Pages

Monday, December 19, 2022

හෙමින් සැරේ පියා විදා

විවරණය : ශෂී ප්‍රභාත් රණසිංහ

ධර්මසිරි බණ්ඩාරනායකයන්ගේ "හංස විලක්" නොකලඹා හෙමින් සැරේ පියා විදා ගීතය පිළිබඳ වචනයකුදු කතා කළ නොහැකිය. මෙි චිත්‍රපටයත් ගීතයත් අතර ඇති අවියෝජනීය බැඳීම එතරම් ප්‍රබලය. හංස විලක් යනු ලාංකේය සිනමාව උඩුයටිකුරු කළ අග්‍රගණ්‍ය චිත්‍රපටයකි. අසූව දශකයේ නිර්මිත රොමැන්තික සලරුවක විස්මිත විස්කම රැඩිකල් සිනමා ආඛ්‍යානයකින් සුවිශද කිරීමට ධර්මසිරි බණ්ඩාරනායකයෝ මෙහිදී සමත්වූහ. මෙි වුකලි තහනම් ගහේ ගෙඩි කෑමට ගිය අනියම් පෙම් යුවළකගේ අඳුරු ජීවන ඛෙිදවාචකයයි.නිශ්සංක - සමන්ති සහ මිරැන්ඩා - ඩග්ලස් වනාහි සිවුකොන් වෘත්තාන්තයේ ප්‍රධාන පාත්‍රවර්ගයෝය. ඔවුහු කුඩා දරුවන් තිදෙනකුගේ මවුපියෝය. නිශ්සංක - මිරැන්ඩා දෙදෙනා සුතනඹුවන්, සැමියන් අතැර අසම්මත ⁣කාමරසාස්වාදයට ලොබ ලිය වඩා කැදැල්ලෙන් හිමින් සැරේ පියා විදා ගියෝය. එහෙත් මෙකී අසම්මත ප්‍රේමාස්වාදයේ සංක්‍රාන්තිය කුඩා දරුවන් දෙදෙනකුට පියා අහිමි කිරීමටත් පුංචි දියණියකට මව අහිමි කිරීමටත් සහේතුක විය.

චිත්‍රපටය ආරම්භයේදී ම නාමාවලිය සමඟ පසුබිමින් ඇසෙනුයේ ගැහැනියකගේ ශෘංගාරාත්මක විලාපයකි. එහෙත් අවසානයේදී ඇසෙනුයේ කුඩා දරුවකු හඬන ශබ්දයකි. මෙනයින් නිශ්සංක - මිරැන්ඩා අසම්මත ප්‍රේමය හේතුවෙන් කුරුලු කැදලි දෙකක් සුනුවිසිනු වී යන අයුරු ප්‍රේක්ෂකයාට පසක් වෙයි. අවසානයේදී නෛතික විවාහ බන්ධනය වින්දනය කළ අඹුසැමි යුවළක් අසම්මත ⁣කාමරසාස්වාදයක පැටලී කාමසම්භෝග සම්පර්කයට එළැඹෙති. සෙනෙහෙවන්ත සැමියකුගේ බිරියක ලෙස කල් ගෙවූ මිරැන්ඩා සැබැවින්ම නිශ්සංකට පෙම් කළාද? ආදරණීය බිරියකගේ පුංචි දරුවන් දෙදෙනකුගේත් පියකු වු නිශ්සංක සත්තකින්ම මිරැන්ඩාට ආදරය කළාද? එසේත් නැත්නම් ඔවුන් දෙදෙනාම කාමාග්නිය නිවාගන්නට ලැගුම්හලකට ගියාද? මෙි සියල්ල උභතෝකෝටිකයකි.

මෙහිදී නිශ්සංකට මෙන් නොව මිරැන්ඩාට හෘදයසාක්ෂියක් තිබිණි.තම දියණියගේ මතකයත් සැමියාගේ අහිංසකබවත් නිතර ඇගේ හෘදයසාක්ෂිය කොනහයි. එහෙත් නිශ්සංක හෘදයසාක්ෂියක් නැති නරුමයකු මෙන් හැසිරෙයි. ඔහු දිනක් මිරැන්ඩා සිය සැමියාත් දරුවාත් සමඟ ගේහසිත ප්‍රේමය විඳින දසුනක් දකියි. මෙි විස්මිත දසුන දුටු මතින් නිශ්සංක පරලවෙයි. මෙහිදී මිරැන්ඩා මරාදැමීමට තරම් ක්‍රෝධයක්, වෛරයක් ඔහුගේ සිතට නැගෙයි. ඔහුගේ මනෝභාවය අතිශය බියකරු ආස්ථානයකට පෙරළෙයි. මෙබඳු තතුවලට අප සමාජයේ වෙසෙන ලියෝ ද පිරිමි ද යන දෙගොල්ල ම ගොදුරු වෙති. ගේහසිත ප්‍රේමයේ ඇලී ගැලී කුටුමිබ රක්ෂණය වෙනුවෙන් දරදිය ඇද්දාට ඇතැමුන්ගේ ඇතුළත කැලඹිලාය. උනුන්ගේ ළබැඳියාව, අන්‍යොන්‍ය ප්‍රේමය ගිලිහුණු තැන විවාහකයෝ තහනම් ගහේ ගෙඩි කෑමට මාන බලති. ඇතමෙක් පවුල විසිරී නොදී රැකගනු වස් බැඳගත් බෙරයම ගසති. මෙහිදී දෙබිඩි ජීවිත උදාවීම ස්වාභාවික නොවෙිද?එහෙත් ඒවා සාධාරණීයකරණය කළ හැකිද?

ධර්මසිරි බණ්ඩාරනායකයන්ගේ කුළුඳුල් සිනමා සිත්තම හංස විලක් වූව ද එය සිංහල සිනමාවෙි එතෙක් මෙතෙක් බිහිවුණු අතිශය සිනමාරූපී රොමැන්තික සලරුවකි. එකල පෝලන්ත සිනමාකරුවන්ගේ පරපීඩන කාම (Sadism ) සිනමා දෘෂ්ටිවාද සහ ආකෘති ධර්මසිරි බණ්ඩාරනායකයෝ සෘජුවම අනුගමනය කළෝය. 1980 දශකයේ යුරෝපය පුරා කළුසුදු වර්ණ චිත්‍රපටවල නැගීමක් තිබිණි. ධර්මසිරි බණ්ඩාරනායකයෝ මෙි නව සිනමා ආඛ්‍යානය සිය සලරුව මූර්තිමත් කිරීමට යොදා ගත්හ. එහෙත් වාමාංශික දේශපාලන මතධාරියකු වූ බණ්ඩාරනායකයන් අසම්මත ලිංගික ඇසුරක් පිළිබඳ මෙබඳු සිනමා කෘතියක් නිර්මාණය කරනු ඇතැයි විචාරකයෝ පවා අපේක්ෂා නොකළෝය. මෙි ගීතයට දායකත්වය සැපයූ ප්‍රවීණ ගායන ශිල්පී ටී එම් ජයරත්න හැර අනෙක් කලාකරුවෝ සිවුදෙනාම ප්‍රබල වාමාංශික මතධාරියෝය. ධර්මසිරි බණ්ඩාරනායක, ධර්මසේන පතිරාජ, ප්‍රේමසිරි කේමදාස, සුනිලා අබෙිසේකර පිළිබඳ දේශපාලනයෙන් විතැන් කොට කතා කළ නොහැකිය. මෙහිදී ධර්මසිරි පතිරාජයන්ගේ විශිෂ්ට ⁣ගී පද සංකල්පනාවත් ප්‍රේමසිරි කේමදාසයන්ගේ සිනාමාරූපී සංගීතයත් සිනමා කෘතියේ රූපරාමුත් අතර ඇති අවියෝජනීය බැඳීම චිත්‍රපටයේ සාර්ථකත්වයට තුඩු දී ඇතැයි නොකීම කුහකකමකි. මීට පෙර ධර්මසිරි පතිරාජගේ "බඹරු ඇවිත් " චිත්‍රපටයට පමණක් ගීතයක් ගැයු සුනිලා අබෙිසේකරගේ ශෘංගාරාත්මක හඬ පෞරුෂය ද මෙහිදී අමතක කළ නොහැකිය. ඇය හෙමින් සැරේ පියා විදා ගීතයට හඬ මාධුර්යෙන් උපරිම සාධාරණය ඉටු කරන්නීය. ටී.එමි ජයරත්නගේ කර්ණරසායන හඬ ද කේමදාසයන්ගේ සිනාමාරූපී සංගීතය ද විචිත්‍රෝපශෝභිතය.

මෙි ගීතයේ කථකාව වියවුල් මනසින් තම අසම්මත ප්‍රේමයේ රූපාන්තරණය පාපෝච්චාරණය කරන්නීය.


හෙමින් සැරේ පියා විදා
සුමුදු සයනේ සිනිදු ඇතිරිල්ලේ
පලා ඇවිත් සිතුම් සියොතුන්
සුමුදු සයනේ සිනිදු ඇතිරිල්ලේ

බඹරකු මලක මකරන්ද උරා බී මත්වී එන්නා සේ ස්ත්‍රි ශරීරය පිරිමි ඇසට රසඳුනක් වන අයුරු රචකයා ධ්වනිතාර්ථපූර්ණ අන්‍යාලාපය මුසු කාව්‍යෝක්තියෙන් ප්‍රකාශ කරයි. මෙි කථකාව සැපවත් රසවත් ඔදවත් තෙදවත් නිලපති ජීවිතයක් ගත කළ තැනැත්තියක බව ගීතයේ ස්ථායි කොටසෙන් පසක් වෙයි."සුමුදු සයනේ සිනිදු ඇතිරිල්ලේ " යන රූපකය තුළින් ඇය සුඛාස්වාදය, සුඛවිහරණය ලබන තැනැත්තියක බව ගම්‍ය නොවෙිද? පීඩත පන්තියේ ගැහැනියකට නම් පැදුරු කඩමලු මිස විල්ලුද ඇතිරු මෙබඳු සුමුදු සයනාසන කොහින්ද? සෙනෙහෙවන්ත සැමියකුගේ බිරියක වන මෙි කථකාවගේ සිතුවිලි කුරුල්ලන් මෙන් කැදැල්ලෙන් එපිට අසම්මත පෙම්වතාගේ තුරුලට ඉගිල යයි. සැමියා සමඟ සුමුදු සයනයක සිනිදු ඇතිරිල්ලක සැතපී සිටින විටත් ඇය අනියම් ප්‍රේමයේ කාමරසාස්වාදයට ලොබ ලිය ලියලවන්නීය.


මලක් නම් එය මලක් වුව මැන
සිඟිති සුකොමල රුවෙන් සරසන
විලක් නම් එය විලක් වුව මැන
නීල ඉඳුවර දියෙන් උපදින

මල වනාහි වර්ණ ගන්ධයෙන් සපිරි ලෝකය සුන්දර කරන සොඳුරු සංකේතාර්ථයකි. මලකට අයිති සුකුමාර, රුවනාර, මනහාර, රූබර ජීවිතයක් ඇත. එබැවින් මලක් නම් එය මලක්ම විය යුතු බව නොවේද මෙි කියන්නේ? එහෙත් මලක මහිම නොදත් බඹරු නොදුටු මල් ලොව කොහිවෙත්ද? විලක් ද එසේය. විලක් යනු දිය සිඳිගිය ජරපත් කොදෙව්වක් නොවෙි. මෙි වුකලි ඔිලූ නෙළුම්. මානෙල්, කුමුදු මලින් සුපුෂ්පිත සුගන්ධිත ස්වර්ණ හංසයන් දිය කෙළින දුටුවන් වශී කරන මන බඳින සොබා සොඳුරු රූපකයකි. මෙහි නීල ඉඳුවර යනු නිල් මහනෙලට කියන තවත් නමකි. විලක් නම් එය නීල ඉඳුවර දියෙන් ඉපදිය යතු බව රචකයා කියයි. මෙි කථකාව ධනය හිමි නිලපති කුලයෙන් මිදිී පතන්නේ කවරනම් ආස්වාදයක් ද? ඇය පතන්නේ පරම රමණීය ප්‍රේමානන්දයක් ද? එසේත් නැත්නම් අසම්මත ප්‍රේමයක කාමසම්භෝගයක් ද? ඇගේ සිතේ රජයන දෙගිඩියාව මෙි ගීතයෙන් ප්‍රකාශයට පත්වෙයි.


නැවුම් වත්සුණු රොනින් මත් වී
සිහින නිම්නය සුපුෂ්පිත වෙයි
සිහින් හඬකින් මහද අමතයි
මුදාහැරදා පවුරු සිරියහනේ

ප්‍රේමයත් රාගයත් අතර දෝලනය වී වල්මත් වන සිත අවසානයේදී නතර වන්නේ සිහින නිම්නයකය. නිම්නය යනු කඳු දෙකක් අතර ඇති තැනිතලාවයි. මෙබඳු තැනිතලාවක සුපුෂ්පිත වන පුෂ්පය කෙතරම් සොඳුරු ද? නැවුම් හැඩ පැහැ රුවැති මෙි කුසුම වර්ණ ගන්ධගුණෝපේතව,සුපුෂ්පිත ව සුදිලේ. එහි පරමානන්දය විඳීම ලොව්තුරු සැපය නොවේද? එහෙත් අවසානයේ මෙකී අසම්මත පෙම්සුවය ඇගේ සිතට ගෙන දෙන්නේ කිසියම් වරදකාරී හැඟීමකි. සිහින් හඬකින් මහද අමතයි යනුවෙන් ඇය පවසන්නේ එනිසා නොවෙිද? දෙවැනි අන්තරා කොටසෙහි අවසන් පද දෙක ගීතයේ කූටප්‍රාප්තියයි. සිරියහනට කුමන පවුරක් ද? මෙහිදී රචකයා ව්‍යාංගාර්ථයෙන් පවසන්නේ නෛතික විවාහ බන්ධනය ඇයට රහසේ ඔච්චම් කරන බවයි. මෙි ගීතයේ සමස්තාර්ථය චිත්‍රපටයට මුසුවී ඇති හෙයින් ඇතැමි ගී පාද තුළ සංකේන්ද්‍රිත දෝංකාරය රූපරාමුවලින් තොරව විඳීමට අපහසුය. එහෙත් ඇය මුහුණපා සිටින්නී අතිශය දුෂ්කර අවස්ථාවකට නොවෙිද? අසම්මත පෙමක පැටලී ඇගේ අධ්‍යාත්මය වෙළාගෙන පවත්නා අසන්තුෂ්ටිය පශ්චාත්තාපය මෙයින් ධ්වනිත නොවේද? මෙි අසම්මත ප්‍රේම සංක්‍රාන්තියෙන් සැබැවින්ම දුක් විඳින්නෝ කවරහුද? ඔවුහු දරුවෝය.


Tuesday, October 18, 2022

විල් නෙළුමාසනෙන් ආ හසඟන (මුව මුක්තා ලතා පිපි හංසාන්ගනා - විශාරද එඩිවඩි ජයකොඩි)



විවරණය : ශෂී ප්‍රභාත් රණසිංහ
උපුටා ගැනීම - ලංකාදීප

ආචාර්ය අජන්තා රණසිංහයන්ගේ ව්‍යංගාර්ථපූර්ණ, ධ්වනිතාර්ථපූර්ණ, රූපකාර්ථවත් සුගේය පද සුසංයෝගයෙන් ද විශාරද එඩිවඩි ජයකොඩි සූරීන්ගේ භාවපූර්ණ හඬ මාධුර්යයෙන් ද ප්‍රවීණ සංගීතවෙිදී ආනන්ද පෙරේරාගේ මධුර මනෝහර ස්වර සංරචනයෙන් ද සමලංකෘත වූ මෙි අනගි ගී මිණ ශෘංගාර රසය මෙන්ම ලලනා ලාවණ්‍යලෝලය ද දල්වයි.

මෑතකදී අප අතරින් වියෝවූ ආචාර්ය අජන්තා රණසිංහයෝ මෙි මනරම් ගීමිණිරුවනෙහි ගේය කාව්‍ය සිත්තරුවෝය. අජන්තා නම ඇසූ සැණින් අප මතකයට නැගෙනුයේ ඉන්දියාවේ අජන්තා ලෙන් හා ඒවායේ ඇති මනරම් බිතුසිතුවම්ය. අජන්තා රණසිංහයන්ගේ නමත් මෙරට ගීත සාහිත බිත මත සිත්තම් කළ සදා නොමැකෙන සුන්දර සිතුවමක් වැනිය. දෙරියන්, සිවුරියන්, නවරියන් පද රචකයන් අතර ආචාර්ය අජන්තා රණසිංහයෝ දහඅට රියන් ගේය කාව්‍ය සිත්තරුවෙක් වූහ. ගීපද රචකයෝ හතු පිපෙන තරමට බිහිවෙති. එහෙත් සුභාවිත ගීතයට පණ පොවන වාග්චාතුර්යයෙන් පොහොණි ගේය පද සිත්තරුවෝ සුදුර්ලභයෝය. ගීතය වඩාත් භාවපූර්ණ වූ සාහිත්‍ය භාෂණයක් බවට පරිවර්තනය කරමින් දශක ගණනාවක් පුරා සිංහල සුභාවිත ගීතයට ආචාර්ය අජන්තා රණසිංහයෝ ඉටුකළ අප්‍රමාණ මෙහෙවර අමරණීය වෙති.

ගීතය වූකලි අර්ථ සෞන්දර්ය ව්‍යාපාරයකි. ගේය පද රචකයකුගේ සංකල්පනාවකට සංගීතයෙන් හා ගායනයෙන් නව අර්ථකථන ද සම්පාදනය කොටගත හැකිය. එහෙත් ගීතය තුළින් අර්ථය අතික්‍රමණය කළ පුළුල් ආර්ථික, දේශපාලන හා සමාජ පැතිකඩක් නිරූපණය කිරීමෙි ශක්‍යතාව සෑම ගේය පද රචකයකුටම නැත. සරල නොගැඹුරු හරසුන් විවරණ වෙනුවට නවීන අර්ථ විවරණ සපයන හුදු ප්‍රකාශන වාගාලාප වෙනුවට සියුම් රස ජනනයට මුලපුරන සාහිත්‍ය රසයෙන් අනූන ගේය කාව්‍ය රචකයෝ ද අද විරල වෙති.

ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ, මහගම සේකර, මඩවල එස්.රත්නායක, ඩෝල්ටන් අල්විස්, කරුණාරත්න අබෙිසේකර ආදී පුරෝගාමී සුවිශිෂ්ට ගේය කාව්‍යක්කාරයන්ගේ පෙකෙණිවැල කපාගෙන ලාංකේය ගීත කේෂ්ත්‍රයට පිළිපන් මහාචාර්ය සුනිල් ආරියරත්න, සුනිල් සරත් පෙරේරා, ප්‍රේමකීර්ති ද අල්විස්, ස්වර්ණ ශ්‍රී බණ්ඩාර, ධර්මසිරි ගමගේ, ලූෂන් බුලත්සිංහල, කුලරත්න ආරියවංශ, කුමාරදාස සපුතන්ත්‍රි, රත්න ශ්‍රී විජේසිංහ, වසන්ත කුමාර කොබවක, සුනිල් ආර්.ගමගේ, බන්දුල නානයක්කාරවසම්, බණ්ඩාර ඇහැළියගොඩ ආදීන් අතර ආචාර්ය අජන්තා රණසිංහයෝ ඉහළින්ම වැජඹෙති. සිංහල ගීත වංශයේ අවිච්ඡින්නව ගලා යන ප්‍රේම ගීතාවලිය පිළිබඳ කතා කරන විට අජන්තා රණසිංහයන් අමතක කළ නොහැකිය. අජන්තා ගීතාවලිය සැබැවින්ම අනභිභවනීයය. විචිත්‍රෝපශෝභිතය. සබුද්ධිකය. ප්‍රේමයේ විරහා වෙිදනාව මෙන්ම විප්‍රලමිබ ශෘංගාරය දනවන ගීත ගොන්නක උරුමකරුවෝ ද අජන්තාවෝය.

මෙි ගීතයේ කථකයා සිය මංගල රාත්‍රියට මුහුණදී සිටියි. කාමසම්භෝග සම්පර්කයට නොතිත් ආසාවෙන් භාවලීලානු රාගයෙන් බලා සිටින ඔහු සිය මනාලියගේ රූපශෝභාව අරබයා උපන් ලෝලයත් එය පාදක කරගෙන නිපන් ශෘංගාරයත් ප්‍රකාශ කරයි. ගීතයකින් සිදුවිය යුත්තේ භාව ප්‍රකෝප කිරීම නොව භාව විකසිත කිරීමය. එහෙත් අද ඇසෙන බොහෝ ගීත තුළින් සිදුවන්නේ ජුගුප්සිත හැඟීම් ඇති කොට භාව භංග කිරීමය. අජන්තා රණසිංහයන්ගේ විශිෂ්ට පද හරඹ සහිත මෙි ගීතයේ පැදි පෙළ හැදෑරීමකින් තොරව සාමාන්‍ය රසිකයාට තේරුම්ගත නොහැකිය. අපි මුලින්ම ගීතයේ ස්ථායි කොටස දෙස අවධානය යොමු කරමු.


මුව මුක්තා ලතා පිපි හංසාන්ගනා
විල් නෙළුමාසනෙන් ආ ළඳේ
නුඹ භාග්‍යා සරෝජාවියේ
ස්වර්ණා වර්ණා පැහැයෙන් දිළේ

මුතුවන් දත් දෙපළක් හිමි මෙි හසඟන පැමිණ ඇත්තේ අඟහරු ලෝකයෙන් නොව විල් නෙළුමාසනයකිනි. නෙළුමාසනය හෙවත් පද්මාසනය යනු පාරිශුද්ධත්වයේ සංකේතයකි. මෙි කාන්තාවගේ නිර්මලත්වය සුවිශද කිරීමට රචකයා එබඳු බහුඅරුත් දනවන වචන යොදාගෙන ගෙන ඇත. සාහිත්‍යයේදී ස්ත්‍රි වර්ණනයට නෙළුම් මල යොදාගැනීම ගතානුගතිකය. එහෙත් ආචාර්ය අජන්තා රණසිංහයෝ අවස්ථාවෝචිතව විවිධත්වයෙන් යුතුව නෙළුමක මහිම කාව්‍යෝක්තියට නගති. නම් සියයකින් විතර හැඳින්වෙන මෙි අරුම පුදුම පියුම පිළිබඳ මහාකවි කාලිදාසයෝ ද වර්ණනය කරති. ඔහුගේ මහාකාව්‍ය කෘති වන මෙිඝදූතය, රඝුවංශය ඊට දෙස් දෙයි. අජන්තා රණසිංහයන්ට අනුව ඇය උපන්නේ විල් නෙළුමාසනයකිනි. මෙි වූකලි නිකන්ම නිකන් හංසදෙනක නොව රන් වන් පැහැයෙන් සුදිළෙන ස්වර්ණ වර්ණ හංසදේනුවකි. මෙහිදී කථකයා ඇයට භාග්‍යා සරෝජා යනුවෙන් ද ආමන්ත්‍රණය කරයි. සකු භාෂාවෙන් නෙළුම් මලට සරෝජා යන අරුත දෙයි. මෙි වුකලි වාසනාවන්ත නෙළුමක් නොවෙිද ? සියපත, තඔර, රතුපුල්, අරවින්ද, පංකජ, යන යෙදුම් ද කවියෝ නෙළුම්මල අරුත් ගැන්වීම සඳහා යොදා ගනිති. ස්ත්‍රී සෞන්දර්ය තරම් පුරුෂයාගේ නෙත් සිත් වශී කරන මනදොළ වඩන අන්‍ය සුකුමාර සෞන්දර්යයක් මෙි විස්මිත විශ්වයේම නැත. මෙයට හේතුව ජීවවිද්‍යාත්මක යැයි ඇතමෙක් කියති. එහෙත් එය හුදෙක් ජීවවිද්‍යාත්මක කරුණක් පමණක්ම නම් කාන්තාවන්ට නෙත් සිත් වශී කරන රූපශෝභාව අවශ්‍ය නොවෙි. හුදු ස්ත්‍රිත්වය පමණක් ප්‍රමාණවත්වෙි.


මා හද ප්‍රේමාංගනේ
රෑ නුඹ රහසින් ළඳේ
බඳ මණිමේඛලාව මුදා
අනුරා නෙත් නගන් නොනිදා

මෙහිදී කථකයා මනාලියට පවසන්නේ තමන්ගේ හදවත නමැති ප්‍රේමාංගණය රංජනය කරමින් ඉණ බැඳී මිණිමෙවුල තවත් කල්යල් නොබලා ගලවා දමා කාමසම්භෝගයට සුදානම් වන ලෙසයය.එපමණක් නොව රැය පහන්වන තුරුම අනුරාගය දල්වමින් නිදිවර්ජිතව කාමාස්වාදයෙන් කුල්මත් වන ලෙසටද ඔහු ඉඟි මරයි. මෙි ගීතය ශෘංගාර රසයෙන් සුපෝෂණය කිරීමට ආචාර්ය අජන්තා රණසිංහයෝ ලිංගික මෙවලමක් ( Sexual Device ) ද භාවිතයට ගනිති. මණිමේඛලාව හෙවත් පතිවත තීරය ( Chastity Belt) යනු ඉපැරැණි සමාජයේ රජ බිසවුන්, කුමාරිකාවන් ඉණට මඳක් පහළින් පැළඳි ලෝහයෙන් තැනු ආභරණයකි. කාන්තාවන් පතිවත සුරැකීමට මෙම ආභරණය භාවිත කළ බවත් එය ඉණ පැළඳි කතුන්ගේ තුනටිය මඳක් සිහින් වන බවත් පැරැන්නෝ කියති. එහෙත් යකඩයකින් තැනු මෙවලමක් රහසඟ එල්ලා සිටිමෙන් ඇතිවන පීඩාකාරී අපහසුව කාන්තාව කෙසේනම් විඳදරා ගන්නේ දැයි මම නොදනිමි. මණිමේඛලාව පිළිබඳ මහාගත්කරු මාර්ටින් වික්‍රමසිංහයෝ මෙසේ කියති. මණිමේඛලාව යනු ගැහැනුන්ගේ ඉඟටිය මඳක් සිහින්කර සුන්දරත්වය පෙන්වීම සඳහා යොදා ගන්නා ආභරණයකි. එය Griddle (දැලක් ) එකක් වැනිය. වික්‍රමසිංහයන් පවසන පරිදි ඉඟසුඟ මිටින් ගත හැකි හැඩැති රුවැති ලලනාවකට අකමැති පිරිමිහු කවරහුද ?

ආකාශ ගං චන්ද්‍ර නෞකාවේ
තනි වෙන්න යං පෙම් රසෝජාවේ
රූ සිරු කල්‍යාණියේ
මා සැතපෙන්නම් ප්‍රි‍යේ
තුනු ශ්‍රීයෙන් විපුල් වොරැඳී
මනසානන්ද මන්දෝදරී

සම්භාව්‍ය සාහිත්‍ය මැනවින් ප්‍රගුණ කොට ඇති ආචාර්ය අජන්තා රණසිංහයෝ මෙහිදී අහස් ගඟක් ගැන ද වර්ණනය කරති.අහස් ගඟ යනු කුමක්ද? නිල්වන් අහස් කුස මතින් දිවෙන සුදු පැහැති ආලෝක තීරයකට පැරැන්නෝ අහස් ගඟ යැයි කීහ. හිමාලයේ අනෝතප්ත විල දකුණු දිශාව ඔබ්බෙන් අහස් ගඟ පටන් ගන්නා බව ද ඔවුහු කියති. එහි සිටින්නෝ කවරහුද? ඇතැමි පක්ෂිහු සහ දිව්‍යාංගනාවෝ අහස් ගඟට බැස දිය කෙළියේ යෙදෙති. මෙි ගීතයේ කථකයා සිය මනාලියට මධුසමය ගත කිරීමට යාමට කතා කරනුයේ මෙකී සුන්දර අහස්ගඟටය. පිරිසිදු ධවල වර්ණනයෙන් ශෝභමාන සුගන්ධවත් අහස් ගං දියේ බැබළෙන සඳවතිය නමැති නැවට ගොඩවී එහි තනිවීමට ඔහු ඇයට ඇරියුමි කරයි. මෙබඳු මනස්කාන්ත පරිසරයක තම වල්ලභයා සමඟ මංගල රාත්‍රිය ගත කිරීමට අකමැති මනාලිය කවුරුන් ද?

රූ සිරු කල්‍යාණියේ
මා සැතපෙන්නම් ප්‍රි‍යේ
තුනු ශ්‍රීයෙන් විපුල් වොරැඳී
මනසානන්ද මන්දෝදරී

මධුසමය නමැති සොඳුරු සුයාමය අබිමුව සිටින මෙි කථකයා සිය මනාලියගේ නවයෞවන ලලනා සෞන්දර්යයෙන් කුල්මත්වී, වල්මත්වී සිටියි. ඔහු ඇගේ තුරුණු රූසපුව වර්ණනා කරමින් චමත්කාරයෙන් ඔජ වඩයි. චමත්කාරය නම් සිත පිරී ඉතිරී යන විස්මය මුසු හැඟීමයි. මෙි විස්මයට හේතුව සරෝජාගේ අපරිමිත අභිරූපි රූපකල්‍යාණයම නොවෙිද? මනාලයා ඇගේ සුන්දර සිරුර මත සැතපීමට පවා සූදානම්. මෙි සොඳුරු කත පිරිමි මනස ආනන්දයෙන් මුසපත් කරන මන්දෝදරීයකි. මෙහිදී ආචාර්ය අජන්තා රණසිංහයෝ ප්‍රථමවරට සිංහල ගීත ශබ්ද කෝෂයට අලුත් වචනයක් ද හඳුන්වා දෙති. ඒ මන්දෝදරී නමිනි. මන්දෝදරී යනු සිහින් උදරයක් සහිත කාන්තාවයි. කෝට්ටේ විසූ මහාකවියකු වන ෂඩ්භාෂා පරමෙිශ්වර තොටගමුවෙි ශ්‍රී රාහුල හිමියෝ සැළලිහිණි සඳසෙහි ජයවද්දන පුර වැනුමෙහි කාන්තා සිරුර මෙසේ වනති.

සිසිවන උවන ඉඟසුඟ ගත හැකි මිටින
නිසි පුළුලුකුල රියසක යුරු තිසරතන
දිසි රන් ලියෙව් රූසිරි යුත් මෙපුරඟන
ඇසි පිය හෙළන තරමින් නොවෙති දෙවඟන

මෙි කවිය ලලනා වර්ණනයක් නොවූද එදා ජයවර්ධන පුර නගරයේ සුන්දරත්වය ක්‍රියාපෑමට රාහුල හිමියෝ රූපකල්‍යාණියකගේ සුන්දර සිරුර උපහැරණයට ගත්හ. එබඳු අසාමාන්‍ය නාරිසෞන්දර්යය කවි ඇසින් කලා නෙතින් දැක්ම මනසානන්දනීය නොවෙිද?

හිරු එන්න පෙර රාත්‍රි මේ සීතේ
හා හා ගයන් සෞම්‍ය සංගීතේ
ඒ හිරු නොනගීවා
රෑ තව දිගු වේවා
ඔබෙ නළලේ සඳුන් තිලකේ
අද ඉහිරේද දෙතොලින් මගේ

ගීතයේ අවසාන අන්තරා කොටසෙන් කථකයා ඇයට මියුරු මියැසිය නගන සුමිහිරි ගීතයක් ගැයුමට ද ආයාචනා කරයි. සූර්යයා උදාවීමට පෙර රැය පහන් වනතුරු ප්‍රේමයෙන් රාගයෙන් මුසපත්වීමට නොවෙිද මෙි ඇරියුම? නිදිවර්ජිත ⁣මෙි රාත්‍රිය තවත් දිගුවී හිරු නොපායන ලෙස ද ඔහු අයදියි. මෙි ගීතයේ අන්තිම පැදි පෙළ ද අතිරමණීය වෙයි.

ඔබෙ නළලේ සඳුන් තිලකේ
අද ඉහිරේද දෙතොලින් මගේ

මෙි පද ගීතයේ හද මෙනි. මෙහිදී කථකයා විචිකිච්ඡාවෙන් පවසන්නේ ඇගේ අඩසඳ සදිසි නළල්තලයේ රුව වඩවා දිදුළන සඳුන් තිලකය තම දෙතොලේ චුම්බන පහසින් මුවමීවලින් සේදී මැකී යාමට ඉඩ ඇති බවයි. මෙි කෙතරම් රමණීය කාව්‍යෝක්තියක් ද?
ආචාර්ය අජන්තා රණසිංහයන්ගේ අතිවිශිෂ්ට පද සංයෝජනය ද විශාරද එඩිවඩි ජයකොඩිගේ භාවපූර්ණ හඬ මාධුර්ය ද ආනන්ද පෙරේරාගේ නාද සංයෝජනය ද සමග්‍රව සුසැදි මෙිගීමිණ කාමීජනහද අමන්දානන්දයට පත්කරයි.

Tuesday, October 04, 2022

අවුකන බුදුන්ටත් දෑස් දුන් මිනිසා


විවරණය : ශෂී ප්‍රභාත් රණසිංහ
උපුටා ගැනීම - ලංකාදීප

නීතිඥ රජී වසන්ත වෙල්ගමයන්ගේ ඉසියුම්වූත් ඉගැඹුරුවූත් සුගේය පද සුසංයෝගයෙන් ද ප්‍රතිභාපූර්ණ තරුණ සංගීතවෙිදී දර්ශන රුවන් දිසානායකයන්ගේ සුස්වර සුසංකලනයෙන් ද ප්‍රවීණ ගායන ශිල්පී සුනිල් එදිරිසිංහයන්ගේ යතිවර හඬ මාධුර්යෙන් ද සුවිභූෂිත වූ මෙි ගී මිණ අසාහය ගල් වඩුවකුගේ මාහැඟි නිමැවුමක විස්මිත බව මෙන්ම මානවබන්ධුත්වය පිළිබඳ හැඟීම් දනවයි.

ගේය පදගත බස ද ස්වර රචනය ද ගායනය ද අතිවිශිෂ්ට සමායෝජනයකට එළැඹි මෙි තරමි පරිසමාප්ත මනරම් ගී මිණිරුවනක් මෑතකාලයේදී මම නොදිටිමි. මානව ජීවිතය වනාහි මෙලොව පවත්නා උදාරතම වස්තුව යි යන්න සමඟ එකඟ නොවන්නෝ කවරහුද?⁣ සුභාවිත ගීතය අභාවිතයට මෙන්ම අවභාවිතයට යන වකවානුවක මෙබඳු ගී මිණක් හමුවීම මොනතරම් භාග්‍යයක් ද? අද්‍යතන සිංහල ගී කෙතේ පඳුරු ලලා වැඩෙන වල්පැළ අතර කිරිවැදුණු රන් වී කරලක් දැකීම නෙතට උළෙලක් නොවෙිද? වත්මන් තරුණ පරපුරට පෙර පරපුරෙන් නැගෙන චෝදනාවලට නීතිඥ රජි වසන්ත වෙල්ගමයෝ මෙි ගීතය හරහා නිසි පිළිතුරක් සපයති. සාහිත්‍යය,සංගීතය, ගායනය මනාව කැටිවුණු මෙි ගී මිණ ධ්වනිතාර්ථපූර්ණය.

රසාලිප්තය.මනෝරංජනය.

මෙි වුකලි කලාව වෙනුවෙන් උදාර පරමාර්ථයකට ඇප කැපවී සිටින තවත් සාම්ප්‍රදායික දුප්පත් අහිංසක කලාකරුවකුගේ ජීවන ඛෙිදවාචකයයි. මෙබඳු සාමිප්‍රදායික කලාකරුවෝ අවවරප්‍රසාදිතයෝය.ඔවුහු වියත් කලාවෙි නිරතවූ රජවරුන්, පඬිවරුන්, යතිවරුන් මෙන් රාජ රාජ මහාමාත්‍යාදීන්ගෙන් වරදාන, වරප්‍රසාද ගරුබුහුමන් නොලැබු අහිංසක දුප්පත් සාමිප්‍රදායික කලාකරුවෝය. විවිධ දුක්ඛ දෝමනස්සයන්ට මුහුණදෙමින් පීඩත පන්තියේ පහළ අඩියේ ජීවත්වූ ඔවුහු සිය කලා මාධ්‍යයෙහි අතීත නිර්මිත සත්සම්ප්‍රදාය ආරක්ෂා කළෝය. ඔවුහු අනවරතයන්ම සිය කලාවෙි ජීවගුණය,උදාරත්වය නොනසා රැකගැනීමට සමත් වූහ. ලෝකයේ විශිෂ්ට කලාකරුවන් හැමවිටම තම පරමාර්ථය ලෙස අවධාරණය කර ඇත්තේ කලාවෙන් තමා ලබන අධ්‍යාත්මික වින්දනයමයි. ඔවුනට මූලික වූයේ මුදල නොව කලාවය. කලාකරුවා කලා නිර්මාණ නිපදවන්නේ තමාගේ යුගයේ බලපවත්වන ප්‍රතිගාමී දෘෂ්ටිවාද බිඳ හෙළීමටය. දෘෂ්ටිවාදී සිපිරිගෙදරින් ජනතාව මුදාගැනීමටය.එහෙත් අද රටෙි හැමතැනම සිටිනුයේ ගුත්තිල කාව්‍යයේ එන මූසිලලා වැනි ධන තෘෂ්ණාවෙන් වෙළෙඳ වසල කුලයට මුක්කු ගසන අවස්ථාවාදී කලාකරුවෝය. ඔවුහු සරස්වතිය ගණිකා වෘත්තියේ යොදවමින් ලක්ෂමිය තුරුලට ගනිති.

ගුත්තිල කාව්‍ය නිර්මාණය කරමින් වෑත්තෑවෙි හිමියෝ ව්‍යාජ කලාකරුවාගේ වෙස් මුහුණ ගලවා දැමූහ.මුදල නමැති යක්ෂයා මූසිලගේ ඉවසීම පලවා හැරියේය. මූසිලට වීණා වාදනය හැදෑරීම සඳහා කුසලතාවත් ආසාවත් උනන්දුවත් තිබිණ. එහෙත් ඔහුගේ මූලික අභිප්‍රාය වූයේ මුදල් ඉපයීමටය. මූසිල හොඳ වීණා වාදකයකු වීමට වඩා මුදල් උපයන්නකු වීමට ආසා කළේය. බරණැස් නුවර හොඳ වෙළෙඳ වටිනාකමක් ඇති සරුබිමක් වූ නිසා ඔහු එහි පැළපදියම් වූයේය. මූසිලගේ පරම පරමාර්ථය වූයේ ධනෝපායනයයි. ඔහුගේ කූට අභිප්‍රාය වූයේ ශිල්ප ශාස්ත්‍රය මැනවින් දත් ගුත්තිල පඬිවරයා අල්ලාගෙන වීණා වාදනය ප්‍රගුණ කොට ප්‍රදේශයේ ධනකුවෙිරයන් දිනාගැනීමය. මූසිල ශිල්පය වෙනුවෙන් කැපවුණු කලාකරුවකු නොවූයේ ද මෙි නිසාය.කලාකරුවාට ජීවිත්වීම සඳහා මුදල් අවශ්‍යය. එහෙත් ඔහු කිසිදු මොහොතක සිය ප්‍රතිභාව වෙන්දේසි නොකළ යුතුය. කලාකරුවාගේ මූලික අභිප්‍රාය විය යුත්තේ මුදල් ඉපයීම නොව කලාවයි. මුදල ද්විතීයික අරමුණ විය යුතුය.එහෙත් එබඳු කලාකරුවෝ දුර්ලභයෝය. මෙි ගීතයේ කථකයා ද එබඳු සුදුර්ලභ කලාකරුවෙකි.

ව්‍යවහාරික කලා අතර ඉපැරැණිම සම්ප්‍රදාය වනුයේ සිතුවම් හා සුරුවම් කලාවය. රළු බිතක, පාෂාණයක නන් විසිතුරු ලාක්ෂාවෙන් සිතුවම් මැවූ සිත්තරුන්ගේ ගල් වඩුවන්ගේ දස්කම් විස්කම් සීගිරියෙන්, තිවංක පිළිම ගෙයින්, සමාධි බුදු පිළිමයෙන් අපි දකින්නෙමු. අනුරාධපුරයේ කලාවැව අබියස තිබෙන අවුකන බුදු පිළිමය ද එබඳු විස්මකර්ම⁣යකුගේ දෑතින් නිමැවුණු සුරුවමකි. ධාතුසේන රජ සමයේ නිර්මාණය කළා යැයි පැවසෙන අවුකන පිළිමය භරණ නමැති ගල් වඩුවකු විසින් තැනූ විස්මිත සුරුවමකැයි ඉතිහාසඥයෝ කියති. අනුරාධපුරය වූකලි සිංහලයන් දීර්ඝතම කාලයක් අපරාජිතව වැජඹුණු රාජධානියයි. මෙි ශුද්ධ නගරයේ ජීවත්වන්නෝ බෞද්ධයෝය. ආගම යනු පීඩිත මිනිසාගේ සුසුමය. පීඩතයන්ගේ හදවතක් නැති ලෝකයේ හදවතය.එමෙන්ම ආගම යනු අබිං යැයි ද වරක් ජර්මානු දාර්ශනික කාල් මාක්ස් කීවේය.

මෙනයින් ආගමෙි පැටලීගත් කාව්‍ය, ගීත, සංගීත, චිත්‍ර මූර්ති ආදී අගනා කලා කෘති රාශියක් ඇත.එකී කලා කෘති නිපදවූවෝ අහිංසක දුප්පත් සාමිප්‍රදායික අව්‍යාජ කලාකරුවෝය. ඔවුහු නිරාමිස ප්‍රේමයෙන් නිස්සරණාධ්‍යාශයෙන් මෙි දස්කම් විස්කම් ලොවට දායාද කළහ. එහෙත් අප්‍රතිහත ධෛර්යෙන්, භක්තියෙන්, කැපවීමෙන් කළ එ් කිසිදු කලා නිමැවුමක ඔවුනගේ වතගොත හාංකවිසියක් නැත. ඒ සියල්ලට අයිතිවාසිකම් කියමින් බැබළෙන්නෝ රාජරාජ මහාමාත්‍යාදීහුය.ඔවුන්ගේ නම ගියේය. කලාකරුවන්ගේ හම ගියේය. මෙි වූකලි ව්‍යවහාරික කලාව පෝෂණය කළ දුප්පත් අහිංසක ගල් වඩුවකුගේ අඳුරු ජීවන අන්දරයයි. ගල් වඩුවෝ රළුපරළු පාෂාණ ගල් කටුවෙන් ඔප දමා නන්විධ පිළිම කැටයම් නිමවති.එහෙත් සිතේ සමාධිය නොබිඳමින් මෙි නිමැවුමි කළ යුතුය. ඔවුන්ගේ නිර්මාණ විශිෂ්ටත්වයට පත්වනුයේ ඊට අයත් සම්ප්‍රදායේ නියාම ධර්මවලට අනුගතවුහොත් පමණි.

මෙිතරම් සියුමැලි ද කළුගල්
හිතන්නටවත් බැරි නිසා
මම ගියා අවුකන බුදුන්ටත්
දෑස් දුන් මිනිසා සොයා

ගල් වඩුවා කළුගලක නෙළා ඇති සියුම් සිත්තම් දුටු මතින් රජි වෙල්ගම කවියාගේ සිතෙහි කුකුසක් පැන නගී.පාෂාණයක මෙතරමි සියුමැලි මල්කම් ලියකම් කළ හැකි දැයි ඔහු අසයි. මෙතරමි මනරම් විස්කම් කළ මිනිසා කෙරෙහි ඔහු තුළ අසීමිත ගෞරවාදරයක් උපදියි. අවසානයේ තම සිතෙහි ලොබලිය වැඩු මෙි අහිංසක දුප්පත් සාමිප්‍රදායික කලාකරුවා සොයායෑමෙි නොතිත් අාසාවක් කවියා තුළ උපදියි .

මම ගියා අවුකන බුදුන්ටත්
දෑස් දුන් මිනිසා සොයා

මෙි ගීතය කන වැකුණු සැණින් කේෂත්‍රයේ ඇතැමි ප්‍රවීණයෝ බුදුන්ට දෑස් දිය හැකි ජගතා කවුරුන් දැයි ඇසූහ. ඊර්ෂ්‍යා පරවශභාවයෙන් මඬින ලද ඇතැමි කූපමණ්ඩුක කුහකයෝ ක්ෂෙත්‍රයට පිළපන් නවකයාට ගර්හා කළහ. එහෙත් මෙි ගීමිණ ඒ සියලු අභියෝග ජයගෙන සුභාවිත ගී ⁣අඔර එකලු කළේය. අංගුලිමාල, නාලගිරි, නන්දෝපනන්ද, ආලවක, තීර්තක ආදීන් දමනය කළ බුදුන් රදුන්ගේ දෑස් පාෂාණමය අනුරුවකට නැගීම විස්මිත පෙළහරකි. අවුකන බුදුන්ටත් දෑස් දුන් මිනිසා යනුවෙන් කවියා අතිප්‍රබල ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කළ ද බෞද්ධ සාහිත්‍යයේම මෙි පිළිබඳ විවිධ කතා පුවත් ඇත.දෑස්දීම යන පද සංඝට්නාව බහුඅරුත් දනවන සුලුය. වරක් සුබා තෙරණිය කෝක නම් වූ වැද්දකුට සිය නෙත් සඟල උදුරා දුන්නීය. එයින් වැද්දා තමා කළ අනුවණකම ගැන පශ්චාත්පයට පත්වූයේය. මෙයින් ගම්‍යවනුයේ වැද්දාගේ ඇස් පෑදීමට සුබා තෙරණිය සරණ වූ බව නොවෙිද? දෑස්දීම යනුවෙන් අදහස් කරනුයේ ජීවිතාවබෝධය පිළිබඳ සංඥාර්ථයකි. බුද්ධ ප්‍රතිමාවක් නිර්මාණය කරන ශිල්පියා හුදු පූර්ව කෘතියක පිටපතක් නෙළන්නකුට වඩා බුදුන් වහන්සේගේ අධ්‍යාත්මික ගුණ සමුදාය නැණසින් දැක එය ප්‍රතිනිර්මාණය කරන්නෙකි. මෙනයින් බුද්ධ ප්‍රතිමා නෙළීම යනු බුදුන් මනසින් මවාගෙන ඊට සමවැදී කරනු ලබන භාවනායෝගී ව්‍යායාමයකි. මෙි ගීතයේ කථකයා ද එබඳු කලා ශිල්පියෙකි.

⁣කලාවැව ළඟ ඉලුක් හෙවණක
මැටි පිලක පැදුරක් එළා
රිදුම් පිරිමදිමින් බලයි ඔහු
මැරෙන ඉපදෙන රළ දිහා

මෙි කථකයා දුප්පත් අහිංසක අව්‍යාජ කලාකරුවෙකි.මෙයින් සංඥාර්ථ ගන්වන්නේ ඔහු තුළ ඇති අල්පේච්ඡතාවයි. දුගියෝ කවදත් අල්පේච්ඡ ජීවන ශෛලියකට අනුගතවූවෝය. ලෞකික සැප සම්පතින් ඈත් කරන ලද පන්ති සමාජය ඊට දෙස් දෙයි. කලා වැව ඉස්මත්තේ කටුමැටි නිවෙසක වෙසෙන මේ අසාහය කලාකරුවා සැඳෑඳුරත් කැටුව විත් කඩමලු පන් පැදුරක දිග ඇදී ගත සිත විඩාව නිවා ගනී. තනිකඩ ජීවිතයට හුරුවුණු ඔහුගේ විඩාබර සිරුරේ කකියන වෙිදනාව කාටනම් කියන්නද?⁣ තෙල් සාත්තු සප්පායම් කරන්නට කෙනකු නොමැති කල ඔහු සිය ගත සිත වෙිදනා සංතාප තනියම පිරිමැද ගන්නා බව නොවෙද මෙි කියන්නෙ?


රිදුම් පිරිමදිමින් බලයි ඔහු
මැරෙන ඉපදෙන රළ දිහා

මෙි වූකලි මොනතරම් රමණීය කාව්‍යෝක්තියක්ද? උත්පාද ඨිතී භංග යන දහම් පාඨය මැරෙන ඉපදෙන රළ යන යෙදුම ඇසෙන සැණින් සිහියට නැගෙයි. මෙි කථකයා අනිමිස ලෝචනයෙන් බලා සිටිනුයේ කලා වැව් දියමත නැඟී බිඳී යන රළ දෙසය. කලාකරුවාගේ මුළු ජීවිතයම ආගම දහමට නැඹුරුවී පේවි ඇති බව ඉන් තව දුරටත් සුවිශද වෙයි. ඔහු හිස් දියඹෙි රළට සිත්දී කල් මරයි. සංසාරයේ අනිත්‍ය බව මෙනෙහි කරයි. සැබෑ කලාකරුවෝ හැමවිටම සිය නිර්මාණ තුළින් ආත්මතෘප්තිය ලබති. ඔවුහු ලෞකික සැප සම්පත් හඹා නොයති.

ඉසුරුමුණියේ නුඹ තැනූ
පෙම්බරිය කොතැනද කියා
මා ඇසූවිට හිනැහුණා ඔහු
තවම තනිකඩ යැයි කියා

ඉසුරුමුණියේ පෙම් යුවළ භාවලීලා රසික හදවත් තුළ ශෘංගාර හැඟීම්, කමාස්වාදය ජනනය කරති. නරඹන්නෝ ඊට ලොබ බඳිති. ඔවුහු දිවියේ සොඳුරු තැන් සංස්පර්ශ කරමින් ඔද වැඩෙති. එහෙත් මෙි කථකයා ඒ සොඳුරු දිවි තතුවලින් විනිර්මුක්ව තනිකඩ දිවිපෙවෙතක් ගත කරයි. ඔහු සියලු ජීවන ලාලසා මඬිමින් අඳුර රජයන පාළුපැලේ හුදෙකලා අවනඩුවක පැටලී සිටියි. ඉසුරුමුණියේ සුන්දර පෙම් යුවළක් තැනූ ඔහුට ගේහසිත ප්‍රේමය පවා අහිමිය. සුතනඹුවන් නොමැති නිවෙස හිස් පාළු සොහොන් පිටියකි. කලාව වෙනුවෙන් මුළුමහත් ජීවිතයම කැපකළ මෙබඳු අසාහය නිර්මාණකරුවන්ගේ භාවනායෝගී ජීවිත කවදත් වීතරාගීය. ඔවුහු ගේහසිත ප්‍රේමයට ලොබලිය නොබඳිති. මෙි ගීතයෙන් අවුකන බුදු පිළිමය තැනූ නිර්මාණකරුවාගේ ප්‍රතිභා ප්‍රභා සුවිශද කරමින් රජි වෙල්ගම කවියා සිංහල බසෙහි සිරි විසිතුරු රැකීමට ද උත්සුකවෙයි. සක්ක පද අමුණමින් හරසුන් ගීත ලියන අැතැමුන්ට මෙය අතුල් පහරකි.. මෙබඳු සංවෙිදි කලාකරුවන් නොතකමින් ඇතැමි දේශපාලන අඳබාලයෝ අදටත් ඔවුනගේ නිර්මාණ කොල්ලකමින් සාක්කු පුරවාගෙන ප්‍රදර්ශන කාමයේ නිරතවෙති. එබඳු කලා විහීනයන්ට මෙි ගීතයෙන් රජී වෙල්ගමයෝ ප්‍රබල කනේ පහරක් ද එල්ල කරති.

Tuesday, September 27, 2022

වෘන්දා වනේ සැඟවුණු ගොපලු ආදර අන්දරය



විවරණය : ශෂී ප්‍රභාත් රණසිංහ
උපුටා ගැනීම - ලංකාදීප

මහැදුරු සුනිල් ආරියරත්නයන්ගේ ව්‍යංගාර්ථපූර්ණ පද සංයෝජනයෙන් ද විශාරද නන්දා මාලනීයන්ගේ මධුර මනෝහර භාවානුරාගී සංගා⁣යනයෙන් ද රෝහණ වීරසිංහයන්ගේ කර්ණරසායන ස්වර සංරචනයෙන් ද විචිත්‍රෝපශෝභිත වූ මේ මහඟු ගී මිණ කෙරෙන් විප්‍රලම්බ ශෘංගාරයේ තරම මොනවට සුපැහැදිලි වෙයි.

ප්‍රේමය බිඳ වැටෙන කල්හි ඇති වන සංවේගය එය ඉපදී වැඩි එන කල්හි ජනනය වන ප්‍රහර්ෂය තරම්ම බලවත්ය. සොබාදහම ද මානව සමාජයේ ද බලපාන චලන නියාම ධර්මයට, විපරිණාමයට ගෝචර නොවන කිසිදු දෙයක් මේ මිහිපිට තිබේද? ප්‍රේමයට පමණක් වෙසෙසි වෙනත් ඉරණමක් ද මෙලොව නැත.ලෝකය ගෝලාකාරය. මිනිසුන් විවිධාකාරය. ජීවිතය පුදුමාකාරය. ප්‍රේමය විසමාකාරය. මේ නියාම ධර්මයට අනුව සමාජය චලනය වෙයි. වෙනස් වෙයි. දුෂ්ට වෙයි. ප්‍රචණ්ඩ වෙයි. එහෙයින් මිනිස්සු ද වෙනස් වෙති. ප්‍රේමය යනු මිනිසුන් දෙදෙනකු අතර ඇති වන ළෙන්ගතු බැඳීමක් විනා අන් කුමක්ද? පෙම් බැඳුම් හට ගනී. බොහෝ පෙම් පලහිලව් ඉක්මනින් හෝ කල්ගත වී හෝ බිඳී යයි. එහෙත් උනුන් අතර සුඛප්‍රහර්ෂයෙන් ගෙවුණු මතකය සදා අමරණීය නොවේද?

රාධා - ක්‍රිෂ්ණා පෙම් යුවළ අපට හමුවන්නේ ශ්‍රී ජයදේවයන්ගේ ගීත ගෝවින්දයේදීය. යමුනා ගං තීරය යනු රාධා - ක්‍රිෂ්ණා පෙම්වතුන් යුවළ නුගිනුරා ප්‍රේමයෙන් වශී වී කෙළිදෙලෙන් වාසය කළ ස්ථානයයි.එහිදී ඔවුහු අපරිමිත ප්‍රේමයෙන් ආලෝලනය වී අන්ධ වී කාමසම්භෝගයේ පවා යෙදුණහ. මේ ගීතයේ එන පරිසර වැනුම් හා කාව්‍යමය යෙදුම් රාධා තුළ බිඳී ගිය ප්‍රේම විජිතය යළි ප්‍රතිෂ්ඨාපනය කරගැනීමට පවත්නා අභිලාෂයේ සුන්දරත්වය හඟවයි. මේ වූකලි කාමසම්භෝගය ඉල්ලා නඟන රාවයක් වැනිය.

ශ්‍රී කෘෂ්ණ හෙවත් ක්‍රිෂ්ණා යනු කවුරුන්ද? ඔහු විෂ්ණු දෙවියන්ගේ අවතාරයකි. හින්දු පුරාණෝක්තිවලට අනුව විෂ්ණු යනු ලොව සුරකින්නාය. ලෝකයේ තිර පැවැත්මටත් ධර්මය රැකීමටත් අඳමිටුවන් විනාශ කිරීමටත් නේක වේශයෙන් විෂ්ණු ලොව පහළ වන බවට හින්දු භක්තිකයෝ විශ්වාස කරති. මහභාරතයේ සඳහන්ව ඇත්තේ ද එසේය.

විෂ්ණුට අවතාර නවයකි. මත්ස්‍ය, කුර්ම(ඉදිඹු), වරහා(ඌරු) නරසිංහ, මානව, පරශුනම, රාම, කෘෂ්ණ, බුද්ධ යන අවතාර නවයකින් විෂ්ණු ලොව පහළ වූ බවත් කල්කි නම් වේශයෙන් අනාගතයේ පහළ වන බවත් කියති.

මේ අවතාර අතරින් වඩාත් ජනප්‍රිය වූයේ රාමා සහ ක්‍රිෂ්ණාය. ක්‍රි.පූ තුන්වැනි සියවසේදී වාල්මිකී නමැති ඉසිවරයා රාමා චරිතය ඇසුරින් රාමායණය නම් වූ අතිශය ජනප්‍රිය ප්‍රබන්ධය රචනා කළේය. ක්‍රිෂ්ණා වඩාත් ජනප්‍රිය වූයේ ඔහුගේ ආදරවන්තිය වන රාධා නමැති රූමත් ගෝපිකාව නිසාය. ගොපල්ලකු සහ ගෝපිකාවක වන ක්‍රිෂ්ණා - රාධා පෙම් යුවළ කුඩා කල පටන් හැදී වැඩුණේ වෘන්දා වනය හෙවත් හිමාලය ආසන්නයේ ගමකය. ක්‍රිෂ්ණා කාල වර්ණය. එහෙත් රූපශ්‍රීයෙන් අගතැන්පත්ය. වෘන්දා වනගැබ අසල ගෝපිකාවෝ ක්‍රිෂ්ණාට වශී වී සිටියහ. ක්‍රිෂ්ණාගේ රූපයත් නුවණත් ශක්තියත් වෘන්දා වනය සිසාරා ගොපලු ගම් දනව් අතර පැතිර ගියේය. බටනළා වාදනයට ද එකසේ දස්කම් විස්කම් පෑ ක්‍රිෂ්ණා කතුන්ගේ සිත් වශී කරන ඉන්ද්‍රජාලිකයෙක් ද වූයේය. ගෝපිකාවෝ ඔහුගේ වස්දඬු රාවය නොඅසා රාත්‍රි නින්දට නොගියහ. ගමේ ගෝපිකාවෝ මෙන්ම වැන්දඹු කාමිනියෝ ක්‍රිෂ්ණාගේ හදවත දිනාගැනීමට පොරකෑහ. රාධා ක්‍රිෂ්ණා ප්‍රේම වෘතාන්තය ශෝකාන්තයක් වූවද ඒ ඇසුරින් සාහිත්‍යකරුවෝ විවිධ නිමැවුම් කළෝය. ඇතමෙක් කවි, ගීත ලියූහ. තවත් අයෙක් චිත්‍ර ,මූර්ති කලා කැටයම් කළහ. ඔවුහු රාධා - ක්‍රිෂ්ණා ලෝකයේ අමරණීය පෙමි යුවළක් බවට පත් කළහ.

ක්‍රිෂ්ණාට තිබුණේ සල්ලාල ජීවිතයකි. රාධාගෙන් පමණක් සෑහීමට පත් නොවූ ඔහු වෙනත් ගෝපිකාවන් සමඟ රැය පහන් කළේය. ක්‍රිෂ්ණාගේ අනග රැඟුම් නොඉවසූ රාධා අවසානයේ ඔහු අත හැරියාය. එහෙත් ඇය ඔහුට දිවිහිමියෙන් පෙම් කළාය. ඔහු සමඟ ගෙවූ සුමිහිරි අතීත මතකය සිතේ ගුලිකර ගෙන පෙම් නටබුන් අතර අතරමං වී දුක් වින්දාය.

මේ ගීතයට බිඳී ගිය ප්‍රේම වෘත්තාන්තයක් ගෝචර වෙයි. එයින් හටගත් ඉමහත් සෝ තැවුලින් තැවෙන පෙම්වතිය තම හෘදයාභ්‍යන්තරයට ඔහුගේ ප්‍රේමාගමනය පතා සිටින්නීය. මහැදුරු සුනිල් ආරියරත්නයෝ මේ ගීතයෙන් ප්‍රේමපරවශ ලිය සිතක ජීවන ලාලසාව රාගී හැඟීම් මහෝඝයකින් කොනහති. අතීතයේදී ක්‍රිෂ්ණා සමඟ යමුනා ගංතෙර අසබඩ විඳපු කාමාරසාස්වාදය රාධාට යළි සිහිවෙයි. ඒ සොඳුරු සුයාමය පිළිබඳ තවමත් ඇගේ සිතෙහි ලොබලිය ලියලවයි.

යමුනා ගංතෙර
තමලු ලතා සෙවණේ
යොහොඹු කුසුම් යහනේ
රාධා බලා හිඳී
ක්‍රිෂ්ණා
ක්‍රිෂ්ණා
ක්‍රිෂ්ණා

මේ ගීතයේ ස්ථායි කොටසෙන් රාධා ජීවත්වන පරිසරය පිළිබඳ යම් ඉඟියක් සපයයි. යමුනා ගඟ අසබඩ හිමාලයට ආසන්නයේ තාමලි නමින් ලස්සන මල් වැල් වර්ගයක් සුපුෂ්පිත වන බවත් ඒවා අව් රශ්මියෙන් වසන්වීමට සෙවණ සදන බවත් කියති. මේ මල් වැල් ආරක්කු පෙළක් මෙන් වනාන්තරය අලංකාර කරයි. මෙහි යොහොඹු කුසුම් යහනක් ඇති බව ද මහැදුරු ආරියරත්නයෝ කියති. යොහොඹු කුසුම් යනු අසෝක මල්ය. අසෝක මල් දසත සුගන්ධය පතුරවමින් පලසක් මෙන් බිම වැතිරී සිටී. කවියා එය යහනක් කොට දකී. රාධා මෙකී අසෝක මල් ඇතිරු යහනට වී අපේක්ෂා දල්වමින් බලා සිටිනුයේ ක්‍රිෂ්ණා යළි එනතුරුය. එහෙත් ගෝපි ලියන් සමඟ අනාචාරයේ ගිය ක්‍රිෂ්ණා යළි ඒවිද?

තාමලි, යොහොඹු වැනි පියුමිවල වර්ණ - ගන්ධ - ගුණ සම්පත්තිය කෙතරම් විභූතිමත්ද? රාධාගේ අනුරාගික හැඟීම් විරහා වේදනා සුසුම් ප්‍රේමයේ ප්‍රීති ප්‍රමෝද උද්දාමය කිරීමට මේ සංකේතාර්ථ, උපමා රූපක මොනතරම් ඖචිත්‍ය දැයි නොකියමනාය. ඔවුන් සිප වැළඳගෙන පෙම් සුව විඳි යොහොඹු කුසුම් යහන අද පාළුය. එහි සිටිනුයේ රාධා පමණි. පෙම් සැඩ සුළඟේ විසුළ අසෝක මල් පෙති ඇයට ඔච්චම් කරයි. අතීත මතකාවර්ජනයෙන් ඔද්දල් වී ඇය සිතින් වැලපෙන්නීය. එහෙත් ඇගේ සිත පෙර සැමරුම් පටුවත දිගේ ගමන් කරයි.

නළලත බබළන සඳන තලාවයි
සිරුරත ගන නිල් මේඝ වලාවයි
මානස විල මැද රණ තිසරානෙණි
වෘන්දා වනයේ වසන්තයයි
ක්‍රිෂ්ණා
ක්‍රිෂ්ණා
ක්‍රිෂ්ණා

කාලවර්ණ දේහයකට හිමිකම් කීව ද ක්‍රිෂ්ණා කඩවසම්ය. ඔහුගේ නළල අඩසඳ මෙන් බබළයි. එහෙත් මෙහිදී කවියා ඔහුගේ කළු පැහැති සිරුර ගන නිල් මේඝ වලාවකට සම කරයි. සාහිත්‍යයේදී කළු පාට වරණවත් කිරීමට විවිධ වර්ණ යොදයි. සාහිත්‍යකරුවෝ ඊට කාලවර්ණ, නීලවර්ණ ආදී නම් දෙති. විභීෂණ දෙවියන්, නීල මහ යෝධයා වැනි ප්‍රකට චරිත ද කළු පැහැතිය. මෙහිදී මහැදුරු සුනිල් ආරියරත්නයන් ක්‍රිෂ්ණාගේ සිරුර ගන නිල් ⁣මේඝ වලාවකට සම කරන්නේ ඒ අරුතිනි.

මානස විල මැද රණ තිසරානෙණි
වෘන්දා වනයේ වසන්තයයි

මානස විල යනු හිමලයේ ඇතැයි කියන ප්‍රසිද්ධ විලකි. ඇතමෙක් එය මනඃකල්පිත විලක් යැයි ද කියති. ප්‍රේමසිරි කේමදාස ගාන්ධර්වයෝ මානස විල නමින් සංගීත ඔපෙරාවක් ද කළහ. සාහිත්‍යකරුවෝ ද මානස විල, වෘන්දා වනය, ගැන නිතර ඔජ වඩති. ඒවා ඉන්දියාව තරම්ම ජනප්‍රියය. රාධාට අනුව මේ මානස විල මැද සිටිනුයේ රන් පැහැති හංසයෙකි. ඒ හංසයා අන් කවුරුවත් නොව ක්‍රිෂ්ණාය. වෘන්දා වනය යනු හිමාලයයි. රාධාට අනුව හිමාලයට වසන්තය උදව් ඇත. ගහකොළ මලින් බරවී ඇළදොළ වැව් ගංගා පිරී ඉතිරී යන වසන්ත සමයට වඩා සුදුසු කාලයක් කාමසම්භෝගයට තිබේ දැයි රාධා අසන්නීය.

මලයගිරේ මධු ගීත කලාවයි
තෙබුවන රැකුමේ ඉසිඹු වෙලාවයි
වන රේඛාවේ රණ මොනරානෙණි
තරුද නොපායන රාත්‍රියයි
ක්‍රිෂ්ණා
ක්‍රිෂ්ණා
ක්‍රිෂ්ණා

මලයගිර යනු හිමාල කන්දයි. ඈත පිළිරැව් දෙන්නෙ ක්‍රිෂ්ණාගේ මධුර මනෝහර වස්දඬු රාවයයි. එපමණක් නොව එහි විවිධ අලංකාර කනට මීබිඳු වෑහෙන ගීත පවා ඇසෙයි. තුන් ලෝක⁣යේම දෙවියන් විවේක සුවයෙන් ආරක්ෂා කරන මෙබඳු හෝරාවක් වටිනුයේ සොඳුරු සුයාමයකට විනා අන් කවරකට දැයි රාධා අසන්නීය. රාධා ජීවත් වනුයේ හිමාල අඩවියේ වනලැහැබකය. මේ වනාන්තරය වෙන්වන රේඛාවේ ඉන්නෙ කවුරුන්ද? ඒ වෙන කවුරුවත් නොව කෘෂ්ණ නම් රණ මොනරාය. ඇය එහිදී ක්‍රිෂ්ණා රන් පැහැති මොනරකුට සම කරන්නීය. තරු එළියකුදු නොමැති මේ රාත්‍රිය කාමසම්භෝගයට සුදුසු නොවේ දැයි රාධා පුන පුනා අසන්නීය. මේ වූකලි සිංහල ගීත වංශය බබළවන තවත් මහඟු ගී මිණක් නොවේද?

Tuesday, October 13, 2020

ඔබට විරහ ගිනි නොගෙනේවා...

මේ ලෝකේ වැඩිපුරම ඉන්නේ තමන් දැකපු හීන ලස්සනට පාට කරලා අනුන්ට දීපු අය. ජීවිතේ කියන්නේ ලැබීම්වලට වඩා නොලැබීම්වලට. මේ අහස යට මේ පොළව මත කොයිතරම් නම් ප්‍රේම කතා තිබුණත් ඒ කතාව හැබෑවක් වෙලා රන් හුයෙන් දෑඟිලි බඳින්න ලැබෙන්නේ කීයෙන් කී දෙනාටද...

විකසිත පෙම් පොකුරු පියුම්
ඔබේ පයට පොඩි වී ගියාදෙන්
පතිකුලයට අද මට පිටුපා යන
මගේ සොඳුරු ළඳුනේ...

ආදරේ සැබෑ ස්වරූපය දකින්න ලැබෙන්නේ දිනුවොත් නෙමෙයි පැරදුණොත්... අන්න එදාට තමා සැබෑ ආදරේ දකින්න පුළුවන්. තමන් පණ වගේ ආදරේ කළ යුවතිය තව පිරිමියකුගේ පතිනිය වෙලා යන දවසට තමන්ගේ ආදරේ ගැන හිතලා සතුටු වෙන්න හැමෝටම බෑ. ඇත්තටම ආදරේ කියන්නේ අයිති කරගන්න එකට නෙමෙයි. ඒත් අපිට බැරිත් එහෙම හිතන්නයි.

හිතේ කඳුළු බිඳු රෑ තනි යහනේ
ඉහ ඉද්දර හිඳ ඉකි බිඳිනා සඳ
ආදර සැමරුම් ප්‍රේම පුරාණේ
ඔබට විරහ ගිනි නොගෙනේවා...

මතකයන් ගොඩක් වෙලාවට හිතට එන්නේ මහ රෑට. ඒ වෙලාවට විතරයි අපිට මතකය මඟෑරලා යන්න බැරි. මතකයන් එක්ක කොයිතරම් අපි අසරණ වෙනවද... මම අසරණ වුණත් ඒ මතකය ඔබට දුකක් නොගෙනේවා. මේ කාරණාවම බන්ධුල නානායක්කාරවසම් ප්‍රවීණ රචකයාත් කියනවා

“සිටිනා කොදෙව්වක නුඹ සැප විඳී නම්...
මවෙතින් ලැබුණු ආදරයත් ලැබේ නම්...
මතකය නුඹට හිරිහැරයක් නොවේ නම්...
තව කුමකට ද දුක් ගී කල්පනාවන්...”

අපේ මතකය ඔබට දුකක් නෙමෙයි නම්, මම වගේම ඔහුත් ඔබට ආදරය කරනවා නම්, කොහේ හරි තැනක සතුටින් ඉන්නවා නම් ඊට වඩා දෙයක් මට ඕනෑ නෑ.

තනිකම රජයන පාළු විමානේ
ගොම්මන් කළුවර හඬා වැටෙද්දී
ඔබ දිවි අරණේ රුවන් විජිතයේ
මැණික් පහන් වැට දැල්වේවා...

විවාහය... එක්කෝ හරි යන තැන. නැත්නම් වරදින තැන. හැමදේම නැති වෙලා ජීවිතය කළුවරටම වැටිලා තියෙද්දිත්, මාව දාලා ගිය ඔබට වරදින්න එපා කියලා මම ප්‍රාර්ථනා කරනවා. මේ තරම් ආදරණීය ප්‍රාර්ථනාවක් කරන්න පුළුවන් සැබෑම ආදරවන්තයකුට විතරයි. ආදරය වෙනුවෙන් කැප වෙන මිනිස්සු සංසාරේ කොතනක හරි සැනසෙනවා...

Wednesday, September 02, 2020

දිව ඔසු­වකි කර­පිංචා

කරපිංචා ආහාර සකස් කිරීමේදී නැතිවම බැරි, ආයුර්වේදයේ බහුලවම දක්වා ඇති ප්‍රධාන, ස්වාභාවික රසකාරකයකි. එය, ඉහළ ඖෂධීය හා පෝෂණීය වටිනාකමකින්ද අනූන ය. රෝග රැසක් නිවාරණයට ද ගුණදායක ය.

• ඉතිහාසයේ සිටම ශරීරගත අනවශ්‍ය මේද පාලනයට සුදුසු කරපිංචාවල අඩංගු Flavonoids හා කෙඳි නිසා රුධිරයේ LDL/ අහිතකර කොලෙස්ටරෝල් පාලනය කරන බව නවීන විද්‍යාත්මක පරීක්ෂණ මඟින් තහවුරු කර ඇත.

• කෙඳි අන්තර්ගත නිසා කොලෙස්ටරෝල් අවශෝෂණය අඩු කරන බැවින් හෘද රෝගීන්ට මෙය දිව ඔසුවකි.

• යකඩ සැලකිය යුතු ප්‍රමාණයක් ද අඩංගු ය.

• විටමින් A හා C හි ඇති ඔක්සිකාරක ගුණ නිසා ශරීරයට ඇතුළුවන වස විෂ ද, දියවැඩියා රෝගීන්ගේ රුධිරගත ග්ලූකෝස් මට්ටම ද පාලනය කිරීමේ හැකියාවකින් යුක්තය. (නමුත් ඒ ගුණ ඒ ආකාරයෙන්ම ලබාගත හැකි වනුයේ කරපිංචා අමුවෙන් ආහාරයට ගැනීමෙනි. වියළීමේදී එම විටමින් විනාශ වී යා හැක)

• පිළිකා සෛල නැසීමේ ගුණය ඇත.

• ප්‍රතිඔක්සිකාරක ගුණය නිසා වයසට යාම වළක්වයි.

• කරපිංචා ආහාරයට එක්කර ගැනීම මඟින් ඇස් පෙනීමේ හැකියාව වර්ධනය කරන අතර, හෘදයේ ක්‍රියාකාරීත්වය ‍මනාව සිදුකරයි.

• ශරීරයට ඇතුළුවන නොයෙකුත් විෂබීජ සමඟ සටන් කිරීම නිසා නොයෙකුත් ආසාදනවලින් සිරුර ආරක්ෂා කරයි.

• කරපිංචාවල වඩාත් අන්තර්ගත විටමින් A, B, C, E හා Ca මඟින් හිසකෙස් හා සම නීරෝගී කරවයි.

• කරපිංචා කොළ දහයක් පමණ දිනපතා හොඳින් සපා කා වතුර වීදුරුවක් පානය කිරීම මඟින් ඇස් පෙනීම වර්ධනය වන බව තහවුරු වී තිබේ.

• කරපිංචාවල විෂහරණ ගුණය ප්‍රධානව පවතින නිසා විෂ සංඝටක රුධිරයෙන් ඉවත්කර මල හා මුත්‍රා සමඟ පහකිරීමට දායක වේ.

රෝග නිවාරණයට කරපිංචා

• දියවැඩියා රෝග පාලනයට හා අධිරුධිර පීඩනය අඩුකර ගැනීමට දිනපතා උදෑසන කරපිංචා කොළ 10 ක් මාස 3 ක් නොකඩවා ආහාරයට ගැනීමෙන් රුධිරගත සීනි මට්ටම බොහෝදුරට අඩුකරගත හැකි බව ප්‍රායෝගිකව ඔප්පු කර ඇත. දියවැඩියා රෝගීන්ගේ අධික තරබාරුව ද මින් පාලනය කරගත හැක. මින් කාබෝහයිඩ්‍රේට් පරිවෘත්තිය පාලනය කරන අතරම අග්න්‍යාශය මඟින් ඉන්සියුලින් හෝමෝනය ස්‍රාවය වීම උත්තේජනය ද සිදුකරයි.

• කරපිංචා කොළ කොටා යුෂ මඟින් තෙල් සිඳ හිස ගැල්වීමෙන් හිසකෙස් මූලය ශක්තිමත් කිරීම හා හිසකෙස්වලට අවශ්‍ය පෝෂණය ද ලබා දෙයි.

• ගර්භනී කාන්තාවන්ගේ ඔක්කාර ගති, වමනය හා විවිධ අපහසුතා සඳහා කරපිංචා කොළ යුෂ මඟින් ලැබෙනුයේ ඉතා සහනයකි.

• තුවාල සුව වීමට කැපීම්, සීරීම් වැනි තුවාලවලට කරපිංචා කොළ කොටා තැබීම මඟින් සුවවීම ඉක්මන් කරයි.

• සර්ප විෂට

කොළ කොටා යුෂ මිරිකා පානය කිරීම මඟින් සර්ප විෂ ගතිය අඩුකර, ඇතිවන අතුරු උපද්‍රව පහ කරයි.

කොළ, පොතු, මුල් ස්වල්පය බැගින් ගෙන අමුකහ හා ලුණු ස්වල්පයක් බැගින් දමා කොටා, සර්පයා දෂ්ට කළ ස්ථානයේ බැඳීම හෝ කොටා මිරිකාගත් යුෂ කකාරා ගෑම ප්‍රතිකාරයයි.

• විවිද වූ සමේ රෝගවලට කරපිංචා කොළ එළකිරෙන් අඹරා ගෑම මඟින් කැසීම් හා ඉදිමුම් ගති පහව යයි.

• කරපිංචාවල Carbazole Alkaloid නම් රසායනිකය අඩංගු වන නිසා බැක්ටීරියා විනාශ කිරීමේ හැකියාව ඇත.

• කොලෙස්ටරෝල් අඩු කිරීමට ප්‍රත්‍යක්ෂ ඖෂධයක්

කරපිංචා මිටක්, සුදුලූනු බික් 5ක්, ගොරකා 10g ක්, කළුදුරු 10g ක් තලපයක් වන සේ අඹරා ප්‍රධාන ආහාර වේල් 3 සමඟ තේ හැන්දක ප්‍රමාණයක් එක්කර ගන්න. මෙය මාස 3 - 6 ක කාලයක් භාවිත කිරීමෙන් කොලෙස්ටරෝල් අවම කරගත හැක.

• පණු රෝග සඳහා

කරපිංචා නැටි හා කොළ කබලේ බැද, කුඩුකර, උතුරන වතුරෙන් කෝපි මෙන් වක්කර, පානය මඟින් ලොකු කුඩා කාගේත් පණු රෝග වළක්වාගත හැකිය.

කරපිංචා තේ සහ පානයේ ප්‍රයෝජන

සෝදා පිරිසුදු කරගත් කරපිංචා ඉති 3ක් පමණ බඳුනකට දමා, ලිප තබා වතුර කෝප්ප 2 ක් එකතු කරන්න. විනාඩි 10 ක් පමණ මඳ ගින්නේ රත්වෙන්න හරින්න. මෙය දිනපතා දවසට 2 වරක් දින 7 ක් පමණ පානය කරන්න. මෙයට දෙහි බිඳු 2 - 3 ක් ද මිශ්‍ර කිරීමට මතක තබාගන්න. (දින 7 කින් පසුව සතියකට දින 3ක් වශයෙන් මෙය භාවිත කරන්න) කරපිංචා තේ පානයෙන් අහිතකර කොලෙස්ටරෝල් අඩු කරයි. ශරීර උෂ්ණාධික බව අඩු කරයි. දද, කුෂ්ට, ආසාදනයන් දුරු කරයි. සම වර්ණවත් කරයි.

http://www.dinamina.lk/2020/02/24

Wednesday, August 19, 2020

මන්තී‍්‍ර පට්ටම හා වරප‍්‍රසාද

පාර්ලිමේන්තු මන්තී‍්‍ර ධුර සඳහා මේ වනවිට 223 දෙනෙකු පත්වී අවසන්ය. 225 ක් වන එහි නියම ප‍්‍රමාණය ඉදිරි දින කිහිපයේදී සම්පූර්ණ වනු ඇත.

මෙම සියලූ දෙනාටම පාර්ලිමේන්තුවේදී නිශ්්චිත වරප‍්‍රසාද ප‍්‍රමාණයකට අයිතිවාසිකම් හිමි වේ.

ඒ අතරින් ප‍්‍රධාන වශයෙන්ම ඉතාම ආකර්ෂණීය වනුයේ මන්තී‍්‍ර විශ‍්‍රාම වැටුප සහ වසර පහක් සඳහා හිමිවන තීරුබදු රහිත වාහන බලපත‍්‍රයයි. මෙම තීරුබදු රහිත බලපත‍්‍රය මන්තී‍්‍රවරුන් විසින් අන් අයෙකුට විකුණා දමා මුදල් කොට එමගින් ඊට අඩු වටිනාකමකින් යුතු එහෙත් සුඛෝපභෝගී වාහනයක් මිලදී ගැනීම සිදු කරනු ලබයි.

අලූතින් පත්වන මන්තී‍්‍රවරයකුට හිමිවන සුවිශේෂී වරප‍්‍රසාදය ලෙස මෙකී වාහන බලපත‍්‍රය හැඳින්විය හැකිය. එම බලපත‍්‍රය මගින් වාහනයක් මිලදී ගෙන එය විකිණීම හෝ බලපත‍්‍රයම විකිණීම තුළින් මන්තී‍්‍රවරයකුට රුපියල් ලක්‍ෂ 250 ක පමණ ශුද්ධ ලාභයක් ලබාගැනීමට හැකියාව තිබේ.

යම් මන්තී‍්‍රවරයකුට තමන්ටම කියා වාහනයක් මිලදී ගැනීමට වත්කමක් නොමැති යැයි කියන්නේ නම් ඒ සඳහා ණයක් ලබා දීමට ද පාර්ලිමේන්තුව සූදානම්ය.

පාර්ලිමේන්තුවට පත්වන සෑමදෙනාගේම ප‍්‍රමුඛතම අභිලාෂය මෙම වාහන බලපත‍්‍රය විකුණා ඡුන්දයට වියදම් වූ මුදල් යම් තරමකට හෝ පියවා ගැනීමටය. තම ඡුන්ද ව්‍යාපාරයට අයෙකු රුපියල් කෝටි දෙක තුන වියදම් කරනුයේ ද මෙම වාහන බලපත‍්‍රය ඔලූවේ තබාගෙනය.

වාහන බලපත‍්‍රය මෙන්ම වැදගත් අනෙක් ප‍්‍රතිලාභය වනුයේ මන්තී‍්‍රවරුන්ට හිමිවන මාසික වැටුපය. මන්තී‍්‍රවරයකුට හිමිවන වැටුප වනුයේ රුපියල් 54,285 කි. නියෝජ්‍ය ඇමැති තනතුරක් ලදහොත් වැටුප රුපියල් 63,500 ක් වේ. රාජ්‍ය සහ කැබිනට් ඇමැතිවරයකුට නම් එය රු. 65,000 ක් ය. අගමැතිවරයාට වැටුප රුපියල් 71,500 ක් ද කථානායකවරයාට රුපියල් 68,500 ක් ද වශයෙන් වැටුප සිය පුද්ගලික ගිණුමට බැරවේ.

එය එතැනින් නතර වන්නේ නැත. මෙකී වැටුපට අමතරව ඉන්ධන දීමනාවක්ද හිමිවේ. දිස්ති‍්‍රක්කය අනුව මෙහි වෙනසක් සිදුවේ. උදාහරණයක් ලෙස කොළඹ සිටින මන්තී‍්‍රවරයකුට වඩා යාපනයේ සිටින මන්තී‍්‍රවරයකුට මෙම දීමනාව වැඩි වේ.

ඒ පාර්ලිමේන්තුවට එම මන්තී‍්‍රවරයා තේරී පත්වූ දිස්ති‍්‍රක්කය සලකා බැලීමෙනි.

ඊටත් අමතරව රුපියල් 50,000 ක දුරකථන දීමනාවක්ද, රියැදුරු සහ සංග‍්‍රහ දීමනා වශයෙන් රුපියල් 4500 ක් ද ලැබෙනු ඇත. ඉන් නොනැවතී අපේ කතිර මනාපයෙන් පාර්ලිමේන්තු යන මන්තී‍්‍රවරයකුට පාර්ලිමේන්තු රැුස්වීම් දිනයක් සඳහා රුපියල් 2500 ක් හිමි වේ. සාමාන්‍යයෙන් පාර්ලිමේන්තුව මසකට සතියක් ඇර සතියක් බැගින් දින අටක් පුරාවට රැුස්වේ. එවිට 2500 ඒවා අටක් ලෙස රුපියල් 20,000 ක් සපයා ගැනීමේ අවස්ථාව ද හිමිවේ.

මන්තී‍්‍රවරයකුට කාර්යාලයක් පවත්වා ගැනීමේ දීමනාවක් ද ලබා දේ. එය රුපියල් ලක්‍ෂයකි. එම කාර්යාලයේ සේවය කිරීමට යම් මන්තී‍්‍රවරයකුට පෞද්ගලික කාර්ය මණ්ඩලය ලෙස හතර දෙනෙක් සඳහා ගෙවීමක් ද පාර්ලිමේන්තුව විසින් ලබාදේ.

ඔහු නියෝජ්‍ය ඇමැතිවරයකු නම් එකී කාර්ය මණ්ඩලය 10 ක් ද ඇමැතිවරයකු නම් 15 ක් ද වශයෙන් පවත්වාගත හැක. මෙලෙස පවත්වා ගෙන යන කාර්ය මණ්ඩලයේ සම්බන්ධීකරණ ලේකම්වරයාට පෙට‍්‍රල් ලීටර 218 ක් වෙනුවෙන් රුපියල් 17,440 ක් ද ඞීසල් වාහනයක් භාවිත කරන්නේ නම් ලීටර් 264 ක් සඳහා රුපියල් 13200 ක් ද හිමි වේ.

මන්තී‍්‍රවරුන් මෙම කාර්ය මණ්ඩලයේ වැටුප් ද තමාගේ ගිණුමටම බැර කර ගන්නා බවට ද විවිධ ආරංචි පවතී. ඒ නැතත් මෙකී තනතුරු සඳහා තම බිරිඳ, පුතා, දුව ආදී වශයෙන් ද පත් කර ගැනීම් සිදු වේ. ඔවුනට දුරකථන ගාස්තු ගෙවීමක්ද සිදු කෙරේ.

මෙලෙස හිමිවන සුපිරි වරප‍්‍රසාද අතරට මන්තී‍්‍රවරයකුට හිමිවන මන්තී‍්‍ර නිවාසයද ඇතුළත්ය. මන්තී‍්‍රවරුන් වෙනුවෙන් පාර්ලිමේන්තුවට නුදුරින් මාදිවෙල නිවාස සංකීර්ණයක් ස්ථාපිත කර තිබේ. ඒ සඳහා නිවාස කුලීී වශයෙන් අය කරනුයේ සුළු මුදලකි.

මේ අතර පාර්ලිමේන්තුවෙන් මන්තී‍්‍රවරුන්ට ලබාදෙන ආහාර වේල සම්බන්ධයෙන් ද සමාජයේ අවධානය යොමු වේ. ඒ අනුව මන්තී‍්‍රවරයකුට උදේ ආහාරය සහ දිවා ආහාරය වශයෙන් ඉතා ප‍්‍රනීීත ආහාර වේලක් රුපියල් 150 ක් වැනි සුළු මුදලකට ලබා ගැනීමේ හැකියාව පවතී.

ඊට අමතරව තේ වේල මෙන්ම කැඳ කෝප්පයක් ද අඩු මුදලකට ලබා ගැනීමේ හැකියාව ඇත. පාර්ලිමේන්තුවට තේරී පත්වන නව මන්තී‍්‍රවරයකුට ජංගම සහ ස්ථාවර දුරකථන වෙනුවෙන් මසකට රුපියල් 50,000 ක් හිමිවන අතර නිදහස් තැපැල් පහසුකම් ලෙස රුපියල් 350,000 ක වටිනාකමකට එම පහසුකම හිමිවේ.

මෙකී ආකාරයට නිල වශයෙන් ද නොනිල වශයෙන් ද මන්තී‍්‍රවරුන්ට විවිධ පහසුකම් ගලා ඒ. පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයකුට අලූත්ම ලැප්ටොප් පරිගණකයක්, ඡුායාපිටපත් යන්ත‍්‍රයක් මෙන්ම වෛi පහසුකම් වෙනුවෙන් ද පාර්ලිමේන්තුව මුදල් වියදම් කිරීමට සැදී පැහැදී සිටී. ඔවුන් වෙනුවෙන් පාර්ලිමේන්තුව තුළම වෛi මධ්‍යස්ථානයක් පිහිටා ඇත. අවශ්‍ය නම් ආයුර්වේද ප‍්‍රතිකාර ලබාගැනීමේ හැකියාවද පවතී. ශී‍්‍ර ජයවර්ධනපුර රෝහලේ නේවාසිකව ප‍්‍රතිකාර ලබා ගැනීමටද මන්තී‍්‍රවරුන්ට හැකියාව පවතී.

ඊට අමතරව මන්තී‍්‍රවරයකු පාර්ලිමේන්තුවේ පවතින විවිධ කාරක සභාවන් සඳහා පාර්ලිමේන්තු රැුස්වීම් නොවන දිනයන්හිදී සහභාගි වන්නේ නම් ඒ සඳහා රුපියල් 2500 ක් වශයෙන් ගෙවනු ලබයි.

මන්තී‍්‍රවරුන්ට විටින් විට විදේශ සංචාර ද හිමි වේ. ඒ සඳහා ද පාර්ලිමේන්තුව යම් ගෙවීමක් සිදු කරනු ලබයි. ඇමැතිවරයකු නම් ඒ සඳහා ඔහුට වෙනම මුදලක් හිමි වේ. එයද අමතර වශයෙන් ඉපැයීමකි.

එසේම මන්තී‍්‍රවරයාට තම ¥ දරුවන් කොළඹ පිහිටි ප‍්‍රසිද්ධ පාසල් වෙත ඇතුළත් කර ගැනීමේ සුපිරි අවස්ථාවක් හිමිය. මේ ආකාරයට මන්තී‍්‍රවරු සුවිශේෂී ප‍්‍රතිලාභ ලබමින් වසර පහක කාලයක් පාර්ලිමේන්තු මන්තී‍්‍ර ධුරය දරනු ලැබුවහොත් ඔහුට හෝ ඇයට විශ‍්‍රාම වැටුපක් හිමි වේ.

මන්තී‍්‍රවරයාට හිමි වන වැටුපෙන් තුනෙන් එකක් මෙන්ම පසුගිය පාර්ලිමේන්තුව විසින් ඔවුන් සඳහා අතිරේක වශයෙන් රුපියල් 25000 ක දීමනාවක් සම්මත කර දුන් බව හිටපු මන්තී‍්‍රවරයකු මෙම ලියුම්කරුට පැවසීය.

යම් හෙයකින් එම මන්තී‍්‍රවරයා මියගිය විට එම විශ‍්‍රාම වැටුප ඔහුගේ බිරිඳට ද බිරිඳ මිය ගියහොත් වයස අවුරුදු 21 කට අඩු දරුවනට එම විශ‍්‍රාම වැටුප හිමි වේ. යම් හෙයකින් එවැනි දරුවකු ශාරීරික හෝ මානසික වශයෙන් දුබල යැයි වෛiවරු නිර්දේශ කරන්නේ නම් එම දරුවාට ජීවිත කාලයටම එම වැටුප හිමි වේ.

මෙකී නොකී සියලූම දේවල්වලට වඩා මන්තී‍්‍රවරයකුට ලැබෙන සමාජ ගරුත්වය අති මහත් ය. මන්තී‍්‍රවරයකු ආණ්ඩු පක්‍ෂය නියෝජනය කරන්නේ නම් ඔහුට ලැබෙන ප‍්‍රතිලාභ අවස්ථා විපක්‍ෂ මන්තී‍්‍රවරයකුට සාපේක්‍ෂව ඉහළ වේ.

කවුරු කොහොම සිතුවත් මෙම ප‍්‍රතිලාභ ලබා ගනිමින් තම පවුල ද ගොඩ දාගන්නා ක‍්‍රම සහ විධි ඔවුන්ට නිතැතින්ම ගලා ඒ. ඒවා නියම ආකාරයට කළමනාකරණය කර ගනිමින් සුව පහසු ජීවිත ගත කිරීමට මන්තී‍්‍රවරුන් බහුතරය උත්සුක වේ. ඒ අතර සාමාන්‍ය දිවි පෙවෙතක් ගෙවමින් මහජන සේවාවන්ට මුල්තැන දෙන අතළොස්සක් වූ මන්තී‍්‍රවරුද මෙහි සිටින බව කිව යුතුය.

කෙසේ වෙතත් පාර්ලිමේන්තු මන්තී‍්‍ර ධුරය යනු ස්වීප් එකක් ඇදුණා වැනි වැඩක් ය. ගෞරවය, මුදල්, විවිධ, අවස්ථා, සැප පහසුකම් ගොන්නක් මන්තී‍්‍රවරුන්ට නිතැතින්ම හිමි වේ.

මෙලෙස සැපවිඳිමින් මන්තී‍්‍රවරයකු හදිසියේ මිය ගියහොත් ඔහු වෙනුවෙන් පවුලේ අයට රුපියල් ලක්‍ෂ 50 ක වන්දි මුදලක් ද හිමි වේ.

මේ ආකාරයට වැටුප් දීමනා විවිධ පහසුකම් සහ නඩත්තු කටයුතු, සේවක මණ්ඩලය ආදි වශයෙන් පසුගිය වසරේ (2019* දී පාර්ලිමේන්තුව රුපියල් බිලියන 2.82 ක් පමණ වියදම් කර තිබෙන බවද මහජනතාව මතකයේ තබාගත යුතුව ඇත.

අකිත පෙරේරා - දිවයින

Monday, July 20, 2020

මුළු ආත්මයම සුවපත් කරන ප්‍රේමයක්

ගෑනියෙක්ට ඕනි 
ඇහෙන් වැටෙන කඳුළකට වෛර කරන එකෙක්
හිනාවක් දකින්න පෙරුම් පුරන එකෙක්

කිසිම කෙනෙක්ගෙන් වචනයක්
අහන්න නොදී
තමන්ව රැකගන්න එකෙක්

බිංදුවටම ජීවිතේ වැටුනත්
ලඟ ඉඳන් ගොඩ ගන්න දඟලන එකෙක්
වචනෙන් පවා හිත සනසන
බැල්මකින්වත්
වරදක් නොකරන එකෙක්

අත්හරින්න හේතු කොච්චර ආවත්
තමන්ට ආදරේ කරන කෙනාව
රැකගන්න එකෙක්

තමන්ගෙ යාලුකම් ලඟවත්
නොරිද්දන ⁣ආදරයක්..

ගෑනියෙක්ට ඕනි
සැනසෙන්න පුළුවන් පපුවක්
එකම එක හිනාවකින්
මුළු ආත්මයම සුවපත් කරන ප්‍රේමයක්

කොටින්ම තමන්ගෙ හිත තමන්ටත් වඩා
තේරුම් ගන්න කෙ⁣නෙක්

💕

කොවිඞ් එන්නතක් එන තුරු කරමාලය පැළඳ ගනිමු

කොව්ඞ් 19 ගෝලීය වසංගතය එක් පැත්තකින් මිනිස් ජීවිතවලට බරපතළ ලෙසින් හානි කරද්දී තවත් පැත්තකින් මිනිසුන්ගේ නිර්මාණශීලී චින්තනය අවදි කිරීමට සමත් වී තිබෙනවා. එකම සිදුවීම කාසියක දෙපැත්ත සේ ජනසමාජයට හිතකර ලෙසින් මෙන්ම අහිතකර ලෙසින් බලපා තිබෙනවා.
කොවිඞ් 19 ශ්වසනය ආශ‍්‍රිතව පැතිරෙන රෝග තත්ත්වයක් බැවින් සමාජ දුරස්ථබව, මුව ආවරණ පැළඳීම, නිතර අත් සේදීම වැනි උපදෙස් අතර මුහුණ, කට, නාසය ස්පර්ශ කිරීමෙන් වැළකී සිටීම රෝගයෙන් ආරක්ෂාව සඳහා අනුගමනය කළ යුතු කි‍්‍රයාමාර්ග බැව් ඇමරිකා එක්සත් ජනපදයේ රෝග පාලනය සහ නිවාරණය පිළිබඳ මධ්‍යස්ථානය සඳහන් කරනවා.

2019 වසරේ චීනයේ වූහාන් නගරය කේන්ද්‍ර කර ගෙන උපත ලද කොවිඞ් 19 වෛරස වසංගතය අද වෙන විට ගෝලීය වසංගතයක තත්ත්වයට පත්ව තිබෙනවා. වසංගතයේ මුල් අදියර පාලනය කර ගැනීමට අපොහොසත් වීමේ පසුතැවීම පසෙක තබා දැන් කොවිඞ් සමග ජීවත්වීමේ කලාව සොයන යුගයක් ගොඩ නැගෙන ප‍්‍රවනතාවක වර්ධනීය අවස්ථාවක් බැව් කිවහොත් නිවැරැදියි.

නමුත්.. මේ කොතෙක් උපදෙස් ලබා දුන්නත් අපටත් නොදැනීම අපේ අත ඇස්, නහය, කට ස්පර්ශ වෙන අවස්ථාවන් අප‍්‍රමාණයි. එය සාමාන්‍ය සිදුවීමක්. නමුත් හදිසියේ හෝ කොවිඞ් වෛරසය ව්‍යාප්ත වෙන බිඳිති අපේ අතේ තැවරී තිබුණොත් නාසය, ඇස් සහ මුඛය වැනි විවෘත සිදුරු ඔස්සේ ශරීරගත විය හැකියි. ඒ නිසා ඇමරිකා එක්සත් ජනපදයේ NASA මගින් අපේ අත ඉහත අවයවයන් ස්පර්ශ කරන විට ඒ ගැන අනතුරු සංඥාවන් ලබා දෙන උපාංගයක් නිපදවා තිබෙනවා. නාසා ආයතනය මීට පෙරාතුව කොවිඞ් 19 වෛරස ආසාදිතයන් වෙනුවෙන් සාර්ථක වෙන්ටලේටර් ශ්වසන උපකාරක උපාංගයක්ද නිපදවා තිබෙනවා.

දැන් ඔවුන් කොව්ඞ් 19 වෛරසයෙන් ආරක්ෂා වීම සඳහා අපූරු කරමාලයක් නිපදවා තිබෙනවා. එය නම් කර තිබෙන්නේ ‘‘PULSE" නමින්.Jet Propulsion Lab ආයතනය මගින් නිර්මාණය කරන ලද මෙම කරමාලය 3D තාක්ෂණයෙන් යුක්තයි. අධෝරක්ත සංවේදන යොදා ගෙන ඇති මෙම මාලයේ දිග අඟල් 12 ක සිට 18 දක්වා වූ දිග පරාසයකින් යුක්තයි. ඒ සමග කුඩා පෙන්ඩනයක් ඇති අතර ඇතුළත ඇති කම්පන උපාංගය 3V බැටරි ආධාරයෙන් කි‍්‍රයාත්මක වෙනවා. මේ සියල්ල ප්ලාස්ටික් ආවරණයකින් වසා තිබෙන අතර යම් අවස්ථාවකදී අප නොදැනුවත්ම හෝ මුහුණ, කට, ඇස් ස්පර්ශ කිරීමේදී අනතුරු සංඥාවන් නිකුත් කරනවා. කර මාලයේ ඇති මෙම පෙන්ඩනය ආකාරයේ උපාංගය නිසා සිදු කරන සිහිපත් කිරීම නිසා නොදැනුවත්ව හෝ මේ තහනම් කලාප ස්පර්ශ කිරීමට අපට අවසර නැහැ.

නාසා ආයතනයේ Jet Propulsion Lab සාමාජිකයන් විසින් මේ කරමාලය සමග අපූරු පණිවිඩයක්ද සමාජයට මුදා හැර තිබෙනවා. එන්නතක් හෝ ඖෂධයක් අපට හමු වෙන දිනක් එන තුරු මේ කරමාලය පැළඳගමු... ඒ ඔවුන්ගේ පණිවිඩයයි.

Jet Propulsion Lab විසින් මේ නිෂ්පාදනයේ බුද්ධිමය අයිතිය රඳවා ගෙනත් නැහැ. හැකියාව තිබෙන ඕනෑම කෙනෙකුට තමන්ගේ අවශ්‍යතාව වෙනුවෙන් මාර්ගගතව මේ කරමාලය නිර්මාණය කර ගැනීමේ උපදෙස් බාගත කර ගැනීමට විවෘත ප‍්‍රවේශයක් ලබා දී තිබෙනවා.

පුන්‍යා චාන්දනී ද සිල්වා - Divaina
Daily mail

Thursday, July 16, 2020

රුධිර ගණයට අනුව කොරෝනා වයිරයේ බලපෑම වෙනස් වෙනවා:

‘කොවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය සමඟ ජීවත් වෙනවා හැර අපට වෙන විකල්පයක් නැත. ‘කොවිඩ් 19‘ වයිරසයට එන්නත් නිපදවීම ලහිලහියේ සිදුවුවත්, එම කටයුතු අවසන් වනු ඇත්තේ තව මාස 8 කින් හෝ 9 කින් යැයි පැවැසෙයි. කෙසේ නමුත් මේ වනවිට ‘කොවිඩ් 19’ ගැන අප අනාවරණය කරගත් දේ බොහෝය. 

මූලාරම්භය අබිරහසක් වුවත්, ‘කොවිඩ් 19’ යනු ක්ෂීරපායී සතුන් හරහා මනුෂ්‍ය අපට බෝ වන කොරෝනා වයිරස පවුලේ නවතම සාමාජිකයාය. ‘කොවිඩ් 19’ වයිරසයේ ජාන ව්‍යුහය ද හොඳින් හඳුනා ගැනීමටත් වයිරසය කෘත්‍රිමව රසායනාගාරයක් තුළ නිපදවීමටත් විද්‍යාඥයෝ සමත් වී සිටිති. ‘කොවිඩ් 19‘ වයිරසයේ බලපෑම සම්බන්ධයෙන් මෙසේ කරුණු අනාවරණය වෙද්දී, රුධිර ගණය අනුව, එහි බලපෑම වෙනස් වන බව යුරෝපා රටවල වෛද්‍ය පර්​ෙ‌ය්ෂකයන් පෙන්වා දී තිබේ. 

ප්‍රධාන රුධිර ගණ ඇත්තේ 4 කි. ඒවා නම්, ‘ඒ’, ‘බී’, ‘ඒබී’ සහ ‘ඕ’ ය. ‘ඒ’ වර්ගයේ රුධිර ගණය ඇති නම්, ‘කොවිඩ් 19’ වයිරසය ආසාදනය වුවහොත්, අධිරුධිර පිඩනය, දියවැඩියාව වැනි බෝ නොවන රෝගී තත්ත්වයන්ගෙන් පෙළෙන්නේ නම්, එම රෝගී තත්ත්වයන් ඖෂධ මඟින් පාලනය කර ගෙන නැතිනම්, වයිරසයෙන් එල්ල වන අවදානම ඉතා වැඩිය. වයිරසය ඔබට මාරාන්තික වෙයි. 

ඔබට ඇත්තේ ‘ඕ’ ගණයේ රුධිරය නම්, වයිරසයෙන් එල්ල වන බලපෑම ඉතා අඩුය. වයිරසය ආසාදනය වීමත් අඩුය. වයිරසය ආසාදනය වූවත් ඉක්මනින් සුවය ලැබීමට හැකියාව ලැබෙන බව ද පැවැසෙයි. මේ බව තහවුරු වූයේ ඉතාලිය, ස්පාඤ්ඤය, ඩෙන්මාර්කය, ජර්මනිය ඇතුළු යුරෝපා රටවල වෛද්‍යවරුන් සහ වෛද්‍ය පර්​යේෂකයන් රෝගීන් 2,000 ක පිරිසක් යොදා ගෙන කළ අධ්‍යයනයකට පසුවය. 

නිසි ප්‍රතිකර්මයක් තවමත් නැතත්, දැනට පවතින අතුරු ආබාධ කිසිවක් නැති, මිල අඩු ස්ටෙරොයිඩ වර්ගයේ ඖෂධයකින්, ‘කොවිඞ් 19’ අඩපණ කළ හැකි බව මහා බ්‍රිතාන්‍යයේ වෛද්‍ය පර්​ෙ‌ය්ෂකයෝ පවසති. එය සැබැවින්ම සැනසිල්ලකි. මෙම ඖෂධය ‘ඩෙක්සාමෙතසෝන්’ ය. අඩු මාත්‍රාවකින් යුත් ස්ටෙරොයිඩයක් වන මෙයරෝග, අසාත්මිකතා, ඇදුම, දරුණු පෙනහලු ආසාදන සඳහාත්, ක්ෂයරෝගීන්ට ප්‍රතිජීවක සමඟත් ලබා දෙයි‍. 

උපුටා ගැනීම - ලංකාදීපය
 ලු‍සිත ජයමාන්න 
‘ද සන්‘ ඇසුරිනි

Wednesday, July 15, 2020

නැන්දම්මා සමග විසීම


නැන්දම්මා හා ලේලියගේ ගැටුම පවතින්නෙ අද ඊයෙක පටන් නොමෙයිනේ. නැන්දම්මා ලේලි ගැටුම් දුර දිග යෑම නිසා පවුල් පවා කඩා කප්පල් වූ අවස්ථා ඇත. ඇත්තටම නැන්දම්මා කියන්නේ එක් අතකින් ගත් කල විවාහයෙන් පසු තවත් අම්මා කෙනෙකු හමු වීමය. නැන්දම්මා ලේලි හබය කීවාට හිතන්නකො අපි අපේ අම්මා එක්කම කොයි තරම් නොහොඳ නෝකාඩුකම් ඇති කර ගන්නවද කියලා. ඒත් අපි ඒ තරම් ඒ දේවල් හිතට ගන්නෙ නැහැ. මොකද ඒ අපේම අම්මනේ. ඒත් නැන්දම්මා සමග නම් එහෙම නෙමෙයි. ඇගේ මුවින් ගිලිහුණ පොඩි වචනයක් පවා අපේ හිත රිද්දලා අවුරුදු ගණන් අපේ හිතේ සනිටුහන් කරගන්නවා. ඇත්තටම නැන්දම්මා කියන්නෙත් පෘථග්ජන මනුස්සයෙක්නෙ. හිතන්නකො දස මාසයක් කුසේ තියාගෙන මේ ලෝකෙට බිහි කරලා පරිස්සමට රැක බලා ගත්ත තමන්ගෙ පුතා තවත් කෙනෙකුට ආදරය කරද්දි ලං වෙද්දි දුකක් ඉරිසියාවක් හිතෙන එක අසාමාන්‍ය දෙයක්ද කියලා. හොඳම දෙය නැන්දම්මා ඉදිරියේ එයාගේ පුතා එක්ක ඕනෑවට වඩා ලෙංගතු නොවී හැසිරෙන එකයි. අනිත් එක ඉස්සර වගේම අම්මට ආදරෙන් ඉන්න තමන්ගේ සැමියවත් පොළඹවන්න. තමන්ට පුතාගේ ආදරේ වෙනසක් නැතිව ලැබෙන කොට අපි ගැන නැන්දම්මා අහිතක් හිතන එකක් නැහැ.හැබැයි නැන්දම්මත් හිතනවනම් මේ මගේම දරුවෙක් කියලා ගැටුම් ඇති වන්න තියෙන ඉඩ කඩ අඩු වේවි. 

නැන්දම්මා ලේලිය ආරවුල පටන් ගන්නෙ කුස්සියෙන්නේ අන්න ඒ නිසා අපි ටිකක් සුක්ෂම වෙන්න ඕනී. ඒත් එක්කම ඇය කැමති ආහාර හඳුනා ගන්නත් උත්සහ කරන්න. 

“අද වටිටක්කා හදනවා ” 

කියනවා වෙනුවට 

” අම්මේ අද වටිටක්කා හදමුද? ” කියලා අහන්න පුලුවන්. 

ඒ මොකද දන්නවද? තනි තීරණ ගන්නවට, අණ දෙනවට නැන්දම්මලාගෙ කැමැත්තක් නැති නිසා. අපි වුණත් අණ දෙනවට අකමැතියිනේ. ඒත් පවුල ඉදිරියට ගෙන යාමත් සතුට රැඳවීමත් තියෙන්නෙ අපේ අතේ. ඉවසීමෙන් සැනසීම ලැබේ කියලත් කියනවනේ. 

බොහෝ වෙලාවට නැන්දම්මාගෙ පිළිවෙල නැති වුණත් එයාලා අපේ පිළිවෙල නම් තිතටම බලාපොරොත්තු වන බව අමතක කරන්න එපා.කොහොම වුණත් පුංචි පුංචි මත ගැටුම් ඇති නොවුණොත් නම් පුදුමයක්. සැමියාට ඔහුගේ මව පිළිබඳ වැරදි කීම නම් ඒ තරම් හොඳ දෙයක් නෙමේ. ඔබ කොයි තරම් නිවැරදි වුණත් නිතරම මව පිළිබඳ වැරදි අසන විට ඔබේ සැමියාටත් එය වදයක් සේම ඔබ පිළිබඳ ඇති පැහැදීම පලුදු වන්නට ඉඩ ඇත. 

වයසට යාමත් සමගම අපි කවුරුත් සිතින් මෙන්ම ගතින්ද දුර්වලය. එකට ජීවත් වන විට නැන්දම්මාගේ සැප දුක බලන්නට අමතක නොකරන්න. ඇයත් ඔබේ මව මෙන්මය. වෙන් වෙන්ව ජීවත් වනවා නම් දවසට වරක් හෝ ඇමතුමක් ලබා දී ඇයගේ දුක සැප විමසන්න. එය ඇයට සතුටක් වනු ඇත. අසනීප වූ විටම ඔබ ඇයත් සමග වෛද්‍යවරයා වෙත යන්න. ඇය ඔබේ සිත රිද්දුවද ඇයගේ සිත නොරිද්දා ඉන්නට උත්සහ කරන්න. 

ඇය සමග දොඩමලු වන්න. ඇය ඔබට වඩා ජීවිතයේ අත්දැකීම් අතින් පොහොසත්ය. ඔබට විසඳාගත නොහැකි ගැටලුවකට ඇය ළඟ පිළිතුරු තිබිය හැකිය. ඇයගේ ළමා කාලය තරුණ අවදිය විවාහා ජිවිතය පිළිබඳ අසන්න. ඇය ඒ අතීතය ඔබ සමග ආවර්ජනය කරන අතර ඔබ දෙදෙනාගේ සබඳතාවයද ශක්තිමත් වනු ඇත. 

By දිශාන්ති වෙදගේ

Tuesday, July 14, 2020

ඒක පාර්ෂවික ප්‍රේම කථාවක, සත්‍ය අත්දැකීම - Lost 1982



Staring at the moon so blue
තරු දිළිසෙනවා හඳත් එක්ක, හරිම ලස්සනට
Turning all my thoughts to you
මගේ සිතුවිලි හැරෙනවා ඔයා දිහාවට
I was without hopes or dreams
මම හිටියේ කිසි ම බලාපොරොත්තුවක් වත්, හීනයක් වත් නැතුව
I tried to dull an inner scream
මං උස්සහ කළා නොපැහැදිලි විදිහට කෑ ගහන්න
But you saw me through
එත් ඔයා මාව ඇතුළාන්තයෙන් ම දැක්කා.........
Walking on a path of air
මම ඇවිදිනවා සුළඟින් හැඳුණු මාවතක
See your faces everywhere
මට පේනවා ඔයාගෙ මුණ, හැමතැනම..........
As you melt this heart of stone
ඔයා මගේ ගලක් වගේ හදවත මොළොක් කළා.........
You take my hand to guide me home
ඔයා මගේ අත ගත්තා මාව ගෙදරට එක්කන් එන්න........
And now I'm in love
ඉතින් දැන් මං ආදරේ කරන්න පටන් අරන්..........
You took my heart away 
ඔයා මගේ හදවත වෙන පැත්තකට ගත්තා
When my whole world was gray
ඒ මගෙ මුළු ලෝකෙම අළු පාට වෙලා තිබුණු වෙලාවක
You gave me everything
ඔයා මට හැමදේම දුන්ණා
And a little bit more
හැමදේටම වැඩියෙන්
And when it's cold at night
ඒ වගේම රෑට සීතල දැනෙනකොට
And you sleep by my side
ඔයා මගේ පැත්තක නිදාගෙන ඉන්නවා.....
You become the meaning of my life
ඒකයි මං කියන්නේ, ඔයා මගේ ජීවිතේ, අර්ථය බවට පත් වෙලා.......

කොවිඩ්-19 එසේත් නැත්නම් කොරෝනා වෛරස් රෝගය 2019


කොවිඩ් 19 දශක කිහිපයක් පැවතෙනු ඇතැයි ...

වැඩි විස්තර දැන ගැනීම සඳහා මේතැනින් පිවිසෙන්න -  කොවිඩ්-19

Tuesday, October 01, 2019

ලෝක ළමා දිනය බිහිවුණේ මෙන්න මෙහෙමලු

ලෝක ළමා දිනය සහ ලෝක වැඩිහිටි දිනය ඔක්තෝබර් මාසයේ පළමු වැනි දිනට යෙදී තිබෙනවා. අද දරුවා හෙට ලෝකයේ නායකයා බවට පත් වෙන නිසාම දරුවා සුවිශේෂී බව අවිවාදයෙන්ම පිලිගන්නවා.

දරුවා ගැන දාර්ශනික අදහස් :

ඒබ්‍රහම් ලින්කන් ජනාධිපතිතුමා වරක් කියා සිටියේ දරුවා යනු වැඩිහිටියන්ගේ කුඩා කරන ලද ආකෘතියක් නොවන බවයි.දරුවාගේ මනස සුදු පැහැති කඩදාසියක් වැනියි. මුල් කාලයේදී එය ඉතා පිරිසිදුයි. මෙහි මුල්ම සටහන තබන්නේ මව , පියා සහ සහෝදර සහෝදරියන් විසින්ය.රුසියාවේ ‍නායක ලෙනින් කියා සිටියේ දරුවන්ට දිය යුත්තේ හොදම දෙය බවයි. චීනයේ මාවෝ සේතුං කියා සිටින්නේ ලෝකයේ උත්තම චරිතය දරුවා බවයි.

ලෝක ළමා දිනය ආරම්භ වුනේ කොහොමද…..?

1954 වසරේ ළමා අයිතිවාසිකම් පිලිබඳ ප්‍රකාශය වෙනුවෙන් රටවල් 13 ක් අත්සන් කළ අතර මහා මණ්ඩලය විසින් විශ්ව ළමා දිනයක් ප්‍රකාශයට පත් කරන ලෙස සාමාජික රටවලින් ඉල්ලා සිටියා. මේ සඳහා නොවැම්බර් 20 වැනි දින තෝරා ගත් අතර තම රටවල් වෙනුවෙන් ගැලපෙන දිනයක් තෝරා ගැනීමට අවසර ලබා දෙන ලදී.හැම රටකම ඔක්තෝබර් පළමුවැනි දිනයම තෝරා ගන්නේ නැහැ.


රොමේනියාවේ ජාත්‍යන්තර ළමා දිනය සමරන්නේ ජූනි මාසයේ පළමු වැනි දිනටයි. එදිනට මෙම රටේ දරුවන්ට නොමිලයේ සත්වෝද්‍යානයට ඇතුලු වී විනෝද වෙන්න පුලුවන්. ආර්ජන්ටිනාව අගෝස්තු මාසයේ දෙවැනි ඉරිදා දිනය ළමා දිනය සමරන්න යොදා ගෙන තිබෙනවා.බ්‍රසිලය ඔක්තෝබර් 12 වැනි දිනත් කැමරන් රාජ්‍යය සහ කොංගෝ රාජ්‍යය දෙසැම්බර් 25 වැනි දින ළමා දිනය සමරනු ලබනවා. ඉන්දියාව මේ සඳහා තෝරා ගන්නේ ජවහල්ලාල් නේරු තුමාගේ ජන්ම දිනය යෙදී තිබෙන නොවැම්බර් 20 වැනි දිනයි. පකිස්ථානයත් මේ දිනයම තෝරා ගත් අතර ඊශ්‍රායලය ඔක්තෝබර් 19 වැනි දින ළමයින් වෙනුවෙන් තෝරා ගත්තා.

ළමා දිනය වැදගත් ඇයි ?….

දරුවා යනු සුවිශේෂී චරිතයක් නිසාත් ඔවුන් මුල් කර ගෙන වර්තමානයේ ලබා දෙන ආදරය, රැකවරනය අනාගතයේදී පූර්ණ පෞරෂයකින් යුක්ත දරුවෙක් නිර්මානය කිරීමට වැදගත් වෙනවා. ඒ නිසාම ළමා දිනය මුල් කර ගෙන අපි දරුවා ගැන බොහෝ දේ කතා බහ කරමින් කතිකාවත් ගොඩ නගනවා. මේ කතිකාවත තුලින් අපි දරුවාට විය යුතු ආරක්ෂාව සහ රැකවරනයේ පසුබිම තේරුම් ගන්නවා.

දරුවා මුල් කර ගත් සමාජ කතිකාවත ගොඩ නැගිය යුත්තේ ඇයි….?

දරුවා යනු සමාජ ජීවියෙක්. ඔහු හෝ ඇය තව වසර කීපයකින් සමාජයේ වගකීම ලබා ගත් චිතයක්. එබැවින් ඔවුන් මුල් කර ගෙන ගොඩ නැගිය යුතු පෞරෂ ලක්ෂණ කීපයක් තිබෙනවා. දරුවා ස්වාධීන විය යුතුයි. තීරණ ගැනීමේ හැකියාව වගේම අන්‍ය අදහස් ගරු කරන ඒ වෙනුවෙන් සවන් දෙන තැනැත්තෙක් වීම අවශ්‍යයි. යුතුකම් ඉටු කිරීමට වගේම සමාජ නීති රීති සහ ආචාර ධර්මයන් තුළ හැසිරෙන අන්දම තේරුම් දීම අවශ්‍යයි.
ළමා පරපුර සහ වැඩිහිටි පරපුර අතර ඇති හිදැස ගොඩ නැගෙන්නේ ඇයි ?….

පරම්පරා අතර ඇති ගැටුම

අද බොහෝ වැඩිහිටියන්ට තමන්ගේ දරුවන්ටත් වඩා මුනුපුරන් නිසා ඇති වෙන ගැහැට දරා ගැනීමටත් අපහසුයි. එදා දරුවන් සමග මව්පියන් එක නිවසක් තුළ කාලය ගත කළා. අදහස් උදහස් අතර පැහැදිලි වෙනස්කම් ඇති වුනේ නැහැ. අද තත්වය ඊට වෙනස්. මේවා වැඩිහිටියන්ට නොගැලපීම නිසා ඇති වෙන ගැටුම බොහෝ දුර යා හැකියි. මේ නිසා වැඩිහිටියන් නිරන්තරව තම දෙවැනි පරම්පරාව දෙස නොරිස්සුම් සහගතව සිතීම නොදැනම ගැටුමක් ගැටුමක් වෙනුවෙන් මුල පුරනවා. ඔවුන් කියන්නේ අත්තම්මා , සීයා යනු කෝපි කාලයේ චරිත බවයි.

වැඩිහිටියා අවලංගු කාසියක් වීම

එදා පවුල මුල් කරගෙන දැවැන්ත වගකීම් සම්භාරයක් අද ජීවිතයේ සැදෑ සමය ගෙවන වැඩිහිටියන් සතු විය. එදා ඔවුන් ඉතා යහපත් පරිදි ගත් තීන්දු තිරණ නිසා අත දරුවන්ගේ ජීවිතය බෙහෙවින් ආලෝකමත් වී ඇත. ජීවිතය තුලින් ඔවුන් උපයා ගත් දේ බොහෝය. එම අත්දැකීම් පාදක කර ගෙන දරුවන්ගේ ජීවිතයට මග පෙන්වීම ලබා දිය හැකිය. එහෙත් අද ඔවුන් අවලංගු කාසියක් බවට පත්ව ඇත. ඔවුන්ගේ අදහස් පිලිබඳව කිසිදු ඇගයීමක් නැත. දරුවන් විසින් තමාට ලබා දෙන ‍නොවැදගත්කම නිසා අනේ මටත් ගිය කලක් යනුවෙන් වූ කම්පනය වැඩිහිටියන්ට දැනෙනු ඇත.

පුංචි පවුල රත්තරන්

පවුලක් කී විට එදා දරුවන් හය හත් දෙනෙක් සිටියා. මේ නිසා දරුවන්ගෙන් කවරෙක් හෝ මව්පියන් ආරක්ෂා කළ අතර ඔවුන්ගේ යුතුකම් නොපිරිහෙලා ඉටු කළා. අද පවුලක සිටින්නේ දරුවෙක් හෝ දෙදෙනෙක් පමනි. අද ඔවුන් ගම හැර නගරයට සංක්‍රමනය කිරීමත් සමග දෙමව්පියන් මහගෙදර තනි වෙනු ඇත. ඔවුන් රැකබලා ගැනීමට කිසිවෙක් නොවන නිසා අද වැඩිහිටියන්ගේ සමාජගත ගැටලු බෙහෙවින් උග්‍ර තත්වයට පත්ව ඇත.

දෙමව්පියන් නඩත්තුව බරක් වීම

දරුවන්ට බාල කාලයේදි ඔවුන්ට අවශ්‍ය ආහාරපාන, ඇදුම් පැළඳුම් ලබා දීමට මව්පියන් උපරිමයෙන් උත්සහ දරනු ඇත. ආර්ථික ප්‍රශ්න ඉදිරියේ පවා දරුවන්ගේ බත්පත වැරදුවේ නැත. ඒත් අද දරුවන් විසින් මව්පියන්ගේ ආහාරපාන ගැන නොව වෙහෙසෙන්නේ තමාගේ දරුවන් වෙනුවෙන් වූ ආහාරපාන ගැනමය. දරුවන්ට ගැලපෙන දෙය මිස වැඩිහිටියන්ට ගැලපෙන දෙයක් ගැන සිතීමක් මෙන්ම තැකීමක් නැත. මේ නිසා තමන්ගේම දරුවන් වෙතින් අවතැන් වෙන මව්පියන්ගේ ශෝචනීය ඉරණම ගැන සිතන්නට කාලය එළැඹ ඇත. පූර්ණ පෞරෂයකින් යුක්ත දරුවෙක් නිර්මානය කිරීම වැඩිහිටියන් මහත් සේ කැපවීමකින් කරන කටයුත්තක් වේ. ඒ නිසා දරුවන්ද පෙරලා ඔවුන් වෙනුවෙන් හදවතින් බැඳීමක් ගොඩ නගා ගැනීම ඉතා වැදගත්.මෙම අන්තර් සම්බන්ධතාවය නිසි පරිදි සිද්ධ වන්නේ නම් දරුවා සහ වැඩිහිටියන් යන සංකල්ප එකම කාසියක දෙපැත්ත සේ ජීවිතයට සම්බන්ධ පුද්ගලයන් බවට නොදැනීම පත් වෙනු ඇත.

උපුටා ගැනීම - parenting.lk