Pages

Monday, November 28, 2011

සැඳෑ අඳුර පියමං කර කවුරුද එන්නේ

හැත්තෑව දශකය වූ කලී සිංහල ගීත සාහිත්‍යයට රමණීය නිර්මාණ ගණනාවක් දායාද වූ දශකයකි. මේ සඳහා කරුණු කීපයක් බලපෑ බව මගේ පෞද්ගලික හැඟීමයි. නිර්මාණශීලී පද රචකයන් හා සංගීතඥයන් සිටීම, ශ්‍රේණිගත වූ ගායක ගායිකාවන්ට සරල ගී වැඩසටහන් හිමි වීම, රූපවාහිනිය නොතිබීම, ගුවන්විදුලි සිංහල නාලිකා දෙකක් පමණක් පැවතීම, සාහිත්‍යකාමී රසික පිරිසක් සිටීම, ඒ කරුණු අතරින් කීපයකි.

ජනමාධ්‍ය හා රසිකත්වය පමණට වඩා ලිබරල්වාදී වීම හේතුවෙන් ඒ ස්වර්ණමය යුගය බිඳ වැටිණි. එහි විපාක ලාංකික සමාජයට ළඟදීම අත්විඳින්නට සිදුවනු වැළකිය නොහැකිය. හැත්තෑව දශකයේ ගීතය නිහඬව බබළවන්නට දායක වූ මහින්ද අල්ගමයන් ගේ පද මාලාවක් පිළිබඳ ව මා සටහන් තබන්නේ කෘතගුණ සැලකීමක් ලෙසිනි.

“රුක් අත්තන මල මුදුනේ
බඹරු නටන සැන්දෑවේ
සැඳෑ අඳුර පියමං කර
කවුරුද එන්නේ
පුතුනි බලන් යොමා නුවන්
කවුරුද එන්නේ...

කවිතා ගුණයෙන් යුතු මේ පද මාලාවේ ආරම්භයේම මැවෙන්නේ චිත්ත රූපයකි. ග්‍රාමීය වැඩවසම් පරිසරයක තම කුඩා දරුවා සමඟ බිරියක මග බලා සිටින්නේ මෙහෙවරට ගිය සිය සැමියා එනතුරුය. ඇයට ඈතින් එන සැමියාගේ රුව පෙනෙයි.

රුක් අත්තන මලක මුදුනක බඹරු නැටීමෙන් ඇගේ පී‍්‍රති ප්‍රමෝදය සංකේතවත් වෙයි. තමන් ජීවත් කරවන්නට වෙර දරන සැමියා පිළිබඳව ඈ තුළ හටගන්නේ අපරිමිත ගෞරවයකි. එසේම අභිමානයකි. ඇය ඇඟිල්ල දිගුකොට තම පුතුට දුර එන පියාගේ රුව පෙන්වන්නේ එම අභිමානය සඟවා ගෙනයි. අතිශයින් සියුම් වූ මානව හැඟීම් ස්පර්ශ කිරීමට කවියා සමත් වන්නේ ඔහු තුළ ඇති බහුශ්‍රැත භාවය නිසාය.

“මුතු පිණි ලැල් සැලෙන උදේ
උදා දිමුතු හිරු එළියේ
පුතු සවනට රහස් කියා
පියමං කරලා
අප වෙනුවෙන් දවස ගෙවා
වෙහෙසී එන්නේ...

සුභාවිත භාෂාව මේ නිර්මාණයේ රසය උද්දීපනය කරවයි. “පිණි මුතුලැල් සැලෙන උදය” “උදා දිමුතු හිරු එළිය” වැනි යෙදුම් සුඛෝච්චාරණයෙන් යුතු යෙදුම් ලෙස හඳුන්වා දිය හැකිය. සුගායනය සඳහා මෙබඳු යෙදුම්වලින් ලැබෙන්නේ මනා පිටිවහලකි.

රචකයා පසුබිම් කරගන්නේ පීතෘ මූලික ග්‍රාමීය සමාජයක් වුවද අද වැනි නාගරීකරණය වූ සමාජයක් තුළ ද මෙය වින්දනය කළ හැකිය. අද සමාජයේ ඇති වෙනස වන්නේ ගැහැනිය ද රැකියාවක් කරන බැවින්, මෙබඳු අනුභූතියකට උරුමකම් කියන්නට නොහැකි වීම පමණකි.

කාමර ඇත (Rooms available) (තානායම්, ලැගුම්හල්, රෙස්‌ට්‌, ගෙස්‌ට්‌, ඉන් සහ ලොජ්)

අප බොහෝ දෙනකු කැමැති වැඩි වෙලාවත් තම නිවසේ කාලය ගත කිරීමටයි. විශේෂයෙන්ම රාත්‍රී කාලයේ තමාගේ නිවසේ රැඳී සිටීම හැම පැත්තෙන්ම වාසිදායක තත්වයක්‌ උදාකරයි. තම නිවසට හෝ සමීප ඥාතියකුගේ ගෙයකට අමතරව අපට රැඳී සිටිය හැකි තැන් අතර ප්‍රධාන තැනක්‌ ගන්නේ හෝටල්, තානායම් හෝ ලැගුම්හල්ය.

පෙර කාලයේ නම් රෑ බෝ වී හෝ ගමන් මහන්සිය නිසා නිවසට යන්නට බැරි වූ කල්හි අපේ අයට පිහිට ආවේ අම්බලමයි. අවම පහසුකම් ඇති මෙම අම්බලම්වල නෂ්ටාවශේෂ තවමත් සමහර නගරවල දකින්නට තිබේ. පිටකෝට්‌ටේ හන්දියේ ඇති ගල් අම්බලම ඊට නිදසුනකි. සමහරු අම්බලම යන නම යොදා හෝටල්, ආපන ශාලා ආදියද පවත්වාගෙන යති. එහි වරදක්‌ නැත. මහදැනමුත්තලා, අන්දරේලා, දසමහ යෝධයෝ, ආඬි හත්දෙනා වැනි අය අම්බලම්වල රාත්‍රිය ගත කළ අයුරු අප ජනශ්‍රැතියේ සඳහන් වෙද්දී නස්‌රුදීන්ලා, විරුඩන්ලා ලැගුම්හල්වල සිටි බවට ජාත්‍යන්තර කතා අප අසා ඇත. ගැබ්බර මරියා සහ ජෝසප් ජන සංගණනයකට පෙනී සිටිනු පිණිස ගලීලයේ නාසරෙත් සිට යුදයේ බෙත්ලෙහෙමට එන අතර එහි තිබූ සියලුම ලැගුම්හල් පිරී ඉතිරී තිබුණු නිසා තානායමක පිළකන්නේ තිබූ ගව මඩුවක තම බිළිඳා බිහි කර ගව ඔරුවක බහා යේසුස්‌ යන නම තැබූ බව ඉතිහාසය පවසයි.

ගවලෙන් සහ අම්බලම් වලින් එහාට ගොස්‌ ඇති වර්තමාන සමාජයේ අද නවාතැන් පළවල් වී ඇත්තේ හෝටල් කාමර හෙවත් ලැගුම්හල් යෑයි මා කීවොත් බොහෝ දෙනකු මා සමග එකඟ වනු ඇත. රෙස්‌ට්‌ හවුස්‌, ඉන්, රෙස්‌ට්‌, ලො-, ගෙස්‌ට්‌ හවුස්‌, මොටෙල්, හොටෙල්, රූම්ස්‌, විලා, තානායම් ආදී විවිධ නම් වලින් හැඳින්වෙන මේ තාවකාලික ලැගුම්හල් නම් කතා කළ යුතුම මාතෘකාවකි.

ලංකාවේ ඇති ලැගුම්හල් සංස්‌කෘතිය ගැන හදාරා ඒ ගැන ලිපියක්‌ ලියන ලෙස මෙයට වසර දෙකකට පමණ පෙර මාව දිරිමත් කළේ අපේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර ගුරුතුමායි. ඒවා පිළිබඳව ඔහු අසා දැක ඇති කරුණු මෙන්ම සෘජුව ලැබූ අත්දැකීම්ද මා සමග බෙදා ගත්තා මට මතකය. කෙසේ වෙතත් පසුගිය වසර විස්‌සක පමණ කාලයක්‌ තිස්‌සේ හෝටල් කාමර, ලැගුම්හල්, ගෙස්‌ට්‌ හවුස්‌ ආදී ස්‌ථාන පන් සියයකට වඩා ප්‍රමාණයක්‌ ඇසුරු කොට රිංගා, කා රස (තිත්ත) බලා සොයා දැක දැන ගත් කරුණු සමග අද සමාජ විමර්ශන ලිපිය තුළින් කලකට පසු මම ඔබ වෙත එන්නෙමි.

තාවකාලික නවාතැන් ගැනීම සඳහා ලැගුම්හල් වෙත යන පුද්ගලයන් මෙසේ අපට වර්ග කළ හැක.

* විනෝද චාරිකා හෝ වන්දනා නඩ ලෙස යන පවුලේ සාමාජිකයන් හෝ මිතුරු කණ්‌ඩායම්.

* නගරයෙන් බැහැරව ගොස්‌ වෙළ¹මේ යෙදෙන සේල්ස්‌මන් ලා හෝ සේල්ස්‌ රෙප්ලා.

* දෙස්‌ විදෙස්‌ සංචාරකයන්, ගවේෂකයන්, විමර්ශකයන් සහ දේශාටකයන්.

* රාජකාරී කටයුතු සඳහා නගරයෙන් බැහැරව යන නිලධාරීන් සහ සේවකයන්.

* මධු සමය ගත කිරීමට යන නව මංගල ජෝඩු.

* ගණිකාවන්, සහකාරියන් සොර අඹුවන් වැනි අය සමග කම් සැප වීඳීමට රිසි සල්ලාලයන්.

* අනියම් සබඳතා ඇති හෝර ජෝඩු සහ සමලිංගික සේවනයේ යෙදෙන පිරිමි හෝ ගැහැනු.

* සමාජයෙන් වෙන්ව සමීපව කාලය ගත කිරීමට කැමැති පෙම්වතුන්.

“One Day”… When friends fall in love…

Courtesy - The Sunday Leader By Sumaya Samarasinghe

Emma and Dex graduate from the University of Edinburgh in 1988.The bespectacled Emma is the serious one with a double degree and great dreams of becoming a writer.
Dex on the other hand who comes from a rich and united home is a handsome happy go lucky young man completely directionless and hoping for a one night stand with Emma after some wild graduation parties. While both head to her place with the same idea in mind, something happens and they end up falling asleep together.
And then begins One Day the most long drawn twenty year love story/ friendship between two very unlikely beings.They promise to meet every year or at least to talk to each other on the anniversary date of their first meeting. Their way of sustaining their friendship and love is by keeping it platonic (for as long as possible) and both seem content with that solution.
Emma attempts to become a successful playwright but ends up being a waitress at a Tex Mex restaurant until she finally finds a way out of a life she hates and Dex begins to abuse drinks and drugs while becoming a very successful television presenter of terribly shallow programmes. Of course it is quite obvious that the two protagonists are made to be together and who wouldn’t want to see Anne Hathaway and Jim Sturgess hook up in a movie?
One day’s plot is very much of a dark love story and the film poster is completely misleading.
Emma and Dex, go their separate ways and deal with death, divorce, wrong partners, job loss and the many other tragedies that one has to face in life. But when they are together, Dex especially seems overcome by a sense of peace which they do not want to break by bringing in personal issues into their lives.

President opens ‘Gateway to Wonder’


President Mahinda Rajapaksa is issued a toll ticket after opening the country’s first Expressway, ‘The Gateway to Wonder’ yesterday. President Rajapaksa opened the access road to the Expressway from Galle by unveiling a plaque. Daily News - Pictures by Sudath Silva

E01 a monument to Lanka’s post war recovery - MR Southern expressway opened Work on Jaffna-Colombo highway shortly

Courtesy - The Island By Shamindra Ferdinando

President Mahinda Rajapaksa yesterday declared that the rapid development of the road network in the post-war era was part of his government’s strategy to counter those still pursuing a separatist agenda.

President Rajapaksa assured that the existing A9 road to Jaffna would be transformed into a highway to facilitate overland movement to and from the Jaffna peninsula. The government was in the process of finalizing the Colombo-Jaffna highway project, the President said.

Addressing a gathering at Karandeniya, after commissioning the newly-built southern expresswa (E01) which connects Kottawa with Galle, President recalled how a section of the international community and their local agents had categorized Sri Lanka as a failed State.

The government had proved them wrong, President Rajapaksa said. The rapid post-war recovery and development progress had demonstrated Sri Lanka’s capabilities and exposed its detractors.

Commenting on the challenges faced by the country, the President said that the government was striving to overcome threats posed by racism, provincial level conflicts and separatism.

The President said that the southern highway was an important milestone in Sri Lanka’s history.