Pages

Sunday, November 29, 2015

World Giving Index 2015 : Sri Lanka is Ranked 8th


According to the latest report of 2015 in the 'CAF' Index which categorises nations based on the quality of human generosity globalwise, Sri Lanka has gained 8th position among 145 countries in the world. This Index has been calculated on qualities such as hospitality, volunteer service and tendency towards monetary donations.

It is a special feature to note that the Buddhist country of Myanmar has been ranked in the first position in the Index this time. While America, Australia, England and the Netherlands have been placed within the second and seventh countries, Sri Lanka has been placed in the eighth position in the said Index.

This Index is being prepared annually by 'Charities Aid Foundation' International Organisation and the information provided by them is considered as important in utilising the information in the preparation of an Aid Programme in the world for various non-governmental organisations. It is mentioned in that report that 145 countries in the world have been subjected to a survey and approximately ninety-five percent of samples of the population of various countries have been represented. Eclipsing countries which could involve themselves in donations of wealth on a large scale, it has been mentioned in this Index that countries powerful in generosity on a religious and cultural foundation had ranked at the top of the Index. In accordance with this list, Sri Lankans have acquired the most number of plus points because she had come second in the quality of devoting their time on a volunteer-basis towards others. Where that quality is concerned, the first position goes to Myanmar.


























To read that report further, download from here:

දරුවකු උපත ලබන චක්‍රය


Wednesday, November 18, 2015

ශ්‍රී ලංකාවේ ද්විත්ව පුරවැසියන් 40,000ක්

ශ්‍රී ලංකාව ද්විත්ව පුරවැසි භාවය ලබා දීමට ආරම්භ කළ දිනයේ පටන් මේ දක්වා 40,000 කට ආසන්න පිරිසකට ශ්‍රී ලංකාවේ ද්විත්ව පුරවැසි භාවය ලබාදී ඇති බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පවසයි.

පසුගිය රජය සමයේ අත්හිටවා තිබූ ද්විත්ව පුරවැසි භාවය ලබාදීම නව රජය යටතේ අරම්භ කෙරුණු අතර 2,000කට ආසන්න පිරිසකට 2015.11.17 දින එම සහතික ලබා දුන්නේ ජනාධිපතිවරයා හා අගමැතිවරයා අතින්.

ශ්‍රී ලංකාවේ උපත ලබා එහෙත් විදේශ රටවල පදිංචියට ගොස් එහි පුරවැසි භාවය ලබාගැනීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ පුරවැසිභාවය අහෝසි වූ බොහෝ දෙනක් අද අරලිය ගහ මැදුරට පැමිණ සිටියෝය.

ඔස්ට්‍රේලියාවේ කලක් පදිංචිව සිට නැවත ශ්‍රී ලංකාවට පැමිණි නිට්ටඹුවේ පදිංචිව සිටින ඉනෝකා ප්‍රියදර්ශනිට පසුගිය වසර දෙකේදීම ශ්‍රී ලංකාවේ සිටිය හැකිවුයේ විදේශිකයෙකු ලෙසයි.

"වසර දෙකක් වෙනවා ලංකාවට ඇවිල්ලා, විසා අරගෙන හිටියේ, ගොඩක් සන්තෝසයි මේක ලබාදුන්නු එක ගැන, විසා එකෙන් ඉන්නකොට කිසිම අයතිවාසිකම් වත් නැහැ ඡන්ද බලය එහෙම" ඉනෝකා ප්‍රියදර්ශනි පැවසුවාය.

ලන්ඩන් නුවර පදිංචිව සිටින සෙනවි ජයන්ත කුමාර පැවසුවේ තමන් 2009 වසරේ සිට මෙම ද්විත්ව පුරවැසිභාවය ලබාගැනීමට උත්සාහ කල බවයි.

"2009 වසරේ 2011 වසරේ උත්සාහ කළා මේක ලබාදුන්නේ නැහැ, මෙවර ඒක ලබාදෙනවා කිව්වම මම තමයි මුලින්ම ගිහිල්ල ගත්තේ, මොකද මට ඕනේ ආපහු ලංකාවට ඇවිල්ල වැඩ කරන්න, මොකද මේක අපි ඉපදුන රට අපි ශ්‍රී ලාංකිකයෝ. මේ සඳහා මට රුපියල් ලක්ෂ දෙකහමාරක් වැය වුනා. බිරිඳට 50,000යි, ඒත් මේක ගොඩක් වටිනවා අපිට" ඔහු පැවසීය.

1983 වකවානුවේ ඇතිවූ අමිහිරි සිදුවීම් නිසා රටින් පිටවීමට තීරණය කළ යාපනේ සිටි කුමාරන් තංගරාජා පැවසුවේ වසර 20කට වඩා විදේශ ගතව සිටි තමා නැවත ශ්‍රී ලංකාවට පැමිණ සංවර්ධන කටයුතුවලට දායකවන බවයි.

එමෙන්, මහින්ද රාජපක්ෂ රජය යටතේ ද්විත්ව පුරවැසිභාවය ලබා දීම නවතා දැමීමට එක් ප්‍රධාන හේතුවක් වුයේ එල්ටීටීඊ සංවිධානයට සම්බන්ධ පිරිස් මෙය යොදාගෙන නැවත රට තුලට පැමිණිය හැකි බවට රජය දැරූ මතය නිසයි.

ආගමන විගමන පාලක එස් එන් රණසිංහගෙන් මේ පිළිබඳව විමසීමේ දී ඔහු පැවසුවේ ද්විත්ව පුරවැසිභාවය ලබාදෙන්නේ හොඳින් හොයා බලා පමණක් බවයි.

IS සංවිධානය: මේ කවුද?

ඉස්ලාමීය රාජ්‍ය සංවිධානය යනු අතිශය ප්‍රචණ්ඩකාරී ඉස්ලාමීය කැරලි කණ්ඩායමකි.

ඉංග්‍රීසි භාෂාවෙන් Islamic State යන නාමය කෙටි කර IS සංවිධානය නමින් ද හඳුන්වයි.

මේ වන විට සිරියාවේ සහ ඉරාකයේ විශාල ප්‍රදේශයක් මොවුන් ගේ පාලනයේ පවතින අතර එය ඉස්ලාමීය නීතිය යටතේ පාලනය වන රාජ්‍යයක් ලෙස IS සංවිධානය විසින් ප්‍රකාශයට පත් කරනු ලැබ තිබේ.

අබු බකර් අල් බග්දාදී ඉස්ලාමීය රාජ්‍ය සංවිධානයේ නායකයා යි.

ඔවුන්ට අවශ්‍ය කුමක්ද?

සියලුම මුස්ලිම්වරුන් ඔවුනට අවනත විය යුතු බව ඔවුන්ගේ නියෝගයයි.

දේශ සීමා ප්‍රතික්‍ෂේප කරමින් තම කලාපය ප්‍රසාරණය කර ගැනීමට ඉස්ලාමීය රාජ්‍ය සංවිධානය උත්සාහ කරයි.

සුන්නි ඉස්ලාම් නිකායට අයත් IS කැරලිකරුවෝ තමන් විසින් ම නිර්මාණය කර ගත් අන්තවාදී අනුවාදයක් අනුගමනය කරන අතර එය ඇදහීමට සුදානම් නැති උදවියට මරණය හිමි විය යුතු බව සලකති.

කෙතරම් ශක්තිමත්ද?

අතිශය කුරිරු ප්‍රචණ්ඩ ක්‍රියා මගින් සහ ප්‍රචාරක කටයුතු තුළින් IS සංවිධානය දැවැන්ත ප්‍රතිරූපයක් ප්‍රක්ෂේපණය කරයි.

මෙය ලෝකයේ පොහොසත් ම කැරලි කණ්ඩායම ලෙස සැලකෙයි.

සටන් කරුවෝ 30,000 ක් පමණ සිටින නමුත් ඇමරිකාව ප්‍රමුඛ ඒකාබද්ධ හමුදා මගින් දිනපතා බෝම්බ ප්‍රහාරයන්ට ලක් වෙමින් සිටිති.





Tuesday, November 17, 2015

මූණට කොඩිය දැමිල්ල

ප්‍රංශයේ පැරිස් නගරයට ත්‍රස්තවාදී ප්‍රහාරයක් එල්ල වෙලා. පහුගිය සතියේ ලොකු ලොකු ඈයෝ කනගාටුව ප්‍රකාශ කිරීමේ නිවේදන නිකුත් කරා. පොඩි පොඩි ඈයෝ ෆෙස්බුක් එකේ දෙපිළ බෙදිලා තමන්ගේ ප්‍රොපයිල් පිංතූරය වෙනස් කරන්න පටන් ගත්තා.සමහර පොඩි ඈයෝ ප්‍රංශයට සහය පළකරලා පාට පාට ප්‍රංශ කොඩියකට තමන්ගේ මූණ ඇතුළු කරලා.තවත් අය ලංකාවේ යුද්ධය තියෙන කාලෙවත් මෙහෙම කරේ නැති උන්ට මොන කැක්කුමක් කොහෙන් පාත්වුණාද කියලා ජාතික කොඩියට තමන්ගේ මූණ හයි කරලා තිබුණා.ඔන්න ඔහොම ප්‍රංශය වෙනුවෙන් මෙහේ ඈයෝ දෙපිළ බෙදෙනකොට අඹ ගහ යට පුංචලා පැංචිලාටත් මේකෙ රස්නය වැදුණා.

ගප්පි පුංචයි, වංශ පුංචයි දෙන්නම අඹ ගහ යටට ආවේ මූණ සිංහ කොඩියකින් පාටකරගෙන.ඒක දැකපු සුදු පුංචා ඈත තියාම හිනාවුණා.

“අම්මප ප්‍රංශෙට ගැහුවමත් මෙහෙ ජාතිකාභිමානේ කෙලින් වෙනවා සුදු පුංචා කින්ඩියක් දැම්මා.වංශ පුංචා, ගප්පි පුංචා දිහා බැලුවා.

“ලෝකෙ කොයි රටක කවුරු ත්‍රස්තවාදී කටයුත්තක් සිදුකෙරුවත් අපට අපේ රටේ ත්‍රස්තවාදය නැති කරපු ලොකු පුංචා අමතක කරන්න බෑ.ඒ හැම වෙලාවෙම අපට ලොකු පුංචා මතක් වෙනවා.වංශ පුංචා උඩු රැවුල යාම්තමට අතගාමින් කීවා.ඒ වෙලාවෙ දම් පුංචා හති දම දමා දුවගෙන ආවා.

“අර කෑල්ල වැටු‍‍ණෙ නෑනේ? දම්පුංචා වටපිට බල බල කියන්නේ දුකෙන් වගේ.

“මොන කෑල්ලද බන්?රතු පුංචා ඇහුවා.

“අයියෝ ඔය පුංචලා දන්නෙත් නෑනේ. මං මේ එන්නේ දකුණු මුහුදු කලාපෙ ඉඳලා.”

දම්පුංචා එහෙම කියද්දී අනෙක් පුංචලා පැංචිලා හැමෝටම සිද්ධිය මතක් වුණ. කොහෙද ඉතිං එක සිද්ධියක් වෙද්දි පරණ සිද්ධි අමතක වෙන එක අහන්නත් දෙයක්ද?

“ඇත්තටම ඒක වැටුණෙ නෑනේ.ඔය කියන්නේ අපේ ලෝකට ඇතුළු වෙද්දි ඉහළ ආකාශෙදිම ඔය ආකාශ වස්තුව පුපුරා දැවී ගියා කියලනේ. ඉතිං අපේ පුංචලා ඔය ගැන මොනවද කියන්නේ? සුදු පුංචා ඇහුවා.ලැබුණු ප්‍රකාශ මෙන්න මෙහෙමයි.

සිරිපුංචා- ඇත්තම කියනවනම් මං ඔය වගේ දෙයක් දැනගෙන හිටියෙ නෑ.කවුරුත් මාව දැනුවත් කළේ නෑ. වහාම ආරක්ෂක මණ්ඩලේ රැස්කරලා මේ ගැන තීන්දුවක් ගන්නවා.

ලොකු පුංචා-අපේ පාලනය තියෙන කාලේ මේ වගේ දෙයක් කීයටවත් සිද්ධවෙන්නේ නෑ.

කොළ පුංචා- අපි බොහෝම ප්‍රජාතාන්ත්‍රීය විදිහට සියලුම පිරිස් ඒකරාශි කරගෙන තමයි කටයුතු කරන්නේ.ගිය පාලන කාලේ වාගේ නෙවෙයි.ඉතිං මං සියලුම දෙනාට ආරාධනා කරනවා මේ අලුත් සංස්කෘතිය අරගෙන යන්න උදව් කරන්න.

වංශ පුංචා- ඉස්සර ලොකු පුංචා ඉඳිද්දි බටහිර රටවලට ඕනෑ විදිහට අධිරාජ්‍යවාදීන්ගේ පදවලට අපි නැටුවේ නෑ. ‍මොන ආකාශ වස්තුවක්වත් ඒ කාලෙ අපේ රටට ඇවිත් කඩා වැටෙන්න කල්පනා කළේ නෑ.

‍ෆොනි පුංචා- මොන කලවැද්ද ද ඕක අපේ රටට එව්වෙ.අපි මේවට විරුද්ධ වෙන්න ඕන.

රතු පුංචා- මෙතන පැහැදිලිවම අක්‍රමිකතාවක් වෙලා තියෙනවා.මේ ආකාශ වස්තුව වැටෙන්න නියමිතව තිබිලා වැටුණේ නැත්තේ ඇයි කියන එක බරපතළ සැකයක්. ආණ්ඩුව වහා ම මේ සම්බන්ධයෙන් තම ස්ථාවරය ප්‍රකාශ කළ යුතුයි.

අඹ ගහ යට සභාව නියෝජනය කරන තව තව පුංචලා බොහොමයකගේ මතය සුදු පුංචා විසින් විසින් විමසා ගොනුකර තිබුණත් ඒ ඔක්කොම කියන්න විදිහක් නෑ.මේ කතා බහ ඔය විදිහට ඇදිලා යද්දී ලෙබනන් වල තවත් විශාල පිරිසක් ඝාතනයට ලක්වෙලා. කෙන්යාවේ 147 මරාදාලා.ඉතිං ඒ සම්බන්ධයෙන් කොඩිය දාන්නෙ නැද්ද කියන ප්‍රශ්නය මතුවුණාම වංශ පුංචා මූණෙ තිබ්බ ජාතික කොඩිය ආයෙම දික්කරා.

“මේවා ඔක්කොම ෆැෂන්. ඒකනෙ අපි අපේකම තියාගෙන ජාතික කොඩිය විතරක් ඉස්සරහට දාන්නේ ගප්පි පුංචත්, වංශ පුංචාට ඇඟිල්ලෙන් අනින ගමන් කීවා.වංශ පුංචා පපුව කෙලින් තියාගෙන ඉස්සරහ බලාගෙන හිටියා.අබරං සීයා ඒ වෙලාවෙ හැරමිටිය ඇන ඇන එතෙන්ට කිට්ටුවුණා.

“ලෝකයේ කොහෙ වුණත් මිනී මැරීම ‍මෝස්තරයක් නොවී ඒකට විරුද්ධවීම මෝස්තරයක් වුණාට කමක් නෑ. ඒක මානුෂීයයි නොවැ. අනික ලෝකෙ කොහේ හරි රටක මිනී මැරීම විරුද්ධව කොඩිය දාන අය මෙහේ මිනී මැරුම්වලට කොඩිය නොදැම්ම එක‍ට දුක්වෙන්නවත්, විරුද්ධ වෙන්නවත් කාරි නෑ.කොහොමත් හොඳ හොඳ මෝස්තර මොක වුණත් ඒරොප්පෙන් ආව ඒව තමයි.”

පුංචලා පැංචිලා උඩබිම බලන්න වුණා. වංශ පුංචයි, ගප්පි පුංචයි බිලබලාගත්තා.බලන්ගියාම ඇත්ත නොවැ.ඉතිං තව මොනව කියන්නද?අඹ ගහ යට කතා බහ එතැනින් නිමාවුණා.

හිච්චි බුවා

The peerless Bhikkhu

Ven. Maduluwawe Sobitha Thera. The name says it all. All over the island, there was only one name on everyone’s lips this week. There was not a soul who did not shed a tear at the thought that Most Ven. Maduluwawe Sobitha Thera is no more in our midst.

As I joined the thousands who came from all walks of life – and from all parts of the island – to pay last respects to the Ven. Sobitha Thera on Wednesday night at the Naga Viharaya in Kotte, I realised just how much this erudite Bhikkhu has touched our hearts. In the queue, we were all one – Sinhala, Tamil and Muslim; Buddhist, Hindu, Muslim and Christian. In fact, every single temple, church, mosque and kovil in the country displayed a yellow flag, signifying his message of unity. Almost all houses and business establishments had a yellow flag, regardless of ethnicity and religion. As in life, he had brought the country together in his death. Everyone was whispering the name of Ven. Sobitha in utter reverence, for no other Buddhist monk had done so much for the Sasana and the country in recent memory.

It would not be incorrect to say that Ven. Sobitha Thera was the main catalyst of the massive socio-political transformation witnessed in the country this year. By spearheading the National Movement for a Just Society, he galvanized all right thinking social and political forces under one theme, one banner to effectively change the course of history.

One might even say that recent history was ‘his story’. He brought all Sri Lankans together in this noble mission. He appealed to everyone from young and old, educated and uneducated and rich and poor. His was a noble voice that everyone – from those in the echelons of power to the ordinary man on the street - listened to with utmost reverence.

Unity was the core of his message. On this point, he trod exactly on the path chosen by the Buddha whose timeless words echoed that very message of unity and brotherhood. He not only stood for unity among those from different religions and ethnicities, but also called for unity among various groups in society such as political parties, trade unions, professional bodies and artistes. This, he said, was the only way to oppose and defeat the forces of communalism and extremism.

Undeterred and fearless

Even the Buddha had enemies and detractors. Ven. Sobitha Thera was no exception to this norm. There were certain elements which strove to disrupt his campaign for social justice, who began way back when he was in the university. However, Ven. Sobitha Thera was undeterred by these formidable challenges and fearlessly continued his struggle along with a few like-minded Bhikkhus and lay persons until most, if not all, of the expectations of the masses could be achieved. Right up to the time he fell ill, he continued to raise his voice at certain shortcomings and injustices, which he felt could undermine the people’s victory gained earlier this year. He never belonged to or worked for any political party, but he was far more influential in that sphere than most politicians themselves.

There is so much focus on his work in the social justice and political arena, that it is all too easy to overlook the yeoman service he rendered to the Buddha Sasana itself. Having been ordained at the tender age of 11, he went around the country espousing the Buddha’s words for more than 60 years. He was one of the best Dhamma preachers in the country, having a remarkable ability to explain even the deepest tenets and concepts of Buddhism in very simple Sinhala that everyone could understand. People flocked to Naga Viharaya (of which he was Chief incumbent) and wherever he held Dhamma sermons, because one could learn a lot about the Buddhist way of life in just 60 minutes by listening to his sermons. In fact, many non-Buddhists regularly listened to his bana as they were applicable to all.

His sermons and other speeches often contained a strong message against alcoholism and drug abuse. Right up to his untimely death, this is one campaign, one struggle that he did not give up. He exerted pressure on the governments of the day to take action against alcoholism and drug abuse and he was instrumental in bringing some of the laws regarding the same. He used the radio and TV to show the dangers of these twin evils.

Tireless campaign against corruption

He waged a lone – and long – battle against another cancer that tainted our society – corruption. During the recent parliamentary elections campaign, he urged the people not to cast their vote for individuals associated with corruption. He earned the wrath of certain politicians in this process, but he did not give up his tireless campaign against fraud and corruption.

In his long years of social advocacy, there were many attempts by interested parties to win him over by various means, but all these attempts came to naught because the Ven. Thera was the epitome of self-righteousness. He could not be influenced in any way to change his cherished beliefs and opinions.

A unique leader

One of those ideals cherished by the Ven. Thera was democracy itself. He spoke against the dictatorial tendencies of all governments and insisted on working to ensure that democracy flourished. Individuals did not matter to him, but democracy did matter to him. He defended democracy and pluralism at every forum he attended and actively worked to create such democratic societies. Even his bitterest critics often conceded that the Ven. Thera’s commitment to democracy was unwavering and unflappable. He always envisaged a just society for the country, in which democracy plays a major part.

Ven. Sobitha Thera was a leader of a unique calibre. Here was someone you could completely trust, calling for change in the way we are governed. His was a voice of reason that one could not argue with.

His sagacity and tenacity were beyond comparison. His commitment to the cause of Mother Lanka could never be questioned or doubted. He did not accept any riches or compliments that came his way and whatever good he did, the thought of getting something back never even occurred to him. He was altruistic to a fault in that sense. Unfortunately, he cared little for his own health as he was always busy thinking of what more he could do for the country.

It is also somewhat unfortunate that he did not have time to put his thoughts on paper in a formal way to write a memoir or similar book, but thanks to television and print media we have an extensive treasure trove of his ideas for a unified, prosperous and democratic Sri Lanka.

These must be saved for posterity – generations hence must come to know and revere this great Bhikku who revitalized our whole nation.

The greatest tribute that all Sri Lankans can pay this incomparable Bhikkhu is to strive to achieve the very Just Society, unity and prosperity he envisaged and advocated. We should follow in his footsteps in accordance with the Buddha Dhamma to make our lives more pious and righteous.

May the Ven. Maduluwawe Sobitha Thera attain the Supreme Bliss of Nibbana.

ලොව ප්‍රංශයට සහාය පළ කරයි

නොවැම්බර් 13 වැනි සිකුරාදා පැරීසියේ සිදුවූ ත‍්‍රස්ත ප‍්‍රහාරයෙන් පසු ලෝකයේ බොහෝ රටවල් කනගාටුව පළ කරමින් ප‍්‍රංශයට සහාය දක්වන ප‍්‍රකාශ ඒ ඒ රටවල රාජ්‍ය නායකයන් විසින් කර තිබිනි.ශ්‍රි්‍ ලංකාවල ඇමෙරිකාව, ජර්මනිය, එංගලන්තය, ඕස්ටේ‍්‍රලියාව, බ‍්‍රසීලය, ඊශ්‍රාලය, පෝලන්තය, බෙල්ජියම, ජේරුසෙලම, නොර්වේ, මැසඩෝනියාව, තායිවානය, කැනඩාව, ලාස්වෙගාස්, ස්වීඩනය ඇතුලූ බොහෝමයක් රටවල් ඒ අතර වේ. ප‍්‍රංශ ධජයේ ඇති නිල් සුදු රතු වර්ණ වලින් බොහෝ රටවල සුප‍්‍රසිද්ධ ස්ථාන වර්ණවත් කොට තිබිණ.



Tuesday, November 10, 2015

ආදරයේ රසායනය - පේ‍්‍රමයෙහි පවතින්න

පළමු දසුනින් යමෙකු කෙරෙහි ආසක්ත වීම හදවතෙන් උපදින ප‍්‍රබල හැඟීමක් විදියට අපි දකිනවා. රෝමියෝට සහ ජුලියට්ට, සාලියට සහ අශෝකමාලාට වගේම ජැක්ට සහ රෝස්ට මුහුණදෙන්නට සිදුවුණ සිදුවීම් දාමයන් කියැවීමෙන් අපි එයට ආදරය කියලා කියනවා.

එය පොදු අත්දැකීමක් බව හැෙඟනවා. එහෙත්, රොමැන්තිකත්වය මඳකට පසෙකින් තබා විදු ඇසකින් බලද්දී ඉතා සුන්දරයැයි ඔබටත් මටත් හැඟුන බොහෝ සංසිද්ධීන්වලට හේතුව ජෛවවිද්‍යාත්මක වශයෙන් මානව වර්ගයාගේ පැවැත්ම සහ උන්නතිය තහවුරු කිරීම පමණක්ම බව අපට අවබෝධ වෙනවා.

ආදරය කියන මූලික ක‍්‍රියාවලිය උප කොටස් තුනකට බෙදා දක්වන්නට පුළුවන්. ඒ තමයි, ලිංගික වශයෙන් ආසක්ත වීම, රොමෑන්තික ආදරය සහ දිගුකාලීන බැඳීම.

ලිංගිකව ආසක්ත වීම ආදර ක‍්‍රියාදාමයේ පළමු පියවරයි. මේ පියවරේදී ‘පෙළඹවීමේ පණිවුඩ‘ සන්නිවේදනය කරන්නේ ටෙස්ටොස් ටෙරොන් සහ ඊස්ට‍්‍රජන් හෝමෝන මගින්. පරසිදු මානවවිද්‍යාඥ හෙලන් ෆිසර්ගේ (Helen Fisher) පර්යේෂණයන්ට අනුව අනාවරණය වී ඇත්තේ සහකරුවන් අතර ඉහත කී හෝමෝන මට්ටම් එකිනෙකාට අනුපූරකව ක‍්‍රියාත්මකවන බවයි. අධිටෙස්ටොස්ටෙරොන් මට්ටමක් සහිත පුරුෂයෙක්, පළමු දසුනෙන්ම ආසක්ත වන්නේ අධිඊස්ට‍්‍රජන් මට්ටමක් සහිත කාන්තාවකට වීම මෙයට කදිම නිදසුනක්. එක සමාන බුද්ධි මට්ටම, කලාවට ඇති සමාන නැඹුරුව, කැපී පෙනෙන රූසපුවකින් යුතු වීම වැනි සුවිශේෂී ලක්ෂණවටල අවධානය යොමු වීමයි සාමාන්‍ය තත්වය. පිරිමින්ගේ දෘෂ්ටිය ස්ත‍්‍රීන්ට සාපේක්ෂව වඩා තියුණු වීම නිසා ලිංගික ආසක්ත වීම අතින් ඉදිරියෙන් ඉන්නේ පුරුෂයන්. බොහෝවිට පළමුව ආදරය ප‍්‍රකාශ කරන්නේ පුරුෂයන් වීම මෙහි ප‍්‍රතිඵලයක් වන්නටත් පුළුවන්. ඒ වගේම, මනා රූ සපුවක් ඇත්තියන්ට ‘ඉල්ලූම’ වැඩි වෙන්නේත් මේ නිසායි.

ආසක්ත වීමෙන් පසුව එළැඹෙන්නේ රොමෑන්තික ආදර අවධියයි, මේ කාලපරාසය තුළ ඔබේ මොළය සහ ස්නායු පද්ධතිය මඳක් විසුළු සහ උමතු හැසිරීම් දක්වන්නට පටන් ගන්නවා. එයට වගකිව යුත්තේ රොමැන්තික ආදර අවධියේදී ස‍්‍රාවය කෙරෙන ඇඩි‍්‍රනලින්, ඩොෆමයින් සහ සෙරොටොනින් යන ස්නායු සම්පේ‍්‍රෂක හෝමෝන ත‍්‍රිත්වය.

තෙත්වූ අත්ලැ’තිව සහ වේගයෙන් ගැහෙන හදැ’තිව, වියැළී ගිය මුවෙන් යුතුව පෙම්වතා හෝ පෙම්වතිය හමුවට යන්නට කවරදාක හෝ ඔබට සිදුවුණාද? එයට චූදිතයා වෙන කවරෙකුවත් නොවෙයි, අධිවෘක්ක මජ්ජාවෙන් ස‍්‍රාවය වෙන ඇඩි‍්‍රනලින් හෝමෝනය. රුධිරගත ඇඩි‍්‍රනලින් සහ කෝටිසෝල් හෝමෝන සාන්ද්‍රණ ඉහළයෑමත් සමගම ඔබෙන් ආතති ලක්ෂණ විද්‍යමාන වෙනවා. හදගැස්ම ඉහළ නැගීමත්, රුධිර ගලනය වේගවත් වීමෙන් කන්පෙති සහ දෙකම්මුල් රත්පැහැ ගැනීමත්, මුව වියැළී අත්ල මත දහදිය බින්දු නැගීමත් සිදුවන්නේ ඒ නිසායි. ආදරය ප‍්‍රකාශ කරන්නටම ගොස්, රත්වූ මුහුණෙන් යුතුව ආපසු හැරී දිව එන යොවුන් පෙම්වතුන්ට එහෙම වෙන්නේ් අධික ඇඩි‍්‍රනලින් ස‍්‍රාවය නිසයි.

දකින දකින තැන ආදරවන්තයාගේ රූපය දිස්වීම, කටහඬ ඇසෙන්නට ගැනීම, නිරන්තර දවල් සිහින දැකීම බොලිවුඞ් සිනමා කෘති තුළ උලූප්පා දක්වන මායාවක් පමණක්ද? ජෛවරසායන විද්‍යාවට අනුව නම් එය හුදෙක් සාහිත්‍ය නිර්මාණයන්ට සීමා වූ සංසිද්ධියක් නොවෙයි. රුධිරගත සෙරොටොනින් සාන්ද්‍රණය අඩුවීම නිසා දවල් සිහින දැකීමත්, මනඃකල්පිත මායාමය රූප පෙනීමත්, ශබ්ද ඇසීමත් උත්තේජනය වෙනවා.

ආහාර ගන්නත්, නිදාගන්නත් ඇති වුවමනාව යටපත් වීමත් හේතුවෙන් නොකා නොබී ආදරය වෙනුවෙන් කට්ට කන පෙම්වතුත් දැකීම අරුමයක් නෙමෙයි. රොමැන්තික ආදර අවධියේදී ස‍්‍රාවය වෙන ඩොෆමයින් රසායනිකය හේතුවෙන් අධික ප‍්‍රීතිමත් හැඟීමක් සහ හදවත සැහැල්ලූවෙන් පිරුණු ගතියක් දැනෙන්නට ගන්නවා. මේ තත්ත්වය කොකේන් වැනි මත්ද්‍රව්‍ය පරිහරණය කළ පසු ඇතිවෙන තීව‍්‍ර ප‍්‍රහර්ෂයට සමානයි. ඩොෆමයින්වල බලපෑම යටතේ ඇසේ කණීනිකාව විශාලනය වෙනවා. පෙමෙන් වෙලී ඉන්නා අලූත් පෙම්වතුන්ගේ දෑස්වල දකින්නට ලැබෙන දිලිසීමට වගකිව යුත්තේ ඩොෆමයින් රසායනිකයයි.

ඉහත කී හෝමෝන ත‍්‍රිත්වයේ බලපෑම යටතේ අලූත් පෙම්වතුන් එකිනෙකාගේ යහපත් ලක්ෂණ විශාලනය කොට දැක්වීමත්, අයහපත් ලක්ෂණ නොසලකාහැරීමත් සිදුවෙනවා. එහි ප‍්‍රතිඵලයක් ලෙස රොමැන්තික ආදර අවධියේදී සියලූම දේ වඩවඩාත් සුන්දරව සහ යහපත්ව දැන්නෙන්නට ගන්නවා. එය රෝස වර්ණකෘත කණ්ණාඩියක් තුළින් එකිනෙකා දෙස බැලීමට සමානයි. බොහෝවිට මිතුරන්ගෙන් ඈත්වී සහකරුවා/සහකාරිය වෙත වඩවඩාත් ළංවීමත් මෙහි ප‍්‍රතිඵලයක්.

කාලයත් සමග ඉහත කී පාට කණ්ණාඩිය මඳින් මඳ දුර්වර්ණ වෙන්නට ගන්නවා. ඇඩි‍්‍රනලින් ඩොෆමයින් සහ සෙරො ටොනින් සාන්ද්‍රණයන් යථා තත්ත්වයට පත්වීම නිසා තවදුරටත් පෙර තිබූ උද්‍යොගය පවත්වාගැනීම අපහසු වෙනවා. විශාලනය වූ යහපත් ලක්ෂණ මඳින් මඳ හැකිළෙන්නට ගන්නවා. නොගිනිය හැකි තරම්යැයි කියමින් අමතක කර දැමූ අඩුපාඩු හිටිවනම නිතර නිතර මතුවී පෙනෙන්නට ගන්නවා.

ඉතින්, බොහොමයක් පෙම් සබඳතා ‘රොමැන්තික ආදර’ අවධිය පසු කිරීමත් සමග බිඳවැටී විසිරී යනවා. තුන්වැනි පියවරට අවතීරණය වන්නට තරම් වාසනාවන්ත වන්නේ එහෙමත් කෙනෙක්.

ආදරයේ අවසන් පියවර වන්නේ ‘දිගුකාලීනඅනුරාගය’යි. යුවලකට දරුවන් හැදීමටත්, වැඞීමටත්, පවුල් සංස්ථාව නොවිසිරෙන ලෙස එක්ව පවත්වා ගැනීමටත් උපකාරී වන ආකර්ෂණය සහ බැඳීම ඇතිකරන්නේ මෙකී ‘දිගුකාලීන අනුරාගය’ මගින්.

දිගුකාලීන අනුරාගික අවධියේදී ප‍්‍රමුඛත්වය ගන්නා ප‍්‍රධාන හෝමෝන ද්විත්වයක් තිබෙනවා. ඒ ඔක්සිටොසින් සහ වෙසොප්‍රෙසින්.

ඔක්සිටොසින්, සුර තාන්තයේදී ස්ත‍්‍රී පුරුෂ දෙපාර්ශ්වයෙන්ම ස‍්‍රාවයවන ප‍්‍රබල හෝමෝනයක්. වෛද්‍ය විද්‍යාවේදී ‘තුරුලූ කරගැනීමේ හෝමෝනය‘ (cuddle hormone) නමින් හැඳින්වෙන ඔක්සිටොසින්, ආලිංගනය සහ තදින් වැළඳ ගැනීමට පෙළඹවීම ඔස්සේ වඩා ගැඹුරු බැඳීමක් ඇතිකරනවා. එබැවින් යුවලක් ලිංගිකව එක්වෙන වාර ගණන වැඩි වෙනවිට, ඔක්සිටොසින් මගින් උද්දීපනය කෙරෙන ගැඹුරු ආලිංගනයන් ඉහළ යන්නේ නිරායාසයෙන්. එමගින් සුරක්ෂිතභාවය ගැන විශ්වාසයක් ඇති කෙරෙනවා.

වෙසොප්‍රෙසින් හෙවත් ප‍්‍රතිමුත‍්‍රකර හෝමෝනය (anti-diuretic hormone) මගින් ‘දිගුකාලීන අනුරාගය’ එක් සුවිශේෂී සහකරුවෙක් සඳහා පමණක් සීමා කරවීම සිදුවෙනවා. මෙම හෝමෝනය ස‍්‍රාවය වන්නේත් ලිංගික එක්වීමකින් පසුවයි. සිය සහකරුවාව දිවි පරදුවට තබා රැුකගැනීමත්, සහකරුවාට විරුද්ධ ලිංගිකයන්ගේ ආකර්ෂණය ලැබෙන අවස්ථාවන්හිදී මඳ වශයෙන් ඊර්ෂ්‍යාභරිතවීමත් කෙරෙහි වගකිව යුත්තේ මෙම හෝමෝනයේ ක‍්‍රියාකාරිත්වයයි.

මේ පියවර තුන, අනුපිළිවෙලින් සිදුවිය යුත්තේ මානව වර්ගයා පරිණාම සටනෙන් පරාජය වෙන්නට නොදී ආරක්ෂා කරගන්නයි. ලිංගික ආසක්තභාවය මගින් සුදුසු සහකරුවෙක් සොයා ගැනීම කෙරෙහි මානවයා පොළඹවන අතර, රොමැන්තික ආදර අවධිය මගින් එක්වරකට එක් නිශ්චිත සහකරුවෙක් වෙත අවධානය කේන්ද්‍රගත කිරීමෙන් අනවශ්‍ය පරිදි ශක්ති හානියත්, කාලය අපතේ හැරීමත් සීමා කෙරෙනවා. දිගුකාලීන අනුරාගය මගින් ළපැටියන් බිහිකිරීමත්, ශක්තිමත් පවුල් සබඳතාවක් ඔස්සේ දරුවන් වැඞීම ආරක්ෂිතව සිදුවෙනබව තහවුරු කිරීමත් සිදුවෙනවා.

ඉතින්, අපි එයට ආදරය යැයි කියමින්, අතිශය රොමැන්තික හැඟීමෙන් මඬනා ලදුව, මිහිපිට ඇති සුන්දරම සබඳතාව ඇත්තේ තමන් සතුව බව තරයේ අදහනවා. ඒ වුණාට ඒ සුවිශේෂී සබඳතා සියල්ලම, ඉතා සරලව සහ සියුම්ව, එකිනෙකට ඉතා සමාන සැකිලි මත තමතමන්ට ආවේණික වර්ණයෙන් සව්කොළ අලවාගත් සරුංගල් වන්ව සොබාදහම නමැති සියුම් හුයෙන් බැඳී, මානව පරිණාමය සඳහා දායක වෙමින් පවතිනවා.

ඒ වුණාට තවමත් අපි ඒ හැඟීම ආදරය යැයි හඳුන්වනවා. සැකිල්ල එක හා සමාන බව දැන දැනම, අපි සරුංගලයේ වර්ණවත් සව්කොළ රටාවට වසඟ වෙනවා. පේ‍්‍රමයෙහි පවතින්න ඕනෑ. ජීවත්වෙනවා කියන්නේ ඒකටයි.

Monday, November 02, 2015

වෘතිය ජීවිතය ද? මිනිස් ජීවිතය ද? -පින්තුරයක කතාව

"මම දැඩි මානසික ආතතියකින් පෙළෙනවා . ගෙවල් කුලී ගෙවා ගන්න සල්ලි නෑ . ගත්ත ණය ගෙවාගන්න ක්‍රමයක් නෑ . දරුවෙකුට උදව් කරන්න විදිහක් නෑ . සල්ලි ..සල්ලි ..සල්ලි . අන්ත අසරණ වූ දරුවෙකු බේරා නොගැනීමේ වරදකාරී හැඟීමත් , කොකා මත අත තබා ගත් උමතු මිනිසෙකුගේ දර්ශනයත් , මළ මිනිසෙකු යලි මරා දැමීමේ මතකයත් ,, කෝපය හා වේදනාවත් , පොලිසියත් , අලුගෝසුවාත් මා වටා හොල්මන් කරනවා . මම යනවා ..මම වාසනාවන්තයෙකු නම් කෙන් සමග එක වීමට අවස්තාව ලැබේවි "

මේ කෙටි සටහන තබන්නේ දකුණු අප්‍රිකානු ජාතික වෘත්තිය චායාරුපශිල්පියෙකු වූ කෙවින් කාටර් සිය දිවි නසා ගැනීමට මොහොතකට පෙරය.

1960 සැප්තැම්බර් 13 වන දා ඉපිද 1994 ජුලි මස 27 වෙනිදා ඔහු මෙලොවින් සමුගන්නා විට වසර 34 ක තරුණයෙකි. තමාගේ ජීවිතයට කිසිදු සම්බන්ධයක් නැති සුඩාන ජාතික දැරියක් නිසා දැඩි චිත්ත සන්තාපයට පත් වූ අයෙකි. 1994 දී ලෝකයේ හොඳම වාර්තාමය චාරුපයට හිමි පුලිට්සර් සම්මානයට භාජනය වූ යේ සුඩාන සරණාගත කඳවුරකදී ගන්නා ලද චායාරුපය හේතුවෙනි.
සුඩානයේ යෝඩ් නගරයේ පිහිටි යුද්ධමය හා වාර්ගික ගැටුම් වලට මැදි වූ මිනිසුන් ගෙන් පිරී ගිය කඳවුර තුල ඔහු විවිධ චායාරුප ගනිමින් සිටියේය. එක්තරා අවස්තාවක මන්දපෝෂණයෙන් පෙළෙමින් සිටි කුඩා දියණියක් එක්සත් ජාතීන්ගේ ආහාර වැඩසටහන ක්‍රියාත්මක කරන මධ්‍යස්ථානයට ඉතා අසීරුවෙන් ගමන් කරන ආකාරයක් ඔහු දිටිය. එම දැරිය ගමන් කරන අවස්ථාවේ ඇය පිටුපසින් මිනිමස් බුදින ගිජු ලිහිනියක වැසුවාය. එහෙත් කෙවින් කාටර් තම වෘතිය මිනිස් ජීවිතයට වඩා සලකමින් එම දැරියගේ චායාරුප ගෙන තිබුණි.

දැරිය ගොදුරු කරගැනීමට පැමිණි ගිජු ලිහිණියා එලවා දැමීම වෙනුවට ඔහු සම්බන්දවී සිටින ලෝක ප්‍රසිද්ධ මාධ්‍ය ආයතනවල මුල් පිටුව සැරසීමට ඔහු දී තිබුනේ ප්‍රමුඛස්තානයකි.
මෙම චායාරුපය එම වර්ෂයේ මාර්තු මස 26 වනදා නිව් යෝර්ක් ටයිම් පුවත් පතේ පලවී සුළු මොහොතකින් දුරකථන ඇමතුම් දහස් ගණනක් එම පුවත්පත් කන්තෝරුවට ගලා ආවේ එම දැරියට සිදු වූ දේ විමසමින්ය. එහෙත් කිසිවෙකුට පිළිතුරු දීමට තරම් සිතට හෝ ගතට සවියක් නොතිබුණි. ධනවාදය විසින් මිනිස් කම් සිඳ බිඳ දමන්නේ එලෙසය. මෙම සිදු වීම ලොව පුරා දැඩි විවේචනයට ලක් විය. මෙම චායාරුපය ගැනීමට සීරු මාරු කල තැනැත්තා ඒ කුසගින්නෙන් පෙලෙන දැරිය ගොදුරු කර ගැනීමට කුරුමානම් අල්ලන තවත් ගිජු ලිහිණියෙක් පමණි " යනුවෙන් ටයිම් සඟරාවේ සඳහන් කර තිබුණි.