Pages

Sunday, July 20, 2014

හොඳ NANNY කෙනෙක් තෝරා ගමු

රැකියාවක නිරත වන කාර්යබහුල අම්මා කෙනකුට තනියම බබාගේ වගකීම දරන්න බැහැ. ඒ වගේ වෙලාවට නැනී කෙනෙක්ගේ උදවු අවශ්‍ය වෙනවා. ඒත් නැනී කෙනෙක් තෝරාගන්න එක හිතුමතේට කරන්න බැහැ.

හොඳ මානසික සෞඛ්‍යයකින් යුතුවීම

නැනී කෙනෙක් හොඳ මානසික සෞඛ්‍යයකින් යුතු කෙනෙක් වෙන්න ඕන. දරුවට අනතුරක්, රිදවීමක් නොකර එයාව බලා ගන්න තරම් එයාගේ මානසිකත්වය සංවර්ධනය වීම ඉතාම වැදගත්.

ලෙඩ රෝගවලින් තොරවීම

නැනී කෙනෙක් ලෙඩ රෝගවලින් තොරවීම ඉතාම වැදගත්. නැත්නම් බබාට විවිධ කුෂ්ඨ, සරම්ප ආදිය බෝවෙන්න පුළුවන්.
ඒ වගේම හදවත් රෝග, රුධිර පීඩනය, ඇදුම, වලිප්පුව වගේ රෝගවලින් තොර කෙනෙක් වීමත් වැදගත්. නමුත් ඒ වගේ රෝග තිබෙනවා නම් ඒ සඳහා අවශ්‍ය ප්‍රතිකාර ලබාදීමත් ඉතාම වැදගත්.

පිරිසුදුකම

නැනී තමයි බබා ළඟ නිතරම ඉන්නේ. ඒ නිසා එයාගේ පිරිසුදුකම ඉතාම වැදගත්. නියපොතු කපල, දත් මැදලා, පිරිසිදුවට ඇඳපු කෙනෙක් විය යුතුයි.
ඒ වගේම වැසිකිළි ගිහින් සබන් දාලා අත සෝදන එකත් අනිවාර්යයි.

දරුවා පිළිබඳ අවධානය

දරුවා පිළිබඳ දක්වන අවධානයත් ඉතාම වැදගත්. දරුවා යන්නේ කොහෙද? එයා මොනවා හරි අහුලලා කටට දාගන්නවද? තුවාල කරගන්නවද? විවිධ ආයුධ වගේ දේවල් අරගෙන සෙල්ලම් කරනවාද කියලා හොයලා බැලීමට ඇයට හොඳ අවධාන ශක්තියක් තිබිය යුතුයි.

හොඳ පෙනීම

හොඳ පෙනීමක් වගේම හොඳින් කන් ඇහෙන කෙනෙක් වෙන්න ඕන. බබාගේ බත් එකේ ගලක් වුණත් තිබ්බාම එයාට ඒක අඳුනගන්න පුළුවන් වෙන්න ඕන.ඒ වගේම බබා මොනවා හරි ඉල්ලුවාම ඒක ඇහෙන, බබා නින්දෙන් ඇහැරිලා හඬද්දි ඒ සද්දෙ ඇහෙන කෙනෙක් වීමත් වැදගත්.

නැනී කෙනෙකුට බබා බාරදීලා යන අම්මා කෙනෙක් වුණත් නැනී ගැන වඩාත් සැලකිලිමත් වීම ඉතාම වැදගත්. බබාව නාවන්නේ නැනී නම් බබා එයාට පුරුද වෙනකල් තනියම බබාව නාවන්න දෙන්න එපා.

ආයෙමත් එන්න එපා ඔබ මගේ ලොවට

වැටෙනකොට කඳුලු කැට අහුලන්න ඔබ එන්න කමක් නැ

නොඅාවත් තරහා නෑ

කිසිදිනක පෙම් කෙරු හදවතට

දුක් දුන්නෙ ඔබෙ හොඳට

රවටන්න සිත් නොදුනි

එය වරදක්ද මම කෙරැ

මට මමත් නැති කලක

ඔබ ගැනත් සිතනු කෙලෙස

මම අයිති කෙනෙක් නැත

කිසි දිනක යා නොහැකි දුර

මිතුරැකමත් එපා යයි කියා

ඔබ ගියා යන්නටම

දුක් නොදි දුරස්වන්නට සිතු පැතුම් ඉටුවන්න

ආයෙමත් එන්න එපා ඔබ මගේ ලොවට………..

බියර් බොමු

සාමාන්‍යයෙන් අපිට නිතරම අහන්න දකින්න ලැබෙන්නේ ශරීරයට හිතකර දේ කනන බොන්න කියලයි. මේ සඳහා බොහෝ දෙදෙනෙක් සඳහන් කරන්නේ එළවලු පලතුරු ආහාරයට ගැනීමගැන.
නමුත් බියර් වර්ග පානය කිරීම හරහාත් ශරීරයට පෝෂණය ලබාගැනීමට හා ලෙඩ රෝගවලින් මිදීමට හැකියාව ලැබෙන බව කිව්වොත් ඔබ නිසැක වම පුදුමයට පත්වේවි. වාර්තාවෙන ආකාරයට බියර් වර්ග පානය කිරීමෙන් ශරීරයට වැඩි ප්‍රතිලාබ රැසක්ලබාගත හැකියි.
මේ පිලිබඳ සිදු කල පරීක්ෂණයන්ට අනුව හෙළි වී ඇත්තේ අකාලයේ සිදුවන කායික හාමානසික පිරිහීම් නැති කරන්න, බර අඩු කිරීම හා හෝමෝන තත්වය පාලනය කිරීමවැනි ප්‍රතිලාබ රැසක් බියර් මගින් ලබාගත හැකි බවයි. නමුත් වැදගත් කරුණක්ලෙස පවතින්නේ එය පමණ ඉක්මවා ගැනීමෙන් වැළකී සිටීමයි.
ඔස්ට්‍රියා සෞඛ්‍යආයතනයේ වෛද්‍ය Stephan Domenig පවසන්නේ බියර් වල තිබෙන පෝෂණ කොටස් පිලිබඳදැන ගතහොත් ඔබ පුදුම වනු ඇති බවයි. ඒ වගේම ඔහු සඳහන් කරන ආකාරයට මෙහිශරීරයට හිතකර වගේම අහිතකර ඇමයිනෝ අම්ල අඩංගු වෙනවා.
ඒවගේම මෙහි ඛනිජවර්ග වන පොස්පරස්, අයඩින්, මැග්නීසියම් හා පොටෑසියම්ද අඩංගු වන බව පැවසේ.බියර් කැල්සියම් වලින්ද අනුන පානයක්. බොහෝදෙනා දන්නා ආකාරයට කැල්සියම්කියන්නේ ශරීරයේ අස්ථි වර්දනයට ඉතා හොඳ පෝෂකයක්.
2009 වසරේ ඇමරිකාවේ Tufts University පැවැත්වූ පරීක්ෂණයකින් හෙළි වී ඇත්තේ බියර් මදවශයෙන්පාවිච්චියෙන් කැල්සියම් වැඩිවීමෙන් ඇතිවන ආබාධ වලින් ඔබේ අස්ථි ආරක්ෂා කරනබවයි .
Vicki Edgson නම් පෝෂණවේදියා පවසන ආකාරයට ටික කාලයකට ප්‍රථම Guinness නම් බියර් වර්ගය එහි පවතින අධික විටමින් B ප්‍රමාණය හේතුවෙන්ගැබිණි මව්වරුන්ට පවා නියමකර තිබූ බවයි. අද කාලයේ මව්වරුන් සඳහා මද්‍යසාරනිර්දේශ නොකලත් අනිත් මිනිසුන්ට එහි ප්‍රතිලාබ අත්විඳිය හැකියි.
බියර්විටමින් වලින් පොහොසත් වගේම සීනි ප්‍රමාණයත් ඉතා අඩුයි. එය ස්ථුල භාවයපාලනයට හා දියවැඩිය පාලනයට සහයවෙනවා. පසුගිය වසරේ බියර් පිලිබඳ විද්‍යාත්මකපරීක්ෂණයක් පැවැත්වූ වෛද්‍ය Kathryn O’Sullivan මේ පිලිබඳ පවසන්නේ විවිධ පැණි බීම වර්ග හා සංසන්දනය කිරීමේදී බියර් මගින් ලේවලට එකතුවන සිනිප්‍රමාණය ඉතා අඩු බවයි. ඒවගේම බියර් වල 93%ක් ජලය අඩංගු නිසා ශරීරය විජලනයවීම මගහරවා ගැනීමට මෙය ඉතා හොඳ බවයි.
එමෙන්ම 2008 වසරේදී journal Food And Chemical Toxicology හි පළවූ වාර්තාවකට අනුව බියර් වල අඩංගු සිලිකන්මගින් ජීරණ පද්ධතියට ඇලුමිනියම් අවශෝෂනය පාලනය කරනු ලබනවා. එමෙන්ම ශරීරයේහා මොලයේ පටකවල ලෝහ තැන්පත් වීමද මෙමගින් පාලනය කරනු ලබයි.
බියර් වලටශරීරයට අවශ්‍ය කොලොස්ටරෝල් ඉහල දැමීමේ හැකියාවකුත් පවතින බවයි පැවසෙන්නේ. Boston University School හි වෛද්‍ය Curtis Ellison පවසන ආකරයට හදවත ආරක්ෂාකිරීමට ඇති හොදම දෙය මද්‍යසාර බවයි. ඒවගේම එය පමණට වඩා භාවිතයෙන් අහිතකරප්‍රතථිපල ඇති විය හැකි බවත් ඔහු වැඩි දුරටත් පවසන කරුණක්.
බියර් වලඅඩංගු ferulic acid මගින් සම ඉර එළියෙන් සිදුවන හානි වැලක්වීමට සහය වෙනවාබවයි පැවසෙන්නේ. බියර් හිසකෙස් ශක්තිමත් කිරීමට හා දිපතිමත්ව තබාගැනීමටඋදව් වෙන කන්ඩිෂනර් එකක් ලෙස භාවිතාකරන බව ඇසුවොත් ඔබ පුදුම වෙයි.
Look Great Naturally නම් සඟරාවේ කතුවරිය පවසන ආකාරයට බියර් මද්‍යසාර ගතිය ඉවත්කිරීමෙන්පසු පොල්තෙල් සමග භාවිතයෙන් හිස කෙස් වල ගැල්වීමෙන් ඉතා හොඳප්‍රතිපල ලබාගත හැකි බවයි.