Friday, July 17, 2020
Thursday, July 16, 2020
රුධිර ගණයට අනුව කොරෝනා වයිරයේ බලපෑම වෙනස් වෙනවා:
‘කොවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය සමඟ ජීවත් වෙනවා හැර අපට වෙන විකල්පයක් නැත. ‘කොවිඩ් 19‘ වයිරසයට එන්නත් නිපදවීම ලහිලහියේ සිදුවුවත්, එම කටයුතු අවසන් වනු ඇත්තේ තව මාස 8 කින් හෝ 9 කින් යැයි පැවැසෙයි. කෙසේ නමුත් මේ වනවිට ‘කොවිඩ් 19’ ගැන අප අනාවරණය කරගත් දේ බොහෝය.
මූලාරම්භය අබිරහසක් වුවත්, ‘කොවිඩ් 19’ යනු ක්ෂීරපායී සතුන් හරහා මනුෂ්‍ය අපට බෝ වන කොරෝනා වයිරස පවුලේ නවතම සාමාජිකයාය. ‘කොවිඩ් 19’ වයිරසයේ ජාන ව්‍යුහය ද හොඳින් හඳුනා ගැනීමටත් වයිරසය කෘත්‍රිමව රසායනාගාරයක් තුළ නිපදවීමටත් විද්‍යාඥයෝ සමත් වී සිටිති. ‘කොවිඩ් 19‘ වයිරසයේ බලපෑම සම්බන්ධයෙන් මෙසේ කරුණු අනාවරණය වෙද්දී, රුධිර ගණය අනුව, එහි බලපෑම වෙනස් වන බව යුරෝපා රටවල වෛද්‍ය පර්ෙය්ෂකයන් පෙන්වා දී තිබේ.
ප්‍රධාන රුධිර ගණ ඇත්තේ 4 කි. ඒවා නම්, ‘ඒ’, ‘බී’, ‘ඒබී’ සහ ‘ඕ’ ය. ‘ඒ’ වර්ගයේ රුධිර ගණය ඇති නම්, ‘කොවිඩ් 19’ වයිරසය ආසාදනය වුවහොත්, අධිරුධිර පිඩනය, දියවැඩියාව වැනි බෝ නොවන රෝගී තත්ත්වයන්ගෙන් පෙළෙන්නේ නම්, එම රෝගී තත්ත්වයන් ඖෂධ මඟින් පාලනය කර ගෙන නැතිනම්, වයිරසයෙන් එල්ල වන අවදානම ඉතා වැඩිය. වයිරසය ඔබට මාරාන්තික වෙයි.
ඔබට ඇත්තේ ‘ඕ’ ගණයේ රුධිරය නම්, වයිරසයෙන් එල්ල වන බලපෑම ඉතා අඩුය. වයිරසය ආසාදනය වීමත් අඩුය. වයිරසය ආසාදනය වූවත් ඉක්මනින් සුවය ලැබීමට හැකියාව ලැබෙන බව ද පැවැසෙයි. මේ බව තහවුරු වූයේ ඉතාලිය, ස්පාඤ්ඤය, ඩෙන්මාර්කය, ජර්මනිය ඇතුළු යුරෝපා රටවල වෛද්‍යවරුන් සහ වෛද්‍ය පර්යේෂකයන් රෝගීන් 2,000 ක පිරිසක් යොදා ගෙන කළ අධ්‍යයනයකට පසුවය.
නිසි ප්‍රතිකර්මයක් තවමත් නැතත්, දැනට පවතින අතුරු ආබාධ කිසිවක් නැති, මිල අඩු ස්ටෙරොයිඩ වර්ගයේ ඖෂධයකින්, ‘කොවිඞ් 19’ අඩපණ කළ හැකි බව මහා බ්‍රිතාන්‍යයේ වෛද්‍ය පර්ෙය්ෂකයෝ පවසති. එය සැබැවින්ම සැනසිල්ලකි. මෙම ඖෂධය ‘ඩෙක්සාමෙතසෝන්’ ය. අඩු මාත්‍රාවකින් යුත් ස්ටෙරොයිඩයක් වන මෙයරෝග, අසාත්මිකතා, ඇදුම, දරුණු පෙනහලු ආසාදන සඳහාත්, ක්ෂයරෝගීන්ට ප්‍රතිජීවක සමඟත් ලබා දෙයි.
උපුටා ගැනීම - ලංකාදීපය
ලුසිත ජයමාන්න
‘ද සන්‘ ඇසුරිනි
Wednesday, July 15, 2020
නැන්දම්මා සමග විසීම
නැන්දම්මා හා ලේලියගේ ගැටුම පවතින්නෙ අද ඊයෙක පටන් නොමෙයිනේ. නැන්දම්මා ලේලි ගැටුම් දුර දිග යෑම නිසා පවුල් පවා කඩා කප්පල් වූ අවස්ථා ඇත. ඇත්තටම නැන්දම්මා කියන්නේ එක් අතකින් ගත් කල විවාහයෙන් පසු තවත් අම්මා කෙනෙකු හමු වීමය. නැන්දම්මා ලේලි හබය කීවාට හිතන්නකො අපි අපේ අම්මා එක්කම කොයි තරම් නොහොඳ නෝකාඩුකම් ඇති කර ගන්නවද කියලා. ඒත් අපි ඒ තරම් ඒ දේවල් හිතට ගන්නෙ නැහැ. මොකද ඒ අපේම අම්මනේ. ඒත් නැන්දම්මා සමග නම් එහෙම නෙමෙයි. ඇගේ මුවින් ගිලිහුණ පොඩි වචනයක් පවා අපේ හිත රිද්දලා අවුරුදු ගණන් අපේ හිතේ සනිටුහන් කරගන්නවා. ඇත්තටම නැන්දම්මා කියන්නෙත් පෘථග්ජන මනුස්සයෙක්නෙ. හිතන්නකො දස මාසයක් කුසේ තියාගෙන මේ ලෝකෙට බිහි කරලා පරිස්සමට රැක බලා ගත්ත තමන්ගෙ පුතා තවත් කෙනෙකුට ආදරය කරද්දි ලං වෙද්දි දුකක් ඉරිසියාවක් හිතෙන එක අසාමාන්‍ය දෙයක්ද කියලා. හොඳම දෙය නැන්දම්මා ඉදිරියේ එයාගේ පුතා එක්ක ඕනෑවට වඩා ලෙංගතු නොවී හැසිරෙන එකයි. අනිත් එක ඉස්සර වගේම අම්මට ආදරෙන් ඉන්න තමන්ගේ සැමියවත් පොළඹවන්න. තමන්ට පුතාගේ ආදරේ වෙනසක් නැතිව ලැබෙන කොට අපි ගැන නැන්දම්මා අහිතක් හිතන එකක් නැහැ.හැබැයි නැන්දම්මත් හිතනවනම් මේ මගේම දරුවෙක් කියලා ගැටුම් ඇති වන්න තියෙන ඉඩ කඩ අඩු වේවි.
නැන්දම්මා ලේලිය ආරවුල පටන් ගන්නෙ කුස්සියෙන්නේ අන්න ඒ නිසා අපි ටිකක් සුක්ෂම වෙන්න ඕනී. ඒත් එක්කම ඇය කැමති ආහාර හඳුනා ගන්නත් උත්සහ කරන්න.
“අද වටිටක්කා හදනවා ”
කියනවා වෙනුවට
” අම්මේ අද වටිටක්කා හදමුද? ” කියලා අහන්න පුලුවන්.
ඒ මොකද දන්නවද? තනි තීරණ ගන්නවට, අණ දෙනවට නැන්දම්මලාගෙ කැමැත්තක් නැති නිසා. අපි වුණත් අණ දෙනවට අකමැතියිනේ. ඒත් පවුල ඉදිරියට ගෙන යාමත් සතුට රැඳවීමත් තියෙන්නෙ අපේ අතේ. ඉවසීමෙන් සැනසීම ලැබේ කියලත් කියනවනේ.
බොහෝ වෙලාවට නැන්දම්මාගෙ පිළිවෙල නැති වුණත් එයාලා අපේ පිළිවෙල නම් තිතටම බලාපොරොත්තු වන බව අමතක කරන්න එපා.කොහොම වුණත් පුංචි පුංචි මත ගැටුම් ඇති නොවුණොත් නම් පුදුමයක්. සැමියාට ඔහුගේ මව පිළිබඳ වැරදි කීම නම් ඒ තරම් හොඳ දෙයක් නෙමේ. ඔබ කොයි තරම් නිවැරදි වුණත් නිතරම මව පිළිබඳ වැරදි අසන විට ඔබේ සැමියාටත් එය වදයක් සේම ඔබ පිළිබඳ ඇති පැහැදීම පලුදු වන්නට ඉඩ ඇත.
වයසට යාමත් සමගම අපි කවුරුත් සිතින් මෙන්ම ගතින්ද දුර්වලය. එකට ජීවත් වන විට නැන්දම්මාගේ සැප දුක බලන්නට අමතක නොකරන්න. ඇයත් ඔබේ මව මෙන්මය. වෙන් වෙන්ව ජීවත් වනවා නම් දවසට වරක් හෝ ඇමතුමක් ලබා දී ඇයගේ දුක සැප විමසන්න. එය ඇයට සතුටක් වනු ඇත. අසනීප වූ විටම ඔබ ඇයත් සමග වෛද්‍යවරයා වෙත යන්න. ඇය ඔබේ සිත රිද්දුවද ඇයගේ සිත නොරිද්දා ඉන්නට උත්සහ කරන්න.
ඇය සමග දොඩමලු වන්න. ඇය ඔබට වඩා ජීවිතයේ අත්දැකීම් අතින් පොහොසත්ය. ඔබට විසඳාගත නොහැකි ගැටලුවකට ඇය ළඟ පිළිතුරු තිබිය හැකිය. ඇයගේ ළමා කාලය තරුණ අවදිය විවාහා ජිවිතය පිළිබඳ අසන්න. ඇය ඒ අතීතය ඔබ සමග ආවර්ජනය කරන අතර ඔබ දෙදෙනාගේ සබඳතාවයද ශක්තිමත් වනු ඇත.
Tuesday, July 14, 2020
ඒක පාර්ෂවික ප්‍රේම කථාවක, සත්‍ය අත්දැකීම - Lost 1982
තරු දිළිසෙනවා හඳත් එක්ක, හරිම ලස්සනට
Turning all my thoughts to you
මගේ සිතුවිලි හැරෙනවා ඔයා දිහාවට
I was without hopes or dreams
මම හිටියේ කිසි ම බලාපොරොත්තුවක් වත්, හීනයක් වත් නැතුව
I tried to dull an inner scream
මං උස්සහ කළා නොපැහැදිලි විදිහට කෑ ගහන්න
But you saw me through
එත් ඔයා මාව ඇතුළාන්තයෙන් ම දැක්කා.........
Walking on a path of air
මම ඇවිදිනවා සුළඟින් හැඳුණු මාවතක
See your faces everywhere
මට පේනවා ඔයාගෙ මුණ, හැමතැනම..........
As you melt this heart of stone
ඔයා මගේ ගලක් වගේ හදවත මොළොක් කළා.........
You take my hand to guide me home
ඔයා මගේ අත ගත්තා මාව ගෙදරට එක්කන් එන්න........
And now I'm in love
ඉතින් දැන් මං ආදරේ කරන්න පටන් අරන්..........
You took my heart away
ඔයා මගේ හදවත වෙන පැත්තකට ගත්තා
When my whole world was gray
ඒ මගෙ මුළු ලෝකෙම අළු පාට වෙලා තිබුණු වෙලාවක
You gave me everything
ඔයා මට හැමදේම දුන්ණා
And a little bit more
හැමදේටම වැඩියෙන්
And when it's cold at night
ඒ වගේම රෑට සීතල දැනෙනකොට
And you sleep by my side
ඔයා මගේ පැත්තක නිදාගෙන ඉන්නවා.....
You become the meaning of my life
ඒකයි මං කියන්නේ, ඔයා මගේ ජීවිතේ, අර්ථය බවට පත් වෙලා.......
Subscribe to:
Posts (Atom)

