Pages

Saturday, April 30, 2016

විසිරුනු මල් පෙති දෝතට ගත් කුමරි "විසිරුනු පෙති යලි මලක් නොවේ නැගණි..."

ලංකාව වනාහි දැඩි සංස්කෘතික මතධාරීන්ගෙන් ගහන වූ ආගම මුල් කොටගත් දැඩි සම්ප්‍රදායානූකූල ජනතාවක් වෙසෙන රටකි. ආසියානුකරයේ බොහෝ රටවල් වලට පොදු වූ මේ සාමාජීය වටපිටාව ලංකාව සඳහා වලංගු වන්නේ දුරාතීතයේ සිටමයි. මෙවන් සංස්කෘතික වටපිටාවක වෙසෙන ශ්‍රී ලංකාවේ කාන්තාව සඳහා සමාජය තුල හිමිව ඇත්තේ ඉතාම සුවිශේෂි ස්ථානයකි. එම තත්වය බොහෝවිට ලාංකීය කාන්තාවට ආවාසිදායක තත්වයක් උදා කලද, වර්ථමානය වනවිට එම තත්වය තරමක් පහවෙමින් පැවතියද, තවමත් බටහිර කාන්තාවට හිමි නිදහස ලාංකීය කාන්තාවට ඉමහත් දුරකින් පවතී.

තවමත් කොල්ලන් හත් පඳුරේම ලැග ගෙදර ආවත් නාවා මයේ පුතේ කියා ගෙට ගන්නා සමාජයක ගැහැණු ළමයෙකුගේ ඉතාම කුඩා වරදකදී පවා ඇය හත් පඳුරියක ලෙස හංවඩු ගැසීමට දෙවරක් නොසිතයි. එවන් පසුබිමක් තුල ලාංකීය සමාජයේ දූෂණයට ලක් වූ කාන්තාවකගේ ඉරණමද ඊට කිසිසේත්ම දෙවනි නොවේ. අද ඔබවෙත ගෙන එන ගී සංවේදනාව, විචාරය එවන් ප්‍රස්තුතයකට ආනුව නිර්මාණය වූ ඉතාම අගනා ගීතයකි.

ජීවිතයේ කුමන හෝ අසව්ථාවක ඔබගේ සොයුරියක්, හිතවතියක් මේ තත්වයට පත්ව තිබෙනවානම් එවන් අවථාවක ඇය මුහුණ දෙන දැඩි ඛේදනීය තත්වය පිළිබඳ ඔබට හොඳ අවබෝධයක් පවතිනු ඇත. දූෂණයට ලක්වූ අහිංසකාවියකට මෙවන් රටක් ඉන් ඉදිරියට අනාගතයක් ඇත්නම් ඒ ඉතාම කලාතුරකිනි. බොහෝ අවස්ථාවල තමන්ට සිදුවූ අභාග්‍ය හොර රහසේම සඟවා ගැනීමට ඇය පෙළඹෙනුයේ තමන්ගේ ආත්ම ගරුත්වය සහ අනාගතය ආරක්ෂාකරගැනීමේ අරමුණෙනි. මෙවන් දියණියන් මේ සමාජයේ කොතෙකුත් ඉන්නවාට සැකනැත. එසේ ලොවෙන් සඟවා සිටියද, ඈ පතිකුලයට යන යම් දිනෙක ඇයට මහත්වූ ප්‍රශ්න රාශියකට මුහුණදීමට සිදුවන්නේ ගතානුගතික සම්ප්‍රදායෙන් ලංකාවේ මිනිස් ඔලු ගෙඩි පිරී ඉතිරී ඇතිහෙයිනි. එය එසේ නොවුනද, නොඉඳුල් කෙල්ලෙක් ලබාගන්න කවුරු උනත් කැමතියි. බෝධිසත්ව පෙම්වතෙකු මිස, වෙනත් අයෙකු කුමනාකාරයකින් හෝ කිළිටි වූ යුවතියක ලබා ගැනීමට අකමැති සමාජයක එවන් තත්වයකට මුහුණදුන් යුවතියකගේ ඉරණම කෙතරම් සෝචනීයදැයි ඔබට සිතාගත හැකිවනු ඇත.

මේ නිසා මෙවන් අවස්ථාවකදී නීතියේ පිළිසරණ පතා වරදකරුවන්ට නිසි දඬුවම් ලබා දීමට ඉදිරිපත්වන යුවතියන් ඉතම දුලබයි. ඇතැම් විට කුඩා කලම මෙවැනි අතවරයන්ට මුහුණපාන යුවතියන් තමන්ගේ මුලු මහත් අනාගතයම අඳුරුකරගන්නේ ඉතාම ඛේදනීය අයුරින්ය. එවන් බොහෝ දෙනා අවසානයේ තමන්ගේ සිරුර විකුණාදැමීමේ තත්වයට පත්වෙති.

කෙසේ වුවද ගීතය මඟින් නිරූපණය කෙරෙනුයේ එවැනි අවසනාවන්ත තත්වයකට මුහුණ දී නීතියේ පිළිසරණ මතා ආ යුවතියක් සම්බන්ධයෙනි.

ගීතය ගලාගෙන යනුයේ දයාබර සොහොයුරෙකු නැඟණියකට කරන ආමන්ත්‍රණයක ස්වභාවයෙනි.

"විසුරුණු මල් පෙති දෝතට ගත් කුමරි
ඒ පෙති එක්‌ කර මලක්‌ සොයන බොලදී
සරදම් නොකරමි ආදරයෙන් කියමි
විසුරුනු පෙති යලි මලක්‌ නොවෙයි නැගණි..."

මුලුමහත් සිද්ධි දාමයක්ම ගීතයේ මුල් කොටසින්ම ඉතාම කදිමෙට ඉදිරිපත් කරනුයේ, ගීතයේ නිර්මාතෘ වරයාවන බන්දුල නානායක්කාරවසම් නම් ප්‍රවීණ රචකයාගෙ ප්‍රතිභාව මනාව සපථ කරමිනි.

ඇය ඇගේ ජීවිතයේ කාන්තාවකට විඳිය හැකි අමිහිරිම දේ විඳ ඇත. මගේ නෙත්මානයේ මට මැවී පෙනෙනුයේ, හැඬූ කඳුලින් පිස්සියක මෙන් කල්ගතකරන, පාපතරයෙකු අතින් කිළිටිවී ගිය අවිහිංසක යුවතියකගේ මලාන්ක මුහුණයි. ඇය තමන්ට අහිමි වී ගිය උත්තරීතර පවිත්‍රත්වය යළි සොයමින් සිටී.

ඇය එය සොයමින් හඬමින් ඇවිදයයි. පොලීසියේ පිහිට පතයි. උසාවියෙන් යුක්තිය බලාපොරොත්තුවෙයි. කෙලිදෙලින් සැහැල්ලුවෙන් කාලය ගතකල කුඩා ඇය, අද ගැහැණියකවී කිසිදා පය නොතැබූ උසාවි බිමක සිට ජීවිතයා ඉල්ලා හඬා වැටේ. අනාගතය උදෙසා ඉකිගසයි. නමුදු ඇත්තෙන්ම මේ සමාඅජය ඇයට ඒ දේවල් යළි ලබා දීමට සූදානමින් සිටීද? ඇයට ඇගේ අනාගතය, පවිත්‍රත්වය මේ උසාවියෙන් ලැබෙයිද. ඒසේ ලැබෙනු කෙසේ වෙතත් උසාවියේ නීතීඥයන් අබිමුව ඇය දෙවන වතාවටත් දූෂණය වෙයි. ගොරහැඩි තිරිසන් පපුවකට ඈ හිර වූ මොහොතේ පටන් ඒ පිසාචයාගේ පහත් නරුම ආසාවන් සංසිඳෙන තුරු ඇය මුහුණ දුන් කාලකණ්නි අත්දැකීම ඈට යලි යලිත් හඬගා ලෝකෙටම ඇසෙන්නට පැවසීමට සිදුවේ.

සල්ලිවලට හෘද සාක්ෂිය විකුණගෙන කන විත්තියේ උගත් නීතීඥ මහතුන් නැවත වරක් ඇයව ප්‍රසිද්ධියේ නිරුවත් කොට දමනු ඇත. අවසානයේ වරද කරුවන් නීතියේ රැහැනට හසුවුවද, ඇයට අහිමි වූ ඇගේ ජීවිතය ඇයට යලි ලබා දීමට උසාවියකට හැකිවනු ඇතිද? රචකයා පවසන්නේ එයයි. ඒ සඳහා ඔහු ඉතාම කදිම උදාහරණයක් ලබා දී ඇත. අලංකාරව පිපි මලක පෙති තලා පොඩිකර කඩා දැමූ පසු ඒ මල යලි පෙර තිබූ පරිදිම සකස් කරන්න බැහැ. ඉතින් මෙ අහිංසකාවිය කරන්න හදන්නෙ එයයි. තමන්ගෙ විසිරුණු ජීවිතය, අනාගතය, යලි මලක් කරන්නයි ඇගේ උත්සාහය. නමුත් ඇයට සාර්ථක වීමට නොහැකියි. ඒ වෙනුවට සමහරවිට ම්තැලුණු මලද නටුවෙන්ම ගැලවී මිලන වී යාමටද හැකිවේ.

ඉතින් ඇගේ මේ උත්සාහයේ නිශ්ඵල බවයි රචකයා ඈට මේ ආදරයෙන් කියල දෙන්නෙ. මේ කරන්නෙ විහිළුවක්වත් සරදමක්වත් නෙවෙයි, නමුත් පවතින ලෝක ස්ව්හාවයයි ඔහු ඇයට මෙසේ දයාබරව විස්තර කරන්නෙ.

දියණියක විසින් උගත යුතුම, සමාජයේ තිබෙන තවත් එක් කාරණයක් ගීතයේ ඊළඟ පදපෙලෙන් කියවෙනවා. අපූරු උපමා රූපක භාවිතා කරල එය රසික හදවත් තුලට සංගීතයවත්ව සම්ප්‍රේශණ්ය කරන්න යොදල තිබෙන පදමාලාවනම් අති විශිෂ්ඨයි.

"වෙරළ සොයා රළ පෙළ දිව ආවත්
වෙරලට කිසිදා දියඹ දකිනු හැකිදො
බදට පියපත් යුවලක්‌ ලැබුනත්
අහසේ දෙකෙලවර නුඹට දිනනු හැකිදෝ..."

මෙහි වෙරළට උපමා කොට ඇත්තේ මේ යුවතියගේ යොවුන් ජීවිතයයි. රළ පෙල යනු කිසිදු අරමුණක් හෝ ස්ථීරත්වයක් නොමැතිව ඉබාගාතේ යන මෙවැනි ජීවිත බිලිගැනීමට මාන බලන දඩ බලු රංචුවයි.

ඉතින් මේ වෙරළ කරා එන රළ පෙල වෙරළ විසින් කිසිදු විචාරයකින් තොරව ආදරයෙන් වැළඳගත්තද, මේ රළ පෙලේ අතීතයවත්, ගමන් ඇරඹුනු තැනවත් මීට කලින් නතර උන තැන්වත් මේ අහිංසක වෙරළ දන්නෙ නෑනෙ. එත් එක්කම කවදාවත් වෙරළට රැල්ල හොයාගෙන රැල්ල එක්ක යන්නත් බෑ. ඒ දියඹ දකින්නත් බෑ. ඒ කියන්නෙ තමන් වෙත එන මිනිස් වෙස් ගත් තිරිසනුන් ගැන අඳුනගන්න තරම් මේ යුවතියටහැකියාවක් නෑ කියනෙකයි.

ඒ වගේම මේ කිරිල්ලිට ඉගිල්ලෙන් සොබාදහමෙන් පියාපත් ලැබුනද, ලෝකයේ දෙකලවර කිසිදින ඇයට අභිනික්මන් කල නොහැකිවනු ඇත.

පෙර කොටස් දෙක මෙන්ම ගීතයේ අවසාන කොටසද ඉතාම කදිම උදාහරණ රැසක් සමඟින් බන්දුල නානායක්කාර මහතා විසින් ලබා දී ඇත.
ලොවේ දසත බඹරු පියමනිනවා. විවිධ මල් උයන්වල නවාතැන් ගන්නවා. මල් නොතලා රොන් අරන් යනවා, සමහර විට මල් තලා පොඩිකර විනාස කර රොන් ලබා ගන්නවා. ඒත් එහෙම කරන බඹරුන්ට කවුරුත් මොකුත්ම නොකීවද, අහිංසක මල් ගොමුවටනම් එල්ලවන අපහාස, උපහාස කෙලවරක් නොමැතිවනු ඇත.

ගීතයේ අවසානයත් සමඟ සියලු දයාබර සොයුරියන්ට, යෙහෙලියන්ට පොදුවේ ඉතාම හොඳ උපදේශයක් ලබා දීමට මෙතුමා මේ ගීය යොදාගන්නවා.

"බඹරුන් පසුපස මල් දිව නොගියත්
අවමන් වින්දේ මල් කුලයම නොවෙදෝ
මෙදහම් නුවණින් නුඹ නොදුටුවොතින්
නුඹේ සුසුම් ගිනි බොල් අහසම නොවෙදෝ..."

කෙසේ හෝ, සමස්ථයක් ලෙස බැලූ පසු කෙටියෙන්ම ගීතයෙන් කියවෙන අර්ථය වනුයේ, දයාබර නංගියේ උඩ බලාගෙන කෙලගහන්න එපා කියනෙකයි. නමුත් බුද්ධියට ඉඩදී නුවණින් විමසූ කල මෙම ගීතය සමඟ එකඟ වෙන්න බැරිවුනත් සමාජයේ තවත් අහිංසක බිල්ලක් ගැනීමට පෙර අපි එවන් පාපතරයන් සමාජෙන් තුරන් කිරීමට හැකිනම් එයයි ඇත්තෙන්ම වටිනාකම.

වැරදි කාරයා වසර කිහිපයකින් නැවත සමජ ගත වනු ඇත. නමුදු ඔහු නිසා ජීවිතය විනාශ වූ මෙම යුවතියන්ට ජීවිත කාලය පුරාම සුසුම්ලමින් හිඳීමට වනු ඇත.

කෙසේ වුවද, ස්ත්‍රී දූෂකයාන් පිළිබඳ මාගෙ පුද්ගලික මතයනම් පැහැදිලිව සාක්ෂි සාධක සහිතව ඔප්පුවෙන මෙවැනි පාපතර වැරදිකරුවන් හට කිසිදු සමාවකින් තොරව මරණ දඬුවම ලබා දිය යුතු බවයි. මක් නිසාද ඔහු මේ තත්වයට පත්ව සිටින්නේ, අවිහිංසක තරුණ ජීවිතයක් මරා දැමීමෙනි.

එවැන්නෙකුට සමාවක් හිමි නොවිය යුතුමයි. එවැන්නන් මේ සමාජය ටුල නොසිටියම යුතු අයයි.

කෙසේ හෝ නානායක්කාරවසම්ගේ මෙම විශිෂ්ඨ පදරචනය රෝහණ වීරසිංහයන් විසින් අපූරු ගීතයක් බවට පෙරලද්දී එම ගීතයට ජීවය ලබා දෙන අතුල අධිකාරිගේ ලයාන්විත හඬ මාධූර්ය අප හදවත් ප්‍රකම්පනය කරනුයේ පුදුමාකාර ලෙසිනි. දයාබර නැගෙණියකට දයාබර සොහොයුරෙකුගේ සෙනෙහබර, අවවාදාත්මක ආමන්ත්‍රණය ගීය පුරා ඉතාම සංවේදීව රැකගැනීමට ඔහු සමත්වී ඇත.

විසිරුනු මල් පෙති දෝතට ගත් කුමරි
ඒ පෙති එක් කර මලක් සොයන බොලඳි
සරදම් නොකරමි ආදරයෙන් කියමි
විසිරුනු පෙති යලි මලක් නොවේ නැගණි

වෙරළ සොයා රළ පෙළ දිව ආවත්
වෙරළට කිසිදා දියඹ දකිනු හැකිදෝ
බඳට පියාපත් යුවලක් ලැබුනත්
අහසේ දෙකලවර නුඹට දිනනු හැකිදෝ

බඹරුන් පසුපස මල් දිව නොගියත්
අවමන් වින්දේ මල් කුලයම නොවෙදෝ
මෙදහම් නුවණින් නුඹ නොදුටුවොතින්
නුඹේ සුසුම් ගිනි බොල් අහසම නොවෙදෝ

පද රචනය : බන්දුල නානායක්කාරවසම්
ගායනය : අතුල අධිකාරි
සංගීතය : රෝහණ වීරසිංහ


Wednesday, April 27, 2016

Staph in your sinks

Antibacterial soap has a dirty little secret... it contains chemicals that increase the risk of infection, disrupt hormones, cause cancer, liver fibrosis and more.

But, fortunately for you, the secret's out. Mounds of research has surfaced in recent years confirming the dangers of this common household product that most people use countless times per day.

The ingredients that make antibacterial soap one of the greatest household health hazards are the chemicals triclosan and triclocarban.

Triclosan, which can be absorbed through the skin or ingested orally, has become pervasive in many people's bodies, having shown up in their urine, blood, breast milk and snot. To break it down in a more specific - and disturbing - way, triclosan has been found in the breast milk of 97 per cent of lactating women and 75 per cent of people's urine.

So the chances you've been contaminated are pretty good.

What's even more disturbing is that a 2014 study conducted by the University of Michigan found that if you do happen to have triclosan in your snot, you also have a 50 per cent greater chance of having the 'Staphylococcus aureus' bacteria in your nose... you know, the bacteria that causes potentially deadly staph infections.

Another study published in 2014 found that mice exposed to triclosan over six months (which would equate to 18 years for us humans) were more likely to get liver tumours... and larger tumours at that.

That's because triclosan causes liver toxicity and liver fibrosis, which eventually lead to cancer.

The most recent research on antibacterial soap shows that rats exposed to triclocarban pass it along to their young through their breast milk, and it messes with their babies' gut microbiota. Nursing pups exposed to the chemical had significantly less beneficial bacteria in their gut than pups who weren't exposed.

By now, you are probably well aware of the impact your gut health has on your overall health. If your body was a coal mine, your gut health would be the canary. And the chemicals in antibacterial soap would be the carbon monoxide that kills this canary (and eventually kills you if you don't heed the warning).

But these chemicals aren't only found in antibacterial soap.

Easy Health Options

Monday, April 18, 2016

ලොව හොඳම නිදන කාමර ආකෘති

සුවදායී නින්දකටත්, මනස සැහැල්ලුවෙන් තබා ගැනීමටත් කදිම ස්ථානය නිදන කාමරයයි. නිවහනෙහි හොඳ ම ස්ථානය වන්නේ ද එම ස්ථානයයි. ගෘහ නිර්මාණ ශිල්පීන් විසින් ලෝකයේ හොඳම නිදන කාමර ආකෘති දහයක් පිළිබඳහඳුන්වා දී තිබෙනවා.

1. ග්‍රීන් සනී නිදන කාමරය( Green Sunny Bedroom)

මේ නිදන කාමරයෙහි මූලික වර්ණ ලෙස කොළ පැහැය සහ සුදු පැහැය දැකගත හැකි යි. එහෙත් මෙහි අන්තර්ගත කොළ පැහැය විවිධ අනු වර්ණ ලෙස දැකගන්න පුළුවන්. තනි සුදු පැහැයෙන් යුත් ජනෙල් භාවිත කිරීමෙන් බලාපොරොත්තු වන්නේ නිස්කලංක, නිදහස් බවක් කැටිවූ නිර්මල හැඟීමක් පිළිබඳ කියාපෑමටයි.

නිදන කාමරයෙහි වෙසෙන්නා‍ගේ මනසට සුවයක් ගෙනෙන ලෙසින් ළා කොළ පැහැයෙන් යුක්ත තිර රෙදි,බිම අතුරන හා නිදන කාමරයෙහි ගෘහ භාණ්ඩ යොදාගෙන තිබෙනවා. හුරුබුහුටි ආලෝක (Lamp Shade) භාවිතයෙන් එම නිදන කාමරයෙහි නිදහස් හා සාමකාමී බව වර්ධනය කර තිබෙනවා.

2. සනී රැස්ටික් වුඩ් නිදන කාමරය (Sunny Rustic wood bedroom)

මෙහි ඇති සුවිශේෂීතාව නම්, දැව භාවිත කිරීම මූලික වශයෙන් දැකගත හැකිවීමයි. දැව මිශ්‍රිතව විවිධ මෝස්තරවලින් යුත් ගෘහ භාණ්ඩ මෙහිදී භාවිත කෙරෙනවා. මෙහි ජනෙල් සහ දොරවලට සුදු වර්ණය භාවිත කර තිබීමෙන්, නිදහස හා සාමකාමී බව නිරූපණය කෙරෙනවා.

හිරුගේ ස්වාභාවික ආලෝකය කෙළින්ම කාමරයට පතිත වන පරිදි මෙහි වීදුරු ජනේලයක් යොදාගෙන තිබීම විශේෂ ලක්ෂණයක්. මේ නිසා නිදන කාමරයට ආලෝකය හොඳින් අවශෝෂණය කර ගැනීමට හැකියාව ලැබෙනවා. රාත්‍රී කාලයේදී පමණක් කෘත්‍රිම ආලෝක බුබුළු මඟින් ආලෝකය ලබා ගැනීමට හැකිවන අන්දමින්, ඉතාමත් ම ආකර්ෂණීය ආකාරයෙන් මේ කාමරය නිර්මාණය කර තිබෙනවා.

3. මොඩන් ෆ්ලැට්ෆෝම් නිදන කාමරය (Modern Platform Bedroom)

මේ නිදන කාමරයේ ඇති අපූර්වත්වය නම් නිදන ඇඳ වේදිකාවක අයුරින් නිර්මාණය කර තිබීමයි. කාමරයෙහි උපරිම අවකාශය රැ‍ඳෙන පරිදි , පිටත ආලෝකය හොඳින් විනිවිද පෙනෙන සහ පරාවර්තනය වන ලෙසින්, ජනෙල් වැට වීදුරු භාවිත කර තිබෙනවා.

මෙහි මූලික වර්ණය සුදු පැහැයයි. වෙසෙන්නාගේ මනස සැහැල්ලු වන අන්දමින් නිර්මාණය කර තිබෙන මෙහි බිත්තිවල එල්ලන ඡායාරූපවල ද සුදු පැහැය මිශ්‍රිතයි. එසේ ම චාම් බවින් යුතු ඡායාරූපවලට මුල් තැන දී තිබීම ද විශේෂත්වයක්. සරලත්වය, චාම් බව මිශ්‍රණ වූ මේ නිදන කාමරය ද ඉතාමත් ම ආකර්ෂණීයයි.

4. රයිටස් සනී නිදන කාමරය(writers Sunny Bedroom)

මේ කාමරය විශේෂයෙන්ම නිර්මාණය කර ඇත්තේ ලේඛකයන්ට හා පොත්පත් කියවන්නන් සඳහායි. ඔවුන්ට අනුගත වන අන්දමින් කාමරයෙහි සියලු බිත්ති සුදු පැහැයෙන් වර්ණ ගන්වා තිබෙනවා. නිදහස, භාහිර ශබ්ද කාමරයෙහි ඇතුළතට නො එන පරිදි ගෘහ නිර්මාණ සැලැසුම් කර තිබීම මෙහි ඇති විශේෂත්වයක්. දවසෙන් වැඩි කාලයක් , යම් කාර්යයක එකදිගට යෙදී වැඩ කළ හැකි අන්දමින් ගෘහ නිර්මාණ සැලැසුම් කර තිබීම මේ කාමරවලින් විද්‍යමාන වෙනවා.

පොත් රාක්ක සඳහා බිත්ති අල්මාරි යොදා ගෙන , සරල ආ‍‍ලෝක බුබුළු (Lamp Shade) භාවිත කිරීම නිසා, මේ කාමරයෙහි ජීවත් වන්නාගේ සිත නිතරම සැහැල්ලුවෙන් තබා ගැනීමට හැකියාව තිබෙනවා.

5. ඕල්ටනේටිව් හොටෙල් නිදන කාමරය (Alternative Hotel Bedroom)

මේ නිදන කාමරය සම්පූර්ණයෙන්ම නිර්මාණය කර තිබෙන්නේ හෝටල් සංස්කෘතිය ගුරුකොට ගනිමිනුයි. කුඩා මුළුතැන් ගෙයක්, නිදන කාමරයත් එකට සම්බන්ධ කරමින්, ඉතාමත් ම ආකර්ෂණීය සුදු වර්ණයක් යොදාගෙන මේ කාමර නිර්මාණය කර තිබෙනවා. අවශ්‍ය සෑම දෙයක්ම එක් ස්ථානයකින් ලබා ගැනීමට හැකි පරිදි සියලු අංගෝපාංග මේ නිදන කාමරයට ඇතුළත් කර තිබීම ද වි‍ශේෂත්වයක්.

දැව මිශ්‍රිත වෙනත් වර්ගයන්ගෙන් යුත් ගෘහ භාණ්ඩ ද යොදාගෙන තිබෙනවා. සුඛෝපභෝගී ජීවන රටාවට වැඩි වශයෙන් ඇල්මක් දක්වන පුද්ගලයන්ට මේ නිදන කාමරය වඩාත් යෝග්‍යයයි. ඉතාමත් ම කුඩා වපසරියක් තුළ, නිවෙසෙහි වැඩකටයුතු කර ගැනීමට හැකි පරිදි මේ නිදන කාමරය නිර්මාණය කර තිබෙනවා.

6. කළු සුදු නිදන කාමරය (Black and white)

මේ නිදන කාමරයේ ගෘහ භණ්ඩවලට කළු - සුදු වර්ණ පමණක් භාවිත කර තිබෙනවා. කාමරයේ බිත්ති තුළ අළු වර්ණය භාවිත කිරීමෙන් කළු - සුදු පැහැ ගෘහ භාණ්ඩවලට ආකර්ෂණීය පෙනුමක් එක් කිරීමට මේ ක්‍රමය මඟින් හැකියාව ලැබෙනවා.

සාම්ප්‍රදායික ක්‍රමයත්, නූතනත්වයත් එකට සම්බන්ධ කරමින් සාදා ඇති මේ කාමරයෙහි , බිත්ති ඡායාරූප සඳහා කළු හා සුදු වර්ණවලින් යුතු ඡායාරූප තබා තිබීම විශේෂත්වයක්. එමඟින් මේ නිදන කාමරයට විචිත්‍ර පෙනුමක් ගෙන එනවා. මේ නිදන කාමරයෙහි අරමුණ වන්නේ ද සැහැල්ලු හා සරල පැවැත්මයි.

7. නේචර් ඉන් නිදන කාමරය (Nature in Bedroom)

මේ නිදන කාමරයෙහි සුවිශේෂීත්වය වන්නේ බාහිර ස්වභාව ‍සෞන්දර්යය මනාව දැකගත හැකි අන්දමට වීදුරු යොදාගෙන නිර්මාණය කර තිබීමයි. හරිත පැහැයට මූලිකත්වය දෙමින්, සිතට නිස්කලංක බව සහ නිදහස් බව ළඟාකර දීම මෙවැනි කාමරයක් නිර්මාණය කිරීමේ ප්‍රධාන අරමුණයි.

ස්වභාවධර්මයට සමීප බව මනාව පිළිබිඹු වන අන්දමින් නිර්මාණය කර ඇති මේ නිදන කාමරයේ ගෘහ භාණ්ඩ සැලසුම් කර ඇති ආකාරය අපූර්වත්වයකින් යුක්තයි. දැව භාණ්ඩ භාවිත කර ඇතතේ ද පරිසරයට අනුගත වන ආකාරයටයි. තමා පරිසරයෙහි වෙසෙමින් ජීවිත්වන බවක් සිතට දැනෙන අයුරින් , ඉතාමත් ම නිදහස්කාමීව ජීවත් වීමට හැකි පරිදි මේ නිදන කාමරයෙහි ගෘහ සැලැසුම සිදු කර තිබේ.

8. අ ෆීචර් වෝල් නිදන කාමරය (A feature wall Bedroom)

මේ නිදන කාමරයෙහි සුවිශේෂීත්වය වන්නේ නිදන ඇඳ පිහිටන ස්ථානයේ බිත්තියෙහි ඔබ වඩාත් සිත්ගන්නා මෝස්තරයක් හෝ රටාවක් නිර්මාණය කර ගැනීමට හැකි වීමයි. එම නිර්මාණය ඉතාමත් ම කැපී පෙනෙන අන්දමින් හා විචිත්‍ර වර්ණයෙන් , ඔබ කැමැති ඕනෑම ආකාරයකට නිර්මාණය කර ගැනීමට හැකියාව තිබෙනවා. මේ නිදන කාමරය තුළට පැමිණෙන ඕනෑම කෙනකුට ආයාසයකින් තොරව එම බිත්ති අලංකරණ නිර්මාණය දැක බලා ගැනීමට හැකි අන්දමින් එය සැලැසුම් කර තිබෙනවා.

ඔබ, ඔබගේ ජීවිතයේ වඩාත් ම කැමැති ඡායාරූපය ඉතාමත් ම නිර්මාණාශීලී අයුරින් මෙහි තබා ගැනීමට හැකියි.

9. ඇක්සෙසරයිස් නිදන කාමරය (Accessorize )

මේ නිදන කාමරය බැලූ බැල්මටම රාජකීය ලීලාවකින් යුක්තයි. රාජකීය පවුල්වල රජ කුමරියන්, රාජකීය උසස් කුලයේ සේවකයන් ජීවත්වන මෙවැනි නිදන කාමර තුළ, සියලු සුඛෝපභෝගී අංගෝපාංග අන්තර්ගතයි. මහා බ්‍රිතාන්‍යයේ රාජකීය පවුල්වල නිදන කාමරවල ආභාසය ද මින් විද්‍යමාන වෙනවා.

ගෘහ නිර්මාණ සැලැසුමට අනුගතවන අන්දමින් ගෘහ භාණ්ඩ ද, රාජකීය තේමාව මුල් කර ගනිමින් නිර්මාණය කර තිබීම මෙහි විශේෂත්වයක්. ගාම්භීරත්වය, ප්‍රෞඪත්වය, රාජකීය තේජස මේ නිදන කාමරයෙන් මනාව පිළිබිඹු වෙනවා.

10. අ ෆීචර් හෙඩ් බෝර්ඩ් නිදන කාමරය (A Feature Head board Idea)

මේ නිදන කාමරයේ නිදන යහනෙහි ඇඳ විට්ටමේ පළල ඉතාමත්ම විශාලයි. බාහිරින් පැමිණි පුද්ගලයකුට ඒ බව මනාව විද්‍යමාන වෙනවා. විශේෂයෙන්ම ඉන්දීය සංස්කෘතියේ ආභාසය ඇසුරින් මේ නිදන කාමරය නිර්මාණය කර තිබෙනවා.

තේජස හා ආඩම්බරකම යනාදී ගුණාංග මේ නිදන කාමරයෙහි ජීවත්වන්නාට දැනෙ පරිදි ගෘහ භාණ්ඩ සැලැසුම් කර තිබෙනවා. නිදන කාමරයෙහි යහනෙහි ඇති සුවිශේෂීතාව නම්, මේ ඇඳ විට්ටමේ , ඔබ සිත්ගන්නා ඕනෑම ඡායාරූපයක් හෝ මෝස්තරයක් නිර්මාණය කර ගතහැකි වීමයි. එම නිර්මාණය , ඒ ඒ පුද්ගලයාගේ අනන්‍යතාව අනුව වෙනස් කර ගන්න පුළුවන්.