Pages

Tuesday, August 19, 2014

Grace of Monaco Fails to honour the subject

Life as a princess in not the fairy tale that most people imagine it to be. The ‘Princess of Hearts,’ Princess Diana, discovered this fact. Long before her the stunning starlet Grace Kelly too underwent this realization when she falls for Monaco’s Prince Ranier III and ties the knot with him in a fairy tale wedding.

French director Olivier Dahan opens his cinematic venture ‘Grace of Monaco’ during this stage when the beautiful Kelly, now a mother of two, dwells in isolation, yearning for the life she led before marriage. Protocol forbids her to reunite with old mentor Alfred Hitchcock, while her husband is increasingly preoccupied by a bitter tax dispute with the principality’s Gallic neighbours.

Incredibly dull

Trapped by a critical husband, stifling etiquette and an enemy-packed palace Kelly is set up as a real life damsel in distress. When Hitchcock comes a-calling with the script to ‘Marnie,’ Kelly is torn between her need to return to Hollywood and her duties as a princess. Will the already critical public accuse her of deserting her marriage and humanitarian duties if she returns to Hollywood? Or should she refuse Hitchcock and instead nail the trickiest role of her life by playing the People’s Princess?

Dahan’s take on Kelly’s personal traumas amid the political struggles between Monaco and France is disappointing. You never get a satisfying feeling because both subjects are not well explored. Instead you get a dose of both the psychological aspect as well as the political situation merged together. This makes it tiresome to watch.

‘Grace of Monaco’ is uninspiring from its first frame to its last. Little is left to the imagination as the events proceed. Though the life story of Aung San Suu Kyi is well known across the world Luc Besson did wonders in bringing the tale in an engaging manner through his 2011 movie ‘The Lady.’ Dahan should have taken some pointers from Besson. Though ‘Grace of Monaco’ has all the ingredients which could make it a glitzy soap opera, the output is incredibly dull!

A right royal farce

The climax in which Kelly finally saves the day by putting her own interests aside and does an Elizabeth-style iconic transformation by announcing “I am Monaco” is overdone. Meantime Hollywood has been put on the back burner in the film. This maybe because screenwriter Arash Amel feelings the familiar shadow of Hitch need not shroud his film after the recent biopics ‘Hitchcock’ and ‘The Girl.’

Nicole Kidman may not have been the best choice for the title character. Though she does her best to perform her role well her transformation into Grace Kelly fails to capture the essence of the star. While bearing only a little resemblance to Kelly, Kidman could have portrayed a better picture had she been given a better script and a better makeover.

Tim Roth hardly makes much of an impact as the tight-lipped Prince Ranier. The rest of the cast too seem to be overly caricatured or lacks personality. Only Frank Langella’s fatherly priest looks halfway convincing.

The only saving grace in the movie is probably in its eye candy. These include exotic locations, dazzling jewellery, immaculately coiffured hair and glamorous gowns. Kelly’s look at the Red Cross charity ball is simply breathtaking.

‘Grace of Monaco’ could clearly be labeled as a lost opportunity. The protagonist is a woman who oozes charisma. The background too is enticing for history buffs. However Dahan fails to deliver any dramatic punch or psychological insight. ‘Grace of Monaco’ maybe based on fictional accounts inspired by the real events but movie fans who have pinned high hopes on seeing a work of art as a tribute to their idol are sadly let down. More than a royal melodrama it is a right royal farce. 

www.dailynews.lk - Ruwini Jayawardana

Friday, August 01, 2014

'ඇහැලේපොල කුමාරිහාමි' අද සිට තිරයේ..

දේශීය සිනමාව අම්මා අප්පා නැති 
අවජාතක දරුවකු බවට පත්කරලා
- අධ්‍යක්‍ෂ සුගත් සමරකෝන් 

ඇහැලේපොල පවුල විනාශ වුණේ 
එදා අපේ අයගේ කුළල් කා ගැනීම නිසා

සුගත් සමරකෝන්ගේ ඇහැලේපොල කුමාරිහාමි චිත්‍රපටය අද (01 වැනිදා) සිට දිවයිනේ සිනමාශාලා හතළිස්‌ පහක තිරගත කිරීම ඇරඹේ. රටපුරා සිනමා ශාලා පනස්‌ පහක ප්‍රදර්ශනය කිරීම සඳහා පිටපත් පනස්‌ පහකට අවසර ඉල්ලා සිටිය ද, ජාතික චිත්‍රපට සංස්‌ථාව විසින් ගෙන ආ නියෝගයකට අනුව සුගත් සමරකෝන්ට අවසර ලැබී තිබුණේ පිටපත් තිස්‌පහකට පමණි.

සුගත් පිටපත් පනස්‌පහකට අවසර ඉල්ලා සටන් කළේය. අවසානයේ ප්‍රශ්නය ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඉදිරියට ගියේය. සුගත් සමරකෝන්ට සාධාරණය ඉටු කරන්නැයි ජනාධිපතිවරයා ජාතික චිත්‍රපට සංස්‌ථා සභාපති නීතිඥ අශෝක සේරසිංහ මහතාට උපදෙස්‌ දුන් බව සුගත් සමරකෝන් ප්‍රකාශ කරයි.


ඉන්පසු ඇහැලේපොල කුමාරිහාමි නියමිත පිටපත් තිස්‌පහට අමතරව තවත් පිටපත් දහයක්‌ සඳහා සංස්‌ථාවේ අනුමැතිය හිමිවිණි. කෙසේ වෙතත් ජාතික චිත්‍රපට සංස්‌ථා සභාපතිවරයා සමඟ චිත්‍රපට අධ්‍යක්‍ෂ සුගත් සමරකෝන් ඇහැලේපොළ කුමාරිහාමි අරභයා මත ගැටුමක නිරත වී සිටිති. සුගත් සමරකෝන් සමඟ අප සම්මුඛ සාකච්ඡාවකට එක්‌ වූයේ ඉහත කී පසුබිම මධ්‍යයේ ය.

ඇහැලේපොල කුමාරිහාමි නිසා ඔබ ඉන්නේ සිනමාව ගැන කළකිරීමකින්ද?

ඇහැලේපොල කුමාරිහාමි සහ දරුවන් තුන්දෙනා ඝාතනය කරලා මේ අවුරුද්දට වසර 200 ක්‌ සම්පූර්ණ වෙනවා. රටේ පුරවැසියකු ලෙස රටට ආදරය කරන කෙනෙක්‌ විදිහට මම මේ චිත්‍රපටය කළා. හරිනම් මේ චිත්‍රපටය කළ යුත්තේ රජය විසින්. ඒත් පෞද්ගලිකව අපි මේ චිත්‍රපටය කරලා අද පරිප්පු කනවා.

දැන් ප්‍රශ්නය විසඳිලා. වැඩිපුර පිටපත් දහයකට අවසර ලැබී තිබෙනවා.

චිත්‍රපට හතරක්‌ පහක්‌ හදන මුදල් ප්‍රමාණයක්‌ මේ චිත්‍රපටයට වැය කළා. එහෙම කරලා පිටපත් තිස්‌පහකින් හතළිහකින් නිෂ්පාදන වියදම ආවරණය කරන්න ලැබෙන්නේ නැ. මේක කලාවක්‌ විතරක්‌ නොවේ. කර්මාන්තයක්‌. ජනාධිපතිතුමාට පසුගිය දවසක ඇහැලේපොල කුමාරිහාමි විශේෂ දර්ශනයක්‌ පෙන්නුවා. එතුමා චිත්‍රපටය ගැන සතුටු වුණා. ඒ වෙලාවෙම දුරකථනයෙන් කතා කරලා අශෝක සේරසිංහ චිත්‍රපට සංස්‌ථා සභාපතිවරයාට නියෝග කළා මේ චිත්‍රපටය වැදගත්, සාධාරණය ඉටු කරන්න කියලා. ඒත් සභාපතිවරයා අපට වැඩිපුර දුන්නේ පිටපත් දහයයි. හරිනම් පිටපත් විස්‌සක්‌ වැඩිපුර දෙන්න ඕනෑ. පිටපත් හැත්තෑපහකට වඩා අපෙන් සිනමාශාලා ඉල්ලා තිබෙනවා. දැන් සිද්ධ වෙලා තියෙන්නේ හතළිස්‌ පහකට යන්න. චිත්‍රපට සංස්‌ථා සභාපතිගෙ පිටපත් තිස්‌පහේ සිSමාව අපව හිර කළා.

ජනාධිපතිවරයා කෙළින්ම සභාපතිවරයාට ප්‍රකාශ කළේ නැද්ද පිටපත් විස්‌සක්‌ වැඩිපුර දෙන්න කියලා.

නෑ. අමාත්‍යාංශ ලේකම්ට හා සභාපතිට කිව්වා සාධාරණය ඉටු කරන්න කියලා. 2013 ජනවාරි මාසයට කලින් අපි මේ චිත්‍රපටය ආරම්භ කළේ. නීතිමය ලියවිලි අත්සන් කළේ ජනවාරි මාසයට කලින්. ඔය තිස්‌පහේ සීමාව ගෙන ආවේ 2013 ජනවාරි මාසයට පසුව හැදෙන චිත්‍රපටවලට. එහෙම නම් අපේ චිත්‍රපටයටත් පිටපත් 55 ක්‌ දිය යුතුයි. ලියවිලි ඉදිරිපත් කර අවසරය ලබා ගන්න කියා ජනාධිපතිතුමා කිව්වා. අපි අපේ ලියවිලි ඉදිරිපත් කළා. ඒත් උදේ ඉඳලා රස්‌තියාදු කරලා හවස අපට අවසර දුන්නේ පිටපත් දහයක්‌ වැඩිපුර පෙන්වන්න විතරයි. අපි මේ චිත්‍රපටය කළේ ජාතික හැඟීමකින්. ඒත් සභාපතිවරයා විජාතිකයෙක්‌ හැසිරෙන ආකාරයට තමයි මේ වෙනස්‌කම ඇහැලේපොල කුමාරිහාමිට කළේ.

පළමුව ඔය පිටපත් තිස්‌පහේ සීමාවට එරෙහිව සටන් කළේ සිරි පැරකුම් වෙනුවෙන් සෝමරත්න දිසානායක. ඒ සටනේදී ඔබ ඔහු සමඟ සිටියද?

එතැනදී මම හිටියේ නෑ. ඒත් ප්‍රතිපත්තිමය ලෙස අපිත් එතැන ඉන්නවා. ඒත් ඇහැලේපොල කුමාරිහාමි නිෂ්පාදක ගයාන් රණවීර එදා සෝමරත්නල සමඟÊමේ සටනේ හිටියා. ඒකට පළිගන්න තමයි අද ඇහැලේපොල කුමාරිහාමිට සංස්‌ථා සභාපති තහංචි දමන්නේ. මේක පෞද්ගලික පළිගැනීමක්‌ බව ජනාධිපතිතුමාටත් මම පැවසුවා. බලන්නකෝ ඉදිරියේදී ඒ අය තෝරාගත් චිත්‍රපටවලට තිස්‌පහේ සීමාව අදාළ වෙනවද කියලා. නීතියක්‌ නෑ. චිත්‍රපට සංස්‌ථා සභාපතිවරයාට ප්‍රතිපත්තියක්‌ නෑ. ඉහළින් නියෝග කළාම කරනවා. නැත්නම් වැඩ කරන්නේ නෑ. ආත්ම ගෞරවයක්‌ නෑ. ජනාධිපතිවරයා ඉදිරියට ගිහිං අඬලා තමයි අද වැඩක්‌ කරගන්න වෙලා තියෙන්නේ. ඒත් මේ අය එතුමාගේ උපදෙස්‌ ක්‍රියාත්මක කරන්නෙත් නෑ. සංස්‌ථා සභාපතිවරයා හැසිරෙන්නේ හරියට චණ්‌ඩියෙක්‌ වගේ.

ජාතික චිත්‍රපට සංස්‌ථාව සමඟ එහි සභාපතිවරයා සමග ගැටුම් ඇතිකර ගනිමින් චිත්‍රපට කරන්න පුළුවන්ද?

නෑ. මින් ඉදිරියට විජය කුවේණි, ඇහැලේපොල කුමාරිහාමි වැනි චිත්‍රපට ජනතාවට දකින්න ලැබෙන එකක්‌ නෑ. බොහෝ දෙනෙක්‌ කරන එකක්‌ නෑ. සභාපතිවරයාටම චිත්‍රපට හදන්න කියන්න. හොඳ චිත්‍රපට නොකළා කියා ආණ්‌ඩුව අපට නඩු දාන්නද. අපිට අපේ නිෂ්පාදකවරුන්ට ඕනෑ තරම් ව්‍යාපාර තියෙනවා කරන්න. කරවල විකුණනවනේ. මම ලංකාවට ආවේ එංගලන්තයේ ඉඳලා. හොඳ චිත්‍රපට කරන්න. ඒත් එක එක්‌කෙනාට පාච්චල් වෙන්න වුවමනාවක්‌ නෑ. ආයෙත් එංගලන්තයට ගිහින් වැඩක්‌ පලක්‌ කරගත හැකියි. ජනතාවට හින්දි කොපි පෙන්න පෙන්න ඉන්න තමයි සභාපතිට සිද්ධ වෙන්නේ. ඕනෑම දෙයක්‌ පිටරටින් ලංකාවට ආනයනය කරන්න පුළුවන්. ඒත් සිංහල චිත්‍රපට ආනයනය කරන්න බෑ. මකුළුදැල් බැඳිලා තිබුණු සිනමා ශාලාවල ඒ මකුළුදැල් කැඩුවේ සිරිපැරකුම්, කුසපබා වැනි චිත්‍රපට. එය කර්මාන්තයට ආලෝකයක්‌ වුණා.

ඇහැලේපොල කුමාරිහාමි චිත්‍රපටයට එරෙහිව කුමන්ත්‍රණයක්‌ තියෙනවා කියා ඔබ විශ්වාස කරනවාද?

මේක ඉතිහාසය පාසල් විෂයෙන් ඉවත් කළ මුග්ධ දේශපාලකයන් සිටි රටක්‌. රටේ දරුවන් බැට්‌මෑන්ලා, සුපර්මෑන්ලා ගැන ඉගෙන ගන්න පටන් ගත්තා. මද්දුම බණ්‌ඩාර වැනි වීර චරිත ගැන සොයා බලන්න, දැනුවත් වෙන්න දරුවන්ට අවස්‌ථාවක්‌ නැති වුණා. අපේ දරුවන්ට යළි ඉතිහාසය ගැන ඉතිහාසයේ විරුවන් ගැන දැන ගන්න චිත්‍රපට හදද්දී ඒ චිත්‍රපට රට පුරා වෙසෙන ප්‍රේක්‍ෂකයන්, සිනමා ශාලාවලින් ඉල්ලුම් කරද්දී එය වළක්‌වනවා නම්, තහංචි දමනවා නම් එතැන තියෙන්නේ කුමන්ත්‍රණයක්‌. අපේ ඉතිහාසය දරුවන්ගෙන් වසන් කරන්නයි මේ අය උත්සාහ කරන්නේ. සිනමා කර්මාන්තයට නීතිරීති දාලා සිර කරන්න බෑ. සිනමාකරුවන්ගේ මව ජාතික චිත්‍රපට සංස්‌ථාව. පියා රජය. අද මේ අම්මා අප්පා දෙදෙනා තමන්ගේ දරුවන් නිසි ලෙස රැක ගන්නවද නෑ. අම්මා අප්පා නැති දරුවන් වගේ සිනමාකරුවෝ අද අවජාතක තත්ත්වයට පත්වෙලා.

ඇයි ඔබ තනි පුද්ගලයෙකුටම දොස්‌ නඟන්නේ?

ඔව්. තනි පුද්ගලයකුගේ වුවමනාව මත තමයි මේ තහංචි දාන්නේ. ඔහු හිතුවක්‌කාරී, අත්තනෝමතික ලෙස පළිගන්නවා. ඒත් රටේ මිනිස්‌සු කළකිරෙන්නේ රජය කෙරෙහි. ඒක රජයට අවාසියි. එදා ජනාධිපතිතුමා මේ නිලධාරියාට සැරෙන් කතා කළා. පිටකොන්දක්‌ තියෙන මිනිහෙක්‌ නම් තනතුරින් ඉවත් විය යුතුයි. ආණ්‌ඩුව බලයට ගෙනෙන්න උදව් කළා කියලා ජනාධිපතිවරයාගේ මතයට එරෙහිව හයිය පෙන්වන්න මේ පුද්ගලයාට බැහැ. සභාපතිවරයාගේ මේ තක්‌කඩි ක්‍රියාකලාපයට එරෙහිව සෑම සිනමාකරුවෙක්‌ම නැගී සිටිය යුතුයි. ඒත් ඉතිං එදාවේල ටුවර්ස්‌ වගේ පිටපත් දහයකින් පහළොවකින් චිත්‍රපට පෙන්වන අයට නම් මෙය දැනෙන්නේ නැහැ.

එදා විජය කුවේණි චිත්‍රපටයෙන් කුවේණිය දෙස ඔබ සානුකම්පිතව බැලුවා. ඇහැලේපොල කුමාරිහාමි ගැන කතා කළොත්.

ඔව් සදාකාලික දේශපාලනික බල අරගලයේ සදානුස්‌මරණීය ෙ€දවාචකය තමයි ඇහැලේපොල කුමාරිහාමි. පසුගිය රජයන් සාහිත්‍ය විෂය පාසල් විෂයධාරාවෙන් ඉවත් කිරීමේ පාපය අදත් අපි විඳවනවා. හයවැනි ශ්‍රේණියේ ඉතිහාස පොතේ තියෙනවා කුවේණී මිනී මස්‌ කෑ යක්‍ෂණියක්‌ කියා. මම ඒ ගැන වසර ගණනාවක්‌ පර්යේෂණය කළා. මේ මතය නිවැරැදි කළා. කුවේණිය යක්‍ෂණියක්‌ නොවේ. මිනීමස්‌ කෑවේ නෑ. ඇය එකල අපේ රටේ තිබූ යක්‍ෂ ගෝත්‍රයේ කාන්තාවක්‌. ඒ වගේම ගෝත්‍රයක්‌ තමයි නාග ගෝත්‍රය. ඇහැළේපොළ රට පාවා දුන්නා කියා කියනවා. නෑ. ඔහුව ඒ තත්ත්වයට ගෙන ආවා. රාජසිංහ රජු දමිළ වූ නිසා සිංහල පවුල මරා දැමුවා කීවා. මම ජාතිවාදී නෑ. රාජසිංහ රජුගේ මනස එදා සිංහල දෙමළ නිළමේලා අවුල් කළා. අපේම අයගේ කුළල් කා ගැනීම නිසා අහිංසක දරු පවුලක්‌ විනාශ වුණා. ඒ නිසා තමයි ඉංග්‍රීසීන්ට රට යටත් කර ගන්න හැකි වුණේ. මේ කතාව ඇහැළේපොළ කුමාරිහාමි චිත්‍රපටයේ පැහැදිලිව තියෙනවා. නිද්‍රdශීලී පුරවැසියන්ව සුගත් සමරකෝන් චිත්‍රපටයක්‌ තුළින් අවදි කර ඇති බව චිත්‍රපටය නැරඹු මාඳුළුවාවේ සෝභිත හිමියෝ ප්‍රකාශ කළා. ජැක්‌සන් ඇන්තනී මෙතෙක්‌ කළ චරිතවලින් විශිෂ්ටතම චරිතය තමයි මේ චිත්‍රපටයේ රාජසිංහ රජු ලෙස කළේ. අනුර ධර්ම සිරිවර්ධන ඇහැලේපොල ලෙසත්, දුලානි අනුරාධා සහ ළමා නළු පුමුදිත උදය කුමාරත් හොඳ රංගනයක්‌ ඉදිරිපත් කරනවා. බුද්ධදාස විතානච්චි වාරියපොළ සුමංගල හිමි ලෙස අති විශිෂ්ට රංගනයක නියෑළෙනවා. ලකී ඩයස්‌ගේ රංගනයත් විශේෂයෙන් ම සඳහන් කළ යුතුයි. අද (01 දා) සිට ඇහැලේපොල කුමාරිහාමි ප්‍රදර්ශනය වෙනවා. අද පළමු දර්ශනය 10.30 ට සෑම සිනමා ශාලාවකම නොමිලේ නැරඹීමට අපේ නිෂ්පාදකතුමා අවස්‌ථාව ලබා දී තිබෙනවා.

අජිත් අලහකෝන්  - Divaina

Sunday, July 20, 2014

හොඳ NANNY කෙනෙක් තෝරා ගමු

රැකියාවක නිරත වන කාර්යබහුල අම්මා කෙනකුට තනියම බබාගේ වගකීම දරන්න බැහැ. ඒ වගේ වෙලාවට නැනී කෙනෙක්ගේ උදවු අවශ්‍ය වෙනවා. ඒත් නැනී කෙනෙක් තෝරාගන්න එක හිතුමතේට කරන්න බැහැ.

හොඳ මානසික සෞඛ්‍යයකින් යුතුවීම

නැනී කෙනෙක් හොඳ මානසික සෞඛ්‍යයකින් යුතු කෙනෙක් වෙන්න ඕන. දරුවට අනතුරක්, රිදවීමක් නොකර එයාව බලා ගන්න තරම් එයාගේ මානසිකත්වය සංවර්ධනය වීම ඉතාම වැදගත්.

ලෙඩ රෝගවලින් තොරවීම

නැනී කෙනෙක් ලෙඩ රෝගවලින් තොරවීම ඉතාම වැදගත්. නැත්නම් බබාට විවිධ කුෂ්ඨ, සරම්ප ආදිය බෝවෙන්න පුළුවන්.
ඒ වගේම හදවත් රෝග, රුධිර පීඩනය, ඇදුම, වලිප්පුව වගේ රෝගවලින් තොර කෙනෙක් වීමත් වැදගත්. නමුත් ඒ වගේ රෝග තිබෙනවා නම් ඒ සඳහා අවශ්‍ය ප්‍රතිකාර ලබාදීමත් ඉතාම වැදගත්.

පිරිසුදුකම

නැනී තමයි බබා ළඟ නිතරම ඉන්නේ. ඒ නිසා එයාගේ පිරිසුදුකම ඉතාම වැදගත්. නියපොතු කපල, දත් මැදලා, පිරිසිදුවට ඇඳපු කෙනෙක් විය යුතුයි.
ඒ වගේම වැසිකිළි ගිහින් සබන් දාලා අත සෝදන එකත් අනිවාර්යයි.

දරුවා පිළිබඳ අවධානය

දරුවා පිළිබඳ දක්වන අවධානයත් ඉතාම වැදගත්. දරුවා යන්නේ කොහෙද? එයා මොනවා හරි අහුලලා කටට දාගන්නවද? තුවාල කරගන්නවද? විවිධ ආයුධ වගේ දේවල් අරගෙන සෙල්ලම් කරනවාද කියලා හොයලා බැලීමට ඇයට හොඳ අවධාන ශක්තියක් තිබිය යුතුයි.

හොඳ පෙනීම

හොඳ පෙනීමක් වගේම හොඳින් කන් ඇහෙන කෙනෙක් වෙන්න ඕන. බබාගේ බත් එකේ ගලක් වුණත් තිබ්බාම එයාට ඒක අඳුනගන්න පුළුවන් වෙන්න ඕන.ඒ වගේම බබා මොනවා හරි ඉල්ලුවාම ඒක ඇහෙන, බබා නින්දෙන් ඇහැරිලා හඬද්දි ඒ සද්දෙ ඇහෙන කෙනෙක් වීමත් වැදගත්.

නැනී කෙනෙකුට බබා බාරදීලා යන අම්මා කෙනෙක් වුණත් නැනී ගැන වඩාත් සැලකිලිමත් වීම ඉතාම වැදගත්. බබාව නාවන්නේ නැනී නම් බබා එයාට පුරුද වෙනකල් තනියම බබාව නාවන්න දෙන්න එපා.

ආයෙමත් එන්න එපා ඔබ මගේ ලොවට

වැටෙනකොට කඳුලු කැට අහුලන්න ඔබ එන්න කමක් නැ

නොඅාවත් තරහා නෑ

කිසිදිනක පෙම් කෙරු හදවතට

දුක් දුන්නෙ ඔබෙ හොඳට

රවටන්න සිත් නොදුනි

එය වරදක්ද මම කෙරැ

මට මමත් නැති කලක

ඔබ ගැනත් සිතනු කෙලෙස

මම අයිති කෙනෙක් නැත

කිසි දිනක යා නොහැකි දුර

මිතුරැකමත් එපා යයි කියා

ඔබ ගියා යන්නටම

දුක් නොදි දුරස්වන්නට සිතු පැතුම් ඉටුවන්න

ආයෙමත් එන්න එපා ඔබ මගේ ලොවට………..

බියර් බොමු

සාමාන්‍යයෙන් අපිට නිතරම අහන්න දකින්න ලැබෙන්නේ ශරීරයට හිතකර දේ කනන බොන්න කියලයි. මේ සඳහා බොහෝ දෙදෙනෙක් සඳහන් කරන්නේ එළවලු පලතුරු ආහාරයට ගැනීමගැන.
නමුත් බියර් වර්ග පානය කිරීම හරහාත් ශරීරයට පෝෂණය ලබාගැනීමට හා ලෙඩ රෝගවලින් මිදීමට හැකියාව ලැබෙන බව කිව්වොත් ඔබ නිසැක වම පුදුමයට පත්වේවි. වාර්තාවෙන ආකාරයට බියර් වර්ග පානය කිරීමෙන් ශරීරයට වැඩි ප්‍රතිලාබ රැසක්ලබාගත හැකියි.
මේ පිලිබඳ සිදු කල පරීක්ෂණයන්ට අනුව හෙළි වී ඇත්තේ අකාලයේ සිදුවන කායික හාමානසික පිරිහීම් නැති කරන්න, බර අඩු කිරීම හා හෝමෝන තත්වය පාලනය කිරීමවැනි ප්‍රතිලාබ රැසක් බියර් මගින් ලබාගත හැකි බවයි. නමුත් වැදගත් කරුණක්ලෙස පවතින්නේ එය පමණ ඉක්මවා ගැනීමෙන් වැළකී සිටීමයි.
ඔස්ට්‍රියා සෞඛ්‍යආයතනයේ වෛද්‍ය Stephan Domenig පවසන්නේ බියර් වල තිබෙන පෝෂණ කොටස් පිලිබඳදැන ගතහොත් ඔබ පුදුම වනු ඇති බවයි. ඒ වගේම ඔහු සඳහන් කරන ආකාරයට මෙහිශරීරයට හිතකර වගේම අහිතකර ඇමයිනෝ අම්ල අඩංගු වෙනවා.
ඒවගේම මෙහි ඛනිජවර්ග වන පොස්පරස්, අයඩින්, මැග්නීසියම් හා පොටෑසියම්ද අඩංගු වන බව පැවසේ.බියර් කැල්සියම් වලින්ද අනුන පානයක්. බොහෝදෙනා දන්නා ආකාරයට කැල්සියම්කියන්නේ ශරීරයේ අස්ථි වර්දනයට ඉතා හොඳ පෝෂකයක්.
2009 වසරේ ඇමරිකාවේ Tufts University පැවැත්වූ පරීක්ෂණයකින් හෙළි වී ඇත්තේ බියර් මදවශයෙන්පාවිච්චියෙන් කැල්සියම් වැඩිවීමෙන් ඇතිවන ආබාධ වලින් ඔබේ අස්ථි ආරක්ෂා කරනබවයි .
Vicki Edgson නම් පෝෂණවේදියා පවසන ආකාරයට ටික කාලයකට ප්‍රථම Guinness නම් බියර් වර්ගය එහි පවතින අධික විටමින් B ප්‍රමාණය හේතුවෙන්ගැබිණි මව්වරුන්ට පවා නියමකර තිබූ බවයි. අද කාලයේ මව්වරුන් සඳහා මද්‍යසාරනිර්දේශ නොකලත් අනිත් මිනිසුන්ට එහි ප්‍රතිලාබ අත්විඳිය හැකියි.
බියර්විටමින් වලින් පොහොසත් වගේම සීනි ප්‍රමාණයත් ඉතා අඩුයි. එය ස්ථුල භාවයපාලනයට හා දියවැඩිය පාලනයට සහයවෙනවා. පසුගිය වසරේ බියර් පිලිබඳ විද්‍යාත්මකපරීක්ෂණයක් පැවැත්වූ වෛද්‍ය Kathryn O’Sullivan මේ පිලිබඳ පවසන්නේ විවිධ පැණි බීම වර්ග හා සංසන්දනය කිරීමේදී බියර් මගින් ලේවලට එකතුවන සිනිප්‍රමාණය ඉතා අඩු බවයි. ඒවගේම බියර් වල 93%ක් ජලය අඩංගු නිසා ශරීරය විජලනයවීම මගහරවා ගැනීමට මෙය ඉතා හොඳ බවයි.
එමෙන්ම 2008 වසරේදී journal Food And Chemical Toxicology හි පළවූ වාර්තාවකට අනුව බියර් වල අඩංගු සිලිකන්මගින් ජීරණ පද්ධතියට ඇලුමිනියම් අවශෝෂනය පාලනය කරනු ලබනවා. එමෙන්ම ශරීරයේහා මොලයේ පටකවල ලෝහ තැන්පත් වීමද මෙමගින් පාලනය කරනු ලබයි.
බියර් වලටශරීරයට අවශ්‍ය කොලොස්ටරෝල් ඉහල දැමීමේ හැකියාවකුත් පවතින බවයි පැවසෙන්නේ. Boston University School හි වෛද්‍ය Curtis Ellison පවසන ආකරයට හදවත ආරක්ෂාකිරීමට ඇති හොදම දෙය මද්‍යසාර බවයි. ඒවගේම එය පමණට වඩා භාවිතයෙන් අහිතකරප්‍රතථිපල ඇති විය හැකි බවත් ඔහු වැඩි දුරටත් පවසන කරුණක්.
බියර් වලඅඩංගු ferulic acid මගින් සම ඉර එළියෙන් සිදුවන හානි වැලක්වීමට සහය වෙනවාබවයි පැවසෙන්නේ. බියර් හිසකෙස් ශක්තිමත් කිරීමට හා දිපතිමත්ව තබාගැනීමටඋදව් වෙන කන්ඩිෂනර් එකක් ලෙස භාවිතාකරන බව ඇසුවොත් ඔබ පුදුම වෙයි.
Look Great Naturally නම් සඟරාවේ කතුවරිය පවසන ආකාරයට බියර් මද්‍යසාර ගතිය ඉවත්කිරීමෙන්පසු පොල්තෙල් සමග භාවිතයෙන් හිස කෙස් වල ගැල්වීමෙන් ඉතා හොඳප්‍රතිපල ලබාගත හැකි බවයි.