරුෂ ස්‌වභාවයෙන් සිටි මිත්‍රෙද්‍රdaහීහු සුචරිතය වෙනුවට දුශ්චරිත අනුශාසනාවෙහි නියෑලුනාහ. ක්‍ෂණ ක්‍ෂණයෙහි සොර වූ ස්‌වභාව ඇති බෘහස්‌පතියෝ මෘතදේහය වටා 'මුරු මුරු' ගෑම ආරම්භ කළහ. ගම්ලතුන්ගේ ප්‍රාණය නිරුද්ධ සිරුර දැවී යන වායු එක්‌ටැම්ගේ පාමුල අර්ධ අවිඥනික ශාන්තා ශ්‍රීමතීහු තුත්තිරි ගසක එල්ලෙන්නට මෙන් දැත් එහෙ මෙහෙ කළහ. වටපිට උන්නෝ ඇගේ වරලස සැකසූ හ ඇඳිවත සකස්‌ කළහ මුහුණට පැන් ඉසූ හ. අඩසිහියෙන් මෙන් ඕ තුමූ එතුමාගේ ජීවන පහස දැනුණාක්‌ මෙන් දෙඅත්ල පපුවේ තබාගත්හ. ඉනික්‌බිති ව ශෝකාලාපය කී හ.

"දොස්‌තරලත් එපා කිව්වා. භාෂා ඇකඩමියක්‌ පටන්ගන්න කියලා ළඟදී කණ්‌ඩායමක්‌ ආවා. ඒ කවුරුවත් අපි අඳුනන්නේ නෑ. එතුමා දේශීය ප්‍රතිකාරවලට කැමැති නෑ... ඒගොල්ලෝ රෝගියාට බලපෑම් කළා. කරදර කළා. අන්තිමට අමුවෙන් මඤ්ෙÆක්‌කා පෙව්වා."

වටපිට හුන් මහාචාර්යතුමාගේ අතිමිත්‍ර කලයාණයෝ සමූහය ඒ වන විටත් සිදු ව තිබූ අලකලංචියත්, මෘතදේහය පැහැරගැනීමත් දැන සිටියහ. අප්‍රේල් 01 වැනි දින සියලු දිනපතා පවත්පත් මහාචාර්ය සුචරිත ගම්ලතුන්ගේ ආදාහනය වාර්තා කළේ ය. ආදාහන කටයුතු පිළිබඳ ව හා මහාචාර්යතුමාගේ දෘෂ්ටිවාදයට එකඟ ව එය සිදු වන අයුරු දක්‌වමින් සුප්‍රකට විචාරක සමන් වික්‍රමාරච්චි වියතාණෝ දිනපතා පුවත්පතකට විශේෂාංගයක්‌ ද සැපයූ හ.

පාංශුකූල නැත. බොහෝ මෘතදේහ අලෙවි කරන අවමංගල්‍ය අධ්‍යක්‍ෂවරුන්ට ඉඩක්‌ නැත. පම්පෝරි, වාචාල කථා, ප්‍රශස්‌ති, ගුණමකු ගුණ කථා, ආනිසංස, අනුමෝදනා කිසිත් නැත. පුහු පුද්ගලයන්ට බුදීමට මානසික ආහාර නැත. මස්‌තිෂ්ක නැති, අල්පශ්‍රැත, අල්පපඨිත පුස්‌සන්ට කථා නැත. ගම්ලතුන්ගේ ශ්‍රී දේහයට හැර, මෘතදේහයටත් වඩා කැපී පෙනෙන්නට කිසිවෙකුටත් ඉඩ නැත. අවමංගෙල්‍යාaත්සවයක්‌ නැත. අවමංගල්‍ය කටයුත්තක්‌ පමණි. චිතකයක්‌ නැත. රන්සිවි ගෙයක්‌ නැත. ස්‌තූති කථාවක්‌ පමණි. ඉනික්‌බිති ව වායු ආදාහනාගාරයට මෘත කලේබරය ඇතුළු කෙරේ. ඉතිකින් අග්නික්‍රියාව සිදු කෙරේ. එපමණකි. මළබත ඉවීමක්‌ නැත මළදානය බුදීමක්‌ නැත භාවාතිශය විලාප දීම් නැත ගම්ලතුන්ගේ චිරකාල මිතුරෝ නිශාන්තයේ එක්‌ විය යුතු ය. ඒ එතුමාගේ ඉල්ලීම යි. නිශාන්තයේ අපරභාගය වන තෙක්‌ දුලබ සුරා පානය කිරීමට යෝජනා කෙරේ. ශාස්‌ත්‍රීය සංවාදයකට ද ගීත ගෝවින්දයේ රසමුසු ගීත ඇසීමට ද අවසර ය. ස්‌වභාව ධර්මයේ සිහිල් ගුණ කායික මානසික සුඛාස්‌වාදය වෙනුවෙන් නිර්බාධ ව වින්දනය කළ යුතු ය. ආගම්වාදීන්ට, ජාතිවාදීන්ට, මූලධර්මවාදීන්ට අලුක්‌කාලක ඉඩක්‌ නො තැබිය යුතු ය. මිතුරු සංසදය මීරස, සුබැසි රස, මීයෑසි රස වින්දනය කළ යුතු ය. අවමංගල්‍ය කටයුතු සවස හතරට බොරැල්ල කනත්තේ දී සිදු කෙරේ. සියල්ල නිවේදනය කෙරිණි.

අපි මහාචාර්ය ඩෙස්‌මන්ඩ් මල්ලිකාරච්චි, මහාචාර්ය සුනිල් ආරියරත්න, මහාචාර්ය ඡේ. බී. දිසානායක, සමන් වික්‍රමාරච්චි ඇතුළු ගම්ලතුන්ගේ මිත්‍ර පර්ෂදය දැනුවත් කළෙමු. චිරකාලීන ව ගම්ලතුන් ඇසුරු කළ, මතවාදී විසංවාද තලයේ ද ගනුදෙනු කළ, ගම්ලතුන් වටා කේන්ද්‍රගත වූ උදේනි ජයවීර, ජයසිරි ජයසේකර, ගාමිණී සුමනසේකර, නන්දා මාලිනී, ශ්‍යාමා ජයවර්ධන, ස්‌වාමිනාදන් විමල්, රනිල් ඇල්විටිගල, කැත්ලීන් ජයවර්ධන, සමිත විඡේවර්ධන, ගාමිණී වියන්ගොඩ, අශෝක හඳගම, ප්‍රසන්න විතානගේ, ධර්මසේන පතිරාජ, ඩබ්ලිව්. ජයසිරි, සුනිල් ෆොන්සේකා, චන්ද්‍රගුප්ත තේනුවර, ධර්මසිරි බණ්‌ඩාරනායක යන සියල්ලෝමත් මමත් එකී කාර්යයන් සියල්ලට එකඟ වූමු. අවමංගල්‍යයේ කටයුතු පිළිබඳ ව අවසන් සාකච්ඡාව සිදු කෙරුණේ ජයරත්න මල්ශාලාවේ පහත මාලයේ ය. උදේනි, හඳගම, සමිත, ගාමිණී සහ සිරි සුමන ගොඩගේ මැතිඳු ඇතුළු පිරිසක්‌ අවසන් සාකච්ඡාවට සහභාගි වූහ එකඟ වූහ. ධර්මසිරි බණ්‌ඩාරනායක නාට්‍යවේදියාණන් විසින් ස්‌තූති ප්‍රකාශය නිවේදනය කිරීමට තීරණය කෙරිණි. සවස හතරට අවමංගෙල්‍යාaත්සවය හෙයින් සවස දෙකට ජයරත්න මල්ශාලාවේ පහත මාලයට එකතු වන ලෙස නිවේදනය කෙරිණි. ඉහත නාමික හිතමිතුරෝ නියමිත වේලාවට පැමිණිය හ. විපිළිසර විස්‌මයකි· ජයරත්න මල්ශාලාවට පැමිණෙන විට මෘතදේහය එහි නැත. ගම්ලතුන්ගේ පියඹ බොරැල්ල සුසාන භූමිය දෙස බලමින් සුසුම් ලෑ ය. සවස 1.30 ට පමණ 'බෘහස්‌පති' නමින් යුත් භාෂා කණ්‌ඩායමක්‌ මෘතදේහය පැහැරගෙන ගොස්‌ තිබිණි.

"මුන් බෘහස්‌පති නොමෙයි, සෙනසුරු ත්‍රස්‌තවාදියෝ ටිකක්‌" රුහුණු රටින් පැමිණි මාතර මිතුරෝ කී හ.

"අපි නුවර ඉඳන් ආවේ. හතරට කිව්ව නිසා දෙක වෙද්දී මෙතනට ආවා. මළමිනිය උස්‌සලා".

ජයසේන බෙලිගලයෝ කී හ. මහාචාර්ය රංජිත් බණ්‌ඩාර, ජගත් වැල්ලවත්ත, ධම්ම දිසානායක, මහින්ද ඉලේපෙරුම මේ අලකලංචිය හෝ අටම්පහුරු භාෂා නඩය පිළිබඳ ව කිසිත් නො දැන "මොකක්‌ ද වුණේ?" යෑයි විමසූ හ.

"රෝගියාට හිස ඔසවන්න කිව්වේ අඟල් 18 ක්‌ පමණ යි. කිසි කලෙකත් ව්‍යායාම කරන්න බැරි බව කිව්වා, මහාචාර්යතුමාගේ කොඳු ඇට දෙකකටත් පිළිකාව පැතිරිලා අස්‌ථි දිරාගොස්‌ තිබුණා. ව්‍යායාම කළහොත් කොන්ද කැඩී යා හැකි බව කිව්වා. එහෙම හිටිය රෝගියාව මේ බෘහස්‌පතියෝ විනාඩි 20 ක්‌ රෝද පුටුවක ඉන්දවලා එහෙ මෙහෙ ගෙනිච්චා, දියවැඩියාව අඩු වෙලා හිටිය රෝගියාට මඤ්ෙÆක්‌කා පොවලා අසාධ්‍ය කළා. දැන් මටත් නො කියා මළමිනිය අරන් ගිහිල්ලා කනත්තේ රැස්‌වීමක්‌ තියනවා ලු." ගම්ලතුන්ගේ පියඹ කී ය.

සිදු වූ සියල්ල පැහැදිලි ය. 2012 දොළොස්‌ වැනි මස 24 වැනි දින ගම්ලත්හු රෝගාතුර වූ හ. කොළඹ ජාතික රෝහලේ 49 වැනි වාට්‌ටුවට එතුමා ඇතුළත් කෙරිණි. එතුමා රෝහලට කැඳවාගෙන ගියේත් රෝහලට ඇතුළත් කළේත් ශාන්තා පද්මපෙරුම පියඹ යි. තත්ත්වය බොහෝ දුස්‌සාධ්‍ය විය. මේ කාලයේ රෝගියා තමාගෙන් උදුරාගත්තේ භාෂා ඇකඩමියක්‌ ආරම්භ කිරීමට පැමිණි කණ්‌ඩායමක්‌ බව ඕ තුමූ සපථ කරන්නා හ. රෝගියාගේ සෝඩියම් අයන මට්‌ටම ශීඝ්‍රයෙන් පහළ වැටිණි. එයට හේතුව භාෂා කණ්‌ඩායම රාත්‍රී කාලයේ පැමිණ මහැදුරුතුමන්ට මඤ්ෙÆක්‌කා පෙවීම බව එතුමිය වාට්‌ටුව භාර වෛද්‍යවරියට කීවා ය.

මඤ්ෙÆaක්‌කාවල අඩංගු සංඝටකවල ප්‍රතික්‍රියා ගැන පර්යේෂණ කොට නොමැති බැවින් රෝගියාට බරපතළ හානි සිදු විය හැකි බව වෛද්‍ය මතය විය. මේ පිළිබඳ ව රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂවරයාට පැමිණිලි කළත් පාලනය කිරීමට නො හැකි තත්ත්වයක්‌ පැනනැඟී ඇති බවත් අදිසි කණ්‌ඩායමක්‌ ගම්ලතුන්ගේ භාරකාරීත්වය ලබාගෙන ඇති බවත් ගම්ලතුන්ගේ බිරිඳ කියන්නී ය. ගම්ලතුන්ගේ රෝගී තත්ත්වයට ප්‍රතිකාර ලබාදිය යුත්තේ මහරගම පිළිකා රෝහල් ප්‍රතිකාර අංශයෙන් පමණක්‌ ය යන්න තීරණය කෙරෙන්නේ එතුමාට වැළඳී තිබෙන්නේ පෙනහලු පිලිකාවක්‌ බව තහවුරු වීම හේතුවෙනි. එහෙත් මහරගම පිළිකා රෝහලෙන් අලුත් භාරකාර කණ්‌ඩායම රෝගියා රැගෙන ගොස්‌ තිබිණ.

ගම්ලත්හු රෝගී ව සිටින බව දැනගත් සැණින් මම එතුමාගේ පියඹු ශාන්තාවන් ඇමතීමි. බොහෝ අමුත්තන් පැමිණෙන බවත් එය ම රෝගියාට කරදරයක්‌ බවත් ශාන්තාවෝ කී හ. හුදෙකලා ව රෝහලට ගොස්‌ මහචාර්යතුමා දෙස බලා සිටීම මගේ චර්යාව විය. මගේ වෘත්තික ජීවිතය ඉසිඹු ලබන මොහොත ඉර අවරට ගොස්‌ සිවු හෝරාවකට පසු කාලය යි. මහාචාර්ය ඩෙස්‌මන්ඩ් මල්ලිකාරච්චි, සමන් වික්‍රමාරච්චි යන ගම්ලතුන්ගේ චිරකාල මිත්‍රයෝ සුවදුක්‌ බැලීමට පැමිණීමට සූදානම් වූ විටත් මහරගම පිළිකා රෝහලෙන් රෝගියා මුදාගෙන ගොස්‌ තිබිණ. කොළඹ ජාතික රෝහලේ වණික්‌ වාට්‌ටුවක ගම්ලතුන් පසු වන බවත් පූර්වයෙන් සඳහන් ඊනියා කණ්‌ඩායම මඤ්ෙÆක්‌කා ප්‍රතිකාරය බලහත්කාරයෙන් කරන බවත් සැල විය.

මා අවසන් වරට ගම්ලතුන් බැහැදුටුවේ මහරගම පිළිකා රෝහලේ දී ය. දිනෙක රාත්‍රි නවයට පමණ මාගේ බිරිඳ ද මහාචාර්ය ෙ-. බී. දිසානායකයන් ද සමඟ මහාචාර්යපාදයන් සත්කාර ලබමින් සිටි මහරගම පිළිකා රෝහලේ දෙවැනි වාට්‌ටුවට ගියෙමි. රෝගියාගේ ඇඳ අසබඩ අමුත්තන් දැකීම අපථ්‍ය බව (No Visitors) දන්වා තිබිණ. එතුමාණෝ එදිනත් දෙවතාවක්‌ රේඩියම් ප්‍රතිකාරයට ලක්‌ කොට තිබුණා හ. ශරීර කෘත්‍යය කරගැනීමට, සිරුර පිළිදැඟුම් කොටගැනීමට එතුමාට වාරු තිබුණේ නැත. මමත් බිරිඳත් සයනයේ පහළ කෙළවරේ මහාචාර්යතුමාණන්ගේ දෙපා අසල රැඳී සිටියෙමු. එතුමෝ සුව නින්දේ ය හ. පිරිපත දොසක්‌ තිබෙන බවක ඡායාවක්‌ වත් නැත. මානසික ශක්‌තිය, චිත්ත සන්තෘප්තිය, සුවය සතුටුදායක මට්‌ටමක රැඳෙන බව මුහුණින් පිළිබිඹු විය. ෙ-. බී. දිසානායක මහැදුරුතුමාණෝ ගම්ලතුන්ගේ හිස මුවදොර සිටගත්හ තරමක්‌ උස්‌ ස්‌වරයෙන් කථා කළහ.

"සුචරිත... මම ඡේ.බී...."

ගිලන් එතුමෝ දැස්‌ විවර කළහ. හරි සිහියක්‌ නැත, තත්ත්වය දුස්‌සාධ්‍ය බව මම වටහාගතිමි. මීට පෙරත් කීප වතාවක්‌ රේඩියම් සත්කාරය කළ බව වාට්‌ටුව භාර හෙදිය කීවා ය.

"මනුෂ්‍යයෙකුට රේඩියම් සත්කාරය කරනවා කියන්නේ කූඹියෙක්‌ මරන්න ග්‍රනේඩ් ගහනවා වගේ වැඩක්‌", මගේ මිතුරෙකු කීවා මට මතක ය. මම එතුමා දෙස බලා සිටියෙමි. මේ සයනයේ වැතිරී සිටින්නාහු ස්‌වකීය සමකාලීනයන් කුරුමිට්‌ටන් බවට පත් කළ ගලිවරයාණෝ ය. කයින් ද මනසින් ද ආරෝහ පරිණාහයෙන් ද ඔවුන්ගේ පරම්පරාවේ දැවැන්තයාණෝ ය තොටගමුවේ රාහුල හිමියන්ට පසු වැඩි ම භාෂා ප්‍රමාණයක්‌ ශුද්ධ බුද්ධියේ ග්‍රහණයට ගත් සාරාර්ථ බහුශ්‍රැතයෑණෝ ය සවිචාර විමංසන බුද්ධි විශාරදයාණෝ ය. සිංහල සාහිත්‍ය විචාරයේ ස්‌වර්ණ මුද්‍රිකාව වූවාහු ය බුද්ධිමය ව්‍යාපාරයේ අග්‍රඵලය ඥනයේ නිම්වළලු ප්‍රසාරණයට යොදාගත් ධීශක්‌තිය ඇත්තාහු ය. කලා දූෂකයන්ට එරෙහි ව සටන් වැදුණු නිර්දය, තීක්‍ෂණ ශික්‍ෂකයාණෝ ය. මා ඔහුගේ ශාස්‌ත්‍රීය වේවැල් පහර නො මඳ ව ලත් පීඩිතයා වූ කල ළෙන්ගතුව මට අවවාද දුන් ලෝක දෘෂ්ටිවාදියාණෝ ය ගුරුවරයාණෝ ය සුමිතුරාණෝ ය.

මහාචාර්ය සරච්චන්ද්‍රයන් පිළිබඳ ව ගුරු ගුණ සමර කෘතියේ සුචරිත ගම්ලත්හු මෙසේ සටහන් කොට තිබිණ.

"මට ත්‍රිපිටකයේ කොහි හෝ මා කියවා ඇති සිද්ධියක්‌ සිහිපත් විය. දිනක්‌ සැන්දැමානයේ බුදුරජාණන් වහන්සේ දෙව්රම්වෙහෙර මිදුලෙහි පුටුවක වැඩහිඳ අව්ව තපිමින් සිටියහ. පසෙක හුන් ආනන්ද මහතෙරණුවන්ට බුදුන් වහන්සේගේ රන්වන් සිරුර වැහැරී තිබෙන සැටි දක්‌නට ලැබිණ. උන් වහන්සේ වැහැරුණු බුදුසිරුර අතගාමින් 'අනේ මෙහෙම වෑරිලා තියෙන්නෙ ඉස්‌සර කොච්චර ලස්‌සනට තිබිච්ච ශ්‍රී දේහය ද' " යි කියමින් සංවේග ඉපදවූ හ.

"එදින වැහැරී ගිය බුදුසිරුර දැක අනඳ මාහිමියන්ට යම් සංවේගයක්‌ උපනි නම් සරච්චන්ද්‍රයන්ගේ වැහැරී ගිය සිරුර දැක මා තුළ ද එබඳු ම වූ සකල අධ්‍යාත්මය පසාරු කර ගෙන යන සංවේගයක්‌ උපන. මා තුළ උපන් සංවේගය හැඟීමෙන් හෝ නැත හොත් තමන් තුළ ද උපන් එබඳු ම සංවේගයක්‌ නිසා හෝ එතුමාණන්ට උවටැන් කරමින් සිටි සමරකෝන් බණ්‌ඩා හේරත් වල්ගම්පාය. 'මට මතක්‌ වෙන්නේ ඉස්‌සර අපට උගන්නන කාලේ හිටපු හැටි' යි කී හ".

ගුරු ගුණ සමර / මහාචාර්ය සුචරිත ගම්ලත් / පිටු 12-13

දැස පියවමින් ද නැවත විවර කරමින් ද ආයාසයෙන් තමා ඉදිරියේ හුන් සුමිතුරා දැක එතුමාණෝ මුව විවිර කළහ.

"ආ... මේ ඡේ.බී..."

ගම්ලතුන් සිහි කළේ ඈත මතකයක්‌ ද, මෑත මතකයක්‌ දැයි මම නො දනිමි. රෝගියා තමා හඳුනාගත් බව දත් දිසානායක මහාචාර්යතුමාණෝ දිගින් දිගට ම සාමීචියේ යෙදෙන්නට උත්සාහ කළහ.

"ඉක්‌මනින් හොඳ වෙයි. ආයෙත් වැඩ කරන්න පුළුවන්. 'බුද්ධ චරිතය' පොත හරි ෂෝක්‌. මම දේශනවල දී ඒ පොත කෝට්‌ කරනවා".

යනාදී වශයෙන් සාකච්ඡාවට කැඳවුවත් ගම්ලත්හු කථා නො කළහ.

"කැන්සර් එකක්‌..."

"පෙණහල්ලෙ...."

"රේඩියම් ඇල්ලුවා...."

යනාදි කෙටි වචන, කෙටි වාක්‍ය කීපයක්‌ කියමින් එතුමෝ නීරෝගි නිල්වන් දැස එහෙමෙහෙ කරකැවූ හ. මාත් බිරිඳත් දෙදෙනා එතුමාගේ ඇස ගැසුණේ ඉන් පසු ව ය. ශෝකාකූල, දුක්‌බරිත, වේදනා සහගත මානසික, කායික පීඩාව පසෙක දමා දෙතොල් විකසික කොට යන්තම් සිනා සීමට එතුමාණෝ උත්සාහ කළහ.

මම වඩාත් සමීප වීමි. බැතියෙන් මා සමීප වන විට විටෙක මා පලවාහැරියා වූ ද, මාගේ ටියුෂන් ජීවිතය ශාස්‌ත්‍ර පරිහානියක ප්‍රතිඵලයක්‌ බවට බැණවැදුණා වූ ද, විචිත්‍ර වර්ණ විභූෂිත වස්‌ත්‍රාභරණයෙන් සැරසී කාංචනමාලා පැලඳ ටියුෂන් කඩවල උගන්වන්නෝ ශබ්ද ශාස්‌ත්‍රයක විශේෂඥයෝ නො වෙති' යනුවෙන් දොaෂ දර්ශන කළා වූ ද, මහා වියතුන් ඉදිරියේ අල්පශ්‍රැත, අල්පපඨිත පුද්ගලයෙකැයි මට කලෙක පරිභව කළා වූ ද මහැදුරුතුමෝ එතුමාගේ වම් අත ඔසවා මා සමීපයට කැඳවා මාගේ දකුණතේ අත්ල තර ව ගෙන නිරුවත් පපුව මත තබා සෙමෙන් තද කොටගත්හ. මට පිතෘ ස්‌නේහය අනන්තාපරිමාණ ව දැනී ළය උණුසුම් වී නෙත සීතල වන්නට විය. එතුමාගේ යහන ඉස්‌මත්තේ කුඩා විදුලි පංකාවකි. එය රවුමැති කුඩා රබානක්‌ තරම් ය. එයින් හමන සිහින් සුළං රැළි පළල් නළල් තල ඉස්‌මත්තේ සුදොaසුදු කෙහෙරැලි නළියවයි. එතුමෝ දුක සේ ආශ්වාසප්‍රශ්වාස කරති. අධඃ ශරීරයෙන් බෑගයකට දිවෙන සුළුදිය බටයකි. මාගේ සිත දසවසකට පෙර එතුමා සමඟ සමීප ඇසුර පටන්ගත් අතීත කාල අවකාශය කෙරේ ඇදී යන්නට විය, මම මහැදුරු ෙ-. බී. දිසානායකයන් පෙරටු කොට ලා අනෙක්‌ අතින් මහැදුරුතුමාගේ කපෝලස්‌ථියෙහි රැඳී තිබුණු දුහුවිලි බිඳක්‌ ඉවත් කළෙමි. එතුමෝ ශරීරයේ ඇලක්‌ පසෙකඩින් ඔසවා හරිබරි ගැහෙන්නට තැත් කරති. නැවතත් එතුමාගේ දැස පියවෙයි නැවතත් දැස වැසෙයි. මම දකුණත ඉවතට නොගෙන සිටියෙමි. "නින්ද යාගෙන එන්නේ" ඡේ. බී. දිසානායකයෝ සෙමෙන් කී හ. ටිකෙන් ටික එතුමෝ තද නින්දට වැටුණෝ ය. අපි හෙමිහෙමින් රෝහල් වාට්‌ටුවෙන් පිට වූමු.

මා හොඳින් දන්නා පසුගිය දස වසරෙහි ගම්ලත්හු කිසිදා දැඩි ව රෝගාතුර නො වූ හ. තිස්‌ වසරක්‌ පමණ දියවැඩියා රෝගයට නිසි ඖෂධ ගත්ත ද කිසිදා විද්‍යාත්මක ව තහවුරු නො වූ කිසිදු ඖෂධයක්‌ භාවිත නො කළහ මෑත කාලයේ කිසිදා දුම්පානය නොක කළහ. මා දුම්පානය කළ විට එතුමානෝ එහි දුර්විපාක කියා දුන්හ. නිකොටින් හෘදයාබාධවලට හා පිළිකාවන්ට තුඩු දිය හැකි බව කී හ. අසූ වියෙහි දීත් එතුමෝ රුසිරි පිරි යෞවනයෙකු සේ හැසිරුණා හ. අවසන් මොහොතේ මේ කිසිවක්‌ නො දත් ව්‍යාජ නඩයක්‌ එතුමා හසුරුවන්නට, මෙහෙයවන්නට උත්සාහ කළ බව ප්‍රත්‍යක්‍ෂ ය. අතිමහත් ෙ€දවාචකයකි. 'බෘහස්‌පති කණ්‌ඩායම' නමින් පෙනී සිටි ආකස්‌මික ප්‍රාදුර්භූත නඩය ගම්ලතුන්ගේ ආදාහන කටයුතුවල ගෞරවනීය බුහුමන විනාශ කළහ පෞද්ගලික ව්‍යාපෘති, කොන්ත්‍රාත් වෙනුවෙන් ආත්මාර්ථතාමී ලෙස පෙනී සිටියහ සිමෙන්ති සහ මැටි පොළොවට වඩා රුචි වූ ඇදුරුතුමන්ව ටයිල් පොළොවකට ගෙන යන්න තැත් කළහ, මේ කණ්‌ඩායමේ අරමුණ මේ වන විටත් හෙළිදරව් වෙමින් පවතී. එය හෙළිදරව් කළ යුතු ය.

හුණුවටයේ නාටකයේ අවසානයේ නටාලියා අබෂ්විල්ලි මැතිනියෝ රාජ්‍ය හමුදාව ද සමඟ මයිකල් කුමරු වටලන්නෝ ය නඩු කියන්නෝ ය නඩුකාරයාට බලපෑම් කරන්නෝ ය දරුවාගේ රීරිමාංසය ම ඉල්ලන්නෝ ය. හුණුවටයේ මැද්දේ සිටි අසරණ දරුවා සුහුඹුල් අතපය බිඳෙද්දී, මෘදු සිරුර රිදෙද්දී, මව ඉල්ලා දරුවා විලාප දෙද්දී, දරුවා මරබියෙන් හඬද්දී එකී නඩය තමන් දෙසට ම දරුවා ඇදගත්හ. ඒ දරුවා වටා කේන්ද්‍ර වී තිබුණු ප්‍රාග්ධන සාධකය නිසා ය. ගෲෂා දරුවා අතහරින්නේ නඩුකාරයාට තර්ජනයක්‌ කරමිනි ඉල්ලීමක්‌ කරමිනි ආයාචනයක්‌ කරමිනි.

"මමයි හැදුවෙ. දරුවා දෙකට ඉරන්නද මට කියන්නේ?"

දරුවාට ඇති අපරිමිත ආදරය, භක්‌තිය, ස්‌නේහ බන්ධනය නිසා ම ගෲෂා දරුවා අත්හැරියා ය. මහාචාර්ය ගම්ලතුන් අසාධ්‍ය ව සිටිය දී එතුමාට නො රිද්දන්නට සමීපස්‌ථයෝ කටයුතු කළහ. ගම්ලතුන් සියවසකට අධික කාලයක්‌ රැස්‌ කළ පුස්‌තකාලයට, බුද්ධිමය දේපළට, අතපොතට, කීර්ති නාමයට සහ ඉනික්‌බිති න්‍යායපත්‍රයන්ට ගිජු වූ ගිජුලිහිණි භ්‍රෂ්ටයෝ රෝහලින් රෝහලට රෝගියා මාරු කළෝ ය නැඟිට්‌ටුවෝ ය රෝද පුටුවට දැම්මෝ ය ඇවිද්දෙව්වෝ ය මඤ්ෙÆක්‌කා පෙව්වෝ ය අවසන් මොහොතේ එතුමාට දසවධ දුන්හ පීඩා කළහ චිත්තපීඩා වැඩි කළහ අනාදරය වැපිරුවෝ ය මෘතදේහය අත්පත් කොටගත්හ අවසන් කටයුතුවල න්‍යායපත්‍රය වෙනස්‌ කළහ කළ හැකි උපරිම අගෞරවය කළහ. ආදරය ඇත්තෝ සියල්ලෝ ම පසෙකට වූ හ. අප පසෙකට වූයේ ඔවුන් සමඟ ගැටීමට, පොරබැදීමට, අරගල කිරීමට, ඉනික්‌බිති ව ඔවුන් පරාජය කිරීමට ඇති නො හැකියාව නිසා නොවේ. ඒ සියල්ලෙන් අපේ ආදරණීය ගුරුතුමාට අගෞරවයක්‌ වන බැවිනි. ආදරය ඇත්තෝ පසෙකට වූ හ. පටු න්‍යායපත්‍රධාරීහු පැහැරගත්හ.

බෘහස්‌පතිවරුනි

සදාචාරයේ වංශ ප්‍රවේණිය නුඹලා අසීලාචාර ලෙස විනාශ කළ හ. තොපි කවරහු ද? නුඹලා කායික ව හෝ මානසික ව හෝ රූපමය වශයෙන් හෝ නාමික ව අපි නො දනිමු. එහෙත් මහාචාර්ය ගම්ලතුන් රෝගාතුර වූ අවසන් මාස කීපයේ රාත්‍රී නිදි වරමින්, වෙහෙසකර සාකච්ඡා පවත්වමින්, මානසික ව පීඩා කරමින්, එක්‌ එක්‌ පාර්ශ්ව අතර විරසක ඇති කරමින් නො හොබිනා ලෙස හැසිරුණු බව ශාන්තා පද්මපෙරුම මාතාවෝ සපථ කරති. අපට නුඹලා සමඟ බේරාගැනීමට ගෙනුදෙනුවක්‌ නැත. අප අනාගතයේ දී ද නුඹලා කිසිවෙකුත් සමඟ කිසිඳු මනුෂ්‍ය සම්බන්ධයක්‌ පවත්වන්නේ නැත. මානව ශිෂ්ටාචාරයේ ඉතිහාසය තුළ ඉතාම බරපතළ සාපරාධී චෝදනා ඇති පුද්ගලයෝ නුඹලාට සාපේක්‍ෂව යහපත් ය. මහාචාර්ය ගම්ලතුන්ගේ ආදාහන උත්සවයේ දී සහ ඒ ආසන්න කාල පරාසයේ දී නුඹලාගේ හැසිරීම සස¹ බැලූ කළ දේවදත්ත වැන්නෝ සුළු දඩයක්‌ ගසා නිදහස්‌ කළ යුතු තරම් සුළුතරයෝ වෙති.